Saturday, November 15, 2014

117. අනුකලනය සාහිත්‍යමය ඇසින්?




කතන්දරයක්, සිද්ධියක් උනත් ලියන්න ගියහම කපන්න කොටන්න වෙනවා.

මොකද සමහර දේවල් අමුවෙන් කියනකොට අපුල ගතියක් දැනෙනවා වගේම අමුවෙන් කියනකොට දැනෙන දේ  සාර්ථක ප්‍රථිපල ගෙනදෙන්නේ නැහැ කියල  පුද්ගලිකව විස්වාස කරන හින්ද.

නමුත් මම කියවපු සමහර බ්ලොග් වලින් දෙන ව්‍යංගය උනත් නොතේරෙන ගතියක් තියෙනවා කියල පොදුවේ මට දැනිල තියෙනවා.

එක්කෝ අපේ රසාංකුර මොට්ට වෙලා. නැත්තම් අපි බලාපොරොත්තු වෙන ව්‍යංගය ඇත්තටම එතන මැවිලා නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ පලවෙනි කාරණේ ඔප්පු වෙන එක.

එතැනදී මම කියන්නේ නැහැ, මට ඔක්කොම තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නැහැ කියල. මමත් එන්න එන්නම මොට්ට පරිකල්පනයකට ඇදිල යද්දී තමයි මට කල්පනා උනේ මම මොකද ලියන්නේ නැත්තේ කියල.

Tuesday, November 11, 2014

116. පොලිස් මාමා



පොඩි උන්ට 
බත්ගුලි 
ගිල්ලවන්නට මිස ,
ලංකාවේ පොලෝසිය 
කවර පොරෝජනයක්ද 
මිනිසුන්ට ??

Monday, November 10, 2014

115. ඇබෑර්තුවක් ඇත...



කාටද පුළුවන්
පණිවිඩයක් දෙන්න...
මා වෙනුවෙන්
එකෝමත් එක
ගිනිවිදින මකරෙක්ට ?

ලිපිනයක් දන්නේ නැති
උනත් හරි කමක් නැහැ
යවන්නට ඕනෙමයි
පණිවිඩේ....
අද හෙටම...

" එන්ට හැකිනම්  - හොඳයි 
මගේ මළගම - හෙටයි "




Sunday, November 9, 2014

114. දැදුරු සිතක...



හේතුවක් ඕනේ නැති
නුඹේ මේ ආදරේ
විකාරයි....

විරසකෙන් යාලුවන්නට 
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින් 
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට 
ගෙවෙන හැම 
මිනිත්තුවේම 
දෙස් දෙවොල් 
තියමි මම.....

Thursday, November 6, 2014

113. හඳ ඕනා....





හිතක් තිබිය හැකිද, කියවන්න හැකි මුළුමනින්ම? හිතක් ඒ සිතුවිලි ගොන්නත් එක්කම එකට ගත්තත් හිතාගන්නට බැරිනම් අපේ හිතුවිලි? කොතරම් දුර්වලද එහෙම හිතන එක..

ගොඩක් දේවල් බැඳිලා තියෙන්නේ අපේ හිතත්, ඒ හිතේ ඒ දේවල් ගැන තියෙන ආකල්පයත් හින්ද. දරුවෙක් තමන්ගේ නම් එක ආදරේකුත් අනුන්ගේ නම් තව ආදරේකුත් වෙන්නේ අපේ ඒ බැඳීමේ පරතරය පෙන්නන මිනුම්දඬු වගේ. ඒ වගේමයි... මෙතෙක් කාලයක් නිකන්ම යාළුවෙක් , අදහස් දක්වන්නෙක් වෙලා ඉඳල එක පාරටම ( ඇත්තටම කියනවා නම් එකපාරටම නෙවෙයි, 'එක පාරටම ටික ටික' ) වෙනත් අර්ථයකින් දකින්නෙක් උනහම අපේ හිතේ ඒ අදහස්, අංගචලන, ප්‍රතිචාර ගැන වෙනස් චිත්‍රයක් මැවෙන්නේ...

කොතරම් ආදරයක් තිබිය හැකිද හිතක් තුල සැඟවිලා..? කියාගන්නට , මනින්නට බැරුව..?

මගේ සෙනෙහස 
මෙතෙක් වේයැයි 
මනින්නට තව 
උගෙන නැත ඔබ 

මගේ අවසන් 
සුසුම පමණද 
අවැසි ඔබහට 
මා දකින්නට......


Wednesday, November 5, 2014

112. යලිත් ලියනු හැකිනම් - අතීතය



එකපාරටම ඇවිදින් 
මගේ ඇස්දෙක වහන 
සෙල්ලම 
ආයෙත් කරමුද?

හැබැයි ඇස් අරිනකොට 
ඔබ ඉන්නවනම් 
ගියපාර වගේ නැතුව.....


Friday, October 31, 2014

111. ඔබද මාද ඒ? - 03


පළමුවැනි කොටස


දෙවැනි කොටස

ණුසුම් ජලයෙන් තෙත්වෙන සිරුරේ නැගෙන්නේ වේදනාත්මක වින්දනයක්. සිරුර වගේම හිතෙත් ඒ වගේ ජල කෙලියකට ඉල්ලීමක් තිබ්බත්  අලුතෙන්ම ගෙනාපු බොඩිලෝෂන් අතුල්ලා නැගෙන මෘදු පෙන ගොන්නේ ලොකුම සබන් පෙන පිඬ සොයමින් මම කාලය මැරුවා.

ඔව්... දැන් සෙවිය යුත්තේ ලොකුම පෙනපිඬ ! ලොකුවටම පිපිරෙන, කාලබෝම්බයක් තරම් සද්දෙන්?

කාන්තාරයක් මැද්දෙන් දිවෙන කිසිම හැලහොල්මනක් නැති රේල්පාරකින් එකපාරටම බුලට් ට්‍රේන් එකක් ගිහින්, වටේ ඇතිවෙන කම්පනය වගේ දෙයකින් මගේ කන් දෙක අගුල් දාල. ඔව්.. ඇත්තටම ඒ කතාවෙන් පස්සේ කොහොමත් මගේ කන් දෙක අගුල් වැටුනා. අගුල් වැටුනද? අගුල් දාගත්තද?

නානකාමරෙන් එළියට ඇවිත් නැවුම් ශරීරයක් එක්ක හිටපු මට අලුත් හිතක් ඕනේ කළා. කිසිම දෙයක් නැති හිස් ළිඳක් එක්ක ඉන්නවා වගේ මගේ දිහා බලන් හිටියේ , කණ්ණාඩියේ ප්‍රතිබිම්බය. වෙනදට වඩා නැවුම්, දිලිසෙන ඇස්......

මම හොඳට බැලුවේ ඇත්තටම කම්මුල්පාර කෑවේ මමද , වෙන කවුරුද්ද කියල... ඔව්.. මම නෙවෙයි... මගේ කම්මුල නිල් වෙලා නැහැනේ..

ක්ෂණයක් කියන්නේ මහා දිග කාලයක්. ඒ දිග කාලේදී අපිම සමහර උපකල්පන වලට ඇවිත් ඒ උපකල්පන වලට අදාළ හේතු සාධනීය කරලා, උපකල්පන අපිම නිෂ්ප්‍රභා කරනවා. ඔව්.. ගොඩක් ජාති කරන්න තරම් වෙලාව තියෙනවා. මමත් එහෙම කළා...

' මේ ගෑනි.... හොර ගෑනි.... තුක් විතරක්!'

Tuesday, October 28, 2014

110. 'චෙක්'



ළමා.........යි
ඔන්න ළමා..........යි

එකෝමත් එක රටක හිටියා ඉතාම වැදගත්, ගිණිගත් ,රූමත්, උගත් , සිල්ගත් තරුණ කෙල්ලෙක්. කෙල්ලෙක් කිව්වට කුමාරියක් වගේ තමයි. නෑ නෑ .. නුවර කුමාරි නෙමෙයි හරිද....? මේ ළමයා බොහොම පැහැපත් කෙල්ලෙක්.

මේ දරුවා බොහෝම , මම කිව්වේ බොහෝ..........ම තැන්පත් ගතිගුණ තියෙන දාහකින් නෙවෙයි ලක්සෙකින්වත් හොයාගන්න බැරි තරම් වටිනා කියන දරුවෙක් හින්ද කොලොම්පුරේ ඉගෙනගෙන අහවර වෙලා, කරන බහුබූත වැඩවලට මාසේ අන්තිමට සල්ලි ටිකක් දීල ගෙදර එවන.. නෑ .. නෑ .... කෙටියෙන් කිව්වොත් වැදගත් රැකියාවක නිරතවෙලා හිටියේ.

මේ දරුවා ඉගෙනගන්න කොලොම්පුරේ ඉන්න කාලේදී ගෙදරට ආරංචි වෙන / නොවෙන ජාතියේ නොයෙකුත් සුප්‍රකට/කුප්‍රකට ජාතියේ වැඩ බොහොමයක් කරලා තිබ්බ හන්දා කාගේ හරි එකෙක්ගේ කර්මදෝසයක් පලිසන් දෙන්න තියෙන කාලෙකදී උගේ ඇඟේ එල්ලනකල්, කොහොමහරි වෙන එකෙක්ට අතුරු ආන්තරාවක් වෙන්ට නොදී රැකගන්නේ කොහොමද කියල මේ දැරිවිගේ අම්මා උන්නේ පුදුම ගින්දරකින්. මේ හින්ද පුළුවන් උපරිම වෙර වීරිය දාල මේ අම්මා විසින් බොහොම මහන්සි වෙලා හොයාගත්තා දුරින් නෑයෝ වෙන ගෙදරක් මේ දැරිවිට නතර වෙන්ට, ටික කාලෙකට.

Sunday, October 26, 2014

104. අස්සයා මැරුණු ජොකියෙක් වීමි..





මගේ ක්‍රීඩා ජිවිතයේ පාසලේ මතකයන් මම ලියාගෙන ආවා. ඉවර උනේ නම් 11න් පහළ කණ්ඩායම විදියට සෙල්ලම් කරලා පරාජයක් එක්ක ගෙදර ආපු මතකයෙන්.


මේ කතාවේ මුල්ම කොටස 

මේ කතාවේ ඊළඟ කොටස


මට ඊට පස්සේ උන දේවල් උනත් හරියටම අනුපිලිවෙල මතක නැති අවුලක් තියෙනවා. නමුත් වෙච්ච සිද්ධි නම් මතකයි.

ඔය කාලේදී අපේ පුහුණුකරු වෙලා හිටපු සර් නගරයේ අනිත් ප්‍රධාන ගැහැණු පාසලෙත් පුහුණුකරු. අපිට නම් මේන් හෝල් එකේ ඇඳපු කොට්ස් කෝට්ස්  දෙකක් ඒ දවස්වල තිබ්බත් අනිත් ඉස්කෝලෙට එහෙමවත් තිබ්බේ නැහැ. මේ හින්ද ඒ ළමයි එක්කගෙන සර් අපේ ඉස්කෝලෙට එනවා. කොහොමහරි අපි නිතර Friendly matches ගහනවා.

බොරු බේගල් කියන්නත්, පුරසාරම් කියන්නත් අකමැති උනත් මම ලියන්නම්... ඒ දවස්වල මම unbeatable category එකේ හිටියේ. ඒ වගේම අපේ කණ්ඩායමත් අනිත් කණ්ඩායමට පැරදෙන්නෙ හරිම අඩුවෙන්.

ඔහොම ගතවෙනකොට, මම හිතන්නේ මගේ කණ්ඩායමේ අනිත් උන් එක එක හේතු හින්ද ක්‍රීඩාව give-up කළා. මගේ වයසේ හිටපු අනිත් උන් දෙන්න නම් හරියටම හේතුවක් දන්නේ නැහැ. අක්කලා හිටපු අය නම් සාමාන්‍යපෙළ හින්ද කියල තමයි කිව්වේ. කොහොමත් අධ්‍යාපනය සහ ක්‍රීඩාව කියන්නේ මට නම් බද්ධ වෙච්ච දෙයක්. මම කවදාවත් ඉගෙනගන්න බාධාවෙනවා කියල ක්‍රීඩාවෙන් ඉවත් උනෙත් නැහැ එහෙම වෙනවා කියල විස්වාස කලෙත් නැහැ.

අන්තිමට මම ඇරෙන්න මගේ කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩාව නතර කළා.

ඉතින් මම අස්සයා මැරුණු ජොකියෙක් වගේ උනා....!! 


Friday, October 24, 2014

103. මිතුරු තොමෝ.... 02



පළවෙනි හෑල්ල 

කැටයක් හොල්ලනවා කිව්වට කැටයක්ම නෙවෙයි. අපි කලේ අපේ යුනියන් එකෙන් ටිකට් එකක් ගහලා ඕක විකුණන එක.

ඔන්න දැන් මමත්, කිරි බර්ටියාත් ගජ රාමෙට එහෙ මෙහෙ දුවලා ටිකට් ගහන්න විදියක් බැලුවා. මේ ගැන අපේ ෆැකල්ටියේ ඩින් සහ ජේෂ්ඨ ආචාර්යවරු දැනුවත් කරලා කිරි බර්ටියා උන්ගේ ගෙවල් ගාව තිබ්බ මුද්‍රණාලයකින් ටිකට් ගහන්න ලෑස්ති කරගත්ත. ඒ අතරේ වරින්වර තිලිණගේ හිත හදන්න ඌ එක්ක විකාර දේවල් කතා කළා. අන්තිමට ඌ අපිට අනාවරණය කළා උගේ යාලු ගෑනුලමයා ගැනත්. ටිකට් විකුනලා සල්ලි හොයල දෙන්නම් කිව්වම උගේ තිබ්බ ඉල්ලීම තමයි
"මචන්, මගේ කෙල්ල ඉන්නේ _____ කැම්පස්. ඒකෙ ඇරෙන්න වෙන ඕනේ දිහාක විකුනපන්. කෙල්ලට හොඳ නැහැ"

අපි මේ අහිංසක ඉල්ලීමට කන් දුන්නා.

තව දෙයක් කියන්න ඕනේ. අපේ ෆැකල්ටියට වෙනම ආරක්ෂක සේවයක් තිබ්බ. ඒ වගේම ඔෆිස් ඇසිස්ටන්ට් කෙනෙක් උන්නා ඌ අන්තිම රස්තියාදුවෙක්. ආරක්ෂක සේවයේ ලොක්ක වෙලා හිටියෙත් කුපාඩි බැල්මක් තිබ්බ වයසක මනුස්සයෙක්.

102. මිතුරු තොමෝ.... 01


මිත්තරයෝ / මිත්තරියෝ ඉන්නවා නේද? ( ඔය ඉන්නේ...) මගේ ජිවිතේ උන්ට හිමිවෙන්නේ ලොකු ඉඩකඩක්. මම නොයෙකුත් තැන්වලදී ලියල පාරම්බාලා ඇති මගේ මිත්‍ර සමාගම් ගැන. නොසැලකිල්ලෙන් මිත්‍රයෝ ඇතිකරගන්න මම උන්ව පරිස්සමෙන් මේන්ටේන් කරන්නේ. ඒ කියන්නේ ආයෙත් ආයෙත් ආශ්‍රය කරන්නේ පොඩ්ඩක් සැලකිල්ලෙන්. ඒක ඇතුලෙම අනිත් වචනෙත් ලියවිලා තියෙනවා... ඒ කියන්නේ 'පොඩ්ඩක් විතර නොසැලකිල්ලෙන්'

යාලුවෝ උනහම මට එක එක කැටගරියේ උන් ඉන්නවා. ඉස්කෝලේ කාලේ යාලුවෝ නම් දැන් හරි අඩුවෙන් සම්බන්ධකම් තියෙන්නේ. මොකද මම ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් ආවට පස්සේ ගම් පළාතේ යන එකත් අඩුවෙලා ගිහින්, කොටින්ම ගමේ උන්වත් මම අපේ අම්මගේ දුවෙක් කියල අදුරන්නේ නැහැ නේ බොලේ...



