වයසක සීයලා පාරේ ඩ්‍රයිව් කරනකොට ඔයාලට මොනවා හිතෙනවද?
ඇත්තම කිව්වොත් තමන් කව්ද, ඉන්න තැන සහ කරමින් ඉන්න වැඩේ අනුව හිතෙන දේවල් කැරට් - බීට් වගේ වෙනස් වෙනවා... කොටින්ම කිව්වොත්
- ඔයා තරුණ කොල්ලෙක් නම් - මේ පිස්සු හුටන් මොනවා කරනවද මන්ද... මොකට එලෝනවද මන්ද
- ඔයා ඊට පස්සෙන් යන කෙනෙක් නම් ( ඕනෑම ජෙන්ඩර් එකක්) - $##^%^(!@# අම්මප මුව හප්පලා දාන්න බැරිහැටි! එක ලේන් එකක යන්නෙත් නැහැ, ඉඩ දෙන්නෙත් නැහැ
- පාරේ යන මගියෙක් නම් - මේ මිනිහද පාරේ? මමද පාරේ? බ්‍රේක්ද ? නැද්ද? මාව හප්පයිද? මූ හැපෙයිද ?
- ඕනෑම වයසක පුරුෂයෙක් නම් - අඩේ අප්පා, මුගේ වයසටද මේ ඈ ?
- ඒ රිය ඇතුලේ ගමන් කරන (අසරණ) මගියෙක් නම් - මම තව පව් කරලා තියේද? මේකෙන්ම ගෙවෙයිද? හැප්පිලා මැරෙනවද? මැරෙනකොට හිනා වෙලා මැරෙනවද? අන්තිම වතාවට සමාවගන්න, ආදරෙයි කියන්න බැරිවුන කවුරුත් ඉන්නවද?
- මම වගේ අන්දොස් කෙල්ලෙක් නම්- අනේ හෙන කියුට් අනේ... මෙලෝ විචාරයක් නැහැ.. දාන්න හිතෙනවා වෙට්ටුවක්!
ඔය වගේ දහසකුත් දේවල්!
ගොඩක් වෙලාවට මට ඇහිලා, දැකල තියෙන දෙයක් තමයි වයසක ( කෙස් හම්බානක පැහිල, අවුරුදු 70-80 වගේ කියමුකෝ) සීයල ඩ්‍රයිව් කරනකොට පාරේ අනිත් උන්ට යකා වැහෙනවා. මට නම් හම්බානක හිනා යනවා...
සමහර වෙලාවට පරිස්සමෙන් පාරේ පාඩුවේ යනකොට ඔන්න කොහෙන් හරි 'රුං ..' ගාල දානවා තැපැල් නයින්ටියක් හරි, චැලියක් හරි.... ගොඩක් වෙලාවට වැරදි පැත්තෙන් ඉස්සර කරන්නේ.. යන්නේ නිකන් තමන්ගේ ගෙදර මිදුලේ 8 ගහනවා වගේ. ඒ මදිවට ගොඩක් වෙලාවට සයිඩ් කණ්ණාඩි ඇත්තෙම නැහැ. එක්කෝ ඉස්සරහ ලයිට් නැහැ, නැත්තම් පිටිපස්සේ ලයිට් නැහැ.ගොඩක් වෙලාවට දෙකම නැහැ... ඒ ඔක්කොම තිබ්බත් හෙල්මට් එකේ අඩුම තරමේ ගාන්චුව වත් දාල නැහැ!
ඔහොම යන එකා කවුද කියල බලන්න මමත් ඔන්න යනවා පාගල,
හුහ්.. ආව මෙතන මට වෙට්ටු දාන්න..
ඔන්න ඉස්සර කරන්න වගේ ගිහින් මම හොරෙන් බලනවා මේකා කවුද කියල. හෑ ??? මෙන්න බොලේ සීයෙක් ????
ඔහොම ඉස්සර නොකරම හිතාගන්න පුළුවන් සියෙක්ද කියල... ගොඩක් වෙලාවට එයාගේ ස්ටේටස් එක තියාගන්න පණපිටින් ඉන්නවා නම්, තමුන්ගේ පරණ හාමිනේත් පිටිපස්සේ අලෝගෙන නේ යන්නේ! ඉතින් අර අසරණ හාමිනේ ගොඩක් වෙලාවට බයික් එකේ පිටිපස්සේ තියෙන කොටස අත් දෙකෙන් තදකරල අල්ලාගෙන තමයි යන්නේ. මම කියන්නේ බොරුද හා?

කාර් එකක යනවානම්, ඒකෙත් වැඩි වෙනසක් නැහැ.. සයිඩ් කණ්ණාඩි වල යුසේජ් එක ගැන කියන්නත් දෙයක්ද, සමහරු ඒවා අකුලගෙනමයි යන්නෙත්. ගොඩක් වෙලාවට ලයිට් වැඩ නැහැ. භයානක කම කියන්නේ කොයිවෙලේ කොතන, මොන දුරින් බ්‍රේක් එක පාගනවද කියල කොහොමටවත් හිතා ගන්න බැහැ ! ඒ යන්නෙත් පණපිටින් ඉන්නවා නම් නෝනව ඉස්සරහ පුටුවේ තියල. මොනවා වෙනවද කියල කොහොමත් ගානක් නැහැ, වැඩිකල් ඉන්නෙත් නැති එකේ නේද?
