Wednesday, October 21, 2015

225. මුන්ට ලූස් ?






මේක මම මේ නිකන් ඉන්න වෙලාවට කල්පනා කර ජාතියේ එකක් නෙවෙයි. මම නිකන් ඉන්න වෙලාවට කල්පනා කරන එව්වා ගැන මෙතැන ලියන්න ගිහින් හොම්බ ඇනගෙන තියෙන්නේ එකපාරක් දෙපාරක් එහෙම නෙවෙයි උනාට..මේක ඒ ජාතියේ නෙවෙයි.

මම කල්පනා කළා කාරණයක් ගැන, හදීස්සියෙන් වගේ..

මොකද මම මේ ලඟකදී දැක්ක බ්ලොග් වල ( එක එක ජාතියේ) ලියල තියෙනා ළමා හිංසනය, ගුරුවරුන්ගේ කායික දඬුවම් වගේ දේවල් ගැන. එකකටවත් උත්තරයක් ලියන්නේ නැතුව මම පෝස්ටුවකට හොරගල් ඇල්ලුවට කෝ ඉතින්? මම ලියන කෙහෙල්මල!

මට හිතුනා මගේ කෝණයෙන් මේ ගැන ලියන්න. මොකද කිව්වොත්.... මටත් ඉතින් කැසිල්ල නේ.!

ළමා කාලයේදී දෙමවුපියන් දක්වන්න ඕනේ මොනවගේ සැලකිල්ලක්ද කියන එක ගැන තාමත් තියෙන්නේ මතවාද. මොකද මේක ට්‍රයල් ඇන්ඩ් එරර් මිසක් තියරියක් අනුව කරන්න පුළුවන් එකක් නොවෙන නිසා. එකම අවුල තියෙන්නේ, ට්‍රයල් ඇන්ඩ් එරර් විදියට කලත් කොහොම කලත් අවසන් ප්‍රථිපලේ ආපසු හරවලා ඩිලීට්, undo බොත්තම් ඔබන්න නොලැබෙන එක. ඒ කියන්නේ තමුන් වගාකරපු දේ රස බලන්න වෙන්නේ තමුන්ටමයි.



ලංකාවේ ගොඩක් දෙමවුපියෝ 'ඇස්වගේ' ළමයි හදනවා කියලා හැදුවට, බලනකොට උන්ගේ ඇස් වලට එතරම් සැලකිල්ලක් දක්වන උදවිය නෙවෙයි. ඒ වෙනුවට වඩා වැදගත් වෙන වෙන අංග පිහිටලා තියෙනවා. සමහරු ළමයි කියන්නේ බෝනික්කෝ සහ රම්බෝලා කියල හිතාගෙන වැඩ කරනවා. තවත් සමහරු ළමයිට පෙන්නන්න වෙනම ලෝකයක් හොයනවා. එහෙම අය තමයි දැන් පෙන්වන චැනල් හරි නැතිය, වැඩසටහන් සබන් යොදා සේදිය යුතුය වගේ දේවල් කියන්නේ. ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ කියල දවසට පැය විසි පහක්ම කෑගහල, ළමය ඇහුවම කියනවා එයාව ගෙනාවේ සුරංගනා ලෝකෙන් කියල.

ඔන්න පැන්න , ඔහේ හිටු... ඕක නෙවෙයිනේ මම කියන්න ගියේ ( අම්මප?ඒකත් නෙවෙයිද?)

ළමයෙක් විදියට මට ලැබුණු ගොඩක් දේවල් මම මල්ලක දාගෙන ඉන්න පුරුදු උනේ කොයි කාලෙකද කියල මට තේරුමක් නැහැ. ඒ මල්ලේ තිබ්බ සමහර දේවල් මම බ්ලොග් එකේ ලියලත් ඇති.

සමස්තයක් විදියට ගත්තහම, මට තියෙන අනෙකුත් අසනීප අතරට මට multi personality disorder එකත් ඇතුළු කරහම මගේ  ජීවිතයයි, අනෙක් එක එක තැන්වල ජීවිතයයි සමහර වෙලාවට සරල රේඛියව වෙන් කරගන්න අමාරු නැහැ. සමහර කරුමක්කාර වෙලාවට ඔය එකිනෙකට වෙනස් ජාතියේ උන් හදිසියේ එකට මුණගැහුනම.... අහන්න එපා..

ගෙදර තත්වය අනුව මම හිටියේ මගේ අදහස් කියන්නේ නැති ඉබි ගතියෙන්. ඒ අතරින් අක්කගේ සුකොමල ගතියට නොගැලපෙන නිසා මම හිටියේ දරු පොතේ අග කොටසේ. ඉතින් මගේ වැඩිපුර දඟ සහ මරැටී වැඩ තිබ්බේ යාලුවෝ එක්ක.

ඉතින් මම වගේ ඉබ්බෙකුට ඉස්කෝලේ යාළුවො කියන්නේ බොක්ක සහ කොල බොක්ක.

ඉස්සර ඉඳන්ම සහ දැනුත් මගේ යාළුවො ලිස්ට් එක මාරම විදියට ඩයිනමික්. උඩම තියෙන දෙක තුන ඇරෙන්න ලිස්ට් එකේ යට නම් බස බස ගාල වෙනස් වෙනවා. ඒ කාලෙත් මගේ පන්තියේ උන්ට වඩා මම අල්ලපු පන්තියේ උන් එක්ක ෆිට්. මගේ පේලියේ එකීට වඩා මම එහා පේලියේ එකී එක්ක ෆිට්. ඔහොම යන යාලුවෝ අතරේ මට උන්නා නියම යාලුවෝ  දෙනෙකුත්. මේ එකියක් ගැන.

මේ කියන දවස්වල අපේ වයස අවුරුදු 14-15 විතර. ඒ කෙල්ල ඇත්තටම මාරම ලස්සනයි. පොකුටු කොණ්ඩයක් වගේම , සුදු මුණක්, ලස්සන හිනාවක් එක්කම කලාතුරකින් ලැබෙන හොඳ හදවතක් ඒකිට තිබ්බ. මම අපේ ගෙදර මිනිස්සු 'මට සලකන්නේ නැහැ' කියන ඒකපාර්ශවික තීරණයේ ඉන්න කාලෙක හදිස්සියේම ඇතිවෙච්ච සිද්දියක් නිසා මේ කෙල්ල මගේ යාලු ෆිට් එකක් උනා. ඒකි මම වගේ. පවුලේ බඩපිස්සී? නෑ නෑ , මද්දුම එකී. අපි එයාට කියමු විරන්ජනා කියලා. ( උගේ නම අපි කෙටියෙන් කිව්වේ 'නින්ජා' කියල). ප්‍රශ්න තියෙන්නේ කැත , කළු, පොඩි කෙල්ලන්ට විතරයි කියන උපකල්පනේ මගෙන් ඈත් කලේ මේ නින්ජා තමයි. බලනකොට උටත් ප්‍රශ්න??

නින්ජාගේ දැවෙන ප්‍රශ්නේ තමයි, 'ඌට ගෙදරින් සලකන්නේ නැති' කම! හෑ ?? වෙන්න පුලුවන්ද? ලස්සන, සුදු කෙල්ලන්ට එහෙම වෙනවා කියල මම අහලවත්, දැකලවත් තිබ්බේ නැහැ. මම හිතුවේ ලස්සන, සුදු කෙල්ලන් කියන්නේ කොතනත් බුහුමන් ලැබියයුතු තත්වයෙන් මේ ලෝකයට එවන ජාතියක් කියලයි. ඌට සලකන්නේ නැහැය කියන්නේ?

කාරනාවක් ආවම එහෙම ලිස්සල අරින්න හොඳ නැහැ. ඒ නිසා අපි කට්ටිය දැන් වටවෙලා නින්ජාගෙන් කරුණු විමසනවා, නෑ නෑ CID එකේ තියෙන ඩක්වත් ලුවිස් ක්‍රමේට නෙවෙයි.

"මොකද නින්ජා එහෙම කියන්නේ?"
"අපේ අම්මල මට සලකන්නේ නැහැ. අක්කට තමයි වැඩිපුර ආදරේ"

අම්මටසිරි, මෙන්න මට හිතෙන දේ මු කියනවා. අපේ ගෙදර නම් කාරනා දෙකක් තියෙන්න ඕනේ. ඒ තමයි එක්කෝ සුකොමල ගෑනුළමයෙක් වෙන්න ඕනේ, නැත්තම් නිකම්ම නිකන් කොල්ලෙක් උනාම ඒ හොඳටම ඇති.

"එතකොට මල්ලි?"
මම දැන් අපේ ගෙදර න්‍යාය පාවිච්චි කරනවා මුගේ හිත හදන්න.  ඕනෑම කොල්ලෙක්ට වැඩිපුර ආදරේ ලැබිය යුතුයිනේ?

"මල්ලිටත් නෙවෙයි, අක්කට තමයි ආදරේ. මල්ලි වගේද මම?"

හැබෑව... හැබෑව... මල්ලි වගේද මු?

"දැන් ඇයි එහෙම කියන්නේ?"

"අක්කගේ පින්තුරයක් තියෙනවද?"

අන්න නියම සාක්ෂි කැඳවිල්ලක්! පහුවදා තමයි සාක්ෂි ලැබෙන්නේ. රූපේ දැක්ක ගමන් මට නම් සාධාරණ හේතු මතු උනා හරියට කනාගේ බල්ලට ගැහුවා වගේ!

"අම්මෝ.. තමුසෙගෙ අක්කා මාර ලස්සනයි නේ ඕයි !"

ඇත්තටම නින්ජාගේ අක්කා මාරම ලස්සනයි. බොකුටු කොන්ඩේ ඒ විදියමයි. ඒ උනාට නින්ජාට වඩා ලස්සනයි. මගේ වර්ගීකරණයේ හැටියට උගේ චෝදනාව විභාග කරන්න ඕනේ නැහැ. සාධාරණ විදියට බැලුවම ඌ ලක්වෙලා තියෙන්නේ සාමාන්‍ය තත්වයකට. නැද්ද? ඒ උනාට අපේ උන් අතාරින්න සුදානමක් නැහැ.

"දැන් ඉතින් ආදරෙයි කියල මොකද කරන්නේ?"

මෙහෙමයි වැඩේ, අක්කා නින්ජාට වඩා අවුරුදු 4-5ක් විතර වැඩිමල්. ඒ දවස්වල අක්කගේ ප්‍රේම සම්බන්ධයක් එහෙම තිබිල. අම්මල නොවඳිනා වැඳුම් වැඳලා ඕක නතර කරගන්න. මොන පිස්සුද, ඒකි ගණන් අරගෙන නැහැ. නින්ජා නම් කියන්නේ අම්මලා අක්කට වැන්දේ නැති ටික විතරයි කියල. ටික කාලෙකින් මෙන්න බොලේ අක්ක පැනල ගිහින්.

වැඩේ කියන්නේ ටික දවසකින් අම්මල ගිහින් එයාව ගෙදර එක්කන් ඇවිත්. ගෙදර ආවම අම්මලා කේක් ගෙනල්ල කපලා අක්කට පාටියක් දැම්මලු. ( වෙන ගෙවල් වල නම් වෙන්නේ එක්කෝ ගිය එකා වෙනුවෙන් මලා කියල හිතල දානයක් දෙනවා, නැත්තම් එක්කන් ආවම කබලෙන් ලිපට වැටෙනවා නේ? අනේ මන්ද, මම හිතුවේ මම එහෙම කලානම් මට එහෙම කරයි කියල,හික්)

හැබැයි, ඔන්න ඊට පස්සේ ආයෙමත් අක්ක අරුත් එක්කම පැනල යනවා. වැඩේ කියන්නේ ආයෙමත් අම්මල ගිහින් එක්කන් ඇවිත් කේක් කපල පාටියක් දානවා. මේක අමුතු කතාවක් උනත් අම්මප මට කල්පනා උනේ, මුන්ට පාටි දාන්නම සෑහෙන වෙහෙසක් වෙන්න ඇති කියල.

දැන් මොකද නින්ජට තියෙන අවුල? ඉතින් බොලේ පැනල යන ගානට අක්කව එක්කගෙන එන්නයි, ඊට පස්සේ පාටි දාන්නයි අර දෙමහල්ලෝ දෙන්න නාහිනකොට මු සහ මල්ලි ගැන බලන්න වෙලාවක් තියෙයිද? නැද්ද? ඉතින් නින්ජා කියන්නේ ඇත්ත, ඒ කියන්නේ ඒ අම්මලා මූට සලකන්නේ නැහැ!

