මම මේක ලියන්න හිතන් හිටපු දෙයක් නෙවෙයි කොහොමටවත්. මේක මට හදිස්සියේ මතක් උනේ Dude ගේ කාකි හදවත කියෙව්වට පස්සේ. මොකද මේ සිද්දිය ගැන දන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු දෙනෙක් හින්දා..
මම ඉස්කෝලේ යන කාලේ බාහිර වැඩ වලට පැන පැන යන කෙනෙක්. මොකද්ද මන්ද හේතුව? මට දැන් නම් හිතන්නේ ඒ ඔස්සේ මම යාලුවෝ එක්ක කාලය ගත කරන හින්ද වෙන්න ඇති. එත් මට ස්පෝර්ට්ස් වලට ගිහාම යාළුවන්ට වඩා ඉතුරු වෙන්නේ ඇතුලෙන් මට කපන පිරිසක් කියල මට ඉතාම පුංචි කාලේ පවා තේරිලා තිබ්බ සත්‍යක් ! ඒ ගැන මම වෙනම කතා කරන්නම්කො.
අපේ ඉස්කෝලේ මම කරපු සපෝර්ට් එකට කිසිම අනුග්‍රහයක් ඇතුලෙන් නැති උනාට අපි ටීම් එක ඒවගෙන් සැලුනේ නැහැ. ඒ අතින් නම් අපිට කණ්ඩායම් හැඟීම උපරිමෙන්!
ලොකු සීන් තියෙන ඉස්කෝලයක් උනාට අපේ Sport එකට ඉතින් කුඩම්මාගේ සැලකිලි හින්ද අපි පුරුදු වෙලා හිටියේ තියෙන විදියකට ඉන්න. මට අද වෙනකොට හරිම සතුටුයි අද වෙනකොට නම් ශ්‍රී ලංකාවේ කණ්ඩායම නියෝජනය කරන කෙනෙක් දැනටත් අපේ ඒ ධෛර්ය නිසා ඉන්නවා කියල (නිහතමානී ආඩම්බරයක්)
ලොකු සීන් තියෙන ඉස්කෝලයක් උනාට අපේ Sport එකට ඉතින් කුඩම්මාගේ සැලකිලි හින්ද අපි පුරුදු වෙලා හිටියේ තියෙන විදියකට ඉන්න. මට අද වෙනකොට හරිම සතුටුයි අද වෙනකොට නම් ශ්‍රී ලංකාවේ කණ්ඩායම නියෝජනය කරන කෙනෙක් දැනටත් අපේ ඒ ධෛර්ය නිසා ඉන්නවා කියල (නිහතමානී ආඩම්බරයක්)
ඒ දවස් වල අපිට ඉතින් පුහුණුවීම් කරන්න තැනක් තිබ්බේ නැහැ.... මමත් අපේ කණ්ඩායමේ තව ක්‍රීඩිකාවෝ 2 කුත් මහනුවර පළාත් කණ්ඩායමට තේරිලා හිටියේ මේ කාලේ වෙනකොට. මම ඉතින් ඒ දවස් වල සාමාන්‍ය පෙළ ලියන්න සුදානම් වෙලා හිටියේ. මගේ අනිත් කණ්ඩායම් සාමාජිකාවෝ නම් උසස් පෙළ පන්තිවල.
එක දවසක් පළාත් කණ්ඩායමේ පුහුණුවීම් වලට අපිට වෙන ඉස්කෝලේට එන්න කියල තිබ්බ. පාන්දර 4 වෙනකොට එතන ඉන්න ඕනේ. ඉගෙන ගන්න පාඩම් කරන්න වත් ඒ දවස් වල කන ළඟ බෙර ගෙහුවත් නැගිටින්නේ නැති මම මේ වගේ දේවල් වලට නම් ඕනේ වෙලාවක ලෑස්තියි... (හි... හි.... දඟකාර වයසනේ අප්පා....)
