කලින් කතාවක් ලියනකොට මතක් වෙච්ච තව කතාවක් උනාට මට මේ කතාව මගේ ජිවිතේ වැඩිපුරම ආවර්ජනය වෙච්ච කතා වලින් 'එකක්'..
කලින් මම අපේ ගෙදර හිටපු සේවිකාවන් ගැන කියනකොට යන්තම් කියල නොකිය හිටපු කතාව තමයි මේක. මොකද ඒ මුඩ් එකයි, මේ මුඩ් එකයි හොඳටම වෙනස් හින්ද.
මම දන්න කාලේ ඉඳන්ම අපේ ගෙදර අපේ අත්තම්ම ( අම්මගේ අම්ම ) හිටිය. එහෙම උනේ මම හිතන්නේ මගේ අත්තා මියගිහින් තියෙන්නේ අපේ අම්මි කැම්පස් ඉන්න කාලෙම හින්ද, අත්තම්ම එයාගේ මහගෙදරින් පිටමන් වෙලා අපේ අම්මි යන යන තැනට ආපු හින්ද. රජයේ නිලධාරියෙක් වෙච්ච අපේ අම්මිට, අපිව අත්තම්මට තියල යන්න තමයි වෙලා තිබ්බේ.
ඒ මදිවට කියන කියන පළාතට මාරු වේවි, එක එක පළාත්වල මිනිස්සු අතරේ අප අම්මි ගතකරන්න ඇත්තේ මහා කටුක ජිවිතයක් කියල මට නම් දැන් හිතෙනවා. උපතින්ම හම්බානක මලපනින අප්පච්චි අන්තිමට රජයේ රස්සාවට පයින් ගහල රට ගියාට පස්සේ ඒ ජිවිතේ තවත් කර්කශ වෙන්න ඇති. තනියෙන් දරුවෝ තුන්දෙනෙක්ගෙ වැඩ කරනවා කිව්වම? ඒ අතරේ රස්සාවත් කරගෙන? කොතරම් සල්ලි ලැබුනත්, මම නම් හිතන්නේ ඒ කර්කශ බව අඩුවක් නැතුව ඇති. දැන් කාලේ වගේ ඒ වගේ සිද්ධි කොමන් නැහැ නේ....
මේ හේතුව හින්දමද වෙන හේතුවක් හින්දමද මන්ද අපේ ගෙදර මම දන්නා කාලේ ඉඳන් අතට පයට සේවකයෝ, සේවිකාවෝ හිටිය. අපිව බලාගන්න අත්තම්මට උදව් කරන්න, වත්ත සුද්ද කරන්න, වාහනේ වැඩකරන වගේ එක එක කැටගරියෙන්. ඒත් මට හොඳට මතකයි, අපේ වැඩ අපි ගොඩක් වෙලාවට තනියෙන් කරගත්ත.
පුත්‍රවාදී වෙච්ච අපේ ගෙදර ගොඩක් ඔය සුරසැප වින්දේ අපේ අය්යා. බලන්න එපෑය මිනිහට තිබ්බ සැප, හුහ්... ඌ කන්නේ නැහැ, කවනවා. කෑම එකට අපිට නැති ජාතිත් ලැබෙනවා. ඒවා නම් මගේ වලි වල මුල! තවත් නොයෙකුත් සැළකිලි ... අම්මප මට මතක් වෙනකොටත් පට්ට තරහයි.... හි.. හි...
