Thursday, August 15, 2013

31. මගේ හිංගල පංතිය - 1


මම පොඩි කාලේ ඉදන් ගියපු ඉස්කෝල වලින් මට වඩාත්ම මගේ ජිවිතයට බලපෑම් කලේ මගේ ශිෂ්‍යත්වේ හින්ද මම ගියපු ඉස්කෝලේ, කිව්වොත් ඇත්තක් තමයි.

එකෙන් කියවෙන්නේ නැහැ මගේ ශිෂ්‍යත්වෙට අඩිතාලම දැම්ම ඉස්කෝලේ මට කරපු දේවල් අඩුයි කියලා. මගේ පාදම උනේ මගේ ඒ පරණ ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ වටා ගෙතුණු අතීතේ  මට එතරම් මතක නැති උනත්, සමහර දේවල් නම් ගලේ කොටපු අකුරු වගේ මතකයි.

එව්වා බැරිය පස්සේ ලියන්න...

අද ලියන්නේ මගේ ඉස්කෝලයක් ගැන නම් නෙවෙයි.. මගේ සිංහල පන්තිය ගැන..! 
මක් කිව්වා??? 
ඔව්...... ඔව් මගේ සිංහල පන්තිය....
නෑ  නෑ ..... මම ගියපු ටියුෂන් එකක් නැහැ අනේ... මම කියන්න හදන්නේ මම උසස්පෙළ කරනකල්ම මට හම්බවුනු මගේ සිංහල පාඩම් කාලපරිච්චේද ගැන.... 

Tuesday, July 30, 2013

30. නොදුටු පැතුමට... මවකගේ සිතුවිලි


ආදරණිය නුපන් පැතුම!

ඔබ කවරෙකුදැයි තවමත් මා නොදනිමි. කොහි සිට ආවාදැයි සැබවින්ම කිසිවෙකුත් දනුයේද නැත. අඩුම තරමේ ඔබ දුවණියක්ද ,පුතණුවෙක්ද යයි පවා මම නොදනිමි. එහෙත් මා දන්නා එකම එක කරුණක් වෙයි; එනම් ඔබ කවරෙකු වුවත් මගේ ජීවිතය, මගේ අහිංසක පුංචි ලෝකය එකලු කරනු වස් මා පතමින් ආ සසර බැඳීමක් යන වගයි. එහෙයින් මම ඔබ අමතමි.....

ඔබව කුසයේ දරන්නට මම පැතූ තරම් ඔබ අද හෝ හෙට නොදැන සිටින්නට ඉඩ ඇත. නමුත්, එහි ගැබ්ව ඇති අර්ථය ඔබට වැටහෙන්නට තරමක කාලයක් නම් ගතවනු නියතය. එපරිද්දෙන්ම, ඔබව මෙලොවට බිහිකරනතුරා මගේ හිතේ පොපියන දේද අවබෝධ කරගැනීමට ඔබ 'තරම්' වනතුරු මම මේ සටහන සඟවා තබමි.
එය ඔබට දෙන අනාගත දායාද අතරට මා විසින් දෙවැනිව එකතු කරනු ඇත.
කොහේ හෝ තැනක සිට මා අතට එන්නට ඔබ කරන ලද කර්මය මගේ හැකි තරමින් සුවපත් යමකින් පුරවන්නට මා තැත් කරන බව මගේ පුංචි පැටියාට කවරදාක හෝ වැටහෙනු නියතය. මෙය සටහන් තබන මොහොත වනවිට, මා විඳි දුක්ගැහැට මෙපමණයි කියා නිමා කල නොහැකිය.

Tuesday, July 23, 2013

29. මට බැහැ




මම හිතුවේ ඔබ 
මාව අමතක කොට 
බොහෝ කල් යැයි 

අහම්බෙන් මම 
කොහොමදැයි ඇසුවිට 
උනාදෝ යම් , වරද මාගෙන් ?

Monday, July 22, 2013

28. එකෝමත් එක සිද්දියක්...

මගේ පුංචිකාලේ කතා කීපයක් මම මිට කලින් ලියල ඇති. සමහර එව්වා හාස්‍යයි  වගේ පෙනුනට මට නම් හිතුනා ඒ ඇතුලේ සැගවුණු පොඩි පහේ වෙනස් සිතුවිලිත් තියෙනවා කියල. හරියටම කියන්න බැහැ.. එක එක වෙලාවට දැනෙන දේ අනුවනේ කියන්න වෙන්නේ 


මම මිට කලින් කියල ඇති මගේ දහම් පාසල් ගමන ගැන කතාවක්. අර ටිකට් කතාව? අන්න එක තමයි !
මේකත් මගේ දහම්පාසැල් කතාවක්.


මම හිතන්නේ මම දහම්පාසලට යන්න පටන් ගත්තේ 3 වසරේ ඉදං තමයි. මට හරියට මතක නැහැ. මම විතරක් නෙවෙයි අපේ අය්යා අක්ක දෙන්නම ගියෙත් මේ දහම්පාසලට. මේක ඒ පැත්තේ තියෙන ප්‍රසිද්ධ දහම්පාසලක්. ලොකු කමට කිව්වා එහෙම නෙවේ හරිද... මම හිතන්නේ දැන් ජාතික පාසලකට දානවට වඩා  මම හිතන්නේ මේ දහම්පාසලට ළමයෙක් දාගන්න එක නම්..

මේ දහම්පාසල ගැන ඉතින් මම කියන්න ඕනේ නැහැ වැඩිය විස්තර. කියන්නේ තියෙන්නේ අපි තුන්දෙනා එකට ගියපු රසබර මතකය තමයි. මේ දහම්පාසලේ අපූරු නීතියක් තියෙනවා, මොකද්ද  දන්නවද..? එකම පවූලේ අය නම් නිවාස වෙනස්! මේ හින්ද මමත් අපේ අක්කත් අය්යත් කියන තුන්දෙනාම වෙනස් නිවාස වල. 

Sunday, July 21, 2013

27. තරු එළියද .. ඉඟි බිඟි කරයි...

මගේ හිතේ තියෙන දරුණු සිතුවිල්ලක් ගැන මම මේ දවස් වල කල්පනා කරනවා.... 
කොතරම් කල්පනා කලත් මෙලෝ දෙයක් එන්නේ නැහැ නේ හිතට? එන්නෙම එකම දෙයයි...

"මම ඇයි  එහෙම කලේ?"

වරදක් කළා වගේ හැඟීමක් එනවා හිතට. ඒත්  ඒක  කොතරම් සුන්දර වරදක්ද?
ඇත්තම කියනව නම් මට ඊට වැඩ හිතට වදදෙන ප්‍රශ්නයක් මේ දවස් වල තියෙනවා. මම ඒත්  අර රෝමය ගිහි ගන්නකොට විණා  ගහපු එකා වගේ වෙලා නේ අප්පා..... කොතරම් දරුණු ප්‍රශ්නයක් උනත් මගේ හිතට වදින්නේ නැති තරමට මම විසින්ම තනාගත්ත මනෝ ලෝකයක් තනාගෙන මම..... එක අතකට ඒක  ආරක්ෂාකාරී.. තව අතකට හරියට කඩන්  වැටෙන බිල්ඩිමක් අස්සේ මනෝ විකාර මවමින් ඉන්න කෙනෙක්ගේ වගේ හිනා යන වැඩක්...

Wednesday, July 17, 2013

26. පරණ ඉස්කෝලේ

මම මගේ ජිවිත කාලේ ඇතුලත පාසල් අවදිය ගත කරලා තියෙනවා ඉස්කෝල 3ක.
පලවෙනි ඉස්කෝලේ ගැන නම් මට මෙලෝ දෙයක් මතක නැහැ සිද්දි කීපයක් ඇරෙන්න. 
ඔන්න පලවෙනි සිද්ධිය : 

සිද්ධියක් කිව්වට මේක සිද්ධි දාමයක්. අපේ තාත්ත ඉස්සර පිටරට හිටපු හින්ද රට ඉදන් එන දවසට අපි ඉස්කෝලේ නොගිහින් හරි නතර වෙනවා. මොකද අපිට එදාට තමයි අවුරුදු! මේ හේතුව හින්ද අපේ තාත්ත රට ඉදන් එන එක මගේ එක වසරේ ගුරුතුමිය දන්නවා. එයත් මම වගේම මේ දවසට හරිම කැමති. ඒ මොකද දන්නවද? (දන්නවා නම් මෙතන කියෝ කියෝ ඉන්නවෑ ...?) මම පන්තියට ආපු ගමන් මාව හොයන ඇවිත් ඔලුව එහෙම අත ගාල (සොදුරු බස් දීලා... විළඳ කවාලා... ) අහනවා 

"තාත්ත සාරි ගෙනාවේ නැද්ද පුතා?"

නරකට කියනවා නෙවෙයි... මට ඒක  ඒ දවස්වල තේරුනේ පුදුම භයානක ප්‍රශ්නයක් වගේ. 

දෙවැනි සිද්ධිය...
මේ ඉස්කෝලේ තිබ්බ අඳුරු කාමරයක්. එක තිබ්බේ අපේ කැන්ටිම පහු කරගෙන ගියාම තියෙන පොඩි ඉඩ කඩේ කොනකට වෙන්න. අපි ඔතනින් යනවා වෙලාවකට සෙල්ලම් කරන තැනට. යන්නේ නම් උඩින්! එතරම් බයයි එකෙන් එලියට සුදුපාට අතක් එනවා කියලා.

තුන්වෙනි සිද්ධිය :
අපේ අම්ම අපිව ඉස්කෝලෙට දාගෙන එහෙම්මම එයාගේ ඔෆිස් එකට යනවා. ගෙදරම ඉතින් තුන් දෙනෙක් ඉස්කෝලේ යනවා නේ... ඉතින් බත් පාර්සල් කීයක්ද නේද? අපිට කෑමපෙට්ටි  වලට දාල අම්ම ඉතින් එයාට බත් එකකුත් බැඳගන්නවා. උදේට කන්නෙත් අම්ම ඔෆිස් එකට ගිහින්. ඉතින් එයාගේ උදේ කෑම  එකත් ඒ එක්කම. මට මතකයි එක දවසක් එයාගේ උදේ කෑම  එක මගේ බෑග් එකට වැටිලා.. වැරදිලා... මම නේද?? මොන කරන්නද... මම කෑවා  ඒක ! අදටත් මතකයි ඒකෙ  තිබ්බ රස! පාන් පෙති වලට බටර්, මාමයිට් ගාල.... සම්බෝල දාල.......... තමන්ගේ නොවෙන කෑම  පාර්සලයක් හෙම කාල තියෙන කෙනෙක් දන්නවා එකේ තියෙන ජොලිය... හෙක්... හෙක්.... නෑ  කිව්වා? එහෙනම් අද හෙටම කරලා බැලුවනම් හොදයි... හැබැයි තමන්ගේ නෙවෙයි කියල දැනුවත්ව කන්න ඕනේ හරී...............


මේ ඉස්කෝලෙන් මාව අපේ අම්ම දැම්ම වෙන ඉස්කෝලෙකට. ඒකේ  ශිෂ්‍යත්වේ හොදයි කියාලා. අප්පා.. ඒක  තමයි නියම ඉස්කෝලේ.. කිව්වට මොකද ඒක  මික්ස් ස්කූල් එකක්.... මට මගේ හිතේ තිබ්බ අර බල්ටි ගැහිල්ලට කියාපු තෝතැන්නක් නේ... 
මගේ තියෙන පිනක මහත ! අපේ අක්කව ගත්තේ නැහැ නොවැ  ඒකට !!! 
මම ගියේ 3 වසරට. දැන් මම මේ කියන ඉස්කෝලේ ඒ දවස්වල දුප්පත් උනාට දැන් නම් බොහොම සරු බව නම් මම ඉදල හිටලා නුවර පැත්තේ යනකොට දකිනවා. අදටත් මම ඉස්කෝලේ ගාවින් යනකොට නැගිටලා ආචාර කරන්නේ මගේ මුල එතන හින්දා.... 

