ඒක පැතිරෙන්න පටන් ගත්තේ හුළගෙන් බෝවෙන ලෙඩක් වගේ.
උතුරු පැත්තෙන් හමාගෙන ආපු හුළඟට වසන් වෙන්න කියල ඊසානට හැරුනම බටහිරින් ආපු හුළඟට අහුවෙලා අපි ඔක්කොම හිත හදාගත්ත.
ඔන්නොහෙ ලෙඩ වෙලාම බලනව කියල ඒකායන අරමුණකට නැති , සම්මුතියකට ආවා වගේ අපිත් ලෙඩේට ගොදුරුවෙන්න පටන්ගත්ත.
මුලිම්ම උනේ මට අලුත් යාලුවෙක් හම්බ උන එක. ඒක මුලිම්ම උන දේ නොවුනත් මම හිතන්නේ එතැනයි මුලින්ම වෙන්න ඕනේ දේ සිද්ද උනේ කියල.
එයා හිටියේ පැසිපන්දු පිටියේ ලොකු පඩිපෙල් වලින් දෙවැනි පඩිපෙලේ මැද්දට වෙන්න වාඩිවෙලා. ටෙනිස් රැකට් එකත් කරක - කරක මම එතැන පහුකරනකොට හොඳටම හවස් වෙලා තිබ්බේ. මම කොහොමත් කාත් එක්කවත් ඇයිහොඳය්යක් තිබ්බ කෙනෙක් නෙවෙයි.
"ඔයා 'බී' පංතියේ නේද?"
එයා එහෙම කිව්වේ 'බී' කියන වචනේ අමුතු උරුවට සද්ද කරමින්, ඒ කියන්නේ වෙනමම තියෙන පංතියක් වගෙයි. එතකොට තමයි මම එයාව යන්තමට මතකෙට ආවේ. අපේ ශ්‍රේණියේ එහෙම ළමයෙක් ඉන්න බව මතක් උනෙත් ඒ මොහොතෙමයි.
"ඔව්... ඔයා බාස්කට්බෝල් ගහනවද?"
එයා ඔලුව ඉහලට, පහළට වන්න ගමන් කකා හිටපු රටකජු මල්ල මගේ දිහාට දික්කලා. අපි දෙන්නම කළුවර අහසෙන් බිමට වැටෙනවා බල බල ගොඩක් වෙලා රටකජු කෑවා.
ඇත්තටම උනේ එහෙම කන්න පටන් ගත්ත එක.
***********************************
" එන්න සෙල්ලම් කරමු"
ලක්මිණි එහෙම කියාගෙන මගේ පැත්තට පැසිපන්දුව විසිකලා.
මමත් පුරුදුකාරියක් වගේ ඒක අතට අරගෙන බෝලය බිම බවුන්ස් කරමින් දුවන්නට උනා. කොහේ හිතන්නද, ලක්මිණි ඒ පොඩ්ඩට මගේ අතින් බොලේ ඩැහැගෙන දුවගෙන් ගිහින් ඉලක්කෙටම විසි කරනකොට, ඉලාස්ටික් වලින් බැඳපු පැසිපන්දුව තමන් වෙතට ඇදගන්නවා වගේ යකඩ කම්බි රාමුව පන්දුව බදාගත්ත.
"ලකී.... එහෙම ඔට්ටු නැහැ හරිද.. මටත් චාන්ස් එකක් දෙන්න ඕනේ"
මම ඇස්දෙක කරකවලා 'ලකී' දිහා හිනාවෙමින් කිව්වේ නොමනාපයක් මවාගෙන. ලකී අත්දෙක ඉනට ගහගෙන පිටියේ මැද්දේ හිනාවීගෙන බලාගෙන හිටිය. මට දැනුනේ විදුලියක් වගේ හැඟීමක්. ඒක ආවේ යටි බඩේ මැද්දෙන් වගේ.
අපි දෙන්නා මොහොතකට එකිනෙකා දිහා බලාගෙන.
"මේනු ? මෙතන මොකද කරන්නේ?"
එකපාරටම මම සද්දේ ආපු දිහාවට හැරුනේ ගැස්සිලා වගේ. පපුව ඇතුලෙන් ලොකු දුම් ගුලියක් වගේ එළියට පැන්න. 'මනෝ'!! මට ලකී දිහා බැලුනේ උත්තරයක් හිතාගන්න බරුවම නෙවෙයි.
'ඒ කියන්නේ මනෝ අපි දෙන්න දිහා බලාගෙන ඉඳල?' ලකීගේ ඇස්දෙකේ දීප්තිය මට පෙනුනේ ප්‍රදිපාගාරෙකින් එන එළියක් වගේ.
"... මම ඇහුවේ ඔයාගෙන්... කාගෙන්වත් නෙවෙයි."
ආයෙමත් අර කටහඬ මගේ පිටිපස්සෙන් ඇහුන. ලකී බිම බලාගෙන ආයෙමත් හැරුන. මම පැසිපන්දුව අතට අරගෙන හෙමින් හෙමින් ආයෙමත් පන්දු දමන කාමරය පැත්තට ඇදුනේ 'දඩ බඩ' ගාන හිතක් එක්ක.