මල් පෙත්තක් වුනු අපේ අක්ක නම් ඒවා ලබාගන්නවා, එක පාරයි කට අරින්නේ.. මුළු ගම පළාතම දෙදරන්න මොර දෙනවා, කඳුළු වලින් ගේ ගංවතුර ගලනවා, අනිතිමේදී ඕනේ දේ ලැබෙනවා. අන්න ක්‍රමේ! චැක් .. මට ඔය ක්‍රමේ අල්ලගන්නම බැරි උනා නේ.... මමත් ට්‍රයි කලේ නැහැ කියලද කියන්නේ? මොකද නැත්තේ? මමත් ඒ විදියට අඬනවා... ( ඒ විදියටම ඇක්ටින් පාර එනවද කියල නම් හරියටම දන්නේ නැහැ. ඒත් එහෙම හිතාගෙන ඇස දෙක පියාගෙන බෙරිහන් දෙනවා) මෙන්න මට ලැබෙන ප්‍රතිචාර
'මොකද්ද ඒ සද්දේ' කියල අත්තම්ම බලනවා... බලනකොට මම. එයා එයාගේ වැඩක් බලාගන්නවා ( හොරෙන් ඇස් අරිනකොට මම ඕක දකිනවා. තවත් අඬනවා ) අත්තම්ම යන්න ගිහිං
ආයෙත් මොරදෙනවා
අය්යා සමහර වෙලාවට මගේ දිහා බල බල යනවා පේනවා ( ඇස් වහගෙනලු අඬන්න ඕනේ.. මම ඔව්ව දකින්නේ පොඩ්ඩක් හොරෙන් බලන් ඉන්න හින්ද)
ඔන්න සද්දේ ඇහිලා එනවා වත්ත සුද්ද කරන සීයා
'මොකද චුට්ටි බබා'
වැඩක් නැහැ එයාට උත්තර දීල. මගේ ඉල්ලීම් ඉටුකරන්න තරම් බලයක් එයාට නැහැ. උත්තර නොදී මම වොලියුම් එක වැඩිකරනවා.
'චුට්ටි නංගි , කටපියා ගන්නවකො... මල විකාර'
කොහේ හරි ඉඳන් කිව්වත් , ලඟට ඇවිත් කිවත් අපේ අක්ක කියන්නේ ඔච්චරයි. හුහ්.. මගේ කට වහන්න? හිතුව මදි.... තවත් වොලියුම් අප් !
ඔන්න එතකොට එනවා 'කාන්ති' එයා තමයි අපිව බලාගන්න අපේ අත්තම්මට උදව් කරන්නේ.
ආපු ගමන් කරන්නේ මාව වඩාගන්න එක. දැන් මගේ කටහඬ බැරැන්ඩි වෙලා , කොවුල් සද්දේ නිකන් වවුල් වෙලා.
'ඇයි චුටි බබා....'
ඔන්න මට ඕනේ කෙනා. ඉල්ලීම් ඉටුවෙන්නේ නැහැ කියල දන්නවා උනත්, කාන්ති ආවොත් මම කූල් වෙනවා.
'.... යං යං .... අපි යං ගිහින් අස්සයා පදිමු'
කිසිම ඉල්ලීමක් ගැනවත් අහන්නේ නැතුව මොනවා හරි කියල මාව කූල් කරන්න කාන්තිට පුළුවන්. මගේ ඔය ඉල්ලීම් ඉදිරිපත් කරන විලාසයට, අපේ අම්ම සමහර වෙලාවට කට කොනෙන් හිනා වෙනවා.... ඇත්තම කියන්න.. එතකොට මගේ හිතට දැනිල තියෙන දුක කොතරම්ද කියල අදටත් මට කියල ඉවර කරන්න බැහැ ..... පපුව ඇතුලෙන් මහා දුකක් දැනෙනවා... අම්මගෙත් වැරද්දක් නැහැ, සමහර වෙලාවට මම අඬන්නේ තියෙන හිතුවක්කාර කමට හරි, තරහට හරි.... හි.. හි...
ඒත් මම ඒ දවස්වලම හිතා ගත්තා, මගේ ළමයෙක් එහෙම ඇඬුවොත් , අර හිනා වෙන ප්‍රතිචාරේ නැතුව වෙන ඕනේ ප්‍රතිචාරයක් දක්වන්න. මොකද ඒ ප්‍රතිචාරේ මාව එතරම් වේදනාවට පත් කරලා තියෙන හින්ද.
කාන්ති කියන්නේ මම දන්නා කාලේ ( සමහර වෙලාවට මම ඉපදෙන්න්නත් කලින්) ඉඳන්ම අපිව බලාගන්න කියල අපේ අම්මිට අවිස්සාවේල්ල පැත්තෙන් එක්කගෙන ආපු 'කෙල්ලෙක්'. මම හිතන්නේ අපේ ගෙදර එනකොට කාන්තිට වයස අවුරුදු 16කට වැඩි වෙන්න බැහැ .
