තෙත් බිමක් සොයාගෙන
මෙතෙක් දුර පිපාසෙන්
ආයෙමි - මම
ඔය හිතේ කෙම්බිමෙහි
අස්වනු නෙලන්නට - නොවේ
මේ නෙළුම් දඬු දැමුයේ...
අනේ...
පිපුනාද එ`මල්
විලෙහි පතුලෙහි සැඟව
අප දෙදෙනාටම හොරා- ආදරේ..
ඒ වගෙයි!
පිපාසෙට දිය නැතිව
උන්නු මට
නෙලුම් මල නෙලන්නට
නොදෙයි - සිත - යලි යලිත්
අනේ ඒ දිය පොකුණ
මගේ දෙපා බොරකරනු
බලනු බෑ ...
පියුම අග රොන් සැලී
යලි යලිත් අඬගසයි..
අහා! ඒ ආදරය
මගේ සිත විසිරුවයි..
දියට බට නොහි මා
සුසුම් ලමි
නෙලනු බැහැ - දියට බැස
විල ඔබෙයි
එයට මම ආදරෙයි...
02/02/2005
හ්ම්ම් හ්ම්ම්, ඉතින් මොනවා කරන්නද! ඔය අමාරුව ඔහොම තමයි.
ReplyDeleteඩුඩ් අය්යා තමයි ඉතින් එව්වා දන්නේ හි හි හි...
Deleteමේක මේ අවරුදු බර ගානකට කලින් ලිව්වා එකක් දැක්ක නේ දිනේ??
සඳ එළිය ගඟක් වී මා නුවන් ඉවුරේ හැපී පෙණ පිඬු නඟයි
ReplyDeleteඅනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ?