Monday, July 22, 2013

28. එකෝමත් එක සිද්දියක්...

මගේ පුංචිකාලේ කතා කීපයක් මම මිට කලින් ලියල ඇති. සමහර එව්වා හාස්‍යයි  වගේ පෙනුනට මට නම් හිතුනා ඒ ඇතුලේ සැගවුණු පොඩි පහේ වෙනස් සිතුවිලිත් තියෙනවා කියල. හරියටම කියන්න බැහැ.. එක එක වෙලාවට දැනෙන දේ අනුවනේ කියන්න වෙන්නේ 


මම මිට කලින් කියල ඇති මගේ දහම් පාසල් ගමන ගැන කතාවක්. අර ටිකට් කතාව? අන්න එක තමයි !
මේකත් මගේ දහම්පාසැල් කතාවක්.


මම හිතන්නේ මම දහම්පාසලට යන්න පටන් ගත්තේ 3 වසරේ ඉදං තමයි. මට හරියට මතක නැහැ. මම විතරක් නෙවෙයි අපේ අය්යා අක්ක දෙන්නම ගියෙත් මේ දහම්පාසලට. මේක ඒ පැත්තේ තියෙන ප්‍රසිද්ධ දහම්පාසලක්. ලොකු කමට කිව්වා එහෙම නෙවේ හරිද... මම හිතන්නේ දැන් ජාතික පාසලකට දානවට වඩා  මම හිතන්නේ මේ දහම්පාසලට ළමයෙක් දාගන්න එක නම්..

මේ දහම්පාසල ගැන ඉතින් මම කියන්න ඕනේ නැහැ වැඩිය විස්තර. කියන්නේ තියෙන්නේ අපි තුන්දෙනා එකට ගියපු රසබර මතකය තමයි. මේ දහම්පාසලේ අපූරු නීතියක් තියෙනවා, මොකද්ද  දන්නවද..? එකම පවූලේ අය නම් නිවාස වෙනස්! මේ හින්ද මමත් අපේ අක්කත් අය්යත් කියන තුන්දෙනාම වෙනස් නිවාස වල. 


එහෙම කියල නම් මට වෙනසක් නැහැ.. මොකද මගේ චරිත ස්වභාවය අනුව.... මම දහම්පාසලේ වෙනම චරිතයක් තිබ්බ කෙනෙක්. ඒ කොහොමද කියනවා නම්, මොන වයසේදී උනත් මගේ දහම්පාසල් වාර්තා නම් ඉතා සුපිරිසිඳු එව්වා වීම!!!! කොටින්ම කිව්වොත් ඉස්කෝලෙදි දඟ, කාටවත් ප්‍රෙඩ්ක්ට් කරන්න බැරි  චරිතයක් තිබ්බ මම දහම්පාසලේදී නම් ඉතා සුවච කීකරු දහම්පාසල් සිසුවියක්!!!! විස්වාස නැහැ නේද?? ඔව් හලෝ මම එහෙම තමයි.... ඒ ඒ තැනට... ඒ ඒ ඇණය කිව්වලු හිකිස්...
දහම්පාසලේ මෙහෙම චරිතයක් තිබ්බ මට ගොඩක් මතකයන් තියෙනවා එක එක වෙලාවල් වල. මම අද කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්. සමහරවිට කිසිම කෙනෙක් හිතන්න නැති දෙයක්... අදටත් මම හරිම ආසාවෙන් මතක් කරන සිද්දියක්... ඔන්න ඉතින් පදුරු වටේ තලන එක (මේක මම අල්ල ගත්තේ මේ බ්ලොග් අවකාශයෙන්මයි... හික්.. හික්...)  පැත්තක තියල මම කියන්නම් දැන් මේ කතාව.... කට්ටිය.... ඔන්න අහගන්නවා හොදායි...

