මම ඉස්සර පොත් ගුල්ලෙක් කිව්වොත් වැරැද්දක් නැහැ. දැනුත් පොතක් ලැබුනොත් ( මගේ ටයිප් එකේ පරිවර්තනයක් වගේ එකක්) මම ඒක කියවන්නේ එක හුස්මට.
අපේ ගෙදර ඉස්සර ඉදන්ම තිබ්බේ පොත් වලට අනුබල දෙන වටපිටාවක්. පොත් රාක්කයක් , කියවන්න තැනක් වගේම වෙලාවකුත් තිබ්බා. ඒ දවස් වල දැන් ළමයින්ට වගේ ඉවරයක් නැති ටියුෂන් තිබ්බේ නැහැ නේ....
මම මිට කලින් දවසකත් ලියල ඇති මගේ පරණ ඉස්කෝලේ ගැන.... ඒ ඉස්කෝලේ ඒ දවස්වල දුප්පත් උනත් දැන් නම් හොදට තියෙන බව තමයි ආරංචිය.. ඒ දවස්වල අපිට ඉතින් පුස්තකාලේ වෙලාවක් තිබ්බා පොත් කියවන්න කියල.. පුංචිම පුංචි කාමරයක, කොනට වෙන්න තිබ්බ ඒ පුස්තකාලේ පොත් තිබ්බේ ටිකයි. මට මේක හිතට හරි දුකක් තමයි ඇතිකළේ...
මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් අපේ අය්යා ඒ දවස් වල පංතියේ පළවෙනිය වෙලා ලැබුනා පොත් තොගයක්. මට මගේ ජිවිතේ දැකපු සුන්දරම ළමා පොත් තිබුණේ ඒවා අතරේ... මම දැනටත් රුසියන් කතා වලට පිස්සු වැටුණ කෙනෙක්.. ඒ දවස් වල කියෝපු රුසියන් ළමා කතා වලින් මැවෙන්නේ එකම හීන ලෝකයක්.... වසිලිස්සා, වැඩබැරි දාස, හත් පෙති මල, අව්සද වෙදනා ... අම්මෝ මතක් වෙනකොටත් ආයෙත් කියවන්න හිතෙනවා... සමහර ජේද, සිංදු පවා මට තාමත් කටපාඩම්!!!! මේ පොත් මම තදින්ම ආදරේ කරපු පොත්. (තාමත් ඒවා තියෙනවා අපේ ගෙදර) තව තිබ්බ පොත් මට මතක නැහැ.
මම පොඩි කාලේ හරිම මෙතොඩිකල්... දැනටත් ඒවගේ නෂ්ටාවශේෂ තියෙනවා මම හිතන්නේ හි.. හි.. හි...
ඉතිං ඔහොම ඉන්න අතරේ මට හිතුන වෙනස් දෙයක් කරන්න... හි හි.. ඒ වගේ වැඩ මම ඉස්සර නිතර කරනවා.... පස්සේ ලියන්නම්කො ඒ වගේ කතා පෙළක්ම!