කොහොමහරි මට මතකයි මගේ පලවෙනි ගුරුතුමී එතන ! ඇත්තටම මගේ අතු ඉති වල මල් පිපෙන්න ගත්තේ ඈ හින්ද වෙන්න ඇති. මාව මගේ පන්තිය ඉස්සරහට ගෙන්නලා අදුන්නලා දුන්න... ඒ වගේම මට කතා කරන්න නමකුත් දුන්න... හාහ්.. හා... රැවටුනා නේද? උපේක්ෂා කියල??? නැතෝ....එයා මගේ වාසගම තමයි කිව්වේ! මම අදටත් දන්නේ නැහැ ඒ ඇයි  කියලා... ඒ පන්තිවල ළමයි අදටත් මාව දන්නේ මගේ වාසගමෙන්... (පස්සේ හම්බවුණ  කීප දෙනෙක් ඇරෙන්න..)
3 පන්තියේදී මම හිටියා දෙකට ගණන් කරන්න බැරි තරමෙට. දන්නේ නැහැ නේ විමානේ කොයි වගේද කියලා. ඒ උනාට හිටපු ගමන් මගේ ඇතුලේ හිටපු හොර පුසී 'කදව් ... කදව් ' කියනවා. ( ඔන්න ඉතින් 'කදව්'  කියන්නේ දන්නේ නැද්ද අර සද්දේ.. හි.. හි...) ඕකට මට බේත හම්බ උනේ වැඩිකල් නොගිහින්.... මාව පන්තියේ ගෑනු ළමයින්ගේ මොනිටර් කළා!!! මික්ස් ස්කුල් හින්දා කොල්ලෙක් තමයි අනිත් මොනිටර්. දැන් තමයි හොඳම වැඩේ පටන් ගත්තේ!
මට පොඩි කාලේ කොල්ලෝ ඇලජික් ! ඒ කියන්නේ ගිය ගිය තැන වලියක් දා ගන්නවා. මේකට වැඩියෙන්ම ලක් වුනේ අර මොනිටර් කොලුවා. මටම හරියන එකෙක්! මිනිහා අද ඉංජිනේරුවෙක්.. (අන්තර්ජන්ජාලේ ඉන්න හින්දා මෙව්වා කියෝනවද දන්නේ නැහැ... මල සේක කිව්වලු... එහෙනම් නමවත් පොඩ්ඩක් වෙනස් කරලා දාමුකෝ ඈ ...) අපි මෙයාට කියමුකෝ 'චරිත්' කියලා.
චරිත් සුදුම සුදුයි... ඒ කියන්නේ අර නහර පේන  තරම් සුදුයි... පොල්කුඩ්ඩෙක් වගේ. එයාට හිටියා ගැන්සියක්. මම හිතන්නේ එයත් එක්කම ගත්තම 3 දෙනයි. මේ තුන්දෙනා කරන්නේ වැඩක් නැති වෙලාවට එකතු වෙලා ඩෙස්ක් එකට තට්ටු කර කර සින්දු කියපු එකයි... මට මතකයි ඒ දවස් වල එයාලගේ කටේ තිබ්බේ 

".. පන්නා........ මුරේ... පන්නා........ මුරේ... පන්නා මුරේ ඇත්  රා..ජා......"

අනේ මෙයාලගෙන් කිසි කෙනෙක්ට කරදරයක් නැහැ.. මේ මට ඇරෙන්න!!! මට ඔය සින්දුව පෙන්නන්න බැහැ.. හාහ්... හාහ්.... මෙයාලගේ සින්දුව සාදයක් නැති උනාට මට ඉන්න බැහැ කට පියන්. මම මොනා කිව්වත් මෙයාල මෙයාලගේ පාඩුවේ සින්දු කියනවා... මම එක දවසක් මගේ ගුරුතුමියට කිව්වා කේලමක්..

"ටීචර්... චරිත්ලගේ වැඩේම සින්දු කියන එක...."

දන්නවද මගේ ගුරුතුමී මට කිව්වේ මොනාද කියල? මගේ දිහා බලල හරි ලස්සනට හිනාවක් දැම්ම. (මට ඒ දවස්වල විෂුවල් වෙලා තිබ්බේ ඒ හිනාවෙන් මල් විසිරෙනවා කියලා... සුදුපාට... නිකන් අර සමන්පිච්ච වගේ මලක් ...) මාව ලඟට අරගෙන මගේ ඔලුව ඇත ගෑවා .... වෙන කිසි දෙයක් කිව්වේ නැහැ නේ අප්පා..... මගේ කේලම් කිවිල්ල එතැනින්ම නතර උනා! මම මේ ටීචර් ගේ පින්තුරෙකුත් ඇන්දා  එක දවසක්... පන්තියේ නිකන් වාඩි වෙලා ඉන්න ගමන්.

මේ ඉස්කෝලෙදි මට ගැන්සියක් හිටියේ නැහැ. ඒ මගේ සාමාන්‍ය විදිය. ඩෙස්  බැංකු වල ඉන්න කට්ටිය මාරු කරන්නේ වාරෙන් වාරේ. ළඟට  එන එක්කෙනා එක්ක මම සාමාන්‍යයෙන් සාමයෙන් උන්නේ. මොකක් හින්දද මන්දා මගෙත් එක්ක ගොඩක් වෙලාවට වැටුනේ පිරිමි ළමයි. චරිත්  තමයි මගෙත් එක්ක වැඩිපුරම හිටියේ. ළඟ ඉන්න වෙලාවට සාමයෙන්... නැගිට්ට ගමන් මම සුපුරුදු විදියට
 ඇ.......ටැ........ක් !
( මේ චරිතව මට මිට මාසෙකට කලින් චැට් එකේ හම්බ උනා... මේකා කිව්වේ නම් මගේ ගාවට කොල්ලෝ දැම්මේ උන්ට දෙන දඩුවමක් හැටියට කියලා... හාහ්... හහ්හ්...)



කොහොමින් කොහොමහරි... අපි ශිෂ්‍යත්වෙට ලිව්වා. ඒ ඒ ආකාර වලට අපි වෙන වෙන ඉස්කෝල වලට බෙදිලා ගියා. මට ඒ අන්තිම දවස නම් අමතක කරන්නම බැහැ .... ගෑනු ළමයින්ට මට මතකයි මම ඔටෝග්රාෆ් එකක් ගෙනිහින් දීල (එව්වට ලියන එව්වත් මමම ලියා දීල... හෙහ්.. හෙහ්... ඇයි  එයාල පොඩි හින්දා දන්නේ නැහැ ලියන එව්වා. මම කලේ අක්කලාගේ ඔටෝග්රාෆ් වලින් කොපි කරගෙන ගිය එකයි...) අත්සන් කරව ගත්තා. මම එදා තමයි මගේ ටීචර් ගේ අත උඩින් මගේ අත  තියල සංවේදී සමුගැනීමක් දුන්නේ... මගේ හිත උණු වෙලා ඇස්  දෙකෙන් එලියට ආවේ නැති හින්ද පපුව පැලෙන්න වගේ ආවා... ඔතන තමයි මගේ මේ අද කියන කතාවට මුල් බීජය වැටුනේ.... 

මට ඒ ඉස්කෝලය තදින් පපුවට කාවැදුනා !!! සිංහලෙන් කිව්වොත් මට ඉස්කෝලය 'මිස්' උනා තදටම....


ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ගියා මගේ අලුත් ඉස්කෝලෙට. අම්ම මාව ඒ ඉස්කෝලෙට යැව්වේ වෑන්  එකේ තව ඒ පැත්තේ ඒ ඉස්කෝලෙට යන අහල පහල අක්ක කෙනෙකුත් එක්කයි. පලවෙනි සතියෙම මම ඒ බොඩිගාර්ඩ් අක්ක එක්ක ගියා. ඔන්න එකෝමත් එක දවසක්.. සදුදා දවසක අක්කත් නැහැ... වෑන්  එකත් නැහැ..... හිටපු ගමන් මේ වැඩේ උන හන්දා අපේ අම්මට විකල්පයක් හොයා ගන්න  වෙලාවක් නැති උනා.  අසරණ උන අම්ම කලේ එයා ඔෆිස් යන ගමන් ඉස්කෝලේ ගාව හෝල්ට් එකෙන් මාව බස්සන් යන එක විතරයි....
හෝල්ට් එකෙන් බැස්ස මට එක පාරටම මගේ පරණ ඉස්කෝලේ මතක් උනා. මට ඊට පස්සේ මතක් උනේ මොකද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ උනාට මම කලේ එහෙමම පාර පැනල පාරේ අනිත් පැත්තේ තිබ්බ හෝල්ට් එකට ගියපු ගමන් බස් එකක නැග්ග එක. මේ හැමදෙයක්ම සිද්ද වෙන්න මම හිතන්නේ විනාඩි 3ක් වත් ගියේ නැහැ.

විස්වාස කරන්න ! (මටත් විස්වාස නැහැ....) මම අලුත් ඉස්කෝලේ ටයි එක ගලෝල සාක්කුවේ දාගත්ත. මම ඉස්සර වෙලත් කිව්වේ මගේ පරණ ඉස්කෝලේ දුප්පත් කියලා. ඒ හින්දා මේකට සපත්තු දාගෙන  වගේම සේරෙප්පුත් දාගෙන කට්ටිය ආවා. ටයි එක අනිවාර්ය උනේ නැහැ අර දුප්පත් ළමයි ගැන හිතල වෙන්න ඇති. 
මම කෙලින්ම ගිහින් බැස්සේ මගේ පරණ ඉස්කෝලේ ගාව. බැහැල බැග්  එකත් කරේ ගෙන වෙනදට ඉස්කෝලේ යන විදියට ගියා මම ඇතුලට..... ගියාට දන්නේ නෙහෙ මගේ පරණ යාළුවො ඉන්නේ කොහෙද කියලා... මට මතකයි මගේ ඉංග්‍රීසි ගුරුතුමිය මාව දැකල හරිම සතුටින් මගේ ගාවට දුවන් ආව...

"________! ඔයා මොකද මෙහෙ?" හරිම සතුටින් මගේ උරහිසෙන් අල්ලන ගමන් ඇහුවා..
"නිකන් ආවා ටීචර්..."

මටම පුදුමයි ඇයි එතනින් එහාට මුකුත් මගෙන් ඇහුවේ නැත්තේ කියලා. මම ඈතට දැක්ක මගේ පන්තියේ ළමයෙක් පිට්ටනිය හරහා යනවා. මම එයාව ඇස මානෙන් යෙන් වෙන්න නොදී ගිය ඒ පැත්තට... විස්වාස කරන්න ගියේ ප්‍රින්සිපල්ගේ කාමරේ ඉස්සරහින් !! ඉසරහ හිටගෙන හිටියෙත් ප්‍රින්සිපල්!!! ශිෂ්‍යත්වේ ඉතා හොදින් පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගිය කෙනෙක් හින්දා මෙතුමා මාව නමින්ම දන්නවා.. මම ඇවිදගෙන යන දිහාව පුංචි හිනාවකුත් එක්ක බලන් හිටියා මිසක් මෙයත් නෙවෙයි නේ මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ!!! අදටත් මට පුදුමයි...

මම අර ළමය යන පස්සෙන් ගිහින් පන්තිය හොයා ගත්ත. ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක වැදුනා... මම පංතිය දොර ළඟ ඉස්සරහ හිට ගත්ත.. ( මේ පන්ති අර කොට බිත්ති වලින් තමයි කොරිඩෝවෙන් වෙන් වෙන්නේ..) ළමයි මගේ පැමිණීම දැක්කා.. පන්තියේ හිටිය ගුරුතුමියක්! ඇයත්  මාව දැක්ක...
"_______, කොහෙද මේ?" ඇයත්  මගෙන් ඇහුවේ සුපුරුදු හිනාවකුත් එක්ක 
"නිකන් ආවා  ටීචර්"
"එන්න ඇවිත් වාඩි  වෙන්න "

විස්වාස නැහැ නේද? මේක ෆිල්ම් එකක් නෙවි... ඇත්තටම එහෙම උනා. ළමයි හැමෝම මාව පිළිගත්තේ පුදුම සන්තෝසෙන්! මම පන්තියේ ළමයි දීපු පුටුවක් සහ ඩෙස්කුවක් මත !!! විස්වාස කරන්න.... මම පාසලේ පැය  ගානම හිටිය! පන්තියන එන හැම ගුරුවරියම මගෙන් අර අහන ප්‍රශ්නේ ඇහුවා... ඒ හැමෝටම මම හිනා වේවි අර උත්තරේම දුන්න... පුදුමේ කියන්නේ කිසිම කෙනෙක් මගෙන් වෙන කිසි දෙයක් අහපු නැති එකයි..... 
විස්වාස නැහැ නේද?  ඔයාලට තියා මටවත් විස්වාස නැහැ.
මෙහෙම හිටපු මම ඉස්කෝලේ ඉවර වෙන වෙලාවට ගෙදර ආව නේ බස් එකේ නැගලා....

අද වෙනකල් මේක කාටවත් කිව්වේ නැහැ... රහසක් නෙවෙයි.. මට අමතක වෙලා තිබ්බේ...... මම දන්නේ නැහැ අපේ අම්මලට ඒ කිසි ඉස්කෝලෙකින් කතා කරාද කියල අද වෙනකල්ම !!!


පුදුමයි නේද?? 

Tuesday, July 16, 2013

25. පොඩි කාලේ මරඳ වැල්ලේ..

මගේ පොඩි කාලේ කතා කීපයක් එහෙන් මෙහෙන් ලියලා තියෙන හින්ද මම හිතුව හොදට හිතල ඒ ගැන එක පොස්ටුවක් දාන්න  ඕනේ කියලා.


මගේ පොඩි කාලේ ඔය ගොඩක් පරණ මිනිස්සු කියනවා වගේ සුන්දරයි...
අනේ මේ පිස්සු කියවන්න එපා... එහෙම එකක් ඒ කාලේ දැනුනේ නැහැ නේ.

මට නම් දැනුනේ මම නිකන් කඳු ගොඩාක් වටකරපු තැනක ඉන්න කුරුමිට්ටෙක් කියලා. ඒ කියන්නේ හැම පවුලේම බාලයටත් වඩා මම බාල හින්දා මම හිටියේ මට වඩා ගොඩක් ලොකු කසින්සලා එක්ක. එක පුදුම කට්ටක්! මොකද මම වගේ හිතෙන එකියක් නැති උනාම මට හරිම අප්සෙට්. 

මේ තත්වෙට මුණදෙන  විදි කීපයක් තිබ්බ මට ඒ දවස් වල. 
එකක් තමයි ලොකු උන්ගේ එව්වා අම්මලාගේ කනේ තබා හොද ළමයා වීම. බොරු කියන්නේ මොකටද මම ඉතින් ඔය ආදර කතාවල් වලට එහෙම පොඩි කාලේ ඔත්තු බලල තියෙනවා. අනිත් අතට අම්මලාගේ කනේ තියනේ නැතුව එව්වා මාට්ටු වෙනකොට මීයෙක් වගෙත් ඉදල තියෙනවා. එත් මොනවා කරන්න ගියත් බාල්දියක් පෙරළෙන තැනක් වීද, මම එතන තියරිය ඒ දවස් වලත් තිබ්බනේ අප්පා.....