පට්ටම වයසක සියෙක්ගේන් ඇහුවත් කියයි, අනිත් උන් එකෙක්වත් හරියට පාරේ යන්නේ නැහැ කියල. ඒක ඉතින් ලංකාවේ රථාචාරීන්ගේ පොදු කතාවක්. මම උනත් කියන්නේ නැහැ නේ මම අරින බුල්.. නැද්ද?
මේ ළඟකදී මම මගේ සුපුරුදු බස් සවාරියේ යෙදෙද්දී.... මාර වයසක සීයා කෙනෙක් විසින් පදවන පුද්ගලික බස් එකකට නැග්ග, නැග්ග කියන්නේ නැග්ගවුනා ! ගොඩක් වෙලාවට මම දැන් යන බස් වල ඉන්නේ ගොඩක් වයස ඩ්‍රයිවර්ලා නෙවෙයි. මම බස් එකට නැග්ගේ ඉස්සරහින් හින්ද මම නගිනකොට ඩ්‍රයිවර් දැක්ක. මගේ බඩ දන්න ගත්ත,
සීයෙක් අනේ ඩ්‍රයිවර්!!
ඔයාල බලයි මේ මොන විගඩමක්ද කියල... ඔයාල කොහෙද අනේ දන්නේ පරණ කතා? ඔහොම බඩේ දැවිල්ලක් , ඩ්‍රයිවර් සීයල දැක්කහම ඇතිවෙන්න ගත්තේ මම ඉස්කෝලේ යනකාලේ.
මගේ ස්කොල් එකෙන් පස්සේ මම ගියපු ඉස්කෝලේ ගැන මම කතා කීපයක් ලියල ඇති. මගේ වයස 13-14 වගේ වෙනකොට අපේ ගෙදර වෙච්ච සිද්දි දාමයක් හින්ද මෙතෙක් පහසුවෙන් , සීරුවෙන් ගෙවිලා ගියපු රෝසමල්පෙති ජීවිතෙන් මිදෙන්න අපිට සිද්ද උනා. ඒ කියන්නේ එතෙක් බස් එකකින් ගමනක් නොගියපු අපි ටික කාලයක් ස්කුල් වෑන් එකකටත්, ඊටත් පස්සේ බස් එකකටත් විදියට පොලවට පය තියන්න පටන් ගත්ත. කොහොමත් ඒ වෙනකොට මට මේ කූඩු වෙච්ච ජීවිතෙන් පනින්නේ කොහොමද කියල ප්ලෑන් ඇඳ ඇඳ හිටියේ.. හි.. හි... මම කොහොමත් ස්පෝර්ට්ස් මුවාවෙන් මේ රාමුවෙන් මුල ඉඳලම පිට පැනල හිටියත් අසරණ මල් පෙත්තක් උන අපේ අක්කට නම් මේක කැඩුණු විදුරු හීනයක්!
කොහොමත් මම ඉස්සරත් වෑන් එකේ සීයා මලක් වගේ වඩාගෙන ගිහින් ඉස්කෝලේ ඇතුළෙන්ම තියල ගියාට පස්සේ, හවස ඇවිත් භීත වෙලා හොයනකොට කලේ හැංගිලා හිටපු එකයි.. හි.. හි... කාටද පුළුවන් ඔහොම රැකවල් මැද්දේ ඉන්න, කූඩු වෙච්ච ගිරවෙක් වගේ? මම කලේ සීයා මාව හොයල හොයල ඇති වෙලා ගෙදර ගියාම , හැංගිලා ඉන්න තැනින් එලියට ඇවිත් පයින් ගෙදර යන එකයි. ඒ තරම් සැපක් මට තිබ්බේ නැහැ. මට ඕනේ වේගෙන්, වට පිටේ බල බල, ඕනේ තැන්වල නතර වේවි, කඩවල් වලින් බුල්ටෝ කකා.... පට්ට අව්වේ තමයි ගෙදර එන්නේ. මට ඒක මාර ෆන්. ඒ ගැන නම් අනන්ත ලියන්න පුළුවන්.... එව්වා පස්සට
කොහොමහරි, ඉස්කෝලේ ඇරිලා බස් එකෙන් එන්න පටන් ගන්නකොට මට තටු ලැබෙන්නේ නැද්ද ඉතින්? පරක්කු වෙන්න ඕනේ තරම් හේතු තියෙන්නත් පුළුවන්නේ එතකොට... කොහොමත් අපේ ගෙදරින් ගොඩක් වැටකඩොලු වැටුනේ නැහැ මට ( වැටුනේ නැද්ද, මට ඒවා දාල පලක් නැහැ කියල අම්ම තේරුම් ගත්තද දන්නෙත් නැහැ.. හි.. හි..) ස්කොල් එකෙන් පස්සෙත් අක්කත්, මමත් ,අය්යත් ගියේ වෙන වෙන ඉස්කෝල වලට.