හිටපු ගමන් ගම් වැදුන මමත් ඉස්සර කරගෙන අපේ අම්මත් එක්ක මම ටවුමේ රස්තියාදුවකට කියල හිතාගෙන බස් එකට බඩගානවා...
"ආනේ.. මිසිස් _____, කොහෙද අද මේ පයින්ම?"
"අපේ මේ දුවත් එක්ක මම මේ ටවුන් යනවා"

Friday, October 17, 2014

101. ඔබද මාද ඒ? - 02







මුල් කොටස 

තොරක් නැතුව දුවන නොයෙකුත් ජාතියේ වාහන... කවදත් වගේ යන ගමනක්... බසය කලර් ලයිට්ස් ළඟදී හිරවුනා, එතකොට මගේ හිරවෙච්ච හිත ආයෙත් ලිහිල් වෙන්න ගත්ත.

'මට මෙහෙම ජිවත් වෙලා මොකටද.. '

පාරේ කිළුටු දරුවෙක් කිහිලිගන්නාගෙන යන කිළුටු මවක්.. මගේ හිත ඉරිසියාවෙන් පෑරුනා..

'මේ ගෑනිට කන්න නැතත්.. අඩු තරමේ මිනිහ දරුවෙක් හරි දීල... දරුවෝ ලැබෙනවද ඉතින් උඩබලන් උන්නට.... පො___යා'

මටම දැනුන ඒ කම්මුල්පාර මගේ වම් කම්මුලට වැදුන! මම කම්මුල අතගාල බැලුව. ඔව්, වෙනද වගේම උණුසුම්.

'අපරාදේ මට ඌගේ මුණටම කියන්නයි තිබ්බේ.... හෙහ්..  ඔව්.. මුණටම.. අර ගල් වෙච්ච කොන්ක්‍රීට් මුණට.... '

100. ඔබද මාද ඒ? - 01



මුළු ගෙදරම ඇත්තේ මුසල කමක්.. කලබලෙන් වහපු පැන්ට්‍රි සින්ක් එකේ වතුර වැටෙන සද්දේ පවා මට ඇහුනේ මට ඔලොක්කු කරනවා වගේ. මිට විනාඩි දෙක තුනකට කලින් මේ ගෙදර බිත්ති දෙදරන්න බෙරිහන් දීපු මගේ කටහඬම ආයෙත් මගේ පැත්තට හැරිලා ඇහෙනවා වගේ මට දැනුනේ...

"... මොනවද උඹට මගෙන් ඕනේ... කියපන් මෝඩයෝ?"

මගේ හඬ ගිගුම් දුන්න බව මට මතක් වෙන්නේ දැනුයි.

ඔක්කොම ඉවර වෙලා කුණාටුවෙන් පස්සේ මම ඇදන් වැටුනේ සුපුරුදු සෝෆාව උඩට. අත්දෙක ඔලුවේ තියන් මම ඇත්තටම කිසි දෙයක් කල්පනා කරන්නේ නැතුව අහන් හිටියේ මගේම ගිගිරුමේ දෝංකාරය..

ගෙදර තිබ්බ මොකක් හරි දෙයක් සඳුන් අරගෙන ගිහින් වගේ, මට මොනවහරි හොයන්න ඕනේ කළා... ඒත්  ඒ වෙනුවට මම කලේ දුරකථනය අරන් තීක්ෂණට වයිබර් කරපු එක..

උදේ ඇතිවුන කතාබහ දුරදිග ගිහින්, අවසානෙදි කවදත් වගේ මම පුපුරා හැලුනත් සුපුරුදු විදියට සඳුන් එයාගේ කොන්ක්‍රීට් මුණ දාගෙන ඉන්නකොට මොන ගෑනිටද ඉවසන්න පුළුවන්? හැමදාම එකම කාලසටහනට දුවන බල්ලෙක් වගේ සඳුන් දුවනවා. මමත් ඒ කාල සටහනේ විදියට කරලා දෙන ටිකට, අඩුම තරමේ බැනුමක් බැනපන්? හොඳක් කියපන්? එක්කෝ ගහපන්? නැත්තම්... මොකක් හරි....

"තමුසේ මාව වහලෙක් කියලද හිතන් ඉන්නේ"

කොතරම් දවසක් මෙහෙම අහල ඇද්ද? හැමදාම ඒ හිස් හිනාව මම කොහොමද දරන්නේ? පිරිමියෙක් වගේ රණ්ඩු නොවෙන පැපොල් ගහක්? ආයෙත් මම තීක්ෂණ ගේ රිප්ලයි එක කියෙව්වා...

Thursday, October 16, 2014

99. සෙරෙප්පු



හිතල හිතල ඇති වෙලා මට...
කොච්චර හිතුවත් ඉවරවෙන්නේ එකම තැනකින්. හරියට එකම තැනකට යන්න හදපු පාරවල් ගොඩක් වගේ.

හැමදාම මේ සෙරෙප්පු දෙක දකිනකොට දැනෙන කම්පනය වහගන්න ඒ සෙරෙප්පු දෙක කාටවත් කවදාකවත් හොයාගන්න බැරි තැනකට විසිකරන්න ඕනේ කලත්, මම කලේ ගබඩාකාමරේ පෙට්ටියක් ඒ වෙනුවට තෝරගත්ත එක. අන්තිමට මට උනේ කවුරුත් නැති වෙලාවක ගබඩා කාමරේ මැද්දෙදි මේ සෙරෙප්පු දෙකෙන් විහිදෙන අවලං හිනාවත් එක්ක සම්මුඛ වෙලා , වෙනදාටත් වඩා හිතලක් එක්ක සුසුම්ලන්න.

කොහෙන් එන සිතුවිලිද මේ? පෙනේරෙකින් නතර කරන්න බැරි වතුර පාරක් වගේ මම මගේ හිතුවිලි එක්ක පොරබදනවා..

"ලස්සන ඇඟිලි... මොකද ඔයා කියුටෙක්ස් ගාන්නේ නැත්තේ "

ඒ වචනෙත් එක්කම අනික් පැත්ත හැරුන මට ඔබේ ඇස් වලින් බේරෙන්න ලැබුනේ , ඒ ඇස් දෙක නතර වෙලා තිබ්බේ මගේ කකුල් දෙකේ හින්ද.

98. හිර - බස්




විවාහය
එකට එකක් වෙනස්
ගමනාන්තයන් ඇති....
                   බස් මෙනි...

එකක් මගහැරුණුවිට
තව එකක් එනු ඇති...
                   විශ්වාසද නැති...

ටිකට් නොගත්තද
හිටගෙන, ඉඳගෙන ගියද
                  බසිනු බැරි..

Tuesday, October 14, 2014

97. පිට - රට හුට- පට

මම ලියාගෙන ආව මගේ බොස්ලා ගැන මෙන්න මෙහෙම

එක දෙයක් ගැන ලියන්න හිතාගෙන ගත්තම, තව අතුරු කතා මැද්දට ඇවිල්ල, මුල් කතාවේ ගලායාමට හරස් වෙනවා. ඇත්තම කියනවා නම් ඔය අතුරු කතා ඉතින් වෙන තැනක කියන්න බැහැනේ. ඉතින් නොලියත් බෑ.. මොකද වැදගත් මාතෘකාවක් දාගෙන මේ වල් පල් ලියනකොට තමයි කට්ටිය පලු අරින්නේ නැතුව කියවන්නේ... බලන්න අර රවී... කොතරම් පැසසුම් ලබනවද කියල?

මේ ටික ලියන්න හිතාගෙන නෙවෙයි උන්නේ.. කොහෙද අර 'අශාන්' කියල කොල්ලෙක් ( මම හිතන්නේ කොල්ලෙක් කියල... වැරදි නම් මෙව්වා වෙන්ට ඕනේ! ) ප්‍රශ්නයක් ඇහුවම තමයි මේ බොස්ලා ටික මතක් උනේ...

මම වලක්වන්න බැරි හේතුවක් හින්ද ඩුබායි' කියල රටක් තියෙන්නේ.. ආ.. ඔව් වොව්.. අන්න එහෙ ගියා. ගියා කියන්නේ ඉතින් අත්දෙක වන වනම තමයි ගියේ. මොකද හිටපු රස්සාවට ආයුබෝවන් කියල, කිසිම රස්සාවක් නැතුව තමයි යන්න උනේ.

ඔහොම ගිහිල්ල මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් මට ලාංකික ( ලංකාවේ තාත්ත උනත්, ඌ එංගලන්තේ හැදිලා තියෙන්නේ.. අනේ මන්ද කොහොම ලාංකික වෙනවද කියල..) මනුස්සයෙක් එහෙ කරගෙන යන මෘදුකාංග කොම්පැනියක රස්සාවක් ලැබුන, හැබැයි උන් කලේ මාව එහෙ ලොකුම ලොකු IT කොම්පැනියකට අවුට්සෝස් කරපු එකයි. ඒ 3000 කට වඩා වැඩකරපු කම්පනියේ හිටපු එකම ලංකාවේ කෙල්ල මම විතරයි. ඊටත් වඩා වැඩේ කියන්නේ 99% ක්ම හිටියේ ඉන්දියන් අය! ( හා දැන් කියන්න හෙන්රියෝ ඔයාගේ අදහස... හෙක්.. ඔයා හරි මනාප කට්ටියක් නොවැ )

Monday, October 13, 2014

96. දෙන්නම්කෝ ලොක්කා.....

ලොක්කන් ගැන කතාකරනකොට කියන්නට ජාති නම් ගොඩක් තියෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ලොක්කන්ගෙන් නම් මට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැති හන්දා පොඩිකාලේ ඉඳන්ම ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා.

ඒත් මම පොඩිකාලේ ගැන අටෝරාශියක් කතන්දර කියල චොරවෙලා ඉන්න හන්ද , දැන් කියන්න යන්නේ මගේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ රස්සාවට ආවම මට ලැබුණු ලොක්කන් ගැන. කැම්පස් එක ඇතුලේදීත් , ඉන්ටර්න් ඉන්නකොටත් ලැබුණ අත්දැකීම් නම් මිල කරන්න බැහැ.

මගේ පළවෙනි රස්සාවට මම ගියේ විසුළු ආකාරයට .

ඒ කියන්නේ මගේ ෆයිනල් ඉයර් එකට නියමිත ඉන්ඩස්ට්‍රියල් බේස් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මම මගේ ටීම් එකේ පොරවල් එක්ක එක එක ආයතන වලට ගියා ප්‍රපෝසල් එකක් හදාගන්න. මොකද ප්‍රපෝසල් තුනක් ඉදිරිපත් කරලා, එතනින් එකක් තමයි කරන්න අවසර ලැබෙන්නේ.

ඉතින් ඔහොම ආයතන ගණනාවකට ගිහින් ඒ අතරින් තුනකට අදාළ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ඉදිරිපත් කරලා දැන් අපි තීරණේ කළා එකක් කරන්න. තෝරගත්ත ප්‍රොජෙක්ට් එක ගොඩක් රිසර්ච් කරලා කරන්න ඕනේ දෙයක්. මට ඔයවගේ දේවල් හරිම ආසයි. මොකද කවුරුත් කලින් කරලම නැහැ. මම දැන් වලිගෙ විකාගෙන මේ ගැන හොයනවා. නෙට් එක පීරලා ඒ ගැන කියෝනව.



Friday, October 10, 2014

95. සිකුරාදාවක - සවස




අල්ලට ගත්
දිය අහුරකි..
සති අන්තය 

Monday, October 6, 2014

94. මොන්ටිසෝරි හයිලයිට්ස්...




අම්මි අද
මගේ පුටුවේ
නතාෂා වාඩිවෙලා..
අනුහස් එයාට
මට දෙන ඉරේසරේ දුන්න...

අම්මි
මම උදෙන්ම
නැගිටිනවා හෙට ඉඳං !


Sunday, October 5, 2014

93. එයාට කිරි - මුන්ට කැකිරි!

කතාකලයුතු බොහෝ දේවල් තිබියදී මේ සටහන ලියන්නට හිතුනේ ඇයිද කියල හරියටම කියන්න අමාරුයි.. ඒත් එක දෙයක් පැහැදිලියි. අපි බොහෝ දෙනෙක් කතාකලයුතු දේවල් පසෙක තියාගෙන නන්දොඩවන තත්වෙට පත්වෙලා හින්ද, මේ කතාව අමුත්තක් වෙන එකක් නැහැ..

අපේ රටේ සංස්කෘතිය, සමාජ ආකල්ප ගැන කෑමොර දෙන ඔක්කොම දෙනා ඉස්සර ඉඳන්ම බෙරිහන් දෙන, හෙලා දකින දෙයක් තමයි වරදෙහි බැඳීම කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ විවාහක පුරුෂයා, ස්ත්‍රිය හැරුනුකොට වෙනත් ස්ත්‍රියක්/පුරුෂයෙක් කෙරෙහි කාමුකව ආසක්තවිම.

අපේ රටේ ඉතිහාසයේ නරකම නරක ලේබලයක් තියෙන අනුලා බිසව එහෙම 'නරක' අයෙක් විදියට හංවඩු ගැහිලා. ඒ වගේම තවත් රජ පවුලේ/ගොවි පවුල්වල ස්ත්‍රීන් මෙහෙම හංවඩු ගැහිලා, ඉතිහාසෙන් ඕනේ තරම් උදාහරණ. දෝනකතරිනා ගැන තිබ්බ ඒ කැළල හින්දම වෙන්නත් ඕනේ වේදිකාව උඩදී ඇයට සාධාරණයක් කරන්න 'දෝනකතරිනා' නාට්‍ය හදන්නත් ඇත්තේ. ඇය හැබැයි වරදෙහි බැඳුන කෙනෙක් විදියට නෙවෙයි චෝදනාව.

මට තියෙන ප්‍රශ්නය...



Thursday, October 2, 2014

92. ඇඩ්වෙන්චර් - නැද්ද හා?

අදත් උදේ පාන්දර 9ට විතර පාරට බැහැල, වෙනද යනවා වගේම මෙලෝ ගර්ලිෂ් ගතියක් නැතුව කඩාගෙන බිඳගෙන ඇවිදගෙන බස් එකට නගින්න කියල ආව. වෙනදට මාළුපාන් කන්න කැන්ටිමේ පොරකන ළමයි රොත්ත වගේ, පාර දිගේ දුවගෙන එන වාහන එකක්වත් නෑ ! ඒ මදිවට පාරෙන් එහාපැත්තෙ විරුද්ධ පැත්තට යන වාහන ටිකත් ඉද්ද ගැහුවා වගේ නතර කරලා.

