ඔන්න ඉතින් මේකත් අපේ නට් අක්කත් එක්ක ගියපු ගමනක්...
එකෝමත් එක දවසක අපේ අක්කයි මමයි කොළඹ ඉන්න දවස්වල exhibition and convention හෝල් එකේ තිබ්බ ප්‍රදර්ශනයක් බලන්න ගියා . මේකට ඉතින් අක්කගෙයි, මගෙයි පවුලේ යාලුවෙක් උන හර්ෂණ අය්යත් එකතු උනේ ඒ දවස්වල අපිට කොළඹ ආගන්තුක නිසා. අනේ අපේ අක්කගේ ඕනේ කටුවක් කන දුප්පත් හර්ෂණ අය්යත් සහෝදරකමට අපිත් එක්ක යන්න එකතු උනා. හර්ෂණ අය්යා මට වඩා වැඩිමල්, අක්කට වඩා බාලයි.
ඔන්න ඉතින් කොහොමහරි.... ප්‍රදර්ශනෙත් බැලුවා... දැන් ගෙදර යන වෙලාව. අපි හිටියේ කොහුවල බෝඩිමක. ඉතින් අපිව බස් එකෙන්ම ගිහින් ඇරලවන්න හිතාගෙන හිටපු හර්ෂණ අය්යත් එක්ක අපි තුන්දෙනා ආව කොටුවේ ලේක්හවුස් එක ලග තියෙන බෙන්ඩ් එකේ හෝල්ට් එකට (අනේ මන්ද කොහොමද හරියටම කියන්නේ කියල. ඒ හෝල්ට් එක තියෙන්නේ ටෙලිකොම් එකට ඉස්සරහ... )
ඔන්න ඉතින් බස් එනවා... දන්නා අය දන්නවා 120, 138 බස් කොයිතරම් පරිස්සමෙන්, හෙමින්ද යන්නේ කියල. අපි තුන්දෙනා ඉතින් බස් එකකට දුවනවා.. ඔන්න ඒක ඇදලා යනවා... (අපේ අක්කා නැලවී නැලවී එනකල් ඉතින් කරත්තයක්වත් නතරකරන් ඉන්නෙත් නැහැ ඉතින්...)
ඔන්න ඉතින් බස් එනවා... දන්නා අය දන්නවා 120, 138 බස් කොයිතරම් පරිස්සමෙන්, හෙමින්ද යන්නේ කියල. අපි තුන්දෙනා ඉතින් බස් එකකට දුවනවා.. ඔන්න ඒක ඇදලා යනවා... (අපේ අක්කා නැලවී නැලවී එනකල් ඉතින් කරත්තයක්වත් නතරකරන් ඉන්නෙත් නැහැ ඉතින්...)
ඔහොම බස් 2ක් විතර මග ඇරුන . මම දැන් ටිකක් එයාල දෙන්නට ඈතට වෙන්න තමයි හිටියේ. ඔන්න එතකොට තව 120 බුස් එකක් ආව . මම අපේ අක්කගේ අතේ තිබ්බ පර්ස් එක මගේ අතට අරං කිව්වා..
"මේකට නගිමු.... ඉක්මනට එන්න කියල..."
මම දුවගෙන ගිහින් නැග්ග... අප්පා ඇති යන්තම්.... නැගල හැරිලා බලනකොට... මෙන්න අර දෙන්නම බිම!!!!! බස් එකත් කඩාගෙන බිදගෙන යනවා.
දැන් ඉතින් මොනා කරන්නද... ඒ දෙන්නා ආපුවාවේ කියල මම හිතුව යන්න කියල. අක්කගේ පර්ස් එක ඇරලා සල්ලි ගන්න හැදුව...
"හාහ්!!!!! කෝ සල්ලි?"
අක්කගේ පර්ස් එකේ කිසිම දෙයක් නැහැ!! මම දඩ බඩ ගාලා හැම පොකට් එකම ඇදල බැලුව.... අනේ මගේ කරුමේ... අඩුම තරමේ සත පනහක් වත් නැහැ!!! මෙහෙමත් පර්ස්!! මම මගේ බෑග් එකත් හර්ෂණ අය්යාට දීල තිබ්බේ එයා ඉල්ලපු නිසා.