එදා සතියේ දවසක්... ඉතින් ඉස්කෝලේ යන මල්ලත් එක්ක අර ඇඳුම් කැඩුම් ගෙන යන තඩි මල්ලත් අරගෙන සුපුරුදු විදියට අර ඉස්කෝලෙට ගියා. මේක නුවර තියෙන ප්‍රසිද්ධ බාලිකා පාසලක්. තියෙන්නේ වැව රව්මේ... ( කියපු ගමන් ඉතින් අහු වෙනවා නම .කමක් නැහැ.. නම නොකියන එක හොදයි.....)
එදා පුහුණුවීම් වලට ගියේ මමත් තව එක ගෑනු ළමයෙකුත් විතරයි... එයාට අපි 'මියුරු' කියමුකෝ....
එදා පුහුණුවීම් වලට ගියේ මමත් තව එක ගෑනු ළමයෙකුත් විතරයි... එයාට අපි 'මියුරු' කියමුකෝ....
පුහුණුවීම් අවසන් වෙලා දැන් එක එක්කෙනා යනවා එයාලගේ ඉස්කෝල බලා..... ගොඩ දෙනෙක් හිටියේ අහලපහල ඉස්කෝලවල... අපි දෙන්නා හිටිය උගුඩුවො දෙන්න වගේ උඩ බලන්. සමහරු ඇවිත් එයාලගේ දෙමව්පියෝ එක්කගෙන ගියා.... සමහරු ස්කූල් van වලට සෙට් උනා.... අපේ හිටපු coach කොතරම් හොදද කියනවා නම්.... එයත් හෙමීට යන්න ගියා.....
මක් කොරන්නද ඉතින් ? අපි දෙන්න ගියා බස් හෝල්ට් එකට.... ඉන්නවා.... ඉන්නවා..... බස් එකක් නැහැ නේ අප්පා..... දැන් වෙලාව 7.20යි.... මගේ නම් මූණ චොර වෙලා තියෙන්න ඇති.....
මොකද මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන්න කැමති නැහැ පරක්කු වෙලා.... අපි දෙන්නම දැන් යුනිෆෝර්ම් පිටින් හිටගෙන ඉන්නවා බස් හෝල්ට් එකේ....
"මොකද මියුරු අක්කේ කරන්නේ?" මම මියුරු අක්කාගෙන් ඇහුව...
"මගේ ගාව සල්ලි නැහැ උපේක්ෂා... බස් එකේ නැතුව අපි කොහොමද යන්නේ?"
ඒ දවස් වල මගේ අතෙත් සල්ලි නැහැ.... දැන් කියල පඩිය ලැබෙන නිසා තමයි... එව්වා පෙට්‍රල් වගේ වාෂ්ප වෙන .ජාතියක් නේ...
අපි දෙන්න ගොළු වෙලා... ඒ වගේම ..... අසරණ වෙලා.
එක පාරටම එතනින් ගියපු වෑන් එකක් එතන පහු කරනවත් එක්කම ස්ලෝ කරලා අපිට එහායින් නතර කළා. මම නම් අදුනන කිසි කෙනෙක් ඒ පැත්තේ එන්නේ නැති බව මට විස්වාසයි... අපි දෙන්නම ඇස් දල්වාගෙන බලන් හිටියා මොකද වෙන්නේ කියලා....
වෑන් එකෙන් බැහැල ආවේ කාකි ඇඳුමක් ඇඳගත්ත පොලිස් නිලධාරියෙක්.. ඒ කියන්නේ 'පොලිස් කාරයෙක්'! එකත් එකටම කොක්කක්! අපි දෙන්නා ස්කූල් යුනිෆෝර්ම් ඇඳගෙන මේ අවේලාවේ බස් හෝල්ට් ගානේ ඉන්නේ මොකද බලන්න ඇවිත් කියල මට මහා බයක් ඇති උනා...... මගේ කකුල මම පස්සට තිබ්බ නෙවෙයි තියුනා.....
"කොහෙට යන්නද? ඉස්කෝලෙට නේද? එන්න නගින්න මම බස්සවන්නම්...."