"චැක් විතරක්! අදත් මුන්ට පාර්ලිමේන්තු! අම්මප මෙතරම් තාක්ෂණය දියුණු කාලේ, බැරිද බොලේ ඔය මහා ලොකු පාර්ලිමේන්තුව ස්කයිප් හරි, කොන් කෝල් එකකින් හරි කරලා ඉවරයක් කරන්න.... ඈ... ?

එහෙම මම කිව්වේ නෑ... හිතුව විතරයි හින්ද මගෙත් එක්ක හෝල්ට් එකේ උන්නු අනිත් උන් දන්නේ නෑ මම දේශද්‍රෝහියෙක් කියල! වෙලාවට

ඔන්න එතකොට නලා පිඹගෙන, දුන් දාගෙන , අහස ගොරෝනවා වගේ මහා කලබලයක් කරගෙන ගියා VIP කියන කාන්ඩේ එකෙක්. කවුරු ගියාද කියල කොහොම හොයන්නද? එක්කෝ සමහර වෙලාවට වටේ ගාඩ් එකවත් දන්නේ නැතුව ඇති ඇතුලේ කවුද යන්නේ කියල.... වටේ පිටේ මෙතෙක් වෙලා තමන්ගේ සියලු වැඩ අතපසු උන හින්ද, වෙන බලන්න දෙයක්, කරන්න දෙයක් නැති 'මම' වගේ උන් රොත්තම අර නලාකාරයෝ වටකරගෙන යන මේ අරුම පුදුම රතේ දිහා සීරුවෙන් බලන් ඉන්නවා....

මොකද එක අඩියක්වත් ඉස්සරහට ගත්තොත්.... වටෙන් යන බයිසිකල් ගාඩ් එකේ උන් එක්කෝ වෙඩි තියයි.. නැත්තම් පයින් අනිවී කියල හිතන හින්ද...

Monday, September 29, 2014

91. යාළු-ගම් යෑම

නෑයෝ බලන්න යනකොට කදමලු බැඳන් යනවට කියන්නේ 'නෑගම් යනවා' කියලා නම්, මිත්‍රයෝ.. ඒ කියන්නේ යාලුවෝ බලන්න කදමලු බැඳගෙන යනවට කියන්නේ 'යාළුගම් යනවා' වෙන්න ඕනේ!

[හෙහ්.. කොහොමද පටන්ගැන්ම? කාලතුවක්කුවකට බීමබටයක් ගැහුවා වගේ නේ? අන්න එහෙමයි අපි කතාවට ප්‍රවිෂ්ට වෙලා, උත්කෘෂ්ට වෙන්නේ...]


කැම්පස් යනකොට හිටපු නානාප්‍රකාර බෝඩිම් අතරින්, අපේ අක්කත් එක්ක හිටපු බෝඩිම කියන්නේ එකම පිස්සු මඩුවක්. මම ඒ බෝඩිමේ ඉන්නකොට
120 බස් එකේ ගියපු කතාවත්,
ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණය කරපු හැටිත් කියල තියෙනවනේ.

අද කියන්න යන්නේ ඒ ජාතියෙන් නොවෙන, ඒත් ඒ ජාතියේම කතාවක්.

මේ බෝඩිමට අපි දෙන්නා සැපත් වෙනකොට මේ බෝඩිමේ නිල නොලත් 'ලොකු අක්කා' වෙලා හිටියේ චීස් බෝලයක් වගේ පාටක් තිබ්බ, සුදුම සුදු, ඒ වගේම ලස්සන, ඒ වගේම අඩුවක් නැතුව පිස්සුව තිබ්බත් බෝඩිමේ ආන්ටිගේ හිත දිනාගෙන හිටපු 'චචා' අක්කා තමයි.

Thursday, September 25, 2014

90. ඉල්ලීමක්



නේන තැනක්
කියන් මට - නුඹ
ගොහිං මොහොතක්
ගුලිවෙලා ඉන්න!

මුණු පොතේ නැති
ට්විටරයේ නැති
වයිබරයේ හෝ
වට්සැප් හි නැති... - නුඹ
කොහෙද නේන්නේ?

Wednesday, September 24, 2014

89. අවබෝධය



කියනු බැරි විඩාවෙන්
උන්නාට මම
අදත් ගෙට එනකොටම
ඔබ කියයි....
'ඔයාට පුරුදුනේ දැන්'

Monday, September 22, 2014

88. කුරුමිණියෝ මිරිකුණියෝ

ඕකනේ කියන්නේ..

එක කතාවක් ලියනකොට.... තව කතා පේලියක් ඒ එක්කම පෙළ ගැහෙනවා. කලින් 'කුට්ට කුටං ' කතාව ( කතාව කිව්වට කතාවකුත් නෙවෙයි) කියනකොට මගේ පොඩි කාලේ මඩ සෙල්ලමක් විදියට 'ලේනි බර්ඩ්ස් ඇල්ලිල්ල' කියල එකක් කිව්වා නේ.

දැන් ඉතින් ඔහොම කිව්වට මගේ ඔලුගෙඩිය ඇතුලේ ඔය රස්සාවට අදාළ අටෝරාසියක් ජාති පිරිලා තිබ්බත්, ඔය සෙල්ලම මතක් කරපු ගමන් ඔන්න බොලේ පරණ තිබ්බ පිස්සුව ආයෙත් ගැහුවා ඔළුවට !! දැන් ඉතින් සම්ම ජාතියකට ඔපීසියේ වැඩක් කරන්නම හිතෙන්නේ නෑ මේ පිස්සුව ලියනකල්... ඒ හින්ද මම ලියල දානවා...

ඔපීසියේ වැඩ වගේද අනේ මේ වැඩේ? එව්වා කොයි වෙලේ කරගන්න බැරිද?

87. ෆැන්ටසි



සමනළයෙක් පතාගෙන
පොඩි කෝෂයක් බලාගෙන
බොහෝ කල් ගෙවුනා - නොදැනීම...

රුදුරු කතරක් ගෙවාගෙන
කෙම්බිමක් නොසොයාම
උන්නු හැටි සිහිවුණා  - අද මෙන්ම.....

Saturday, September 20, 2014

86. කුට්ට කුටං

මගේ පොඩි කාලේ ඇත්තටම වර්ණවත් හිතෙන්නේ ලොකුකමකට නෙවෙයි,  දැන් ළමයින් දකින ලෝකය කොතරම් අවර්ණද කියල හිතනකොට!

කොහොමත් එක පරම්පරාවක් අනිත් පහල ඉන්න පරම්පරාවට හැමදාම කියන 'ටිපිකල්' ටෝක් එක තමයි

 'උඹලගේ කාලේ වගේද අපේ කාලේ.. හෙක්..' 

කියල.

මම පුංචි කෙල්ලෙක් වෙලා ඉන්නකොටත්, දැන්  කරදඩු උස්මහත් වෙලා හිටියත් ඔය කතාවට මට එක ලෙසම ඌරු ජුවල් යනවා! ඇයි බොලේ අපි විඳින්නේ ලැබිල තියෙන දේවල්නේ හත්ඉලව්වේ! නැති එකක් ගැන කියෝනව මෙතන!!!

මම පොඩිකාලේ කරපු, කියපු, හිතපු දේවල් ලියන්න ඕනේ කියල හිතුනේ  ඒ වගේම කරපු, කියපු, හිතපු තව කෙනෙක් ඒ දිහා ප්‍රීතියෙන් බලන එක මට ප්‍රීතියක් ගෙනදෙන දෙයක් හින්දත්,  ඉඳලත් ඒක විඳපු නැති අයට අමුතු රසවින්දනයක් ඒකෙන් ලැබෙන හින්දත් කියන මේ ප්‍රධාන කාරණා දෙක හින්ද.

Tuesday, September 16, 2014

85. අන්තෝ ජටා - බහි ජටා

පින්තුරේ ඉස්සුවේ මෙතනින් : http://trolarti.blogspot.com/2010/10/art-analysis-hanshofmann.html



ආදර හුටපට
හැමතැනම...

එක හුටපටයක්
ගෙදර ඉන්නකොට,
තව එකක් මම
ඔෆිස් එකේ තියාගෙන..

Monday, September 15, 2014

84. කල්පිරිණි...




කොහේදෝ තැනක සිට
මා නමින්....
හෙලන සුසුමක්
දැවටුනා මේ මැදියමේ
වසර හතකට පසුව.....

83. putha... I see something in you....

"Putha... I see something in you.. but i dont 'know what it is.."

මේ වචන ඔබට මතකද?

සමහර අය ඇති මතක තියෙන, සමහරුන්ට මේක විකාරයක් කියලත් හිතෙයි...

මගේ හොඳ යාළුවෙක් මට එවල තිබ්බ ලින්ක් එකක්... මම සාමාන්‍යයෙන් ඔෆිස් එකේ යූ - ටියුබ් එකේ ඒවා බලන්නේ නැහැ. ඒ හින්ද මම ඔෆිස් එකේදී ලින්කුවට කෙටුවේම නැහැ. ගෙදර ගිහිල්ලත් මම සාමාන්‍යයෙන් ලැප ඕපන් කරන්නෙම නැහැ. ඒත් එදා මගෑරිච්ච මේල් බලන්න මම මගේ මේල් එක ඕපන් කරනකොට මේ ලින්කුව දැකල, කෙටුවා.

ඇත්තටම මම මගේ ජිවිතේ අහපු ඉතාම වැදගත් ප්‍රසන්ටේෂන් එකක්.

ඔහු.. නමින් ධනංජය හෙට්ටිආරච්චි.....

දැන් නමින් දන්නා කට්ටිය දැන් වැඩියි. ඔව්.. ඒ ඔහු 'ලෝකයේ හොඳම කථිකයා' කියන සම්මානයෙන් පිදුම් ලබල හින්දම වෙන්න ඇති. ඇත්තටම ඔහුට එය අනිවාර්යයෙන් උරුමයි.

මම අහපු ඔහුගේ ඒ ප්‍රසන්ටේෂන් එක, ඔහුගේ ඒ ගමන්මග ඔහු විස්තර කරන විදිය ගැන කරපු එකක්. ඇත්තටම මම පුදුම උනා. ඔහු කියපු දේවල්ම මම ආයෙත් මෙතන ලියන්න ඕනේ නැහැ. මොකද, මට වඩා හොඳට, ඉතාම ආකර්ෂණිය විදියට ඔහු ඒ ගැන කියනවා.

මම මේ සටහන ලියන්න හිතුවේ, ඒ වීඩියෝව බලපු මම, ඒ ගැන හිතන විදිය පොඩ්ඩක් සටහන් කරලා තියන්න ඕනේ හින්ද. මොකද ඔහු ඇත්තටම ලෙජන්ඩ් එකක් වේවි..

Thursday, September 11, 2014

82. වංගු නැති පාරක



එකෝමත් එක දවසක
මහා වැහි බීරුමක් අවසන

කිසිම වංගුවක් නැති
පාරක් හොයාගෙන...

81. රුවක්...




ලැයිම් පේළියේ කොනේ
නටඹුන්ව ගිය
පයිප්පය ගාවදි,
හදිස්සියෙන් දැකපු

වේලුගේ බාලදුව
'රෝජා'.....!

වෙනුවට....
ඒකිගේ දිලිසෙන
ඇස්දෙක තියෙන

Tuesday, September 9, 2014

80. කලබල කතාවක්...


පෙරවදන:
මේ කතාවේ ඔරිමජිනල් කතාව මම ලිව්වේ මට වයස අවුරුදු 18දී. කතාව ලියල පෙන්නුවා මගේ යාලුවෝ දෙන්නෙකුට. ඊට පස්සේ මේ කතාව සුපුරුදු විදියටම මගේ හමස් පෙට්ටියට ගියේ ඉබේමයි. 

බ්ලොග් එකේ මේක දාන්න හිතුනට, හෙව්වා හෙව්වා හොයාගන්න බැරිවුනා. අන්තිමට තීරණේ කළා, කතාව මතක විදියට ආයෙත් ලියනවා කියල. මම ලිව්වේ මේ ශෛලින්මයි. පොඩි පොඩි සිද්ධි විතරක් වෙනස් කළා , කියන්නේ ලියන් යනකොට ඉබේම වෙනස් උනා. ඔරිජිනල් කතාව දිගයි. 

කොහොමත් මම එකපාරටම හිතිලා දෙයක් ලිව්වොත්, ආයෙම ලිව්වත් ඒ කොලිටිය ගන්න බැහැ ඔරිජිනල් එකේ තරම්. ඒ හින්ද මම තවමත් විස්වාස කරනවා මුල් එක මීට හොඳයි කියල. 

ඒත් මේක මම ආසකරපු මගේ කතාවක් හින්ද නොලියම බැරි උනා. බැනල ගියාට කමක් නැහැ... මට ඔව්ව පුරුදුයි... හි.. හි..



මම උඩ විසිවෙලා ඇහැරුණා..

'ඩොන්.. පටෝන්...' ගාල පුපුරන රතින්නා සද්දෙට මම නිදාගෙන හිටපු තැනින් පනින්න ගිහිල්ල, තව ඩින්ගෙන් ඔලුවත් මේසේ වදිනවා. බිමට වැටෙන්න යද්දී තමයි දැක්කේ මම නිදාගෙන ඉඳල තියෙන්නේ අපුච්චගේ ඇඳේ...

හනික දුවන් ගියා සාලෙට මොකද්ද මේ සද්දේ කියල බලන්න. මිදුලේ මැද්දෙන් ඈත පේනවා ලොරියක්.. හප්පා ලොරියක්? මම සාලේ මැද්දෙන් දුවන්න නෙවෙයි ඉගිලෙන්නයි හැදුවේ..

"පොඩ්ඩා.... හෙමීට කොල්ලෝ.. හෙමීට..  ඔය ගොක්කොල ටික පාගන්න එපා දරුවෝ..."

මගේ මුනටම මාට්ටු උනේ සිසිලියා නැන්දා. මගේ උරහිසෙන් අල්ලාගෙන මාව පැත්තකට වෙන්න අල්ලගත්ත.

"අනේ.... මල්ලි ඇහැරිලාද... අන්න අම්ම අහ අහ හිටිය... යමු බත් ඩිංගක් කන්න... බලන්න දැන් ඉරත් අවරට ගිහිං "

Saturday, September 6, 2014

79. නිකිණි



සැබෑම ආදරය...
කිසිවක් ඉල්ලන්නේවත්,
කිසිවක් නොලද මුත්
අඩුවන්නේ වත් -
මියයන්නේවත් නැත...

කිසිවිට වෛරයට පෙරලෙන්නේද නැත..

දුර  අමතක වන්නේවත් 
ළඟ සිටියද අගය අඩුවන්නේවත් නැත..
"සැබෑම ආදරය"
අවංක හා පිරිසිඳුය 


පුදුම හිතෙන තරම්
අව්‍යාජ,
අහිංසකය ...........................!

Thursday, September 4, 2014

78. හමුවීම් තුනක් - එක වෙන්වීමක්




ගිටාර් එකත් කරට අරගෙන මම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා.

"අය්යා... මම යනවා"

එහෙම කිව්වේ යන්නම නෙවෙයි. කාගේත් ඔලු මගේ පැත්තට හරෝගන්න.

"නංගිට තනියෙන් යන්න පුළුවන්ද ?"

