ඔන්න ඉතින් මේකත් පල්ලෙහා ගෙදර නංගි සම්බන්ධ කතාවක්... එය ගැන ඉතින් මම කියල ඇති මිට කලින් වතාවක්.
මෙයා ඉස්කෝලේ ගියේ, සෙල්ලම් කලේ ඔක්කොම මමයි අපේ අක්කයි එක්ක තමයි.(ඒ නංගි ඉස්කෝලේ ගියේ අපේ අක්කගේ එකටමයි) අපි යන ඕනේ තැනක එයාගේ ආච්චි අම්ම එයාට එන්න අවසර දීල තිබ්බේ. (එහෙම් ... එහෙම් ..... අපි හොද ළමයි නිසා තමයි හරිද?...)
මේ කියන කාලේ මගේ වයස අව්රුදු 11-12ක් විතර ඇති. අපි දහම්පාසලට යන නිසා ඔන්න ඉතින් මේ නංගිවත් අපේ දහම්පාසලට යවන්න පටන් ගත්ත. මෙයා ඉතින් හැමදාම වගේ පරක්කුයි. (අපි කියල ඉක්මනට ලෑස්ති වෙන්නේ නැහැ... මේ කෙල්ල අපිටත් වඩා පරක්කුයි හි හි හි.....)
අපිට ඉතින් නිදහසේ ඉස්කෝලේ යන්න ලැබෙන්නේ නැති නිසා මම නම් හරිම කැමතියි මේ දහම්පාසැල් ගමනට! ඉස්කෝලේ යනකොට ඉතින් van එකේ ගිහින් බහිනවා ආයෙත් හවස වෙලාවට ගන්නවා! අපොයි මට ඒක මහා කරදරයක් වෙලා තිබ්බේ. කිසිම නිදහසක් නැහැ. ඕකෙන් ගැලවෙන්න මම එක එක උපක්‍රම පාවිච්චි කලා පොඩි කාලේ හි හි හි..... ඒවා ගැන ඉතින් මම පස්සේ වෙනම කියන්නම්....
අයෙත් කතාවට ! දහම්පාසල් යන දවසට විතරක් අපේ අම්ම අපිට බස් එකේ යන්න අවසර දීල තිබ්බ නිසා මම හරිම ආසයි .......
අපිට ඉතින් නිදහසේ ඉස්කෝලේ යන්න ලැබෙන්නේ නැති නිසා මම නම් හරිම කැමතියි මේ දහම්පාසැල් ගමනට! ඉස්කෝලේ යනකොට ඉතින් van එකේ ගිහින් බහිනවා ආයෙත් හවස වෙලාවට ගන්නවා! අපොයි මට ඒක මහා කරදරයක් වෙලා තිබ්බේ. කිසිම නිදහසක් නැහැ. ඕකෙන් ගැලවෙන්න මම එක එක උපක්‍රම පාවිච්චි කලා පොඩි කාලේ හි හි හි..... ඒවා ගැන ඉතින් මම පස්සේ වෙනම කියන්නම්....
අයෙත් කතාවට ! දහම්පාසල් යන දවසට විතරක් අපේ අම්ම අපිට බස් එකේ යන්න අවසර දීල තිබ්බ නිසා මම හරිම ආසයි .......
ඔන්න ඉතින් මේ කියන දවසෙත් මෙයා සුපුරුදු විදියට පරක්කු වෙලා ඇවිත් අපිත් ඉක්මනට දිව්වා දහම්පාසලට. දහම්පාසල තිබ්බේ 1km විතර දුරකින්. අපි හුගක් වෙලාවට කරන්නේ උදේ බස් එකේ ගිහින්, එනකොට පයින් එන එකයි. මොකද එනකොට අපිට රේල් පාර දිගේ එන්න පුළුවන් හින්ද. (ඒක තහනම් වැඩක්.. අපි හොරෙන් කරන්නේ. අහු උනොත් බනිනවා.. එත් කව්ද ගෙදර ගිහින් ඔව්ව කියන්නේ? හි හි....)