තව තියරියක් තමයි කිසිම දෙකට මාව ගාව ගන්නේ නැති නම් නිකම්ම්ම නිකන් නරඹන්නෙක් වෙලා නිහඬ අත්දැකීමක් ලබා ගන්න එක. ඒ වගේ එකක් මම මිට කලින් ලිව්වා.. අත්තම්මගේ ඔලුවේ කැක්කුම කියල මම ලිව්වේ....

තවත් තියරියක් තමයි (වැඩියෙන්ම මම ක්‍රියාත්මක කරපු) අපේ ගෙවල්වල මිනිස්සු කිසිම කෙනෙක්ගේ හෙවනල්ලක්වත් වැටෙන්නේ නැහැ කියල හිතෙන බිම්කඩවල්  වලදී හැකි තරම් බල්ටි ගැසීම!!! 

අන්න මම ප්‍රියතම වැඩේ...!!!!! නෑ ... නෑ ... බල්ටි ගැසීම නෙවෙයි... මම කිව්වේ කව්රුත් දන්නේ , යන්නේ එන්නේ නැති තැන්  වල මගේ වැඩ පෙන්නීම.... බල්ටි ගැසීම මට නම් කරන්න බැරි වැඩක්... ඔන්න ඔය වැඩේට මට හොදම තෝතැන්න උනේ මගේ පාසැල ... මොකද මම ගියපු එකම ඉස්කොලේකටවත් අපේ අය්යාවත්, අක්කවත් ගියේ නැති හන්ද  මට ඒක  එතරම් අපහසු උනේ නැහැ. (මම මේ ඉස්කෝලේ කතා වෙනම ලියන්නම්... ඔක්කොම එකට පටලෝගෙන බැහැ නේ...)

අන්තිම තියරිය තමයි... අනිත් උන් කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව මමම මවපු සිහින ලෝකෙක අතරමන් වෙලා දවස ගෙවපු එක. මෙහෙම කරලා තියෙන ය දන්නවා ඇති එකේ තියෙන ජොලිය. ඒ කියන්නේ අනිත් උන් මොනාද කරන්නේ ?මම ඉන්නේ කොහෙද ?බලන්නේ නැතුව මගේ ජොලියෙන් ඉන්න එක. මට මතකයි මෙහෙම ගෙවපු එක දවසකදී මම කෑම  මේසේදී කරපු වැඩක්..

ඒ දවස්වල මගේ වයස අවුරුදු 5ක් විතර ඇති. සුපුරුදු විදියට මම මගේ ලෝකේ හිටියේ. කෑම  කන්න වාඩි  වෙලා දැන් අපි ඔක්කොම. ඒ කියන්නේ මමයි, අය්යයි , අක්කයි. මම හිතන්නේ එදා සති අන්තයක් දවසක හවස වෙන්න ඇති. අම්ම හිටියේ නැහැ ඒ වෙලාවේ එතන .. අත්තම්ම අපිට කෑම  බෙදුවා මතකයි... මම ඉතින් මගේ මනෝ ලෝකේ සින්දුවක් එහෙම කියන ගමන් කල්පනා කළා එකට ගැලපෙන ආංගික අභිනයක් දක්වන්න.. ඉතින් මම එවෙලේම ඒක  ට්‍රයි කළා... ඒ කියනේ මම කටත් පොඩ්ඩක් හැඩ කරලා ඇත පයත් පොඩ්ඩක් ඒ විදියට යෙදෙව්වා.! අහ් .. යෙදෙව්වා තමයි....

"චුටි නංගි ... මොකද්ද තමුසෙට වෙලා තියෙන්නේ?"

එකපාරටම ආපු අය්යාගේ  කටහඬින් මගේ මියුසික් වීඩියෝව 'සලාන්...' ගාල කඩන් වැටුණා .

මම බය වෙලා බලනකොට අය්යා  පළල්  හිනාවකුත් එක්ක බලන් උන්නා... ඉතිරි අය  ඔක්කොම බය වෙලා බලන් ඉන්නවා මගේ අමුතු අතපය විසිකිරිල්ල!! මම මුකුත් උනේ නැති ගානට වාඩි වෙලා බත් කෑවා..
අය්යාගේ  ඩික්ෂනරි එකේ වැඩියෙන්ම තියෙන, තිබ්බ වචනයක් තමයි ඔය 'තමුසේ' කියන්නේ... පොඩි කාලේ.. මම මේ කියන්නේ අවුරුදු 2-10 දක්වා කාලේ, අපේ ගෙදර තහනම් කරපු වචන සෙට් එකෙන් එකක් තමයි ඕක. අනිත් එව්වා තමයි 'ඕයි , බල්ලා , ගෙම්බා'  (සැ .යු. ඒ කියන්නේ අපි රණ්ඩු වෙනකොට ඔය අන්තිමට තිබ්බ වචනේ තමයි අන්තිමට යොදන්නේ.. එතනින් අපේ රණ්ඩුව ඉවර වෙලා Freeze  වෙනවා... ඉතිරි ටික කරන්නේ අම්ම නැත්තම් තාත්තා ... ඒ කියන්නේ ගුටිය කාටද කියන එකයි... අනේ ඒ උනාට අපි තුන්දෙනාට අපේ අම්මයි තාත්තයි කවදාවත් ගහල නැහැ.. (ගුටි කන තරම් වැඩ අනන්තවත් කලත් හි.. හි...) තාත්තගේ රැවිල්ල  ගුටියක් හා සමානයි.... අම්ම නම් බනින්නේ එක පාරයි... කුඩේ කුඩු යන්න ඒකත් !!!

මම මිට කලිනුත් කියල ඇති අය්යගෙයි  මගෙයි පොඩි කාලේ තිබ්බ ගැටුම!! පන්ති අරගලය අප්පා.. වෙන මොකද්ද ඕකට කියන්නේ? අපේ අය්ය තරම් පොඩි කාලේ රජ සැප අපි කාටවත් ලැබුනේ නැහැ...පවුලේ එකම පිරිමි දරුවා (මගේ පවුලේ) වීමත්, වැඩිමලා වීමත්, උගේ පිනට අපේ පවුල 'පුත්‍රවාදී' වීමත් හින්ද විතරක් නෙවෙයි, අය්යාගේ  ඉපදීමෙන් අපේ තාත්තට සුභ පල ලැබුණයි  යන මතය නිසාත් ( ඔය එකී මෙකි නොකී.. ඔක්කොම!) අය්යා  අපේ ගෙදර 'ස්ටාර්' එක. මට ඔව්ව අල්ලන්නේ නැහැ නේ....
මගේ තියරිය තමයි...අය්ය මොනාද කරන්නේ... ඌට  පුළුවන් නම් මට බැරිද කියල හිතල ඒකම  කිරිල්ල!!  අය්යත් ඇත අරින්නේ නැහැ... මරු නේද එතකොට???

අය්යට මවුන්ටන් බයිසිකලයක් ගෙනත් දුන්න.... මට ඕකට හෙන ජේ!! අය්යා  පැදලා  තියල යනකම් ඉදල මම සිට්  එක එජස්  කරලා මමත් පදිනවා. එකට මම පාවිච්චි කලේ එයාගෙම ටූල්ස්. අය්යා  කලේ පැදලා ඉවර වෙලා යන්නේ අර ඇනේ  බුරුල් කරන එක.. (අනේ මම දන්නේ නෙහෙ ඔව්වට මොනාද කියන්නේ කියලා) හංගලා.... කොහොමද වැඩේ?? මම ඉතින් හිටගෙන හරි පදිනවා...

අය්යා  කරන වැඩ වලින් මම ආසම වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි අවුරුදු කාලෙට වගේම, ඔෆ් සීසන් එකේදිත් ඔන්චිලි බදින  එක. අනිත් එක සරුංගල් කාලෙට සරුංගල් හදන එක වගේම වෙසක් කාලෙට අපිට වඩා තුන් ගුණයක් උස මහතට වෙසක් කුඩු හදන එක! 


අය්යා  ඒ වගේම අට්ටාලයකුත්  හදල තිබ්බ. එක තිබ්බේ සදා මතකයේ රැඳෙන ලාවුළු ගහක. අනේ ඒ ලාවුළු ගහ අපිත් එක්ක හිටපු කාලේ මම හිතන්නේ අපි එකේ මුල් ටිකට විතරයි මුකුත් කලේ නැත්තේ... සියලු කොටස් වලින් අපිට වැඩ තිබ්බ. අත්තේ  ඔන්චිල්ලාවක් බැඳලා තිබ්බ. ඊට උඩින් අතු කීපයක් යනකොට අට්ටාලේ.. ඔන්චිල්ලාව තියෙන අත්තට නගින එක උනත් අපේ වයසේ හැටියට මාරම චැලේන්ජ් එකක්! ඉතින් අය්යා  කරන්නේ ගෙදරින් හොදි එහෙම කෑම  පෙට්ටියකට දාගෙන , කඩෙන් පාන් ගෙඩියක් අරගෙන අර අට්ටාලෙට  ගෙනිහින් කන එකයි... ඕකට එයාට සහයට හිටියා තවත් අහල පහල අය්යා කෙනෙකුත්.එයා තමයි අර හැඟී මුත්තං කතාවේ හිටියේ... මම ඉතින් දන්නවා නේ... මට ඉතින් කැහිල්ල නේ... මට ඉතින් ඔය අට්ටාලෙට නගිනකල් ඉවසිල්ලක් නැහැ.... ඕකට නගින්න බැහැ  ඉක්මනට... මොකද ගැහෙ ගොඩක් උඩට යනකල් අතු මුකුත් නැහැ. පළවෙනියට අහුවෙන අත්තේ තමයි ඔන්චිල්ලාව තියෙන්නේ.. ඉතින් හරිම අමාරුයි.
සුපුරුදු විදියට මම වැඩේ අත අරින්න සුදානම් නැහැ. මෙලෝ දේකට උදව්වක් නැති උනත් , අය්යා නැති වෙලාවක් බලලා අක්කත් එක්ක ගියා මම ලාවුළු ගහ ගාවට.



"ඔයා මුලින් නගින්න , මම ගහ යට ඉන්නං "

අක්කා කොහොමත් බය ගුල්ලි. මම කොහොමත් එයාව ගෙනාවේ ගහට නගින්න නෙවෙයි.. මුරට!
මම ඉතින් ගහට නගින්න ගත්තා. අනිත් අය නම් මන්දා.. මම ගස් නගින්නේ මගේම ක්‍රමේකට.. ගහ බදාගෙන පටන් ගන්නේ... අඩියක් විතර නගින්න විනාඩි විස්සකට වඩා යනවා...අඩි කීපයක් යනකොට ඉතුරු ටික ටුක් ගාල නැගගන්න පුළුවන්. මොකද කකුල් දෙක වෙව්ලන ගතිය පොඩ්ඩක් අඩු වෙන හින්දා... මම ඉතින් වෙව්ල වෙව්ලා නැග්ග කොහොම හරි දැන් ඔන්චිල්ලාව තියෙන අත්ත  ළඟට. නැගලා පල්ලෙහා බැලුවා.... 'හුහ්...' මොකට බැලුවද? උස වැඩි!!!

"දැන් නගිනවා හලෝ... වැඩිය උස නැහැ..."

මම අක්කාට කිව්වේ මම තනියෙන් නගින එක ජොලියක් නැහැ වගේ දැනුන හින්දා.

"බෑ .... උසයි... අප්පා.."
ඒ උනාට මම අතෑරියේ  නැහැ. මගෙන් බේරුමක් නැති තැන අපේ අක්ක ඔන්න මම කල විදියටම ගහට නගින්න කියලා ලෑස්ති උණා . බද හුරාගෙන  ඔන්න දියක් විතර නැග්ග කියමුකෝ..
"දඩොස් ....."

අක්කා බිම දොයියා!! ගෙම්බා ගැහුවා වගේ...
"අක්කි... අක්කි...." ඔන්න පොඩි කෙදිරිල්ලක් ඇහුනා.. 
මගේ දැන් කකුල් දෙක මැඩ්ලින්  ගහනවා උස වැඩි හින්දා බිම වැඩිය බලන් ඉන්නත් බැහැ .. මුණ පහතට ඉන්න හින්ද මේකිගේ මුණ පේන්නෙත් නැහැ.. 

ඔන්න ටික වෙලාවකින් කෙදිරි ගගා මෙයා නැගිට්ටා. එතකොට තමයි ලේ පොඩ්ඩක් ඉනුවේ. මම උන්නේ මැරිලා කියලා. 

"මොකද උනේ?"
"ලිස්සුවා... මට බෑ  අප්පා.... ඔයා නැගල කියන්න මට මොනාද උඩ  තියෙන්නේ කියලා"

දැන් ඉතින් පුළුවනෑ මට මේ බඩුවට ආයෙත් ගස් නගින්න කියන්න? 
ඉතිරි ටික ලේසි.. මම ඉක්මනට ළඟ ළඟ තිබ්බ අතු වලට අඩිය තියලා නැග්ගා අට්ටාලෙට. අප්පා... දැනුන සනීපයක්!! වටේම හොඳට පේනවා. හොද සනීපෙට හුලනුත් එනවා. මේ සනීපෙ විදින මට අපේ අක්ක කොක්කක් දැම්ම...