මම ඉස්කෝලේ අරුණ ගමන් එළියට ඇවිත් නැහැ මම හිතන්නේ දෙතුන් පාරකට ඇරෙන්න. හි..හි... වෙන වැඩක් ඇත්තෙම නැත්තම් තමයි ඔන්න ගෙදර එන්න පිටත් වෙන්නේ. AL වෙනකල් ටියුෂන් ගියෙත් නැහැ, ඒ මදිවට ක්‍රීඩා උණක් හැදිලා සහලෝල අමාරු වෙලා උන්නේ, එතකොට ගෙවල් පැත්තේ යන්න හොඳ නැහැ... අපෝ.. අසාධ්‍ය වෙනවා! දන්නවා නේ?
ඉස්කෝලේ ඉවර වෙලා ( ප.ව.1.30) ප්‍රැක්ටිස් නොතිබ්බොත් ඔන්න ඉතින් එනවා ගෙදර යන්න කියල හෝල්ට් එකට. ඉස්කෝලේ ඉඳන් අපේ ගෙදරට තියෙන්නේ පොඩ්ඩ දුරයි. ඉතින් දුර බස් වල යන්න බැහැ. අඩුම තරමේ ස්කුල් බස් එකෙන්වත් අපිව ගන්නේ නැහැ. පේරාදෙණිය, පැණිදෙනිය වගේ බස්වල තමයි යන්න අවසර ලැබෙන්නේ.
ඒත් කාලයක් මගේ යාළු ෆිට් වෙන ඉස්කෝලෙක කෙල්ලෝ යන ස්කුල් බස් එකට නම් මාව උන් ගත්තා. කොන්දා බනිනවා උන්ට. නැග්ග වෙලේ ඉඳන් පිටිපස්සේ පෙම් මුල්ලට පොරකාල රිංගනවා, රිංගලා ඉවරවෙනකොට බහින්න ලඟයි. ආයෙත් දොර පැත්තට පොරකනවා.. හි.. හි...
ඉස්කෝලේ ඇරෙන වෙලාවට මම හිතන්නේ නුවර පාරවල් දොරේ ගලනවා. ඒ කියන්නේ ට්‍රැෆික් එකේ හොඳම එක. ඔක්කොම ලොකු ඉස්කෝල තියෙන්නේ පටු ප්‍රධාන පාරෙමයි. ඔය වෙලාවටම එන බස් ටිකක් තියෙනවා, මට නම් ඒවා ඉස්සර කට පාඩම්, දැන් වැඩි මතකයක් නැහැ. සීසන් වලට හුරුවෙලා හින්ද CTB මිසක් , ප්‍රයිවට් බස් ගැන වැඩි වගක් නැහැ. පැණිදෙනිය - කටුගස්තොට , පොල්ගොල්ල - පිළිමතලාව බස් වලට තමයි ගොඩක් වෙලාවට නගින්නේ/නගින්න හිතෙන්නේ. අපේ අක්කාගෙන් බෝවෙච්ච ලෙඩක්ද කොහෙද. කොහොමත් ඒ බස් වල අනිත් බස් වලට වඩා හැන්ඩි කොල්ලෝ හිටිය.. හි.. හි... ඔන්න ඒක මම විසින්ම දාගත්ත රූල් එකක්... ක්‍රෂ් කියල එහෙමටම තිබ්බේ නැහැ...
ඔන්න ඔය බස් අතරේ තිබ්බ පොල්ගොල්ල- පිළිමතලාව බස් එකක්... ඒක එන්නෙත් නිකන් ධාතු කරඬුව වඩම්මන හස්තියා වගේ. මහා හඬින් 'බර බර ග්ර්ර් ග්ර්ර් ' ගගා , ගැස්සී ගැස්සී.... ඒ එන විලාසෙන්ම දන්නවා මේ එන්නේ..... සීයාගේ 'කැඩිලැක්' එක කියල. ඕකඇස ට ඔහොම කියන්නේ මම විතරක් නෙවෙයි. අපේ ඉස්කෝලේ ඔක්කොම බලනකොට ඔය බස් එක එනකොට සීරුවෙන් ඉන්නේ. මොකද දන්නවද.....
මේ බස් එක පදවන සීයා කියන්නේ, නීතිපතිටත් වඩා බලතල තියෙන ඕනෙම ජගතෙක් දළ ඇණගෙන බිමට බස්සවන ජාතියේ කෙනෙක් හින්ද....
හෑ ??
