මම මගේ ජිවිත කාලේ ඇතුලත පාසල් අවදිය ගත කරලා තියෙනවා ඉස්කෝල 3ක.
පලවෙනි ඉස්කෝලේ ගැන නම් මට මෙලෝ දෙයක් මතක නැහැ සිද්දි කීපයක් ඇරෙන්න.
පලවෙනි ඉස්කෝලේ ගැන නම් මට මෙලෝ දෙයක් මතක නැහැ සිද්දි කීපයක් ඇරෙන්න.
ඔන්න පලවෙනි සිද්ධිය :
සිද්ධියක් කිව්වට මේක සිද්ධි දාමයක්. අපේ තාත්ත ඉස්සර පිටරට හිටපු හින්ද රට ඉදන් එන දවසට අපි ඉස්කෝලේ නොගිහින් හරි නතර වෙනවා. මොකද අපිට එදාට තමයි අවුරුදු! මේ හේතුව හින්ද අපේ තාත්ත රට ඉදන් එන එක මගේ එක වසරේ ගුරුතුමිය දන්නවා. එයත් මම වගේම මේ දවසට හරිම කැමති. ඒ මොකද දන්නවද? (දන්නවා නම් මෙතන කියෝ කියෝ ඉන්නවෑ ...?) මම පන්තියට ආපු ගමන් මාව හොයන ඇවිත් ඔලුව එහෙම අත ගාල (සොදුරු බස් දීලා... විළඳ කවාලා... ) අහනවා
"තාත්ත සාරි ගෙනාවේ නැද්ද පුතා?"
නරකට කියනවා නෙවෙයි... මට ඒක ඒ දවස්වල තේරුනේ පුදුම භයානක ප්‍රශ්නයක් වගේ.
දෙවැනි සිද්ධිය...
මේ ඉස්කෝලේ තිබ්බ අඳුරු කාමරයක්. එක තිබ්බේ අපේ කැන්ටිම පහු කරගෙන ගියාම තියෙන පොඩි ඉඩ කඩේ කොනකට වෙන්න. අපි ඔතනින් යනවා වෙලාවකට සෙල්ලම් කරන තැනට. යන්නේ නම් උඩින්! එතරම් බයයි එකෙන් එලියට සුදුපාට අතක් එනවා කියලා.
තුන්වෙනි සිද්ධිය :
අපේ අම්ම අපිව ඉස්කෝලෙට දාගෙන එහෙම්මම එයාගේ ඔෆිස් එකට යනවා. ගෙදරම ඉතින් තුන් දෙනෙක් ඉස්කෝලේ යනවා නේ... ඉතින් බත් පාර්සල් කීයක්ද නේද? අපිට කෑමපෙට්ටි වලට දාල අම්ම ඉතින් එයාට බත් එකකුත් බැඳගන්නවා. උදේට කන්නෙත් අම්ම ඔෆිස් එකට ගිහින්. ඉතින් එයාගේ උදේ කෑම එකත් ඒ එක්කම. මට මතකයි එක දවසක් එයාගේ උදේ කෑම එක මගේ බෑග් එකට වැටිලා.. වැරදිලා... මම නේද?? මොන කරන්නද... මම කෑවා ඒක ! අදටත් මතකයි ඒකෙ තිබ්බ රස! පාන් පෙති වලට බටර්, මාමයිට් ගාල.... සම්බෝල දාල.......... තමන්ගේ නොවෙන කෑම පාර්සලයක් හෙම කාල තියෙන කෙනෙක් දන්නවා එකේ තියෙන ජොලිය... හෙක්... හෙක්.... නෑ කිව්වා? එහෙනම් අද හෙටම කරලා බැලුවනම් හොදයි... හැබැයි තමන්ගේ නෙවෙයි කියල දැනුවත්ව කන්න ඕනේ හරී...............
මේ ඉස්කෝලෙන් මාව අපේ අම්ම දැම්ම වෙන ඉස්කෝලෙකට. ඒකේ ශිෂ්‍යත්වේ හොදයි කියාලා. අප්පා.. ඒක තමයි නියම ඉස්කෝලේ.. කිව්වට මොකද ඒක මික්ස් ස්කූල් එකක්.... මට මගේ හිතේ තිබ්බ අර බල්ටි ගැහිල්ලට කියාපු තෝතැන්නක් නේ...