"මොනාද උඩ  තියෙන්නේ?"

මට දැන් තමයි සිහියට ආවේ මම මේ ගමන ආවේ හොර වැඩ ඇල්ලීමට සහ ඉරිසියාවට කියලා. මම වටපිට බැලුවා.. අපොයි සල්ලි! කාපු පාන් කුඩු ටිකකුයි, හිස් උන කෑමපෙට්ටි  දෙකකුයි තිබ්බ ඇරෙන්න මම බලාපොරොත්තු උන රන්මසු උයනක්වත්, අර සුරංගනා කතාවල එන ජාතියේ මැජිකල් නිධානයක්වත් තිබ්බේ නැහැ නොවැ ???
ෂැක්....! මගේ බලාපොරොත්තු නම් පොඩ්ඩක් විතර කඩ උනත් මට හිත හදාගන්න පුළුවන් උනේ මම ලොකු වීරකමක් කරපු හින්ද...
'මම අය්යලාගේ අට්ටාලෙට  නැග්ගා ආඃ '!!!

ඔන්න ඉතින් මම වටපිටත් සිරි නරඹනවා.. ඔන්න එතකොට තමයි හොදම දර්ශනේ දැක්කේ....
අපේ අය්යා ගෙදරින් ගියේ එයාගේ ගණන් පන්තියට. ඒ හින්ද මට හොදටම ෂුවර් පැය  දෙකකට මෙහා එන්නේ නැහැ කියලා. එකනේ මේ වැඩේට සුදානම් උනේ. 
එයාගේ අතිජාත මිත්‍රයාගේ ගෙදර තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් කීපයක් එහායින් කන්ද උඩහට වෙන්න. එයාලගේ ගෙදර යන්න එයාට අවසර නැති හන්ද ඒ අය්යා  අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියේ. මේ අට්ටාලෙට ඒ අය්යලගේ ගෙදර මිදුල හොඳට පේනවා. 
ඔන්න ඉතින් මම මේ මාලිගාවේ සීමැදුරු  කවුළුවෙන් බලාගෙන ඉන්නකොටම දැක්කනේ... මොකද්ද දන්නවද.... අපේ අය්යා උන්න නේ අර අය්යලගේ මිදුලේ!!
අපි දෙන්නගේ ඇස් දෙක හමු උනා නේ අප්පා ඒ මොහොතේම!! උන්නැහෙත් ගල් වෙලා... මමත් ගල් වෙලා.....අම්මා... මට දැනුන සනීපෙ කොතරම්ද කියනවා නම්...... කකුල්දෙක ' ඩින් .... ඩොන් ...' ගෑවා ....
කොයි පැත්තෙන් ගහෙන් බහින්නද කියල බැලුවේ වත් නැහැ..... අහු උන පැත්තෙන් බහින්න පටන් ගත්තා...

"ඇයි .... ඇයි ... මොකද?උඩ නයෙක් වත් ඉන්නවද?"

අපේ අක්කගේ හැටි එහෙම තමයි. වෙලාවේ හැටියට වෙන්න පුළුවන් දෙයක් උනත් මෙයාට හිතෙන්නේ එයාගේ ලිස්ට් එකේ තියෙන භීතිකාවක් විතරයිනේ!! මෙයා මේ මගුල් නයෙක් ගැන කතා කරනවා... මම බහින්න ගත්තේ දත කට පුට්ටු වෙච්ච ගමන්..

"අනේ අක්කි... පොඩ්ඩක් අන්තිම ටිකට අල්ලනවකෝ"

අන්තිම අඩි  කීපයට කලින් මම අක්කට කිව්වේ මගේ තිබ්බ හදිස්සියට මම හරියට බිමට කකුල තියාගන්න පුළුවන් තැනකට නෙවෙයි බහින්න හදල තියෙන්නේ.

"හරි හරි.... ඔන්න.. "

..කවදත් වගේ. අපේ අක්කගේ කට විතරයි...... ඔව්ව මතක් උනේ නැහැ නේ ඒ වෙලාවේ .... පැන්නා !
දෙන්නම එක පොදියට  බිමට පාත් උනා. 

"අය්යා දැක්ක හලෝ... දුවමු දුවමු...."
බිමට පාත් උනේ හොම්බෙන් උනත් මම කෑගහගෙන නැගිට්ට. මෙන්න බොලේ මගේ කකුලටත් පෑගිලා හිටපු අක්ක මාවත් පෙරලගෙන දුවලා!!
පුදුමයක් නැහැ..... එව්වට එයා හරි දස්සයි අප්පා....
දිව්වයි කියමුකෝ.... දුවල ගානක් නැතුව හිටියයි කියමුකෝ.... මගේ බඩයි කකුල් දෙකයි දෙකම හොදටම හිරිලා. හොරෙන්ම බේත් දාගෙන මම දැන් සුදු කොඩියකුත් වනාගෙන  හිටියේ කොයි වෙලේ හරි අය්යා කඩන්  වැටෙයි, ඔක්කොම ඉවරායි  කියලා..........
පස්සේ තමයි මතක් උනේ... ඌ කොහොම කියන්නද? උගෙත් හොර වැඩක් මම දැක්ක නේ???
හාහ්.. හාහ්.... අන්න එහෙමයි වැඩේ මාට්ටු උනේ නැත්තේ

24. කියන දෙයක් - හිතින් කියන

මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන දේවල් මොනවද? කොහොමටවත් අපිට කියන්න බැරි දේවල් වලින් එකක් තමයි ඒක !!
මම දැකපු දේවල්, අහපු දේවල් වලින් මම මේ ලියන්නේ... නැත්තම් මගේ නිර්ණායක අනිත් යට වලංගු වෙන්නේ නැති ගොඩට වැටෙන එක පුදුමයක් නෙවෙයි. 

මිනිස්සු අපි එක එක විදියට බෙදල තිබ්බත් මේ සම්බන්ධයෙන් නම් මගේ බෙදුම පටන් ගන්නේ ගෑනු සහ පිරිමි විදියට.... හරිම සම්ප්‍රදායිකයි නේද? මක් කොරන්නද ? මේක මගේ බෙදීම නේ අප්පා...

මගේ දැක්මේ හැටියට නම් පිරිමි හැගීම් අතින් ගුප්තයි... මම මේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන කුණුහරප අදහස උනත් තමන්ගේ මිතුරාට හෝ  මිතුරියට කියල හිනා වෙන එක ගැන නෙවෙයි. මම කියන්නේ තමන්ගේ සියුම් හැගීම් එක්ක කරන ගනුදෙනු වලදී පිරිමි හරිම අභ්‍යන්තරාවර්ති කට්ටියක් කියල... ඔන්න කට්ටියකට කියන්න පුළුවන් නැහැ කියල.. මට එකට කමක්  නැහැ. මම එහෙම කියන්නේ සාධක ඇතුව. මම මෙතන ටාගට් කරන්නේ සංවේදී, ආදරණිය හැගීම් ගැන. හරි හරි ඉතින් කෙලින්ම කියමුකෝ.. මම කියන්නේ ආදරේ ගැන කියල... පිරිමි කියල මම වර්ග කලේ, වෙන මොනවත් හින්ද නෙවෙයි... එයාලට අනන්‍ය උන අනෙත් දේවල් එක්ක මේකත් ලැබෙන දෙයක් කියල මට පේන හින්දයි. ගොඩක් වෙලාවට පිරිමි ආදරේ විග්‍රහ කරන්න දන්නේ නැහැ... ඒ කියන්නේ ඇත්තටම මොන වෙලාවේ, කොයි විදියට දැනෙනවද කියල කියන්න එයාලට පුළුවන් කම හරිම අඩුයි. එයාල නිකන්ම කියනවා 'මම ආදරෙයි'  කියල.... හරියට නිකන් සිගිරි ගල දිහා බලන් සුද්දෙක් කතා කරනවා වගේ...

Monday, July 15, 2013

23. ඇඩ්ඩින් , සයිමොන්, සියදෝරිස් ...

මම වැඩ කරපු ඔෆිස් ඔක්කොටම පොදු එක දෙයක් කියන්නද? ඒ තමයි පිස්සු කෙලීම !! එකම එක ඔෆිස් එකක් ඇරෙන්න, අනිත් ඔක්කොම ඒ වගේ පිස්සු තැන් ! තැනේ වැරද්දක් නෙවෙයි... ඒවාට ගන්නේ අපි වගේ පිස්සෝ වෙන්න ඇති හැක් .. හැක් ....
ගොඩක් වෙලාවට මම කල්ලියකට සෙට් වෙනවා හරිම අඩුයි.. එන එන විදියට කට්ටිය එක්ක ඉන්න මට පුළුවන්... (පුළුවන් කියල හිතන් ඉන්නවා වෙන්න ඇති..... හි හි..) ඒ කියන්නේ... කන්න යන්නේ එහෙමටමත් සෙට් එකක් එක්ක නෙවි.... කන්න යනකොට ඉන්න කට්ටියත් එක්ක කන්න වාඩි වෙනවා.... එලියට යනකොට යන කව්රුහරි එක්ක යනවා... හැබැයි ඉතින් මට වැඩිය දිරවන්නේ නැති අය එක්ක නම් වැඩිය බජනෙට යන්න නැහැ... මොකද මගේ කට මොනා හරි පිට කලොත් එක නරකට හිටින්න පුළුවන් නේ....

Sunday, July 14, 2013

නපුරු පොලිස්කාරයෝ



මම මේක ලියන්න හිතන් හිටපු දෙයක් නෙවෙයි කොහොමටවත්. මේක මට හදිස්සියේ මතක් උනේ Dude ගේ කාකි හදවත කියෙව්වට පස්සේ. මොකද මේ සිද්දිය ගැන දන්නේ අතේ ඇගිලි ගානටත් වඩා  අඩු දෙනෙක් හින්දා..

මම ඉස්කෝලේ යන කාලේ බාහිර වැඩ වලට පැන  පැන  යන කෙනෙක්. මොකද්ද මන්ද හේතුව? මට දැන් නම් හිතන්නේ ඒ ඔස්සේ මම යාලුවෝ එක්ක කාලය ගත කරන හින්ද වෙන්න ඇති. එත් මට ස්පෝර්ට්ස් වලට ගිහාම යාළුවන්ට වඩා ඉතුරු වෙන්නේ ඇතුලෙන් මට කපන පිරිසක් කියල මට ඉතාම පුංචි කාලේ පවා තේරිලා තිබ්බ සත්‍යක් ! ඒ ගැන මම වෙනම කතා කරන්නම්කො.

අපේ ඉස්කෝලේ මම කරපු සපෝර්ට් එකට කිසිම අනුග්‍රහයක් ඇතුලෙන් නැති උනාට අපි ටීම් එක ඒවගෙන් සැලුනේ නැහැ. ඒ අතින් නම් අපිට කණ්ඩායම් හැඟීම උපරිමෙන්!

Saturday, July 13, 2013

22. උපුටා ගත්තෙමි.....

Golden rules for finding your life partner by Dov Heller, M.A.

When it comes to making the decision about choosing a life partner, no one wants to make a mistake. Yet, with a divorce rate of close to 50%, it appears that many are making serious mistakes in their approach to finding Mr./Miss. Right! 

If you ask most couples who are engaged why they're getting married, they'll say: "We're in love"; I believe this is the ..1 mistake people make when they date. Choosing a life partner should never be based on love. Though this may sound "not politically correct", there's a profound truth here.
 

Love is not the basis for getting married. Rather, love is the result of a good marriage . When the other ingredients are right, then the
love will come. Let me say it again: "You can't build a lifetime relationship on love alone"; You need a lot more!!! 

 
Here are five questions you must ask yourself if you're serious about finding and keeping a life partner. 

Friday, July 12, 2013

21. පුද්ගල සම්බන්ධතා (Relationships)

මම මේ ගැන ලියන්න හිටියේ ගොඩ දවසක ඉඳලා. 

එත් කොහොම ලියන්නද කියල හිත හිත උන්න මිසක්... පටන් ගත්තේවත් නැහැ....

සමහර වෙලාවට මම මේ ලියන්න යන දේවල් මම මම ගැනම ස්වයං චරිත නිරුපනයක්වෙයි කියල බයට නතර කරගෙන ඉන්න හින්ද වෙන්න ඇති මම මෙතරම් කල් ගත්තේ. 
එත් සමා  වෙන්න.... ලියන්න හිතාගෙන ඉන්න දේවල් ගොඩක් හින්ද මම මේක දවස් කීපයක් , පිටු කීපයකට ගොනු කරන්න හිතන් ඉන්නේ.

Relationships  කියන දේවල් අපේ ජිවිතේ හැමෝගෙම තියෙනවා නේ. එක එක කාලෙට එක එක විදියට... මට නම් මගේ පව්ලේ අය ඇරුණම , මගේ යාළුවො ඉතාම වැදගත්! 

"හැක.. හැක... ඒ මොන විකාර කතාවක්ද? අපිටත් එහෙම තමයි හලෝ ..." ගොඩ දෙනෙක් එහෙම කියයි... 