ඔව් ඔව්..... කොටින්ම කියනවා නම් බස් එක පාරේ යන්නේ ෂෝක් ඇබ්සෝබර් කියල නාමයක් නැති තරම් දෙදර දෙදර... මම දන්නේ නැහැ කොහොම එතරම් වදයක් බස් එකකට දෙනවද කියල. කඩින් කඩ ඇක්සලේටරේ පාගලා ඇතුලේ ඉන්න මිනිස්සු ජෙලි එකේ දාල හොලොනවා වගේ හොලොනවා.... 'ඈ ...... න් ...... ඈ ...... න් ......' ගාල එහෙම අද්දල 'කරබරාස් ' කියල කන කොරවෙන සද්දෙන් තමයි ගියර් එක දාන්නේ....
වංගු ගැනිල්ල කෙසේ වෙතත්, පොඩියට හරි රෝදේ හරවන්න මෙයා මාර ඩ්‍රාමා එකක් කරනවා. සමහර වෙලාවට එහෙම කරන්නේ ඒ බස් එකේ පවර් ස්ටියරින් නැති හින්ද වෙන්නත් ඇති. ඒත් දොදොල් හැලිය හැඳිගානවා වගේ මෙයා නැමිලා, අත් දෙකම වෙර වීරිය දාල තමයි පොඩි ඔවටේක් එකක් උනත් කරන්නේ. බස් එකේ ඉස්සරහටම හිටපු දවසක මම ඔය වින්‍යාසය කට ඇරගෙන බලන් ඉන්නවා සීයා මම හිතන්නේ කණ්නාඩියෙන් දැක්ක. මිනිහ එයාගේ දත් නැති හිනාව දාල ඔලුව දෙපැත්තට වැනුවා මට මතකයි. මෙයාගේ කටේ සව්දම දන්නා මම කලේ ටුක් ගාල අහක බල ගත්ත එකයි... අම්මෝ... කට ඇරියානම් ටකරන් පරාදයි!
හා.. කියන්න බැරි වෙනවා නේ සීයාගේ පෙනුම... මට හිතාගන්න බැහැ ඒ මනුස්සය CTB එකේ වැඩකරනවද කියල. එතරම් වයසයි. කොන්ඩේ , රැවුල දෙකම සුදුම සුදුයි, කොන්ඩේ හරියට බොම්බයි මොටයි එක වාගේ මෙලෝ හැඩයක් නැහැ. සරමක් ඇඳලා , ෂර්ට් එක බාගෙට පියෝගෙන ඉන්නේ. ඒ මදිවට මට මතක හැටියට කටේ දත් තිබ්බෙත් නැහැ.. කොයි වෙලෙත් කට ඇරගෙන හිනාවෙලා හිටියත් ඉන්නේ එකසිය ගානට මල අතේ අරං
'බර බර ග්ර්ර් ග්ර්ර් '
ඔන්න ඔහොම කුණ්ච නාද කරගෙන බස් එක එනකොට අපි ඔක්කොම සීරුවෙන් ඉන්නවා.
'අන්න සීයාගේ බස් එක...'
අපි එකාට එකා මුනෙන් මුණ බලාගන්නවා.
'යනවද?'
ඉක්මට ගෙදර දුවන පිස්සුවෙන් ඉන්න කෙල්ලෝ නම් ඕක නෙවෙයි යම රජාගේ රථය ආවත් නගිනවා, එහෙම නැති අපි තමයි මෙහෙම කතා වෙන්නේ. මට නම් ඔය රතේ කියන්නේ කොහොමත් යමයාගේ රතේ හා සමානයි. ඒ මොකද?
මේ රතේට නගිනවා නම් පිළිපැදිය යුතු නීති පටිපාටියක් තියනවා. ඒවා 'එකක් හරි' 'එකෙක් හරි' කැඩුවොත්, මිනිහ බස් එක නතර කරනවා. අරකි/අරූ එක්කෝ බහිනකල්, නැත්තම් කියන විදියට වෙනස් කලේ නැත්තම්!
මෙන්න නීති (සැකවින්)
දැක්ක නේද කැඩිලැක් එකේ යනකොට අනුගමනය කරන්න වෙන දේවල්? සමහර දවස් වලට මේ සීයාට මල පැනල සෑහෙන වෙලාවක් බස් එක නතර කරගෙන ඉන්නවා.... අම්මප එතකොට අර වැරැද්ද කරපු එකාගේ හොම්බට අනින්න හිතෙනවා , මොකද ඒ වෙනකොට අපිත් ඇතුලේ චප්ප වෙලා හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න එකේ, මේ යකා යන්නෙත් නැහැ කිව්වම??
මෙහෙම අතීතයක් තියෙන කිසි කෙනෙක් සීයා කෙනෙක් ඩ්‍රයිව් කරන බස් එකකට නගීවි කියල හිතන්න පුළුවන්ද ??
මගේ බය සාධාරණද? යුක්තිගරුකද? හා කියන්න බලන්න??
කොහොම හරි මේ සීයා පස්සේ කාලෙක රිටයර් වෙන්න ඇති/ නැත්තම් (අඩු වයසෙන්) අකුණක් ගහල මැරෙන්න ඇති. මොකද උනේ නම් මන්ද.. මිනිහ අපිව ඉස්කොලේවත් නැති විනයක් තියාගෙන බස් එකේ නම් ගෙනිච්ච.