තවමත් මෙවලම් ටික අකුළමින් හිටපු කණ්ඩායමේ නායක සරිත් මගේ දිහා බැලුවේ සුපුරුදු ලෙන්ගතුකමින්. මුකුත් කියන්න කලින් මම හීනියට හිනාවක් පෑවා. කළුවරේ යනකොට ඇඟට දැනෙන සීතල මට දැනටමත් දැනෙනවා වගේ.

"ඔව්"
මම කිව්වේ නිකමට. ඒ බව සරිත් දන්නවා.

"කුසල්, මචං උඹට යනගමන් මේ පර්ල් නංගිවත් බස්සගෙන යන්න බැරිද?"

මගේ දිහා බලපු කුසල්, සරිත් දිහා බැලුවේ කට කොනෙන් හිනාවෙන ගමන්.

"ඕකේ .... මම බස් එකෙන් ඩ්‍රොප් කරගෙන යන්නම්කො"

හැමෝගෙම සුපුරුදු සුහද හිනාවෙන් වැහුණු වචන එක්ක මම බැලුවේ කුසල් දිහා. ඒ එක්කම මට මැවුනේ අර මමම මවපු අඳුරු ලස්සන සීතල වටේට මොකක් හරි පොරෝනයක් ඔතල වගේ උණුසුම් හැඟීමක්. තනියෙන් යනවට වඩා භයානකයි! මගේ පපුව ගැහෙන්න ගත්ත.

"මට යන්න පුළුවන්.."
මගේ පපුවේ සද්දෙට වඩා පොඩ්ඩක් හය්යෙන් මම කතා කලේ සද්දේ එලියට ඇහෙයි කියල බයේ. මගේ ඔලුවට ආවේ මේ ප්‍රසංගයේ පලවෙනි පුහුණුවීමේදී වෙච්ච අකරතැබ්බය.

Wednesday, September 3, 2014

77. බිඳුණු බැඳුම



ඔබ
වැඩිම දේ පැවසුවේ..
කිසිත් නොදෙඩු
කාලයෙයි...

Monday, September 1, 2014

76. බෝනික්කෙක් නොවෙන බෝනික්කෝ කතාවක්

මගේ පොඩිකාලේ ගැන මම නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් කාරනා ඉස්මතු වෙන විදියට කතන්දර එමට ලියල ඇති.

ඒ හැම පොඩිකාලේ කතාවකම ඉන්නම කීපදෙනෙක් ඇති. ඒ තමයි අපේ අය්යා සහ අක්කා. ඊටත් අමතරව අපේ පල්ලෙහාගෙදර නංගි. මොකද එයත් අපේ ගෙදර අපේම පවුලේ කෙනෙක් තරමටම අපේ ගෙදරම තමයි හැදුනේ. අමුතුවෙන්  ඕනා නැහැ නේ අක්කයි අය්යයි නැති පොඩිකාලයක් මට තියෙන්න හැටියක් නැහැ කියල? කොටින්ම මට මොන්ටිසෝරියටවත් යන්න ඉතුරුකරලා නැතුව සියල්ල ඒ දෙන්නා විසින් ඉටුකලාලු.

අනේ මන්ද එව්වා නම්..... දන්නා සාස්තරයක් තියෙයිනම් වැඩිපුරම ඔලුව බේරාගැනීම වගේ ශිල්පයක් තමයි පොඩිකාලේ ඉඳන්ම ප්‍රගුණකලේ. වඩා වැඩිමල් සහෝදර සහෝදරියෝ අතරේ පොඩ්ඩෙක් උනහම හැමෝම හිතන්නේ හෙන ආතල් කියල. මොකටද ඒ කියන කට? කිසිම සිරා සෙල්ලමකට ගන්නේ නැතුව , කිසිම කසුකුසුවක් කරන්නේ නැතුව ඉන්න පුලුවන්ද මම වගේ කැසිල්ලක් තියෙන කැළෑ සතෙකුට?

75. සොඳුරු මල් මාවත

මේ කතාවේ මතකය අලුත් උනේ මම මේ ළඟදී සියා කෙනෙක් විසින් පදවන බස්රථයක් ගැන ලියද්දි. නැත්තම් මට මේ කතාව මතක් වෙන්නේ හරි අඩුවෙන්. හැබැයි, මගේ ජිවිතේ මම ආයෙත් හිතල බලන කතාවක්. සමහර වෙලාවට කෙනෙකුට බැලුවම වැදගම්මක් නැතුවා වගේ පෙනෙන්න පුළුවන්.

ඔව්.. අපි හැමෝගෙම ප්‍රයෝරිටිස් එකිනෙකාට වෙනස් නේ!

අපේ ගෙදර ඉඳන් මම බස් එකේ ඉස්කෝලේ යනකාලේ නොයෙකුත් විසිතුරු වැඩ සිද්ධ උනත් මෙලෝ රහක් නැති මම ඕවට කිසිම හොඳ ප්‍රතිචාරයක් දක්වපු කෙනෙක් නෙවෙයි. කොටින්ම මම අපේ ගෙවල් පැත්තේ සම වයසේ අනිත් ගෑනුලමයි , පිරිමි ළමයි එක්කවත් වැඩි ඇයිහොඳය්යක් පවත්වපු කෙනෙක් නෙවෙයි. අපේ අම්මට ගමේ මිනිස්සු සලකන හින්දත්, අපේ අය්යා ගමේ කාගේත් හිතවත් චරිතයක් හින්දත් මිසක්, මම නම් හිතන්නේ මාව වැඩිදෙනෙක් අදටත් අඳුනන්නේ නැතුව ඇති. ඒ ඔක්කොම මගේ සුපුරුදු ඉබි ගතිය හින්ද.

Friday, August 29, 2014

74. ගෙයි ගින්දර



ගෙයි ගින්දර පිටට දෙන්න හොඳ නැහැ කියනවා නේ...

කෝ කොහෙද? කවුද එහෙම කිව්වේ?

ඇයි අනේ.. ඔය ඩිගිසි සින්දුවලත් තියෙන්නේ 'ගෙයි ගින්දර පිටට දෙන්න බැහැ ඒකයි ඉවසන්නේ......' කියල මැරෙන්න හදන්නේ...

අනේ ඔව්.. මම ඔය ඉස්සර කාලේ කට්ටිය - කට්ටිය කිව්වේ වැඩිහිටියෝ - කියල  තියෙන දේවල් ඇහිපිල්ලමක්වත් වෙනස් කරන්නේ නැතුව කරන අහිංසක සුකුමාර කෙල්ල හින්ද මමත් ඔය වැඩේ නම් කරන්නෙම නැහැ...

මොන වැඩේද ඈ ?

ඔය ගෙදර ගින්දර ගැන කියන වැඩේ....? (ඒ විතරක්ද... එයාල කියන අනික් ගොඩක් වැඩත් .. හි.. හි..)

Thursday, August 28, 2014

73. උණුවතුර ළිඳ

මම බට්ටම බට්ටා කාලේ, අපේ ගෙදර හදන කාලේ වෙච්ච එක දෙයක්.

ඒ දවස්වල අපේ ගෙදර පුදුම සෙනගක් හිටියේ. බාසුන්නැහැලා රොත්තත් හිටියේ එළියේ වෙනම හදපු මඩුවක. ඒ මදිවට දුරින්- ළගින් නෑයෝ වෙන කොල්ලෝ කෙල්ලෝ අපේ ගෙදර ගොඩක් හිටියේ අපේ අම්මා උන්ට උසස් අධ්‍යාපනයට උදව් කරපු හින්ද. උන්ගේ උසස් අධ්‍යාපනේ කොතරම් විශිෂ්ටව අවසන් උනාද කිව්වොත් ,එකෙක් ඇරෙන්න ඔක්කොම උන් ගියේ PhD ගහල. ඉතුරු උන එකා විතරයි ඉංජිනේරු පීඨයෙන් ඩිග්රියක් අරගෙන ගියේ. PhD උන් ඉතින් (Permanently Head Damage) වෙලා කෙල්ලෝ නම් කොල්ලෝ සෙට් කරගෙන, කොල්ලෝ නම් කෙල්ලෝ සෙට් කරගෙන තමයි ගියේ. ඒ අපේ අම්මගේ බුරුල!

ඒ මදිවට අපේ ගෙදර මේ උන්නු සෙනග හැටියට තිබ්බ බාත්රුම් 2 මදි හින්ද එළියේ නිදහසේ නාන්න තඩිම තඩි බැරල් කීපයක් තිබ්බා. එයින් එකක් අපේ අත්තම්මගේ ඔෆීෂියල් බැරල් එක. අනිත් එක පොදු ළිඳ වගේ තිබ්බ බැරල් එක. අපේ අත්තම්ම උදෙන්ම එයාගේ බැරල් එකට වතුර හෝස් එකෙන් පුරෝනවා. ඔය බැරල් තිබ්බේ උඩතට්ටුවේ කොන්ක්‍රීට් එක උඩ හින්ද ඔතනට දවල්ට ගිනියමට අව්ව වැටෙනවා. අව්ව වැටිලා දවල් 2-3 වෙනකොට වතුර ටික නිකන් ඇඟ සනීප වෙන ගානට රත් වෙනවා. අම්මේ එහෙම සනීප වතුරක් උණුවතුර ළිංවල විතරයි ඇත්තේ.



ඔය බැරල් දෙකෙන් හොඳටම අව්ව එන්නේ අත්තම්මගේ බැරල් එකට. ඒකට අතගහන්න ලැබෙන්නේ නැත්තේ, අත්තම්ම කියන්නේ හැමදාම නාන කෙනෙක් හින්ද වතුරටික රත්වෙනකොට මොනවා තිබ්බත් අත්තම්ම වෙලාවට නාන්න සැපත් වෙනකොට රත්වුණු වතුරටික තියන්න එපැයි !. පච කියන්නේ මොකටද, මම ඉස්සර හැමදාම නාපු කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් මම මේ කියන වයසේදී. දවසක් ඇර දවසක් තමයි මාව අත්තම්ම නාවන්නේ. ඒකත් පහල බාත්රුම් එකේ. මට ඇහෙනවා අපේ අක්කලා, අය්යලා , අර නතර වෙලා හිටපු නෑදෑයෝ වෙන උන් ඔක්කොම කැකිරි පල පල ඔය බැරල් එක ගාව නානවා පැය ගණන්. බට්ටෙක් උන මාව කවුද ඔතනට වැද්දගන්නේ? මට දැන් හෙන අවුල්......

මමත් නාන්න ඕනේ ඕකෙන්......



බට්ටෙක් උනාට ගේමක් නැතුව පරදින්න මමත් කැමති නැහැ. මම මොනවා උනත් හිතල ප්ලෑන් එකක් ගැහුවා... ප්ලෑනේ හැටියට කට්ටිය අඩු දවසක් බලල, මම හෝස් එකෙන් බැරල් එකට වතුර පුරෝලා , හොඳට රත් උනහම ඇති තරම් දියබුන් ගහන්න ඕනේ! ඕ යේ!!!!!! කොහොමද ප්ලෑන් එක? අනේ මේ... අවුරුදු 5ක් වත් නැති බට්ටේක්ට ඔයිට වඩා ගේමක් දෙන්න බැරි නැති උනත්, මගේ සුකොමල මොලේට ආවේ ඔච්චරයි..

Wednesday, August 27, 2014

72. බීරිවෙන නිහඬබව



සද්ද බද්ද නැති දහවලක්
තියෙන දවසක
සවසක...
ඉරක් විතරක්
තිබ්බ අහසක
වෙරළක...

Saturday, August 23, 2014

69. වැහිකබා කාරයා ඇවිත්



කෝ කොහෙද තිබ්බේ

ඉස්සර මං හිතපුගමන්
හොයාගත්ත - එක මොහොතෙන්

වැඩිමනත් පරිස්සමට
අරං තිබ්බ බව මතකයි

කොහේ කොයි මුල්ලකට
හැඟුවද මතක නැහැ...

අඩු තරමේ
හංගපු තැනකවත්
සලකුණක් - මතක නැහැ

Friday, August 22, 2014

68. වැස්සක් කල හදියක්



කොලපාට බිස්ස නමාගෙන
වහිනවා එක දෝරෙට
ඇතුලේ හිටියත් නොතෙමි
තෙමෙනවා මම
වැස්සේ - හොඳටම !

67. ක්‍රීඩා තරග මාධ්‍ය ආවරණය

මම කැම්පස් යනකාලේ....

අනේ මේ.... හැමදාම ඔය පම්පෝරිය කියවන්නේ නැතුව කියනවකො කතාවක්, හරියට...

ඔන්න ඒ හින්ද මම ලියනවා වෙන විදියකට. අපේ අක්කත් එක්ක බෝඩිමක ගෙවපු කාලයක් තිබ්බ.

ඒ කාලේ තමයි කාලේ.



ඒ කියන්නේ වෙන මොනවත් හින්ද නෙවෙයි, අපේ අක්කත් එක්ක ඉන්නවා කියන්නේ පලාලි කෑම්ප් එකේ අවුරුදු ගානක් ලැබෙන පුහුණුවට වඩා ඉවසීම, විනය, ත්‍රාසය, භීතිය, කුතුහලය, මතක ශක්තිය ඕය එකී මෙකි සියලු දේ ගැන අත්දුටුවයි සත්තයි ජාතියේ පුහුණුවක් ලැබෙනවා ආයේ ජීවිතේට අමතක නොවෙන්න. අනේ ඔව්...

බොරුනම් අහල බලන්නකෝ අපේ අක්කගෙන්ම.. එයා කියයි එයා තරම් කිසි අවුලක් නැති රූමියක් වෙන කොහෙවත් නැහැ කියල.. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ..

වැඩි කතාවක් බහක් නැති මම කොහොමත් බෝඩිමට එන්නෙත් බිං කරුවල වැටිලා, කැම්පස් එකේ දොරවල් වහන වෙලාවට. ඒ වෙනකොට අපේ අක්කා බෝඩිමේ සියලු නෙට්වර්ක් සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන , උන්ගේ කෑම පිඟන් වලටත් වැඩේ දීල මම එනකල් දොර දිහා බලන් ඉන්නවා. මේ බෝඩිමේ හරි අපූරු දේවල් සිද්ධවුනා. වෙන වෙනම කියන්නම්කො.

මම කියලත් ඇති මේ බෝඩිම කියන්නේ බෝඩිම් අයිතිකාර ආන්ටිගේ පරණ මහ ගෙදර. එයාලගේ අලුත් ගෙදර තිබ්බෙත් ඒ වත්තෙමයි. එකම ගේට් එක තිබ්බේ. මුළු ගෙදරම එක එක රූම්ස් , වෙන වෙනම කෙල්ලොන්ට දීල තිබ්බේ. අපි වගේ ගොඩක් රූම්ස් ෂෙයාර් කරලා තිබ්බේ සහෝදරියෝ. සමහර රූම්ස් තනියෙන්.