මම හීනෙන්වත් හිතපු නැති දෙබසක් නේ කිව්වේ..... මට ඒ නිලධාරියාගේ නැත්තම් පොලිස්කාරයාගේ මූණ නම් පොඩ්ඩක්වත් මතක නැහැ.... මොකද මගේ බයට මම බැලුවේ නැති හින්ද.... මියුරු අක්කා මගේ අතින් අල්ල ගත්තා වගේ මට මතකයි.... ඒ විතරක් යෑ ... එය මාවත් ඇදගෙන ගිය ඒ වෑන් එක තියෙන තැනට.
මාව නිකන් පා වෙලා ගියා වගේ.... මට එකපාරටම බැලුනේ හෝල්ට් එක දිහාවේ.... ඒක අනායාසයෙන් බැලුන දෙයක් උනත් මට දැන් හිතෙනවා මම බැලුවේ බයට කියලා..... කිසි කෙනෙක් හිටියේ නැහැ හෝල්ට් එකේ..... කිසිම කතාවක් නැතුව අපි දෙන්න ඒ අමුත්තාගේ වෑන් එකේ අරුන පිටිපස්සේ දොරෙන් ඇතුලට නැගල වාඩි උනා..... කිව්වට විස්වාස නැහැ මටත්!!!!
මාව නිකන් පා වෙලා ගියා වගේ.... මට එකපාරටම බැලුනේ හෝල්ට් එක දිහාවේ.... ඒක අනායාසයෙන් බැලුන දෙයක් උනත් මට දැන් හිතෙනවා මම බැලුවේ බයට කියලා..... කිසි කෙනෙක් හිටියේ නැහැ හෝල්ට් එකේ..... කිසිම කතාවක් නැතුව අපි දෙන්න ඒ අමුත්තාගේ වෑන් එකේ අරුන පිටිපස්සේ දොරෙන් ඇතුලට නැගල වාඩි උනා..... කිව්වට විස්වාස නැහැ මටත්!!!!
මේ 'පොලිස් කාරය' ඉස්සරහ වාඩි වෙලා යනවා, වෙන කෙනෙක් තමයි රියදුරු.... මට මතක නැහැ දැන් ඒ වෙලාවේ මගේ හිතේ වැඩකලේ මොන වගේ දේවල්ද කියන්න.... මම ඒක දැන් හිතල ලිව්වොත් මම හිතන්නේ කතාව රසවත් උනාට සිද්දිය විකෘති වෙයි කියලා....
ඉතාම ඉක්මනින් අපි අපේ ඉස්කෝලේ ගාවින් බස්සපු ඒ 'පොලිස් කාරය' රැගත් වෑන් රථය යන්න ගියා..... එතකොට තමයි මියුරු මගේ දිහා බැලුවෙත් මට හුස්ම වැටෙන බවක් දැනුනෙත්....
"කිසිම විදියකින් කාටවත් මේ කතාව කියන්නේ එහෙම නැහැ හරිද ?"
මියුරු එහෙම කිව්වේ ඇයි කියල මට තේරෙන්න ටිකක් කල් ගත උනා. ඒ වගේම ඒ දවස් වල මගේ ළඟ ඕනෙම රහසක් රැකගන්න පුළුවන් ශක්තියක් තිබ්බ හින්ද මේ ගැන මම කාටවත් කිව්වේ නැහැ...... ( හි හි... ඒ කියන්නේ දැන් නම් මට එතරම් කල් මේ වගේ සිද්ධියක් නම් හිතේ තියන් ඉන්න බැහැ ... අඩුම තරමේ අම්මට නොකිය ඉන්න නම් බැහැ ....)
මට දැන් පුදුමයි මේ ගැන
එකක්...... අර පොලිස් නිලධාරියා එදා එහෙම නොකලා නම් අපිට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ වෙලාවට. මේ සිද්දිය උන තැන ඉඳල අපේ ඉස්කෝලෙට ටිකක් දුරයි...
අනිත් එක..... මම බයක් නැතුව නැග්ග එක....
කවදාවත් මම නම් කිසිම දවසක කියන්නේනැහැ මේ වගේ වැඩක් කරන්න කියල.... අන්තිම භයානකයි!!!!