මම කොහොමත් අපේ පුස්තකාලාධිපතිනියගේ අවධානය දිනාගෙන හිටියේ... වෙන මොනවත් නෙවෙයි.. මම ගෙනියන පොත මම අයෙත් ගෙනත් දෙන්නේ හොදට අයන් කරලා.... (විකාරයි නේද? හි හි හි.....) මම කරන්නේ පොත ගෙදර ගෙනියල හොදට අයන් එකෙන් මදිනවා.... පිටකවරයක් දාල පොතේ නම එහෙම ලියල තමයි ආයෙත් ගෙනිහින් දෙන්නේ... මට අදටත් පුදුමයි ඇයි මම එහෙම කලේ කියල... මට ගෙදරින් කවදාවත් එහෙම කියල නැහැ.... කව්රුවත් එහෙම කරනවා දැකලත් නැහැ.... (කොහෙන් එන අන්දොස් අදහස් ද මන්දා.. හි හි හි...) මේ පුරුද්ද මම පුස්තකාල පොත් වලට විතරක් නෙවෙයි, අච්චු පොත් වලටත් කළා.. ඒ කියන්නේ වාර අවසානේ ආපහු බාරදෙනකොට මම පොත් ඔක්කොම අයන් කරනවා.. ( පිටකවර නම් දාන්නේ නැහැ...) ඉස්කෝලේ දුප්පත් නිසා අපිට අච්චු පොත් අලුතෙන් ලැබෙන්නේ පංතියකට සෙට් 3ක් විතර. අලුත් පොත් දෙන්නේ පංතියේ වෙනියා අනුව. ඒ කියන්නේ පළවෙනියට , දෙවෙනියට, තුවෙනියට හොද පොත්... ( ඔන්න නයෙක් අරින්නයි යන්නේ... කකුල් උස්ස ගන්න...!!! ආයේ කිව්වේ නැහැ කියල උඩ පනී ... ) මම පන්තියේ 1 හෝ 2 හින්ද මට ලැබෙන්නේ ගොඩක් වෙලාවට අලුත් පොත්. පාවිච්චි කරලා දෙනකොට මම හිතන්න ඇති මම දෙන පොත ලැබෙන කෙනා සතුටු වෙයි කියලා... මොනා හිතුනද කියල දන්නේ දෙය්යෝ තමයි ...
ආයෙත් කතාවට..!
ඔන්න ඉතින් මෙතෝඩිකල් මම පුස්තකාලේ දුප්පත් කම ගැන හිතින් දුක් උන මට පොඩ්ඩක් මතකයි..
මම මොනවද දන්නවද කලේ.. ඔව් ඔව්.. අන්න ඒක ! මම අපේ ගෙදර අය්යට තෑගි හම්බ උන පොත් වලින් කොටසක්.. දවසට එක ගානේ ගෙනිච්චා පුස්තකලේට.. ඔව් ඔව් අය්යෝ.. එතනට දුන්නා... තාම තියෙනවද දන්නේ නම් නැහැ...
මට මේ ළඟදී දවසක මතක් උනා 'අව්සද වෙදනා' පොත.. මේ සටහන ලියන්න හිතුනේ ඒකයි ......
ප .ලි. මෙහි නයින් , පොළගුන් ඇති බැවින් ප්‍රවේසමෙන් කියවන්න

අප්පේ ආයෙත් ලියන්න පටන්ගෙන තියෙන්නේ..හොඳයි හොඳයි. පොත්වලට සැලකීම නම හොඳ ගුණයක් තමයි.
ReplyDeleteඉත් තුතී අය්යෝ...
Deleteබොහොම කාලෙකින්.... ලියමු ලියමු ආයෙත්...පොත් ගුල්ලි..
ReplyDeleteලියනවා අනේ ලියනවා.... කම්මැලි කම ඉහටත් උඩින්.. ඉදල ඉදල ලියපු එකත් මෙලෝ රහක් නැති උනාට, කියෙව්වට ඉත්තුතී
Deleteමේ ලිවිල්ල කොච්චර දවසකටද? බ්ලොග් එක පුස් කන්න දෙන්න එපා බොල..
ReplyDeleteහොදයි සෑර් ...
Deleteපුස්තකාලෙකට පරිත්‍යාගයක් කරන එක ඉතා හොඳ වැඩක්. මාත් කවදා හරි කරන්න හිතාගෙන ඉන්නවා.
ReplyDeleteඒ උනාට කකෝ .. වැඩේ මේකනේ.... මම පරිත්‍යාග කලේ හොරකම් කරලා නේ... මට ඒ ගැන නම් හරි දුකයි.. දෙන්න ඕනේ නම් මට අරන් දෙන්න තිබුනා... ඒකයි මම මේ සටහන ලියන්න හේතු උනෙත්....
Deleteකොච්චර හොඬහ් ළමයෙක්ද! ඒකට අපි! පුස්තකාලේ පොත් උස්සන එක අපේ ඇඩ්වෙන්චර් එකක්.
ReplyDeleteමම දවසක් සිංගප්පූරු ඩොලර් දහයේ කොලයක් තෙමිලා අයන් කරා. තනිකර පපඩමක් වගේ උණුවෙලා බෝලයක් වුනා. ඒක තවම තියෙනවා මෝඩකමක සිහිවටනයක් හැටියට. (මම සිංගප්පූරුවේ ඉන්නවා කියලා වරදවා තේරුම් ගන්න එපා)
හෆොයි මැට්ටා.... කියල වැඩක් නැහැ නේ.....