සුපුරුදු විදියට දහම්පාසල් ඉවර වෙලා අපි එනකොට, අපේ අක්ක කිව්වා එයාට පයින් යන්න බහ කියල. ඔන්න ඔහේ කියල අපිත් හෝල්ට් එකට ආවා. CTB බස් එකක් ආවා , වැඩි සෙනගක් හිටියෙත් නැහැ. අපි තුන්දෙනා ඉතින් අනිත් ළමයිත් එක්කම නැග්ගා. වැඩිදුරක් යන්න නැහැ නේ. ඒ හින්ද තිබුන තැනකින් අල්ලාගෙන මම අර නංගි දිහා බැලුවා .
සුපුරුදු විදියට දහම්පාසල් ඉවර වෙලා අපි එනකොට, අපේ අක්ක කිව්වා එයාට පයින් යන්න බහ කියල. ඔන්න ඔහේ කියල අපිත් හෝල්ට් එකට ආවා. CTB බස් එකක් ආවා , වැඩි සෙනගක් හිටියෙත් නැහැ. අපි තුන්දෙනා ඉතින් අනිත් ළමයිත් එක්කම නැග්ගා. වැඩිදුරක් යන්න නැහැ නේ. ඒ හින්ද තිබුන තැනකින් අල්ලාගෙන මම අර නංගි දිහා බැලුවා .
"පොඩි අක්කි..... මාර වැඩේ නේ..."
තරු වගේ පෙනුන මතකයි........ හේතුව දන්නේ නැති උනත් මේ බඩුවගෙ හැටි දන්න නිසා මට මහා බයක් දැනුන..
"ඇයි ... මොකද?" මම ඇහුව
"සල්ලි ගෙනල්ල නැහැ" ^$%&^&%
මගේ කන් දෙකෙන් දුන් පිට උනා. අපි බස් එකේ යන්න හරියටම ගානට විතරයි සල්ලි ගේන්නේ. ඒ ඇයි කියල අහන්න එපා අපිට වෙන දෙකට සල්ලි ඕනේ වෙන්නේ නැහැ. ඒ හින්ද අපිට ගානට විතරයි හරියටම සල්ලි තියෙන්නේ.
මගේ ගාව තිබ්බේ මට විතරයි. මම දන්නවා අපේ අක්කටත් ඒ කතාවමයි කියල.... මගේ ඉහ මොළ රත් උනා . පොඩි ළමයෙක් හින්ද මම හරිම බයයි බස් වල මේ වගේ දේවල් වෙනවට! මහා භීතියක් ඇති උනා.. අතපය සීතල වෙලා ගියා...
දැන් අර නංගිට වඩා බය වෙලා හිටියේ මම.... මොකද එයාව බලාගෙන ගෙදර එක්කගෙන එන භාරධුර වගකීම ඉතින් මටනේ වැඩිපුර තියෙන්නේ.. (අනේ මන්ද ඒ දවස්වල මට එහෙම තමයි තේරුනේ) මුකුත් හිතන්නත් කලින් මගේ කරුමේ පල දුන්නා ..... කොන්දොස්තර ලගටම ආව ...
මම මට සල්ලි දුන්නා ... අර නංගි මගේ ගාවටම ඇවිත් හිටගෙන!!! මට මගේ ටිකෙට්ටුව ලැබුණ.
"ටිකෙට්ස්....."
අර නංගි දිහාවට හැරිලා කොන්දොස්තර ආයෙත් කිව්වා... මම භීත වෙලා බලන් හිටිය...... අර නංගිත් බය වෙලා මගේ දිහා බැලුව...
"ටිකෙට්ස්..... කෝ ගන්න ටිකෙට්ස්....."
ආයෙත් කොන්දොස්තර කිව්වා.... ඔන්න එතකොට තමයි මගේ ටිකිරි මොළේට පොඩි කික් එකක් ආවේ.....
"එයාට තාම ටිකෙට් ගන්නේ නැහැ"....
ඔන්න මගේ කටින් පැන්න මම හිතන්නත් කලින්......
කොන්දොස්තර විතරක් නෙවෙයි මට මතක විදියට ඒ අසල හිටපු හැම දෙනාගේම මුහුණු මගේ දිහාවට හැරුන හරියට නිකං සූර්ය පැනල ටිකක් වගේ....... අර විශ්මයාර්ථ මුණු ටික අතරේ මම දැක්ක අපේ අක්කගේ පොල් සයිස් ඇස් දෙක තියෙන මුනත් තියෙනවා!! මම මුණ වෙනස් නොකර හිටිය ඕනේ දෙයක් වෙද්දෙන් කියල...
