Tuesday, May 10, 2016

277. ඔයා මගේ







ඔබේ අත ,
කොට්ට වැනි - උණුහුමට

ඔබේ උර,
පෙරවනය - මත සුවඳ

ඔබේ සිත,
මගෙ නොවන - මා සිටින

මගේ නෙත,
දුර සිටින - ඔබ දකින 



51 comments:

  1. crush එකක් ගැනද මන්දා ..... :)

    ReplyDelete
  2. ඔබේ කවි
    කදිමයිනෙ - නොතේරෙන

    ReplyDelete
  3. ගතින් දුර සිතින් ලඟ
    උරමත රැඳුනු
    අත්ලේ උණුසුම
    උරාගත් මගේ නෙත්
    මත් කලා ම'හද
    මගේ නොවන සුවඳ
    දෙන ඔබේ සිත..

    හරි අපුරුයි උපේක්ෂා හංගා ලියවිල්ල ඔබේ..

    ReplyDelete
    Replies
    1. අපිට ඔය හැංගිච්ච ඒවා හොයලම දැන් එපා වෙලා..

      Delete
    2. කෝ බලන්න... මේ කවියේ නැ නේද හොයන්න කියලා....:)

      Delete
  4. අනේ උඹ
    බොරු කියන - බොරු ලියන

    ReplyDelete
  5. Kawiya lassanayi. Therunanam thawath lassanayi :) (just kidding)

    ReplyDelete
  6. Replies
    1. නිදිමතේ??? සාක්ෂි කෝ?

      Delete
    2. ඇයි කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගැන ලියා තියෙන්නෙ..

      Delete
    3. නිදාගන්න කලින් දත් මදිනවා කියන්න අමතක උනා නෙව

      Delete
  7. කොට්ට අත්....මේනම් ලියලා තියෙන්නේ වලහෙක් ගැන...නැත්තන් කොටියෙක් ගැන

    (හැම එහෙකටම හි..හි.. ගගා ඉන්නේ බොල මෝදක කාලද? )

    ReplyDelete
    Replies
    1. සතෙක්ම වෙන්න ඕනේ ඒක තේරුම් යන්න... නැද්ද? අර වරහන් අස්සේ තියෙන එව්වා මම දන්නේ නැත.

      Delete
  8. මේ පූසෙක් ඒකගෙ ස්වාමියා ගැන හිතපු කවියක්.

    ReplyDelete
    Replies
    1. කටුස්ස සමඟ නැගිටින්න... එකම ජාතියේය.... සිංහල පාඩම අදට ඉවරය

      Delete
  9. උඹේ කවි,
    කුණුහරුප මතක්වෙන

    ReplyDelete
    Replies
    1. කියනු හැකි
      දෙකතුනක් මතක්කර

      Delete
  10. හරිම ලස්සනයි. ඔන්න අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනේ. උඩහ තිබ්බ කොමෙන්ටු බැලුවේ නැහැනේ? ආ.. එහෙනම් එච්චරයි

      Delete
  11. සුන්දරයි............

    ReplyDelete
  12. //ඔබේ අත ,
    කොට්ට වැනි - උණුහුමට

    ඔබේ උර,
    පෙරවනය - මත සුවඳ//

    මෙහෙම මොහොතකට මඟ බලමි..හිකිස්.
    (කල වයස හරියෝ)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ම්ම්ම් ඔන්න මම නම් දන්නේ නැහැ ඔව්ව හරිද?

      Delete
  13. කවිය මට නොදැනෙන
    නොතේරෙන
    හුටා...

    ReplyDelete
  14. කොට්ට ගැන කියද්දි මතක් වෙන්නෙ ටාසන්
    හැක්
    කොට්ට පාද ගැන කියන්නෙ පූස් කුලයේ සත්තුන්නෙ කකුල් හදුන්වන්න
    පූස් කිව්වෙ බිළාල වෙන්ටැ
    කවිය ත් නරක නෑ හිහි

    ReplyDelete
    Replies
    1. වටේම පඳුරු තලලා..... පැලේ මගෑරලා හා හා....

      Delete
  15. මග බලන නෙතු රිදෙන
    උනුසුමක උර පතුර
    මතකයක අකුණු සර
    හිත කොනක ගිගුම් දෙන

    බොඳ පටල කඳුළු මීදුම්
    නෙතු දැලේ මවන දඟකම්
    නොරිද්දන හිතේ හීරුම්
    මුවගින් නගයි කෙදිරුම්

    දඟ කෙරන මුදු සුළඟ
    ගුලි කෙරන කෙහෙරැල්ල
    ආදරෙන් එහි වෙළුන
    මගේ නොවන වෙදැගිල්ල

    ReplyDelete
    Replies
    1. නියමයි සොමිය.... අන්න එහෙම කුචි කැව්වාම කවි දෙසිය පනහකුත් තව දෙකක් වැටෙනවා නේද? මේ කාටවත් ඒවා තේරෙන්නේ නැහැ සොමියා. මටම බනිනවා.. හය්යු

      Delete
  16. මට අහිමි
    බොටම හිමි
    රෙද්ද
    ආච්චිගෙ !

    :3

    ReplyDelete
    Replies
    1. ආච්චිගේ රෙද්ද ගැන වඩාත්ම කෙටියෙන් සහ නිර්මානශිලිව ඉදිරිපත් කිරීමක් කලේ....... අපේ යාලු සෑම් !

      Delete
  17. // මගේ නෙත,
    දුර සිටින - ඔබ දකින //
    මම දන්නවා උපේක්‍ෂා ඔය ලියලා තියෙන්නෙ එයා දුර දක්නයක් කියලා හිතාගෙන නේද​?

    ReplyDelete
    Replies
    1. දුරදක්නයක් නෙවෙයි අනේ.... චන්ද්‍රිකාවක් කියල හිතාගෙන... ආන්න එහෙමයි මෙව්වා තේරුම් ගන්නේ... ( මේසය පා ගනිමින්)

      Delete
  18. ඔබ නැතුව...ඔබ එක්ක..With You, Without You

    ReplyDelete
  19. හිමිකාරියගේ කවිය

    ඔබේ අත ,
    යවුල් වැනි - රිදුම් දෙන

    ඔබේ ගත ,
    සයනය - මත මිදුන

    ඔබේ සිත,
    මගෙ මුත් - මා නොසිටින

    ඔබේ නෙත,
    ළඟ සිටින - මා නොදකින

    ReplyDelete
    Replies
    1. දඩින් -බිඩින් ඩෝන් ! අප්පා කැඩුන නේද කකුල!!

      Delete
  20. ලස්සන කවියක්..

    ReplyDelete
  21. මේක දාලා ගිය කෙනෙක් ගැන..හා නැද්ද ඈ 😃

    ReplyDelete
    Replies
    1. දමා යන්නට නොහැකි මිහිමත...... හි හි හි

      Delete
  22. දිගු දුරත් කෙටි කරන මගක් පෑදේවා !

    ReplyDelete
    Replies
    1. ආන්න දැක්කද යහපත් ප්‍රාර්ථනා ! බොහොම ස්තුතියි අනේ...

      Delete
  23. ‘‘ඔබේ සිත,
    මගෙ නොවන - මා සිටින

    මගේ නෙත,
    දුර සිටින - ඔබ දකින ‘‘

    මටත් මෙහෙම කවියක් ලියාගන්න ඕන වෙලා තිබුණා. බැරි වුණා.. දැන් හරි ඔයා ලියලනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරුරසි... මම දන්නවා ඔයා මීට වඩා ලියන බව..

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...