මගේ තියෙන පිනක මහත ! අපේ අක්කව ගත්තේ නැහැ නොවැ ඒකට !!!
මම ගියේ 3 වසරට. දැන් මම මේ කියන ඉස්කෝලේ ඒ දවස්වල දුප්පත් උනාට දැන් නම් බොහොම සරු බව නම් මම ඉදල හිටලා නුවර පැත්තේ යනකොට දකිනවා. අදටත් මම ඉස්කෝලේ ගාවින් යනකොට නැගිටලා ආචාර කරන්නේ මගේ මුල එතන හින්දා....
කොහොමහරි මට මතකයි මගේ පලවෙනි ගුරුතුමී එතන ! ඇත්තටම මගේ අතු ඉති වල මල් පිපෙන්න ගත්තේ ඈ හින්ද වෙන්න ඇති. මාව මගේ පන්තිය ඉස්සරහට ගෙන්නලා අදුන්නලා දුන්න... ඒ වගේම මට කතා කරන්න නමකුත් දුන්න... හාහ්.. හා... රැවටුනා නේද? උපේක්ෂා කියල??? නැතෝ....එයා මගේ වාසගම තමයි කිව්වේ! මම අදටත් දන්නේ නැහැ ඒ ඇයි කියලා... ඒ පන්තිවල ළමයි අදටත් මාව දන්නේ මගේ වාසගමෙන්... (පස්සේ හම්බවුණ කීප දෙනෙක් ඇරෙන්න..)
3 පන්තියේදී මම හිටියා දෙකට ගණන් කරන්න බැරි තරමෙට. දන්නේ නැහැ නේ විමානේ කොයි වගේද කියලා. ඒ උනාට හිටපු ගමන් මගේ ඇතුලේ හිටපු හොර පුසී 'කදව් ... කදව් ' කියනවා. ( ඔන්න ඉතින් 'කදව්' කියන්නේ දන්නේ නැද්ද අර සද්දේ.. හි.. හි...) ඕකට මට බේත හම්බ උනේ වැඩිකල් නොගිහින්.... මාව පන්තියේ ගෑනු ළමයින්ගේ මොනිටර් කළා!!! මික්ස් ස්කුල් හින්දා කොල්ලෙක් තමයි අනිත් මොනිටර්. දැන් තමයි හොඳම වැඩේ පටන් ගත්තේ!
මට පොඩි කාලේ කොල්ලෝ ඇලජික් ! ඒ කියන්නේ ගිය ගිය තැන වලියක් දා ගන්නවා. මේකට වැඩියෙන්ම ලක් වුනේ අර මොනිටර් කොලුවා. මටම හරියන එකෙක්! මිනිහා අද ඉංජිනේරුවෙක්.. (අන්තර්ජන්ජාලේ ඉන්න හින්දා මෙව්වා කියෝනවද දන්නේ නැහැ... මල සේක කිව්වලු... එහෙනම් නමවත් පොඩ්ඩක් වෙනස් කරලා දාමුකෝ ඈ ...) අපි මෙයාට කියමුකෝ 'චරිත්' කියලා.
චරිත් සුදුම සුදුයි... ඒ කියන්නේ අර නහර පේන තරම් සුදුයි... පොල්කුඩ්ඩෙක් වගේ. එයාට හිටියා ගැන්සියක්. මම හිතන්නේ එයත් එක්කම ගත්තම 3 දෙනයි. මේ තුන්දෙනා කරන්නේ වැඩක් නැති වෙලාවට එකතු වෙලා ඩෙස්ක් එකට තට්ටු කර කර සින්දු කියපු එකයි... මට මතකයි ඒ දවස් වල එයාලගේ කටේ තිබ්බේ
".. පන්නා........ මුරේ... පන්නා........ මුරේ... පන්නා මුරේ ඇත් රා..ජා......"
අනේ මෙයාලගෙන් කිසි කෙනෙක්ට කරදරයක් නැහැ.. මේ මට ඇරෙන්න!!! මට ඔය සින්දුව පෙන්නන්න බැහැ.. හාහ්... හාහ්.... මෙයාලගේ සින්දුව සාදයක් නැති උනාට මට ඉන්න බැහැ කට පියන්. මම මොනා කිව්වත් මෙයාල මෙයාලගේ පාඩුවේ සින්දු කියනවා... මම එක දවසක් මගේ ගුරුතුමියට කිව්වා කේලමක්..
