Friday, July 12, 2013

20. ලේ දන්දීම - 3

මගේ ලේ දන්දීමේ ඉතිහාසය ඉතාමත් අනාදිමත් යුගයක් දක්වා විහිදී ගිය  එකක් බව මීට කලින් පොස්ටු දෙක කියෝපු අය  දන්නවා ඇති.
බැලුවේ නැත්තං  මෙන්න... 

මේ ලියන්න යන්නේ නම් තුන්වෙනි උත්සාහය ( වගේ වෙන එකක් වත්ද මන්දා...)

---- සියලු දෙනාගේ පහන් සංවේගය සදහා  - මෙව්වා වෙන කාටවත් කීම ඔට්ටු නැත!


මගේ ලේ දන්දීමේ ඉතිහාසය දන්නා කිසිම කෙනෙක් අද මම වැඩ කරන කොම්පැනියේ නැහැ . එක කොතරම් පිනක්, සැපක්, ප්‍රීතියක් ද කියල මට කියාගන්න වචන නැහැ.

ඒ උනාට ඔය එහෙන් මෙහෙන් කතා සමහර එව්වා ඇහෙනකොට මම හෙමීට මාරු වෙලා යන එක නම් අපේ ටීම් එකේ අයට මීටර් වෙලා තිබ්බ හින්ද පොඩ්ඩක් විතර කියල තිබ්බේ. මොකද හදිස්සියෙවත් ජබර කලන්තයක් හැදුනොත් කව්රු කියල බලන්නද ?

ඔන්න ඉතින් ඔහොම සන්තෝසෙන් ඉන්නකොට මේ ළඟදී දවසක.. හ්ම්ම්... මාසයක් විතර ඇති.... අපේ කොම්පැනියට අල්ලපු කොම්පැනියේ කට්ටියක් ලේ දන්දීමක් කරන්න හදනවා කියල මම උදෙන්ම (උදෙන්ම කියන්නේ අපේ පැත්තේ නම් ඉතින් 9 විතර උනහම ඈ ...) වැඩට ගියහම ආරංචි උනා. අපේ කට්ටියට ඉතින් නිව්ස් නොමිලේ ගේන  කොල්ල තමයි පණිවිඩේ ගැන මේල් එක එන්නත් කලින් බෙරේ ගහගෙන දුවන් ආවේ.......එදා මගේ ළඟපාතම  කියුබිකල් එකේ වැඩ කරන කොලු පැන්චෙක්ගේ 'හැපී බර්ත් ඩේ' එක ! ඉතින් හොදට සුබ පතලා ඉවර වෙලා ඇහුව මොනාද අපිට කන්න දෙන්නේ කියලා....

"ඇයි  දන්නේ නැද්ද.... ***** එකේ අද බ්ලඩ් ඩොනේෂන්  එකක් තියෙනවා නේ.... මම අද මුලින්ම ලේ දන් දෙනවා.."


සිංහ ලීලාවෙන් මෙයා කිව්වා. ඔන්න ආයෙත් අවරුදු ගානකට පස්සේ මගේ අර අමුතු කැසිල්ල එක පාරට එලියට ආවා !! 

"මමත් එනවා....."

සියලු ලේ දන්දීමේ පරණ මතකයන් මහවැලි ගගට දමාපු මම එක පයින් කියා හිටියා. එතන හිටියේ ඔක්කොම කොල්ලෝ නිසා, මම කියපු මේ කතාව ඉතින් පොඩ්ඩක් විතර සැරට ගත්තා  කට්ටිය...  හොදම වැඩේ කියන්නේ ලේ දන් දෙනවා කියල අඬබෙරේ උදේ ඉදන්ම ගහගෙන ආපු කොල්ල එක පාරට 'මාර' බිසී වෙලා!!!

ඔන්න පැයක් විතර ගියා... තවමත් ලේ දැන් දෙන්න ඉන්නේ මමයි අර අලුත ඉපදිච්ච එකයි විතරයි...