ඔතනදි තව කොස්සක් මට හිතුන, මන්ද මටත් ඒ දවස්වල ඔය නවකතා ලිවිල්ල හින්ද අමුතු අමුතු දේවල් හිතෙනවා. මම කල්පනා කලේ, ඇයි හත්වලාමේ මුට බැරිද එක පාරක් පැනල ගිහිල්ල බලන්න, මුටත් ඒ වගේම ගෙන්නලා පාටියක් දායිද කියල? ඕක ඇහුවම ඒකි මෙහෙම කිව්වා

"පැනල යන්න කෝ කොල්ලෙක්? ඊටත් මාව ආපහු ගෙන්නගත්තේ නැත්තම්? හබක් නේද?"

ඒකත් ඇත්ත!


මම කියන්න ගියේ මේ කතාවෙන් මෙහෙම අදහසක්. ( නැත්තම් මගේ කවි වගේ මුන්ට මෙව්වා එක එක විදියට තේරුම් යන්න පුළුවන් නේ, අම්මෝ ඒ අවදානම ගන්න මට බැරියෝ) ඒ කියන්නේ ළමයින්ට දෙමවුපියන් ආදරේ කරන්නේ එක එක මට්ටමෙන්. ඒක ළමයාට දැනෙන්නේ කොයි විදියටද? අපේ පාසයන් වලදී අපේ මානසික තත්වය එක්ක බැලුවම පුළුවන් උපරිමේ ළමයා ගැන අවධානය දෙනවා වෙන්න පුළුවන්, ඒ උනාට ළමයාට ඒක කොතරම් දුරට වැටහෙනවද ?

මෙහෙම කියනකොට මට තවත් දෙයක් මතක් උනා. මගේ යෙහෙලියක් අගේ ළමා කාලයේදී එයාගේ අම්මා එයාට ආදරේ කළා මදිය කියලා හැමදාම මගෙත් එක්ක කිව්වා. ඉතින් මම කරුණු විමසුවාම ඒ අම්මා ලොකු ජිවන අරගලයක් එන්න තනිවම ළමයින් හතර දෙනෙක් බලාගෙන, සැමියාගේ පීඩාවන් පවා දරාගෙන හිටපු කෙනෙක්. එහෙම කෙනෙක්ගෙන් ආදරේ අඩුවක් වෙනවා කියන්නේ වෙන්න පුළුවන් දෙයක් කියලා මම එයාට තේරුම් කරවලා දෙන්න උත්සහ කළා. කොටින්ම ඇයටත් ඒක තේරුනා. එත් ඔක්කොම ඉවර වෙලා ඒකි කියනවා
"ඒ මොනවා උනත්, අම්මට මට මීට වඩා ආදරේ කරන්න තිබ්බ නේද? " කියල.


මේ තියෙන්නේ තවත් එකියක්.

මේ කෙල්ල මගෙත් එක්ක සෙට් වෙන්නේ අහම්බෙන්. ඒ තමයි කැන්ටිමේ ළඟ දන ගහගෙන ඉන්නකොට. ( හික්... ඔව් හලෝ ආසාවට)

මෙයාගේ නම අපි කියමු ස්වර්ණමාලි කියල. දණගහගෙන හිටපු උන් ( දීර්ඝ කාලයක්) දන්නවා ඇති මුලදී මුලදී ඕක නිකන් කික් සහ නොකික් ගතියක් තිබ්බට , ගොඩක් වෙලා යනකොට හැඟීම් නියුට්‍රල් වෙලා මේ ඉන්නේ පන්තියේ හෝ ගෙදර පහ පහසු පුටුවකට වෙලා වගේ හැඟීමක් ඇවිත් රසබර කතා කියමින් කැකිරි පාලන ගානට කතාබහ යනවා. එහෙම වෙලාවක තමයි මගෙත් එක්ක එකට දණගහගෙන හිටපු ස්වර්ණා මෙහෙම කිව්වේ.

"අපේ ගෙදර අය දන්නවා නම් මම අද දණගහගෙන හිටිය කියල..."
"ඇයි බනියිද?"
මම පැනපු ගමන් ඇහුව.
"නෑ අනේ... නංගිට කියයි, ඔන්න අක්ක කියනදේවල් කරනවා හෙම නෙවෙයි කියල"

"ශා.. නියමයි නේ.. තමුසේගේ නංගි තමුසේ කියන එව්වා කරලා දෙනවද?"

මට දැන් බඩපිස්සෙක් කියන එක අමතක වෙලා දැන් පරපිඩිතයා වෙනවා ඉබේම. 

"ඔව් හලෝ.... එයා පොඩි කාලේ ඉඳන්ම එහෙමයි"

මම මගේ ස්ටේටස් එක තියාගෙන ඉන්නෙක ගැන ආඩම්බර වෙනවා, කට්ට පොලවේ දණගහගෙන හිටියත්! මම කොරයි අක්ක කියන දේවල්! හුහ්...

"නියමයිනේ හලෝ, මමත් ආසයි නංගියෙක් ඉන්නවා නම්"

"මරු කතාවක් මතක් උනා"

එහෙම කියලා දැන් ස්වර්ණා කතාව කියන්න තලු මරනවා, මම හොඳට කන දාගෙන ඉන්නවා. ඔලුව හරවන්න බැහැ එතන ඔෆිස් එකට පේනවා. පේලියේ එහා ඉන්න උන්ගේ කන් පවා මට දැන් පේනවා ඩිෂ් ඇන්ටනා ටික වගේ මේ පැත්තේ.

"ඉස්සර මම එක වසරේ ඉන්නකොට නංගි මොන්ටිසෝරි යනවා. අපේ මල්ලිට එතකොට මාස හයක් විතර ඇති. කිරිඅම්මා තමයි අපි ඔක්කොම බලාගත්තේ. එයාට කන ඇහෙනවා අඩුයි. ඔහොම ඉන්නකොට මට එක දවසක් හිතුන අපේ අම්ම මට සලකන්නේ නැහැ කියල. බලනකොට වැඩේ ඇත්ත! අම්ම මල්ලි එක්කම තමයි. තාත්ත උනත් මල්ලි එක්ක සෙල්ලම් කරනවා. මාව එලෝ ගන්නවා. නංගිත් එක්කත් සෙල්ලම් කරනවා. මට දැන් මාර අවුල් වගේ. මම හිතුව මෙහෙ ඉඳල වැඩක් නැහැ කියල. යන්න හිතුව. එහෙම හිතල මම ඉස්කෝලේ ගෙනියන වැඩමල්ල අරගෙන, ඒකෙ තිබ්බ සබ්බ සකලමනාවම බිමට හැලුව. ඊට පස්සේ දැම්ම ඒකට මගේ පෑන්ටි දෙක තුනක්. මොකද ඕනේ වෙන්න පුළුවන්. වතුර බෝතලේ හොයල අරගත්තා. අරගෙන සාලේ මැද්දෙන් යනකොට දැක්ක මල්ලිව කිරිඅම්මා පිළිකන්නේ තියාගෙන හෝදනවා. නංගි ඉන්නවා සාලේ චිත්‍ර ඇඳ ඇඳ . මම නංගිවත් අතින් අල්ලාගෙන පාරට ආව. ඒ දවස්වල කඩුල්ල දාන්නේ නැහැ බල්ලා ඉන්න නිසා. මම මිදුලට යනකොට බල්ලා මගේ පස්සෙන් ආව. අපේ ගේ තියෙන්නේ මහ පාර ගාවමයි. මම නංගිවත් අතින් අල්ලගෙන පාරේ අයිනෙන් හිටගත්තා. බස් යනවා කඩාගෙන බිඳගෙන. මම අපේ අම්ම කරනවා දැකල තියෙනවා නිසා වම ඇත දාල වැනුවා. ම්ම්හු... කෝ බස් එකක්වත් නතර කරන්නේ නැහැ. සමහර බස් ස්ලෝ කරලා, ආයෙමත් ඇරලා යනවා. ටිකකින් ඈතින් බස් එකක් ආව. මම නංගිටත් කිව්වා අත දාන්න කියල. ඒකිත් උඩට, පහලට, හරහට , දිගට ඔක්කොම වැනුවා. මෙන්න බොලේ බස් එක නතර කළා... නතර කරපු බස් එකෙන් බැස්සේ අම්ම.

'ලොකු දුවේ? මොකද මේ බස් හෝල්ට් එකේ?'

'අපි මේ තරහ වෙලා යනවා'

අම්මගේ කට බලියක් වගේ අරුණා. උගුරත් හිර උනා මම හිතන්නේ.

'මෝ.. මෝ ක ක්? කාත් එක්කද?'

'ඔයත් එක්ක'

අම්ම පැනපු ගමන් නංගිව ඇදල ගත්ත.

'මේ ළමය මොකටද?'

'මගේ තනියට එක්කන් ආවේ.'

නංගි එයා ඇඳපු චිත්‍රය අම්මට පෙන්නනවා ඒ අස්සේ.

'ඔය මොකද්ද ඔය මල්ල?'

'පෑන්ටි , මගේ. '

මම ගානක් නැතුව කිව්වා මට මතකයි. අම්ම දෙන්නවම අත් දෙකෙන් මාංචු දම්මගෙන ගෙදර ආව මතකයි. වැඩේ කියන්නේ මට ගැහුවේ නැහැනේ හලෝ"

මට ප්‍රශ්නයක් ආව.
"ඒ බස් එක නතර කලේ ඔයාලටද? අම්ම බෙල් එක ගහපු නිසාද?"


ඔන්න බලන්න වැඩේ!



76 comments:

  1. අම්ම බෙල් එක ගහපු නිසා වෙන්න ඇති.නැත්නම් පොඩි උන්ට බස් නවත්තන්නෙ නැනෙ.
    මාත් ගෙදර බඩපිස්ස උනාට අපේ අම්මගෙ වැඩ නිස මටත් හිතිලා තියෙනව අම්ම ආදරේ පොඩි අක්කට කියලා.ඒත් දැන් හිතෙන්නේ ලොකු අක්කට කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් හලෝ.. මම ඒ වෙලාවේ ඒ මැටි ප්‍රශ්නේ ඇහුවට, පස්සේ තේරුනා හේතුව. හැබෑටම ඒ ඇයි පොඩි ළමයින්ට නතර කරන්නේ නැත්තේ? මුලික අයිතිවාසිකම් කඩවීමක් නේද?

      Delete
    2. හෑ ? අන්න බඩපිස්සාගේ කැටගරියේ ලක්ෂණ...
      මම නම් කියන්නේ කොලයක් අරන් දෙකට බෙදලා ලියන්න මෙහෙම
      වම් පැත්තේ: ලොකු අක්කට ආදරේ කියල මට හිතෙන්නේ ඇයි ?
      දකුණු පැත්තේ: මට ආදරේ නැහැ කියල මට හිතෙන්නේ ඇයි ?

      ලියල බලන්නකෝ. පුළුවන් නම් මෙතැන පෝස්ට් හෝ මට මේල් කරන්න. මම දෙන්නම් උපදෙස්! කොන්දේසි අදාළ වේ!

      Delete
    3. පොඩි උන්ගෙ මූලික අයිතිවාසිකම් වගේද බන් බස් එක ගිනි තිබ්බොත් පැහැරගෙන ගියා කියල.කොටදෙනියාවේ පොලෝසියට බාරදුන්නොත්.

      Delete
    4. බොට මේල් කරන්න වෙන්නෙ කපුටෙක් අතේ තමයි.ඔය එල්ලල තියන අටමගල වැඩ කරනවයෑ...........

      Delete
    5. ඒ අටමගල දැන් වැඩකරයි. කෝ එවන්ට බලන්ට

      Delete
  2. There are times we tend to think that our parents are not doing or giving their best to us, for various reasons. But we need to remember that they are doing 'their' best for us, it may not be 'the' best but 'their' best.