බෝඩිමේ ආන්ටි හෙන නීතිකාරි. ඒ හින්ද හරි පරිස්සමෙන් තමයි වැඩකරන්න ඕනේ. බෝඩිමට මුලින් එනකොට අනිවාර්යයෙන් දෙමවුපියෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් භාරදෙන්න ඕනේ. ගේට් එක ඇරෙන සද්දෙට කොහේ හරි ඉඳන් එයා එබිලා බලනවා, කවුද, කොයි වෙලේද , කොහොමද ආවේ කියල. කිසිම අමුත්තෙක් වැද්දගන්න තහනං ! ඒ වගේම ඉතින් විනය කියන්නේ ( කෙහෙල්මල්  විනය) එයාට නැතුවම බැරි දෙයක් කියලයි කියන්නේ. කතාවට වැඩිය සෙට් උනත් අවුල්, නැතත් අවුල්... මම නම් කලේ කිසිම ඉන්ටරැක්ෂන් එකක නොකර ඒ කොටස අපේ අක්කට බාරදීලා  බිල්ලෙක් වගේ ඉන්න එකයි. අපේ අක්කටත් ඉතින් ඒවා පුළුවන් එල කිරිවට! ආලවට්ටම් දාල ෂේප් එකේ ඉන්න දන්නවා, ඉතින් මම මොකටද නිකන් පෙට්‍රල් පුච්චගන්නේ?

Thursday, August 21, 2014

66. කාන්ති - 02

මෙතෙක් කතාව 

මට හරියටම මතක නැහැ ඊට පස්සේ මොනවද උනේ කියල. පස්සේ දැනගත්ත විදිය විතරයි කතාව ගොතාගන්න උදව් උනේ. මට හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙන්න ඇති. කොහොමත් වැඩිහිටි දේවල් අපේ කනට (මගේ) නොඑන්න හැම වෙලේම අපේ අම්මි සැලකිලිමත් උනා කියලා නම් මට මතකයි.

කාන්ති එකපාරටම අපේ ගෙදරින් අතුරුදහන් උනා.



මගේ සගයා නැති උන හින්ද මම නිහඬවම දුක් උනා. කොහොමත් මම පොඩි කාලේ ගෙදරදී මගේ හැඟීම් එලියට පෙනපු කෙනෙක් නෙවෙයි. කාන්ති ගෙදර නැති එකෙන් මම මගේම කටුවක ඇතුලට වෙලා ඉන්න එක තමයි කලේ.

ඔහොම ගියපු දවසක.....

65. කාන්ති - 01

කලින් කතාවක් ලියනකොට මතක් වෙච්ච තව කතාවක් උනාට මට මේ කතාව මගේ ජිවිතේ වැඩිපුරම ආවර්ජනය වෙච්ච කතා වලින් 'එකක්'..

කලින් මම අපේ ගෙදර හිටපු සේවිකාවන් ගැන කියනකොට යන්තම් කියල නොකිය හිටපු කතාව තමයි මේක. මොකද ඒ මුඩ් එකයි, මේ මුඩ් එකයි හොඳටම වෙනස් හින්ද.

මම දන්න කාලේ ඉඳන්ම අපේ ගෙදර අපේ අත්තම්ම ( අම්මගේ අම්ම ) හිටිය. එහෙම උනේ මම හිතන්නේ මගේ අත්තා මියගිහින් තියෙන්නේ අපේ අම්මි කැම්පස් ඉන්න කාලෙම හින්ද, අත්තම්ම එයාගේ මහගෙදරින් පිටමන් වෙලා අපේ අම්මි යන යන තැනට ආපු හින්ද. රජයේ නිලධාරියෙක් වෙච්ච අපේ අම්මිට, අපිව අත්තම්මට තියල යන්න තමයි වෙලා තිබ්බේ.

ඒ මදිවට කියන කියන පළාතට මාරු වේවි, එක එක පළාත්වල මිනිස්සු අතරේ අප අම්මි ගතකරන්න ඇත්තේ මහා කටුක ජිවිතයක් කියල මට නම් දැන් හිතෙනවා. උපතින්ම හම්බානක මලපනින අප්පච්චි අන්තිමට රජයේ රස්සාවට පයින් ගහල රට ගියාට පස්සේ ඒ ජිවිතේ තවත් කර්කශ වෙන්න ඇති. තනියෙන් දරුවෝ තුන්දෙනෙක්ගෙ වැඩ කරනවා කිව්වම? ඒ අතරේ රස්සාවත් කරගෙන? කොතරම් සල්ලි ලැබුනත්, මම නම් හිතන්නේ ඒ කර්කශ බව අඩුවක් නැතුව ඇති. දැන් කාලේ වගේ ඒ වගේ සිද්ධි කොමන් නැහැ නේ....

Tuesday, August 19, 2014

64. සීයාගේ කැඩිලැක් ටෙරටරිය

වයසක සීයලා පාරේ ඩ්‍රයිව් කරනකොට ඔයාලට මොනවා හිතෙනවද?



ඇත්තම කිව්වොත් තමන් කව්ද, ඉන්න තැන සහ කරමින් ඉන්න වැඩේ අනුව හිතෙන දේවල් කැරට් - බීට් වගේ වෙනස් වෙනවා... කොටින්ම කිව්වොත්


  • ඔයා තරුණ කොල්ලෙක් නම් - මේ පිස්සු හුටන් මොනවා කරනවද මන්ද... මොකට එලෝනවද මන්ද 
  • ඔයා ඊට පස්සෙන් යන කෙනෙක් නම් ( ඕනෑම ජෙන්ඩර් එකක්) - $##^%^(!@# අම්මප මුව හප්පලා දාන්න බැරිහැටි! එක ලේන් එකක යන්නෙත් නැහැ, ඉඩ දෙන්නෙත් නැහැ 
  • පාරේ යන මගියෙක් නම් - මේ මිනිහද පාරේ? මමද පාරේ? බ්‍රේක්ද ? නැද්ද? මාව හප්පයිද? මූ හැපෙයිද ?
  • ඕනෑම වයසක පුරුෂයෙක් නම් -  අඩේ අප්පා, මුගේ වයසටද මේ ඈ ? 
  • ඒ රිය ඇතුලේ ගමන් කරන (අසරණ) මගියෙක් නම් - මම තව පව් කරලා තියේද? මේකෙන්ම ගෙවෙයිද? හැප්පිලා මැරෙනවද? මැරෙනකොට හිනා වෙලා මැරෙනවද? අන්තිම වතාවට සමාවගන්න, ආදරෙයි කියන්න බැරිවුන කවුරුත් ඉන්නවද? 
  • මම වගේ අන්දොස් කෙල්ලෙක් නම්- අනේ හෙන කියුට් අනේ... මෙලෝ විචාරයක් නැහැ.. දාන්න හිතෙනවා වෙට්ටුවක්!


ඔය වගේ දහසකුත් දේවල්!

Monday, August 18, 2014

63. 1ට කලින් 2

එකපාරක් කියල කට/අත ගන්න ලැබුනේ නැහැ.. ආයෙත් ඒකම කරලා!

හැබැයි මේ පාර නම් තත්වේ දරුණුයි... කරලා තියෙන්නේ සැලසුම් සහගතව.

කොච්චර සියුම්ද කියනවා නම් ෂර්ලොක් හෝම්ස් දැම්මත් හොයා ගන්න බැරි වෙයි කොහොමද මේක කරේ කියල. මට දැන් අලුතෙන් හිතන්න වෙලා කොහොමද මගේ දේවල් පුළුවන් තරම් රහසිගතව තියාගෙන ඉන්නේ කියල.



කියන්න බැහැ , ලියන්න බැහැ , අඩුම තරමේ හිතන්නවත් බැරි වෙලා...

මම කියලත් ඇති මගේ පරිකල්පන හොරාගෙන ලොකු ලොකු අය කරලා තියෙන දේවල් ගැන. කොටින්ම මගේ පේටන්ට් නොදී හිටපු ගැන. ඒකත් කමක් නැහැ කියමුකෝ...

දැන් වෙලා තියෙන්නේ ඊටත් එහා ගියපු වැඩක්...

කොටින්ම කියනවා නම්,

Wednesday, August 13, 2014

62. මගේ හැටි



කිසිවක්
එක ලෙසකට
කරගත නොහැකි

පුදුමාකාර නැට්ටුක්කාරකමක්
මට
ඇත !!!


Sunday, August 3, 2014

61. එන්න කණ්ණාඩියෙන් මුණ බලන්න!

මගේ ගොඩක් ලියවිලි වලට ප්‍රස්තුතයක් සාමාන්‍යයෙන් තියෙනවා.

මේ ලිපියේ ප්‍රස්තුතය ගැන කිව්වොත් - මේක කාලයක් තිස්සේ මගේ ඔලුවේ වැඩකරපු දේවල් වලින් එක කාරණාවක් හින්ද හරියටම කියන්න බැහැ 'මේකයි' කියල. ඒත් මෑතකාලයේදී මට වුනු, වටේ සිද්දවුනු දේවල් මේක ලියල තියෙන එක ස්ථිර කරා කිව්වොත් තමයි නිවැරදි. මේක ලියන්නේ කාටවත් රිද්දන්නවත්, ඇඟිල්ල දික් කරන්නවත් නෙවෙයි. මට හිතෙන විදියට අපි අපි ගැනම හැරිලා බලන්න ඕනේ වෙලාවට, අපි කැඩපතක් පාවිච්චි කරනවා වගේ   මෙහෙම දේකින් අපි තමන්ගේම ස්වයන් විවේචනයක් කරගන්න එක වටිනවා. මොකද ගොඩක් වෙලාවට පිට කෙනෙක් කරන විවේචන දරාගන්න බැරි හින්ද.



මමත් ඉස්සර විවේචන වලට කැමතිම නැහැ. එහෙම වෙන්න මම හිතන විදියට බලපාපු කාරණා කීපයක් තියෙනවා (මට).


  • එකක් තමයි, මට විවේචනයක් එල්ල කරන්න තරම් 'පොරක්' මට හමුවුනේ කලාතුරකින් හින්ද මගේ 'මම හරිමයි' කියන විශ්වාසය  , 
  • අනිත් එක තමයි විවේචනයක් ආවොත් ගොඩක් වෙලාවට ඒක 'කන්ස්ට්‍රක්ටිව්' නොවී මාව බිම දමන්නම එල්ල කරන ප්‍රහාරයක් මිසක් ( හරියට පුද්ගලික පළිගැනීමක් වගේ) එතැන වෙන අවකාශයක් , සංවාදයක් ඇතිවෙන්නේ නැති හින්ද කියන්නේ මොනවාද කියන එකට මගේ කිසිම අවධානයක් නොදැක්වීම.


Wednesday, July 16, 2014

60. පූස් පින

මගේ කැම්පස් එකේ අවසන් කාලේ කැම්පස් එක අද්දරම වගේ තිබ්බ බෝඩිමට හිටිය. සමහර අයට මතකත් ඇති මම ඒ ගැන ලියල තියෙනවා මිට කලින්

අනේ මේ පණ්ඩිත නොවී ඉන්නවා, තමුසේ ලියන හැම මගුලම මෙහෙ එන උන් කියවන්නේ නැහැ. ඊටත් ඔයිට වඩා කොච්චර ජාති වෙන ඒවගේ තියෙනවාද, ඔක්කොම ටැපලෙනවා නේ කියෝන අයට.. ඔව්ව මතක තියන් ඉන්නේ කවුද?  -ඕනේ නම් දානවා ලින්ක් ටිකක් පහළින් .. අනුකම්පාවක් හිතෙන උන් එතනට ගිහින් බලාගනී.. හිහ්  -
ඒ අපේ අය්ය උඩ තියෙන එක වාක්‍ය දැක්ක ගමන් කියන වාක්‍ය ටික !

ඔන්න එහෙනම්, මම ලිව්ව අර බතලයාගේ කතාව? , ඒ කතාවේ බෝඩිම තමයි අද කතාවෙත් පසුබිමෙන් ඉන්නේ.

එහෙනම්  කියන්න ඕනේ නැහැ නේ, අනිවාර්යයෙන් ඔය කතාවේ පැන්ඩා ඉන්නවා කියල.. හෙහ්.. පැන්ඩා නැති කතාවක් ඔය බෝඩිමෙන් හොයාගන්න හරිම අමාරුයි. මොකද, මම කොතනද, පැන්ඩා එතන... පැන්ඩා කොතනද මමත් එතන.. ඒ වගේම මොකක් හරි පිස්සු වැඩක් කොතනද.. අපි දෙන්නම එතන!
පැන්ඩා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම්..... දන්නා අයගෙන් අහගන්න.. මට ලියන්න ගියොත් අන්තිමට ආපු එක ලියන්න වෙන්නේ නැති තරමට ඔය බඩ්ඩ ගැන රස කතා පොදියක් තියෙනවා.

Tuesday, July 8, 2014

59. උපේක්ෂාගේ රහස

තකතීරු වැඩක් කරලා හම්බානක නට්ටන් වෙලා , නහය ළඟට ගිලිලා ඉන්න වෙලාවක කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද?

තවත් ඒ වගේම තකතීරු වැඩක් කරන එක!!! 

හෙහ්.. හෙහ්... මොකද දන්නවද? නහය ලඟට ගිලිලා නම් ඉතින් අහවල් දේකට කරදර වෙනවද? ඊට උඩින් කොච්චර ගියත් එකම සෙතේ...
'හොඳ වැඩේ උඹට... හෙහ්.. මම කිව්වා ඔය මගුල ලියන්නේ නැතුව මෙන්න මේ මගුල ලියන්න කියල, ඇහුවද? ඇහැව්වද ??'

ඔන්න මගේ ඇතුලේ උන්නු එකෙක් මට ඔහොම කිව්වා... ඒ හින්ද ( ඌට ඕනේ හින්ද) මම මේ මගුල ලියනවා..

එහෙමමත් නෙවෙයි, කරපු තකතීරු වැඩේට හුඟක් කලින් ඉඳලයි මම මේ වැඩේට තප්පුලන්න පටන් ගත්තේ. කාර් එකේ, බස් එකේ යන ගමනුත් ; ලොම්බ විකන ෆැෂන් හින්ද අමාරුවෙන් යන වෙලාවල් වලදීත් මට අනේක වාරයක් මේක මතක් වෙනවා..

අද ලියනවා, හෙට ලියනවා කිය කියා හිටියට කෝ කොහෙද ලැබුනේ නැහැනේ. මොකද්ද දන්නවද? ඒක සහසක්! සහස තමයි...



'මම හෙන නාකිච්චියක් අනේ!'

Monday, July 7, 2014

58. නිල් නුවන් - 02

පළමු කොටස 

ප්‍රධාන පාරෙන් රථය හරවා මැයිමාර ගස් අතුරේ දිවෙන නිස්කලංක මාවතේ මද දුරක් රථය පදවාගෙන එන නුවන්ගේ සිත ශරීරයෙන් වෙන්වී ඇත්තා සේය.  වෙනදාට මෙහි එන ඔහුගේ සිතත්, අද සිතත් හාත්පසින්ම වෙනස්ය.

රථගාලේ රථය නතරකල නුවන්, සුක්කානම පොඩිපට්ටම් කරන තරමේ ආවේගයකින් එය මිරිකාගද්දී, අනායාසයෙන් ඇස් වලින් කඳුළු කුට්ටි කිහිපයක් ඔහුගේ කමිසයට වැටුනේ, මුරුගසන් වරුසාවක දිය බිඳු විලාසයෙනි. සෙමින් හිස සුක්කානමේ ඉහල කෙලවරේ රැඳවූ ඔහු, කුඩා දරුවෙකු සේ ඉකි බිදින්නට විය. ගතවුයේ මිනිත්තු කිහිපයකි, සෙමෙන් හිස ඔසවා සිහියෙන් කඳුළු පිස දැමු ඔහු, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනය ඔබා කනෙහි රඳවා ගත්තේය.