චරිත ස්වභාවයෙන්ම ටිකක් සැර ගතිගුණ තිබ්බ අපේ අත්තම්ම කියන දෙයක් කීකරුව අහන පුරුද්දක් කාන්තිට තිබ්බ හින්ද අනිත් අයට වඩා කාන්තිත් එක්ක අපේ අත්තම්මගේ ගැටුම් අඩුයි.
පෙනුම කිව්වොත්, කාන්ති කෙට්ටුයි, ඒ උනාට කෙසඟ නොවෙන හුරුබුහුටි කෙනෙක්. කොන්ඩේ ඉනට ඉහලට වෙන්න තිබ්බ මළානික පාටක්, ඒත් පීරලා පිටිපස්සට වෙන්න ගැටගහගෙන හිටියේ. මුණ පොඩ්ඩක් උල්, පොඩ්ඩක් ඉදිරියට නෙරපූ දත්. අවුරුදු 3 කට වඩා නැති දරුවෙක්ට ඊට වඩා මතක තියෙන්න ඇති කියල මට හිතෙන්නේ නැහැ. අනිත් දේවල් කියනවා නම් කාන්තිගේ පින්තුරයක් දිහා බලල තමයි.
වයසින් අඩු හින්දමද මන්ද, අපි තුන්දෙනා එක්ක කාන්ති හරිම යාළුයි. විශේෂයෙන්ම කාන්ති කියන්නේ මට ලොකු ෆිගර් එකක්. පුත්‍රවාදී අපේ ගෙදරදී, කාන්ති මම ගැන හොයල බැලුව. මගෙත් එක්ක සෙල්ලම් කළා. මම කැමති සෙල්ලං , අකමැති දේවල්, මගේ ආරක්ෂාව කාන්ති බැලුවා. මම කියන්නේ නැහැ අනිත් කිසි කෙනෙක් ඒ ගැන බැලුවේ නැහැ කියල. මම කියන්නේ පොඩි එකෙක් විදියට මට දැනුන විදිහ.
අපේ අම්මිට, වැඩිමල් සහෝදරයෙක් ඉන්නවා. මාමාගේ ළමයි අපිට වඩා ගොඩක් වැඩිමල්. කොටින්ම කිව්වොත් ඒ ළමයි හතරදෙනා ගෙන් බාලම කෙනත් අපේ අය්යට වඩා අවුරුදු කීපයක් වැඩිමල්. මහගෙදර තියෙද්දී, එයාල පදිංචි වෙලා හිටියේ රබර් වත්තක් මැද්දේ තියෙන අපේ අම්මිට අයිතිය තිබ්බ , ගෙදරක. සුදුවැල්ල කියන්නේ ඒ ගමට. කාන්තිගේ ගමත් ඒක . කාන්තිව අපිට හොයල දුන්නෙත් මාම තමයි.
හැම ඉස්කෝල නිවාඩුවටම මාමලාගේ ගෙදරින් ළමයි හතරදෙනා අපේ ගෙදර එනවා. අපේ ගෙදර සැණකෙළියක් වගේ, ඒ වගේම මළකෙළියක්! අපි කරන්නේ වෙන වෙනම කාමරවල නිදියගන්න එක ජොලි නැති හින්ද, මෙට්ට ටික සාලේ අතුරලා ඔක්කොම එක පොදියට නිදාගන්න එකයි. අපි කිව්වේ ඉතින් අනිත් උන්... එතන ඉන්න පොඩිම බට්ට උන මාව මෙලෝ යකෙක් ගණන් ගන්නේ නැහැ. යන යන තැනින් 'දුප්' කියල එලොනවා...
එහෙම එලවන්න කාරණා තියෙනවා.. සූක්‍ෂම රහස්පරික්ෂකවරියන්ට විතරයි ඒවා තේරෙන්නේ. කෙල්ලෝ වෙච්ච උන්ට කතාකරන්න ජාති තියෙනවා හොරෙන් හොරෙන්... කොල්ලෝ ගැන!