"ටීචර්... චරිත්ලගේ වැඩේම සින්දු කියන එක...."
දන්නවද මගේ ගුරුතුමී මට කිව්වේ මොනාද කියල? මගේ දිහා බලල හරි ලස්සනට හිනාවක් දැම්ම. (මට ඒ දවස්වල විෂුවල් වෙලා තිබ්බේ ඒ හිනාවෙන් මල් විසිරෙනවා කියලා... සුදුපාට... නිකන් අර සමන්පිච්ච වගේ මලක් ...) මාව ලඟට අරගෙන මගේ ඔලුව ඇත ගෑවා .... වෙන කිසි දෙයක් කිව්වේ නැහැ නේ අප්පා..... මගේ කේලම් කිවිල්ල එතැනින්ම නතර උනා! මම මේ ටීචර් ගේ පින්තුරෙකුත් ඇන්දා එක දවසක්... පන්තියේ නිකන් වාඩි වෙලා ඉන්න ගමන්.
මේ ඉස්කෝලෙදි මට ගැන්සියක් හිටියේ නැහැ. ඒ මගේ සාමාන්‍ය විදිය. ඩෙස් බැංකු වල ඉන්න කට්ටිය මාරු කරන්නේ වාරෙන් වාරේ. ළඟට එන එක්කෙනා එක්ක මම සාමාන්‍යයෙන් සාමයෙන් උන්නේ. මොකක් හින්දද මන්දා මගෙත් එක්ක ගොඩක් වෙලාවට වැටුනේ පිරිමි ළමයි. චරිත් තමයි මගෙත් එක්ක වැඩිපුරම හිටියේ. ළඟ ඉන්න වෙලාවට සාමයෙන්... නැගිට්ට ගමන් මම සුපුරුදු විදියට
ඇ.......ටැ........ක් !
( මේ චරිතව මට මිට මාසෙකට කලින් චැට් එකේ හම්බ උනා... මේකා කිව්වේ නම් මගේ ගාවට කොල්ලෝ දැම්මේ උන්ට දෙන දඩුවමක් හැටියට කියලා... හාහ්... හහ්හ්...)
කොහොමින් කොහොමහරි... අපි ශිෂ්‍යත්වෙට ලිව්වා. ඒ ඒ ආකාර වලට අපි වෙන වෙන ඉස්කෝල වලට බෙදිලා ගියා. මට ඒ අන්තිම දවස නම් අමතක කරන්නම බැහැ .... ගෑනු ළමයින්ට මට මතකයි මම ඔටෝග්රාෆ් එකක් ගෙනිහින් දීල (එව්වට ලියන එව්වත් මමම ලියා දීල... හෙහ්.. හෙහ්... ඇයි එයාල පොඩි හින්දා දන්නේ නැහැ ලියන එව්වා. මම කලේ අක්කලාගේ ඔටෝග්රාෆ් වලින් කොපි කරගෙන ගිය එකයි...) අත්සන් කරව ගත්තා. මම එදා තමයි මගේ ටීචර් ගේ අත උඩින් මගේ අත තියල සංවේදී සමුගැනීමක් දුන්නේ... මගේ හිත උණු වෙලා ඇස් දෙකෙන් එලියට ආවේ නැති හින්ද පපුව පැලෙන්න වගේ ආවා... ඔතන තමයි මගේ මේ අද කියන කතාවට මුල් බීජය වැටුනේ....
මට ඒ ඉස්කෝලය තදින් පපුවට කාවැදුනා !!! සිංහලෙන් කිව්වොත් මට ඉස්කෝලය 'මිස්' උනා තදටම....
ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ගියා මගේ අලුත් ඉස්කෝලෙට. අම්ම මාව ඒ ඉස්කෝලෙට යැව්වේ වෑන් එකේ තව ඒ පැත්තේ ඒ ඉස්කෝලෙට යන අහල පහල අක්ක කෙනෙකුත් එක්කයි. පලවෙනි සතියෙම මම ඒ බොඩිගාර්ඩ් අක්ක එක්ක ගියා. ඔන්න එකෝමත් එක දවසක්.. සදුදා දවසක අක්කත් නැහැ... වෑන් එකත් නැහැ..... හිටපු ගමන් මේ වැඩේ උන හන්දා අපේ අම්මට විකල්පයක් හොයා ගන්න වෙලාවක් නැති උනා. අසරණ උන අම්ම කලේ එයා ඔෆිස් යන ගමන් ඉස්කෝලේ ගාව හෝල්ට් එකෙන් මාව බස්සන් යන එක විතරයි....