Hats off for that policemen!
මම මේක කිව්වේ පොලිස්කාරයෝ ගැන අපි කාගේත් (මගෙත් ඇතුළුව...) ආකල්පේ ඉතාම අසුභ හින්ද. හැබැයි මේ සිද්දියට දැන් ගොඩක් වයසයි... ඒ හින්ද මිනිස්සුන්ගේ වගේම පොලිස්කාරයක්ගේ ආකල්ප මීට වඩා වෙනස් වෙලා තියෙන්න ඇති....
ප.ලි. මම හිතන්නේ ගමනක් යනකොට ( ඒ කියන්නේ තමන්ට නුහුරු පළාතක.. නුහුරු වෙලාවක... නුහුරු මිනිස්සු එක්ක) ගෑණු ළමයෙක් මේ දේවල් ගැන හිතනවා නම් හොදයි
1. ආපහු එන්නේ කොහොමද?
2. ආපහු එන්නේ කාත් එක්කද ?
3. අතේ අමතර සල්ලි තියෙනවද ?
4. දැන් කාලේ වගේ නම් ඉතින් ෆෝන් එක්කක් හෝ, වෙන කතා කරන කොයි විදියක් හරි තියෙනවද ?
අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා ඔය කියන ඉස්කෝලෙටම ගිය. නමුත් උපේක්ෂා යන්න කලින්.
ReplyDeleteඔය වැඩේ නම් අන්තිම භයානකයි. මොකුත් නොවුන නිසා හොඳයි. නමුත් එයාලට වෙනත් අදහසක් තිබුනානම් අද බ්ලොග් එකේ ලියවෙන්නේ එක්කෝ වෙනම කතාවක්. නැතිනම් බ්ලොග් ලියන්නියෙකුත් නැතිවෙන්න තිබ්බා.
ඔව් අප්පා.... මට දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. මේ මොහොත වෙනකල් මම කිසි කෙනෙක්ට මේ ගැන කියල තිබ්බේ නැත්තෙත් ඒකයි ... මොකද කන පිරෙන්න අහගන්න ඉඩ තියෙනවා......
Deleteමේක ආදුරුසේට ගන්න තරම් මෝඩයෙක් මේ වෙබ් අවකාශේ නැති හින්ද විතරයි ලිව්වේ....
මං මුල්කාලේ ලියපු ලිපියක් මේන්න තියෙනවා කියවලා බලන්නකෝ
Deletehttp://wilakuwa.blogspot.com/2012/09/blog-post_8.html
ස්තුති...
Deleteමම ඒ ලිපිය කියෝලා දැන් මාස ගානක් වෙනවා... හි.. හි... මම ඉස්සර නරඹන්නෙක් මිසක් ප්ලේයර් කෙනෙක් නොවෙන හින්දා කොමෙන්ටුවක් දැම්මේ නැහැ.... සොරි වෙන්ට ඕනේ...
හොඳ වේලාවට හොඳ පොලිස්කාරෙයෙක් වුනේ....නැත්තම් ඉතිං අර හෙන්රි කියුවා වාගේ තමයි.
ReplyDeleteඔව් අප්පා... දැන් නම් මතක් වෙනකොට පුදුමයි. ස්තුති කොමෙන්ටුවට
Deleteහරි භයානක වැඩක් නෙ ඒක.. මොනව උනත් ඔහු හොඳ මනුස්සයෙක් වෙන්න ඕන.
ReplyDeleteඔව් වෙන්න ඕනේ... ගොඩක් පොලිස්කාරයෝ අපෙන් ලිෆ්ට් ගන්නවා මිසක් අපිට ලිෆ්ට් එකක් දෙන්නේ නැහැ නේ...
Deleteමාත් ළඟදි ලිව්වා ඔය වගේම මොලේ නැති වැඩක්.. දැනටත් මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා...
ReplyDeleteමම හිතන්නේ ඔයා කියන්නේ මේ පොස්ටුව ගැන වෙන්න ඇති නේද?
