මම පොඩි කාලේ ඉදන් ගියපු ඉස්කෝල වලින් මට වඩාත්ම මගේ ජිවිතයට බලපෑම් කලේ මගේ ශිෂ්‍යත්වේ හින්ද මම ගියපු ඉස්කෝලේ, කිව්වොත් ඇත්තක් තමයි.
එකෙන් කියවෙන්නේ නැහැ මගේ ශිෂ්‍යත්වෙට අඩිතාලම දැම්ම ඉස්කෝලේ මට කරපු දේවල් අඩුයි කියලා. මගේ පාදම උනේ මගේ ඒ පරණ ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ වටා ගෙතුණු අතීතේ මට එතරම් මතක නැති උනත්, සමහර දේවල් නම් ගලේ කොටපු අකුරු වගේ මතකයි.
එව්වා බැරිය පස්සේ ලියන්න...
එකෙන් කියවෙන්නේ නැහැ මගේ ශිෂ්‍යත්වෙට අඩිතාලම දැම්ම ඉස්කෝලේ මට කරපු දේවල් අඩුයි කියලා. මගේ පාදම උනේ මගේ ඒ පරණ ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ වටා ගෙතුණු අතීතේ මට එතරම් මතක නැති උනත්, සමහර දේවල් නම් ගලේ කොටපු අකුරු වගේ මතකයි.
එව්වා බැරිය පස්සේ ලියන්න...
අද ලියන්නේ මගේ ඉස්කෝලයක් ගැන නම් නෙවෙයි.. මගේ සිංහල පන්තිය ගැන..!
මක් කිව්වා???
ඔව්...... ඔව් මගේ සිංහල පන්තිය....
නෑ නෑ ..... මම ගියපු ටියුෂන් එකක් නැහැ අනේ... මම කියන්න හදන්නේ මම උසස්පෙළ කරනකල්ම මට හම්බවුනු මගේ සිංහල පාඩම් කාලපරිච්චේද ගැන....
පොඩි කාලේ ඉදන්ම මම හොරෙන් හොරෙන් මගේ අදහස් කොළ වලට ලියන්න හදපු බව නම් මට මතකයි. අපේ අක්ක මට වඩා අවුරුදු 3ක් වැඩිමල් හින්ද... මම ඉස්සර ඉදන්ම වලි කෑවේ එයාගේ ගානට වැඩ කරන්න. ඉතින් මම කරන්නේ එයාගේ සිංහල පොත් කියෝනවා, එයාගේ විභාග ප්‍රශ්නපත්තර වල ,සිංහල ප්‍රශ්නපත්තරේ MCQ වලට උත්තර මාක් කරනවා..
අපේ අක්කට එකසිය ගානට තද වෙනවා මේ වැඩේට නම්.... හි හි හි.... එත් මම නෙවෙයි සැලෙන්නේ...එයා මම එහෙම කරනවට පේපර්ස් හංගල තියෙන තැනින් කොහොමහරි හොයල අරන් උනත් කරනවා...
ඔහොම ඉන්නකොට මම අර සිස්සත්වේ පාස් කරලා ගිය ඉස්කෝලේ හින්ද මේ දේවල් පොඩ්ඩක් වෙනස් උනා. කොහොමද කියනවා නම් , වෙනම සිංහල විෂයක් විදියට උගන්නනකොට මට වෙනම ලෝකයක් මැවුනා .....
අපේ අක්කට එකසිය ගානට තද වෙනවා මේ වැඩේට නම්.... හි හි හි.... එත් මම නෙවෙයි සැලෙන්නේ...එයා මම එහෙම කරනවට පේපර්ස් හංගල තියෙන තැනින් කොහොමහරි හොයල අරන් උනත් කරනවා...
ඔහොම ඉන්නකොට මම අර සිස්සත්වේ පාස් කරලා ගිය ඉස්කෝලේ හින්ද මේ දේවල් පොඩ්ඩක් වෙනස් උනා. කොහොමද කියනවා නම් , වෙනම සිංහල විෂයක් විදියට උගන්නනකොට මට වෙනම ලෝකයක් මැවුනා .....