කොහොම උනත් මම එක දෙයක් දැක්ක... මේ සීයා ඩ්‍රයිවරුත් අර විදියටම බස් එක ඇතුලේ තමන්ගේ බලය පතුරනවා, බස් එක 'කර බරාස්' ගගා අද්ද අද්ද ගෙනියනවා, අර වගේම දොදොල් හැඳිගානවා වගේ තමයි ස්ටියරින් වීල් එක කරකවන්නේ....
ඉතින් මට නුවර බලය පතුරපු සීයා ආයෙත් මතක් උනා....
ඉතිහාසේ රිපීට් වෙනවා කියල අහල නැද්ද?

- මෙයාගේ බස් එකට නගින්න පුළුවන් පිටිපස්සේ දොරෙන් විතරයි - ඔව් ඔව් ඉතින් එහෙම රූල් එකක් තිබ්බට ඕක මේ බස් එකේ ඇරෙන්න වෙන කිසි බස් එකක ක්‍රියාත්මක නැහැ. අනිත් එක බස් එකක් ඇවිත් නතර කලහම ළමයි ටික ඔක්කොම කෑම සුත්‍ර දන්සලක් දැම්ම වගේ ඉස්සරහ පස්ස දොරවල් දෙකේම පොරකනවා. සමහර වෙලාවට බහින එකාවත් එහෙම්මම නග්ගගෙන තමයි බස් එක යන්නේ. බැරි වෙලාවත් ඉස්සරහට ආවොත්, බල්ලෝ පන්නනවා වගේ අර සීයා එලෝ මෙලෝ නැතුව බනිනවා. ලැජ්ජාව කියන්නේ කන් දෙකෙන් බේරෙනවා.
- කිසිම වෙලාවක ෆුට් බෝඩ් යන්න බැහැ - එතනම නතර කරලා බහිනකල් බනිනවා. අපි ඉතින් කරන්නේ පුළුවන් තරම් චප්ප වෙලා ඇතුලට යනවා.
- ඌ යන්නේ ඌට ඕනේ වේගෙන් සහ රිදම් එකෙන් - පාරේ මිනිස්සුත් එහෙමටම කියල හෝන් ගහන්නේ නැහැ. ඒත් නතර කරන්නත්, නතර කරහම පික් අප් කරන්නත් හෙනම වෙලාවක් ගන්නවා
- බහින්න ඕනේ ඉස්සරහ දොරෙන් විතරයි - පිටිම පිටිපස්සේ වාඩිවෙලා උන්නත්, බහින්න ඉස්සරහට එන්න ඕනේ... පිටිපස්සෙන් බැරිවෙලාවත් බැස්සොත්, බනිනවා කියන්නේ ආයේ සායක් ඇඳන් හිටියොත් ඔලුවේ එතෙන්න, කලිසම් ගැලවෙන්න! හෝල්ට් එකේ හිටගෙන ඉන්න මිනිස්සු ඇස් ගෙඩි දල්වාගෙන බලන් ඉන්නේ මේ පිය තෙපුල් !! ඉස්කෝලේ ළමයි වෙච්ච අපි නම් පරාන බයයි/ලැජ්ජයි නේ ඔහොම බැනුම් අහන්න. ඊටත් හිතල බලන්නකෝ කිටි කිටියේ හිරවෙච්ච බස් එකේ පිටිපස්සේ දොර ගාවම ඉදල ( වාඩි වෙලා කියල හිතන්නකෝ) බහින්න අර සෙනග ගොඩේ තෙරපිලා ඉස්සරහට පලකො?? ඒකටත් අඩුම තරමේ හෝල්ට් දෙක තුනකට කලින් නැගිටින්න වෙනවා... ඒ හින්දම මම නම් බස් එකට නැග්ග වෙලේ ඉඳන්ම කලේ ඉස්සරහට පොරකාගෙන යන එකයි. එතකොට යාන්තං බහිනතැන ලන්වෙනකොට ඉස්සරහ දොර ගාවට පොරකාල ඉවර කරගන්න පුළුවන්.