"අම්මේ... මම මේ... අහ් ... ඔව් ඔව්... මම පොඩ්ඩක් පරක්කු වෙයි. සෝමදාස කිව්වද?"

අනෙක්පසින් ඇසුන තම මවගේ හඬ සුපුරුදු සිතල කෝමාරිකා ඇතිරිල්ලක්ම විය.

"හොදයි පුතේ.. පරක්කු වෙන්න එපා. රෑ උනහම බීපු උන් පිස්සෝ වගේ එළවන්නේ "
"නෑ , පරක්කු වෙන්නේ නැහැ."

ඇමතුම විසන්ධි කොට සුපුරුදු සන්සුන් විලාසයෙන් හාත්පස බැලූ ඔහු, නැවත රථය හරවා ගත්තේ ආරක්ෂකයා පුදුමයෙන් බලාසිටියදිමය. 

උමයංගනා ... උමයංගනා.....

Saturday, July 5, 2014

57. නිල් නුවන් -01

වෙනදාටත් වඩා වැඩ අඩුවෙන් කලත්, තෙහෙට්ටුව නිසා කලින්ම කාර්යාලයෙන් පිටවුණ නුවන් ඈතින් දකිත්ම ඔහු අසලට දුව ආ රියදුරු ඉක්මනින් අතේ වූ පරිඝනක බෑගය අතට ගෙන දොර විවර කර දුන්නේය.

"සෝමදාස, අද සුපර්මාකට් යන්න ඕනේ , හන්දියේ  නෙවෙයි. එහා තියෙන එකට. අක්කට ඕනේ කිව්වා එතන තියෙනවා කියල බඩුවගයක් "

සෝමදාසගේ සිනහවෙන් මදක් සමහන් වුනු සිත අතගාමින් නුවන් පසුපස ආසනයට බරවිය. වෙනදාටත් මේ වැකිය සොමදාසට හුරුය. එලෙසම මෙවන් විඩාපත් මුහුණත්! නුවන් මහත්තයා ගැන ඔහු තුල ඇති පහන් හැඟීම වසර ගණනාවක් තිස්සේ තිරව පවතින්නට ඒ කිසිවකින් බලපෑමක් නොවුනද, ඔහු ගැන අනෙක් රියදුරන් එක්කාසුවන රථගාලේදී පලවන අදහස් මැඩීමට ඔහුට හැකියාවක් නැත.

රිය පණගන්වා ප්‍රධාන පාරට හරවා, පදවාගෙන යන අතරතුර සෝමදාස වරින්වර කණ්ණාඩියෙන් පසුපස අසුනෙහි සිට නිසොල්මන්ව දෑස පියාගෙන ඉන්න නුවන් දෙස බැලුවේ යමක් කියවන්නට මෙනි.

".. ඔය කිව්වට ලොකු මහත්තුරු... හෙහ්.. අපි නොදන්නවාද.. නැතුවද ගෑණු රට වටේ.... හෙහ්.. හෙහ්... පේනවනේ අපේ මහත්තය.. හෙහ් හෙහ්... ගෙදර පුස වගේ.. බලන්ට එපෑ ඔපිස් එකේ... හාහ් හාහ්.."

නිමල් ගේ වදන් ඔහුගේ කන් වල දෝංකාර දෙන්නා සේය. වසර පහක් තිස්සේ තමන් සේවය කලත්, ඔවුන් කියන ආකාරයේ අසම්මත සබදකම් තමන්ගේ කිසිම ගමනකදී හෝ නොදැනුණි. පෙනුමෙන් වුවත් කිසිවෙකුත් වරකට වඩා හැරී බලන ,තවමත් විවාපත් නොවුණු ස්වාමියෙක් ඉන්නා එකම රියදුරු තමන්ද?

56. කණගාටුව

පොඩි සෙටින් අවුලක් හින්ද, මගේ draft පොස්ට් වගයක් පොස්ට් වෙලා.. සිදුවූ අපහසුතාවයට මගේ කුණාටුව !! සමාවෙන්න 

Friday, July 4, 2014

හදේ කොතැනක හෝ හිඳී ඔබ....

සුපුරුදු විදියට මගේ මග සලකුණු ඔස්සේ එන යහළුවන්ගේ , (ඔව් ඔහුගේ යහළුවන් ) නොයෙකුත් කටහඬවල් වලින් අතරින් පතර විසිවෙන , මා සම්බන්ද විහිළු... මගේ නිහඬ , තනිවම සිනාසීම්.... මේ පුරුදු පාර... ඔව්.. ඔහු.........
සුපුරුදු පරිදි ඔහු!

ඔහු..... දැනට වසර එකහමාරක් තිස්සේ මගේ සෙනෙහස ඉල්ලමින් එන , මෙලංග!

"දකුණට සිග්නල් දාල හරවන්න, අන්න අතනින් පාක් කරලා.. ය.. මූ....."

කියාගෙන මා පසුකරගෙන ගිය ඔහුගේ යහළුවන්, සුපුරුදු පරිදි කැෆටේරියා එකේ ඉහළ මාලයට යන තැනින් නතර වුනා. මම ගියේ පයින්, සිග්නල් දානවා කියන්නේ මගේ යහළුවන් මගහරින්න බව මම නොදන්නවාද? කැෆටේරියා එක ඉදිරිපිට සිට ඉහළ මාලයට නගින ඔහුගේ කකුල් පමණයි දැන් පෙනෙන්නේ..

" මට අද යන්න ඕනේ... බස් නැතිවෙයි"

මම මෙහෙම කියන්නේ ඔහුගේ යාළුවෙක්ට , නමින් 'ඉන්ෆාස්'

" අරූ එහෙනම් උඩ තට්ටුවෙන් පනී , මළගෙයක් වෙන්නේ එහෙනම් මෙතන! අය්යෝ මේ.. උඩට යනවද.. අපි ගෙනිහින් දාන්නම් ඕනෙනම් ගෙදරටම"

ගැලවිල්ලක් නැති කතා! ඕනෙම දේකට උත්තරයක් ඇති කටක් වේනම් ඒ ඉන්ෆාස් ගේ කටයි! මාව පඩිපෙළ  ලඟට විසි උනා.. හැමදාම වගේ පපුව ඇතුලේ බේස් ඩ්‍රම් ගහනවා කව්දෝ.. 'ඩික් ... ඩික් ...' පඩිපෙළ උඩම පඩියේ හිටගෙන මගේ දිහා බලන් ඉන්න ඔහු!
"කොහොමද"

මාව දියවෙලා වැක්කෙරෙන්න ගත්ත. බෙල්ල ලඟින් බිමට නැමුන, කන් දෙක රත් වෙලා... මූලික රෝග ලක්ෂණ ඔක්කොම! වෙලාවට ඔහු වගේ සුදු නොවුනේ.. කම්මුල්, කන් රතු වෙලා කියල පෙනෙයි..
"හො .. ද.. යි.."

"උඩට එන්න, බය වෙන්න එපා... අරුන් ඉන්නවා පහළ...."

ඔහුගේ ආරක්ෂක බටයෝ!

".... එනවද?... මම......"

ඊළඟට කියන්නේ මොකද්ද දන්නා හින්දම මම උඩ පඩියට පැන්නවුනා. මිට කලින් දවසක, එන්න කිව්වම ආවේ නැති වරදට මගේ අතින් අල්ලලා උඩට ඇදල අරගෙන වෙච්ච සන්තැසිය මට අමතක නැහැ.

එදා ඔහු මාව තුවාල කළා... අතපය නෙවෙයි, හිත!! මම විදෙව්වා හොඳටෝම!!

කැෆටේරියා එකේ උඩ  තට්ටුවේ කිසි කෙනෙක් නැති බව මට විස්වාසයි.. එහෙම තමයි හැමදාම වෙන්නේ.

"I want you to meet,  'Kalana'.."
මගේ ඔළුව ඉස්සුනේ විශ්මයෙන්... ඔළුව ඔසවනකොටම පුටුවක් තල්ලු කරගෙන නැගිට්ට 'කලණ ' මට අත දිගු කළා ...

"Hello, nice to meet you"

විශ්මයෙන් හිටපු මගේ දිහා මෙලංග හිනාවක් සමග බැලුව

".... උඹ හිතුවද ෂේක් හෑන්ඩ් කරයි කියල?"
"ඔහ් වැරදුණා .... ඔව් ඔව් අහල තියෙනවා ඔයා ගැන, ඔයාගේ 'හැටි' ගැන"

ඔහු දිහා කෙලින් බලාගෙන හිටපු මට ඔහුගේ දීප්තිමත් හිනාව පාමින්, ලජ්ජශිලිව කලණ තමන්ගේ දිගුකල අත හකුලවා ඔලුව පිටුපසට ගෙනිච්චා.
'අපූරු හිනාවක්! හරි අපූරු ඇස් බැමි!!'

කලණ ඔහුගේ පළමු දැක්මෙන්ම මගේ ඇස් අලව ගත්ත.

"මෙයාට ඔයාට කියල එයාගේ කතාව ලියෝගන්න ඕනෙලු" මෙලංග කිව්වා.

මම ඔලුව හරවලා කෙලින්ම කලණ දිහා බැලුව. මෙලංගගේ වගේ මාව කම්පනයට පත් කරන පෙනුමක්, බැල්මක් කලණට තිබ්බේ නැති හන්ද මට එහෙම කරගන්න පුළුවන්කමක් තිබ්බ. කොහොමත් ප්‍රබල පර්සනලිටි ඉස්සරහ මම කම්පනය වෙනවා.. වෙන සංක්යාතයකින් !

කලණ ගේ මුහුණ බලන් ඉන්නකොට වෙනස් උනා..

මාව පළවෙනියට මුණගැහුණ කලණ තමයි ඒ....
ඒ මදිවට ඔහු වගේම පෙනුමක් තියෙන 'චලන'ත් මට හම්බ උනේ එදා තමයි. කලණ - චලන දෙන්නා ට්වින්ස් ලා!!! මේ දෙන්නගේ වෙනස හොයන්න මටත් කාලයක් ගත වුනා. වැඩ අතින් තමයි වෙනස් !

මොඩ්ල් කෙනෙක් වගේ පෙනුමක් තියෙන ඔහු..

රැලි ගැහුණු කොන්ඩේ , පිටතින් මුහුණේ අලවාගෙන ඉන්න ලස්සන දීප්තිමත් හිනාව! සරාගී ඇස් සිමාවේ තිබ්බ අපූරු ඇස් බැමි... ඔව්.. කලණ ට ඕනේ කරලා තිබ්බේ එයාගේ කතාවක් මට කියල ලියෝ ගන්න.. මම ලියන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිත කතාවක්! කවදාවත් කරලා නැහැ..

"දැන් මම හැම දෙයක්ම කියන්න ඕනෙද?"

කලණ මගේ දිහාත් මෙලංග දිහාත් බලන ගමන් ඔලුව කස කස ඇහුව

"මචං... කිස් කරපුව... මිරිකපුව වගේ ඒවා කියන්නේ නැතුව වෙන සිද්දි ඔක්කොම කියපං "

මෙලංග  ගත කටටම කිව්වා. මගේ කන් දෙකෙන් දුන් පැන්න... දෙන්නම හිනාවෙනවා.. මම ආපහු හැරුන

".... අම්මෝ හරි හරි.... යන්න එපා යන්න එපා.... ඕනේ දෙයක් කියපන්, ඕනේ දෙයක් අහගන්න... ඔන්න මම මුකුත් කියන්නෑ "

අත් දෙකම උඩට උස්සල මෙලංග යටත් උනා. මටත් හිනා, මම යන ගමන නතර කරලා ඉක්මනට මුහුණට බොරු රව්ද්‍ර ගතියක් මවාගත්ත.

එතැන් පටන් හැමදාම මෙලංගත් සමග කලණ ත් මාව මුණගැහෙන්න ආව.

කලණගේ කතාව මම ලිව්වේ එහෙමයි. අන්තිමට ඔහු මගේ ළඟම හිතවතෙක් උනා. හැම දෙයක්ම ඔහු මට කිව්වා. ඔහුගේත්- නිකිණිගේත් අනුවේදනීය පෙම් කතාව!!

ඒත් මම ??

"ඔයා මොනවද මෙලංග ගැන හිතන්නේ?"
කලණ එක දවසක් මගෙන් ඇහුව. මම අහක බලාගත්තා

"කියන්න බැහැ කිසිම දෙයක්"
"දැන් අවුරුදු දෙකකටත් ලඟයි නේද අහන්න අරගෙන"
"හ්ම්ම්ම්...." මගේ පපුව දැවෙන්න අරගෙන, ගම්මිරිස් ඇතිල්ලුව වගේ..
"ඌ ඔයාට පණ යන්න ආදරෙයි... "
"ඒක තමයි ප්‍රශ්නේ" මම කිව්වේ ඇහෙන නෑහෙන ගානට..

කලණ හිනාවුනා...
" වෙන කොල්ලෝ ඔහොම බලන් ඉන්නේ නැහැ මැට්ටි.."
"මම දන්නවා මැට්ටෝ.."
"මම දන්නවා ඔයාට වෙන කවුරුත් කොල්ලෙක් නැහැ කියල, ඇයි මෙලංගව..."
"... මඩවන්නේද .." මම ඔහුගේ වචනේ සම්පුර්ණ කළා

"නැහැ.... ඇයි ඌව එපා කියන්නේ? "
"ඒ ගැන කතා නොකර ඉන්න කලණ... මෙලංග මට හොඳ වැඩි.. ඔයා මට වඩා මෙලංග ගැන දන්නවනේ.."
"ඔව්.. මම හිතන්නේ නැහැ ඌ වෙන කිසි කෙල්ලෙක්ට මෙහෙම පස්සෙන් ගිහින් ඇති කියල... "
"කලණ ..."

මම ඔහුගේ කතාවට බාධා කරමින් කඩාපැන්න
".... ආයෙත් ඔය ගැන කතා කරන්න එපා... ඔයාගේ පොත තව දවස් තුනක් යන්න කලින් මම ඉවර කරනවා. හැබැයි, ඔරිජිනල් එක මගේ ගාව තියෙද්දී, ඕනේ නම් ෆොටෝකොපියක් ගහගන්න "

කලණ නිශ්ශබ්දව බංකුවෙන් නැගිට්ට
"තෑන්ක්ස්.... ඒ ටික ඔයාට කිව්ව එකම ඇති මට.. ලොකු ස්ට්‍රෙස් එකක් රිලීස් උනා. මෙලංග හරි, උගේ තේරීමත් නිවැරදියි... ඔයා පුදුම කෙල්ලෙක්!"

එක පාරටම වාහනේකට වැදුන වගේ දැනුන. මෙලංග ! මම වගේ නපුරිච්චියක් !


-----------------
සාලිය කුමාරයා අශෝකමාලට තියෙන ප්‍රේමෙන් රජකම අතැරිය කියල මහා පොත් ඔක්කොගෙම තිබ්බත්, ඊට පස්සේ ඔහුගේ වීරකම්, පරිත්‍යාගයන් ගැන ලියවිලා තියෙනවද? කොහෙවත්?

දිදුලන්න ඕනේ තරුවක් තනියෙන් අයිති කරගත්ත කියල වෙන්නේ ආලෝකේ වෙනත් අයට නොදී ඉන්නෙක විතරයි... මට ඒක ඕනේ නැහැ... මම කැමති තරුව දිහා ඈතින් බලල, තවත් කෙනෙක්ටත් විඳින්න දෙන්න..

