කවදාවත් නැතුව මට හිතුන වෙනද ගහන විද්‍යුත් ලිපිනය නැතුව වෙනත් ලිපිනයක් ටයිප් කරන්න. මීට දශකයකට කලින්, මුලිම්ම මම විද්‍යුත් ලිපිනයක් හදනකොට පාවිච්චි කරපු ලිපිනය, අමාරුවෙන් උනත් මතක් කලත්, කෝ ඉතින් මුරපදේ මතකම නැහැනේ. කරන්න දෙයක් නැහැ, රිකවරි තියෙන්නේ අපි වගේ අයට තමයි...
තවත් විනාඩි දහයක් පහළොවක් කිසිම තේරුමක් නැතුව වදවෙලා මම ඒ වහපු ගෙදර පිටිපස්සේ දොරෙන් ඇතුලට පැන්න.
ගුගල්ට අමතක වෙලා දාල ගියපු ලියුම් දුසිමක් තිබ්බ. ඉස්සර ලිපි චේන් වලට පිංසිද වෙන්න තවත් ලියුම් තුන හතරක්. ඒ හැම එකකටම මම දැක්වුයේ එකම විසඳුමක්.
ඔව්.. ටික් කළා, මකන්න අණ දුන්නා. කිසිම තරහක් නැතුව ඒවා මගේ ඇස්මානෙන් අරගෙන පරණ ලියුම් ටිකක් උඩට ආවා.
Subject : සොඳුරිය ඔබේ නමින්
ඒ තමයි සිංහලෙන් මම දැකපු එකම ලියුම.
මගේ පපුව ගැහුනා , හරියට විදුලි දුම්රියක් මේ දැන් මාව තලාගෙන ගියා වගේ.
ඉක්මනට මගේ ඇස්දෙක ගියේ එව්වේ කවුද කියල. පපුව ආයෙමත් තදින් ගැහෙන්න ගත්ත. මගේ අමතක වෙලා සීතල වෙමින් තිබිච්ච තේ කෝප්පය එක හුස්මට බීල දැම්ම... තාමත් හති උනත් මගේ අත වෙව්ලනවා.
'මෙලංග _______'
ලිපිනය උඩින් දිස් උනේ ඒ නම.
"අඩෝ.... වෝට මෙලන්..."
මගේ කන ඇතුලෙන් කොළු කටහඬක් කතා කළා. මට හිනා ගියා. ඇත්තටම මම කලේ තදකරලා තොල් පියාගන්න එකයි.
"මෙයාට කියල හිනාවෙන හැටි ඉගෙන ගන්න ඕනේ. දත් පෙන්නන්නේ නැතුව හිනාවෙන හැටි!"
"අඩෝ මේ.... 'සිනා නොමවන් දසන් දක්වා' කියලයි කියල තියෙන්නේ හරිද. කුල කාන්තාවෝ එහෙමයි හිනාවෙන්නේ හරිද?"
මම ඔලුව දෙපැත්තට වනුවේ කන් දෙක ඇතුලෙන් එන ඒ සද්ද ටික නතරකරගන්න ඕනේ හින්ද. තාමත් මම ලිපිය බලන්න හිතක් නැහැ. ඒ අවට තිබ්බ සියලු ඔත්තු මම විමසුමෙන් බැලුව. කොටිම්ම ලිපියේ දිනය, වෙලාව විතරක් නෙවෙයි, මොනවදෝ අමුනලා එවල තියෙන බවත් පෙනුන.
විවෘත ලෝකය පැය වලින් ගණනය කරන , මම විනාඩි වලින් හිතන කාලයක් ගතවෙන්න ඇති. ඒ අවසානයේ මගේ නොසැලකිල්ලට ඒ ලිපිය විවෘත උනා.
කිසිම ආමන්ත්‍රණයක් නැතුවම ගීතයක් තිබුණා.