- බහින්න ඕනේ එයා දොර ඇරලා දුන්නම විතරයි - මම කියලත් ඇති මේ බස් එක CTB එකේ පරණ ලඩියක් කියල. ඒකෙ ඉස්සරහ බහින දොර ඇතුලෙන් අරින්න පුළුවන් යකඩ ෆ්ලැප් දොරකින් වහල තියෙන්නේ. ඒක අරින ලීවරය තියෙන්නේ ඩ්‍රයිවර් ගේ වම් අත දික් කරහම අල්ලගන්න පුළුවන් වෙන විදියට. ඒ ලිවරය ප්‍රෙස් කරහම දොරේ අගුල පනිනවා, පිටිපස්සට ලිවරය තල්ලු කරහම දොර ඇරෙන්නේ ඉස්සරහට. බැරිවෙලාවත් උඩින් පනින්න හැදුවොත් ( දොර දණියක් විතර තමයි උස. කොල්ලොන්ට ලේසියෙන් පනින්න පුළුවන්) පිටිපස්සෙන් එක එකෙක්ටවත් බහින්න දොර අරින්නේ නැහැ. මිනිහ කූල් වෙනකල් බස් එක යන්නෙත් නැහැ. මලම වදේ
දැක්ක නේද කැඩිලැක් එකේ යනකොට අනුගමනය කරන්න වෙන දේවල්? සමහර දවස් වලට මේ සීයාට මල පැනල සෑහෙන වෙලාවක් බස් එක නතර කරගෙන ඉන්නවා.... අම්මප එතකොට අර වැරැද්ද කරපු එකාගේ හොම්බට අනින්න හිතෙනවා , මොකද ඒ වෙනකොට අපිත් ඇතුලේ චප්ප වෙලා හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න එකේ, මේ යකා යන්නෙත් නැහැ කිව්වම??
මෙහෙම අතීතයක් තියෙන කිසි කෙනෙක් සීයා කෙනෙක් ඩ්‍රයිව් කරන බස් එකකට නගීවි කියල හිතන්න පුළුවන්ද ??
මගේ බය සාධාරණද? යුක්තිගරුකද? හා කියන්න බලන්න??
කොහොම හරි මේ සීයා පස්සේ කාලෙක රිටයර් වෙන්න ඇති/ නැත්තම් (අඩු වයසෙන්) අකුණක් ගහල මැරෙන්න ඇති. මොකද උනේ නම් මන්ද.. මිනිහ අපිව ඉස්කොලේවත් නැති විනයක් තියාගෙන බස් එකේ නම් ගෙනිච්ච.
කොහොම උනත් මම එක දෙයක් දැක්ක... මේ සීයා ඩ්‍රයිවරුත් අර විදියටම බස් එක ඇතුලේ තමන්ගේ බලය පතුරනවා, බස් එක 'කර බරාස්' ගගා අද්ද අද්ද ගෙනියනවා, අර වගේම දොදොල් හැඳිගානවා වගේ තමයි ස්ටියරින් වීල් එක කරකවන්නේ....
ඉතින් මට නුවර බලය පතුරපු සීයා ආයෙත් මතක් උනා....
ඉතිහාසේ රිපීට් වෙනවා කියල අහල නැද්ද?
යා යා , ඉස්සර අපිටත් තිබුන ඔහොම බස් එකක් . KN 57 තාම තියෙනවද මන්ද . ලොකු රතු පාට දොරවල් දෙකේ
ReplyDeleteටකරන් බස් එකක් .මුළු ඩිපොවටම ඒ වගේ පරණ බස් තුනයි තිබුනේ .තිබුනේ ඩ්‍රයිවර් නම් එච්චර වයස නෑ.
ඉස්කෝලේ යන දවසට මලත් ඒකෙ තමා යන්නේ . වෙලාවට ස්කොලේ යන්න පුළුවන් එකම CTB බස් එක .
හැමදාම බස් එකේ යන සෙට් එකක් ඉන්නවා . ඒ නිසා ඩ්‍රයිවර් අපි හෝල්ට් එකේ හිටියත් නැතත්
දාගෙන යනවා.ලවු හුටපට ,වලි,විහිලු තහළු අඩුවක් නෑ බස් එකේ.ඒ වගේම නීති වගේකුත් තිබුන ඩ්‍රයිවර්ගේ.අපිටනම් ඕව එච්චර ගානක් නෑ.
පට්ට ,පස්සේ කාලෙක මේ බස් එකේ challengerකියල
ගහලා තිබුණා මට මතකයි. නුවර ගියාම බලන්න ඕනේ මේක තාම දුවනවද කියල
මේ බස් එකටත් නම්බර් එකක් තිබ්බ. මට දැන් මතක නැහැ. හෝල්ට් එකේ හිටියත් නැතත් කිව්වේ හිටියේ නැත්තම් ගෙදරට ඇවිත් ඉන්න තැනකින් ඇදගෙන ඇවිත් නග්ග ගන්නවද?
Deleteපිස්සු කාලයක් නේද?
නෑ අලේ.බස් එක උදේට එන්නේ 6.45 ට .අපි ඉතින් උදේම නැගිටින කොල්ලෝ නිසා සමහර දවස්වල බස් එකට නගින්නේ
Deleteෂර්ට් එක අතේ අරගෙන.අපේ ගේ ලග ඉදන් හෝල්ට් එකට මීටර් 100ක් විතර යන්න ඕනේ.සමහර දවස්වලට බස් එක එනවා
හෝල්ට් එකට යන්න කලින්.ඒ වෙලාවට නිත්‍ය සාමාජිකයන්ට පමණක් බස් එක ස්ලෝව් කරනවා නගින්න .
පිස්සු කියන්නේ පිස්සු වලත් හොදම එක . ඉගෙනගන්න එක ඇරෙන්න අනිත් හැමදේම කරපු කාලයක් .