මම ඉතින් වෙන සෙක්ෂන් එකකට ගිහින් එකේ ඉන්න කෙල්ලෝ ටිකකට කතා කළා. මගේ කලන්තේ වැඩේ හින්ද මම හිතුවේ අල්ල ගන්නවත් කව්රුහරි ගියොත් හොදයි කියල. නැත්තම් ඉතින් මම එතන ඇඩ්  එකක් වෙනවා සිකුරුයි...

අන්තිමට හරි අමාරුවෙන්... ලේ දෙන්න නෙවෙයි... තනියට යන්න හොඳ හයේ හතරේ 'කෙල්ලෙක්' හොයා ගත්තා... කෝකටත් කියලා අර කියාපු කොම්පැනියේ ඉන්න මගේ යාලුවෙක්ටත් කෝල් එකක් ගත්තා..

"හලෝ... මේ.. ඔයාලගේ කොම්පැනියේ ලේ දන්දෙන වැඩක් කරනවා නේ..."

සැප දුක අහල ඉවර වෙලා මම කිව්වා.. මතක තියාගන්න.. මේ යාළුවා මගේ බැචියක්.. ඒ වගේම. අර මගේ පලවෙනි කතාවේ හිටපු හිමොග්ලොබින් අඩු වෙලා reject  උන එක්කෙනා කියල...

"අහ්  තියනවා තියනවා..... මම දුන්න උදේ වරුවේ..."

ඔන්න මගේ ඔලුව උඩින් තිබ්බ මල් පොහොට්ටුව 'පුහ් ' ගාල පිපිලා සුළගේ වැනෙන්න ගත්තා.... 

ඇයි අප්පා... හිමොග්ලොබින් අඩුයි කියල reject  කරපු ඌත් දීල නම්.... සරල වීජ ගණිතය අනුව... "මොකද මට බැරි!"

ඔන්න ඉතින් මගේ මොරාල් එකත් හොදටම  අප්  උනා.... 

"මමත් එනවා ලේ දෙන්න..."
මම ඉතින් පොර වගේ කිව්වා....

"මගේ අම්මෝ උපේක්ෂා .. තමුසෙට පිස්සුද?......... "

ඔන්න කිව්වා මගේ යාලුවා. එයාගේ වැරැද්දක් නැහැ ඉතින්... එය මගේ ජබර කලන්තේ දැකපු, අහපු කෙනෙක් නේ...

".......එන්න එපා.. එන්න එපා.... හරි  අමාරුයි ඕයි.... මටත් තාම dizzy  වගේ...."

"නැහැ හලෝ... මම කාලා  එන්නේ... තව කට්ටිය එනවා අපේ ඔෆිස් එකෙන්...."

මගේ කතාව අහන්නේ නැතුව මගේ යාළුවා මට එක එක එව්වා කියෙව්වා.... මම එව්වා ගානකට ගත්තෙම නැහැ.... මොරාල් එක එතරම් උඩ !

එතන ඉන්නවා මගේ පරණ බොසාත්....  ඒ කියන්නේ මගේ පරණ ලොක්ක... හරිම හොඳ මනුස්සයෙක්... (එය ගැන කතාවක් මම පස්සේ දාන්නම්කො....හිකිස්...) මම ඉතින් එයටත් කිව්වා (SMS  එකක් දැම්මා) මම කරන්න හදන වීරකම ගැන... වෙන මොනවත් හින්ද නෙවෙයි... එතනට ගිහින් මට එයාට කතා නොකර එන්න වෙලා, එයා  මාව හදිස්සියෙවත් දැක්කොත්හොඳ  නැති නිසා... එතරම් හිතවත් මගෙත් එක්ක. මට හැරෙන තැපෑලෙන් ආවා උත්තරයක් 

"They will lock you all in a room full of mosquitoes..."