    ReplyDelete
    Replies
    1. That's why I said
      [ඒ කියන්නේ ළමයින්ට දෙමවුපියන් ආදරේ කරන්නේ එක එක මට්ටමෙන්. ඒක ළමයාට දැනෙන්නේ කොයි විදියටද? අපේ පාසයන් වලදී අපේ මානසික තත්වය එක්ක බැලුවම පුළුවන් උපරිමේ ළමයා ගැන අවධානය දෙනවා වෙන්න පුළුවන්, ඒ උනාට ළමයාට ඒක කොතරම් දුරට වැටහෙනවද ?]


      You cant't help with that dude! You have to go through that to understand.

      Delete
  3. හැබෑටම මුන්ට ලූස් නෙවෙන්නං. මට හිත ගිය සිද්දිය අර අන්තිම එක. ඒකනම් සෑහෙන්න දැනෙන එකක්. අම්ම නාවනං වැඩේ බලන්න තිබුන. අපේ අම්මත් වැඩියෙන්ම ආදරේ කෙනා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඔය වයසෙදි ඒ පොඩි දේත් සෑහෙන්න දැනෙනවා. ඒ දැනෙන්නෙ අපි අපේ ගැනම හිතන නිසා නෙවෙයිද උපේක්ෂා?

    ReplyDelete
    Replies
    1. මුන්ට ලූස් කියල හිතෙන්න පුළුවන්, නමුත් ඇත්තටම මුන්ට ලූස් නැහැ අනේ. එහෙනම් මේ මටත් ලූස් වෙන්න එපෑ !

      ඒ කතාවේ අම්මගේ පැත්ත බැලුවා නම් තාරකා පංතියක් තමයි කියන්න වෙන්නේ. අම්මා නැතුව ඒ බස් එකෙන් වෙන එකෙක් ආව නම්?? ඉවරයි නේද?

      දැන් කියන්න බලන්න අම්මගේ ආදරේ ඔය කාලෙන් කාලෙට වෙනස් වෙන එක ඔය නිරීක්ෂණය කලේ කොහොමද කියල? වරදට සමාව දෙන රේට් එකෙන්ද?

      ළමයෙක් තමන් ගැන විතරක් හිතන එක මට වරදක් විදියට පේන්නේ නැත්තේ, මගේ අවුලක්ද? ළමයි තමන් ගැන හිතන්න ඕනේ. වයසින් වැඩෙනකොට වෙනස් වෙන්න ඕනේ. වෙනස් නොවෙන්නේ ගොඩක් වෙලාවට තනි ළමයා සේ හැදෙන උන්.

      Delete
    2. වෙන එකෙක් බස් කෙන් බැස්සනම් සොරිම තමයි. අපේ අම්මා වෙලාවකට නංගිට ‍ෙහොඳට සලකනවා. වෙලාවකට අක්කට හොඳට සලකනවා. වෙලාවකට මට හොඳට සලකනවා. දැන්නම් මම මේ වැඩේ අතෑරල තියෙන්නෙ. අම්මලා සැලකුවත් නැතත් මම ගනන්ගන්නෙ නෑ.

      මමත් හිතන්නේ තමන් ගැන විතරක් පොඩි කාලෙ හිතන එක වරදක් නෙවෙයි. ඒක සාදාරනයි. මමත් එහෙමයි. කියල වැඩක් නෑ උපේක්ශා. ඔයාට විතරක් නෙවෙයි මටත් හොඳටම ලූස්.

      Delete
  4. මට මෙව කවදාවත් හිතිල නෑනෙ.... අපේ ගෙදර මම විතරයිනෙ... අයියල අක්කල නංගිල මල්ලිල නෝ.....

    පන්තිවල හිටපු කවුරුවත් ඔයවගෙ සිද්ධි කතාකරපු බවක් මතකත් නෑ. සමහර විට පිරිමි ලමයි ඒවගෙ දෙවල් යාළුවන්ට කියන්න අකමැති වෙන්න ඇති.

    මොනව උනත් අර කොල්ලෙක් එක්ක පැනල ගිහින් ආවහම පාටි දාන එක නං දෙමවුපියන්ගෙ අමුතුම ධනාත්මක චින්තනයක්. බැනල ගහල හිංසාපීඩා කරනවට වැඩිය හොදයි.

    ReplyDelete
    Replies
    1. හෆොයි.. මෙන්න තවත් තනි අලියෙක්!
      පිරිමි ළමයි ඒ වගේ දේවල් වලට වඩා යාළුවො එක්ක කතාවෙන්නේ සැහැල්ලු දේවල්.

      පාටි දාන එක ධනාත්මකයි කිව්වා? අම්මප කෝ මට මිරිස් ගලක් දියණ කට අතුල්ලගන්න! ඒ කියන්නේ උඹ කොච්චර පැනල ගියත් අවුලක් නැහැ දුවේ කියන එකද? ඒකෙන් නින්ජාට ලැබෙන්නේ නරක ආදර්ශයක් නෙවෙයිද? ගහල බැනල හිංසා කරන එක වගේම මෙහෙම පාටි දැමිල්ලත් වැරදියි...

      Delete
  5. මටනං මමම විතරක් හින්දද කොහෙද අඩුවක් වෙනසක් දැනිලා නෑ. මට තාම හිතාගන්න බැරි ඇයි අර අම්මයි තාත්තයි අක්කව එක්කං ඇවිත් පාටි දැම්මෙ කියලා.............

    ReplyDelete
    Replies
    1. එකා යකා...
      ඔබතුමාට කියන්ට ඔබතුමාට මිස් වෙලා තියෙන සොමිය නම් ඉතින් ආයේ ඇතෙක් ලව්වවත් අද්දවගන්න විදියක් නැහැ. සහෝදර සහෝදරියෝ ඉන්නවා කියන්නේ ඉතින්.... සිරාම දෙයක්. හික් හික්... කියවල නැතිද මගේ පොඩි කාලේ කතන්දර?

      හික්.. ඒකත් ඇත්ත... ආයේ ඉතින් පාටි දාන එකේ වැඩක් තියෙයිද? ආයෙත් යන එකේ නැද්ද? මම මේ කියන්නේ ඉහල මධ්‍යම පාන්තික පවුලක් හරිද? මම හිතන්නේ එයාල එහෙම කලේ ළමයා සතුටින් තියන්න. ඒක වැරද්දක් විදියටයි මට පේන්නේ.

      Delete
    2. ඔය උපේක්ශා කියන සොමියනම් මටත් එකෙන්ම තියෙනවා. ඇයි අපේ පව්ලෙ 6ක් ම ඉන්නවනෙ.

      Delete
  6. //දණගහගෙන හිටපු උන් ( දීර්ඝ කාලයක්) දන්නවා ඇති මුලදී මුලදී ඕක නිකන් කික් සහ නොකික් ගතියක් තිබ්බට , ගොඩක් වෙලා යනකොට හැඟීම් නියුට්‍රල් වෙලා මේ ඉන්නේ පන්තියේ හෝ ගෙදර පහ පහසු පුටුවකට වෙලා වගේ හැඟීමක් ඇවිත් රසබර කතා කියමින් කැකිරි පාලන ගානට කතාබහ යනවා. //

    එකෙන්ම එකගයි. ටික දවසක් හොඳට ප්‍රැක්ටිස් උනාම හිතෙනව, යකෝ පුටුවෙ ඉන්නවට වඩා නියමයි නෙ කියල. මං හිතන්නෙ මට තරම් එක එක ස්ටයිල් වලට හෑන්ඩ්ස්-ඔන් එක්ස්පීරියන්ස් නැතුව ඇති කාටවත්, කන් දෙක අල්ලාගෙන, අත් දෙක උස්සගෙන, හාවෙක් (බූරුවෙක්??) වගේ කන් දෙකක් අත් දෙකෙන් තියාගෙන... හිකිස් :D

    ReplyDelete
    Replies
    1. ආ.. එන්න එන්න.. අපි පෝලිමට දන ගහමු! ඇත්තම කියන්න මම ඔය වැඩේට පත්තියන් වෙච්ච කෙනෙක් උනේ උසස්පෙළ කාලේ. වැඩියත්ම අනුන් කරපු එව්වා වලට සාමුහික බිලිපුජා කරනකොට තමයි. මොකද ෆිට් එක නිසා කවුද කලේ කියල කියන්නේ නැහැ. වැඩියෙන්ම මරැට්ට වැඩ කරපු එකා දැන් දොස්තර කෙනෙක්. අම්මෝ.... මගේ නම් හතුරෙක්ටවත් කියන්නේ නැහැ ඉන්න තැනක්! හික්..

      බාලිකා පාසල්වල ඉතින් ඔය වගේ දඬුවම් මිසක් ආයේ අතින් පයින් ගහන්නද?

      Delete
  7. ඇත්ත මුංට ලූස් තමයි.බස් එක නතරවුණේ අම්මට බහින්න නැතුව අර බටු ඇට දෙක අත වැනුවට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හැබෑට? මට ඒ වෙලාවේ හිතුනෙම නැහැනේ. මට හිතුනෙම ළමා අයිතීන් උල්ලංඝනය වෙච්ච ශෝකජනක, ආවේගශීලි අවස්තාවක් කියල. එහෙම නෙවෙයිද?

      Delete
  8. එකම කොල්ල වෙච්ච මට නම් ඔය වගේ ප්‍රශ්න වෙලා නෑ.. හෙහ් හෙහ්..අක්කටයි නංගිටයි එහෙම ප්‍රශ්න තිබ්බද කියල උන්ගෙන් තමයි අහන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකට පුත්‍රවාදී වෙන්න ඇති.... ආයෙත් අහල!
      මගේ කැටගරි වලින් එකක් ඕක.

      පෙනේද? අක්කටයි නංගිටයි වෙච්ච දෙයක්වත් නොදන්නාකම? කූර ලෝකේ

      Delete
  9. අඩෝව් අපිටද ලූස් කිව්වේ..?

    ..//ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ කියල දවසට පැය විසි පහක්ම කෑගහල, ළමය ඇහුවම කියනවා එයාව ගෙනාවේ සුරංගනා ලෝකෙන් කියල//..
    මගේ දූට නම් අපි එයාගේ වයසත් එක්ක එයාට දැනෙන මට්ටමින් මේ හැම දෙයක්ම කියලා දීලා තියෙන්නේ.පිරිමි දරුවෙකුටත් වඩා ගැහැණු දරුවෙකුට ඒ ගැන කියලා දෙන්න ඕනමයි.ඒකට හේතු තියනවා.ඒ ගැන මම ලිපි ලියලත් තිබෙනවා මගේ බිලොග් එකේ.දරුවන්ට එයා අරගෙන ආවේ සුරංගනා ලෝකයෙන් කියලා බොරුකියන එක හොද දෙයක් නෙවෙයි.දෙමාපියෝ නිතර දරුවන්ට බොරු කීවම ඒ දරුවට යම් දවසක ඒ කිව්වේ බොරුවක් කියලා වැටහෙනකොට ලමයා ඒකෙන් ඉගෙන ගන්නවා තමන්ගේ අයව අවිශ්වාස කරන්න.ජීවීතේ තමන්ට විසදගන්න තියෙන සමහර ප්‍රශ්න දෙමාපියන්ට කියලා වැඩක් නැ කියලා හිතනවා.ඒවට නිසි පිලිතුරු වෙනුවට ලැබෙන්නේ බොරු පිලිතුරක් කියලා හිතෙනවා..එකක් නෙවෙයි ඉතින්.මම ඒකයි මේ දේවල් ගැන මගේ බිලොග් එකේ වැඩිපුරම ලියන්නේ...

    අපේ නම් අක්කටයි මටයි කියලා වෙනසක් තිබුනේ නැ.අපේ පංතියේ කෙල්ලොත් කියනවා අපේ ගෙදර අක්කට තරම් මට ආදරේ නෑනේ කියන කතාවනම්.අක්කලා කියනවා නංගිට තමයි සැලකිල්ල කියලා..කොල්ලෝ නම් ඉතින් අක්කලටයි නංගිලටයි මේ දෙගොල්ලන්ටම ඇහැගහගෙන ඉන්නේ එකවගේ සැලකිල්ලෙන්...

    ReplyDelete
    Replies
    1. මෙතන ගැටෙන අදහස් කිහිපයක්ම තියෙනවා. නමුත් මේක සංවාදයක් විදියට කරන එක වටිනවා. ඒ නිසා මම මේ කියන දේවල් ගැටීමට බාරගන්න එපා.