"මමයි යතුර ඉල්ල්ගත්තේ"
මම හෙමිහිට එහෙම කියන ගමන් පන්දුව කාමරේ ඇතුලට තල්ලු කරලා ඉබ්බා තදකලා. මගේ හිත පොපියනවා. මනෝහරි පඩිපෙළ බැහැල ඇවිත් පැසිපන්දු පිටිය හරහා ඇවිදගෙන යනවා , කණුවකට මුවා වෙලා ලකී බලාගෙන ඉන්නවා මම දැක්ක.
***********************************
අපි කවිත් ලියන්න පටන්ගත්ත. ඒ කිසි කවියකට හරිහමන් තේරුමක් තිබ්බේ නැහැ. ඔක්කොගෙම තිබ්බේ 'මායාව' 'යතාර්ථය' 'තිමිරපට' වගේ වචන. ඇත්තටම මම ඒවගේ තේරුමක් දැනගෙන හිටියෙත් නැහැ. ඒ උනාට මගේ කවි ලකී ලස්සනයි කිව්වා. ඒවාට උත්තරත් ලියල හවස මගේ ප්‍රක්ටිස් ඉවර වෙලා එනකොට පොත් අස්සේ ලියුම් විදියට තැන්පත් කරලා තිබ්බ හින්ද මගේ සවස සුන්දර උනා.
ලකීගේ අතකුරු ලස්සනයි කියල මට හිතුන. මම ආසම ඒ අතකුරු වල 'ත'යන්න, 'ක'යන්න, 'න'යන්න ලියන විදියට. දවසක් මම කිව්වා ඒ අකුරු ලියන විදිය මට ඇත්තටම බලන්න ඕනේ කියල. මොකද අපි දෙන්නා හිටියේ එකිනෙකා නොපෙනෙන 'ඊ' සහ 'බී ' පංතිවල . ඉතින් හවසක අපි දෙන්නම සයන්ස් ලැබ් එක පිටිපස්සේ තියෙන වතුරමල ගාවදි මුණගැහුන.
ඒක වැහිබර දවසක් උනේ නැතුවට මට දැනුනේම හිරිකඩක් වගේ එකක් අපි වටේ කැරකුනා කියලයි.
එයා 'ක'යන්න කියනකොට මම ඇස්දෙක එලියට පනින තරම් උනන්දුවෙන් බලාගෙන හිටිය. 'ත'යන්න ලියනකොට මගේ දිහා බලල විදුලියක් වගේ බැල්මක් දැම්ම. මගේ හිත පසාරුකරගෙන යන ඒ බැල්ම!
මේ ලෙඩේට පින්න කියන්නේ අසාධ්‍ය තත්වයක් කියල මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් පින්න හින්ද මට පපුවේ අමාරුවක් වගේ එකක් ආව.
"මනෝ මාරයි නේද? මට දකිනකොටත් පිස්සු වගේ"
"ඉතින් ඔයාට නම් ලේසියි. එයා ඔයත් එක්කම බාස්කට් බෝල් ගහන හින්ද හැමදාම දකින්න පුළුවන්. මට? ඔයාව හම්බෙන්නේ අඩුවෙන්"
මම හෙමිහිට සුසුම්ලෑව. මට දුකක් දැනුනේ නැති උනත් මම සුසුමක් හෙළුව.
"ඉතින් ඔයා තව කවි ලියන්න. මම කියවන්නම්"
"ලේසි නැහැ කවි ලියන එක"
ලකී මගේ දිහාම බලාගෙන හිටිය. මගේ කොණ්ඩ කරලක් ලක්මිණි ඉඳගෙන හිටපු පැත්තට වෙන්න එයාගේ පිටිපස්සෙන් බිම ගාවෙමින් තිබ්බ. ලකී හෙමිට මගේ කොණ්ඩ කරල අල්ලනකොට මට දැනුනේ ඒකට පණක් තියෙනවා වගේ.
"......එපා... කවුරුහරි එයි"
ආයෙමත් මගේ බඩ ඇතුලෙන් විදුලියකුත්, පපුවෙන් රිදුමකුත් ආව. ලෙඩේ පැතිරෙනවා වෙන්න ඕනේ බඩේ මැද්දේ හරියෙන් වෙන්න ඕනේ. ලෙඩෙක් උනත් අබ්බගාතයෙක් වෙන්න ඕනෙකමක් මට තිබ්බේ නැහැ. මට ලකී ගැන ආවේ පොඩි ඉරිසියාවක්.
'එයාට නම් මොකද? මම නැත්තම් මනෝ.... එහෙම කියන්නත් බැහැ.. මනෝහරි අක්කා එයාට ලංවෙන්න බැරි තරම්. ආ.. එහෙම කියන්නේ කොහොමද.. දැන් අර ටීචර්ගේ දුවෙක් වෙලත් , ඒ මදිවට මුස්ලිම් වෙලත් සියාමා රාමදාස මැඩම්ට වහවැටිලා ඉන්නේ?'