හාහ්... හාහ්.... ඔන්න මගේ ලොක්කා! ඒකයි මම කිව්වේ හරි හොඳ මනුස්සයෙක් කියලා... 
දැන් ටික ටික දවල් වේගෙන ආව. ආරංචියේ හැටියට අපිට එන්න කියල තියෙන්නේ දවල් 1 ට විතර. ටික ටික කතාව පැතිරෙනකොට කට්ටිය පොඩ්ඩක් එකතු උනා. ලේ දෙන අය  වගේම සපෝට් එකට එන්නත් කට්ටිය ආවා. මොකද සුපුරුදු විදියට ලේ දන් දීමේ කඩතුරාවට මුවා  වෙලා කෙල්ලෝ බලන්නට එන්න කොහොමත් අපේ කට්ටිය හරිම කැමති! ( අපේ ඔෆිස් එකේ කෙල්ලෝ හරිම අඩුයි... (හිහ් .. හිහ් .. පව් අප්පා අපේ පිරිමි ළමයි ටික ....)
දවල් 1 ට ඉතින් යන්න කට්ටිය ලෑස්ති වෙනවා.... මමයි , අර අලුත් උපන් ළමයයි ඉක්මනට දවල්ට බත් එකත් කැවා... 1 වෙන්න ලං වෙනකොට ලොබි එකට එකතු උනා...
එකා දෙන්නා ආවා...
ඔන්න අන්තිමට කට්ටිය 8ක්!! නරකම නැහැ නේද....
ඒ අතරේ මම අර මගේ සහයට එන ගෑනු ළමයට කිට්ටු කළා...
"මට ඉතින් පොඩ්ඩක් කලන්තේ වගේ ආවොත්  ඔන්න බලන්ඩ ඈ ..."

මෙහෙම විස්තරේ කිව්වට යටින් ඉතින් මගේ කම්මලේ පිටි කොටනවා වගේ තමයි..... ඩග .. ඩොග ...ගගා ඇතුලේ සද්දේ..
ඔන්න ඉතින් කට්ටියම ගියා.... ඒ ඔෆිස් එකට යන්න තියෙන්නේ පඩිපෙලක් නැගලා.. යනකොට අලුත ඉපදුනු යාළුවා මගේ දිහාට හැරුනා 
"මේ... පඩිපෙළට කලින් දාන කලන්තයක් දාල ඉවර වෙලා... කෙලින් යමු ඈ ..."

මම නෙවෙයි කට ඇරියේ...... ඒ වගේ දෙයක් මිසක් මාව බය කරලා අර කලින් පාර වගේ කලින්ම බිමට දොය්යා කරන දෙයක් කියන්නේ නැති හින්ද මට බයක් තිබ්බේ නැහැ ඒ ගැන.
ඔන්න ඉතින් සුපුරුදු විදියට ඇතුලට ගියා.... හොදින් පිලි ගත්තා ඔන්න එක එක්කෙනා බර කිරනවා...බර හරි!

'අම්මෝ හරි සතුටුයි ' පලවෙනි අදියර පාස් ( ඇස කොනෙන් ඇඳවල් පේනවලු ඈ ... දැක්කේ නැහැ වගේ හිටියලු ඈ ...)

ඔන්න මගේ අතිජාත මිත්‍රයා ආවා....
"ආවද... මම හිතුව එන්නේ නැතිවෙයි කියලා. මට උදේ දීල දැන් තමයි පොඩ්ඩක් අඩු උනේ dizzy  ගතිය. ඔයාට පුලුවන්ද ඈ ?"
"පුළුවන් පුළුවන් හලෝ.... මේ පාර දෙනවමයි...."
මගේ යාළුවා මගේ හැටි දන්නා නිසා වෙන්න ඇති එට වැඩ කියන්න ගියේ නැහැ.... ( 'කිව්වා නාහන ගුරු ඉහල ගියත් එකයි... පහල ගියත් එකයි' කියල වගේ කතාවක් තියෙනවා නේ....)
ටික වෙලාවක් ඉදල යාළුවා කිව්වා 
"ඔයාව ඇඳට දැම්මම කෝල් එකක් දෙන්න හරී..."

යාළුවා ගියපු එකම හොදයි කියල හිතුනේ මගේ පරණ රෙකෝර්ඩ් මෙයා මෙතන කියවන්න ගියොත් සායම ගිහින් විතරක් නතර වෙන්නේ නැති නිසාමයි...