Deletehttp://hirunethihorawa.blogspot.com/2013/06/blog-post_20.html
ඔව් මමත් ඒක කියෙව්වා.....
ඒ වගේ දේවල් මමත් කරලා තියෙනවා.... හැබැයි පොඩ්ඩක් වෙනසක් තියෙනවා.... වෙලාවක් ලැබුනම බෙදා ගන්න කැමති මම ඒ අත්දැකීම් නම්.... මොකද මට දැන් හිතෙනවා.... පොඩිකමට හිටියට මම මීට වැඩ ඉස්සර කල්පනාකාරී කියලා.
ස්තුති කොමෙන්ටුවක් දැම්මට
සාමාන්‍යෙයන් නිල ඇඳුමක් අදින තැනැත්තන් පාසල් නිල ඇදුම දෙස බලන්නෙත් පොඩි හෝ ගෞරවයකින් කියලය මට තාමත් හිතෙන්නේ. කතාවනම් ලස්සනට කියවාගෙන යන්න හැකි විදියට ලියලා තියනවා.
ReplyDeleteඔව් එක වෙන්න ඇති එහෙම උනේ.....
Deleteඒ දවස්වල කොහොමත් නිල ඇඳුමට මීට වඩා ගරුකිරීමක් තිබ්බ...
ස්තුති කොමෙන්ටුවට
හම්මේ.... හොද වෙලාවට ඒ මනුස්සයා හොද කෙනෙක් වුනේ..... නැත්තන් මොනවයින් මොනවා වෙන්න තිබුනද......
ReplyDeleteමමත් ඔය වගේ කරකියා ගන්න දෙයක් නැතුව බය වෙච්චි දවසක් තිබ්බා. එතකොට මං 6යෙ පංතියේ. හැබැයි මේ වගේ ලොකු අවධානමක් නම් තිබ්බේ නෑ. හිතුනොත් ඒක ලියන්න ඕනි.
ඔව් අප්පා... කියල වැඩක් නැහැ... ගොන් කමේ උපරිම.....
Deleteඑත් ඒ කාලේ හැටියට බය වෙන්න දෙයක් නැහැ කියලත් හිතුනා. අපි දැන් ළමයින්ට වැඩ නිදහස කියන දේ වින්දා ... විදින්න පුළුවන් උනේ දෙමව්පියෝ අපිට එක දීපු නිසාත්, සමාජයත් මිට වඩා යහපත්වට තිබ්බ නිසාත්.
දැන් කාලේ නම් ළමයි ගෙවල් අස්සේ දාගෙනවත් පරිස්සම් කරන්න බැහැ නේ...
පිස්සුද බං?...අර පොලිස් කාරයගෙ පූරුවෙ පිනක් තිබිල වෙන්න ඕන ඌ යහතිං එදා වැඩට ගියේ....ආපෝ උඹලගෙ ඔය ඉස්කෝලෙ නං කියල වැඩක් නෑ....අපෙ උන්නැහෙට ඕකට ට්‍රාන්ස්ෆර් එකක් ඇවිල්ල මම තර්ජනය කරලයි වැඩේ නවත්ත ගත්තෙ...හෙහ්, හෙහ්,
ReplyDeleteඒ කාලේ මම සද්දේ වහගෙන ඉන්න කෙනෙක්... ප්‍රොසෙස් කරනවා විතරයි... ඇතුල සවුන්ඩ් ප්රුෆ්!
Deleteමම ඔය ඉස්කෝලෙට ගියේ ඉතින් අර පහේ සිස්සත්වෙන් නේ.... ඊට කලින් ගියපු ඉස්කෝලේ කතා කීපයක් තියෙනවා. පස්සේ ලියන්නං යන්න දෙන්න තිබ්බේ.. ඔයාට අර ඉස්සර වගේ මිදුල් අතු ගගා ඉන්න බැරිවෙයි :P
ඔබට උදව් කල ඒ මහතා පොලිස් කාරයෙක් නොව පොලිස් නිලධාරියෙකු යනුවෙන් නිවැරදි විය යුතුය.
ReplyDelete