      1. මගේ දූට නම් අපි එයාගේ වයසත් එක්ක එයාට දැනෙන මට්ටමින් මේ හැම දෙයක්ම කියලා දීලා තියෙන්නේ

      වයසත් එක්ක දැනගතයුතු කියා කියන්නේ අපියි. නමුත් එක එක ළමයා එක එක වයසේදී වෙනස් විදියට ඒ දේවල් දකින්නේ. සමහර ළමයින් ඉතා කුඩා කාලයේ පවා ඒ දේවල් ගැන එක්ස්පෙරිමන්ට් කරනවා. ( නරක පැත්තට ගන්න එපා) ඒ වෙලාවල් වලදී අපි මොකද කරන්නේ කියන එක තියරියක් ලෙස කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර ළමයින්ට හැමදෙයක්ම කීමෙන් ඔවුන්ගේ සුරංගනා ලෝකය කැඩෙනවා. එහෙම නෙවෙයිද?

      2. දරුවන්ට එයා අරගෙන ආවේ සුරංගනා ලෝකයෙන් කියලා බොරුකියන එක හොද දෙයක් නෙවෙයි
      ළමයාට වයස අවුරුදු 2-6 දක්වා මොකක් කියන්න ඕනේ කියලද හිතන්නේ?

      3. දෙමාපියෝ නිතර දරුවන්ට බොරු කීවම ඒ දරුවට යම් දවසක ඒ කිව්වේ බොරුවක් කියලා වැටහෙනකොට...
      එකඟයි. නමුත් සමහර බොරු ළමයින්ගේ ආරක්ෂාවට කියන්න වෙනවා. ඇත්ත කීමෙන් ළමයාගේ වටහා ගැනීම අවුල් වෙන්න පුළුවන් නේද?

      4. අපේ පංතියේ කෙල්ලොත් කියනවා අපේ ගෙදර අක්කට තරම් මට ආදරේ නෑනේ කියන කතාවනම්.අක්කලා කියනවා නංගිට තමයි සැලකිල්ල කියලා..

      ඒ කියන්නේ කෙල්ලෝ ඒ ගැන වැඩිපුර හිතනවා කියන එකද? මගේ උපලක්පනය හරිද?

      Delete
    2. 1.
      මම කාලයක්ම ලමුන් සමග කටයුතු කරලා තිබෙන නිසාත් මනෝවිද්‍යාව,ලමා මනෝ උපදේශනය වැනි විෂයන් හදාරලා වගේම උපදේශකවරයකු ලෙසින් කටයුතු කර තිබෙන නිසාත් ඔබ හිත දේ මට ප්‍රශ්නයක් වෙලා නැ.ඒ වගේම තමයි අපි සමහර වෙලාවට හරි අමුතුයි කියලා හිතන දේවල් ප්‍රවීන උපදේශකයන්ට ඉතා සරලයි.මගේ ගුරුවරුන් ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍යවරුන් ලමුන්ගේ ප්‍රශ්න විසදා දුන් ආකාරය මම දැක තිබෙනවා.විශේෂයෙන්ම ඩි.වී.ජී හරිස්චන්ද්‍ර මැතිතුමා.ඔවුන් අත්දැකීමෙන් දන්නා දෙයක් තමයි ලමුන් වයසත් එක්ක හිතන විදිය ඇයි දරුවෝ වෙනස් වෙන්නේ කියන කාරණය.දරුවෝ වයසත් සමග ඉගෙන ගන්නා ආකාරයක් හා ඒවට අනුගතවන ක්‍රමයක් තිබෙනවා.

      ...// නමුත් එක එක ළමයා එක එක වයසේදී වෙනස් විදියට ඒ දේවල් දකින්නේ//...

      ..//මොකද කරන්නේ කියන එක තියරියක් ලෙස කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.///..

      නමුත් ළමුන් ක්‍රියාකරන ආකාරය වෙනස් වෙන්නේ ඇයි කියන එකට තියරියක් තියනවා.සරල උදාහරණයක් ගන්නම්.අපි ආකල්ප,සිතුම් පැතුම් ක්‍රියාවන්ගෙන් මොනවිදියට වෙනස් උනත් අරමුණු සංජානනය හා සංවේදනය කරන්නෙත් මානසික සිද්ධාන්ත ගොඩනැගෙන්නෙත් එකම විදියකට.බුදු දහමේ පටිච්චසමුප්පාදය හිතලා බලන්නකෝ.අනික ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගැනීමේදි,ඒ ගැන සිතිමේදි.යමක් ඉගෙනගැනීමේදි,මොළය ආශ්‍රිතව සිදුවන උත්තේජන තිබෙනවා.ඒවා එක හා සමානයි.ඉතින් මේ වගේ තියරි තිබෙනවා ලමුන්ගේ මනස හදුනාගන්නත වෙනස්වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්නත්.වෙනකක් තබා ප්‍රදේශය අනුව,ගම්බද නගරබද අනුව,වගේම තව කරුනු එක්කත් ලමයෙක් හිතන යමත් තෙරුම් ගන්න විදියේ වෙනසක් තිබෙනවා.නමුත් හැම දරුවෙක්ම යමක් සංවේදනය කරන හා ග්‍රහණය කරගන්න,මතකයේ තබාගන්න,ආකල්ප ගොඩනගාගන්න විදි අතර මනෝවිද්‍යාත්මක පමනමක් තිබෙනවා.ඔවුන්ගේ පෞරෂය සංවර්ධනය වෙන්නෙත් ඒ අනුව.සමහර දරුවෝ තරමක් මෝරලා වගේ පේනේත් ඒ අනුව.ළමා මනසක් තේරුම් ගන්න එක මනෝ වෛද්‍යවරයකුට වගේම පළපුරුදු උපදේශකයකුට ඉතා පහසු දෙයක් උපේක්ෂා.හරියට බුදුන් වහන්සේ උන් වහන්සේ ලගට එන ඕනම කෙනෙක්ගේ මනස තේරුම්ගත්තා වගේ.මේ ගැන ඉතා කෙටියෙන් කියන්න බැ.මේ ගැන ලිපි පෙලක් මගේ බිලොග් එකේ පලකරන්න දැනටත් ඒ ගැන ලියාගෙන යනවා..

      බුදුසමයේ අභිනන්දති,අභිවදති,අජ්ජෝසාය තිට්ඨති කියන තැනත් කියවෙන්නේ අපි යමක් සංවේදනය කරන,ග්‍රහනය කරන,කොටින්ම මනසින් කොහොමද යම් අරමුනක් තෙරුම් ගන්නේ,කොහොමද අපි ඒ අනුව ක්‍රියා කරන්නේ කියන කරුන ගැනයි.

      2
      අවුරුදු 1 සිට 2 දක්වා කාලයේදි තමුන් යමක් තෙරුම් ගන්නා විදිය හා ඔවුන්ට යමක් කියා දෙන විදියක් තිබෙනවා.කොටින්ම කියනවනම් ඔවුන්ගේ ලෝකය වෙන්නේ එදිනෙදා ඔවුන් අත්දකින ඉතා සරල දේවල් විතරයි.ඔවුන්ට වැඩිපුරම ප්‍රශ්න තියෙන්නෙත් ඒ දේවල් ගැන.ඒ දේවල් කියලා දෙන එක ඉතා ලේසියි.ඔබ දන්නවද දරුවෙක් ඉගෙන ගන්න පටන් ගන්නේ මව්කුසේ ඉදලම කියලා.මේක නූතන මනෝවිද්‍යාවෙන් හොයාගත්තේ මෑතකදි.ඒත් අපේ බුදුන්වහන්සේ එදා මේ දේවල් ගැන දේශනා කලා.මේ හැම කරුනක් ගැනම ලමුන් ගැන ලියවෙන ලිපිපෙලත් එක්ක පැහැදිලි කරනවා.ඇත්තෙනම් ඉතා කෙටියෙන් මේවා පැහැදිලි කරන්න බැ.

      3 එතනදි මම බොරු කියලා කියන්නේ ලමයෙක් දැනගතයුතු සමහර දේවල් දෙමාපියන් බොරු කියලලා මග හැරලා යන එකයි.මේ ගැන මගේ පෝසට් වල ගොඩක් කරුනු ලියලා තිබෙනවා.

      4
      .මම එකවසරේ ඉදලම 13 වසර දක්වාම හිටියේ මිශ්‍ර පාසලකනේ.පිරිමි ලමුන් වගේම ගැහුණු ලමුන් හොදම යාලුවෝ.අතිශ්‍ය පෞද්ගලික දේවල් පවා කියන අවස්ථා තිබෙනවා.ගෙදර ප්‍රශ්න පවා කියනවා.සමහර කෙල්ලෝ ටිකක් වැඩිපුර හිතන බවක්නම් පෙනිලා තියනවා.ඒත් හැමෝම එහෙම හිතන බවක් පෙන්න තිබුනේ නැ.සමහර කෙල්ලෝ පංතිකාමරේදි දවස ගෙවන්නේ හරි ජොලියෙන්.ප්‍රශ්න ගානක්වත් නැ.ගනන් ගන්නෙත් නැ.කොල්ලන්ටත් වඩා ධනාත්මකව හිතන කෙල්ලෝ අපේ පංතියේනම් හිටියා.

      අද කාලේ පංතියේ කෙල්ලෙක් තනියම ඉන්නකොට කරදර කරන බවක් තිබුනට එදා එහෙම නැ.ගොඩක් එකතුයි.මගේ හොදම යාලුවෝ අතරේ උඩින්ම හිටියේ කෙල්ලෙක්..
      .

      Delete
    3. 2. දරුවන්ට එයා අරගෙන ආවේ සුරංගනා ලෝකයෙන් කියලා බොරුකියන එක හොද දෙයක් නෙවෙයි
      ළමයාට වයස අවුරුදු 2-6 දක්වා මොකක් කියන්න ඕනේ කියලද හිතන්නේ?

      දරුවා අහන ප්‍රශ්නය-අම්මේ මම ඉපදුනේ කොහොමද ?

      අම්මා කෙනෙක් ඒ වෙලාවට මේ වගේ ක්‍රියාකරන්න පුලුවන් -ප්‍රශ්නය ප්‍රතික්ෂේප කිරිම,බොරුකීම,තරවටු කිරීම,ඇහුනේ නැ වගේ ඉන්න එක....

      ඒකෙන් ඇතිවන ප්‍රතිපලය
      ප්‍රශ්නය ප්‍රතික්ෂේප කිරිම,ඇහුනේ නැ වගේ ඉන්න එක - දරුවා හිතනවා තමාව නොසලකා හරින බව,හිතීමේ හැකියාව නිර්මානාත්මක බව අඩුවෙනවා,දරුවා පුරුදු වෙනවා සමහර දේවල් නොසලකා හරින්න,මේකෙන් කියන්නේ ලොකු ලෙඩෙක් වෙනවා කියන එක නෙවෙයි.පෞරෂසංවර්ධනය මේක බලපානව
      තරවටු කිරීමෙන් ඉච්ඡා භංගත්වයට පත්වෙනවා..

      අවුරුදු හයෙන් පස්සේ දරුවකුට යමක් සරලව කියා දිය හැකියි..ඔයා ඉපදෙන්න කලින් හිටියේ අම්මාගේ බඩ ඇතුලේ කියලා කියලා දෙන්න.ගැබිනි අම්මා කෙනෙක් පෙන්වලා ඒක තේරුම් කරලා දෙන්න.මම පොඩි දරුවන්ට පාසල් වැඩසටහන් කරනකොට අහලා තියනවා පුංචිපුතාලා ඉපදෙන්න කලින් කොහේද හිටියේ කියලා.අම්මගේ බඩ ඇතුලේ කියලා ඒයාලම කියනවා.කොච්චර කල් හිටියද ඇහුවම මාස දහයක් කියලා කියනවා.