එට පස්සේ කොලේ ගත්ත... ඒ අතරේ ඉතින් නොයෙකුත් විහිළු කියවල යාලුවෝ විනෝද උනා.. එතන වැඩිය කට්ටිය හිටියේ නැහැ.. අපි කට්ටිය විතරයි වගේ හිටියේ..
රටේ වත් නැති පුරස්න අහල තිබ්බ... එව්වටත් උත්තර දුන්න කියමුකෝ... ලේඩි  ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නේ ඉතින් චෙක් කරන්න.... කීප දෙනෙක් යනකල් බලන් හිටියොත් වැඩේ අප්සෙට් වෙන හින්ද ඉක්මනට ගියා... ලේ දන්දීපු ය දන්නවා ඇති නේ අහන එව්වා... ප්‍රේසර් එකත් ඔන්න බැලුව.. 
අම්මා.. ඒකටත් හරියක් දාලා දුන්න.....  දෙවන අදියරත් පාස් !

එතන තිබ්බ මේසයක් ලගට ගිහින් මම ඇස්  දෙක වහගෙන ඉන්නකොට මගේ ඇගිල්ලෙන් ලේ බින්දුවකුත් ගත්ත කියමුකෝ... (මොනා ගත්තද නම් දන්නේ නැහැ.... මම ඇස්  දෙක පියන් අහක බලන් හිටියා... ලේ දැක්කොත් කේස්...  )

ඊට පස්සේ  දීපු අඩුම කුදුමත් අරන් මම ගියා පෙන්නපු ඇඳක් ගාවට..... අප්පා.... ලොකු දෙයක් නේද?
ඔන්න ඉතින් මම අර බෝතලේ එහෙමත් දීල අර ඇඳක හාන්සි උනා.... අප්පා... මගේ ලේ ගන්න හිටියේ තරුණ හාදයෙක්! මම හිතුවේ නර්ස් නෝනා කෙනෙක් දෙයි කියල.....
"මම චුට්ටක් විතර බයයි හරිද... ගණන් ගන්න එපා......."
ඔන්න මම ඉතින් පලවෙනි වාක්‍ය කිව්වේ කෝකටත් කියල. 
"ඇයි ඉතින් මිස්... බය නම් නොදී ඉන්න එක තමයි හොඳ...."
මේකා හිනා වේවි එහෙම කිය කියා මගේ අතේ අර 'හොදම තැන'  හොයනවා කටුව අනින්න...ඇස්  දෙක වහගෙන සින්දුවක් මතක් කළා.....
කටුව නම් අනිනවා දැනුන..... මම සින්දුවක් මතක් කළා... මතක් කළා... අඩු තරමේ ඒ වෙලාවේ 'රෝස මලේ නටුවේ කටූ'  කියලවත් මතක් උනේ නැහැ.... 
අර මනුස්සය තව මොනාදෝ කිව්වා... මම නෙවෙයි කතා කලේ.... උඩ  බලන් හිටියා... අතට රබර් බෝලයක් දෙනවා නේ... එකත් දුන්න... මම එකත් අතේ තියන් වෙන මොන හරි මතක් කරන්න ගත්ත......

මගේ වෙලාව කියන්නේ.....

කිසිම දෙයක් මතක් උනේ නැහැ අප්පා.....................

ඔන්න පොඩ්ඩක් මොකද්ද උනා...... "ඩොන්ග ඩිංග *^%%^"
ඇත නිකන් නැහැ වගේ දැනුනා..... ඔලුවත් නිකන් නැහැ වගේ දැනුනා..... අහසත් කළුකරලා ........ තරු දෙක තුන පත්තු වෙන්න ගත්තේ නැතෑ !!!
"මගේ... ටි..ක..ක්... ඔ...ළු ...ව .... කැ ... ර.. කෙ ..." 

