කෝ කොහෙද තිබ්බේ
ඉස්සර මං හිතපුගමන්
හොයාගත්ත - එක මොහොතෙන්
වැඩිමනත් පරිස්සමට
අරං තිබ්බ බව මතකයි
කොහේ කොයි මුල්ලකට
හැඟුවද මතක නැහැ...
අඩු තරමේ
හංගපු තැනකවත්
සලකුණක් - මතක නැහැ
"වෙන වෙලාවක එන්ට
ඇවිත් ආපහු ගන්ට"
මම කිව්ව - කවුළුවෙන්
බලාගෙන අහක
මගේ දිහා බලාගෙන
ඉඳල පෙරදා වගේම
අයෙත් බිම බලාගෙන
උඹ ගියා
වැහිකෝඩෙකුත් දීගෙන....
අදත් වෙනදා වගේම
වැහිකබායට යටින් තිබෙන,
උනුහුම්ම පපුව නැතුවට
වින්ද දුක - හින්දාම
හොයාගන්නට බැරිය
අතැරදැමු ඒ ආදරය
මොකෝ දුරස් ? මං නම් කැමති මේ කවියට !
ReplyDeleteIE එකෙන් දීපු ලණුවක් අනේ... ඔන්න හැදුව...
Deleteස්තුතියි
වැහි කබාය නැතුව පපුවට ආස අය දැන් දැන් අඩුයි..හැමෝම ආස වැහිකබායට..
ReplyDeleteහෙහ්,හෙහ්..වැහි කබා කාරය කිව්වම මට මතක් වුනේ අර නිවුන්නු දෙන්නගෙ කතාව..." එළියෙ වහිනව ඇති "
ReplyDeleteමොන?
Deleteඅත්හැර දැම්මම නම හොයාගන්න අමාරුයි
ReplyDeleteඑකපාරටම
Deleteහැමවෙලේම
මතක් වෙන හින්ද,
'හිටුකෝ' කියල හිතල
තිබ්බ තැනින්
හොයාගන්න බැහැ දැන්!
වැස්සෙ තෙමි තෙමි
ReplyDeleteඈට දුන්නට සෙවණ..
නොතෙමුණ හින්දාද කොහෙද
ඈ අද යනව
කුඩයක් යට
බාගෙට තෙමීගෙන
බලාපන් ඒ
Deleteකුඩේ මිට - ළඟින්
තල්ල තියෙනා උසින්
කෙටූ නම
කාගේද කියල !
අන්න කුණුගොඩේ....
ReplyDeleteජ ය වේ වා !!!
:)
Deleteඅපරාදේ අත ඇරලා දැම්මේ කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි..
ReplyDeleteහි හි...
Delete