මේ කියන දහම්පාසලේ මම දීප්තිමත් සිසුවියක් කිව්වා නේ... මගේ පොදු සාධකේ වන භාහිර වැඩවලට තියෙන උනන්දුව මට මෙහෙදිත් තිබ්බ. මට මතකයි එක පාරක් දහම්පාසලෙන් වැඩිහිටි නිවාසෙකට දානයක් වගේ එකක් දුන්න. එකට පොඩි එන්ටටේන්මන්ට් කොටසකුත් තිබ්බා. ඒ කියන්නේ අපි පොඩි ළමයි විසින් ඉදිරිපත් කරන විවිධප්‍රසංගයක් ඇතුලත් කරලා තිබ්බා. මමත් ඕකට සහභාගී උනා. කව්රු කොහොම අවස්තාව දුන්නද කියල මතක නැහැ. එත් මම නැටුම් . ගැයුම් කීපයකට හිටියා නම් මට මතකයි...
"මමයි රටේ වෙදායා... මමයි ගමේ වෙදායා..... මමයි බම්බු වෙදායා..."
ඔන්න එක අංගයක්.....
තව මට මතක හැටියට සමනල නැටුමක්දෝ කොහේදෝ තිබ්බා. නාට්ටියක් තිබ්බ.. එකේ මෙලෝ දෙයක් නම මට මතක නැහැ...

ඔන්න ඔහොමයි තත්වේ....

මේ දහම්පාසලෙන් හැම වෙසක් පෝයකටම මහා ඉහලින් පෙරහරක් සංවිධානය කරනවා. මට මතක ඇති කාලෙක ඉදල මම ඕකට වරද්දන්නෙ නැතුව සහභාගී වෙනවා. මගේ සියුමැලි අක්ක නම් මට මතක විදියට එක පාරක් ඕක කට්  කළා. ඒක  ලේසිවැඩක් නෙවෙයි. මොකද එදාට පැමිණීම ලකුණු කරනවා. අඩුම තරමේ මල් වට්ටියක් වත් අරන් පෙරහරේ යන්න ඕනේ. නැත්තම් ඊලග දිනේට අහු වෙනවා. මට නම් ඉතින් බලෙන් එන්න කියන්න ඕනේ නැහැ.. මම ඕවට හරි ආසාවෙන් තමයි සහභාගී වෙන්නේ. 
ඔන්න ඉතින් සුපුරුදු විදියට මේ පෙරහරට කටයුතු සුදානම් වෙනවා. මමත් ඔන්න චාමර නැටුමකට ඉදිරිපත් වෙලා හිටියේ. මම හිතන්නේ මගේ වයස එතකොට 13ක් විතර ඇති. මම ශරීර ප්‍රමාණයෙන් පොඩ්ඩක් පොඩි කෙනෙක්. ඒ කියන්නේ බටු ඇටයක්.. ( ඉස්සර මට මතකයි අපේ තාත්ති කියනවා.... "දොඩම් ගෙඩි දෙකක් තරම් වත් උසත් නැහැ... ඒ උනාට මිරිස් කරල වගේ.." කියලා හි.. හි.. හි..) මට මතක විදියට අපේ අය්යා ඒ වෙනකොට සා.පෙ. කරන්න හින්දා මේ පෙරහරේ වැඩවලින් පොඩ්ඩක් ඈතට වෙලා හිටියේ. නැත්තම් මිනිහත් හරි හරියට ඒවගේ වැඩ. ඔන්න ඉතින් මම මේ චාමර නැටුමේ පුහුණුවීම් වලට ඉස්කෝලේ ඇරිලා ඉවර වෙලා හවසට පන්සලට යනවා. ගොඩක් වෙලාවට මාව අම්ම තනියෙම යවන්නේ නැහැ බැරිම උනොත් ඇරෙන්න. යවන්නේ අය්යත් එක්ක.

