Thursday, February 6, 2020

288. මායා






සරතැස ගෙවා නිලඹර දිනකර වඩිත
අවපස නුබට දම් පැහැ සළුපිළි දමත
තුරුහිස සොවින් සිය පිඹිදුණු කුසුම මත
මුතුඉස පෙමින් කරමින කෝමල බරිත

ගිනිගත් සුසුම් පවනක මුසු වුන සේයා
පිලිගත් ළමැද උර තලයක විය මායා
පියවෙත් දෙනෙත් වඩනා රසවිල් වේයා
සිළුවෙත් දැනුණි සිසිලස නුඹ තුරුලේයා

3 comments:

  1. ආයුබෝවන් නුවර කුමාරි... කාලෙකින් නුවර ගිහින් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්!
      ස්තුතියි මේ ඉක්මන් ප්‍රතිචාරයට. මතකද මන්ද අපිව ;-)

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...