අන්න අන්න.... මගේ ඇන්ටනා ඔක්කොම සුපර් සංවේදී වෙන්නේ ඔය කාලෙට. දැන් වාගේ කන ළඟ කරන කසුකුසුවක්වත් ඇහෙන්නේ නැති රෝගය තිබ්බේ නැහැ එතකොට. උන් මාව එලෙව්වම මම කරන්නේ හොරෙන් අහගෙන/බලාගෙන ඉන්නවා. හික්... සාටර් නේද? කව්ද ගණන් ගන්නේ... කවුරුත් දන්නෙත් නැහැ නේ...
මම කලිනුත් කියල ඇති ඔය ඔහොම කට්ටිය ආපු වෙලාවක වෙච්ච හැoඟී මුත්තම් වැඩක් ගැන
අපේ අක්කත් හෙනම කසු කුසු කුට්ටම! කසින්ස්ලා ගේ වයසත් එක්ක මම නොපෑහුනාට කාන්ති හිටියෙත් ඒ වයසේ. මේ කසුකුසු වලට කාන්ති සහභාගී උනාද කියල මතක නැහැ. මට මතක ඔක්කොමල්ල කසු කුසු වෙන වෙනම පටන්ගෙන මාව එලොනකොට කාන්ති ඇවිත් මගෙත් එක්ක සෙල්ලම් කරලා මගේ දුක තුනී කරා කියල විතරයි.
අත්තම්මගේ ඔලුවේ එක එක කුල මල තිබ්බත්, අපේ අම්මි විසින් අපේ ගෙදර පරිසරය හදල තිබ්බේ එහෙම දෙයක් නැති විදියට. ඉතින් කාන්තිට අපි සැලකුවෙත් අපේම කෙනෙක් විදියට. ඒ වගේම කාන්තිත් අපිට ලැදිව හිටිය කියල මට මතකයි. කොටින්ම අපි යන ට්‍රිප් වලට පවා කාන්ති එක්කගෙන ගියා. ඉස්සර නිවාඩු කාලෙට කසින්ස්ලා එක්ක සතියකට කීප වතාවක්ම පේරාදෙණිය ගාඩ්න්ස් යනවා. ගිහිල්ල ඇති වෙනකල් නටල නටල හවස තමයි එන්නේ. කොතරම් එහෙම යනවද කිව්වොත් අලුතෙන් ගහක ඒ දවස් ටිකට මලක් පිපුනත් අපි දන්නවා... හි.. හි... එහෙම ගියපු දවස් වලට ගත්ත පින්තුරවල කාන්ති ඉන්නවා.
කාලය ඔහොම යනකොට අපි අලුතෙන් හදපු ගෙදරට ආව. මට මතක විදියට මම නර්සරි යන වයසේ. ( එහෙම වයසක් දැන් නේ තියෙන්නේ.. හි.. හි.. මම නර්සරි ගිහින් නැහැ.. අපේ අක්කයි, අය්යයි එකතු වෙලා යුතුකම් ඔක්කොම කරලා ) හදපු ගෙදරට ආවා කියන්නේ ඉතින් ගෙදර බාගෙට හදාගෙන යනකොට, අම්මිට ගෙවල් දෙකම බලාගන්න බැරි හින්ද අපි ඒ බාගෙට හදපු ගෙදර පදිංචියට ආවා.
මොකද මේ දවස් වෙනකොට අපේ අප්පච්චි රට ගිහින්. වට පිටේ මිනිස්සු පොඩ්ඩක් වෙනස් හින්ද, අපේ අම්මි අපිට වැඩිය එළියේ පනින්න, වෙන ළමයි එක්ක සෙල්ලම් කරන්න යන්න අවසර දුන්නේ නැහැ. ඒකෙත් හැටි බලමුකෝ! අරූට ඒ මොකවත් තහංචියක් නැහැ! අරූ කිව්වේ අපේ අය්යා..... මට ඉතින් හෙන තරහයි. ඒත් ඉතින් මොනවා කරන්නද.. මේ වෙනකොට කාන්ති වයස අවුරුදු 19ක කෙල්ලෙක්. ඉස්සර වගේම මගේ savior උනේ කාන්ති තමයි. එකම එක දවසක විතරයි මම කාන්ති එක්ක තරහ වෙලා තිබ්බේ. ඒ තමයි, මම බෙල්ල කැඩෙන වේගෙන් පදිනවා කියල මගේ ලී අස්සයා එයා පලලා ලිපට දාල තිබ්බ දවසේ, මගේ හිතට දැනුන දුක, කේන්තිය හින්ද කාන්ති එක්ක තරහ උනා. මම හිතන්නේ මම දවස් කියපයක්ම තරහ වෙලා ඉඳල, කාන්ති අඬල , අම්මිට නොයෙකුත් කරුණු කියල තමයි මාව ආයෙත් යාලුකරගෙන තියෙන්නේ.