හෝල්ට් එකෙන් බැස්ස මට එක පාරටම මගේ පරණ ඉස්කෝලේ මතක් උනා. මට ඊට පස්සේ මතක් උනේ මොකද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ උනාට මම කලේ එහෙමම පාර පැනල පාරේ අනිත් පැත්තේ තිබ්බ හෝල්ට් එකට ගියපු ගමන් බස් එකක නැග්ග එක. මේ හැමදෙයක්ම සිද්ද වෙන්න මම හිතන්නේ විනාඩි 3ක් වත් ගියේ නැහැ.
විස්වාස කරන්න ! (මටත් විස්වාස නැහැ....) මම අලුත් ඉස්කෝලේ ටයි එක ගලෝල සාක්කුවේ දාගත්ත. මම ඉස්සර වෙලත් කිව්වේ මගේ පරණ ඉස්කෝලේ දුප්පත් කියලා. ඒ හින්දා මේකට සපත්තු දාගෙන වගේම සේරෙප්පුත් දාගෙන කට්ටිය ආවා. ටයි එක අනිවාර්ය උනේ නැහැ අර දුප්පත් ළමයි ගැන හිතල වෙන්න ඇති.
මම කෙලින්ම ගිහින් බැස්සේ මගේ පරණ ඉස්කෝලේ ගාව. බැහැල බැග් එකත් කරේ ගෙන වෙනදට ඉස්කෝලේ යන විදියට ගියා මම ඇතුලට..... ගියාට දන්නේ නෙහෙ මගේ පරණ යාළුවො ඉන්නේ කොහෙද කියලා... මට මතකයි මගේ ඉංග්‍රීසි ගුරුතුමිය මාව දැකල හරිම සතුටින් මගේ ගාවට දුවන් ආව...
"________! ඔයා මොකද මෙහෙ?" හරිම සතුටින් මගේ උරහිසෙන් අල්ලන ගමන් ඇහුවා..
"නිකන් ආවා ටීචර්..."
මටම පුදුමයි ඇයි එතනින් එහාට මුකුත් මගෙන් ඇහුවේ නැත්තේ කියලා. මම ඈතට දැක්ක මගේ පන්තියේ ළමයෙක් පිට්ටනිය හරහා යනවා. මම එයාව ඇස මානෙන් යෙන් වෙන්න නොදී ගිය ඒ පැත්තට... විස්වාස කරන්න ගියේ ප්‍රින්සිපල්ගේ කාමරේ ඉස්සරහින් !! ඉසරහ හිටගෙන හිටියෙත් ප්‍රින්සිපල්!!! ශිෂ්‍යත්වේ ඉතා හොදින් පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගිය කෙනෙක් හින්දා මෙතුමා මාව නමින්ම දන්නවා.. මම ඇවිදගෙන යන දිහාව පුංචි හිනාවකුත් එක්ක බලන් හිටියා මිසක් මෙයත් නෙවෙයි නේ මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ!!! අදටත් මට පුදුමයි...
මම අර ළමය යන පස්සෙන් ගිහින් පන්තිය හොයා ගත්ත. ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක වැදුනා... මම පංතිය දොර ළඟ ඉස්සරහ හිට ගත්ත.. ( මේ පන්ති අර කොට බිත්ති වලින් තමයි කොරිඩෝවෙන් වෙන් වෙන්නේ..) ළමයි මගේ පැමිණීම දැක්කා.. පන්තියේ හිටිය ගුරුතුමියක්! ඇයත් මාව දැක්ක...
"_______, කොහෙද මේ?" ඇයත් මගෙන් ඇහුවේ සුපුරුදු හිනාවකුත් එක්ක
"නිකන් ආවා ටීචර්"
"එන්න ඇවිත් වාඩි වෙන්න "
විස්වාස නැහැ නේද? මේක ෆිල්ම් එකක් නෙවි... ඇත්තටම එහෙම උනා. ළමයි හැමෝම මාව පිළිගත්තේ පුදුම සන්තෝසෙන්! මම පන්තියේ ළමයි දීපු පුටුවක් සහ ඩෙස්කුවක් මත !!! විස්වාස කරන්න.... මම පාසලේ පැය ගානම හිටිය! පන්තියන එන හැම ගුරුවරියම මගෙන් අර අහන ප්‍රශ්නේ ඇහුවා... ඒ හැමෝටම මම හිනා වේවි අර උත්තරේම දුන්න... පුදුමේ කියන්නේ කිසිම කෙනෙක් මගෙන් වෙන කිසි දෙයක් අහපු නැති එකයි.....