ඔච්චරයි පිට උනේ .......................
මහා කලබැගෑනියක් ඇහුනා... අනේ සත්තමයි මට ඔලුව කැරකෙන්න උනා මිසක් කලන්තේ හැදුනේ නැහැ......... (කලන්තේ හැදුනා  නම් කොතරම් හොදද මෙව්වා මගේ ඇස්  දෙකෙන්ම බලන්න උනේ නැතුව!) යන්තමට මට පෙනුන සෙනග මගේ වටේ!
කකුල් දෙකත් උඩට නවල, තවත් මොනාදෝ ජරමර ගොඩක් කළා.... මේ මොන දේවල් කලත් මම දන්නවා මගේ සිහිය එන්නේ එකට ඕනේ වෙලාවටයි කියලා..... 
දැන් ඉතින් ඇඩ්  එක සම්පූර්ණයෙන් දීල ඉවරයි නේ..... මම විලිලජ්ජාව හන්ද ඇස දෙක පිය ගත්තා....
"ඇස්  පියා  ගන්න එපා..."
මට ඇස්  දෙක පියා ගන්න දෙන්නෙම නැහැ.  ලැජ්ජාව .. අප්පා ලැජ්ජාව!!!
ඉතුරු ටික ඉතින් කිව්වත් එකයි... නොකිව්වත් එකයි නේ.......
දුක්බරයි..... සෝචනීයයි එතරම්ම......!!

අන්තිමට මම ඇඳේ  ඉදන්ම අර හාදයට කිව්වා 
"අනේ පොඩ්ඩක් හරි ගන්න අය්යෝ..." කියලා.... නැත්තම් මට නව නින්ගිරාවක් නේ වෙන්නේ...... 
මෙන්න මු ඒකට  හිනා වෙනවා..... %%#$%$^$%^

කොහොමෙන් කොහොමහරි..... අපේ කට්ටියම ලේ දීල එනකල් මාව ඇඳේ  තියන්මයි හිටියේ..... (ඒ මදිවට කකුල් දෙකක් උඩට කරන් ! චි..... ) අන්තිමට මම හොර පුසෙක් වගේ ඇඳෙන් බැහැල වෙන පුටුවක ගුලි වෙලා හිටියා... මොකද එතන සංවිධායක මණ්ඩලේ ඇස්  වලින් වහන් වෙලා ඉන්න හිතාගෙන..... 
එත් හිනා වේවි ආපු එයාල මගේ අතට අර ලේ දුන්නම කට්ටියට දෙන කෑම  බීම දුන්න අප්පා අඩුවක් නැතුවම. එව්වා මම හෙමීට එතන තිබ්බ මේසයක් ඇතුලෙන් තියල අපේ කට්ටියට මුවා  වෙලා තමයි ආපහු ඔෆිස් එකට ආවේ.

ඇවිත් බලනකොට මගේ ලේ ගත්ත තැනින් පුදුම වේදනාවක් එනවා වගේම, ලේ ටිකකුත් එනවා. බලනකොට මගේ ජබර කලන්තෙට බය උන අර හාදය කටුව ඇදල  ගත්ත පාරට මගේ අත තුවාල වෙලා!

ප .ලි. මම හිතන්නේ බටේ  දිගේ ලේ ටික ගියා විතරයි. බෝතලේට පිරෙන්නවත් ලැබුනේ නැහැ. 
ගත හැකි ආදර්ශ: ඒ කියන්නේ මට ඊලග පාර වෙනකොට ලේ ටිකක් දීගන්න පුළුවන් වෙයි... සතෙන් සතේ....

මේ සිද්ධිය ඇසින් දුටුවන් ඉන්නවා නම් ඔන්න... කොමෙන්ටුවක් නම් දාන්න එපා.....

11 comments:

  1. මේ නුවර කුමාරි..ඔය ලේ දකිද්දි කලන්තෙ දාන්නෙ මොකද දන්නවද?...ගිය ආත්මෙ උඹ ඇවිල්ල වැම්පයර් කෙනෙක්..ඉතිං මේ ආත්මෙත් ලේ දැක්කොත් උඹට අනිවාර්යයෙං බොන්ට හිතෙනව..අන්න එහෙම නොවෙන්ට ස්වභාවික ප්‍රතිකර්මයක් හැටියටයි ඔය ලේ දැක්කම දෝයි ගාල හතර ගාතෙ දාල ඇදං වැටෙන මිකැනිසම් එක ක්‍රියාත්මක වෙන්නෙ.