අවසන් භවයද සොඳුරිය මේ අපි
අප හට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරිසරණා
නයිල් නදිය වුව කෙලවර වේවි
සමුදුර දුටු සැනිනේ
කඳුළු ගඟට කෙළවරක් තියේදෝ
ඔබ නැති මේ ගමනේ
දැකගන්නටවත් ලැබේද ඔබ යලි
නෙතු පියවෙන්න කලින්
සොහොන්කොතත් මගේ කඳුළු සලාවි
සොඳුරිය ඔබේ නමින්
අමරසිරි පිරිස්....... එහෙම කියලා නතර කළා.
ලියුමේ ඊට යටින් මෙහෙම තිබුණා
එක වරක් දුටුවොතින්
ඒ ඇතැයි මට - තවමත් සිතෙයි
කඳුලුත් එක්ක නැගුනේ හිනාවක්. තාමත් ඔහුට ගීත ලියන්න බැහැ. පොඩියට තිබ්බ වචනේ විතරක් මාව ඉතිරි ටිකත් බිමට ඇදලා දැම්මා
'This dedication is from your secret guardian angel'
ඉස්සර දවසක රේඩියෝවේ නිතර ඇහුන ඒ වචන ටික.....
කිසිම දවසක අහලා නැති අමරසිරි පීරිස් කියලා කෙනෙක් ගැන පොල්ගස් ගැන විස්තර අහගෙන ඉන්න එස්කිමෝවෙක් වගේ අහගෙන ඉන්නෙක, හැමදාම යන ගීත ඉල්ලීම වල මම වෙනුවෙන් ABBA , Mark Anthony ට සින්දු කියන්නට සලස්වපු එක.... ඒ හැම එකකටම වඩා දැන් සිංහල සින්දු ගැන දන්න එකම....... මාව රිද්දුවා
දිනේ මට මතක් උනේ එතකොටයි. ඒ ඔහුගේ උපන්දිනයයි!
හෙමිහිට ලියුමෙන් එලියට ගිහින් මම ඒ ලිපිය ලකුණු කළා. දෙවරක් විමසුවත් මම තුන්වරක් හිතන්නේ නැතුවම කුණු බක්කියේ පින්තුරය එබුවා. පාලු නිවසේ ආයෙමත් දොර අගුලු දමාගෙන මම යන්න ගියා.
අද මමයි එක.
ReplyDeleteමේ ටික කියෙව්වම මාවත් නිකං හිර වුනා වගේ දැනුන. පරන මේල පැත්තෙ ගිහින් බලන්නෝනෙ මොනව තියෙයි ද කියල.
මේ බ්ලොග් එකේ නම් එක වෙන එක ගේමක් නැහැ අප්පා... හි හි...
Deleteඕකනේ ඉතින් කියන්නේ... පොඩ්ඩ ඇත්තන් තමන්ට ඇප්ලයි කරනවා!
පරණ දේවල් හාරා අැවිස්සීම භයානක තත්වයකි........ පරිස්සම් වෙනු....
ReplyDeleteආන්න නියම ආදුරුසේ...... එකෙන්ම
Deleteමටත් මරන් මේල් කිහිපයක්ම ඇති හැබැයි එකකවත් මුරපදේ තියේ ලිපිනෙවත් මතක නෑ නොව..
ReplyDeleteදැන් ඉතින් තිබ්බයි කියල එහෙනම් කොහොමද විස්සාසේට ගන්නේ? ඒවත් හොයාගන්න විධි තියෙනවා.
Deleteකියල දියංකො
Deleteඅතීතයේ ගඟ ගලා බසී..
ReplyDeleteනේද උපේක්ෂා ..
හිහි
එකනේ.. දැන් නම් වේලි බැඳලා ඒවගෙන් ලයිට් පත්තු කරනවා
Deleteමටත් ඔහොම පරණ ඊමේල් ඇඩ්රස් 2,3ක් තියෙනවා.. ගිහින් බලන්න ඕනේ..යන්න වෙන්නෙත් ඔය කියපු ක්‍රමේටම තමයි.. හැබැයි ඔහොම විශේෂ ඊමේල් නම් මොකුත් නෑ කියල ෂුවර්.. මේ සිංදුව කවදාවත් අහල නැති එකක් නේ.. සිරා නේ..