"මට පරක්කු වෙනවා"
ලකී 'න'යන්න නොලියාම ගියාට මගේ අමනාපයක් නොතිබ්බේ ඇයිද කියන්න මට වැටහුනේ නැහැ. ඒ උනාට මට එදා නින්දක් නම් අහලකට වත් ආවේ නැහැ
**************************
ශ්‍රෙණියේ හැමෝම අපිට උදව් කළා. එහෙම නොකර උන් බකට් අදින්නේ නැතුව හිටියේ රෝගවාහකයින් සහ ආසාදිතයින් ප්‍රමාණය සංක්යාවෙන් අඩු උනාට බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩි හින්ද වෙන්නත් පුළුවන්.
බෝවිච්ච අය හැමදාම පංතිවල පුවත් මැව්වා. මටත් ලකීටත් කොලමක් තිබ්බේ නැත්තේ මනෝහරි එක්ක ඇඳුනු ගොඩක් දෙනෙක් තමන් ගැන තීරු ලිපි පළකරගන්න පෝලිමේ හිටිය නිසා වෙන්න ඇති. බාගවෙලාවට කොලමක් නැතිවීමත් එක්තරා විදියට ප්‍රසිද්ධියක්. මනෝහරිගේ ලැයිස්තුව එන්න එන්නම වැඩිඋන හින්දා මතකේ තියාගන්නෙක ලේසි උනේ නැහැ.
ඊට වඩා පහසුවෙන් සියාමාගෙ , රාමදාස මැඩම් ගැන තිබ්බ ආරංචි කනට වැටෙනකොට ලක්මිණි ඉඳල හිටලා අපේ පන්තිය පැත්තේ රවුමක් දාගෙන යන්න පටන් ගත්ත. ඒක හරිම සුන්දර වැඩක් උනාට මගේ අල්ලපු ඩෙස්ක් ඒකෙ කෙල්ලට ගෙනාවේ කිචියක්.
"අන්න ලකී"
මම පාඩමේ හිත යෝදොගෙන ඉන්නකොට රාමදාස මැඩම්ගෙන් විසිවෙන විද්‍යාව සටහන වරද්දන්නෙ නැතුව පිටපත් කරනවා. එකපාරටම මැඩම්ගේ 'කියෝන සටහන' වරදිනවා. සියාමා ඇවිදගෙන යනවා අපිට පේනකොට මැඩම් ඉක්මනට සාරි පොතෙන් මුණ වහගන්නේ තරහින් කළුවෙලා කියල අපිට පෙනෙන හින්දමද මන්ද.
ලියුම් එන්න එන්නම දිග වැඩි උනා. පොඩ්ඩක් හරි සුවඳක් ඇතිය කියල ඒ ලියුම් නහය ළඟට කරපු හැම වතාවෙම මම ආයෙමත් බිමට වැටුන.
එක දවසක්දා කළුපාට ශෝටක් ගහගත්ත , කැරලි කොණ්ඩයක් තියෙන , ක්‍රීඩා සපත්තු දාගත්ත සපත්තුවකට මාව කකුල් මාට්ටුවක් වැටුන. අනු නවයෙන් හොම්බ බේරුනේ. ඒ උනාට කකුල් දෙකම බරු ගියා. කකුල් දෙකේ තුවාලේ පිටට පෙනුනේ නැහැ. ඇස්වල ලේසර් කිරණ වලින් පිච්චිලා බරු ගියපු කකුල්දෙක මම ඊට පස්සේ හැමදාම වැහෙන්න බොටම් ඇඳගෙන පුහුණුවීම් වලට ආව. ඒ උනාට වැඩක් උනේ නැහැ. ලේසර් කිරන වල පිළිස්සුම් නහර දිගේ ගිහින් තිබ්බ.
"මේනු ... ඇයි උත්තර එවන්නේ නැත්තේ? මම ලියුම් කීයක් දුන්නද?"
දවල් විවේකයට පඩිපෙළ නගිනකොට මගේ පන්තිය ළඟ ගාව හිටපු ලකීට මම ඇස්දෙක ලොකු කලේ 'මෙතන බැහැ' කියන්න වගේ. ඒ උනාට මම එදා හවස වතුර මල ළඟට නොගිහින් ගෙදර ගියා.
"මෙන්න... ලකී දෙන්න කිව්වා"
ඊට සතියකට පස්සේ බස්හෝල්ට් එකේ හිටගෙන උන්නු මගේ ගාවට ආපු ලකීගේ යෙහෙලියක් දුඹුරු කඩදාසි උරයක් මගේ අතේ තියල මගේ දිහා හිනා වේවි බලන් හිටිය. මට හිතුන ඒ කවරේ එකීගේ මුණටම ගහන්න. ඒ උනාට මම ඒක අරගත්ත.