මෙලංග ..... ඔබ මේ බ්ලොග් කියෝනවද? කියවන්න එපා... මට මා ගැනම බයයි!

55. මම වෙනස්කරන්න ඕනෙද?

ජිවිතේ කවදාහරි දවසක, ආපහු හැරිලා බලනකොට.. සමහර කරපු කියපු දේවල් ගැන , හිතපු -දරපු මත ගැන පසුතැවිලි වෙලා තියෙනවද? ඊට වඩා වෙනස් ආකල්ප, ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්කම තිබ්බ නේද කියල හිතිලා තියෙනවද?

මම මෙහෙම කියන්නේ, ජිවිතේ සැන්දෑ කාලය ගෙවන අයට කියල හිතනවා නම් වැරදියි... මම මේ කියන්නේ වයසින් තාමත් විශ්‍රාමික දශකයටවත් පාතබල නැති අය ගැන.. කොටින්ම තරුණ අයට..

මොකටද එහෙම හිතන්නේ?

මොකටද එහෙම නොහිතන්නේ?

ගිය දේ ගියා, තියෙන්නේ ඊළඟට මොකද කරන්නේ කියලයි... මුල ප්‍රශ්නෙත් අහන ගමන් ඊළඟට එන සාධාරණීකරණ උත්තරේ ඒක තමයි.. එහෙම තමයි පොසිටිව් තින්කින් කියන්නේ... ඇත්තටම ඒක එහෙමද? ඒකද පොසිටිව් තින්කින් කියන්නේ?

දෙවනියට කියපු විදියට හිතුවොත්... අපි එහෙම පරණ දේවල් හිතල, හැදෙන්න බලන්න ඕනේ.. ආයෙත් ඒ වගේ සිටුවේෂන් එකකදී වෙනස් තීරණයක් ගන්න.. ඔව් එහෙම හිතන එක වැරදිද?

Saturday, June 28, 2014

54. 'වැඩකාරියන්' බලා ගැනීම

මේක මම ගොඩ දවසක ඉඳල කියන්න හිතාගෙන හිතපු දෙයක්... ඇත්තටම කාරණා දෙකක්..

එකක් මේක, අනිත් එක වෙනම ලියන්නම්. දෙකම එකට සම්බන්ධ උනාට, එකිනෙකට වෙනස් රසයන් වලින් යුක්ත හින්ද, කතා දෙකම එකට ලිව්වොත් වෙන්නේ දෙකේම රසය  නැති වෙලා යන එකයි.. හරියට පුළුන් හොරා කරෙන් දැනේ වගේ... කොහොමද මගේ උපමාව? එළටම ගැලපෙනවා කියල මම දන්නවා, අහන්න දෙයක් නැහැ... හැමෝම මගේ උපමා ගැන මිට කලින් ලවක් දෙවක් නැතුව වර්ණනා කරලා තියෙන එකේ... මේක වරදින්න විදියක් නැහැ නේ.. ඔව්.. ඒක තමයි!

ඉස්සර අපේ ගෙදර වැඩට හිටපු අය අතුරෙන්, මගේ මතකයේ හැටියට අන්තිමට හිටියේ කාන්ති කියල මගේ ප්‍රියතම තරුණියක්. ඇගේ කතාව තමයි අනික් කතාව. මේ කතාව අපේ ගෙදර ඈට පස්සේ (හුඟක් කාලෙකට පස්සේ) අපේ ගෙදරට ගෙනාපු 'වැඩකාරියන්' ගැන.. ඇත්තටම එයාල වැඩකාරියෝම තමයි! මොකද එයාල කලේම අපිට වැඩ පෙන්නපු එක. ඒ අතුරෙන් මිට අවුරුද්දකට කලින් ගෙනාපු අන්තිමයාට  කලින් එක්කෙනා ගැන තමයි අද ලියන්නේ..

අනේ ඇත්තමයි,  වැඩකාරකම කොතරම්ද කියල තේරෙනවත් ඇති නේ... බ්ලොග් පොස්ට් හිටන් උන් ගැන ලියවෙනවා.. හුහ්.. අපි ගැන කොහෙවත් වෙන කෙනෙක් එහෙම ලියනවද ඈ ??? මම ගැන නම් මෙලෝ යකෙක් එහෙම ලියල නැහැ.. එහෙම ලියන්නේ වැදගත් 'වැඩ්ඩෝ' ගැන විතරනේ.. එක්කෝ ගලුත් පාවෙන යුගයක් වෙච්චි!

Friday, June 27, 2014

53. කෝ බොලව් මගේ පේටන්ට්?

සමහර දේවල් ලියල තියෙන එක එක  එක අතකට මහම මහා කරදරයක්!

මොකද, ඒවා පස්සේ දවසක කියෝනකොට ඒ හිටපු කුඩුවෙච්ච මුඩ් එකෙන් සහමුලින්ම රිකවර් වෙලා හිටියත්, ආයෙත් ඒවාට සම්බන්ධ සිතුවිලි, සිද්ධි අතර පටලවෙන්න පටන් ගන්නවා. ඊට වඩා හොඳයි විසිකරන්න ගන්න කොලේක ලියල, හති වැටෙනකල් ඒකෙ ලියල, විසිකරලා දාන එක...



හපොයි.. එහෙම කරන්නේ කොහොමද? කවුරුහරි ඒක අහුලාගෙන කියෙව්වොත්? එතකොට මට විෂුවල් වෙන්නේ අර 'ළමාතැනී' සින්දුවේ අඹ විකුණනකොට ඔතල දීපු කොලේ රස කර කර කියෝන ගමන්, රස අඹ ගෙඩිය විසි කරන කෙනාව....

හෑ ?? එහෙම වෙයිද? මම කියන, හිතන දේවල් තව කෙනෙක්ට මී අඹ වගේ රසවත් වෙයිද? මගේ පිස්සු පරිකල්පන...??? හීනෙන් තමයි! හි.. හි...

මම එහෙම පරිකල්පනය කරපු දේවල්, අහසේ ලියල මැකෙන්න දීල බලාගෙන ඉඳල තියෙනවා... ඒ හැඟීම හරිම අමුතුයි...මැකිලා ගියාට පස්සේ හරි සැහැල්ලුවක් දැනෙනවා...

මොකද කොහොමහරි මම මගේ හිත ඇතුලේ තෙරපුණ දෙයක්, කොහොමහරි විදියකින් එලියට දාගත්ත කියල. ගොඩක් එහෙම වෙන්නේ මගේ ඒ පරිකල්පන විතරයි. හිතේ තියෙන දේවල් ලියන්න නම් නැහැ ලොවෙත්... ලියපු හැම වෙලේම වෙන්නේ කුඩුවෙන්න! මොකද මගේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක ඒ පරිකල්පන සපුරා වෙනස් හින්ද මිනිස්සු මම ගැන පුදුම හිතනවා..

Tuesday, June 24, 2014

52. ඔව්... ඔබ මේ සවන් දෙන්නේ.....

මගේ සුපුරුදු ජිවිතේ මේ ලඟදි වෙනස් උනා...

සිද්ධි කීපයක්ම එක පිට උන හින්ද මොකක් කලින් උනාද කියලවත් මතකයක් නැහැ. ඒ හින්ද, වෙනදට ඔෆිස් ඇවිත් කුළු හරක ඔලුව පාත් කරගෙන තණකොළ කනවා වගේ ලැප්ටොප් එකේ වැඩ පටන් ගන්න මම, දැන් මුලිම්ම මගේ බ්ලොග් එක චෙක් කරනවා. මොනවා හරි ලියන්න කියල ඇතුලේ මොකෙද්දෝ එකෙක් බඩට ඇනගෙන ඇනගෙන යනවා වගේ...

සීරියස් දෙයක් අදත් ලියන්නේ නැහැ... මම ඌට කියල වතුර එකක් බීලා ලියන්න ගන්නවා. එකම වැඩේ, මම ලියන සිංහල ඔෆිස් එකේ අනිත් උන්ට පේන එකත්, අකුරු පොතේ ලියන වේගේ ටයිපින් වේගෙට වඩා මගේ හුඟක් අඩුවීමත් හින්ද මට ලියාගෙන ලියාගෙන යන්න බැහැ මුළු පොස්ටුවම ... ඇයි හත්ඉලව්වේ බොසා මට ගෙවන්නේ මම ලියන බ්ලොග් එක පුරෝනවටද ?!

එව්වා ගියාවේ.... (වන්නාටය ! හි.. හි... )

දවසක් මම ලිව්වා නේ, මගේ ඇඩික් එකේ පොඩි පොඩි සිද්ධි ටිකක්? අදත් කියන්නේ එහෙම සිද්ධියක්..

Sunday, June 22, 2014

51. පිරිමි ගොඩයි.. මම (විතරයි?)

කෙල්ලනේ....
කොල්ලෝ ගැන උනන්දු නැති කෙල්ලෝ ඉන්නවද?

මට කියන්න එපා මේකට උත්තරේ.. පොඩි කොළ කෑල්ලක ලියල ගඟට විසි කරන්න. මට කොහොමත් මේකට අවංක උත්තරයක් හරියට ගන්න බැරි බව මම දන්නවා, මගේ සිරා ෆිට් කෙල්ලෙක්ගෙන් ඇරෙන්න.. මොකද  කියන්නේ බොරු! අන්තිමට බැලුවම, පොඩි පොඩි වෙරියේෂන්ස් තිබ්බත් එකම උත්තරේ තමයි ඔක්කොම දීල තියෙන්නේ

" එහෙම කෙල්ලෝ නැහැ අය්යෝ.. මොන වැල් බයිලයක් කියනවද?"

ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලොන්ගේ ඒ ගැන තියෙන උනන්දුව ඉස්මතු වෙලා පෙන එක විතරයි. හා නැද්ද? තමන් උනන්දු කොල්ලගෙන් යාලුවෙන්න කෙලින්ම අහන කෙල්ලෙක් ගැන ඇහුනොත් කටත් බලියාගෙන
'හෑ ...... ඒ කෙල්ල ඇහුව?... නෑ .................."

Friday, June 20, 2014

50. ඉතින් ඊට පස්සේ....

Under 11 කතාව ලිව්වට පස්සේ මට ඊට සම්බන්ධ ඔක්කොම ජාති ටික වැලක් වගේ මතක් වෙන්න ගත්ත.



සමහර දේවල් මම මීට කලින් කාල වකවානු එක්ක කවදාවත් සසඳලා තිබ්බෙත් නැහැ. ඒත් ඒ හැම දෙයක්ම මට මතක් වෙන්න ගත්ත හින්ද මට හිතුන මේ ටික ලියල දාන එක කෝකටත් හොඳයි කියල

කොටින්ම මට මේ වෙනකොට මම පාසල් කණ්ඩායමට ඇතුලත් වෙලා ඉන්න බවක්වත් තේරුනේ නැහැ. මම කරපු එකම දේ හැම අඟහරුවාදාම යි, බ්‍රහස්පතින්දාමයි ප්‍රැක්ටිස් වලට පිස්සුවෙන් වගේ දුවගෙන ආපු එකයි. තාමත් අපේ ගෙදරට මගේ මේ ටීම් එකට ආපු එක වැඩිය නොට් නැහැ. මමත් පුරුදු විදියට මගේ ලී රැකට් එකත් කරතියන් එනවා. මේ ලී රැකට් මම ගහන වේගෙටද මන්දා පැලෙනවා. එකක් පැලුණම මම අනිත් රැකට් එක අරන් එනවා.

Monday, June 16, 2014

49. සැඟවෙන්න



කොතරම් සැනසිල්ලක්ද..
කළුපාට ෆර්දාවට ඇතුලෙන් දැනෙන්නේ?

කෙනෙකුන්ට නොරිස්සූ,
තවකෙකුව හිනැස්සු ,
මගේ ගැලවිල්ලටම - සිටි
මගේ ඒ ෆර්දාව !
එදත් තිබුනානම්?

Friday, June 13, 2014

කොතැනක සිටියත් ඔබ මෙලොවේ...

සුපුරුදු විදියට මගේ මග සලකුණු ඔස්සේ එන යහළුවන්ගේ , (ඔව් ඔහුගේ යහළුවන් ) නොයෙකුත් කටහඬවල් වලින් අතරින් පතර විසිවෙන , මා සම්බන්ද විහිළු... මගේ නිහඬ , තනිවම සිනාසීම්.... මේ පුරුදු පාර... ඔව්.. ඔහු.........
සුපුරුදු පරිදි ඔහු!

ඔහු..... දැනට වසර එකහමාරක් තිස්සේ මගේ සෙනෙහස ඉල්ලමින් එන , මෙලංග!

"දකුණට සිග්නල් දාල හරවන්න, අන්න අතනින් පාක් කරලා.. ය.. මූ....."

කියාගෙන මා පසුකරගෙන ගිය ඔහුගේ යහළුවන්, සුපුරුදු පරිදි කැෆටේරියා එකේ ඉහළ මාලයට යන තැනින් නතර වුනා. මම ගියේ පයින්, සිග්නල් දානවා කියන්නේ මගේ යහළුවන් මගහරින්න බව මම නොදන්නවාද? කැෆටේරියා එක ඉදිරිපිට සිට ඉහළ මාලයට නගින ඔහුගේ කකුල් පමණයි දැන් පෙනෙන්නේ..

" මට අද යන්න ඕනේ... බස් නැතිවෙයි"

මම මෙහෙම කියන්නේ ඔහුගේ යාළුවෙක්ට , නමින් 'ඉන්ෆාස්'

" අරූ එහෙනම් උඩ තට්ටුවෙන් පනී , මළගෙයක් වෙන්නේ එහෙනම් මෙතන! අය්යෝ මේ.. උඩට යනවද.. අපි ගෙනිහින් දාන්නම් ඕනෙනම් ගෙදරටම"

ගැලවිල්ලක් නැති කතා! ඕනෙම දේකට උත්තරයක් ඇති කටක් වේනම් ඒ ඉන්ෆාස් ගේ කටයි! මාව පඩිපෙළ  ලඟට විසි උනා.. හැමදාම වගේ පපුව ඇතුලේ බේස් ඩ්‍රම් ගහනවා කව්දෝ.. 'ඩික් ... ඩික් ...' පඩිපෙළ උඩම පඩියේ හිටගෙන මගේ දිහා බලන් ඉන්න ඔහු!
"කොහොමද"

මාව දියවෙලා වැක්කෙරෙන්න ගත්ත. බෙල්ල ලඟින් බිමට නැමුන, කන් දෙක රත් වෙලා... මූලික රෝග ලක්ෂණ ඔක්කොම! වෙලාවට ඔහු වගේ සුදු නොවුනේ.. කම්මුල්, කන් රතු වෙලා කියල පෙනෙයි..
"හො .. ද.. යි.."

"උඩට එන්න, බය වෙන්න එපා... අරුන් ඉන්නවා පහළ...."

ඔහුගේ ආරක්ෂක බටයෝ!

".... එනවද?... මම......"

ඊළඟට කියන්නේ මොකද්ද දන්නා හින්දම මම උඩ පඩියට පැන්නවුනා. මිට කලින් දවසක, එන්න කිව්වම ආවේ නැති වරදට මගේ අතින් අල්ලලා උඩට ඇදල අරගෙන වෙච්ච සන්තැසිය මට අමතක නැහැ.