      බඩට ආවේ කොහොමද කියලා ඇහුවොත් බොරුකියන්න එපා එයාට බලාපොරොත්තුවක් දෙන්න,ඔයාට ඒක තේරෙන්නේ නැ,ඔයා තව ටිකක් ලොකු උනාම කියලා දෙන්නම් කියන එක,ඒක දරුවන්ට කියලා දෙන විදි තියනවා,කිසිම වෙලාවක ප්‍රතික්ෂේප කරන්න එපා,එයාගේ ප්‍රශ්නවලට අම්මා තාත්තා ලග උත්තර තියනවා කියලා විශ්වාසය ඇතිවුනාම දරුවා දෙමව්පියෝ ගැන විශ්වාසයක් ඇති කරගන්නවා.දරුවෝ හැම ප්‍රශ්නයකටම උත්තර බලාපොරොත්තු වෙන්නේ නැ.එයාලට ඕන අම්මගෙනුයි තාත්තගෙනුයි දන්නැති ඔක්කොම අහන්න.සමහර ඒවට කොහෙත්ම උත්තර බලාපොරොත්තු වෙන්නෙ නැ.

      උපෙක්ෂා මගේ දුවට අවුරුදු 14 ට ලගයි.ඒයාට වයසත් එක්ක මමයි,එයාගේ අම්මයි හැම දේම කියලා දුන්නා කියලා කීවේ ඒකයි.
      යොවුන් වයසෙදි සමහර දේවල් ගැන අවබෝධයක් නැතිවුනාම අන්තිමට ඒ දරුවෝ ටිකින් ටික විවිධ මානසික ව්‍යාකූල තත්වයන් තත්වයන්ට ගොදුරු වෙනව.කළු කුමාරයා,මෝහිනි වැහුනා කියන්නෙත් ඒ වගේ දේවල් තමයි.
      (ආයෙත් කාලේ අරගෙන මේ ටික ලිව්වේ මෙතනට එන අනිත් අයටත් මේ කරුනු වැදගත් වෙයි කියලා හිතුන නිසා.....හිරුගේ බිලොග් එකේ මම ඔයාගේ බුද්ධාගමේ නෙවෙයි කියන පෝසට් එකේ සුරංග බංඩාර නමින් කොමන්ට් කරලා හිරුත් එක්ක දිග වාදයක් ගියෙත් මම තමයි.අලුත් බිලොග් එකක් පටන්ගත්ත නිසා දැන් නම වෙනස් කලා.)

      Delete
    4. මේ දීර්ඝ පිළිතුරට ස්තුතියි.

      නමුත් මෙහෙම දෙයක් සහ දේවල් කිහිපයක් තිබෙනවා.

      1. ළමයා තමන් ආවේ කොහෙන්ද කියල ප්‍රශ්න කරන වයස ( පටන් ගන්න) එකිනෙකාට වෙනස්. අවුරුදු 2ක ළමයෙක් ඇහුවොත්? මම මේක අහන්නේ පළපුරුද්දෙන්. මගේ අක්කගේ ළමයින්ට මම කියනවා "ඔයා ගෙනාවේ දිව්‍යලෝකෙන් . දිව්‍යලෝකේ හිටපු හොඳම බබා ඔයා තමයි" කියල. මේ වාක්‍ය හොඳටම ප්‍රමාණවත් ඔවුන්ගේ හැසිරීම ගොඩක් හොඳ කරන්න. ඒ කියන්නේ ඔවුන්ගේ පරිකල්පනයන් වලදී ඒ සංකල්පයට ලැබෙන්නේ ඉහල තැනක්. නමුත් මම හිතන්නේ නැහැ ඒ දරුවන්ට ඉපදෙන්න කලින් බඩක් ඇතුලේ හිටියා කියල එක තර්කානුකුලව පෙන්නන්න පුළුවන් කියල. මොකද ඒ ළමයින් අහනවා "ඒ ඇයි ඒ? ඒ මොකද ඒ? කොහොමද ඒ?" කියල. ඒ වෙලාවට ඔයාට තේරෙන්නේ නැහැ, පස්සේ කියන්නම් කියන එක ( වෙනත් ප්‍රශ්න වලට මම දෙන පිළිතුරක් ලෙස ගත්තොත්) දරුවන් හිතනවා මම කියන්නේ බොරු හෝ මම ඒ ගැන හරියට දන්නේ නැහැ කියල. එයාලට ඕනේ උත්තරයක්! එයාගේ තාර්කික බුද්ධියට වැටහෙන සහ වපසරියට අහුවෙන උත්තරයක්.

      [දරුවෝ හැම ප්‍රශ්නයකටම උත්තර බලාපොරොත්තු වෙන්නේ නැ.එයාලට ඕන අම්මගෙනුයි තාත්තගෙනුයි දන්නැති ඔක්කොම අහන්න.සමහර ඒවට කොහෙත්ම උත්තර බලාපොරොත්තු වෙන්නෙ නැ.]

      මේකට නම් මට එකඟ වෙන්න බැහැ මිත්‍රයා. එක්කෝ මගේ නියැදියේ සහ ඔබේ නියැදියේ අසමානකම් වෙන්න පුළුවන්. මට හමුවෙලා තියෙන දරුවන්ගෙන් 100%ක්ම උත්තරයක් ලැබෙනකල් එකම ප්‍රශ්නේ අහනවා. පොඩිම පොඩි දෙයක් ගැන උනත් එහෙමයි. උත්තරයක් ලැබුනත් ඒ ප්‍රශ්නේ නිතර අහලා ලැබෙන උත්තරේ වෙනස් නම් ඒකත් මොකද කියල අහනවා. "ආන්ටි/පුංචි ඒවා කිව්වේ එහෙම නෙවෙයිනේ" කියල කියනකොට මට චු බර හැදෙනවා.

      2. සමහර දරුවන්ට නරක හෝ භයානක දේවල් වලින් වලක්වන්න අපිට බොරුවක් කියන්න වෙනවා. උදා: හොරකම් කරන්න එපා, බොරු කියන්න එපා, ගහන්න එපා. වගේ මුලික කාරනා වලදී අපිට සත්‍ය තේරුම් යන වයසක් එනතුරු එය වලක්වා ගන්න වෙනවා. සමහර ළමයි ආසයි සත්තු චප්ප කරලා මරන්න. මම දැකල තියනවා ළමයි පොඩි සත්තු මරලා, අම්මලට හොරෙන් හංගනවා. ඒවා වලක්වන්න සරල නමුත් එයාගේ තාර්කික බුද්ධියට ගෝචර බොරුවක් කියන්න වෙනවා. උදා: බොරු කියන්න එපා, යමපල්ලෝ ගෙනියනවා වගේ. නැත්තම් අඳුනන්නේ නැති අයත් එක්ක යන්න එපා ඔයාව ගෙනියයි වගේ. මොකද, සාමාන්‍ය වයසක් එනතුරු ළමයාට අනතුරු සහ නොපෙනන දේවල් ගැන කියල දෙන්න බැහැ.

      3. මමත් කියන්නේ ළමයාට අහන හැම දේකටම උත්තරයක් දෙන්න ඕනේ. එතකොට ළමයින් දෙමවුපියන් ගැන විස්වාස කරනවා. හැබැයි ගල් පැලෙන බොරු කියන්න නරකයි. සමහර උත්තර නිර්මාණශීලි උනහම ළමයාත් නිර්මාණශීලි විදියට හිතන්න ගන්නවා.
      උදා:
      මට බඩගිනි නැහැ, කන්න බැහැ කිව්වම
      ඔයාගේ බඩේ පණුවෙක් ඉන්නවා. එහාට හරියට බඩගිනි වෙනවා. පව්නේ එයා, ඒ නිසා බත් ටික ඔක්කොම කන්න.
      කොහොමද අම්ම කක්කි හැදෙන්නේ?
      ඔයාගේ බඩේ ඉන්න පනුවා ඔයා කන ජාති එකතු කරලා කක්කි හදනවා.

      4. දැන් මිශ්‍ර පාසල් තියා ඉස්සර මිශ්‍ර පාසල් ගැනවත් මම දන්නේ අඩුවෙන්. නමුත් මම නිරීක්ෂණය කරලා තියෙන දෙයක් තමයි, ගෑනුලමයින් නිවසේ ප්‍රශ්න බෙදාගෙන ඉන්න කැමතියි ගොඩක් වෙලාවට. නමුත් ඒවා ඔලුවේ තියාගෙන ඉන්නේ නැහැ. උත්සාහවන්තව වැඩ කරනවා. නමුත් පෝසත් පවුල්වල නම් ඒ තත්වය වෙනස්. ගෙදර ප්‍රශ්න තිබේ නම් ඒ ළමයින් අයාලේ යන්න ඉඩ වැඩියි.


      ප.ලි. දැන් ඉතින් ඔයාගේ නම සුරංග බණ්ඩාර ද? හා කමක් නැහැ. කොයි විදියට ආවත් වටින්නේ අදහස් මිසක් කවුද නෙවෙයි. සමහර වෙලාවට මනුස්සයෙක් හෝ වැඩකට නැති කෙනෙක් කියලා හිතෙන මිනිස්සු ගාවත් අමුතු නැවුම් අදහස් තියෙන්න පුළුවන්. ඔබ උපදේශනයේ යෙදෙන කෙනෙක් නිසා තවත් හොඳයි.

      ඒ වගේම තවත් දෙයක් මතක් කරලා දෙන්න කැමතියි. මටත් සමහර දේවල් ගක කියනකොට බුද්ධ ධර්මය ගාවගෙන කියන එක හරි පහසුවක් දැනෙනවා. මොකද එය එතරම්ම ප්‍රයෝගිකව යොදන්න පුළුවන් නිසා. නමුත් බුද්ධ චරිතයෙන් යමක් විග්‍රහ කරන්නේ හරි පරිස්සමෙන්. මොකද බුද්ධ විෂය කියන එක පෘතක්ජන මිනිස්සුන්ට අවිෂය කරුණක් නිසා බාහිරින් බලා එය නිර්වචනය කරන්න බැහැ. උදාහරණෙකට රාහුල කුමාරයා මහණකිරිම අපි දකින විදියට කිව්වොත්? ඒ වගේම ඔතරම් හොඳ යශෝධරාව අතහැරලා යාම? මිනීමරු අංගුලිමාල බේරාගැනීම? රජතුමා සහ අනෙකුත් මිනිසුන් ( ඉතාම සැදැහැවත් සහ දානශීලි, ඒ වගේම පව් නොකරන) ඉන්නකොට අම්බපාලිගේ දානයට වැඩම කිරීම? මේවා දැන් කාලේ මිනිසුන් හිඳගෙන උන්වහන්සේ සිදුකලා නම්, අපි කරන්නේ මොකද්ද? ඒ නිසා මම බුද්ධ චරිතය කියන දේ උදාහරණෙට ගන්නේ හරිම පරිස්සමෙන්.

      මේක මම කිව්වේ නිකමට. ඔබේ අදහස් වලට බොහොම ස්තුතියි. ලිපි පෙළ බලාපොරොත්තුවෙන් සිටිනවා.

      Delete
    5. ...//ළමයා තමන් ආවේ කොහෙන්ද කියල ප්‍රශ්න කරන වයස ( පටන් ගන්න) එකිනෙකාට වෙනස්. අවුරුදු 2ක ළමයෙක් ඇහුවොත්//...

      මම මුලින්ම ඒ නිසයි කීවේ මේ ගැන ගොඩක් කරුනු පැහැදිලි කරන්න තිබෙනවා කියලා.නමුත් ඉතා කෙටියෙන් මේ කරුනු වලට පිලිතුරු ලබා දෙන්නම්.වැඩි කරුනු පෝසට් වලදි ලියනවා...

      ...// දිව්‍යලෝකේ හිටපු හොඳම බබා ඔයා තමයි" කියල. මේ වාක්‍ය හොඳටම ප්‍රමාණවත් ඔවුන්ගේ හැසිරීම ගොඩක් හොඳ කරන්න.//...

      ඉතින් උපෙක්ෂා ඔයාගේ අක්කා ලමයා රවට්ටලා,තරවටු කරලා,මගහැරලා බොරුවක් කරලා නෑනේ.එයා ඒ ලමයට ඇත්ත කියලා හිතෙන දෙයක් කියලා තියනවා.ඒ දරුවා ඒක ඇත්තද බොරුද කියලා හොයන්නේ නැ.ඒත් පරස්පර උත්තර ලැබුනොත් එයා ඒ ගැන හිතනවා.අන්න ඒ නිසයි කිව්වේ ලමයින්ට යමක් කියන විදියක් තියනවා කියලා.නමුත් ඒ උත්තරයම අවුරුදු දොලහක වගේ දරුවෙක්ට දුන්නොත් එතැන ප්‍රශ්නයක් තියනවා.මම උඩින්ම ඒ ගැන කියලා තියනවා නේද? මේ විදියට

      ...//දරුවෝ වයසත් සමග ඉගෙන ගන්නා ආකාරයක් හා ඒවට අනුගතවන ක්‍රමයක් තිබෙනවා//...