මම පොඩි හින්ද දැන් කියන්න යන සමහර දේවල්වල මම ඇත්තම සිද්ධිය දන්නේ ගොඩක් පස්සේ කියන එක මතකයේ තියා ගත්තොත් හොඳයි. ඒ හින්ද ඉන් ඩිටෙල් දන්නෙත් නැහැ, මම කවදාවත් කාගෙන්වත් අහලත් නැහැ.
වයස අවුරුදු 19ක් උන කාන්ති අපි හිටපු ගෙදරට පහල ගෙදරක කොල්ලෙක් එක්ක හුටපටයක් හදාගෙන. මට හරියට මතක නැහැ නම ඒ මනුස්සයාගේ. කියමුකෝ අපි 'ජානක' කියල. කනින් කොනින් මට ඕක ඇහුන, මොකද අපේ අත්තම්ම නිතර පුටු පුටු ගගා අම්මිත් එක්ක බනිනවා ඔය ගැන කියල.
'අනේ අම්මේ.. පස්සේ කියන්නකෝ... චුටි දුවත් තාම ඇහැරිලා'
අපේ අම්මි එහෙම කිව්වම අත්තම්ම යනවා බැන බැන. තැන්පත් කලබල නොවෙන ගතිගුණ තිබ්බ අපේ අම්මි කොයි වෙලේකවත් එයාගේ හිතේ තියෙන දුකක් කරදරයක්වත් ඉස්සර අපිත් එක්ක , විශේෂයෙන් මගෙත් එක්ක , කියන්නේ වත් නැහැ.
ඔහොම ගතවුනා කාලය. මට මතක නැහැ කොතරම් කල් ගියාද කියල, හැබැයි අර කසු කුසුව ගිහින් වැඩි කාලයක් ගියේ නැහැ වගේ තමයි මතක.
එක අඳුරු හැන්දෑවක් ආව... මම සාලේ පුටුව උඩට වෙලා චිත්‍ර ඇඳ ඇඳ හිටියේ. එකපාරටම අපේ ගෙට කව්ද කඩාගෙන ආවේ හරියට වලියකට වගේ... බව වෙච්ච මම සෝෆා එකේ ලොකුම පුටුවේ කකුල් දෙක උඩට අරන් ගුලි උනා. යෝධ ශරීරයක් තිබ්බ 'ජානක' පස්සෙන් එයාගේ අය්යත් ආවේ ජානකගේ අතින් පස්සට අදිමින්. සාලේ මැද්දෙදි ඇතුලේ ඉඳන් එලියට එන්න යමින් හිටපු කාන්ති මුහුණට මුහුණ හම්බුනේ හරියටම මම ඉඳගෙන හිටපු පුටුව ඉස්සරහදි.
අනපේක්ෂිත විදියට ජානක දැකපු කාන්ති ගල් වෙලා වගේ නතර උනා. පැනපු ගමන් කාන්තිගේ කෙස් වැටියෙන් අල්ලපු ජානක කාන්තිට 'චටස්' සද්දෙන් ගැහුවා. මම හිතන්නේ කම්මුලට. මාව භිත වෙලා... කොහේදෝ ඉඳල ආපු අක්කා සුපුරුදු හෝන් සද්දෙන් සයිරන් එකක් වගේ කෑ ගැහුවා. මගෙන් නම් කිසිම සද්දයක් පිට වුනේ නැහැ.
"බැල්ලි!......."