මට මුලින්ම සිංහල උගන්නන්න ආවේ පොඩිම පොඩි මැඩම් කෙනෙක්. එයා පොඩ්ඩක් අපේ අම්මා වගේ. අපේ අම්මත් හරිම හුරුබුහුටි, ශරීර ප්‍රමාණයෙන් කුඩා කෙනෙක් හින්දා වෙන්න ඇති මම , පන්තියේ අනිත් ළමයි ඈනුම් ඇර ඇර , කබ පිහ පිහ අහන ඉන්න පාඩම ඇස් කන් අයාගෙන අහගෙන හිටියේ. (ඇත්තම කියනවා නම් ගෙදරදී අපේ අම්ම කියන කිසි දෙයක් කනකට ගන්නේ නැතුව, බුම්මගෙන ඉන්න කෙනෙක් මම...)
එයාගේ ඉදල හිටලා විසිවෙන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න හිටියෙත් මම විතරයි ද කොහේදෝ... කිසිම විදියකින් ඒ පාඩම් නම් රසවත් උනේ නැහැ... එව්වා මොකටද මට..?? මම හිටියේ මගේම ලෝකෙක හෙක්... හෙක්....
එයාගේ ඉදල හිටලා විසිවෙන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න හිටියෙත් මම විතරයි ද කොහේදෝ... කිසිම විදියකින් ඒ පාඩම් නම් රසවත් උනේ නැහැ... එව්වා මොකටද මට..?? මම හිටියේ මගේම ලෝකෙක හෙක්... හෙක්....
මෙහෙම ගතවුණ කාලේදී ඔන්න ඉතින් උදා වුනා අර සුපුරුදු විදියට ඔයඑක එක ජාතියේ සිංහල දින තරඟ එහෙම...
මුලින්ම දිස්ත්‍රික් තරඟ තියෙනවා නේ... මාව දාල තිබ්බා 'ප්‍රයෝගික ලේඛන ' කියන අංශයට... අනේ මන්ද.. මටත්වැඩි තේරුමක් නැහැ.. එව්වගේ තිබ්බේ අලි ජේද කියෝලා අදහස කෙටියෙන් ලියන්න, එක එක ලියුම් එහෙම ලියන්න....
එව්වා මම ලිව්වා ඔන්න ඔහේ....
මෙන්න බලනකොට දිස්ත්‍රික්ක තරඟ වලින් මාව පළාත් තරඟ වලට තේරිලා තිබ්බ..... ඒවගේ තේරුනාම නම් දානවා නෝටිස් බෝඩ් එකේ... යාලුවෝ ඇවිත් කියනවා 'අන්න උපේක්ෂා ගේ නම තිබ්බ' කියලා. මමත් ඉතින් 'හ්ම්' කියල ඒ වෙලාවට ඔලුව වනලා ඉස්කෝලෙන් පස්සේ වෙලාවක හෙමිට බලනවා. (තනියෙන් බලල) මම සතුටු වෙන්නේ ඒ වෙලාවට විතරයි...
මම ඒ දවස්වල වැඩිපුර පිස්සුවෙන් හිටියේ මගේ ක්‍රීඩා වැඩවලට.. මම එක ක්‍රීඩාවක් කල පිස්සුවෙන් වගේ.. හි.. හි... තාමත් මට ඒ පිස්සුව නම් තියෙනවා.. එකට අපි නම් කිව්වේ '............... උණ ' කියලා (හිස්තැනට ක්‍රීඩාවේ නම) ඔන්න ඔය කාලේ මම සති අන්තේත් දුවනවා ඉස්කෝලේ මේකට. මේකට කිව්වේ අනේ ඉතින් ප්‍රැක්ටිස් වලට අප්පා....
එක දවසක් ඉරිදා දවසක මම ඉස්කෝලෙට යනකොට වෙනදට වඩා පොඩ්ඩක් සෙනග ඉන්නවා.. එන තැනම පොඩ්ඩක් එහාට වෙන්න ලියල තිබ්බ
'පළාත් තරඟ - සිංහල භාෂා දින' කියල
මට එක පාරටම මතක් උනා 'අඩේ ... මමත් තේරිලා හිටිය නේද....' කියල
කාලසටහනක් දාල තිබ්බ... මම එක බැලුව....
'ප්‍රයෝගික ලේඛන - පෙ.ව. 10.00- 11.30'
මට එකපාරටම වෙලාව බැලුනා.. වෙලාව 9යි. මම ඇදගෙන හිටියේ ප්‍රැක්ටිස් අදින ඇදුමක්. අපේ ගෙවල් ඉස්කෝලෙට වැඩි දුරක් නැහැ. මම කලේ තවත් හිතන්නේ නැතුවම බස් එකේ නැගිලා ගෙදර ගියා. ගිහින් දඩි බිඩි ගාල සුදු ගවුමක් ඇඟේ දාගෙන ඉස්කෝලෙට දුවන් එන එකයි..