රතුපාට හදවත් තිබ්බ කාඩ්පත මම එදාම හවස නිල්පාට, කොලපාට දැල්ලක් එන්න කියල කාමරේ ජනේලෙන් දල්වලා එලියට දැම්ම. නිදහසේ එළියක් දිදී දැල්විලා උදේ බලනකොට අළුත් හේදිලා.
**********************
මුහුණු පොතට එබිමක් කරපු කාලයක් මතක නැහැ. කැම්පස් ගියාට පස්සේ රස්සාවකට මිසක් වෙන දේකට ඔලුවට වැඩකලේත් නැහැ. වෙන උන්ට නම් යාළුවො උතුරලා. මට ඉන්නේ අතේ ඇඟිලි ගානක් යාළුවො ලිස්ට් එකේ.
හොඳම වැඩේ තමයි ඉස්කෝලේ යාළුවො බුරුතු පිටින් එකතු කරගන්න එක! වැඩේ ඉක්මන් සහ ලේසියි!!
එකපාරටම මාව හිර උනා වගේ.
ආරංචි උනා තමයි. ඒ උනාට.... කෝකටත්..... ඔව්.... දොස්තර කෙනෙක් තමයි. කොන්ඩේත් වවලා වගෙයි තමයි. සාරියක්? ඔව් ගැලපෙන්නේ නැහැ කියල හිතුනට.. නොගැලපෙන්නෙත් නැහැ වගේ නේ... හ්ම්ම්ම් කෝ මැරිටල් ස්ටේටස් දාල නැහැ. සිංගල් ද?
ඈත ඉඳන් ලකී දිහා බලාගෙන හිටපු දවසුත්, එහෙම බලාගෙන ඉන්නවා අහුවෙලා ඉක්මනට මාරුවෙච්ච දවසුත් වගේම.... යටි බඩ එකපාරටම දැවිල්ල අල්ලන දවසුත් ඒ මොහොතේ මතක් වෙන්න ගතවුනේ අකුණුසරයක් ගහනවා තරම් වෙලාවක්.
යාළුවෙන්න කියල හිතාගෙන බොත්තම් ඔබන ක්‍රමය තියෙන්නේ අන්තර්ජාලයේ විතරයි. ඒත් තාමත් නියමිත බොත්තම සොයමින් පවතින බවත් ඇත්තක් !
පොඩිකාලේ ලෙස්බි ක්‍රශ් එකක්ද?
ReplyDelete//යාළුවෙන්න කියල හිතාගෙන බොත්තම් ඔබන ක්‍රමය තියෙන්නේ අන්තර්ජාලයේ විතරයි. //
ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් බටන් එකත් හංගගෙන, ඇඩ් කරන්න කියල මෙසේජ් කරත් ගණන් ගන්නේ නැතුව ඉන්නෙ ඔය නුවර පලාතේ කුමාරියෝ කියාගන්න කට්ටිය තමයි.
ලෙස්බි ක්‍රෂ්? ඇයි ලෙස්බි කියන්නේ අමුත්තක්ද??
Deleteඔබතුමා ෆේස්බුක් චෝදනාව කරන කීවෙනි තැනද මන්ද, දෙන්න තියෙන්නෙත් එකම උත්තරේ. මම FB යන්නේ හරිම අඩුවෙන්. ඒ ගියත් යාලුවෝ ඇඩ් කරන්නේ ඊටත් අඩුවෙන්. බ්ලොග් එකේ ඉන්න පිරිවර කවදාවත් ඇඩ් කරන්නේ නැහැ. උත්තරේ rude වැඩිද දන්නේ නැහැ. නමුත් ඇත්ත ඒකයි.
සමාවෙන්න
පිළිතුරට බොහොම ස්තූතියි. Rude වැඩි හෝ අඩු නැහැ. ඔබගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන පිළිතුරක්.
Deleteගෑල්ලමයි බාස්කට් බෝග් ගහනවැයි.. සිරාවටම දන්නැති නිසයි ඇහුවෙ...
ReplyDeleteමං හිතං හිටියෙ මෙච්චරක් කල් ගෑල්ලමයි නෙට් බෝල් ගහනවය පිරිමි ළමයි බාස්කට් බෝල් ගහනවය කියල...
කතාව නං නියමයි.. වැඩේ කියන්නෙ ඊළගට පබ්ලිෂ් වෙන්න කියල බලං මගෙ ඩ්‍රාෆ්ට් ගොනුවෙ ලෙස් ස්ටෝරියක් බලං ඉන්නෙක..
මං හිතන්නෙ ටික දවසක් පස්සට දැම්මොත් හොඳයි වගේ.. හිහි...
කතාව නං ලස්සනයි උපේක්ෂා... මං උඩ අහපු පුරස්නෙට ඇත්තටම උත්තරයක් ඕන. මොකද ඇත්තටම මං ඒ ගැන දන්නෙ නැති නිසයි ඇහුවෙ
මොකද බාස්කට් බෝල් ගහන්නේ නැතුව? ගෑනුලමයි අතරේ ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ඒක. පුදුමයි දන්නේ නැහැ කිව්වහම
Deleteකොල්ලෝ කරන හැම මගුලම ඔය කෙල්ලෝ විලිසංගයක් නැතුව කරනවා බං.. ඒත් අපි එහෙම නෑ.. ඒකනේ අපි උන්ගේ නෙට් බෝල් ගහන්න යන්නේ නැත්තේ.. ආ.. තව එකක්.. අපේ කලිසම් උන් ඇන්දට අපි උන්ගේ ගවුන් සායවල් සාරි එහෙම අඳින්න යන්නෙත් නෑනේ.. අන්න ඒ වගේ තමයි.. හැක හැක..