ඔව් එක ඇත්ත. මම කියන්නේ මට සාපේක්ෂව නේ. මට සාපේක්ෂව මගේ යාලුවෝ මට වැදගත් වෙන්නේ මෙහෙමයි..  කොටින්ම කියනවා නම් මට යාලුවෝ නැතුව ඉන්න බැහැ !!! මම මේ කතා කරන්නේ මගේ ඔෆිස් යාලුවෝ ගැනවත් මගතොටේදී හම්බවෙන යාලුවෝ ගැනවත් නෙවෙයි... 
ඉතාම නොසැලකිල්ලෙන් තමයි මම යාලුවෝ තොරගන්නේ.... ඒ කියන්නේ මම ඉතා ඉක්මනින් යාලුවෝ හදාගන්නවා. ඒ මම පොඩි කාලේ ඉදන්ම හැටි! ගෙදර නිහඩ චරිතයක් වන මම එලියට ගියාම වෙනස් කෙනෙක්..... 

ඔන්න ඔතන තමයි මගේ අවුල !

20. ලේ දන්දීම - 3

මගේ ලේ දන්දීමේ ඉතිහාසය ඉතාමත් අනාදිමත් යුගයක් දක්වා විහිදී ගිය  එකක් බව මීට කලින් පොස්ටු දෙක කියෝපු අය  දන්නවා ඇති.
බැලුවේ නැත්තං  මෙන්න... 

මේ ලියන්න යන්නේ නම් තුන්වෙනි උත්සාහය ( වගේ වෙන එකක් වත්ද මන්දා...)

---- සියලු දෙනාගේ පහන් සංවේගය සදහා  - මෙව්වා වෙන කාටවත් කීම ඔට්ටු නැත!


මගේ ලේ දන්දීමේ ඉතිහාසය දන්නා කිසිම කෙනෙක් අද මම වැඩ කරන කොම්පැනියේ නැහැ . එක කොතරම් පිනක්, සැපක්, ප්‍රීතියක් ද කියල මට කියාගන්න වචන නැහැ.

ඒ උනාට ඔය එහෙන් මෙහෙන් කතා සමහර එව්වා ඇහෙනකොට මම හෙමීට මාරු වෙලා යන එක නම් අපේ ටීම් එකේ අයට මීටර් වෙලා තිබ්බ හින්ද පොඩ්ඩක් විතර කියල තිබ්බේ. මොකද හදිස්සියෙවත් ජබර කලන්තයක් හැදුනොත් කව්රු කියල බලන්නද ?

ඔන්න ඉතින් ඔහොම සන්තෝසෙන් ඉන්නකොට මේ ළඟදී දවසක.. හ්ම්ම්... මාසයක් විතර ඇති.... අපේ කොම්පැනියට අල්ලපු කොම්පැනියේ කට්ටියක් ලේ දන්දීමක් කරන්න හදනවා කියල මම උදෙන්ම (උදෙන්ම කියන්නේ අපේ පැත්තේ නම් ඉතින් 9 විතර උනහම ඈ ...) වැඩට ගියහම ආරංචි උනා. අපේ කට්ටියට ඉතින් නිව්ස් නොමිලේ ගේන  කොල්ල තමයි පණිවිඩේ ගැන මේල් එක එන්නත් කලින් බෙරේ ගහගෙන දුවන් ආවේ.......එදා මගේ ළඟපාතම  කියුබිකල් එකේ වැඩ කරන කොලු පැන්චෙක්ගේ 'හැපී බර්ත් ඩේ' එක ! ඉතින් හොදට සුබ පතලා ඉවර වෙලා ඇහුව මොනාද අපිට කන්න දෙන්නේ කියලා....

"ඇයි  දන්නේ නැද්ද.... ***** එකේ අද බ්ලඩ් ඩොනේෂන්  එකක් තියෙනවා නේ.... මම අද මුලින්ම ලේ දන් දෙනවා.."

Thursday, July 11, 2013

19. අත්තම්මගේ ඔලුවේ කැක්කුම


මේකත් මගේ පොඩි කාලේ සිද්දියක්..

පුංචි කාලේ ඉතින් සුන්දරයි කියල දැන් අපි කෙකර ගෑවට ඉස්සර ඉතින් ඔව්ව තේරෙන්නේ නැහැ නේ... මට නම් ඉස්සර හිතුනෙම කවද්ද අප්පා ඉක්මනට මේ පුංචි කාලේ ඉවර වෙලා රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්නේ කියල... දැන් නේ මට තේරෙන්නේ රස්සාවක් කරනවා කියන්නේ පාඩුවේ ඉන්නවා කියන එකේ අනිත් පැත්ත කියල.
මගේ පොඩි කාලේ නම් සුන්දර උනාට අසුන්දර දේවලුත් තිබ්බ. ඒ අතුරින් වඩාත් දරුණු එක තමයි අපේ ගෙදර අයගෙන් මට තිබ්බ කරදර!
"හැඃ ...!! මක් කිව්වා ?" ඔයාල එහෙම අහාවී 

අව්ලක් නැහැ. එක එහෙම අහන එකේ කිසිම අව්ලක් නැහැ ඉතිං. මම එක කිව්වේ බදපිස්සෙක් විදියට අනිත් දරුවෝ විදින සුර සැප ගැන හිතල මිසක් වෙන මොනවත් නෙවෙයි. සුර සැප කියන්නේ ඉතින් බඩපිස්ස වීම හින්ද තියෙන වාසි වලට වැඩ මට නම් අහු උනෙම අවාසි... ඔන්න මම ලියන්නම්කො ලිස්ට් එක.... ඔයාලම බලල හරි  වැරැද්ද කියන්නකෝ හා...

1. අක්ක විසින් ප්‍රතික්ෂේප කරන දේවල් කට පියාගෙන බාර ගන්න සිද්ද වීම 
2. පොඩිඑකා හින්දා සෙල්ලම් කරනවිට නිතරම  නරඹන්නෙක් ලෙස බලියන් ඉන්නට වීම 
3. සමහර කෑම ලොකු උන් හොරෙන් මට නොදී කෑම 
4. අය්යා පොර හින්දාත්, අක්කා සියුමැලි නිසාත් මල්ලත් රැගෙන කඩේ යන්නට වීම  (මේක මම හිතන්නේ තව කාටදෝ තිබිල තියෙන ප්‍රශ්නයක්.. මට මතකයි කව්දෝ ඒ ගැන කියල පොස්ටුවක් දාල තිබ්බ)
5. සමහර වෙලාවට කොහේ හෝ ඉදන් පාත් වෙන අක්කෙකුට, ඇන්ටියෙකුට  ආදී වශයෙන් නොදන්නා, මෙලෝ රහක් නැති උන්ට තනි රකින්නට යන්න සිදුවීම 
6. කොතරම් වැඩ පෙන්නුවත් එව්වා මුලින්ම පෙන්නපු එකා නොවෙන හින්දා ගෙදර උන් වැඩිය ගණන් නොගැනීම 
7. ඉඳහිටවත් තරහ උනොත් ඇඩුවාට, අතුරුදහන් උනාට ගානක් නැති වීම 

Tuesday, July 9, 2013

18. ලේ දන්දීම - 2


මගේ ලේ දන් දීමේ මහා කර්තව්‍යට අතගහල දැන් වසර ගානක් වෙනවා..... (හැක හැක ... දන්නෝ දනිති නේද?)
නොදන්නා කට්ටිය ඔන්න බලා ගන්න....





මේ මොනවා උනත් මම නෙවෙයි වැඩේ අත ඇරියේ.... 
ඊට අවරුදු ගානකට පස්සේ මම කැම්පස් එකෙන් එලියට බැහැපු ගමන් වගේ, ඉස්සර වගේ කෙට්ටුවක් නැතුව පොඩ්ඩක් ඉතින් මස් ටිකක් එහෙම දාල  හිටියේ...(දන්නවනේ ඉතින් කැම්පස් ජිවිතේ.... සල්ලි දීලාවත් කන්න නැතිවම අපි හාල් මැස්සෝ උනා... බෝඩින් ජීවිතේ) 

එක දවසක් සිල් සමාදන් වෙන තැනදී ඔන්න ලේ දන් දෙන්න පුළුවන් කියල ආරංචි උනා... ආයෙත් මට අර කැහිල්ල ආව..... ගියා ඉතින් පෝලිමට.. හරියට සෙනග හිටියා...

17. ලේ දන්දීමේ පිංකම -1



ලේ දන්දෙන පින්කම් ගැන නම් ඉතින් අනන්ත අප්‍රමාණ දේවල් අහල ඇති නොවැ ..... ඒ ගැන නෙවෙයි  මම මේ කියන්න හදන්නේ... මේ සිරස්තලය දැක්ක ගමන් මට හැදෙන අමුතු ගාය  සහ එත් එක්ක මට මුණ දෙන්න උන සිද්දි ගැනයි...

මම ඉතින් කොතරම් වීරකම් දැම්මත් අත පොඩ්ඩක් තැලුන ගමන් දෝය්යා!!! ඒ කියන්නේ ජබර කලන්තේ!! මම ඒ පිලිබදව කප්  එකත් උස්සල තියෙන්නේ... ඒ කියන්නේ ඕනෑම තැනක... වතුරේ පවා ඉදන් කලන්තේ දැමීමේ සුපිරි හැකියාව ! ඉස්කෝලේ තමයි මම හිතන්නේ වැඩිපුරම රෙකෝර්ඩ් තියල තියෙන්නේ.. හැබැයි ඉතින් අර උදේ රැස්වීම් තියෙන වෙලාවට වගේ නම් නෙවෙයි... කව්රු හරි වැටිලා  තුවාල වෙලා ඉන්නවා දැක්කොත්, එතකොට දතක් හරි වෙන මොකක් හරි ගැලවිලා දැක්කොත්, අතක් පයක් එහෙම serious  විදියට තුවාල වෙලා දැක්කොත්, කොටින්ම කියනවා නම් ඒ ගැන කතා කරන තැනක හිටියත් ඇති! හික් හික්.... එක පාරට ඔලුව උඩින් කාර්  යන්න පටන් අරන් ටිං ... ගානවා විතරයි දන්නේ... ඉතිරි ටික දන්නේ ඉතින් වටේ ඉන්න උදවිය තමයි..... පව් දෙය්යනේ මගේ යාලුවෝ තමයි ඉතින් උස්සන් ගිහින් කොහේ හරි තැනක දාල මට සිහිය ගන්නේ... මට මතකයි මට සිහිය යන්තමට තියෙන වෙලේ මගේ හොදම යාලුවෙක් බනිනවා 

"මගේ අම්මේ මේකිගේ බර!... $#%$$$" කියල.... මම ඉතින් නෑහුනා වගේ හිටිය ඉතින් මක් කරන්නද නේද :D 

මෙන්න මේ වගේ ඉතිහාසයක් තියෙන මට කැම්පස් එකේ පලවෙනි වසරේදී හිතුන මේක මහා විකාරයක් කියල... ඒ අස්සේ ඉතින් අපේ බැචේක්ගේ හදවත් සැත්කමක් කරන්න තිබ්බ. දන්නවනේ ඉතින් ඒ දවස් වල බැච් වෙනුවෙන් පණ උනත් දෙනවා.. අපි ඉති  සූ  ගල එහෙ මෙහෙ දුව දුව උ වෙනුවෙන් සල්ලි හෙව්වා. කැට  හෙලෙව්වා... වෙන වෙන කැම්පස් ගානේ ගිහින්, පාරේ , බස් වල... නොගිය තැනක් නැහැ. අදත් ඒ හින්ද මම බස් එකකට නගින ඒ වගේ කෙනෙක් වෙනුවෙන් සල්ලි දෙනවා. මොකද මම දන්නවා අපි කරපු දේවල තිබ්බ ස්පිරිට් එක...( අපි උදව් කරපු ඒ බැචා නම් දැන් මූණ බලන්නේ වත්, කතා කරන්නේ වත් නැහැ.. එතරම් ෆිට් එක!) ඔන්න ඉතින් හදවත් සැත්කමට දිනෙත් දීල අපි ඔක්කොම දැන් සීරුවෙන්... බැචා කිව්වා ලේ ඕනේ හින්ද ලේ බැංකුවෙන් ඒ වෙනුවට අපිට ලේ දෙන්න පුළුවන් කියලා. එතකොට එයට නොමිලේ ලේ නිකුත් කරනවා ලු, මොකද ඔපරේෂන් එක කලේ පුද්ගලික රෝහලක. තිබ්බ ෆිට් එක කොතරම්ද කියනවා නම් බැච් එකේ බාගයක්ම එතනට ගිය ලේ දෙන්න කියල. ඒ අස්සේ ඉතින් මමත් ගියා ලේ දෙන්න... පපුව ඩික්  ඩික්  නෙවෙයි ඩෝන්  පටෝන් ගානවා... එත් ඉතින් බැච් ෆිට් එක වටිනා නිසා ගියා... මමත් එක්ක ඉතින් වෙන  කෙල්ලෝ ආවේ 2යි.. එකෙක් මට වැඩ මහතයි.. 
ඌ ගියා... බර කිරුවා... ok 
ලේ වල හිමොග්ලොබින් බැලුව..... reject !

අනිත් එකී ගියා.... බර කිරුවා.... බර කිරණ එකා එකී දිහා බැලුවා... එතරම් බර අඩුයි.....
මම ඒකිට වඩා ඔන්නම්  කිලෝ 2ක් බර ඇති.... මම හෙමීට හිනාවක් දාල  මාරු උනා...

ඔන්න මගේ පලවෙනි ලේ දන් දීමේ පිංකම!
 to be cont...

Saturday, June 29, 2013

16. විල - පියුම - දිය



තෙත් බිමක් සොයාගෙන 
මෙතෙක් දුර පිපාසෙන් 
ආයෙමි - මම 

ඔය හිතේ කෙම්බිමෙහි 
අස්වනු නෙලන්නට - නොවේ 
මේ නෙළුම්  දඬු දැමුයේ...