ReplyDeleteපෙනේද.... එකක් මදිවට දෙක තුනක්!! හුහ්
Deleteමම කියන්නද පැතුම් හේතුව.. මුලිම්ම හදන මේල් ඇඩ්රස් එක හදන්නේ ඔහේ. දෙවැනි එක හදන්නේ හදිස්සියේ. පස්සේ තමයි හිතල මතල මේල් ඇඩ්රස් හදාගන්නේ. නැද්ද?
දැන් අර කොටස කිව්වේ ආරක්ෂාව පතා නේද? හැක්
ඒ සින්දුව අමරසිරි කියන හින්දමද මන්ද මේ තරම් පවර් එකක් තියෙන්නේ කියල හිතෙනවා. ඊට පස්සේ බලනකොට පදරචනය උනත් වෙනමම ගත්තත් සංවේදියි කියල හිතන්නේ. අමරසිරි පීරිස්ගේ සින්දු මෑතක ගත්තත් අතීතයේ ගත්තත් එකම කොලිටියක් තියෙන්නේ.. අනේ මන්ද මට නම් ඔහුට සම වෙනත් කෙනෙක් නැහැ. ඒ වගේමයි සෝමතිලක ජයමහ, සුනිල් එදිරිසිංහ, ඉමාන් පෙරේරා , කසුන් කල්හාර කිව්වහම ඊට වඩා ඉහලින් කව්රුත් නැහැ වගේ හිතන්නේ. පිස්සු ද මන්ද
සිහිල් සෙවනැළි පසු කරන් මා දෙපා
ReplyDeleteදුර පියමන් කරත්
දහස් දින හිරු පෙරදිගින් විත්
අවරදිග සැඟවී ගියත්
නොහික්මුණු මතකය පුරාවට
සොඳුරු සුරඟන රැඟූවත්
එක වරක් වත් දුටුවොතින් ඔබ
ඒ ඇතැයි සිතනෙමි තවත්
ඔහ්.....
Deleteමම මේකට යමක් නොකියා ඉන්න තමයි කැමති. ඔබේ කවිය ඇත්තටම ලස්සනයි
ඔහුට සුභ උපන්දිනයක්!! මොනවා උනත් දැන් මෙලංග හොඳ ගීත රසිකයෙක් වගේ :)
ReplyDeleteඑව්වා නොදනිම්.
Deleteහ්ම්ම්...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteහනේ හප්පුච්චේ. මෙව්ව තමයි කියන්නේ පවුරානික ප්‍රේම වුර්තාංතන කියලා
ReplyDeleteකොලරා කාලේ ආලේ?
Deleteඅපි ආයෙත් හමු නොවුනා නම්..
ReplyDeleteඉස්සර දවසක මියගිය සෙනෙහස,
යලි ඉපදී මා හද හඬවන්නට,
අපි ආයෙත් හමු නොවුනානම්..
- මෙලංග -
ඔය යටින් දාපු නම මැකුව නම් තමයි හොඳ.. හි හි...
Deleteඒ සින්දුවත් මාරයි නේද?
Next time clean your trash cane,
ReplyDeleteShe can undo the delete if she does it soon enough :)
DeleteHave you'll notice that only a DELETION has done. There is always a possibility of recovering it.
DeleteThose applications/solutions serve 'average persons' needs ;-)
මෙලාගෙ මේලක් නාවානම්..
ReplyDeleteඉස්සර දවසක මියගිය සෙනෙහස,
යලි ඉපදී මා හද හඬවන්නට,
උඹෙ මේලක් මට නාවානම්..
-උපේක්ෂා
ඕකනේ ඕකනේ කියන්නේ....
Deleteසොහොන්කොතත් මගෙ කඳුළු සලාවි කියන පදය හද රිදවනවා බොහොම.. වේදනා ගෙන එන සුන්දර පදවැලක්.
ReplyDeleteඒ පදය ඇත්තටම ප්‍රභල වචනයක් , ලස්සනට යොදපු. නේද?