එදා ඔහු මාව තුවාල කළා... අතපය නෙවෙයි, හිත!! මම විදෙව්වා හොඳටෝම!!

කැෆටේරියා එකේ උඩ  තට්ටුවේ කිසි කෙනෙක් නැති බව මට විස්වාසයි.. එහෙම තමයි හැමදාම වෙන්නේ.

"I want you to meet,  'Kalana'.."
මගේ ඔළුව ඉස්සුනේ විශ්මයෙන්... ඔළුව ඔසවනකොටම පුටුවක් තල්ලු කරගෙන නැගිට්ට 'කලණ ' මට අත දිගු කළා ...

"Hello, nice to meet you"

විශ්මයෙන් හිටපු මගේ දිහා මෙලංග හිනාවක් සමග බැලුව

".... උඹ හිතුවද ෂේක් හෑන්ඩ් කරයි කියල?"
"ඔහ් වැරදුණා .... ඔව් ඔව් අහල තියෙනවා ඔයා ගැන, ඔයාගේ 'හැටි' ගැන"

ඔහු දිහා කෙලින් බලාගෙන හිටපු මට ඔහුගේ දීප්තිමත් හිනාව පාමින්, ලජ්ජශිලිව කලණ තමන්ගේ දිගුකල අත හකුලවා ඔලුව පිටුපසට ගෙනිච්චා.
'අපූරු හිනාවක්! හරි අපූරු ඇස් බැමි!!'

කලණ ඔහුගේ පළමු දැක්මෙන්ම මගේ ඇස් අලව ගත්ත.

"මෙයාට ඔයාට කියල එයාගේ කතාව ලියෝගන්න ඕනෙලු" මෙලංග කිව්වා.

මම ඔලුව හරවලා කෙලින්ම කලණ දිහා බැලුව. මෙලංගගේ වගේ මාව කම්පනයට පත් කරන පෙනුමක්, බැල්මක් කලණට තිබ්බේ නැති හන්ද මට එහෙම කරගන්න පුළුවන්කමක් තිබ්බ. කොහොමත් ප්‍රබල පර්සනලිටි ඉස්සරහ මම කම්පනය වෙනවා.. වෙන සංක්යාතයකින් !

කලණ ගේ මුහුණ බලන් ඉන්නකොට වෙනස් උනා..

මාව පළවෙනියට මුණගැහුණ කලණ තමයි ඒ....
ඒ මදිවට ඔහු වගේම පෙනුමක් තියෙන 'චලන'ත් මට හම්බ උනේ එදා තමයි. කලණ - චලන දෙන්නා ට්වින්ස් ලා!!! මේ දෙන්නගේ වෙනස හොයන්න මටත් කාලයක් ගත වුනා. වැඩ අතින් තමයි වෙනස් !

මොඩ්ල් කෙනෙක් වගේ පෙනුමක් තියෙන ඔහු..

රැලි ගැහුණු කොන්ඩේ , පිටතින් මුහුණේ අලවාගෙන ඉන්න ලස්සන දීප්තිමත් හිනාව! සරාගී ඇස් සිමාවේ තිබ්බ අපූරු ඇස් බැමි... ඔව්.. කලණ ට ඕනේ කරලා තිබ්බේ එයාගේ කතාවක් මට කියල ලියෝ ගන්න.. මම ලියන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිත කතාවක්! කවදාවත් කරලා නැහැ..

"දැන් මම හැම දෙයක්ම කියන්න ඕනෙද?"

කලණ මගේ දිහාත් මෙලංග දිහාත් බලන ගමන් ඔලුව කස කස ඇහුව

"මචං... කිස් කරපුව... මිරිකපුව වගේ ඒවා කියන්නේ නැතුව වෙන සිද්දි ඔක්කොම කියපං "

මෙලංග  ගත කටටම කිව්වා. මගේ කන් දෙකෙන් දුන් පැන්න... දෙන්නම හිනාවෙනවා.. මම ආපහු හැරුන

".... අම්මෝ හරි හරි.... යන්න එපා යන්න එපා.... ඕනේ දෙයක් කියපන්, ඕනේ දෙයක් අහගන්න... ඔන්න මම මුකුත් කියන්නෑ "

අත් දෙකම උඩට උස්සල මෙලංග යටත් උනා. මටත් හිනා, මම යන ගමන නතර කරලා ඉක්මනට මුහුණට බොරු රව්ද්‍ර ගතියක් මවාගත්ත.

එතැන් පටන් හැමදාම මෙලංගත් සමග කලණ ත් මාව මුණගැහෙන්න ආව.

කලණගේ කතාව මම ලිව්වේ එහෙමයි. අන්තිමට ඔහු මගේ ළඟම හිතවතෙක් උනා. හැම දෙයක්ම ඔහු මට කිව්වා. ඔහුගේත්- නිකිණිගේත් අනුවේදනීය පෙම් කතාව!!

ඒත් මම ??

"ඔයා මොනවද මෙලංග ගැන හිතන්නේ?"
කලණ එක දවසක් මගෙන් ඇහුව. මම අහක බලාගත්තා

"කියන්න බැහැ කිසිම දෙයක්"
"දැන් අවුරුදු දෙකකටත් ලඟයි නේද අහන්න අරගෙන"
"හ්ම්ම්ම්...." මගේ පපුව දැවෙන්න අරගෙන, ගම්මිරිස් ඇතිල්ලුව වගේ..
"ඌ ඔයාට පණ යන්න ආදරෙයි... "
"ඒක තමයි ප්‍රශ්නේ" මම කිව්වේ ඇහෙන නෑහෙන ගානට..

කලණ හිනාවුනා...
" වෙන කොල්ලෝ ඔහොම බලන් ඉන්නේ නැහැ මැට්ටි.."
"මම දන්නවා මැට්ටෝ.."
"මම දන්නවා ඔයාට වෙන කවුරුත් කොල්ලෙක් නැහැ කියල, ඇයි මෙලංගව..."
"... මඩවන්නේද .." මම ඔහුගේ වචනේ සම්පුර්ණ කළා

"නැහැ.... ඇයි ඌව එපා කියන්නේ? "
"ඒ ගැන කතා නොකර ඉන්න කලණ... මෙලංග මට හොඳ වැඩි.. ඔයා මට වඩා මෙලංග ගැන දන්නවනේ.."
"ඔව්.. මම හිතන්නේ නැහැ ඌ වෙන කිසි කෙල්ලෙක්ට මෙහෙම පස්සෙන් ගිහින් ඇති කියල... "
"කලණ ..."

මම ඔහුගේ කතාවට බාධා කරමින් කඩාපැන්න
".... ආයෙත් ඔය ගැන කතා කරන්න එපා... ඔයාගේ පොත තව දවස් තුනක් යන්න කලින් මම ඉවර කරනවා. හැබැයි, ඔරිජිනල් එක මගේ ගාව තියෙද්දී, ඕනේ නම් ෆොටෝකොපියක් ගහගන්න "

කලණ නිශ්ශබ්දව බංකුවෙන් නැගිට්ට
"තෑන්ක්ස්.... ඒ ටික ඔයාට කිව්ව එකම ඇති මට.. ලොකු ස්ට්‍රෙස් එකක් රිලීස් උනා. මෙලංග හරි, උගේ තේරීමත් නිවැරදියි... ඔයා පුදුම කෙල්ලෙක්!"

එක පාරටම වාහනේකට වැදුන වගේ දැනුන. මෙලංග ! මම වගේ නපුරිච්චියක් !

මෙලංග ..... ඔබ මේ බ්ලොග් කියෝනවද? කියවන්න එපා... මට මා ගැනම බයයි!

48. නැට්ටුක්කාරී - 02

මෙතෙක් හෑල්ල 


අහගෙන ඉන්න කම්මැලි කියල හිතුන හින්ද මම පලවෙනි කොටස මගින් නතර කළා. මෙලෝ රහක් නැති උනහම, බනින්නේ නැතුව ෂේප් එකේ වින්ඩෝ එක වහල දාල යන එක මට තේරෙනවා. ඒ හින්ද මම හිතුව හැමදේම ලියන්නේ නැතුව කොකෙක් යනවා වගේ ලියල දාන්න.. ඒ කියන්නේ උඩින් උඩින්, පොඩි පොඩි වපසරියන් කවර් කරන් යන්න.. මොකද මම  ඇරෙන්න මේවගේ කාලවකවානු එක්ක ඕව ඉන් ඩිටෙල් දැනගන්න තරම් කැසිල්ලක් තියෙන්න හැටියක් නැහැ නේ මේ අවකාශේ කට්ටියට!

මම ඉවර කලේ ඩ්‍රිල් එකේ සිද්දියෙන්, ඇත්තටම කියනවා නම් සිද්දියට පිවිසුමක් විතරයි ලිව්වේ, සිද්දිය උනේ මේ වගේ පසුබිමක.

කොහොමහරි හවුසස් අතර තරගේ එන්න එන්නම වැඩිවුණා. කොතරම් දුරදිග ගියාද කියනවා නම්, වෙනත් හවුසස් වල ප්‍රැක්ටිස් කරනකොට ඔත්තු බලන්නත් කට්ටිය හිටියා. මට ඔය අතරේ  තමයි, අර ඩ්‍රිල් එක හදපු අක්කලාගේ විශේෂ අවධානයක් මට තියෙනවා කියල මට දැනුනේ , මම ඒත් හිතුවේ එක මගේ හිතින් මවාගත්ත ලොකුකමක් කියල.

Thursday, June 12, 2014

47. කොතැනක සිටියත් මා මළ දවසක........

මගේ ප්‍රිය මිතුර..

ඔබ මෙය නොකියවන බව මට සක්සුදක්සේ විස්වාසය. කිමද... ඔබ මා මෙවැන්නක් ලියන බවක් නොදන්නා බැවිනි. ඔව්.. ඔබේ කතාව මම පොතකට ගොනුකලා මතකද? ඒ පොත, මගේ කුරුටු අකුරෙන් ලියා.. ඔබේ අතට පත්කලවිට, වෙවුලන දෑතින් එය විවරකර, එක අකුරක්වත් කියවාගත නොහැකිව, හිස් පිටක් දෙස බලාඉන්නා සේ උන් හැටි?

"ගෙනිහින් කියවන්න ඕනෙද?"

මම එසේ විමසනවිට, ඔබේ ඇස වල තිබුණු දිලිසුම.. ඔබ ඇඩුවාද ? ඔව්... එය එසේමයි.
නැවත එක දිනකින්ම, මා හඹාගෙන ඇවිත්, මගේ උරෙන් අල්ලා

"උපේක්ෂා... ඔයා පුදුමයි, මෙහෙම හිතුවේ කොහොමද? "

කිව්වම, මතකද මම සිනාසුන හැටි?

"මැට්ටා.. වැඩිය හිතන්න එපා. මට හිතුන ඔයාට එහෙම හිතෙන්න ඇති කියල "

46. නැට්ටුක්කාරී -01

මගේ පොඩිකාලේ ගෙවුනහැටි කියෝලම ඔයාලට එපා වෙලා නැද්ද?

මම ලිව්වා
පරණ ඉස්කෝලේ ගැන 
පොඩි කාලේ අය්යත් එක්ක කරපු සොඳුරු (දඟ) වැඩ 
අත්තම්මෙක්ට ඔලුවේ කැක්කුමට තෙල් බෙහෙතක් දීපු හැටි 
පහල ගෙදර නංගිට ෆිට් එකට උදව් කරපු හැටි 
පහල ගෙදර නංගිත් එක්ක බස් එකේ ගියපු හැටි 
පන්තියේ බිස්නස් කරපු හැටි 
පුස්තකාලේ පොත් බලපු හැටි 


කරන්න දෙයක් නැහැ... කිව්ව දේවල් වලට වඩා නොකිව්ව දේවල් වැඩියි.. එක්කෝ මේක නතර කරලා, වෙන බ්ලොග් එකක් හොයාගන්නවා හොඳයි! මොකද මම ලියන්නේ මට මේවා මතක් වෙන පිළිවෙලට.

Thursday, June 5, 2014

45. භයානක ෆැෂන් කතාවක්...

මම මෙහෙම පිස්සෙක් වගේ උන්නට හෙනම මනෝ කාරයෙක්...

කොහේ ගියත් පොඩ්ඩක් චාන්ස් එකක් අවොත් ලස්සන මනෝ පාරක් ගහගෙන පාඩුවේ ඉන්නවා. මගේ මනෝ ලෝකවල සංචාරයට සුදුසුම තැන තමයි.... ඇඳ ? පිස්සුද.. බස් එක!!!!

මම මගේ කලින් පොස්ටුවකත් කියල ඇති මගේ මේ බස් මනෝ සංචාරය හින්ද , අතේ හිටපු කුරුල්ලෙක් ( එහෙම කිව්වට චීස් කෑල්ලක් ..! හි... හි...) අල්ලගන්න බැරි වෙච්ච එකක් ගැන.

බස් එක මේකට මට හොඳම තැන වෙන්නේ, හේතු කීපයක් හින්ද

1. ලංකාවේ පොදු ප්‍රවාහනේ තියෙන කාර්යක්ෂමතාවේ කොහොමද කියනවනම් , ගමනාන්තයට යන්න කලින් මට පුළුවන් ඉන්දියාවට ප්ලේන් එකෙන් ගිහින් එන්න හින්ද.. (එතරම් සුකොමල ලලිත ගමන් යන බස් අහුවෙනවා... ඔය කොට්ටාව බස් එහෙම නෙවෙයි අම්මෝ! ඒවා යන්නේ හරියට වලිගෙ ගිනිගත්ත හනුමා වගේ නේ)

2. බස් එකට නගින , බහින හුදී ජනයාගේ සමහර විලාසිතා, විලාසයන් හැබෑවටම මාව වෙන ලෝක වලට ඇදල දානවා... සමහර අය සමහර මාතෘකා අපිට මතක් කරලා දෙනවා..

3. බස්වල යන අපූරු සින්දු හින්ද ..  සමහර සින්දු මම හිතන්නේ ගායකයාගේ විතරක් නෙවෙයි, රියදුරුගේ, කොන්දොස්තරගේ මවත් ඉතා හොඳින් මතක් කරලත් දෙනවා

4. හේතුවක් නැතුව ට්‍රැෆික් එකක් ඕනෙම වෙලාවක ඇතිවෙන්න පුළුවන් හින්ද එකම තැන ඉන්නකොට වෙන මොනවා කරන්නද ? මම වගේ කෙනෙක්?

මේ මොන හේතු තිබ්බත්, ඒ මොන හේතුවක්වත් නැතුව කට ඇරගෙන එකසිය ගානට බස් වල නින්ද ගිහිල්ලත් තියෙනවා... මේවා දැකල සසර කළකිරිලා මහණ වෙන්න ගියපු අය හිටියද දන්නේ නැහැ බස් එකේ. අපිට ඒවාට වගකියන්න බැහැ නේ... අහක බලාගන්න තිබ්බේ නැද්ද හා??

3 වෙනි හේතුව හින්ද වැඩක් අද මට මේ උනා... ඒක නෙවෙයි නේ කියන්න ආවේ! 2 වෙනි හේතුව හින්ද වෙච්ච වැඩක් නේ... මුලින් ආපු කන බලමුකෝ අඟට කලින්...