මගේ කවිහිත
හොරාගෙන?
අනේ මට දී යන්න
යනවිට - මගේම
ඒ කවිකම.....
අහා.... ඔබ යාද එහෙනම්??
මගේ හිත හොරකම්කර
දෙසිත් පොඩිවී රිදී, තැලී - හඬා
සැඩපහරකින් විසිකළ
අප දෙදෙන...
කිසි දිනෙක සමුනොවෙන ගොඩබිමක
විසිරුණිය - ඒ රුවල් නැව !
අනේ මා වැළපුනෙමි
නුඹ නේන බව දැනම...
හබලකුදු අහිමිව
මා උනිය ඒ
ලී පහුර මත
සිහිසුන්ව.......
කවිකමම...
නැතිකලද......
මා තුලම - ඔබම විය....
සියොලගෙහි - නුඹම විය...
අනේ....
නුඹ සොරාගෙන
මා...
මගෙන්ම.....
දී යන්න මගේ කවිකම...
මට හැකිය දොරගුලට අරගන්න - ඒක ...
No comments:
Post a Comment
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...