දැන් මොකද කරන්නේ.... මට හීන් දාඩිය දාල... ඔන්න මගේ ටිකිරි මොලේ වැඩ කරා. ඒ දවස්වල මම මගේ දුප්පත් ෆෝන් එක ගත්ත අලුතමයි. ටක් ගල ගත්ත කෝල් එකක් හර්ෂණ අය්යට (අපෝ මේ වගේ වෙලාවල්වල අක්කට කෝල් කරොත් මට හාර්ට් attack එකක් හැදෙනවා එයාගේ කෑගැහිල්ලට...)
"අය්යා පර්ස් එකේ සල්ලි නැහැ..... ඔයාලට බස් එකට නගින්න බැරි උන නේද?"
"හරි නංගි බය වෙන්න එපා..... ඔයා මගින් බහින්න. අපි ඊලග බස් එකේ එනවා."
අනේ ඉතින් කරුමේ..... ප්‍රයිවෙට් බස් වල කොන්දොස්තරලා ගැන ඉතින් දන්නවනේ..... විශේෂයෙන් 120/138 බස් වල ඉන්න ය ඉතින් කඩියෝ වගේ තමයි... කී දෙනෙක් නැග්ගත් හෝල්ට් එකක් පාස් වෙන්නත් කලින් සල්ලි ටික ගන්නවා... මගේ කරුමෙට කොන්දොස්තරත් ආවා ......
"සල්ලි.... පස්සෙන් සල්ලි ගන්න..."
(පස්සෙන් සල්ලි ගන්න පුළුවන් නම් අපි බස් එකේ එනවද කියල අහන යාලුවෙකුත් මට හම්බ උන ඊට ගොඩ කාලෙකට පස්සේ... හි හි හි...)
ඔන්න ඉතින් මම මගේ ටිකිරි මොලේ පාවිච්චි කළා ...
"මේක කොට්ටාව යනවද...."
මේ වෙනකොට ඉතින් බස් එකේ කීපදෙනෙක් හිටගෙන හිටිය... ඒ වගේම සලාකා හරියට කිට්ටු කරලා. ඉස්සර මම මේ කියන දවස් වෙනකොට 120/138 බස් route වෙනස් පාරවල් වල තමයි ගියේ. දැන් නම් ගොඩක් වෙලාවට එකම පාරේ යන්නේ. කොළඹ කැම්පස් එක හරියේ දැන් one-way කරලා නේ... සලාකා කියල හෝල්ට් එකක් නැහැ දැන් මම හිතන්නේ....
"කොට්ටාවේ??? නෑ නෑ ... බහින්න බහින්න.. 138ක යන්න......." කොන්දොස්තර මහතා බෙල් එකත් ගහල මාව සලාකා හරියෙන් බිමට දැම්ම. මම බැහැල ඉක්මනට හර්ෂණ අය්යට කෝල් එකක් ගත්ත...
"හලෝ අය්ය ... මම සලාකා ඉන්නේ... ඔයාල කොහෙද..."
මට යන්න විදියක් නැහැ.. සල්ලිත් නැහැ නේ.......
"ඉන්න නැඟී අපි බස් එකේ ඉන්නේ.... සුදුපාට බස් එකක් යටින් නිල ඉරක් තියෙන.... ඔය එකට නගින්න.... දැන් අපි ඔතනට ළගයි "
කෝල් එක මම කට් කරලා බැලුවා හොදට.... පෙන්න නම් නැහැ... ඒත් මම බලාගෙන ඉන්නකොටම ආවා සුදුපාට බස් එකක් නිල ඉරක් තියෙන... මම අමාරුවෙන් නතර කරගෙන දුවල ගිහිල්ල නැග්ග... වැඩිය සෙනගත් නැහැ...... කෝ?? හැමතැනම බැලුව.... කෝ.. අක්කයි... හර්ෂණ අය්යයි නැහැ නේ... මට දවල් තරු!!! ආයෙත් ගත්ත කෝල් එකක්...
"මම බස් එකේ... කෝ ඔයාල කොහෙද...."
"හැඃ !!!?? අපි තවම සලාකා හරියට ආවේ නැහැ.... මළකෙළියයි ....... ඔයා වැරදි බස් එකටනේ අනේ නැගල තියෙන්නේ.... බහින්න බහින්න....."
මම හැරුන...
"සල්ලි.... සල්ලි ගන්න..." කොන්දොස්තර මගේ මුනට රවල බලල කිව්වා....