15. කවිකම - සොරකම...

මගේ කවිහිත 
හොරාගෙන?

අනේ මට දී යන්න 
යනවිට - මගේම 
ඒ කවිකම.....
අහා.... ඔබ යාද එහෙනම්??
මගේ හිත හොරකම්කර 

දෙසිත් පොඩිවී රිදී, තැලී - හඬා 
සැඩපහරකින් විසිකළ 
අප දෙදෙන...
කිසි දිනෙක සමුනොවෙන ගොඩබිමක 
විසිරුණිය - ඒ රුවල් නැව !

14. වරදක්....



දුටුවාද මම 
පෙති විදාන උන් හැටි 
අරුනෝදෙටත් පෙරම.....?

දුටුවාද ඒ වරදට 
හිරු දුන් කමටහන 
පුරන්නට 
ඔබ නැතිව 
මේ විලෙහි පියුමක්ව.....!

Monday, June 24, 2013

13. හැංගිමුත්තම්


මේකත් මගේ පුංචි කාලේ උන සිද්දියක්.....
ඇත්තටම මට තිබුනේ ගොඩක් දේවල් එකට එකතු උන ජාතියේ ළමාකාලයක් .. මම එහෙම කියන්නේ, සතුට, දුක ත්‍රාසය, විප්ලවය වගේ ගොඩක් දේවල් තිබුන හින්ද.

අපි අලුතෙන් ගේ හදන කාලේ අපේ ගෙදර පුදුම සෙනගක් හිටියේ.. මට නම් ඕනේ තරම් අය්යල, අක්කල හිටිය හැබැයි ඉතින් මම බට්ටෙක් වගේ පොඩි නිසා එයාලගේ වැඩ වලට මාව  ගාවාගන්නේ නම් හරිම අඩුවෙන්.. ඒ ගැන මම තව කියන්නම්කො පස්සේ..

නිවාඩු කාලේ කියන්නේ මට නම් වසන්ත සමයක්.... මම දන්නේ නැහැ අපේ දවස් වල නම් නිවාඩු කාලේ කියන්නේ කොතරම් නිවාඩුද කියනවා නම් ආපහු ඉස්කෝලේ යනකොට මට නම් අකුරුත් අමතක වෙන තරම්! ඒ දවස්වල හැම නිවාඩුවටම අපේ මාමා ගේ ළමයි අපේ ගෙදර එනවා. එයාල ලොකුයි... කොටින්ම එහෙ හතරදෙනාගෙන් බාලම අක්කත් අපේ අය්යටත් වඩා අව්රුදු කීපයක් වැඩිමල්... 
එහෙ අක්කල ආපු ගමන් අපේ අක්ක කරන්නේ මාව තඹේකට  මායිම් නොකර අරින එක. ඒ ගැන නම් මට අදටත් තියෙන්නේ පපුව පැලෙන තරම් දුකක්.... මොකද මට සෙල්ලම් කරන්න කිසි කෙනෙක් නැහැ එතකොට ඉතින් මමත් බට්ට වගේ ඉගෙන ඇත අරින්නේ නැහැ game  එක! මම කරන්නේ මාව ගන්නේ නැත්තම් පැත්තකට වෙලා හොරෙන් හරි බලාගෙන ඉන්න එක.... දැන් නම් මම පව් කියල හිතෙනවා.... හික් හික්.....

Monday, June 17, 2013

12. මගේ කවිය...

දොරගුළු නොලන්නෙමි 
යා හැකිය ඔබහට 
ඔබට රිසි වෙලාවක - පිටවෙලා....
නමුදු - යනවිට කියා යන්න 
කිසිදිනෙක යළි  නාරින ලෙස 
යලිදු මට දොරගුළු ලා ගන්න 
එවිට  මට හැකිවේවි......


Friday, June 14, 2013

11. ඔව්... මම බොහොම සතුටින්...!

දුකක් දැනිල තියෙනවද? ඔව්.. හැමෝටම දැනිල තියෙනවා... ඒ ඇයි  දුකක් දැනෙන්නේ? අපිට ඕනේ දේ කලේ/ උනේ නැති උනහම.....
එහෙනම් තමන්ට ඕනේ දේ කරාම ???
කරලා බලල තියෙනවාද? තමන්ට ඕනේ දෙයක්... ඕනේ විදියටම.. ඒ වෙලාවේම???
සමහර  වෙලාවට හරිම වේදනාකාරී දෙයක් උනත් හිතන්නේ නැතුව කරාම එක අතකට හිත නිදහස්....
මට දුකක්  නැහැ........ මම මේ ලියන දේවල් ඔයා කියවන්නේ නැති බව මම හොදටම දන්නවා.. ඒ නිසා මේ ගැන ඔයාට පොස්ට් එකක් දාන්න හිතාගෙන කලේ නැහැ...
ඔව්... මම බොහොම සතුටින්...!


Person 1 : I'm sorry........... I couldn't help it
Person2  :  Yes I need you!

Tuesday, June 11, 2013

10. කඩෙන් බඩු ගැනීම ...


මෙන්න මේකත් අර මගේ අපූරු  යාලුවට උන වැඩක්! අනේ මන්ද උන වැඩක් කිව්වට එයා විහින් කරගන්න වැඩ!

මගේ යාලුවට අපි දාමුකෝ නමක්... "අමාලි" කියල...
මම මේ කියන දවස්වල අමාලි හිටියේ යාලුවෝ කට්ටියකුත් එක්ක annex එකක් අරගෙන. (එයාගේ ගෙවල් කොළඹ නෙවෙයි) යාලුවෝ හතරපස්දෙනා එක්ක ඉතින් උයාගෙන තමයි කෑවේ. ඇත්ත කියන්න එපෑ , අමලිගේ කැම රසයි.  ඒ උනාට උයන්න ගියාම ගෙවල් දෙකක බඩු  ඕනේ. වලං 6ක් ඕනේ කෑම ජාති 2ක් හදන්න.... අනේ මන්ද no  comments !

මෙයා  ඉතිං  වැඩට ගිහිං  එන ගමන් තමයි උයන්න පිහන්න බඩු ගේන්නේ, ළග තියෙන පොඩි කඩේකින්. ඔන්න එකෝමත් එක සුන්දර නිවාඩු දවසක.... මේ කට්ටියට හිතුණා  සුන්දර නිවාඩු දවස තවත් සුන්දර වෙන්න කියල fried  rice එකක් සුපිරිවට හදන්න! ඉතින් අමාලිත්  පිරිසිදු සිතින්, එක පයින් එකග වෙලා, සල්ලිත් අරගෙන කඩේ ගිහින් අඩුම කුඩුම ගේන්න .... සම්බා හාල්... එළවලු, තව තව ජාති.....
කඩේට ගිහින් ඉල්ලුවලු සම්බා හාල්.... අනිත්වත් ඉල්ලලා.... මෙය වටපිට බල බල ඉදලා ...... 

"මෙන්න නෝනා බඩු ටික....." කියල මුදලාලිත් ෂොපින් කවරෙක දාල දුන්නලු.... මෙයාට සිහියක් නැහැ නේ..... එතකොට තමයි සල්ලි ඇදල  දීල තියෙන්නේ.... සල්ලිත් දීල මිනිහ බදුටිකත් අරගෙන ඇවිත්.
ගෙදර ඇවිත් බඩු අස් කරනවලු....

"මොකද්ද අනේ.... මම මේ මනුස්සයට කිව්වේ සම්බා හාල් දෙන්න කියලනේ.... මේ මොනාද මේ කැකුළු හාලක් දාල තියෙන්නේ......"
බෑග් එකේ තියෙන බඩු එකින් එක අයින්කරනගමන් අමාලි කිව්වලු...

Thursday, June 6, 2013

09. බස් කතා......



බස් එකේ යද්දී වෙන කතාවක් ලිව්වා නිසා මට මතක් උනා තව බස් කතා ටිකක්...

මට ඉන්නවා යාලුවෙක්... කිව්වට විශ්වාස  කරන්න.... එයත් එක්ක බස් එකේ ගියොත් ටික දුරකට හරි... මොකක් හරි අටමගලක් වෙනවා වෙනවමයි.....

ඔන්න එකෝමත් එක දවසක අපි දෙන්න ගියා පොඩි වැඩකට බස් එකේ... යන්න තිබ්බේ හෝල්ට් 3ක් විතර... මම බස් එකට නගින්න යනකොටම එයාගේ අතට ගමන් ගාස්තු වලින් මාරු ටිකක් දුන්නා  එයාගේ අතේ තියෙනවා කිව්ව  හින්ද.

ඔන්න අපි ඉතින් බස් එකේ ඉඩ තිබ්බ නිසා වාඩිත්  උනා  හැබැයි තැන්  දෙකක..... දැන් හොදටම traffic එක... හෙමින් හෙමින් බස් එක ඉස්සරහට යනවා... 

හෝල්ට් එකායි ...... හෝල්ට් දෙකායි ... ඔන්න යන්තම් බහින හෝල්ට් එක පේන  මානයට ආවා. පුදුම traffic  එකක්.... move  වෙන්නෙම නැති තරම්. හිටියා  හිටියා... යන්නෙම නැහැ. අපි දෙන්න මූණෙන් මුණ බලාගත්ත.... 

"බහිමුද?"

මම හෙමින් ඇහුවා. මෙයත් ඉතින් ඔලුව වැනුවා....

traffic  එකේ බස් එක තිබ්බ නිසා අපි දෙන්නා බස් එකෙන් බැස්සා. මට නම් නිතර පලදෙන සත්‍යයක් තියෙනවා.. ඒ තමයි.... පැයක්  කල්පනාකරලා ගන්න තීරණේට  වඩා ටුක් කියල කරන වැඩේ හරි යනවා. උදාහරණයක් කිව්වොත්... bank  එකකට ගිහින් ගොඩක් කල්පනා කරලා කරලා move  වෙන පෝලිමකට එකතු උනොත්...... එකතු උන මොහොතේ පටන් අනිත් සියලුම පෝලිම් අපි එකතු උන පෝලිමට වඩා ඉක්මනින් move  වෙන්න පටන් ගන්නවා! බොරුද කියල බලන්නකෝ මට නම් ඒක  90% සත්‍යයි!!


ඔන්න ඉතින් සුපුරුදු පරම න්‍යාය අනුව.. අපි බැස්ස ගමන් මෙතෙක් වෙලා traffic  හිර වෙලා තිබ්බ බස් එකත් ඔන්න ඉතින් move වෙන්න පටන් ගත්ත... අපි යන ගානටම ඔන්න බස් එකත් යනවා... බස් එකේ මිනිස්සුන්ට ඉතින් වටපිට බලන්න තහනමක් නැහැ නේ... ගොඩ දෙනෙක් බිම බලාගෙන යන අපි දිහත් බලන් ඉන්නවා අපිට දැනුන.. ඒ අතරේ ඉස්සරහ දොරේ එල්ලිලා හිටපු කොන්දත් හිටිය..... 

එකපාරටම සු... සු... ගාන  සද්දයක් ඇහුන.... 

ලොකුකමකට කියනවා නෙවෙයි.. මම නම් සු... සු.... ගාවට කිසිම දවසක බලන්නේ නැහැ...... ඔය වැඩේ හින්ද මම සමහර යාලුවන්ගෙන් බනුමුත් අහල තියෙනවා ලොකු කමට බලන්නේවත් නෙතුව ගියා  කියලා.
මම බැලුවේ නැතුවට මගේ යාලුවට බැලිල.... මට ඇහුන කියනවා..

"සල්ලි දුන්නේ නැහැ නේද ?"

දෙය්යනේ..... ඒ කොන්දොස්තර....!!! බස් එකේ ඉදගෙනම කියනවා ඇහෙනකොට මට මගේ යාළුවගේ මුණ බැලුන..

"එයි... තමුසේ සල්ලි දුන්නේ නැද්ද?" මම මගේ යාලුවගෙන් ඇහුව...

"අහ් ... මට අමතක උනා ..." ඒකි  කිව්වා.... මම දැක්ක මම දීපු සල්ලි ටික තාමත් එයාගේ අතේ තියෙනවා....

අපොයි.... වස ලැජ්ජාවයි...!! බස් එකේ මිනිස්සු ඔක්කොම ඒ පාර අපේ දිහා බලන් ඉන්නවා... අපි යන ගානටම බස් එකත් traffic එකේ ඇදෙනවා.. 

"සල්ලි දෙන්න සල්ලි දෙන්න....." කොන්දොස්තර බෙරිහන් දුන්න..... මට නිකන් කන් දෙකෙන් දුන් පිටවෙනවා වගෙත් දැනුන...

අපේ man ට කිසි අවුලක් නැහැ... එයා අතේ තිබ්බ සල්ලි ටික ගිහිං  මෙලෝ ගානක් නැතුව අර කොන්දොස්තර අතට දීල ආවා !!!

"මට අමතක උනා අනේ"! ඔන්න උත්තරේ!!! 

මල් පොකුරු පොකුරු ඈ  යනමග ඈ  දෙසටම නැමියන් !!!!! (පසුබිම් ගීතය)
---------------------------------------------------------------------------------------------------------------------------
ආයෙත්  එක දවසක මෙයාගේ මේ බස් සමග තියෙන සදාතනික බැදීම ගැන අපි දැනුවත් වෙලා හිටපු නැති කාලෙක මෙයත් එක්ක බස් එකේ ගියා.. 

