මගේ ගොඩක් ලියවිලි වලට ප්‍රස්තුතයක් සාමාන්‍යයෙන් තියෙනවා.
මේ ලිපියේ ප්‍රස්තුතය ගැන කිව්වොත් - මේක කාලයක් තිස්සේ මගේ ඔලුවේ වැඩකරපු දේවල් වලින් එක කාරණාවක් හින්ද හරියටම කියන්න බැහැ 'මේකයි' කියල. ඒත් මෑතකාලයේදී මට වුනු, වටේ සිද්දවුනු දේවල් මේක ලියල තියෙන එක ස්ථිර කරා කිව්වොත් තමයි නිවැරදි. මේක ලියන්නේ කාටවත් රිද්දන්නවත්, ඇඟිල්ල දික් කරන්නවත් නෙවෙයි. මට හිතෙන විදියට අපි අපි ගැනම හැරිලා බලන්න ඕනේ වෙලාවට, අපි කැඩපතක් පාවිච්චි කරනවා වගේ මෙහෙම දේකින් අපි තමන්ගේම ස්වයන් විවේචනයක් කරගන්න එක වටිනවා. මොකද ගොඩක් වෙලාවට පිට කෙනෙක් කරන විවේචන දරාගන්න බැරි හින්ද.
මමත් ඉස්සර විවේචන වලට කැමතිම නැහැ. එහෙම වෙන්න මම හිතන විදියට බලපාපු කාරණා කීපයක් තියෙනවා (මට).

- එකක් තමයි, මට විවේචනයක් එල්ල කරන්න තරම් 'පොරක්' මට හමුවුනේ කලාතුරකින් හින්ද මගේ 'මම හරිමයි' කියන විශ්වාසය ,
- අනිත් එක තමයි විවේචනයක් ආවොත් ගොඩක් වෙලාවට ඒක 'කන්ස්ට්‍රක්ටිව්' නොවී මාව බිම දමන්නම එල්ල කරන ප්‍රහාරයක් මිසක් ( හරියට පුද්ගලික පළිගැනීමක් වගේ) එතැන වෙන අවකාශයක් , සංවාදයක් ඇතිවෙන්නේ නැති හින්ද කියන්නේ මොනවාද කියන එකට මගේ කිසිම අවධානයක් නොදැක්වීම.