යන්තම් 9.55 වෙනකොට මම ඉස්කෝලේ. ඇවිත් බැලුව කොතනද විභාගේ තියෙන්නේ කියලා..
අපොයි.. එතකොට නේ දැක්කේ දිනේ...! විභාගේ තිබිල තියෙන්නේ සෙනසුරාදා!!!!!! ඒ කියන්නේ ඊට කලින් දවසේ.
මගේ ගුරුතුමී මට කියල නැහැ නේ සති අන්තේ පළාත් තරඟ තියෙනවා කියලා.... මට එදා නම් පොඩ්ඩක් දුක හිතුනා.. ගුරුතුමී එක්ක නම් නෙවෙයි... විභාගේ මිස් උන එකට විතරයි
කාලෙකින්.. වැඩ ඇති නේද අහවර නොවෙන. මොකක්ද ඩෝ පළාත් තරංග කියන්නේ..
ReplyDeleteඑක තමයි මාත් බැලුවේ.ශබ්ධ තරංග,ආලෝක තරංග වගේ මෙයාලගේ ගෙවල් පැත්තේ තියෙන එකක්ද කොහෙද?
Deleteගුරුවරයින්ගේ ළමයි තමුන්ගේ පන්තියේම ඉන්නවනං , ඒකා ඔය තරඟ වලට තේරිලා නැත්තං ඔය වගේ "සාධාරණ අතපසුවීම්" ගුරුවරු අතින් වෙනවා.
ReplyDeleteඔයාගේ බ්ලෝග මාතලන් දැක්කනම් බැනුම් අහනවා ගමකට...... මේ අකුරු පොඩි වැඩි ඡේද ලොකුයි කියවන්න බෑ ... අරකයි මේකයි කියලා පොරගේ වයස හින්දද කොහෙද මේවා කියවන්න බෑ ... මම අත්දැකීමෙන් කියන්නේ..... කෝකටත් අකුරු ටිකක් ලොකු කරලා ඉඩ තියල ගත්තනම් අදහස කොහොමත් ලස්සන එකේ පොස්ටුව තව ලස්සන වෙයි
ReplyDeleteමාතලන්ට නෙමේ මැලේ මටත් කියවන්න අමාරුයි මේ අකුරු.
Deleteවසයක උන් ආදෝමැයි...
Deleteඅර උණේ නම මොකක්ද?
ReplyDeleteහත්වලාමේ මම මේ මේ කල්පනා කොරන්නේ තිත් තිත් තිත් උණ මොකද්ද කියල! තිත් උණ වගේ එකක්ද? අපරාදේ,පුංචි පහේ අතපසුවීමක් නම් නෙවේ කරගෙන තියෙන්නේ.. කාලෙකින් බ්ලොග් දඩයමේ එන්න බැරි උනායින් උපේක්ශාගේ බ්ලොගේ සෑහෙන අලුත් ඒවා දැක්කා. මොකක්? මාව අඳුරන්නේ නෑ? මාස ගානකින් ඇවිල්ල කරපු මුල්ම දේ නම වෙනස් කරලා මගේ බ්ලොගේ නමත් වෙනස් කරලා පොඩි අලුත් ස්ටාර්ට් එකක් ගත්ත එක..
ReplyDeleteසේෆ්ටි ඇන්ඩ් පීස් උපේක්ෂා, මන් ගියා ඊගාව පොස්ට් එකට..
-අල්තයීර්(කරූ)
අදහන්න වටින චරිතයක්. අක්කගේ MCQ කරන එක නම් මරු වැඩේ තමයි.
ReplyDeleteඅපරාදේ තරඟේ. ඕකෙ වැඩේ මේකනේ උපේක්ෂා. අපි කාගෙත් තියෙන දුර්වල කමක් තමයි නෝටිස් බෝඩ් එක නොබලන එක. යමක් නෝටිස් බෝඩ් එකේ දැම්මාම ඒක බලයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ දුර්වලකම මේ අදත් මට තියෙනවා. නමුත් සිංහල ගුරුතුමීට තිබුනා ඔයාට මතක් කරන්න (එයාටත් මතක් වුනා නම්) නමුත් ඒක එහෙම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන එක වැරදියි.
Hello, where are you?
ReplyDeleteInnawooooooo
Deleteme google input tools kadila.. mata sinhala liya ganna beruwa inne appaaa :-(
Come back in 2017
ReplyDelete