අපේ අය්යට මවුන්ටන් බයිසිකලයක් තිබ්බ ඒ දවස් වල. මිනිහ හරි උජාරුවෙන් තමයි ඒ ගැන උන්නේ. මම කලින් කියල ඇති අර පොඩි කාලේ කතාවකදී මේ මවුන්ටන් බයිසිකලේට අපි දෙන්නගේ තිබ්බ පොඩි ගැටුම! හික්.. හික්... අපේ ගෙදර ඉදල මේ දහම්පාසලට වැඩි දුරක් නැහැ. පයින් යන්න බැරි උනත් වැඩි දුරකුත් නැහැ. ඒ හින්ද අපේ අය්ය මාව ඇරලුවේ එයාගේ බයිසිකලෙන්. අනේ එහෙම දුකක්... එයාගේ හයිකාරකම කෙසේ වෙතත් ඒ බයිසිකලේ පොල්ලේ වාඩිවෙලා යන එකට වඩා හොදයි පොල් උලක යනවා.... මක් කොරන්නද ඉතින්... අය්යාගේ  අණ  එලෙසම හින්දා , අනිත් එක එහෙමවත් ගෙනියන්න ඉන්නේ ඌ හින්දා මමත් ඉවසන් යනවා. දැන් මට හිතෙනවා අය්යා එදා කොයිතරම් අමාරුවෙන්ද මාව එක්කන් යන්න ඇත්තේ කියලා. මාවත් දාගෙන කිලෝමීටරයකට කිට්ටු දුරක් පදිනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.! පව් නේද? මාව ගෙනිහින් දාල එක්කගෙන යන්නත් එනවා එයා ආයෙත්.

ඔන්න එක දවසක්දා... මාව ගෙනිහින් දාල අය්යා කිව්වා හවස එක්කගෙන යන්න එන්න විදියක් නැහැ කියලා මගේ අතට සල්ලි දුන්න බස් එකේ එන්න කියලා. ( හෙහ්.. හෙහ්... එය දන්නේ නැහැ නේ මගේ අර ටිකෙට් කතාව ඒ දවස් වල හෙහ්.. හෙහ්....) මමත් ඉතින් සුපුරුදු විදියට ප්‍රැක්ටිස්  ඉවර වෙලා බස් හෝල්ට් එකට ඇවිත් හිට ගත්තා.
මමත් එක්ක චාමර නැටුමට ආපු කිසි කෙනෙක් බස් හෝල්ට් එකට ආවේ  නැහැ. එයාල මම යන පැත්තට නෙවෙයි යන්නේ. ඔන්න ඉතින් මම හෝල්ට් එකේ හිටගෙන ඉන්නවා බස් එකක් එනකල්. මම එතකොට දැක්ක බිම දිගේ මොකද්දෝ යනවා ටකරන් බස් හෝල්ට් එක පැත්තට.  මම නිකමට බැලුවා. බලනකොට හිගන මනුස්සයෙක්. ඒ මනුස්සයට නැගිටගන්න බැරි හින්දා බිම දිගේ යනවා තට්ටම් වලින්. කළුම කළු පාටයි ඇඳුම. එතරම් අපිරිසිදුයි. 


මේ මනුස්සය දැක්කම මට එකපාරටම මොකද්දෝ උනා. මහා බරක් පපුව උඩින් තිබ්බ වගේ. මට හිතුනා මේ මනුස්සයට උදව් කරන්න ඕනේ කියලා. එත් එක්කම මගේ ඇතුලේ හිටපු අනිත් චරිතයත් එයාගේ හඬ අවදි කළා. 
'පිස්සුද හලෝ... තමුසේ මොනා කියල කරන්නද'
ආයෙත් අර අනිත් වොඉස් එකත් කතා කරනවා ඇතුලේ 

'මොකද බැරි... මොකක් හරි කරන්න. තමුසේ දහම්පාසල් ළමයෙක් නේද? ලජ්ජා නැද්ද ඒ මනුස්සය දිහා බලල අහක බලාගෙන යන්න?'

ඔන්න ඔහොම කීප පාරක්ම කතාව ගිය මට මතකයි.. මට හොදටම මතකයි එක වොඉස් එකක්  කියපු  මිට උඩින් තියෙන වාක්‍ය නම්.
 විනාඩියක සංවාදෙකින් පස්සේ.. එක්කෙනෙක් ජය ගත්ත...
මම තවත් හිතන්නේ නැතුවම අර මනුස්සය ළඟට  ගිහින් හිටගත්තා 