Deleteඈ බොලේ.. බාස්කට් බෝල් කියන්නේ 'කොළු ක්‍රීඩාවක්' ද ? මම හරි ආසයි ඉස්සර.කොහෙද ඉතින් ඩිංගිත්තක් ඉතර උස මදිපාඩු උනානේ. දැන් කමියා කියන්නේ පිරිමි නෙට්බෝල් ගහන්නේ නැහැ කියලද? මේ බලන්නකෝ විහිලුවක්ද කියල..
Deleteදැන් සායවල් අඳින්නේ නැහැය කියන්නේ... මේ මොනවද?
අනේ මන්ද මම ඉන්නේ මුන් ඉන්න ලෝකෙමද කියල.
හත්තිලව්වයි කියපල්ලකො..
Deleteහෆූ...
මහේෂ්......ලංකාවේ කාන්තා බාස්කට්බෝල් ටීම් එක සවුත් ඒශියා චැම්පියන්ස්ලා වුනා නේද ඊයේ පෙරේදා? කෙල්ලෝ බාස්කට් බෝල් ගහන්නේ ගොඩාක් කල් ඉඳන්.
Deleteඉස්කෝලෙ කාලෙ මතක් වුණා, ඒ නමමයි, කොටට කපපු කැරලි කොන්ඩෙ, කොල්ලෙක් වගේ දඟ... ඒත් මේ වගේ නෙවේ, ඈත ඉඳන් බලන් හිටපු ක්‍රශ් එකක්. හැබැයි මම නම් ඔන්න ඔහෙ බට්න් එක ක්ලික් කරා
ReplyDeleteමම මේ කිව්වේ ඇත්ත කතාවක්. ගොඩක් නම් ඇත්ත නම්. වෙනස් කරපු නමත් ඔරිජිනල් නමට ගොඩක් ආසන්නයි. තව ලියන්න ඕනෙකම තිබ්බ. නමුත් එයි කියල ලිව්වේ නැහැ. ස්තුතියි ඇනෝ විදියට හරි කොමෙන්ටුවක් දැම්මට. මට මේ ගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා. බලමු කට්ටිය මතුකරයිද කියල. මතුපිටින් බලන්නේ නැතුව මේ කතාවේ සමස්ත අදහසට ඇඟිල්ල දික්කරනවා නම් වටියි කියල හිතල ලිව්වේ. තාම නම් අරමුණ සාර්ථක උනා කියල දැනුනේ නැහැ.
Deleteකමක් නැහැ. කතාවේ අසාර්ථක භාවය ඊට බලපාන්න ඇති.
This comment has been removed by the author.
ReplyDeletemight have solved ur issue?
Deleteපිස්සු පීකුදු..
ReplyDeleteනියමයි
ජයවේව
පිකදු නම් අවුලක් නැත. කතාවෙන් මට කියන්න ඕනෙ උන දේ නම් ඉෂ්ට උනා කියල මට හිතෙන්නේ නැහැ.
Deleteෆේස් බුක් යාළු බොත්තම හරි තදයි වෙලාවකට.යාළුවො නොවන අයට ෆොටෝ බලන්න සෙටිංස් නිසා ඒකෙ තදේ වැඩිය දැනෙන්නෙ නැති වෙලාවල් තියෙනවා.. හෙහ් හෙහ්..
ReplyDeleteආ... කතාව..? ඒක හොඳයි.
ජයවේවා..!!
ඒ බොත්තමෙන් සමහර ලොකු වෙනසක් ඇතිවෙනවා. බොත්තමේ බලය පෙනෙන්නේ එවිටයි.
Deleteකතාවත් මතකේ තිබ්බ එක ලොකු දෙයක් !
කතාව? මතක..? හෙහ් ඇයි අමතක.? ඔය මාතෘකාව ගස්ලබ්බ මෙහෙම කියල තිබුනා බොට මතක නෑ නෙ..?
Deletehttp://gaslabba.blogspot.com/2015/03/blog-post_8.html
මම ඒ කතාව කියෙව්වා ගස්. කොමෙන්ටුවක් දැම්මත් වගේ මතක. බලනකොට නැහැනේ.. හෙහ් හෙහ්.. සොරි ඈ .. සමහර වෙලාවකට කොමෙන්ටුව පෝස්ටුවක් වගේ වෙන්න පුළුවන් නිසා වෙන්න ඇති මම දැම්මේ නැත්තේ.
Deleteදැන් උඹල මේ කතා ලිව්වම අවුලක් නැහැ. අපි වගේ 'ගෑනු' ලිව්වහම අපි ලෙස්බි ලා වෙනවනේ හත්ඉලව්වේ!!
It is said that the difference between a lesbian woman and a heterosexual woman is Three Glasses of Wine.
ReplyDeleteNeither is as important as what you think...
Deleteමුලදි නම් හිතාගන්න අමාරු වුණා මොන වගේ ප්‍රේමයක්ද කියලා...
ReplyDeleteසමහර වෙලාවට කාටවත් වැටහෙන්නේ නැහැ ඒ කොයි වගේ ප්රෙමයක්ද කියල. අපිට නොතේරුනා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ එය විය නොහැකියි කියා.... නොදැනෙනවා කියා.... නේද?
Deleteස්තුතියි රසි...
සුබ නව වසරක් වේවා..!
ReplyDeleteකැවුං කෑවද ?
එසේම වේවා, ඔබටත්.
Deleteකැවුම් කෑවේ නැත, දෙසා බෑවෙමි !
ලේ පාට හීන නමින් තවත් සුන්දර බ්ලොග් එකක්. ගිහින් බලන්න.
ReplyDeleteමම දුටුවා. ස්තුතියි.
Deletecrush එක ගෑණු පිරිමි බේදයක් නැතුව හැදෙන බොහොම දරුණු ලෙඩක්.. ඉස්කෝල කාලේ මතක ගොඩක් පොස්ට් එක කියව ගෙන යනකොට ඔළුවට් ආවා.. :)
ReplyDeleteදරුණු බව තීරණය වෙන්නේ පරිසර සාධක අනුව නේද?
Deleteමම මේක ලිව්වේ සත්‍ය සිද්ධි කිහිපයක් එකතු කරලා. සමහර නම් පවා ඇත්ත. මම උපකල්පනය කළා ඒකෙන් ඔවුන්ගේ සත්‍ය ජිවිත වලට බලපෑමක් ඇති වෙන්නේ නැති වෙයි කියල. හරියට ලියාගන්න බැරි උනා ඔක්කොම ටික.
ස්තුතියි මැදහත් සිතින් කොමෙන්ටුවක් දැම්මට
අපේ කාලෙ කාලයක් තිබුනා 6-7 වගේ පංති වලදි කෙල්ලො කෙල්ලො ප්‍රේම වන්තයො වෙන(සෙක්ස් පැත්තට නෙමෙයි...ආත්මාර්තකාමීව යාළුය තමංගෙම විතරයි කියල හිතන)10-11 වසර වලදි තමයි කොල්ලො කෙල්ලො පෙමි කරන්ඩ ගන්නෙ...දැන් 4 වසරෙ ඉඳන් කොල්ලො කෙල්ලො ලවු...නැත්තං සමලිංගික ලවු..ඒ දෙකම හරි ඉක්මනට සෙක්ස් පැත්තට බර වෙනව....උපේක්ෂ අපේ කාලෙ කතාවක්ද දැන්කාලෙ කතාවක්ද කීවේ කියල මං තාම කල්පනා කරනව
ReplyDeleteමේක කොයි කාලේද කියල කියන්න නම් බැහැ. නමුත් කියන්න තියෙන්නේ කොයි කාලෙටත් යොදන්න පුළුවන් සමීකරණයක් කියල විතරයි. මම දන්නා මේ සිද්ධි සමුදාය සිද්ද වෙනකොට 7-8 වසර වගේ තමයි මමත් හිතන්නේ. මෙතැනදී සෙක්ස් පැත්තක් නොතිබුනාම කියන්නත් බැහැ. ඒවා ලියන්න ගියේ නැත්තේ මට සංයමයෙන් හෝ ඒවා ලියන්න තියෙන නොහැකියාව ගැන තේරුම් අරගෙන.
Deleteමොන ලව් එකත් දැන් පටන්ගන්නෙම අතපත ගෑමෙන් කියා තමයි පෙනෙන්නට තියෙන්නේ. එක්කෝ දැන් ඉන්න එව්වෝ හිතේ තියෙන දේවල් ඉෂ්ටකරගන්න උත්සාහවත් කරනවා, ඉස්සර උන් වගේ මනෝ ගගහ ඉන්නේ නැතුව.. හික්
ඉයන් මේ පොස්ට් එකේ ලින්ක් එකක් දාලා තිබුණා නියම ලිපි දෙකක් (ඉයන් ගෙයි උබ්ගෙයි ) මේ කාරණය ගැන මටත් ලියන්න ගොඩක් දේවල් තියනවා මේ ගැන අත් දැකීම් තියන යාලුවෙක් මට ඉන්නවා උගෙන් අවසරයක් ලැබුන ගමන් ඊය්න්ගේ බ්ලොග් එකේ ලොකු කෙමෙන්ට් එකක් දානවා
ReplyDeleteදැක්කේ දැනුයි. මමත් ගිහිල්ල දෙකක් කියල ආව.