පිටිපස්සෙන් හිටපු ජානකගේ අය්යා ජානකගේ අත් දෙකෙන් ඇදල බුරුල් කරනකොටම ලැබුණු අවසරයෙන් කාන්ති අඬාගෙන ගේ ඇතුලට දිව්වා.
".... මෙහෙ වරෙන් බැල්ලි තෝ......."
තවක් මොනවදෝ කියල ජානක ගිගිරුවා. මාව වෙව්ලනවා. හවස 6 විතර වෙලා වැහිබර අහසක් තිබ්බ හින්ද සාලේ විදුලි බල්බ නැතුව මම හිටපු කොටස අඳුරින් වටවෙලා. ජානක මාව දැක්කේ නැහැ මම හිතන්නේ.
සද්දේ ඇහිලා අම්මි ආව කාමරෙන්, අපේ අම්මට කොහොමත් ගමේ සැලකිල්ලක් තියෙනවා. අම්මි දැකපු ගමන් ජානක ගේ අර වියරුව අඩු උනත්, ඔහු කෝපයෙන් වෙව්ලනවා.
"ඇයි ජානක.. මොකද මේ ?"
අම්මි එහෙම අහගෙන ආව. අත්තම්මත්, ගෙදර ඇතුලේ හිටපු හැමෝමත් දැන් ඔන්න සාලෙට රැස් වෙලා.
"අර බැල්ලි... මගේ කියනවද දැන් ඒකි...? නෝනා සම්බන්ධයක් තිබ්බ තමයි... කොහෙන් හරි බඩ වෙලා මෙතන..... "
කවදත් එක පාරටම කලබල නොවෙන අම්මි වටපිට බැලුව. ගුලි ගැහිලා අඳුරු මුල්ලේ හිටපු මාව මුලින්ම දැක්ක.
"ජානක, අපි අරෙහෙට ගිහින් කතා කරමු....."
සියලු දෙනාම එක්කගෙන අපේ අම්මි ගියේ ඒ හදනකොට ඉන්න කියල වඩුබාසුන්නහෙලා හදාගත්ත ලී කුටියට. මට මතකයි අපේ අය්ය , අක්කත් ඒ පස්සෙන් යනකොට අත්තම්ම ඒ දෙන්නව හරොල එව්වා. මම නම් ගුලි උන තැන ගල් වෙලා හිටියේ කම්පනයට. අපේ ගෙදර එතරම් සද්දෙන් කවදාවත්, කවුරුත් ගුගුරලා නැහැ. ඇතුල් කාමරේක අඬන සද්දෙට මම ගිහින් බැලුව. බිම වාඩිවෙලා අපේ අක්කගේ ඇඳට ඔලුව ඔබාගෙන කාන්ති අඬනවා මහා හය්යෙන්. මගේ පපුව රිදෙන්න ගත්ත.
මම අඬනකොට මාව නලවපු කාන්ති! මොකක් හරි හේතුවකට මම ළඟට ගියේ නැහැ.
"ඇයි කාන්ති" කියල දොර ගාව ඉඳන්ම ඇහුව. කාන්තිගේ ඇඩිල්ල උත්සන්න උනා. මම කරන දෙයක් හිතා ගන්න බැරි හින්ද ආයෙමත් ගිහින් සාලෙන් වාඩිවුනා. ලී කුටිය පැත්තෙන් හය්යෙන් හය්යෙන් ඇහෙනවා කතා සද්දේ. මට කිසි දෙයක් පැහැදිලි උනේ නැහැ.
වෙලා තියෙන්නේ , කාන්තිට දරුවෙක් ලැබෙන්න! කාන්ති කියල දරුවාගේ පියා ජානක කියල. ජානක කියනවා ජානක නෙවෙයි කියල. දැන් ඉතින් කොහොම විසඳන්නද?
මතු සබැඳි..........
ඊළඟ කොටස

අලි හුටප්පරයක් නෙව වෙලා තියෙන්නෙ ඉතිං ඉතිං..
ReplyDeleteඊට පස්සෙ...
බලං ගිහාම මාත් ඕපදූප මල්ලක්ද කොහෙද...