ආයිත් එන්නෑ.. එච්චරයි...
ReplyDeleteආයෙත් එන්නේ නෑ කිව්වේ? බ්ලොග් එක පළාතේ එන්නේ නෑ කියලද??????? හෑ
Deleteප්‍රතිචාර සදහා පිළිතුරු ලබා නොදෙන තුරු...
Deleteමමත් එසේමයි.......
Deleteජයවේවා දේශා....!!!!
මමත් හිතන් ඉන්නේ එහෙමයි.
Deleteඅඩේ අප්පා.. හතර බීරි නොවැ ? දැන් මම මොකද්ද කරන්න ඕනේ තොපි ඔක්කොම එලෝ ගන්න ?
Deleteමේ වගේ පොස්ට් එකක් කියවනකොට සුන්දර අතීතය මතක් වෙනවා.
ReplyDeleteඅපේ කොන්වන්ට් එකටයි කොලේජ් එකටයි එකම ස්කුල් බස් එකක් තිබුනේ.
ඔය කාලේ සීනි බාසාව කරලියට ආව. අපි හිතාන ඉන්නේ අපි විතරයි ඕක දන්නේ කියල.
අපිත් ඉතින් බානි සීසාවෙන් තානි සිමයි කානි සිතා කානි සිරන්නේ.
අපි හිතාන ඉන්නේ අපි විතරයි ඕක දන්නේ කියල.
අපේ පන්තියේ හිටිය නිමල් සුවාරිස් කියල නියම ඩයල් එකක්.( දැන් සී ෂෙල්ස් හොටෙල් එකක් වැඩ)
ස්කුල් බස් එකේ මූ සීනි බාසාවෙන් මට කෑගහල කියනවා
""සීනි පස්සේ සීනි සීට් සීනි එකේ සීනි රෝශානිගේ සීනි ගල සීනි පෙනව "" කියල
ඉතුරු ටික හිටා ගන්න
පිස්සු හැදෙයි කිව්වලු!
Deleteකොයි මොහොතේද දැනගත්තේ කෝඩ් බාසාව තවදුරටත් කෝඩ් නොවේ කියල? මට මැවිලා පේනවා ඔය වාක්‍යයෙන් පස්සේ ඔක්කොමල්ල ගල් ගැහිලා, ඇස් ගෙඩි ලොකු කරලා බලන් ඉන්න හැටි.... හරියට අර Frozen එකේ Trolls ල බලාගෙන හිටපු විදියට
අපෝ යන්තං ඇති අද කියවන්න යමක් ලියල තියෙනව,මම හිතං හිටියෙ ආයෙම මට කමෙන්ට් කරන්න ලැබෙන්නෙම නැතිවෙයි කියලනෙ.
ReplyDeleteආපු එකේ තව ටිකක් බැනලම යන්නකෝ අනේ... මොනාද අප්පා.. කිසි කික් එකක් නැහැ!
Deleteyela.. yala..
ReplyDeleteඉස්තරං හොඳේ... ඒ වගේ රියදුරු අංකල් කෙනෙක් අපිටත් හිටියා.. කරුමේ කියන්නේ මේ මනුස්සයගේ අතින් ඒ වයසෙම මනුස්සයෙක් බස්එකේ හැපිලා මැරුණා, මාස ගානකට පස්සේ මෙන්න මිනිහා ආයෙත් වැඩ.. එතැන් පටන් අපි මෑන් ට කිව්වේ "මුත්තා මලා මුත්තා" කියලා...
ජ ය වේ වා !!!
මේ බස් එකට හැප්පෙන්න නම් ගොඩක් සැලසුම් කරන්න වෙනවා. පික් අප් කරන්න, යන්න, නවත්තන්න මේ හැම දේටම පට්ට වෙලාවක් යනහින්ද හැප්පෙන එකා දුවගෙන ඇවිත් හැප්පෙන්න ඕනේ.. හික්... සමහර දවස් වලට සීයාගේ මුඩ් එක ෂේප් , එතකොට බහින අපිටත් අර ලොඹු කටෙන් එකක් හිනාව. අම්මේ ඒ උනාට මගේ නම් බඩේ බිත්තර තම්බන බයෙන්, කොයි වෙලේ පත්තු වෙයිද දන්නේ නැහැ නේ...
Deleteඒ වාෙග් නීතියට වැඩ කරන මිනිස්සු සහ බස් ක්‍රමයක් තිබුන එක නම් හොදයි..
ReplyDeleteමම ගිහිපු කාලෙ ඔය ජාතියෙ නීති කාරයො හිටියා. සපත්තු දාගෙන බස් එලවන මනුස්සයෙක් කරතොට බස් එකේ හිටියා.. මිනිහට අපි කිව්වෙ සපත්තුවා කියලා.
තව අයි ටි ඇන් කෝපි කඩේ ගජං වගේ පොරක් හිටියා..පොර ඉතිං ගජංම තමයි..