විස්වාස නැහැ නේද? ඔයාලට තියා මටවත් විස්වාස නැහැ.
මෙහෙම හිටපු මම ඉස්කෝලේ ඉවර වෙන වෙලාවට ගෙදර ආව නේ බස් එකේ නැගලා....
අද වෙනකල් මේක කාටවත් කිව්වේ නැහැ... රහසක් නෙවෙයි.. මට අමතක වෙලා තිබ්බේ...... මම දන්නේ නැහැ අපේ අම්මලට ඒ කිසි ඉස්කෝලෙකින් කතා කරාද කියල අද වෙනකල්ම !!!
පුදුමයි නේද??
මාර පොරක්නේ ඔයා (වැරදිලා නෙවෙයි හිතලමයි කිව්වේ)
ReplyDeleteඔව් අප්පා. මාර පොරක් තමයි....... හිකිස්
Deleteඈ.... ඇත්තමද...... හිතා ගන්නත් බෑ වගේ.... මාර වැඩනේ ඔයත් කරලා තියෙන්නේ.
ReplyDeleteහි හි.... මටත් හිත ගන්න බැහැ සමනලී එක උනේ කොහොමද කියලා. පුදුම හින්දයි මම හිතුවේ එක කොහේ නමුත් සටහන් කරලා තියෙන එක හොදයි කියලා. මට නැත්තම් අමතක වෙයි
Deleteමේ නුවර හොල්මන පෝස්ට් දාන වේගෙට අපිට කියවගන්නත් බෑ කියලා බැණ බැණ බැලුවට මේක
ReplyDelete1. නුවර එකී ලිව්ව හොඳම කතාව මට නම්
2 ඉස්කෝලෙ කාලේ කතාවලින් හොඳම එකක්
3ඉස්කෝලෙ කතාවලින් පුදුමාකාරම කතාව්.
කීපිටප්යැ.
කොම්පකදකදාවීදියේ ගදානපාලගේ පූසත් කදාව් කදාව කියලා තමයි කෑ ගැහුවේ.
හි හි..... තැන්කු ඩුඩ් .....
Deleteඔව් මේක හොඳ කතාවක් තමයි... තව තියනවා... හික්... හික්.... ඉදිරියට ලියන්නම්කො.
ඇත්තටම මට ඔය අකුර ගන්න බැහැ නේ මේ ගුගල් ඉන්පුට් ටූල් එකේ???
මම ගූගල් ඉන්පුට් ටූල් එකෙන් වැඩ කරලා නෑ, උපේක්ෂා
Deleteනමුත් Singreesi Unicode 1.8.1 එකේ නම්
knna =ඤ, gnna = ඥ.
මම හිතන්නේ ඔයිට සමාන ක්‍රමයක් ඇත්තේ.
මම ඒ බැරිකමට අපහාස කලා නෙවෙයි, විහිළු කතාවක් ලිව්වේ. අපේ ඇත්තටම ඔහොම තමයි කියන්නේ ජොලියට. පූසෙක් කදාව් කදාව ගෑවා කියලා.
ඔව් අනේ.. මමත් දන්නවෝ....
Deleteමම පාවිච්චි කරන්නේ මේක. ඒකෙ නම් GNa = ඥ, KNa = ඤ
Deleteගූගල් ආදාන මෙවලමේ (http://www.google.com/intl/si/inputtools/cloud/try/) ශුද්ද සිංහල 'SLS 1134' ඔප්ෂන් එක සිලෙක්ට් කරගෙන "{" ගැහුවනම් එන්නේ "ඤ"
Deleteතැන්කු අනේ...
Deleteෂෝක් නේ අප්පා.. මටත් මගේ 5 වසරට වෙනකම් ගිය ඉස්කොලෙ මාර විදියට මිස් උනා මුලදි... පස්සෙ ඉතිං හරි ගියා...
