Friday, May 6, 2016

276. වැස්සකට






විසල් අහසට දරා ඉනු බැරි - වැහි බින්දු පොදි බිම වැටි
උපුල් සිහිනෙක රැඳුනු සිරි ඇති - පෙඟුණු නල හමනා හැටි
තැවුල් නොමදෙන සිනා කැන් ඇත - අතුපතර අතුරින් හිටි
සියල් ගිම් බිඳ හරිනු රිසිලෙස - අහස්කුස මා මත වැටි.




පින්තුර: කොහෙන්වත් හොරකම් කලේ නැහැ මේ පාර. මේක පෙරේදා හවස ගත්තේ.


33 comments:

  1. :)වැසි වැටි ඇති සැටි ...

    ReplyDelete
  2. මා මතත් වැටුන වැස්ස


    ( හොදටම අහස කළු කරගෙන වහින්න එන වෙලාවට

    WTC එකේ හරි වෙන උස ගොඩ නැගිල්ලක ඉදන් හරි නෙළුම් කුළුණ බලන්න...)

    ReplyDelete
    Replies
    1. වැස්සක් බලන්නත් හොඳම තැනක් ඕනේ... WTC එක ඔය කොයිදේත් විඳින්න කියාපු තැන... නැද්ද? ;-)

      හා හා හා... ඔය නෙලුම් එව්වා මෙව්වා බලනවා නෙවෙයි ! එව්වා බැලුවාම කිල්ලට අහුවෙනව

      Delete
  3. පිළිතුරු කවියක් ලියන්න හිතුව හිතුව මොකුත් හිතෙන්නෙම නැහැ. කෙටි උනත් රහ කවියක් :)

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු...... හිතුන ගමන් දාන්න හරිද?

      Delete
  4. ඔයා මත නෙමේ නේ අනේ වැටිලා තියෙන්නේ, වීදුරුවක් මත නේ...

    ReplyDelete
    Replies
    1. වීදුරුවක් උනාට ඒක විශේෂයි.... මෙලෝ රහක් නැති කතා කියන්න එපා අනේ..

      Delete
  5. පසල් නුවරක වැඩුණු පින්බර කුමරියක මෙනුවර මෙදා
    අසල් වැසි කඩයකට ගොඩවී මිලට ගත් බඩු පොදි බදා
    විසල් කරගත් නෙතින් අහසට යොමා ගත් නෙත් පිස දදා
    අකල් වැස්සට තෙමුණු බව පවසයි මනා කවි රස බෙදා... :p

    ReplyDelete
    Replies
    1. එදා වැස්සට තෙමෙන්නට නොව මියෙන්නට වුව සිත් ඇතී
      විදාගත් අත් දෙකින් සුරැකුණු නෙතක ආදර හුරු ඇතී
      හදා කෙලෙසක ගන්නදෝ හිත වැසි අහස මා සිත දතී
      මුදා ගනු බෑ එවන් මිහිරිම මතකයක් යලි එනු නැතී

      ස්තුතියි කමියා... ලියන්නකෝ කවි මේ විදියට, කළා හිතක් වගේ!

      Delete
  6. ලස්සනයි පදපෙළ ... මේ දවස්වල ඇදහැලුණු සොඳුරු වැසි මාත් බොහොම ආදරණීයව රස වින්දා ....

    ReplyDelete
    Replies
    1. ඒ වැසි වසින්නේ කොතරම් දේවල් සතුටින් තියන්නද නේද? වෙලාවකට හිතෙනවා ග්‍රීෂ්මය දවාලේ කරපු සැහැසිකම් බලාගෙන බැරුවම අඬාගෙන එනවද මන්ද

      Delete
  7. වැස්සට හුඟක් කැමතියි මං. පද පෙල අපූරුයි සොයුරියේ.

    ReplyDelete
    Replies
    1. මම කැමතියි නෙවෙයි, වැස්සට මම නම් ආදරෙයි... පොද වැස්සක වගේම මුරුගසන් වැස්සකට උනත් පුළුවන් එකවගේ හිත පුරාම ගලාගෙන යන්න කතරක් ක්ෂේමභුමියක් කරගෙන. නැද්ද?

      Delete
  8. ඒ මරුනෙ.. උපේක්ෂා මැඩම් ඇයි සඳැස් නොලියන්නෙ..