Deleteඔච්චර කල් ගිහින් හරි ඕක බලපු එකම මදැයි...
ReplyDeleteවෙන කරන්න දෙයක් නැතුවට!
Deleteෂාහ් මාරු කතාව.හිත පාරනවා.
ReplyDeleteහිත පෑරුනාම 'මරු' කියවෙන්න තමයි ඕනේ.. නැද්ද?
Deleteඅතීතය සිහිනයක් පමණයි.
ReplyDeleteඑදා සෙනෙහෙන් නොබැඳුනා නම්, මෙදා වියොවක් නෑ
Deleteසුවද හදේ රදවලා, යන්න ගිහිල්ලා...
ReplyDeleteඅතීතය සිහිනයක් පමණයි....
ReplyDeleteසොබාදහමට නොවන අවනත
Deleteලොවේ කිසිවක් නෑ
සමහර මතක හිතට නොඑන්නම ඩිලීට් කරන්න තිබුනනම්....
ReplyDeleteඕකයි සෝමතිලක ජයමහ මත්මයාගේ "එදා වාගෙම අදත් පොද වැස්ස" කියන සිංදුවයි එකම දවසක ඇහුවේ ඉස්සල්ලාම පාරට.ඔය සිංදුවේ "නයිල් නදිය..." කියන කෑල්ලේ මොකද්දෝ නොගැලපීමක් තියනවා මට.ඒක නිසා සිංදුවම අවුල්ගහලා මටනම්.
ජයවේවා....
'නයිල්' කියන්නේ දිගම ගඟ නේද? ඊටත් අමතරව මට ඒ වචනේ දැනෙන්නේ විප්‍රවාසි බවක්. ඒ කියන්නේ ඔහු නයිල් ගඟ තිබෙන රටක හැංගිලා ඉන්නවා කියන එකද?
Deleteමහවැලි ගඟ කිව්වා නම් එහෙම යටි අදහසක් ගන්න බැහැ කියලයි මම හිතන්නේ. මොකද ඔබ හිතන්නේ?
කියන්න අමතක උනා. සෝමතිලක ජයමහ කිව්වම...... එන්රික් එනකල් උන්නු පොෂ් කෙල්ලෝ වගේ මගෙත් පපුව නතර වෙනවා. ඒ හඬට මම එතරම්ම ආසයි.
Deleteඔය විදිහටම නැතත් ඔය අත්දැකීම අපි හැමෝටම කවද හරි විඳින්න වෙනවා අත්දුටුයි... සත්තයි...
ReplyDeleteඑහෙම උනහම, ඒ ජාතියේ සින්දුවක් කියන්නේ එකම විස කටුවක්!!
Deleteපමා වුනා එන්න. මගෙ මේල් බොක්ස් එකේ තියෙනවා අන්-ඉම්පෝර්ටන්ට් කියලා නම් කරපු, ඒත් හිටි ගමන් දිගඇරලා කියවන ෆෝල්ඩරයක්.
ReplyDeleteබොරු කැටගරියක් නේද? හි හි....
Deleteරිනේම් කරපන් 'රිකොල්' කියලා.
එහෙම මේල් එක්ක තමයි සමහර කාලවල් වල වැඩිපුරම දවස් ගතවෙන්නේ
සමහරු අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නෙ හිතාගන්න බැරි විදියට. සමහරවිට අපි මුලදි පෞද්ගලිකව අකමැති කතාවිලාශයක් තියෙන කෙනෙක්, පස්සේ ඒ නිසාම අපිට කිට්‍ටු වෙලා අර අකමැති කතාවිලාශය පස්සේ අපේ ප්‍රියතම කැටිගරියක් බවට පත් කරන හැටි පුදුමයි.
ReplyDeleteඋඹට තේරුනාද මන්දා මං කියපු අණ්ඩර දෙමලෙ. මට තේරුණෙත් නෑ බං. ඩිලීට් කරන්න ඕන්නෑ. ඔහෙ තිබිච්ච දෙං.
යන්නේ කොහෙද? මල්ලේ පොල්. පොලුත් ගනං නේ!