වැඩිය සෙනග හිටිය නැති නිසා පිටිපස්සේ දොරෙන් බස් එකට නැගල අපිටවත් අල්ලගන්න වෙලාවක් ලැබුනේ නැහැ.... බස් එක අර ගාල කඩාගත්තා  වගේ එකපාරට ඇද්දුව ..... මාවත්  කැරකිලා  ගිහින් වෙන තැනකට විසික් උනා . මම බැලුව මගේ යාලුවට මොකද උනේ කියල... එයා පේන්න  නැහැ... බිම පොදියක් වගේ එකක් නම් තියෙනවා.... හපොයි දෙය්යනේ මේකි බිමට වැටිලා! බස් එක ඇතුලේ පොට්ටනියක් වගේ (මෙය පොඩ්ඩක් මහතයි...)

මිනිස්සු කෑ  ගහන්න ගත්ත. මිනිස්සුන්ගේ කෑගැහිල්ල කොහේ ඇහෙන්නද බස් එක පස්සපැත්ත  ගිනිඅරන් වගේ කඩාගෙන යනවා... මෙයා  බිම දොයි!! කොන්දොස්තරත් ඉස්සරහ හිටියේ... ඔන්න යන්තම් හෝල්ට් දෙකක් විතර ගිහින් මිනිස්සුන්ගේ විලාපෙ  කන වැටුන ඩ්‍රයිවර් උන්නැහේ ගැහුවා break  පාරක්!.... බිම දොයියගෙන හිටපු මෙය බස් එකේ බාගයක් දුරට ලෙස්සල ගියා  හරියට නිකන් අර typewriter  එකක් වගේ... මට ඔක්කොටම වඩා හිනා.... මිනිස්සු වට වෙලා දහසක් ප්‍රශ්න අහනවා! 

"වැදුනද වැදුනද...... කොහෙද වැදුනේ...... තුවාලද...කෝ මොකද උනේ..."

මේ බඩුවට මේවට උත්තර දෙන්න විදියක් නැහැ හොදටම හිනා! වැඩියම හිනා උනේ ලජ්ජාවට! දැන් මතක් උනත්  හිනා  යනවා.... (ඔයාලට හිනා ගියේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැතෝ....)

--------------------------------------------------------------------------------------
මේ කියන සිද්දියේ කතානායිකාවත් මගේ මේ යාළුවම තමයි.... මෙයාට  හිටපු ගමන් වෙන සිහියෙන් වැඩ කරන මූඩ් එකක් එනවා ..... කොයි වෙලේ මොකට එනවද කියල ඉතින් දෙය්යෝ තමයි දන්නේ...


ඔන්න ඉතින් වෙන සිහියකින් ඉන්න දවසක මෙය බස් එකට නැගල වාඩි වෙලා හොදට මනෝපාර  ගහගෙන ඉන්නවලු. ඒ අතරේ ඔන්න බස් එකට හිගන්නෙක් නැගල ඔන්න යාදින්නක්  එහෙම කියාගෙන ඉස්සරහ පැත්තෙන් එනවලු... මනෝපාර අතරේ මෙයාට  එකත් ඇහිලා මෙය හිගන්නට දෙන්න සල්ලි ටිකක් එහෙම අතට අරගෙන 

එත් එක්කම වගේ සෙනග අතරින් සල්ලි ඉල්ලන අතක් ඇවිල්ලා .. මෙය හිගන්නට දෙන සල්ලි ටික දීල. එකපාරටම...

"මේ කොහෙට යන්නද...." කියල අහුනලු. එතකොට තමයි මනෝ පාර බිදිලා මෙයාට පොඩ්ඩක් සිහිය ඇවිත් තියෙන්නේ....

බලනකොට හිගන්නාගේ සල්ලි දීල තියෙන්නේ කොන්දොස්තරට.... මෙය ගත කටටම....

"ඕක අර හිගන මනුස්සයට දෙන සල්ලි" කිව්වලු (කට පියන් ඉන්න බැරි කමට!)

"එහෙනං  ඒ මිනිහට දෙනවා! මට දෙනවා බස් එකට සල්ලි" කිව්වලු  කාරුණික කොන්දොස්තර...

මෙයත් ඉතින් අතෑරල  නැහැ....

"එහෙනම් දෙනවා ඕක මෙහාට" කියල ඒ සල්ලි ටික අරගෙන . වෙන සල්ලි ටිකක් දුන්නලු..... 

"පිස්සු case " කියල ගිහින් ඒ කොන්දොස්තර....
----------------------------------------------------------------------------------------------------------

ආයෙත් දවසක මෙයාගේ මනෝ ගහන දවසක් උදා වෙලා..... බස් එකට සුපුරුදු විදියට නැගල වැඩි වෙලා මනෝපාර  ගහගෙන ඉන්නකොට කොන්දොස්තර ඇවිත් සල්ලි ඉල්ලලා... 
රුපියල් 50 කොලයක් දීල 

"අඹගස් හතර එකයි.." කිව්වලු.... ඉතින් කොන්දොස්තර සල්ලි ටික අරගෙන ඉතුරු ටික මෙයාගේ අතට දීල ඉස්සරහට ගියාලු...

කොන්දොස්තර ඉතින් කොයි  වෙලෙත් "ටිකෙට්... සල්ලි.."ගගා බස් එකේ පිස්සෙක් වගේ එහෙට මෙහෙට දුවනවා නේ....

ඉතින් සුපුරුදු විදියට මේ කොන්දොස්තරත් ආයෙත්  "සල්ලි ගන්න...." කියාගෙන ආවලු..... මෙයා ලගට ආපු ගමන්..

"අඹගස් හතර එකයි...." කියල ඉතුරු උන සල්ලි කොළෙත් දික් කරලා ආයෙත් ticket  ගත්තලු......

කොන්දොස්තර එකපාරටම ඩිම් වෙලා ගිහින්...... ඒත් ticket එකට සල්ලි අරගෙන!!


බැහැල කඩේට යන්න හිතාගෙන බලනකොට තමයි ඉතින් මෙයා දන්නේ!... මදැයි නේද!!!

මෙයාගේ තව පිස්සු වැඩ කීපයක් තියෙනවා.. පස්සේ ලියන්නම්කො...

Monday, June 3, 2013

08. 120 බස් එකේ ගියෙමි



ඔන්න ඉතින් මේකත් අපේ නට්  අක්කත් එක්ක ගියපු ගමනක්...

එකෝමත් එක දවසක අපේ අක්කයි මමයි කොළඹ ඉන්න දවස්වල exhibition and convention  හෝල් එකේ තිබ්බ ප්‍රදර්ශනයක් බලන්න ගියා . මේකට ඉතින් අක්කගෙයි, මගෙයි පවුලේ යාලුවෙක් උන හර්ෂණ අය්යත් එකතු උනේ ඒ දවස්වල අපිට කොළඹ ආගන්තුක නිසා. අනේ අපේ අක්කගේ ඕනේ කටුවක් කන දුප්පත් හර්ෂණ අය්යත් සහෝදරකමට අපිත් එක්ක යන්න එකතු උනා. හර්ෂණ අය්යා මට වඩා වැඩිමල්, අක්කට වඩා  බාලයි.  

ඔන්න ඉතින් කොහොමහරි.... ප්‍රදර්ශනෙත් බැලුවා... දැන් ගෙදර යන වෙලාව. අපි හිටියේ කොහුවල බෝඩිමක. ඉතින් අපිව බස් එකෙන්ම ගිහින් ඇරලවන්න හිතාගෙන හිටපු හර්ෂණ අය්යත් එක්ක අපි තුන්දෙනා ආව කොටුවේ ලේක්හවුස් එක ලග තියෙන බෙන්ඩ් එකේ හෝල්ට් එකට (අනේ මන්ද කොහොමද හරියටම කියන්නේ කියල. ඒ හෝල්ට් එක තියෙන්නේ ටෙලිකොම් එකට ඉස්සරහ... )

ඔන්න ඉතින් බස් එනවා... දන්නා අය දන්නවා 120, 138 බස් කොයිතරම් පරිස්සමෙන්, හෙමින්ද යන්නේ කියල. අපි තුන්දෙනා ඉතින් බස් එකකට දුවනවා.. ඔන්න ඒක  ඇදලා යනවා... (අපේ අක්කා  නැලවී නැලවී එනකල් ඉතින් කරත්තයක්වත් නතරකරන් ඉන්නෙත් නැහැ ඉතින්...)


ඔහොම බස් 2ක් විතර මග ඇරුන . මම දැන් ටිකක් එයාල දෙන්නට ඈතට වෙන්න තමයි හිටියේ. ඔන්න එතකොට තව 120 බුස් එකක් ආව . මම අපේ අක්කගේ අතේ තිබ්බ පර්ස් එක මගේ අතට අරං කිව්වා..

"මේකට නගිමු.... ඉක්මනට එන්න කියල..."

මම දුවගෙන ගිහින් නැග්ග... අප්පා ඇති යන්තම්.... නැගල හැරිලා බලනකොට... මෙන්න අර දෙන්නම බිම!!!!! බස් එකත් කඩාගෙන බිදගෙන යනවා. 

දැන් ඉතින් මොනා  කරන්නද... ඒ දෙන්නා  ආපුවාවේ  කියල මම හිතුව යන්න කියල. අක්කගේ පර්ස් එක ඇරලා සල්ලි ගන්න හැදුව...

"හාහ්!!!!! කෝ සල්ලි?" 

අක්කගේ පර්ස් එකේ කිසිම දෙයක් නැහැ!! මම දඩ බඩ  ගාලා හැම පොකට් එකම ඇදල බැලුව.... අනේ මගේ කරුමේ... අඩුම තරමේ සත පනහක් වත් නැහැ!!! මෙහෙමත් පර්ස්!! මම මගේ බෑග් එකත් හර්ෂණ අය්යාට  දීල තිබ්බේ එයා  ඉල්ලපු නිසා. 

දැන් මොකද කරන්නේ.... මට හීන් දාඩිය දාල... ඔන්න මගේ ටිකිරි මොලේ වැඩ කරා. ඒ දවස්වල මම මගේ දුප්පත් ෆෝන් එක ගත්ත අලුතමයි. ටක් ගල ගත්ත කෝල් එකක් හර්ෂණ අය්යට (අපෝ මේ වගේ වෙලාවල්වල අක්කට කෝල් කරොත් මට හාර්ට් attack එකක් හැදෙනවා එයාගේ කෑගැහිල්ලට...)

"අය්යා  පර්ස් එකේ සල්ලි නැහැ..... ඔයාලට බස් එකට නගින්න බැරි උන නේද?"

"හරි නංගි  බය වෙන්න එපා..... ඔයා මගින්  බහින්න. අපි ඊලග බස් එකේ එනවා."



අනේ ඉතින් කරුමේ.....  ප්‍රයිවෙට් බස් වල කොන්දොස්තරලා ගැන ඉතින් දන්නවනේ..... විශේෂයෙන් 120/138 බස් වල ඉන්න ය ඉතින් කඩියෝ වගේ තමයි... කී  දෙනෙක් නැග්ගත් හෝල්ට් එකක් පාස්  වෙන්නත් කලින් සල්ලි ටික ගන්නවා... මගේ කරුමෙට කොන්දොස්තරත් ආවා ......

"සල්ලි.... පස්සෙන් සල්ලි ගන්න..."
(පස්සෙන් සල්ලි ගන්න පුළුවන් නම් අපි බස් එකේ එනවද කියල අහන යාලුවෙකුත් මට හම්බ උන ඊට ගොඩ කාලෙකට පස්සේ... හි හි හි...)

ඔන්න ඉතින් මම මගේ ටිකිරි මොලේ පාවිච්චි කළා ...

"මේක කොට්ටාව යනවද...."

මේ වෙනකොට ඉතින් බස් එකේ කීපදෙනෙක් හිටගෙන හිටිය... ඒ වගේම සලාකා  හරියට කිට්ටු කරලා. ඉස්සර මම මේ කියන දවස් වෙනකොට 120/138 බස් route වෙනස් පාරවල් වල තමයි ගියේ. දැන් නම් ගොඩක් වෙලාවට එකම පාරේ යන්නේ. කොළඹ කැම්පස් එක හරියේ දැන් one-way  කරලා නේ... සලාකා  කියල හෝල්ට් එකක් නැහැ දැන් මම හිතන්නේ....

"කොට්ටාවේ??? නෑ  නෑ ... බහින්න බහින්න.. 138ක යන්න......." කොන්දොස්තර මහතා බෙල් එකත් ගහල මාව  සලාකා  හරියෙන් බිමට දැම්ම. මම බැහැල ඉක්මනට හර්ෂණ අය්යට කෝල් එකක් ගත්ත...

"හලෝ අය්ය ... මම සලාකා ඉන්නේ... ඔයාල කොහෙද..."

මට යන්න විදියක් නැහැ.. සල්ලිත් නැහැ නේ....... 

"ඉන්න නැඟී අපි බස් එකේ ඉන්නේ.... සුදුපාට බස් එකක් යටින් නිල ඉරක් තියෙන.... ඔය එකට නගින්න.... දැන් අපි ඔතනට ළගයි "

කෝල් එක මම කට්  කරලා බැලුවා  හොදට.... පෙන්න නම් නැහැ... ඒත්  මම බලාගෙන ඉන්නකොටම ආවා සුදුපාට බස් එකක් නිල ඉරක් තියෙන... මම අමාරුවෙන් නතර කරගෙන දුවල ගිහිල්ල නැග්ග... වැඩිය සෙනගත් නැහැ...... කෝ?? හැමතැනම බැලුව.... කෝ.. අක්කයි... හර්ෂණ අය්යයි නැහැ නේ... මට දවල් තරු!!! ආයෙත්  ගත්ත කෝල් එකක්...