"සීයට  නැගිටින්න උදව් කරන්නද?"
මගේ මුණ දිහා බලපු මනුස්සයාගේ මුණ පුරාම ඝන  සැරේට කිළුටු රැවුලක් තිබ්බා. ළඟට ගියපු ගමන් දවස් ගානක් නාපු නැති සලකුණු පෙන්නන සුවදකින් මගේ නහය පිරිලා ගියා. මට කිසිම දෙයක් ඒ මනුස්සය කිව්වේ නැහැ...
මම ඒ සීයාගේ පිටිපස්සෙන් හිටගෙන අත් දෙක යටින් අත දාල ඉස්සුවා... මම වගේ බටු ඇටයකට දරා ගන්න බැරි තරම් බරයි!! උහුලගන්න බැරි තරම් බරයි... අඩුම තරමේ කිලෝ 70ක් වත් ඇති. පුදුමේ කියන්නේ මට අත ඇරුනේ නැහැ. මම ඒ සියව නැගිට්ටවල හෝල්ට් එක ඇතුලේ වාඩි කළා... මගේ ඔලුව ඒ වෙලාවේ වැඩ කලේ කොහොමද කියන්න මට දැන් විස්තර කරන්න කොහොමටවත් බැහැ .. එකක් ඒ දවස්වල මම පොඩි දරුවෙක් වීම. අනිත් එක මම ඔය වගේ වැඩ කරනකොට මගේ සාමාන්‍ය ලොජික් වලට නෙවෙයි වැඩ කරන්නේ. මම තවත් හිතන්නේ නැතුව පාර පැනල ගිය ඉස්සරහ තිබ්බ කඩේට. ඒ කඩේට මම කවදාවත් ගිහින් නැහැ. මම ගිහින් කිව්වා 

"මට වතුර ජෝගුවක් දෙනවද... බොන්න"

එතකොට තමයි මම දැක්කේ අදුනන මුහුණක්.. අපේ ගෙදරට යන පාරේ ගෙදරක ඉන්න අක්ක කෙනෙක් එතන වැඩ කරනවා. අද තමයි මම දැක්කේ.. මාව අදුනගත්ත ඒ අක්ක පුදුමෙන් මගේ දිහා බැලුව.

"නංගිට මොකටද වතුර?" 
එයා එහෙම ඇහුවේ නැතුවට ඒ ඇස්  වල තිබ්බ ඒ ප්‍රශ්ණය. මොකද මම මේ අවේලාවේ මේ හෝල්ට් එකේ ඉදන් ඇවිත් වතුර ඉල්ලන එකට  එයා පුදුම වෙන්න ඇති.

"මට නෙවෙයි... අතන ඉන්න සීයට .."

මම හෙමිට කිව්වම, මගේ දිහා ඇස්  දෙකත් ලොකු කරලා බලල, ප්ලාස්ටික් කොප්පෙකට දුන්න වතුර පුරෝලා. මම සද්ද නැතුව එකත් ගෙනියල සියට දුන්නා. සීයා  වතුර ජෝගුව බිව්වේ එක හුස්මට. මගේ දිහා බලන්නේවත් නැතුව.
මම ආයෙත් පාර පැනල ගිහින් වතුර ජෝගුව දීලා එනකොටම වගේ ආපු බස් එකට මම නැග්ගා.
බස් එකට නැගපු ගමන් මට බැලුනේ අර හෝල්ට් එක දිහා. එතකොට තමයි ඒ සීයා  මගේ දිහා හරියට බැලුවේ!

මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ දෙන්න. මට ඒ උනාට හරි සතුටක් දැනුණා.. හැබැයි.. තව අද වෙනතුරු.... මම මේ ගැන කිසි කෙනෙක්ට කිව්වේ නැහැ... මේ මොහොත වෙනකල්ම!!
අදටත් මට පුදුමයි ඒ වෙලාවේ මගේ අත් දෙකට කොහොම ඒ වගේ බරක් දරන්න පුළුවන් උනාද කියල.....
මට මේක කියන්න ඕනේ උනේ වෙන මුකුත් හින්ද නෙවෙයි... මේ අවකාශයේ මට කිසි කෙනෙක්ගෙන් අවසරයක් නැතුව ලියල තියන්න පුළුවන් හින්ද. ස්තුතියක්, අගයකිරිල්ලක් අවශ්‍ය නැති හින්ද... මට මේක කියල පොරක් වෙන්න කොහොමටවත් ඕනෙකමක් නැති හින්ද... ඒ හින්ද කොමෙන්ටුවක් නොදැම්මට මගේ කිසි .අවුලක් නැහැ......