      ඔබ අහන අනිත් ප්‍රශ්නය..

      ....//නමුත් මම හිතන්නේ නැහැ ඒ දරුවන්ට ඉපදෙන්න කලින් බඩක් ඇතුලේ හිටියා කියල එක තර්කානුකුලව පෙන්නන්න පුළුවන් කියල.;///....

      ඇයි එහෙම තර්කානුකූලව පෙන්වන් යන්නේ.ඒහෙම තර්කානුකූලව පෙන්වන්න ඕන වෙන්නේ නැ.අවුරුදු හය වෙනකොට දරුවෙක්ගේ බුද්ධිමට්ටම වැඩිලා තියෙන්නේ.එයලා අහන දේවල් තෙරුම් කරලා දෙන්න පුලුවන් ක්‍රමවේදයක් තියනව.නමුත් අවුරුදු දෙකේ දරුවෙකුට බඩ ඇතුලේ හිටියා කියන එක පැහැදිලි නැ..දරුවෙක් ඉපදිලා පලමු වසර දෙකෙ යනකම් ඔහුගේ ශබිද කෝෂයේ තියෙන්නේ ඉතා සරල සුලු වචන ප්‍රමානයක්.ඒ වගේම ඔහුගේ ලෝකය පොඩියි.ඒ අනුව තමයි ඔහුට ගැටලු මතුවෙන්නේ.අවුරුදු දෙකහමාරක් පමන ගත වුනාට පස්සේ දරුවෝ තමන්ට කියන දේවල් ගැන වෙනදට වඩා හිතන්න පටන් ගන්නවා...."ආන්ටි/පුංචි ඒවා කිව්වේ එහෙම නෙවෙයිනේ" ...එහෙම අහන්නේ ඒක නිසයි.මුලින් ලමා මනස තේරුම් ගන්න ඕන..

      ...//[දරුවෝ හැම ප්‍රශ්නයකටම උත්තර බලාපොරොත්තු වෙන්නේ නැ.එයාලට ඕන අම්මගෙනුයි තාත්තගෙනුයි දන්නැති ඔක්කොම අහන්න.සමහර ඒවට කොහෙත්ම උත්තර බලාපොරොත්තු වෙන්නෙ නැ.]//...

      ...//මට හමුවෙලා තියෙන දරුවන්ගෙන් 100%ක්ම උත්තරයක් ලැබෙනකල් එකම ප්‍රශ්නේ අහනවා.//....

      එතැන උත්තරයක් කියලා මම අදහස් කලේ ඇත්තම දැනගන්න එයාලට ඕන නැ කියන එකයි.එයලා බලාපොරොත්තු වෙන පිලිතුරු තිබෙනවා එයාලා පරිසරය ආශ්‍රෙයන් ලැබු අත්දැකීම් එක්ක.ඒ හා ආසන්න පිලිතුරක් ලැබුනම එයාලා එකෙන් සෑහීමකට පත්වෙනවා.100% උත්තරය කියලා ඔබ අදහස් කලාට එයාලට ඕන එයාලා බලාපොරොත්තු වෙන උත්තරය මිසක් ඇත්ත නෙමෙයි ඉතා ලදරු වයසේදි..අර ඔබේ අක්කා කියලා තිබෙන පිලිතුර දරුවෝ බලාපොරොත්තු වෙනවා..නමුත් අවුරුදු 14 ක දරුවෙකුත් ඒ පිලිතුරම බලාපොරොත්තු වෙන්නේ නැ.ඔබ හිතනවද මනෝවෛද්‍යවරු නොයෙක් පර්යේෂන කරලා දරුවෝ ගැන හොයාගත්ත සියල්ල වැරදියි කියලා.එහෙනම් කොහොමද මට උගන්වපු වෛද්‍යවරු දෙමාපියන්ටවත් ලේසියෙන් තෙරුම්ගන්න බැරි දරුවන්ගේ සමහර ප්‍රශ්න ඉතා සරලව තේරුම් අරගෙන එයාලට පිලිතුරු දෙන්නේ.ගොඩක් මුරන්ඩු,දරදඩු දරුවන්ගේ චර්යා වෙනස් කලේ උපදේශන ක්‍රමවේද හරහා.මේ ගැන ගොඩක් ලියන්න දේවල් තියනවා උපෙක්ෂා.මේක ගොඩක් පුලුල්ව ලියන්න තිබෙන මාතෘකාවක්..මේ ගැන ලිපි පෙල පල කලාම ඔබ කියවලා බලන්න.

      Delete
    6. ...//සමහර දරුවන්ට නරක හෝ භයානක දේවල් වලින් වලක්වන්න අපිට බොරුවක් කියන්න වෙනවා.//..

      මීටත් වඩා සාර්ථක විදි දැන් හොයාගෙන තිබෙනවා.බොරුවක් කියනවට වඩා සාර්ථක විදි අනුව ලමුන්ගේ චර්යාව වෙනස් කරන්න පුලුවන් ක්‍රම මනෝවෙද්‍යවරු සොයාගෙන තිබෙනවා.ඔයා හිතනවා නමුත් සාර්ථකම ක්‍රමය තමයි බොරුව කියලා.මේ සියලුම කරුනු ලිපි පෙල හරහා පැහැදිලිව ඉදිරිපත් කරන්නම්.

      ;...//නමුත් බුද්ධ චරිතයෙන් යමක් විග්‍රහ කරන්නේ හරි පරිස්සමෙන්//..

      මුල් බුදුසමය අරගෙන විග්‍රහ කරන්න.ඒකේ තියෙන්නේ මනස ගැන.බුද්ධ චරිතය ගොඩනැගෙන්නේ පසුකාලීනව,පසුකාලීනව සංකරචාර්යගේ,කුමාරිබට්ටල වගේ හින්දු දාර්ශනියකයන්ගේ ඉගැන්වීම් බුදුසමයට ඇතුලත් වෙනවා.ඒ එක්ක හින්දු සමය බුදුසමයට ආවා.තන්ත්‍රයානා,මහායාන,වගේ ඉගැන්විම් අතුලත්වෙලා බුදුන් වහන්සේ අද්භුත වෙලා තිබෙනවා.වෙනකක් තබා කිසිම සූත්‍රයක නැ සිදුහත් කුමරු ගෙදරින් හොරෙන් පැනලා ගියා කියලා,පැවැති සම්ප්‍රදායට අනුව අවුරුදු හයේ විතර ඉදලම බරණ්ඩුකාලාමගෙන් වේදය ඉගෙන ගෙන තිබෙනවා.රාහුල කුමරායා මහනකිරීම,යශෝදරාව අතහැරලා යාම මුල් බුදුසමයේ ශේෂ්ඨත්වයට කිසිම හානියක් කරන්නේ නැ.බුදුන් වහන්සේට අංගුලි මාල අහම්බෙන් කැලේ මැදදි මුනගැහෙන්නේ.අංගුලි මාල අම්මා මරන්න ඉලදවත් නැ සූත්රයේ තියෙන විදියටනම්.ලොකු පීඩනයකින් හිටපු වෙලාවක අංගුලිමාලට බුදුන් වහන්සේ මුනගැහෙනවා.

      ...//මොකද බුද්ධ විෂය කියන එක පෘතක්ජන මිනිස්සුන්ට අවිෂය කරුණක් නිසා බාහිරින් බලා එය නිර්වචනය කරන්න බැහැ.//..

      ඒකට භාවනා කරන්න.මනසත් එක්ක ගලපගෙන බලන්න.මම අවුරුදු ගානක් වනගතව භාවනා කරලා තිබෙනවා.ඒ තුලින් ලැබෙන අත්දැකීම් තිබෙනවා.බටහිර වගේම බෞද්ධ මනෝවිද්‍යා මූලධර්ම ඉගෙන ගත්තේ ඉන්පස්සේ.බුදුදහම අද්භුත නැ.ඉතා සරලයි .වර්ථානයේ අද්භූත කරලා තිබෙන්නේ ධර්ම දේශකයෝ.අද කරන සමහර භාවනා බුදුන් වහන්සේටත් පෙර පැවති යෝගි භාවනාමයි.සමහර ඒවා බුදුසමයේ ඇත්තෙත් නැ.අද තිබෙන ගොඩක් දේවල් බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් ගොඩ නැගිලා තිබෙන දේවල්.

      Delete
    7. අමනාප එහෙම නැතිව ඇතිනේ.පෝස්ට් එකක් දානතරම් ගොඩක් ලියලා..අප්පේ මට බැ තව ලියන්න.මම යනවා ඔයාගේ අලුත් පෝසට් එක බලන්න...

      Delete
    8. හත්වලාමයි. උත්තර දීම ගැන සතුටුයි. අප පොඩි එකාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා කියන එක ප්‍රයෝගිකවම ඔප්පු කරලා.

      අර දිව්‍යලෝකේ ඉඳපු හොඳම බබා කියල උන්ව මුරුංගා අත්තේ තිබ්බේ අක්ක නෙවෙයි, මේ මම! වැඩේ කියන්නේ දෙවැනි එකාට මම එහෙම කියනකොට පළවෙනි එකා ( ලොකු ළමයා) අහපි "චුට්ටම්මේ... දැන් ඔයා එදා කිව්වේ දිව්‍යලෝකේ හිටපු හොඳම බබා මමය කියල. දැන් ඇයි මල්ලි උනේ කොහොමද?" කියල !!! වැඩ දන්නා නිසා ඔලුව බේරගත්ත.

      Delete
    9. ඔයා නම් ඒ ඒ අවස්ථාවේ හැටියට උත්තර දීලා වැඩේ ගොඩ දාගන්නවා..
      ඒකට අපේ අම්මා අක්කගේ පොඩ් උන් එක්ක කතා කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා..ඒත් අම්මා කතා කියලා දෙනකොට පොඩි අය කිසිම සබ්දයක් නැතිව අහගෙන ඉන්නවා.මමත් ඒ කතාවලට නම් තවම ආසයි..

      Delete
  10. මට නම් කේන්ති ඒ කාලේ බස් කාරයෝ එක්ක . පොඩි එකෙක් අත දැම්මම නවත්තන්න එපැයි D

    ReplyDelete
    Replies
    1. එකනේ.. ළමා අයිතිවාසිකම්!

      Delete
  11. මට මේ කතාව කියෙව්වාම මතක් වුනේ ඉස්සර විසිතුරු ලියලා තිබ්බ මේ කතාව.
    උපුටා ගැනීම මෙතනින් http://visituru.blogspot.com/2011/08/blog-post.html

    ඒ පුංචි පුතාට වයස අවුරුදු 3ක් විතර ඇති. දවසක් මෙයා අම්මාත් එක්ක මොකක්දෝ එහෙකට තරහා වුණා. තරහ වුණ පුතා අම්මාට මෙහෙම කිව්වා. "අම්මා හරි නරකයි. මම ගෙදරින් පැනලා යනවා. මගෙ බලු පැටියයි සෙල්ලම් බඩුයි අරන් කොහේ හරි යනවා".


    මේක අහපු අම්මා හොඳටෝම බය වෙලා පුතාව ශේප් කරගන්න හැදුවා. නමුත් පුතා යාලු වුණේම නෑ. අන්තිමට අම්මා තාත්තාව හොයාගෙන ගිහින් සිද්දිය ගැන කිව්වා." බලනවකෝ ඒයි, චූටි පුතා මාත් එක්ක තරහා වෙලා ගෙදරින් පැනලා යන්න හදනවා!" මේ කතාව අහපු තාත්තා වහාම පුතාව හොයාගෙන ගියා. පුතා ඒ වෙනකොටත් පැනලා යන්න ඇඳුම් ලෑස්ති කරනවා.
    "ඇත්තද පුතේ ඔයා පැනලා යනවා කියන්නෙ?"
    "ඔව්"
    "ඔයාට පැනලා ගිහින් ඉද්දි බඩගිනි වුණොත්?
    "ආ එතකොට මම ගෙදර එනවා හැබැයි ආයෙ යනවා"
    "ඔයාට සෙල්ලම් කරන්න ඕනා වුණොත්?
    "මම ගෙදර එනවනේ"
    "ඔයාට නිදාගන්න ඕනා වුණොත්"
    "ගෙදර එනවා"
    ඒ පාර තාත්තා අම්මාව හොයාගෙන ගිහින් මෙහෙම කිව්වා..
    "පුතා පැනලා ගියාට නිතරම ගෙදර එනවලු. ඔන්න ඔහේ පැනලා ගියාවෙ!"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ්. ඒ දොරෙන් ඇතුළු වෙලා තිබ්බ ඔක්කොම කියවන්න පුළුවන් උනා කොහොම හරි. ස්තුතියි.