ReplyDeleteඒ කාලේ ඔය ඔක්කොම කරන්න ඇත්තේ මේ වැරද්දක් කියලා හිතන්නේ නැතුව.. ඒකයි ප්‍රින්සිපල්ට වත් බය නැතුව ඉන්න ඇත්තේ... හි හි.. දැන් පුදුමත් ඒකයි... දැන් දන්නවනේ වැරදි වැඩේ කියලා....
ඔව් හිරු...
Deleteමට එක පාරටම තමයි ඒ ෆිලින් එක දැනුණේ... මට එහෙම තමයි.. එක පාරටම තමයි ඒවගේ ඒවා දැනෙන්නේ.. හිකිස්...
මේකි ටිකක් අමාරු කාරියෙක් වගේ..පරිස්සමින් ආස්සරේ කොරන්න ඕන.. කේලං කියයිද මන්ද
ReplyDeleteහිකිස්.... එව්වා එහෙම තමයි..... පරිස්සමෙන් දෙපැත්ත බලා (පාර මාරු වෙනවා වගේ..) එන්න එහෙනම් හොදේ...
Deleteපිස්සු හැදෙයිනේ.. මම කල්පනා කලේ ඇයි කිසිම ගුරුවරයෙක් ඔයාගේ අම්මට තාත්තට මේ ගැන දන්වන්නවත්, අලුත් ඉස්කෝලේට දන්වන්නවත් උනන්දු උනේ නැත්තේ කියලා.
ReplyDeleteඅනුන්ගේ කෑම කන්න අපිත් පොඩි කාලේ ආසයි. ඉතිං පොඩි කාලේ අපි ඉන්ටවල් එකේදි කෑම මාරු කරගෙන කනවා. හවසට අම්ම අහනවා "පුතේ පාන් ටික ඔක්කොම කෑවද?" කියලා.. මම කියනවා "ඔව් අම්මේ අමිල රහයි කිය කිය ඔක්කොම කෑවා" කියලා.
ඒක නම් මම හරියටම දන්නේ නැහැ. මම අද මේ මොහොත වෙනකල් අම්මගේන්වත් , අම්ම මගෙන්වත් ඒ ගැන අහල නැහැ. කියන්න දන්නේ නැහැ මොකක් උනාද කියල.. මම ලිව්වේ මගේ මතකේ තිබ්බ ටික විතරයි...
Deleteහාහ්.. හඃ ... ඔව් මමත් එහෙම කරලා තියෙනවා ඉස්සර. තමාගේ කෑම එක උනත් හොරෙන් කනකොට නේද රස වැඩි? පොඩි කාලේ මට නම් දැනුනේ එහෙම.
කතාවෙ මුලින් නම් තියෙන්නෙ හාස්‍යජනක ස්වභාවයක්. අන්තිම සිද්ධිය නං බොහොම හිතට වදින සංවේදී එකක්. මේ වගේ පෝස්ට් එකක් කාලෙකින් කියෙව්වෙ.
ReplyDeleteස්තුති රාජ්.. ඔව් සංවේදී තමයි... මට මගේ ජිවිතේ සංවේදී අවස්ථාවල් වලදී කදුළු ආවේ නැත්තම්... අනිවා... මොකක් හරි සන්තෑසියක් වෙනවා මටත් නොදැනී...
Deleteඅර ගැන්සියේ හතර දෙනෙක් හිටියා... දැන් සිහි කල්පනාව ටිකක් අඩුයි වගේ.... කමක් නෑ දැන් ඉතින් හතලිස් ඇඳිරිය නෙ :P
ReplyDeleteමම එක තමයි ලියල තියෙන්නේ 'මම හිතන්නේ' කියල කෑල්ලක් එතන....
Deleteකවුද කවුද මේ අහ් ???
කියන්න දෙයක් නැහැ... මම දන්නවා ( හාහ්... හාහ්.. හඃ )
ඇත්තටම මේ බ්ලොග් එකේ මෙතෙක් කියවපු හොඳම කතාව මේකයි!
ReplyDeleteඔහොම ටීචර්ස් ලා අපේ කාලේ හරි අඩුයි!
ස්තුති කොමෙන්ටුවට.
Deleteඔව් මේක අමුතුයි තමයි.... මටත් පුදුමයි මගේ ඒ අත්දැකීම ගැන නම් කකා..