කොන්දොස්තරගේ මුණ විශ්මයෙන් පිරුණා ! විශ්මයක් නැතිවෙයිද අනේ මේ 6 වසරටත් වැඩි, වැඩිමල් ළමයෙක්ට ටිකෙට්ස් ගන්නේ නැහැ කිව්වම....!!!! (යන්තම් අව්රුදු 3 සම්පුර්ණ උන ගමන් බාග ටිකෙට් එකක්වත් ගන්න ඕනේ.. ටිකෙට් නොගන්නේ අත දරුවන්ට විතරයි මම හිතන්නේ.. )
එකපාරටම කොන්දොස්තරට හිනා ගියා. වටේ බලන් හිටපු හතර පස් දෙනෙකුත් යන්තම හිනාඋනා මට යන්තමින් මතකයි.
"ටිකෙට්ස් ගන්නේ නැත්තේ මෙයා අත දරුවෙක්ද? අනේ අනේ..... දහම්පාසල් ගිහිං නේද එන්නේ?"
මට පොලව පලාගෙන යන්න හිතුනා ..... වෙලාවට බස් එකේ යට ටකරං ..... හැබැයි කොන්දොස්තර එහෙම කිව්වේ හෙමීට... හිනාවකුත් එක්ක..... හරියට පොඩි දරුවෙක්ගේ දගකරකමකට සිනාවෙන් උත්තර බදින පියෙක් වගේ....
කොන්දොස්තර එහෙම කියලා කිසිම වෙනසක් නැතුව යන්න ගියා !!!!!!
එතකොටම අපි බහින තැන ආවා. අපි තුන්දෙනා බැස්සා... බැහැපු ගමන් මම අර නංගිට දෙස්දෙවොල් තිබ්බා... අක්ක නොහිටින්න මම හොදටම තරහ වෙනවා........ හොදටම දෙස්දෙවොල් තිබ්බ කියන්නේ මම කිව්වා..
"මොනවා කරනවද මන්ද බර්නි ඔයා නම්! " කියල :-D
මේ නංගිගේ තව වැඩ පසුවට...
යකෝ දහම් පාසැල් ගිහින් එන ගමන් කියපු බොරුවේ මහත! එතනම පටිසන් දෙනවා අර කොන්දා කලාතුරකින් මගී ජනතාවගේ පිනට පහලවෙන වර්ගයේ කරුණාබරිත හදවතකින් හෙබි කොඳු නායකයෙක් නොවුනානම්!
ReplyDeleteමොකද මේ වෙන්න යන්නේ? පෝස්ට් දාගෙන දාගෙන යන්නේ? :D
ඔන්න ඉතින් ඕකනේ...... මම මගේ ටිකිරි මොලෙන් වැඩක් ගත්තේ නැත්තම් මොනා කියල කරන්නද?
Deleteඔව් ඒ කොන්දොස්තර ගැන නම් කියන්න තියෙන්නේ මගේ ජීවිතේටම අමතක නොවෙන පාඩමක් කියල දුන්න නිසා. අහ් ! මට තව බස් කතාවක් මතක් උනා .... ඉන්න මම පොස්ට් එකක් දාන්නම් ...
ඇයි අය්යෝ... මම කිව්වේ මම මිට පස්සේ වෙනසක් කරනවා කියල. මේක තමයි වෙනස :-D දිගටම පොස්ට් දැමිල්ල!!!!
ඔයත් මහ අන්තවාදියෙක්නේ උපේක්ෂා. :) එක්කො අවුරුදු පහකට පෝස්ට් හතරයි, නැතිනම් දවසට පෝස්ට් දෙකයි. හෙමිහිට දාන්ඩෝ. :D
Deleteබුදු අම්මෝ... ටිපිකල් බාල සහෝදරියෙක්ගේ ලක්ෂණ. මටත් එක කුස උපන් එකෙක් ඔය ජාතියෙන් ඉන්න නිසා හොඳට දන්නවා කන්නවෙන කට්ට.
ReplyDeleteහි.. හි....
Deleteඅපෝ... ඒ කෙල්ල මගේ බාල සහෝදරි නම් නෙවෙයි... කට්ට වෙට්ට පිත්තල! හි.. හි... තව කියන්නම්කො ඒ බඩුවගෙ වැඩ... දැන් නම් මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා