Friday, December 27, 2019

287. නුවර වීදියේ || Side by side







මේ හිම මිදෙන හීතල
වීදියේ දිගට ඇති සුකුරුත්තම්වල
ඇති ඒ සොඳුරු සුවඳට,
අඩු එකම එක සුවඳකි...
ඒ ඔබය!
උණුහුම්ම පපුව හිමි,
ඒ ඔබය!!

නුවර වීදියේ
නියෝන් පහනක නතරව,
තරුව නුඹ - බලා ඉනු - දුටිමි මම!
දළදා වීදියම
පෙම්බරයි පෙරදා සේම,
වැව රවුම මදනලට
තොල්පවා සිනාසෙයි - දනී ඔබ!
ඉතින් දැන් වෙලාවයි
එන්න යමු ඇවිදින්න
අපි එක්ක! 
ආදරෙන්.....



NK