හෙක් හෙක්
කියවන්න ඊළඟ කොටස එහෙනම්
Deleteමේ වගේ වැඩකට නැති සම්ප්‍රදායික දේව්ල් ලියන්න ලියන්න අධිපතිවාදී පිරිමි තවත් හොඳට විරාජමාන වෙනවා. ඔයටික නුවර කුමාරිට නොතේරෙන්නේ කාන්තාවන්ගේම අවාසනාවට වගේ මට පේන්නේ.
ReplyDeleteමෙන්න පොලිස් කාන්තාවක්
Deleteලිවිය යුතු සහ නොලිවිය යුතු දේ නුවර කුමාරිට හොඳට තේරෙනව වනී.පිරිමි ගැනත් එයාට ඔයාගෙන් ටියුෂන් ගන්න අවශ්‍ය වෙන එකක් නෑ.නිකං මෙතෙන්ට ඇවිත් අගේට ලියාගෙන ඉන්න කෙල්ලන්ව නරක් කරන්නෙ නැතුව ඉන්නවද?
Deleteඅපේ ගෙවල් ගාව හිටිය බෝල ඇන්ටි කියල් කෙනෙක්. ඒ නම දැම්මෙ වයසට යනකල්ම බඳින්න කෙනෙක් සෙට් උනේ නැති ඇන්ටිගෙ වත්තට සෙල්ලන් කරනකොට බෝලෙ ගියොත් කවදාවත්ම ගන්න එන්න දෙන්නෙ නැති නිසා.
Deleteඑයට නිසි කලට බෝලය්ක් මිරිකල ආතල් එක ගත්තනං ඕක වෙනස් වෙන්න තිබ්බ. පස්සෙ 50 පැන්නටත් පස්සෙ ඒ පැත්තෙ සයිකල් බාස් කොල්ලෙක් ඇන්ටිට බෝල සෙල්ලම කියා දීල තිබ්බ. ඉන් පස්සෙ අපේ බොල ගන්න එන්නත් දුන්න. අපිත් ගිහින් ඒ වෙනකොට බෝල ගතිය ගිය ඒවත් බෝල කරල ආව.
වනිතත් මොකෑ කියන්නෙ?
වනිතා - අනේ ඔව්.. අධිපතිවාදී කියන්නේ කියල වැඩක් නැහැ... පට්ටම ! ඇත්තට එහෙම වෙනවද? මම කියලත් තිබ්බේ.. ඒ දවස්වල මට මල අතේ ඕවට... හැබැයි මට වයස අවුරුදු 14 විතර වෙනකොට තේරිලා ඉවරයි මල අතේ තිබ්බට වැඩක් නැහැ කියල. කාන්තාවන් වෙලාවට මගෙන් ආදුරුස ගන්නේ නැත්තේ...
Deleteඔය කියන සිද්දිය අපි පොඩි දවස් වල සුලභ දෙයක්
ReplyDeleteඅද වෙනකොට ගෙවල් වල වැඩට තරුණ කාන්තාවෝ නොයන තරම්
නමුත් House Maid ලෙසින් විදේශ වහල් සේවය තුල ඔය සිද්දිය ඉදිරියට යනවා නැතිනම් continue වෙනවා
හරිම කනගාටුදායක කාරනාවක්.
අද ගමේ කෙල්ලෙකුට කාටවත් අත නොපා ජීවත් වෙන්න (මාලිගා හදන්න නෙවෙයි) මෙන්ම නිවාස වල වහල් සේවයෙන් මිදෙන්න ගාමන්ට් ෆැක්ටරි ගමට ගෙනයාම ඉවහල් වී තිබෙනවා. මේ කර්මාන්ත ශාලා ගැන කොයිතරම් විවෙචන තිබුනත් සමාජීය වශයෙන් ලොකු සේව්‍යක් සිදුවනවා
House Maid කියන්නේ වැදගත් විදියට අදත් කරගෙන ඉන්න පුළුවන් ජොබ් එකක්. කාන්තිට ජිවත් උනා නම්, කව්රු නැතත් අපේ අම්මි, මම උදව් කරනවා. ගාමන්ට් වලින් ගොඩක් වෙලාවට ශ්‍රමය සුරා කනවා.