    ඕකට එකම ප්‍රතිකර්මයයි තියෙන්නෙ..මොකක්ද?...එක්කො ඕනත් නෑ..ඒක මෙතන ලිව්වොත් උඹ අනිවා ඔතන කී බෝඩ් එක උඩම වැටෙනව ජබර කලන්තෙ දාල...(Swoon )

    ReplyDelete
    Replies
    1. අන්න අන්න ඉතින් ඔයා මෙතන මෝහනය පටන් ගන්න හදනවා.... (කාටවත් කියන්න හොද නැහැ අප්පා ඔව්වා....)
      ඔන්න මම හොදට තද කරලා පුටුවේ එල්ලෙන්නම්කො... කියමු බලන්න විදිය?

      Delete
  2. අර sms එක දැක්කාම මට මතක් වුනේ උක් අඹරන මැෂින් එකක් ඕනෙ වෙයි ලේ ගන්න කියන කතාව. සමහර විට ඒ ක්‍රමය ලේසි ඇති.

    ඉතින් බොල මේ පාර ලේ දැකලවත් නැතුවනේ සිහි නැති වුනේ. ලේ ගැන හිතලා නේද?

    ReplyDelete
    Replies
    1. මට ලේ දකින්නම ඕනේ නැහැ..... ඇහුවත් ඇති! අනේ මන්ද මොන logic එකකට ක්‍රියාත්මක වෙන එකක්දෝ කියල...... ඩුඩ් ට කියන්න එක පාරක් හරි වැඩක් උනා නේ.....
      කැම්පස් යන කාලේ රෑ තිස්සේ පොතක් කියෝ කියෝ ඇඳට වෙලා හිටියා... ( Name: Without my daughter )... එක ජේදයක් කියෝගෙන යනකොට කලන්තේ හැදුනා.. ( ශරීරයේ වේදනාත්මක දෙයක් ගැන කියල තිබ්බ තැනක්.. ඒ පොත කියෝපු කෙනෙක් දන්නවා ). අනිත් ඇඳේ අපේ අක්ක සුව නින්දේ... කතා කරන්න වෙලාවක් ලැබුනේ නැහැ... එහෙම්මම කලන්තේ හැදුනා ..... මම හිතන්නේ විනාඩි පහක් විතර පස්සේ සිහිය ආව.... මම ඉතින් ඒ ජේදයේ ඉතිරි ටික අත ඇරලා ඊළඟ එකේ ඉදන් කියෙව්වා...... හිකිස්.....

      Delete
    2. අනේ මන්දා උපේක්ෂා විවාහ වෙලා දරු සම්පත් බලන කාලෙක මොනවා කරගනීද කියලා. :-O

      Delete
    3. Not without My daughter neda?

      Delete
    4. Yes Samadhi, I have wrote it incorrectly... thanks

      Delete
  3. ඔහෙගෙ ඔය අසනීපෙ ගැන කියන්න දේවල් තව මහ ගොඩක් මගෙ කටට එනව ..ඒත් හරියට දැන අඳුනා නොගෙන කියන එක හරි නෑ වගෙ නේද කියල නිකා හිටිය. හරි, ඔය ඔහෙ වගේම චරිතයක් ගැන මම ලියාපු මතක සටහනක් මේ... ..කියෝල බලාපංකො..හෙහ්, හෙහ්,

    උපේක්ෂාවෙනි, ඔබට කිසි දිනෙක එවන් අකරතැබ්බක් නොවේවා යනු මාගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි!!!

    ReplyDelete
    Replies
    1. කියෙව්වා...... කොමෙන්ටුවකුත් දැම්මා........
      'ජබුං .... ජබුං ....' ( නාගන්නා සද්දයකි.....)

      Delete
  4. le dan dena wade gana liwwa katha 3ma kiyewwa... ayyo salli... hina kotiyai... me liyana free style 1 nam maru,,,,

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      ඔය සීරිස් එකේ තව කතා තියෙනවා... ලියන්නම්කො . ස්තුති අගයකිරීමට

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...