Deleteවැඩේ මේකනේ.... මම පරිත්‍යාග කලේ හොරකම් කරලා නේ... මට ඒ ගැන නම් හරි දුකයි..
හොඳ වැඩක්... වතාවක් සාමූහික ක්‍රියාදාමයකින් පුස්තකාලයකට සිංහල පොත් 700 විතර පරිත්‍යාග කලා. මම එකතු කරගෙන ඉන්න පොත් නම් එහෙම දෙන්න හිතෙන්නේ නෑ. සමහර ඒවා මම අයෙත් කවදාවත් කියවන එකකුත් නැහැ. පොත් කලෙක්ෂන් එකක් තියනවා කියලා පෙන්නන්න පොඩි ආසාවකුත් තියනවා, ඒකයි.
ReplyDeleteබොහොම හොඳයි...
Deleteදැන් ඉස්සර වගේ මට පොත් නම් දෙන්න හිතෙන්නේ නැත. (මම කිව්වේ කතන්දර පොත්.. මොකටද බොරු කියන්නේ ඉතිං ) ලියන කියන පොත් නම් ඉතින් අව්ලක් නැහැ... පොඩි එකා කාලේ දුන්නට, ලොකු එකා කාලේ නම් මම දෙන එකක් නැහැ ඒ වගේ පොත් නම්... එක අතකට ඒ කාලේ දීපු එක ලොකු දෙයක්. නැත්තම් අදටත් මම ඒ පොත් තනියෙන් පරිහරණය කරයි.. හි හි හි...
සොඳුරුම කතාවක්. ඔයාගේ මෙතෝඩිකල් වැඩ මටනම් හිතන්නේ හොඳම හොඳ දෙයක් කියලයි. මේ කරපු දේවල් ප්‍රශංසනීයයි. එතරම් කුඩා කාලේ ඉඳන් එහෙම පොත් පත් ගැන සකසුරුවමෙන් වැඩ කරන්නේ සංසාර පුරුද්දට වෙන්න ඇති උපේක්ෂා. මම ඉස්සර වසරක් අවසානේ ඉතුරුවෙන කොළ ටික කඩලා බයින්ඩ් කරලා කාඩ් බෝඩ් වලින් පිට කවරත් හදාගෙන ඊළඟ අවුරුද්දෙ පාවිච්චි කළා....
ReplyDeleteස්තුති කොමෙන්ටු වලට...
Deleteඅපෝ මම නම් පොඩ්ඩක් වත් ප්‍රෙඩික්ටබල් පොරක් නෙවෙයි අප්පා.. ඔය ඔහොම කිව්වට මම ඉස්සර ලියන පොත් වල ලියන්නේ දකුණු පැත්තේ කොළ වල විතරයි... මොකද දන්නවද.. වම් පැත්තේ කොලේ රැලි වෙලා නේ... අම්ම වගේම ටීචර් උනත් මගෙන් මතකයි අහනවා
'මොකද මේ වම් පැත්තේ ලියන්නේ නැත්තේ' කියල
දන්නවද මගේ උත්තරේ?
'ඒ පැත්තේ චිත්‍රයක් අඳින්න හිතන් ඉන්නේ' කියලා.... මම අම්මා නම් කෝටුමස් කරනවා හි හි හි... අපේ අම්මා කවදාවත් මුකුත් කියලා නැහැ...
This comment has been removed by the author.
ReplyDeleteපන්තියෙ එක? හඳේ තමයි :P
ReplyDelete1 හෝ 2 කියලා තියෙනවා දකින්න නැතුව ඇති නේද සුබේ ????
Deleteලස්සන වසිලිස්සා කියවලා තියනවා නම් "රස කථා" කියන රුසියනු සුරංගනා පොතත් කියවල ඇති? රුසියනු සුරංගනා පොත් තමා මම කියවලා තියන ලස්සනම සුරංගනා කථා..
ReplyDelete