Deleteදැන් නම් කොහොමත් කාන්ති වගේ ලැදි කෙනෙක් හොයා ගන්න බැහැ කීයටවත්.
අම්මෝ අද නං බඩ පිරෙන්නම ඕපාදුප කෑවා,හුස්ම ගන්නත් බෑ.උපේක්ෂාගෙ මේ අව්‍යාජ ආත්ම කථනය හරිම රහයි.(වැරද්දක් කියන්න හෙව්වා හෙව්වා තිබ්බෙ නෑ)
ReplyDeleteඑක හුස්මට ලියාගෙන ලියාගෙන ගියා හැලපේ . පොඩි පොඩි අක්ෂර දෝෂ තියෙනවා. රසවින්දනයට බාධාවක් වෙනවනම් විතරක් හදන්නම් හොදේ... කම්මැලියා නේ මං
Deleteජයසේන ජයකොඩි ගේ තකාවක් ඇසුරෙන් ටෙලියක් ගියා නේද මේ වගේ කේස් එකක් තියෙන. හාමුදුරුවන්ට හිටියේ සුමින්ද සිරිසේන. ඇන්නා පැන්නා කොල්ලා රවීන්ද්‍ර යසස්. කෙල්ලට හිටියේ මට මතක හැටියට චන්ද්‍රා කලුආරච්චිගේ දුව.
ReplyDeleteනැහැ කකා. ඒකෙ ප්‍රස්තුතය වෙනස්. අනිත් එක ඒ කෙල්ලට මහා විසයක් නේ තිබ්බේ. හිටියේ අමා විජේසේකර. ඩ්‍රාමා එක 'පිච්ච මල' කියල පොතෙන් හැදුවේ.
Deleteමම හිතන්නේ කතා දෙක වෙනස්.
ඇත්තටම මම මේ කතාව ලිව්වේ කාන්ති ගැන මගේ හිතේ තියෙන දුක තුනී කරගන්න. ඇයට නැති චෝදනා ඉදිරිපත් කරන්න නෙවෙයි. දරුවෙක් ලැබෙනවා කියන්නේ මැරෙන්න ඕනේ කාරනාවක් නෙවෙයි.
අපේ ගෙදරත් ඔය වගේ හිටපු ගෑණු ළමයි දෙන්නෙක් අපේ අම්මා ගෙදර යැව්වා මොකක් හරි විනාශයක් වෙන්න ඉස්සර. මට මතකයි එක්කෙනෙක් මාවත් ඇදගෙන කොල්ලෝ වොලිබෝල් ගහන තැනට යනවා. මොකක් හරි දෙයක් වෙන බව මටත් තේරුනත් මම ඒකක් එච්චර ගනං ගත්තේ නෑ. නමුත් අම්මලට ගෑණු ඉව තියෙනවනේ.
ReplyDeleteඑක අතකට ඒ මිනිස්සුන්ගේ ජිවිත කතා ගොඩක් දුරට මේ කොටස් වලින් සමන්විතයි. අපිට කොයිල් වගේ උනත්
Deleteමම ඉස්කෝලෙ නාට්‍යයකට සම්බන්ධ වෙලා හිටියා.ඔක්කොම ලොකු එවුන්.මම පොඩිම පොඩියි.. හැමෝම මම යනකොට කතා නවත්තනවා.මාව යවනවා.හලනවා.එතකොට නම් මාර දුකක් තමයි දැනෙන්නෙ.ඒ මදිවට අඬන්නෙ ඇයි කියල අහන්නැති කොට??
ReplyDeleteහ්ම්ම්...
අනේ ගස් ලබ්බෝ.. එහෙනම් මම මේ කියන දුක අත උඩ තියපු නෙල්ලි ගෙඩියක් වගේ වැටහෙනවා නැතැයි ? අනේ ඒ වගේ දුකක් නම්... අඬන්නේ ඇයි කියල අහන්නේ නැති එකත් විස්තර කරන්න බැරි තරම් දුකක්. මම නම් මගේ දරුවෙක්ට ඒක දැනෙන්න අරින්නේ නම් නැහැමයි
Delete