"මම බස් එකේ... කෝ ඔයාල කොහෙද...."

"හැඃ !!!?? අපි තවම සලාකා  හරියට ආවේ නැහැ.... මළකෙළියයි ....... ඔයා  වැරදි බස් එකටනේ අනේ නැගල තියෙන්නේ.... බහින්න බහින්න....."


මම හැරුන...

"සල්ලි.... සල්ලි ගන්න..." කොන්දොස්තර මගේ මුනට රවල බලල කිව්වා....

"මේක කොට්ටාවේ යනවද...?" පුරුදු තැටිය දැම්ම....

"කෝ..ට්ටාවේ ...............??? පිස්සුද මේ බස් එකට නැග්ගේ????"

දෙනෝදාහක් මැද්දේ කොන්දොස්තර ලතෝනියක් තිබ්බ... ඉස්සරහ හිටපු මිනිස්සු හිටන් හැරිලා බැලුව... මොනා  කරන්නද.....

...."බහින්න බහින්න...."

කොන්දොස්තර ඊලග හෝල්ට් එකෙන්ම මාව බිමට බැස්සුවා...... මට දැන් හොදටම එපා වෙලා.... 
ඔන්න ආයෙත් ෆෝන් එක වදිනවා..

"මොකද? මම ඉන්නේ town  hall ..... "

"හරි නංගි ..... මම ජනේලෙන් කතා කරන්නම්...." 

හර්ෂණ අය්යා ඔන්න කිව්වා... දැන් ඉතින් මට මොකක් උනත් එකයි.... ඔන්න එතකොටම එනවා තවත් සුදු බස් එකක් නිල ඉරක් තියෙන..... එකේ පැත්තකින් අතක් කොඩියක් වගේ වනනවා.. හරියට අපි ඉස්කෝලේ ට්‍රිප් ගියාම වගේ.... මම නැග්ගේ නැහැ.. 


"නංගි .... නගින්න...." මෙන්න හර්ෂණ අය්යා  බෙරිහන් දෙනවා බස් එක ඇතුලේ. හරියට නිකන් මිනිහ drive  කරගෙන ආපු car එකට නගින්න කියනවා වගේ....... 

ඇති යන්තම්........ ඔන්න බස් එකට නැග්ග..... මට වෙච්ච දේ ඉතින් අක්කට කියල වැඩක් නැහැ. "ආ..... නේ....." කියයි... එච්චරයි...



අනේ මන්ද... මේකෙන් ගන්න ආදුරුස එහෙම තියෙනවද කියල....... 

07. අපේ අක්කා සහ පැපොල් ගෙඩිය...




අපේ අක්කත් හරි නට් කේස්  එකක්! අපි දෙන්නා  අතරේ වයස අවුරුදු කීපයයි ගැප් එක.....  පොඩි කාලේ  නම් ගොඩක් ෆිට් නැහැ ඒත්  වයසින් වැඩෙද්දී  අපි දෙන්නා  හරිම එකමුතුයි.

මේ සිද්ධිය වෙනකොට අක්කා  A/L  කරලා ගෙදර ඉන්න දවස්. ඒ දවස්වල A /L  කරලා ටික කාලයක් ඉන්න වෙනවා විශ්වවිද්‍යාලයට යන්න. මම ඉතින් A /L  වලට සුදානම් වෙනවා. එකෝමත් එක දවසක මම ක්ලාස් ඉවර වෙලා සුපුරුදු විදියට ගෙට ගොඩ උනා. අම්මත් මොකක් හරි වැඩකට එළියට  ගිහිං , අය්යත් ගෙදර නැහැ. තාත්තත් ඒ කියන දවස්වල රට. ඉතින් අක්ක විතරයි ගෙදර..

මේ පොර පුදුමාකාර බයයි තනියෙන් ඉන්න. ඒක  අදටත් වෙනස් වෙලා නැහැ. පව් දෙය්යනේ අර කසාද බැදපු අය්යත් මේවට ඔරොත්තු දෙනවා! හි හි හි..... තනියෙම ගෙදර ඉන්න වෙලාවක හය්යෙන් ගහක් හෙලවුනත් ගම දෙවනත් වෙන්න කෑගහනවා... අපේ අම්මත් එයාව තනියෙන් තියල යනවා නම් පොඩි වෙලාවකට විතරයි. මම ක්ලාස් ඇරිලා ඉක්මනට එන නිසා ඒ වෙලාව බලල තමයි අම්ම යන්න ඇත්තේ...

06. ටිකෙට්??


ඔන්න ඉතින් මේකත් පල්ලෙහා ගෙදර නංගි  සම්බන්ධ කතාවක්... එය ගැන ඉතින් මම කියල ඇති මිට කලින් වතාවක්.

මෙයා ඉස්කෝලේ ගියේ, සෙල්ලම් කලේ ඔක්කොම මමයි අපේ අක්කයි එක්ක තමයි.(ඒ නංගි  ඉස්කෝලේ ගියේ අපේ අක්කගේ එකටමයි) අපි යන ඕනේ තැනක එයාගේ ආච්චි අම්ම එයාට එන්න අවසර දීල තිබ්බේ. (එහෙම් ... එහෙම් ..... අපි හොද ළමයි නිසා තමයි හරිද?...) 

මේ කියන කාලේ මගේ වයස අව්රුදු 11-12ක් විතර ඇති. අපි දහම්පාසලට  යන නිසා ඔන්න ඉතින් මේ නංගිවත් අපේ දහම්පාසලට යවන්න පටන් ගත්ත. මෙයා  ඉතින් හැමදාම වගේ පරක්කුයි. (අපි කියල ඉක්මනට ලෑස්ති වෙන්නේ නැහැ... මේ කෙල්ල අපිටත් වඩා පරක්කුයි හි හි හි.....)

අපිට ඉතින් නිදහසේ ඉස්කෝලේ යන්න ලැබෙන්නේ නැති නිසා මම නම් හරිම කැමතියි මේ දහම්පාසැල්  ගමනට! ඉස්කෝලේ යනකොට ඉතින් van එකේ ගිහින් බහිනවා ආයෙත් හවස වෙලාවට ගන්නවා! අපොයි මට ඒක මහා කරදරයක් වෙලා තිබ්බේ. කිසිම නිදහසක් නැහැ. ඕකෙන් ගැලවෙන්න මම එක එක උපක්‍රම පාවිච්චි කලා  පොඩි කාලේ  හි හි හි..... ඒවා ගැන ඉතින් මම පස්සේ වෙනම කියන්නම්....

Friday, May 31, 2013

05. හිතේ තියෙන දේවල්..


කියාගන්න බැරුව හිතේ තියාගෙනම ඉන්න පුළුවන් ජාති කීයක්  තියෙනවද?
1. ආදරයක් 
2. වෛරයක් 
3. පිළිකුලක් 
4. අතිශය භයංකර රහසක් ( කීමෙන් පිහිඇනුමක් , ජිවිත හානියක් ඇතිවියහැකි)

තව මට මතක් වෙන්නේ නැහැ නේ.......
මම අංක දැම්මේ හේතුවක් ඇතුව. මොකද ඒ තියෙන පිළිවෙලට තමයි මගේ ලිස්ට් එක නම්.

කියාගන්න බැරුව හිතේ තියන් හිටපු සහ තියන් ඉන්න ආදරයන් ගැන නම් ඉතින් මම කියන්න ඕනේ නැහැ නේ. 

වෛරයක් ගැන උනත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිතේ තියාගෙන ඉන්න වෛරයන් එලියට එනකොට එක එක හැඩතල ගන්නවා. කැපිලි, හින්ට් ගැහිලි වගේ...

පිළිකුල උනත් එක එක හැඩරුව ගන්නවා හිතේ තියාගෙන හිටියොත්. ගොඩක් වෙලාවට මම දැකල තියෙන දෙයක් තමයි සේවා ස්ථානයේ තියෙන සදාකාලික 'බොසා විසින් පිළිකුල් කරන සේවකයා' සහ 'සේවකයා විසින් පිළිකුල් කරන බොසා' (ඉදල හිටලා ඊට වෙනස් කතා තියෙනවා)

මම බය මේ අන්තිම ජාතියේ එකට! කව්රුහරි ඔයාට කිව්වොත් ඒ වගේ රහසක්???? එහෙම නැත්තම් ඔයාට ඒ වගේ රහසක් තියෙනවා නම්????? අපොයි දෙය්යනේ.... නින්ද යන්නේ නැහැ අප්පා..........

Thursday, May 9, 2013

04. පල්ලෙහා ගෙදර නංගිගේ රෙකොර්ඩ් පොත


අපේ ගෙදරට පහළ ගෙදරට අපි හැමෝම විතරක් නෙවෙයි අහල පහළ හැමෝමත් කිව්වේ "පහළ ගෙදර " කියලා. ඒකෙ ඉතින් අමුත්තක් නැහැ නේ.

ඒ ගෙදර ගැන නම් ඉතින් ලියන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද අපේ ගෙදරට නිතර ආව ගිය අය  වගේම එයාලගේ ගෙදර අපිත් ඉස්සර නිතර යනවා එනවා.

මම මේ කියන දවස් වල ඒ ගෙදර හිටියා නංගි කෙනෙක්, අපිට වඩා අව්රුදු පහක් විතර බාල. එයාට ගෙදර කිව්වේ "බර්නි" කියල.

ලංකාවේ අයගේ තියෙනවා නේ විකාර පුරුද්දක්.. ගන පිහිටවලා... වෙලාව බලලා ... දන්නා සුත්තර ඔක්කොම කරලා උප්පනෙට දාල නමක්... ඒකට පොඩ්ඩක්වත් ලගින්වත් යන්නේ නැති විකාර නමක් කියල ගෙදරට කතා කරනවා!

Monday, April 29, 2013

03. මගේ කතා කියවපු කව්රු හරි මේ cyber අවකාශයේ ඉන්නවද?

සිංහල බ්ලොග්ස් කීපයක් මම කියෙව්වා. ඒවා දැක්කම  මට ආයෙත් ලියන්න හිතුනා. මම ලියන්න ගත්තේ මොන කාලේද කියල මට හරියට මතක නැහැ ... ඒත් මගේ පාසල් කාලේ යාලුවෝ දන්නවා මම ලියපු නවකතා ගැන නම්.. හි හි හි .... දැන් නම් මතක් වෙනකොට හිනා යනවා.

මට නවකතා ලියන්න නම් හිත ආවේ හරි අපුරු විදියකට. මගේ පාසලේ main hall එකේ   තිබිලා මට දවසක් හම්බ උනා නවකතාවක්. මට ඒකේ තිබ්බ කතාව හොදටම මතකයි. පින්තුරෙකුත් ඇදල තිබුණා. ඒක මගේ හිතේ කොතරම් තදට තැන්පත් උනාද කිව්වොත් මම ඊට සතියකට පස්සේ පුංචිම පුංචි කොළ කැල්ලක ලිව්වා කතාවක්... හි හි... ඒ කතාවේ ලිව්වේ මම ජේද තුනයි.. එකේ පාඨකයා දක්වපු ප්‍රතිචාර නිසා එතැනම නතර උනා. මගේ පාඨකයාගේ වයස එතකොට අවුරුදු 10 යි !! ඇය මගේ අසල්වාසී නංගියෙක්.මට ඒකාලේ තේරුනේ නැහැ කාටද ඒක පෙන්නන්න ඕනේ කියල.

දෙවනියට මම ලිව්වා ඇත්තටම නව කතාවක් ... එකේ නම "කුමරුණි  මගේ ලොව දිණු "... (කොහෙන්ද මට ඒ නම ඔලුවට ආවේ?.. දන්නේ නැහැ!)මගේ ලියන පොතක් ( Exercise book) තමයි පාවිච්චි කලේ. අතින් ඇන්දා චිත්‍ර ඒ ඒ තැන් වලට ගැලපෙන්න. කවරේට කතාවේ ප්‍රධාන චරිත ටිකක් මගේ හිතේ ඇදුන විදියට ඇන්දා. මේ පාර නම් මගේ පාඨකයෝ උනේ මගේ පාසැල් යාලුවෝ! පුදුම පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා . ඒක මුළු පාසැල පුරාම අතින් අත ගියා. මම ඒ පොතේ අගට පිටි ටිකක් ඉතුරු කළා පාඨක ප්‍රතිචාර ලියන්න කියලා. පළවෙනිම ප්‍රතිචාරය ලැබුණ දවස මට නින්ද ගියෙත් නැහැ. සතුටුයි. 

මගේ කතා ඊට පස්සේ හරියට ජනප්‍රිය උනා . ලොකු කමකට කියනවා නෙවෙයි. මම හොද සිංහල ඉතා හොදින් ඒ හැම පොතකම හැසිරෙව්වා. මේ වගේ නෙවයි, හොද ව්‍යාකරණ එක්ක! කතාවක් ලියන්න මට හොද වස්තුබීජ තිබුණා මගේ පාසැල තුලම . හැබැයි හිනා යන වැඩේ කියන්නේ... මම කතාව ඉවර කරන්නේ පොතේ පිටු අඩුම තරමේ 10 ක් වත් ඉතුරු කරලා... නැත්තම් මම කොහොමද පාඨක ප්‍රතිචාර ගන්නේ? හි හි හි... 
මගේ කතා කියවපු කව්රු හරි මේ cyber  අවකාශයේ ඉන්නවද?..............................??