ප.ලි. මම කිව්වේ කොමෙන්ටුවක් දන්නා එපා කියල නෙවෙයි අනේ..... "නොදැම්මට කමක් නැහැ කියල" ඕනේ දෙයක් ලියන්න... කිසි අවුලක් නැහැ 

15 comments:

  1. එහෙනං කියන්න ගලපගෙන ආ අදහස නොකියම යනවා ටටා...

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කියන්නේ...පොඩ්ඩ ඇත්තම් දුවනවා

      Delete
  2. ආ.,මුකුත් ලියන්න එපාලුනේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ ඉතින් කියන්නේ....

      Delete
  3. පොරක් වෙන්න නෙවෙයි , එත් කරන සමහර පුංචි දේවල් ජීවිතේ පුරාවටම මතක තියෙනවා මහා ලොකු දේවල් වලට වඩා.

    ReplyDelete
  4. පුංචි උපේක්ෂා හරි හොද වැඩක්නේ කරලා තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. ස්තුති අනේ...
      අනිත් එව්වත් කියෝලම බැලුව නම් තේරෙයි හික්... හික්....

      Delete
  5. මහා ලොකුවට සමාජේ වෙනස් කරන්න බැරි උනාට පුංචියට තව කෙනෙකුට උදව්වක් කරන එක කොයි තරම් වටිනවද? පොඩි කාලේ කරපු දේ ලොකු කාලෙත් පවත්වාගෙන යන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත. ඒ උනාට දැන් නම් මම මේ වගේ වැඩක් කරන එකක් නැහැ.... එකයි මේ ගැන ලියන්න හිතුනේ.මොකද ඒක දැන් ආරක්ෂාවට හොද නැහැ... වදින්න ගිය දේවාලේ ඉහේ කඩන වැටෙන කාලේ නේ

      Delete
  6. හරි පුදුමයි නේ.. කාලයක් මාත් ඔය විදියට පාරෙ යද්දි දකින දෙවල් වලදි හරියට හිත රිද්දෝගෙන උදවු කරන්න ගියා.. ඒත් පහු වෙනකොට හැමදේම නොදැක්කා වගේ යන්න පුරුදු වෙලා... මට ඕක මතක් උනේ ළඟදි දවසක් නංගි එක්ක පාරෙ යද්දි.. අපි දෙන්නම කතාවක් දාගෙන යනකොට එයා එකපාරටම නැවතිලා හිඟන මනුස්සයෙක්ට රැපියල් දහයක් දුන්නා.. එත‌ෙකායි මං දැක්කෙ එතන හිඟන මනුස්සයෙක් ඉන්නවා... මං එයාව පාස් කරගෙනත් ගිහින් ඒ වෙන‌ෙකාට.. මගෙ හිත ගල්වෙලා මං හිතන්නේ ඒ වගේ දේවල් වලට දැන්...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු... ඇත්ත....
      නමුත් මම කියන්න ඕනේ... මම මේ සිද්දිය මතක් කරලා එක පාරක් සත්‍යක්‍රියා කළා.... විහිලුවට නෙවෙයි... මට ඒ ඉල්ලපු දේ ලැබුණා .. හිනා යයි.. එත් එක ඇත්තම ඇත්ත..!!! සහතික ඇත්ත....
      අදටත් මම මගේ ලගට එන හොරෙක්ට උනත් ඉල්ලුවොත් සල්ලි දෙනවා. මුකුත් බලාගෙන නෙවෙයි... මෝඩයි තමයි.. එත් මම දෙනවා

      Delete
  7. මේක දැක්කට පස්සේ මටත් පොඩි පොස්ටුවකට අයිඩියා පාරක් ආව,හැබැයි ඒ කතාව ටිකක් වෙනස්..එකත් ඉරිදා දවසක වෙච්ච එකක්! හෙටම දාන්න ඕනේ කතන්දරේ..
    සේෆ්ටි ඇන්ඩ් පීස්!
    -අල්තයීර්.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...