Deleteබොහොම හොඳයි දිග කොමෙන්ටුවක් ලියන්න හිතුවා නම්. මම අදහසක් කියන්නම්, පුළුවන් නම් අත දිගෑරලා පෝස්ටුවක් කොටලා එතන ලින්ක් එක දාන්න. ( මෙතැනත් අලවන්න) එතකොට සංවාදයට විවෘත වෙනවා.
ස්තුතියි
http://www.sappho.com/poetry/sappho.html
ReplyDeletehttp://press.uchicago.edu/ucp/books/book/chicago/S/bo18991225.html
ප්‍රේමය නම් ප්‍රේමයමයි.
ReplyDeleteඅපි හිටපු ගෙදර උඩ ෆ්ලැට් එකේ හිටියේ ලෙස්බියන් දෙන්නෙක්. ශෝක් කපල් එක. ලඟදි ඒ දෙන්නා බැන්දා. ඒ ගොල්ලන්ගේ දොරේ ගහලා තියෙනවා My prince charming is a princess කියලා ස්ටිකර් එකක්.
මගේ නම් අදහස මේ ප්‍රෙම නීතිගත කරන්න ඕනේ කියල නෙවෙයි. ඒවා උලුප්පන්න තරම් දෙයක් නැති බව විතරයි. ඒකත් සමහරු අඩු සීනි සහ සමහරු වැඩි සීනි ප්ලේන්ටි වලට කැමතියි වගේ 'චොයිස්' එකක් විතරයි කියා පමණයි. මෙතරම් උඩ පනින්න හේතුවක් මට පේන්නේ නැහැ.
Deleteදැන් දොරේ එහෙම ගහල තියෙනවා කිව්වා? හ්ම්ම් හ්ම්ම්ම් එන හැමෝටම බලන්නද, නැත්තම් දොර දිහා බලාගෙන ඉන්න උන්ට කියවන්නද? ;-)
/////දැන් දොරේ එහෙම ගහල තියෙනවා කිව්වා? හ්ම්ම් හ්ම්ම්ම් එන හැමෝටම බලන්නද, නැත්තම් දොර දිහා බලාගෙන ඉන්න උන්ට කියවන්නද? ;-)
Delete/////
හා,,හා,,,, යුරෝපීයන් ලිංගිකත්වය කියන්නේ උණ සන්නිපාතය වගේ ලෙඩක් කියලා හිතන්නේ නැහැ. එය විවෘත මනසිකින් බලන්නේ.
හි හි... It was a JOKE!
Deleteඅරූ දැකීම බොහොම සතුටක්. ලියන්නේ නැද්ද ආයෙත්? නොලියන්නේ මොන හේතුවක් හින්දා උනත් ලියන්න නම් එකම හේතුවක්වත් ඕනේ නැහැ. ලියන්නකෝ. අපි වගේ උන් බල්ටි ගහන්නේ අරූ වගේ අය ලියන්නේ නැති නිසා නොවේද?
උපේක්ෂා මම දන්නවා ඒක ජෝක් එකක් කියලා. ලියන්න ටිකක් කම්මැලියි. උපෙක්ෂලා ලියන ඒවා කියවලා සතුටු වෙනවා. ඉඩක් තිබුනොත් කොහේ හරි බ්ලොගක කමෙන්ට් සංවාදයක් ගොඩනගන්න ෆුල් බැකප් එකක් දෙනවා.අවාසනාවකට සංවාද, වලි වලින් ඉවරකර ගන්න එක දැක්කාම දුකත් හිතෙනවා.
Deleteමම දන්නවා එහෙම බැකප් එකක් ලැබෙන්නේ එකම හිතින් කියල. නමුත් අරූ වශයෙන් නොලියා ඉඳීම තමයි මේ ශිශිර නිද්‍රාවට පත්වෙලා තියෙන්නේ. හේතු කියල වැඩක් නැහැ ලියනවා හොඳයි!
Deleteකම්මැලි නම් අර චෙෆාකි වගේ මොකක් හරි ගැටගහල බොරුවක් කරන්න. මම කිව්වාය කියන්ට එපා...
ලස්සන කතාවක් උපේක්ශා. මගේ සියාමා කෙල්ලව උස්සපු එකට නම් විරෝධය පල කරනවා. :)
ReplyDeleteස්තුතියි. මේක ඇත්ත සිද්ධි පදනම් කරගෙන ලිව්වේ.
Deleteසියාමා? මට පේන විදියට නමට අයිතියක් කියන්න තරම් 'මෙව්වා' එකක් තියෙනවා ඈ... හා හා.. අපි ඔන්න බය උනා ලු ඈ.....
පපුවට මොකක්ද වුණා
Deleteමොකක් උනත් කමක් නැහැ... මෙන්න මෙතන අස්සන් කරලා ඉඩන් කඩන් ටිකවත් මට ලියල දාන්න...