      මම කියෙව්වා පොතක් තමයි "පාර දිගේ". එහෙම යන ළමයෙක් ගැන. ඒ දවස්වල මට ඔය කල්ලන්දුවේ මුතු කොල්ලය වගේ යන්න මාර ආසයි. එක ප්‍රශ්නේ තිබ්බේ ඇඳුම් හෝදගන්න එක.

      Delete
  12. නෙද්දකින් අර බස් කාරයා නවත්තන්න එපැයි . එහෙනං අද අපි කනක් ඇහිලා ඉන්නවනේ .

    //"ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ කියල දවසට පැය විසි පහක්ම කෑගහල, ළමය ඇහුවම කියනවා එයාව ගෙනාවේ සුරංගනා ලෝකෙන් කියල"// මේ කතාව ඇහුණාම හිනා ගියා . මොකවත් නෙවෙයි අපේ සමාජයේ හැමදාම කලේ කටින් බතල කොළ හිටවන එක නිසා .

    නින්ජගේ ප්‍රශ්නෙත් සුළුපටු නෑ බලද්දී .කොල්ලෙකුත් නැතුව හිටියා කියන්නේ සෑහෙන බරපතලයි ප්‍රශ්නේ , හැක .

    ReplyDelete
    Replies
    1. මචං,මගේ අක්කට තුන්වැනි පුතා ලැබෙන්න ඉන්නකොට ලොකු කොල්ලට අවුරුදු හතක් විතර ඇති.දවසක් පාන්දරම අක්කට දරුවා ලැබෙන්න ආසන්න වෙලා මස්සිනා වීල් එකක් හොයන්න ගියා හොස්පිට්ල් යන්න.ඒ එනකම් අක්කා පුටුවක ඉදගෙන ඉන්නවා.ඔන්න ලොකු කොල්ලා ආවා,අක්ක දිහා බැලුවා....

      "කොහෙද අම්මේ ඔයා යන්නේ"...
      "අම්මා ඉස්පිරිතාලේට ගිහින් එන්නම්කෝ පුතාට මල්ලියෙකුත් අරගෙන" ..කියලා අක්කා කීවා
      "අම්මේ ඔයා මට අදම මල්ලියෙක් ගෙනත් දෙනවද ?,"...ඔන්න පොඩ්ඩගෙන් ප්‍රශ්නයක්
      "හා හා අපි එනකොට බොනික්කෝ ඉන්න කඩේකින් පුතාට මල්ලියෙකුත් අරගෙන ගේන්නම්කෝ"..ඒ අපේ අම්මා දුන්න උත්තරේ

      "ආච්චි අම්මේ..ආච්චි අම්මේ...කඩෙන් ගේන්න එපා...අපේ අම්මගේ බඩගෙඩ්ය ඇතුලේ මල්ලියෙක් ඉන්නවා....

      කාලා වරෙන්කෝ ඉතින්,ඔන්න දැන් කාලේ පොඩ් උන්,මෙගාටෙලි බලලම පොඩි එකා දන්නවා ගෑණූ අයගේ බඩලොකු වෙන්නේ ඇයි කියලා...

      Delete
    2. ඉවාන්: හිතුව මදි! අඩේ මම නෙවෙයි බොල එතන හෝල්ට් එකේ හිටියේ. මගේ යාලුවෙක්. මම පැනල යනකල්.. හුහ්... එනවා මෙතැන !

      ඔය ලිංගික අධ්‍යාපනේ කියන කතාව ඉවාන් අපි කියනවාට කියනවා මිසක් තේරුමක් දන්නවද? අපි හිතන්නේ ඒ කියන්නේ අහවල් එක කරන හැටි කියල. ඒකයි ප්‍රශ්නේ.

      මනෝ: හික් හික් හික්.... සභාවේ සිනා.. තදින් සිනා...

      Delete
    3. ඉවාන්: මතක බැරි වෙලා. ආ ආ... ඒවගෙන් කාරී නෑ.. ඒ ළමය ඒ ප්‍රශ්නේ ඉක්මනින් විසඳ ගත්ත.

      Delete
    4. ...//ඔය ලිංගික අධ්‍යාපනේ කියන කතාව ඉවාන් අපි කියනවාට කියනවා මිසක් තේරුමක් දන්නවද? අපි හිතන්නේ ඒ කියන්නේ අහවල් එක කරන හැටි කියල. ඒකයි ප්‍රශ්නේ.///...

      ඒකතාව හරියටම හරි...ඇත්තෙන්ම ලිංගික අධ්‍යාපනය කියන්නේ ඒ දේවල්ම නෙවෙයි.....

      Delete
  13. අපෙ ගෙදරත් එහොමයි හලෝ....

    මං තරං ගුටි කාලා නැතුව ඇති වෙන එක කෙල්ලෙක්වත්.... හි හි... හැබැයි අපෙ මලයට නිය පිටං පාරක් ගහන්නෙ නෑ... ( උෟ ඉතිං ලෙඩා දුකා නිසා කියන එක වෙනම කතාවක්...)

    ඒ උනාට බැඳල මං ගෙදරින් ගියාට පස්සෙ......

    අන්න එතකොට ඔක්කොම කණපිට ගැහුව... දැං මං තරං එක්කෙනෙක් නෑ අපෙ දෙන්නට... මල්ලි දිනපතා බැනුං අහනව... ( උෟ මට වඩා කට්ටයි... මං කට ගහගෙන ගියාට උෟ කන්දෙක පාත්කරගෙන ඔක්කොම බැනුං අහගෙන ඉඳල හික් හික් හුක් හුක් ගාලා හිනා වෙල ෂේප් එකේ මාරු වෙනව.. කම්මලෙ බල්ල වගෙ උෟට ඒ බැනුං ගානක් වත් නෑ.. ඉතිං උෟ ගුටි කන්නෙ නෑ කියන එක අහන්නත් දෙයක්ද ..)

    ReplyDelete
    Replies
    1. //කම්මලෙ බල්ල වගෙ උෟට ඒ බැනුං ගානක් වත් නෑ.. //
      ඒක නෙමේ කාරනේ අපේ බල්ලට සිංහල බෑ ඉංග්‍රීසියෙන් බැන්නොත් දවස් දෙකක් නොකා ඉන්නව. :D

      Delete
    2. ඔයා මගෙ අක්කද? මං ඔයාගෙ මල්ලිද?
      මටත් ඔය ටිකමයි වෙලා තියෙන්නෙ........

      Delete
    3. හිරු: කොටින්ම කියන්න හිරුවෝ... මමත් අපේ ගෙදර ගේමෙන් තමයි සමහර වෙලාවට වැඩ! ඒ උනාට ගහන්නේ නම් නැහැ. අපේ අම්මා කරන්නේ ගණන් ගන්නේ නැතුව ඉන්නවා. අම්මප එතකොට තමයි මාරම අවුල්. එකපාරක් අපේ අය්යා එකකට අම්මත් එක්ක තරහ වෙලා 'මම යනවා මේ ගෙදරින්' කිව. අප්පටසිරි අම අඬන්න ගත්ත හෝ ගාල. මමත් ඕක බලාගෙන හිටියේ.

      ඊට පස්සේ දවසක මමත් වලියක් දාගත්ත වෙලාවක කිව්වා 'මම යනවා ගෙදරින්' කියල. අම්ම එයාගේ පාඩුවේ ගියානේ ගේ ඇතුලට. හිටහන් හොඳ වැඩක් කරන්න කියල මම කලේ අපේ ගබඩා කාමරේ පැදුරු ආන තියෙන එකේ පැදුරක් ඇතුලේ හැංගුනා. ඒ කාමරේ තමයි ගෙදර පොල් එහෙම දාන්නේ. හාල් ගෝනි එහෙම තියෙන්නේ.

      හැංගිලා ටිකකින් ඔන්න අම්ම ආව, පොල් ගෙඩියක් ගත්ත. ගියා. ම්ම්ම්හු... දැක්කේ නැහැ වගේ. ආයේ පැයක් විතර ගියා, කාමරේ දොර ඇරන් අම්ම ආව, හාල් ගත්ත, ගියා. අඩේ දැන් මාව හොයන්නේ නැද්ද? මම කන්දෙක අලිකන් කරගෙන අහගෙන ඉන්නවා, එළියේ දෙබසක් ඇහෙයි කියල. ම්ම්ම්හු.... තව පැයක් ගියා. එක එක වැඩ වලට එක එකා ආව කාමරේට. යකෝ.. මාව හොයන්නේ නැද්ද? දැන් බඩත් කෑගහනවා. ඔහොම දැන් කරුවල වැටීගෙන එනවා. එකෙක්වත් මාව හොයන පාටක් නැහැ.

      ශේප් එකේ පැදුරු ආනෙන් එලියට ඇවිල්ල සාලේ වාඩිවෙලා ඉනව ඉබ්බා වගේ.

      "ආ.. චුටිදුව. පහන තියන්න මල් කඩන් එනවද?"

      අහන හැටි, මෙලෝ ගානක් නැතුව! මම පුපුරා මල් කඩන්න යනවා.

      Delete
    4. කම්මල: සිරා බල්ලෙක්නේ! හික් හික්

      Delete
    5. මුදියන්සේ: කෙල්ලොන්ගේ අගේ තේරෙන්නේ උන් දීග දුන්නාමයි. දැක්ක නේද? හොඳ වැඩේ බොට

      Delete
    6. ඔව් ඔව්.. ලමයි හම්බුනාම අම්මලට දුවලා තරම් වටින්නෙ නෑ ගෙදර හැමදේටම ඉන්න කොල්ලව.
      ඔෆිස් ඉදන් ගෙදර යද්දි අම්මා නෑ ගෙදර.
      "පුතේ මං අක්කලගෙ ගෙදර අවා. අදට මොනව හරි කන්නකො.මං හෙට එන්නම්කෝ"

      Delete
    7. හැක් හැක්.....

      මම කියන්නද ඕකට විසඳුම? කසාදයක් බැඳලා හරි නොබැඳ හරි අම්මට මුනුපුරු, මිනිපිරියන් දෙන්න. අන්න එතකොට යන්නේ නැහැ ලොවත්!

      Delete
  14. මේ ලගදි අවුරුදු පනහක විතර එකෙකුත් මට කියුවනේ ගෙදරින් පැනල යනවා කියල

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වා එකා එහෙම කියනකොට හිටියේ කැටපතක් ඉදිරියේ නෙවෙයි නේද අටම් ? සිරාවටම ඒ කියන්නේ ළමයින්ට හිතෙන විදියටම වයසට ගියාම හිතෙනවා කියන්නේ ඇත්තටම සිරා කතාවක් එහෙනම් නේද?

      Delete
  15. අපේ ගෙදරත් ඔහොම තමයි... මට වඩා ආදරේ අපේ මලයාට...

    මාත් යන්න ඕනේ කොහේ හරි ... ;)

    ReplyDelete
    Replies
    1. ඇත්තද? එහෙනම් යන එකයි. හැබැයි මතකනේ ගන්න ඕනේ අඩුම කුඩුම ටික. වැඩමල්ලක් තියෙනවද?