තට්ටයා..සමරනායක,. වගේ අයත් මතකයි.. අපිත් සී ටී බී ගියේ. අපි පයිවට් බස්සමහරක් එක්ක ඉස්සර තරහයි. ඒවයි නේ සමහර ලක්ෂන කෙල්ලො යන්නෙ. සී ටී බී එකේ යන්නෙ මහ ඇට්ටර කෙල්ලො විතරයි..
හික්... ඒ උනාට අපේ බස් වල නම් හැන්ඩි කොල්ලෝ හිටිය අඩුවක් නැතුව. හික්... වැඩක් නැහැ අනේ... ඒ දවස්වල වලහෙක් වගේ නේ උන්නේ... චෙක් විතරක්..
Deleteහිහික්..
ReplyDeleteපට්ට බුවා සීය නං...
හෙක් හෙක්
අපේ ඉස්කෝලෙට යන්න අපිට තිබ්බෙ එකම එක බස් එකයි...
ඔව් ඔව් සීටී බී තමා...
ඒක නැත්තං යන්නත් නෑ..
හිහි...
නියම වැඩේ කියන්නෙ අපේ බස් එක තරං පැසිලිටිස් තිබ් එකක් වත් නැ...
ඒ ගැන මං පස්සෙ දවසකද කියන්නංකො
පට්ට? අනේ අම්මප මට නම් හෙන තරහයි.... හුස්ම අල්ලාගෙන යන්නේ බස් එකේ කොයි වෙලේ හරි චට-පට ගාල බනින්න පටන් ගනී කියල. මාර සද්දයි කට. කාටද අප්පා ඔහොම නීති වලට යටත් වෙන්න පුළුවන්? ඊටත් වඩා බස් එකක යන්න? ඉස්කොලේවත් මම හිතන්නේ අපි ඔහොම නිතිප්‍රකාරව ඉඳල නැහැ.. හි.. හි...
Delete// කඩින් කඩ ඇක්සලේටරේ පාගලා ඇතුලේ ඉන්න මිනිස්සු ජෙලි එකේ දාල හොලොනවා වගේ හොලොනවා.... 'ඈ ...... න් ...... ඈ ...... න් ......' ගාල එහෙම අද්දල 'කරබරාස් ' කියල කන කොරවෙන සද්දෙන් තමයි ගියර් එක දාන්නේ....//
ReplyDeleteමැවිලා පේනවා යකූ. . . .
මාත් යාලුවො සැට් එක එක්ක පාරෙ බස්සෙකේ එන්න ඕනෙ නිසා ස්කූල් වෑන් එක යනකම් කස්ටියත් එක්ක තෙපරබබා හවස දෙක දෙකහමාර වෙනකම් හිටපු දවස් මතක් උනා. අනේ ඒ පිස්සු කාලෙ.
අපේ ස්කූල් වෑන් එකේ ක්ලීනර් අංකලුත් ටිකක් ඕවගෙ වයස ඩෑල් එකක්. අපි මෑන්ට කියන්නෙ "ඇන්ටනී සර්" කියල ඒ තරම් ගෙම්බර් දාගන ඉන්නෙ. ඔන්න වෑන් එකේ දොර ගාව තියනව කොහු පාපිස්සක්. ඕකෙ කකුල් පිහගෙන ගියෙ නැත්නම් මේ යකා දොර ඇරගෙන මුලු ටවුන් එකටම ඇහෙන්න අපේ ගුණ ගයනව. වෙලාවට ඇවිත් නොහිටියත් සොරි තමයි. අනික ස්කූල් බස්සෙක අපේ ගේ ගාවින් දෙපාරක් යනව හොඳේ, (පාර පල්ලෙහා ගෙදරක එකෙක්ව නග්ගවාගෙන එන්න යනව.) ඇන්ටනි සර්ගෙ නීතිපොතට අනුව මම නගින්න ඕනෙ පාර පල්ලෙහාට යන ගමනෙදි, වැරදිලාවත් පරක්කුවෙලා ඌ ආපහු එද්දි නගින්න හිටියොත් ලෝක විනාසෙ. ඩ්‍රයිවර් අංකල් නැවැත්තුවත් මූ වෙලාවකට දොර වහගෙන මට බැන බැන ඉන්නව.
හම්මෝ ඒකගෙ නීති සැට් එක සේරම මෙතන ලියන්න බෑ අතත් රිදෙනව. වෑන් එක ඇතුලෙ කෑම කන්න බෑ. ෂටර්ස් අරින්න බෑ වැරදිලාවත්. ඒ මදිවට පොඩි විහිලුවක් කලත් අම්බානක තද වෙනවා. දවසක් දෙක වසරෙ පොඩි එකෙක් ජරාවක් පාගගෙන ඇවිත්. ඉස්කෝලෙ ඉස්සරහම අරූට දෙස් දෙවොල් තිය තිය පැයක් විතර කාපට් සේරම සුද්ද කලා කියපන්කො. අපිට විලිලැජ්ජා හතයි.