Deletehttp://nelumyaya.com/?p=5631
ReplyDeleteහ්ම්ම්. කියවද්දී මගෙත් බඩ පපුව මොකක්ද වුනා වගේ ටිකක්. ගෙදර ගිහින් ටිකක් දිග උත්තරයක් ලියන්න ඕනේ. ඉයන් ලියල තිබුන මෙට සබදුනු ලිපියක්. ලංකාවේ නම් පාසල් වයසේ අය අතර සමාන ලිංගික ආකර්ෂණය ජාන නිසා වෙනවා කියල මම හිතන්නේ නැහැ. අපේ ඉස්කෝලේ එහෙම හිටපු එහෙම අය ගොඩක් දැන් විවාහ වෙලා ඉන්නවා. උන් සතුටින් පවුල් ජීවිත ගත කරන බවත් පේන්න තිබෙනවා. සමාන ලිංගිකයන් අතර ආකර්ෂණ වෙන්නේ ජානමය හේතු නිසාමයි ඒ නිසා ඔවුන්ව එයින් මුදවා ගැනීමට නොහැකි කියන ඉයන්ගේ මතයට සුහද අභියෝගයක් කරන්න මම කැමතියි.
ReplyDeleteමමත් කියන්නේ ඒකයි. ඒක ට්‍රෙන්ඩ් එකක් විදියට එනකොට සමහරු ඉබේම ඇදිලා ගිහින් ඒ පැත්තේ වැටෙනවා. ඊට පස්සේ ගොඩයාමක් ඇත්තෙම නැති තැනට වැටෙනවා. හිතන්න එහෙම ආකර්ෂණයක් තියෙන්න පුළුවන් උනත් ඒක කාලයත් එක්ක වියකෙනවා කියල හිතන්නේ නැතුව අපි ඔවුන්ව එක පැත්තකට තල්ලු කරන්න තියෙන අයිතිය මොකද්ද? මමත් පෙන්නුවේ ඒකයි.
Deleteඉයන්ගේ සංවාදය හරහාද ආවේ? ස්තුතියි අදහස් දැක්වුවාට.
සමාජය විසින් හංවඩු ගහද්දි වෙන්නේ ලොකු අසාධාරණයක්. ඒකයි මම කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේක නීතිගත කරනවද කියන එක නෙවෙයි. නීතිගත කලත් විසඳෙන්නේ නැති කොටස් තියෙනවා.
ඔය යටි බඩේ දැවිල්ල ඕනම ක්‍රශ් දැක්කම වෙනවද?
ReplyDeleteක්‍රෂ් එකකදී....හ්ම්ම්
Deleteමට නම් ක්‍රෂ් දකිද්දී එහෙම වෙනවා තමයි.
ඉස් ඉස්සරලම ගොඩ වෙලා උපේක්ෂා අක්කෙ, මේක තමයි කියෙව්වෙ ඔන්න.
ReplyDeleteබාලිකා පාසලක ඉගෙනගත්තු නිසා මුල් ටික කියවද්දිම ආදරේ තේරුණා. එහෙත් බාස්කට් බෝල් ටීම් එකේ තමා ඒ කතන්දර වැඩිම.
හුඟක් අයගෙ පෝස්ට් වල ඔයාගෙ "හරිම සාධාරණ, හිත් ඇදගන්න කොමෙන්ට්" දැක්කා. කොමෙන්ට් එකෙන් බ්ලොග් එක හොයාගන්න බැරුවයි හිටියෙ. අද ඔන්න අහම්බෙන් හොයාගත්ත.
ඉයන්ගේ ලිපිය හරහා වෙන්න ඇති එන්න ඇත්තේ නේද?
Deleteමම බාස්කට් බෝල් කියල ගත්තේ සත්‍ය සිද්ධිය උනේ ඒ ආශ්‍රිත එකක නිසා. නමුත් මෙයින් අදහස් කරන්නේ නැහැ බාස්කට් බෝල් ගහන කෙල්ලෝ එහෙමයි කියල.
හරිම සාධාරණ කොමෙන්ටු කිව්වා? මම ඉතින් සාධාරණ කොටෙක් තමයි හි හි.... ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකේ නම ගලෝලා තියෙන්නේ. ස්තුතියි හොයාගෙන ආවට.
මේ සම්බන්ධකම් ලෙඩක් කියලා හිතන් ඉන්න අයත් ඉන්නවා අක්කේ...සමහරු මිරිස් වැඩියෙන් කන්න ආසයි..තවත් සමහරු මිරිස් අඩුවෙන්...මිරිස් වැඩියෙන් කන්න ආස අය මිරිස් අඩුවෙන් කන්න ආස අයට මිරිස් වැඩියෙන් කන්න බල කරන එක අසාධාරණයි...මමත් කියන්නේ නීතිගත කරන්න කියලා නෙමෙයි..දණ්ඩ නීති සංග්‍රහයෙන් වරදක් කරලා තියෙන එකවත් අයින් කරන්න ඔනි කියලා...
ReplyDeleteමේ වගේ කතා මමත් ඔනි තරම් දැකලා තියෙනවා....අහිංසක බැඳීම් ගොඩක් එව්වා!!
ඔතන තියෙන්නේ වැඩිපුරම 'කුචිය' ඒකයි
Deleteවැඩිදුර කියන්න යන්නේ නැහැ