ඔය කිව්වේ.... හි හි.. හැමදාමත් වගේ හෙන්රිගෙන් ක්‍රියේටිව් කොමෙන්ටුවක්. ආයෙමත් ලියන එක ගැන සතුටුයි.
Deleteමොකක්? ඩිලීට් කොරන්න? පිස්සුද අනේ... හාවා හඳ දකිනවා වගේ කොමෙන්ටු වැටෙන්නේ. එහෙව් එකේ මම අහක යන කොමෙන්ටුත් මේකේ වැරදිලා වැටෙයිදෝ කියල පත පත ඉන්නේ....
උඹේ අන්ඩරේ නම් තේරුණා. දෙමලේ තේරුනේ නැහැ.... යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ගැලපෙන උත්තරයක්ම තමයි. ඇයි හෙන්රියෝ, කොහේ ගියාම මොකද මල්ලේ පොල් ටිකක් දාගෙන, නැද්ද?
පිස්සුද, මට පිස්සු නෑ !
දස වසරක් පුරා අද වනතුරු පළමු මේලය නොකඩවා පවත්වාගෙන යමි . බි ලයික් ලකියා :p
ReplyDeleteචී චි... බෝම නරකයි...... ඔක්කොමත් හරි ලකියා වගේ වෙන්න කියන එක !!!
Deleteහප්පා මම නං පාලු ගෙවල් පැත්ත පලාතෙ යන්නෙ නෑ.. ඔව්වයෙ තියන පරණ හුටපට බලල ආයෙත් මොකට හිත පාරවගන්නවද...
ReplyDeleteවැඩේ කියන්නේ ඒ ලටපට ඔක්කොම ආයෙමත් දාල ගෙදර ආව කියමුකෝ. අර දුවිලි නහය අස්සට ගිහින් නොනවත්වා කිඹුහුන් යනකොට තමයි අවුල පටන් ගන්නේ...
Deleteමටත් පරණ ඊ මේල් ලිපිනයක් තිබ්බා...මට ලිපිනයයි පාස්වඩ් එකයි දෙකම මතක නෑ :(
ReplyDeleteහැබැයි ඒකේට ජීවිතේටවත් කවුරුත් ඊමේල් එව්වේ නෑ කියහල්ලකෝ :'(
හි හි... මගේ නොවන.. මගේම ඊමේල් එඩ්රස් එකක් තිබ්බා කියල තමයි කියන්න වෙන්නේ...
Deleteමටත් ඔය ප්‍රශ්නේ ඉහට උඩින් තිබ්බ අප්පා.... කතා කොරලා වැඩක් නැහැ..
ඉස්සර ඔෆිස් ඊමේල් එකෙන් මම පර්සනල් ඊමේල් එකට ෆොර්වඩ් පාරක් දාගන්නවා.. හි හිහි හි... කරපුව කිව්වොත්.. හික් හික්. හෝ..... කට පියා ගන්නම්...
ගස්ලබ්බගෙ බොහොම හිතවතුන් වන දෙතුන් දෙනෙක් එක් වෙලා..රෙකෝඩින් ස්ටුඩියෝ එකක රසවත් මොහොතක් ගතකරනකොට මහ රෑ..ලයිට් නිවලා... එක මිත්‍රයෙක් බොක්ස් ගිටාරයක් කිති කව කව ගැඹුරු හඬින් මේ ගීය ගයනවා තව කෙනෙක් ලාවට තාලය සපයනකොට.. ශැහ්ඃ... ඊට පස්සෙ කස්ටියම කඳුළු පිහිනවා.. වීදුරු ගැටෙන හඬක් විතරයි.. හ්ම්ම්... නෑ විනාඩි ගානක් යනකන්..
ReplyDeleteජයවේවා..!!
අපොයි දෙය්යනේ... එහෙම උන්නොත් නම් මගේ හුස්මටික යයි මගේ හිතේ.. හි හි...
Deleteදරන්න බැරි හැඟීම් එක්ක 'ටෙස්ටින් රන්' එකක් දෙන එක භයානකයි!