    ReplyDelete
    Replies
    1. ආබාධිතකම තමයි ඉතින්. වෙන මොකද්ද? ඉඳල හිටලා ඉතින් බට්න් එක එබෙනවා.. හෙහ් හෙහ්

      Delete
  9. අර බිල්ඩිම දැකල මම හිතුවේ වෙන එකක්... පස්සෙනේ කළු අහස දැක්කේ..

    ReplyDelete
    Replies
    1. දැන් හිතුවේ කොයි එකද පැතුම්?

      කොහෙද ඉතින් කෝඩ් කොටලා කොටලාම පෙන්නේ ද්‍රව්‍යමය දේවල් විතරයිනේ

      Delete
    2. කෝඩ් සහ ද්‍රව්‍යමය දේවල් අතර සම්බන්ධය පැහැදිලි නැත.. බැරිවෙලා හරි කෝඩ් ද්‍රව්‍යමය දෙයක් විදියට සලකන තැනක් තියෙනවනම් කියන්න කිලෝ ගානට දෙන්න පුළුවන්...

      Delete
    3. මම අදහස් කලේ මේකයි.... කවියත් තියෙන්නේ අහසක්, වැස්සක් ගැන වෙච්චිකොට බිල්ඩිම ගැන හිතුවේ කියල. හි හි හි... ඒක නෙවෙයි, අර කිලෝ ගානට දෙන තැනක් හම්බුනොත් මටත් කියන්න හරිද, මමත් මේ දවස්වල බයර් කෙනෙක් හොයනවා ඕසෙට. දැන් කාලේ එහෙම එකෙක් හොයාගන්න තියෙන අමාරුවක්!

      දැන් ඉතින් කියමු හොඳයි මොකද්ද වෙන එකක් හිතුවේ කියල. අපිටත් ඉතින් ඕපයක් නැතුවම බැහැනේ

      Delete
    4. මම හිතුවේ ඔය බිල්ඩිම අස්සේ වෙන දේවල් දරා ගන්න බැරිව වැස්සක් වැස්ස වගේ හෙන අභූත අදහසක් තියෙන හෙන නිර්මානාත්මක කවියක් වෙන්න ඇති කියල... කියවන්න කලින් හිතුවේ..

      (හිතෙන හිතෙන දේවල් කොමෙන්ට් කරන්න ගියාම පැහැදිලි කරලා ඉවරයක් නෑ නේ.. :D )

      Delete
    5. හය්යු හය්යු... මම ඔය වගේ බරසාර කවි ලියනවා කියල හිතනවා කියනකොටත් මට එනේ පුදුම ජොලියක්. ඒ උනාට මම එහෙම එව්වා ලියලම නැහැනේ.. හෙහ් හෙහ්... පාවෙනවා වගේ

      Delete
  10. //සියල් ගිම් බිඳ හරිනු රිසිලෙස - අහස්කුස මා මත වැටි.//
    මට කවිය වෙන ඇහැකිනුත් පෙනුනා උපේක්ෂා අක්කෙ.ආදරේ පෙන්නන්න බැරුව, තැනක්, නිදහසක් නැතුව ඉන්න පෙම්වතෙකුට...ඒ ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න පෙම්වතියක් කිව්ව කවියක් වගේ දැනුනා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ම්ම්ම්..... ඔයාගේ ඇහැට දොසක් කියන්නේ කොහොමද ඉතින්. නේද?

      Delete
  11. දැන් මේක කෙටි කවිද නිකන් කවිද? කෙහෙටද බං දාන්නේ

    ReplyDelete
    Replies
    1. දැන් කොහේ දාන්නද මේ අහන්නේ?

      Delete
  12. වැහි එක්ක පිට වෙන කවි කම... කවිය සඳැස් කවියක්නේ.. දෙපස එළිසමය තබා ලියැවී ඇති අපූරුව !

    ReplyDelete
    Replies
    1. වහින්න එපැයි ඉතින් මැටි ටික හේදිලා යන්නවත්!

      ඔව් සඳැස් තමයි. මම කවි ලියන්න ගත්තේ සඳැස් වලින්. ඊට පස්සේ පිරිහිලා ගියා... හි හි හි...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...