"මේක කොට්ටාවේ යනවද...?" පුරුදු තැටිය දැම්ම....
"කෝ..ට්ටාවේ ...............??? පිස්සුද මේ බස් එකට නැග්ගේ????"
දෙනෝදාහක් මැද්දේ කොන්දොස්තර ලතෝනියක් තිබ්බ... ඉස්සරහ හිටපු මිනිස්සු හිටන් හැරිලා බැලුව... මොනා කරන්නද.....
...."බහින්න බහින්න...."
කොන්දොස්තර ඊලග හෝල්ට් එකෙන්ම මාව බිමට බැස්සුවා...... මට දැන් හොදටම එපා වෙලා....
ඔන්න ආයෙත් ෆෝන් එක වදිනවා..
"මොකද? මම ඉන්නේ town hall ..... "
"හරි නංගි ..... මම ජනේලෙන් කතා කරන්නම්...."
හර්ෂණ අය්යා ඔන්න කිව්වා... දැන් ඉතින් මට මොකක් උනත් එකයි.... ඔන්න එතකොටම එනවා තවත් සුදු බස් එකක් නිල ඉරක් තියෙන..... එකේ පැත්තකින් අතක් කොඩියක් වගේ වනනවා.. හරියට අපි ඉස්කෝලේ ට්‍රිප් ගියාම වගේ.... මම නැග්ගේ නැහැ..
"නංගි .... නගින්න...." මෙන්න හර්ෂණ අය්යා බෙරිහන් දෙනවා බස් එක ඇතුලේ. හරියට නිකන් මිනිහ drive කරගෙන ආපු car එකට නගින්න කියනවා වගේ.......
ඇති යන්තම්........ ඔන්න බස් එකට නැග්ග..... මට වෙච්ච දේ ඉතින් අක්කට කියල වැඩක් නැහැ. "ආ..... නේ....." කියයි... එච්චරයි...
අනේ මන්ද... මේකෙන් ගන්න ආදුරුස එහෙම තියෙනවද කියල.......
දැන් ඒක කියනකොට ජොලි වුනාට මේක වෙච්ච වෙලවේනම් මාර විදියට බය වෙන්න ඇති. හිතලා බලන්නකො ෆෝන් එක නොතිබුනානම් කොහොමද කියලා. තිබ්බත් ඒකෙ බැටරි බැහැලා තිබ්බා නම්? අනික 120යි 138යි යන්නේ පාරවල් දෙකකනේ. සලාකා එකට කලින් බහින්න වුනානම් කොහේ බහියිද දන්නේ නෑ.
ReplyDeleteබයටත් වඩා මට මේ විකාර බස් වලින් කිච වෙන වැඩේ එපා වෙලා තිබ්බේ...... අනේ මන්ද වෙලාවට වැඩිය අවුලක් උනේ නැතුව මග වැරදෙන්නේ නැතුව ගෙදර ගියපු එකම මදැයි!
Deleteස්තුති කියෙව්වට.....
හපොයි දෙය්යනේ ..කාලා තියෙන චාටර් එකක් ..
ReplyDeleteකියල වැඩක් නැහැ. අක්කත් එක්ක ගමනක් ගියොත් මොකක් හරි පරිප්පුවක් තමයි
Deleteස්තුති කොමෙන්ටුවට.
ෆෝන් එකෙන් ටිකට් සල්ලි ගෙවන දවසක් ලඟදීම උදාවේවා!
ReplyDeleteවෙයි වෙයි..... ඒ කියන්නේ ටිකට් එක ගන්න බැරි උනාම අපේ ෆෝන් එක ඒ වෙනුවට දෙන්න වෙන එකද?
Deleteස්තුති කොමෙන්ටුවට.
ලගට යනකොට සල්ලි නොදී යන්න හොද විදිහක්. කිව්වම මතක් උනේ එහෙම කට්ටිය සල්ලි නොදී බස්සනවා කියල.. හික් හික්. . ටිකිරි මොලේ තමා මොලේ..
ReplyDeleteසමහර කොන්දොස්තරයින්ට මීටර් වෙනවා ඒ හින්ද බලාගෙන. නැත්තම් පලු යන්න බනින්නේ... මගේ මුණ කොහොමත් තිබ්බේ චෝර වෙලා හින්ද අනුකම්පා හිතෙන්න ඇති. හි.. හි..
Delete