      ආ.. ඒ වගේම සැලකියයුතු කාරනා දෙක තුනක් තියෙනවා.
      1. මුලිම්ම ෆිසිබිලිටි ස්ටඩි එකක් කරලා බලන්න. නැත්තම් පුතෝ වැඩේ දික්ගැස්සෙන්න පුළුවන්. ආයේ ගෙට ගත්තේ නැත්තම්?
      2. ගෙදර ඉතුරුවෙන එකාට අහුවෙන්න හොර වැඩ තියල යන්න එපා. නැත්තම් ඒකා කියන්න පුළුවන් මෙන්න බලන්න මේකි කරලා තියෙන ජාති, ගිය එකමයි හොඳ කියල.
      3. ගෙදර ඉන්න එකාටත් අබග්ගයක් කරලම යන්න. අර කියන්නේ යන යකා කොරහ ඔලුවේ දාගෙන ගියා වගේ කියල. අන්න එහෙම. නැත්තම් ඔයා නැතුව උන්ට ගානක් නැතිවෙන්න ඉඩ තියෙනවා, නැද්ද?
      4. යනකොට FB එකේ ස්ටේටස් දාල යන්න.
      5. ඔන්න ආයේ නොකිව්වා කියනන් එපා, ලොකේෂන් එක මාක් වෙන ඔක්කොම අයින් කරන්න. නැත්තම් යන යන තැන්වල චෙකින් උනා කියල අනිත් උන්ට පේනවා.

      මේ ටික දැනට ඇති.

      Delete
    2. :O හපොයි... බැලුවහම පැනලා යන එකත් ලේසි නෑ නේ... ;)

      Delete
  16. හික්.. පැනල යනව කීවම මං හිතුෙව ෙතා් පල ඒෙහනං ෙම් ෙපාඩි ඒකී තියල
    කියල හිටල්ල අර ෙකලිත්තිව අැදං යයි කියල හැක්...
    මට නං ඔ්ක දැනිල නෑ.. ෙමාකද මං ෙපාඩි කාෙල ෙගදර ඉදලම නෑ
    ඉතිං මට ඔය අාදර කතා අනං මනං දිරවන්ෙනත් නැ සිරාවටම කියහංෙකා...
    ඒ්ත් ඔය මක්ක හරි නස්කූනි වැඩක් නං ෙහාද රෆ් සිටුෙව්සං ඒකක් නං අනික් උංට වඩා පිට් ඒකට මම ඉන්නව හිහි

    ReplyDelete
    Replies
    1. මේ මොනවද බං අකුරු.

      Delete
    2. හරිනේ උපේක්ෂා දාලා තියෙන්නේ මහේෂයාගේ ලූස් එක ගැන තමයි....

      Delete
    3. Mahesh: ඇත්තටම එහෙම කිව්වා නම් නේද? මට නම් කියයි. චා චා.. නංගියෙක් උන්නා නම් ට්‍රයි කරන්න තිබ්බ. ඒ උනාට ඌත් මම වගේ නම්?

      හැලපේ : මෙහෙමනේ.. මගේ පෝස්ටුවෙන්ම මම අදහස් කලේ, මෙතන ඉන්න උන්ට ලූස් කියල.. හෙහ් හෙහ්...

      මනෝ: ඔබත් ඉන්නේ මේ බෝට්ටුවේද?

      Delete
  17. මට ඕක හොඳටම දැනුනා අක්කගෙ බිග් ගර්ල් පාටිය දවස් වල.සමහර වෙලාවට ගස්ලබ්බා බඩගින්නෙ ඉන්නවා තරහට.නෑයොයි ඔක්කොම තෑගිත් අරගෙන එනවා.. එකෙක් වත් කෑවද කියල වත් අහන්නෑ.. හ්ම්..
    අදටත් රටෙත් නැති අක්කට හැමදාම ස්කයිප්.
    ඒත් ගස්ලබ්බ ගෙදරට ජීවිතේට ස්කයිප් කොරල නෑ. හැබැයි මොකක් හරි එකකට මත විමසුමක් ගියොත් ගස්ලබු අයිඩියාවට මුල් තැන.ඒක පොඩි කාලෙ ඉඳන් එහෙමයි..
    හෙහ් හෙහ් හේ...
    ලූස් නේහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ අක්කගේ බිග් ගර්ල් පාටිය දවසෙත් එහෙමයි.මම එතකොට පොඩි එකා..
      අන්තිම දවසේ මම අම්මගෙන ඇහුවා අක්කා වගේ මමත් ලොකු උනාම මටත් පාටියක් ගන්නවද කියලා...
      පස්සේ කාලේක අපේ පංතියේ කෙල්ලෝ තමයි විශේෂ පාඩම් මාලාවක් මගින් ඒ ගැන දැනුවත් කිරිමක් කරේ..

      Delete
    2. මට මතකෙට එන්නෙ මගෙ යාලුවෙක් කියපු කතාවක්. එයාගෙ බිග් ගල් පාටිය දවසේ මල්ලිත් හොඳටම ඇඬුවලු එයාට මොකුත් නෑ කියල. පස්සෙ අම්මා ශේප් කරගෙන තියෙන්නෙ පුතාටත් දෙන්නම් කියල. මල්ලි පස්සෙ දන්නේ වැඩේ. දැන් මිනිහට මතක් කරහම හිනා වෙනවලු.

      Delete
    3. ඔය බිග් ගර්ල් පාටි කියන්නේ මල කෝලම් අනේ. ඇත්තටම ඔහොම කරන්නේ ඇයි කියන එක තමයි මට තාමත් හිතාගන්න බැරි.

      අපේ අක්කගේත් මගෙත් පාටි ගත්තේ නැහැ. සම්ප්‍රදායික නිසා චාරිත්‍ර කළා. ඕවගේ කෙල්ලොන්ගේ තියෙනවා නොයෙකුත් ගැටුම්. අපේ අක්කගේ ගවුම අම්මා මට මතකයි ගෙදර මැහුවා. මගේ ගවුම මහන්න වෙලාව නැතුව කඩෙන් ගත්තේ. අක්කට ඒකට අවුල් වෙලා තිබ්බ කියල දැනුනේ එයාගේ එක වචනයක් මට ඇහුන නිසා. ඒ උනාට මට කඩෙන් ගෙනාපු ගවුම ආසා හිතුනෙම නැහැ. අපේ හැම දේකදිම අය්යා නම් තෑගී ලිස්ට් එකේ උඩින්ම හිටියා මතකයි.

      කොටින්ම සමහර නෑයෝ අය්යට විතරයි වෙනම තෑගී ගේන්නේ අපේ ගෙදර එනකොට.

      ඔය බිග් ගර්ල් පාටි කියන්නේ ඒ කියන්නේ කොල්ලන්ගේ හිත තැලෙන දෙයක් නේද? හ්ම්ම් හ්ම්ම් මට ඕක ක්ලික් වෙලා තිබ්බේ නැහැ.

      Delete
  18. පවුලේ එකම දරුවා වෙච්ච මට නම් ඔය ප්‍රශ්න නෑ..අම්මයි තාත්තටයි අමතරව මම්මයි බාප්පායි යන 4 දෙනෙක් ගේ ආදරේ නොවඩුව ලැබුනා අදටත් ලැබෙනවා.
    එහෙම කියල පොඩි කලේ ප්‍රශ්න තිබුනේ නැත්තේ නෑ..
    ලොකුම ප්‍රශ්නේ 4 දෙනෙක්ට හොරෙන් හොරවැඩක් කරන්නේ කොහොමද?
    අදටත් කෙල්ලෙට හොරෙන් ලවු කරන්න නෑ නෙහ්..ෆුල්ම සමාජශීලි තාත්තා නැත්නම් බාප්පා හොයාගන්නවා විස්තරේ..
    ඊලග පුර්ශ්නේ මතට තිත තිබ්බ දවසට ගෙදෙට්ට රිංගීම..පොලිශ් බවුවන්ට වඩා ඉව තියෙන අම්ම නැත්නම් මම්මගේ ඉවට අහුවෙනවා කියන්නකෝ..
    එකී නොකී තවත් දහසකුත් ප්‍රශ්න වද දෙනවා හිතට

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ.. ඒ කියන්නේ ඔබතුමා ඉන්නේ විවෘත වේදිකාවක? හපොයි මොන දුකක්ද?? මට නම් හොර වැඩක් කලේ නැහැ කියන්නේ කෑවේ නෑ වගේ. ගෙදරම තියෙන , තහනමක් නැති දෙයක් උනත් හොරෙන් කරන්න මාරම ආසාවක් තියෙන්නේ. කික් එක මාරයි.

      Delete
  19. මට ඉතාම නරක ළමාකාලයක් ගැන බරපතල අත්දැකීම් තියෙන නිසා මේ ගැන පිටු පිරෙන්න ලිව්වැකි. හැබැයි දැන් අපේ අම්මා මගේ බ්ලොග් එක කියවන නිසාත්, එයාගේ හිත රිදෙන නිසත් නොලිය ඉන්නවා. හිතුනොත් උඹට මේල් කරන්නම්.

    PS.

    අර ස්වර්ණමාලිට හපන් සීන් මට වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙන එකෙකුගෙ එකවුන්ට් එකකට වැටෙන විදිහට ලියපන් බස්සියෙ . වෙන කාවවත් මොකටද මේ උපේක්කව දාල ලියපන්.
      බලපන් අදනෙ දැක්කෙ මම මෙතන කමෙන්ට් එකක් දාල නෑ කියල.

      Delete
    2. කම්මල: කමක් නැද්ද මල්ලියේ? කොමෙන්ට් කලේ නැහැ කියන්නේ.. අර උඩහින් එහෙනම් කොමෙන්ටුව දාල තියෙන්නේ උඹේ ඉංගිරිස් දන්නා බලු තඩියා වෙන්ට ඇති.

      බස්සි: ඒකට කොටන්ට තියෙන්නේ ඇනෝ විදියට ඇවිත් මේ පෝස්ටුවේ කොටාගෙන කොටාගෙන යන එකයි. එවහන් බස්සි. මම බලාගෙන ඉන්නවා ඔන්න. මගෙත් සමහර අත්දැකීම් ලියන්න ගියහම මට අම්මගේ මුණ මතක් වෙලා ලියන්න හිත හදාගන්න බැරි වෙනවා. මේ පොස්ටුවේ විතරක් නෙවෙයි, මම වෙනත් තැන්වලත් සමහර වෙලාවල් වල ලියල තියෙනවා ඔය ගැන. ඉන්නකෝ. මට තියෙනවා තද අත්දැකීමක්. ඒක නම් ලියනවා එකෙන්ම!

      Delete
  20. මාව නම් එදත් අදත් තාමත් ගනන් ගන්නේ නෑ...
    හරිම සන්තෝසයි...ජීවිතේ පුල් මාවලොස් ඉතින්
    ඔන්න ෆලෝ පාරකට කොක්කකුත් ගහගෙනම යන්නම්

    ReplyDelete
    Replies
    1. වාකා: මම කියන්නේ විහිලුවට නෙවෙයි. අපි ගණන් ගන්නේ නැහැ කිව්වට අපේ හිතේ ඕක තැන්පත් වෙලා තියෙනවා මුල්ලක. ඒක දිගුකාලීනව හොඳ නැහැ. ඒ කියන්නේ අපේ සමහර ජිවන විලාසිතාවන්, ගතිගුණ ආදියට ඕක නිහඬව බලපෑම් කරනවා.
      ළමයෙක් අවධානයක් ඉල්ලන්නේ නැහැ කියන්නේ, මම හිතන්නේ මොකක් හරි අවුලක්. ඒ කියන්නේ එක්කෝ ළමයා ඉගැනුම් චර්යාවක් ලෙස හෝ ඉගෙනගෙන තිබෙනවා අවධානය ඉල්ලන එකේ පලක් නැහැ කියල. ඒක හොඳයි කියන්නේ කොහොමද?

      ලජ්ජා වෙන්න ඕනේ නැහැ, මටත් ඔහොම හිතුනා.ඒ කාලේ මම හරිම අභ්‍යන්තරාවර්ති කෙනෙක්. ඒ නිසා හැඟීම් කියන දේවල් හංගනවා. මට ඒක අවාසියට හිටියා මගේ ජිවිතේ. දැන් මම ඒක තේරුම් අරගෙන ඉන්නේ.


      කොක්කක් ගහනවා කිව්වා? අම්මෝ... කකුල් දෙකත් වෙව්ලලා ගියා. මලකඩ එහෙම නැහැනේ නේද?

      Delete
    2. මම කාලයක් පස්සෙන් පැන්නුවා....ඒත් මට තේරුනා ඉල්ලලා වැඩක් නැති වග...
      අදටත් මම ගොඩක් දේවල් ඉල්ලන්නේ නෑ...ඒක මගේ පොරත්වය කියලා ගොඩක් උන් හිතනවා...ඒත් ඒකට හරි වචනයක් මම තාම දන්නේ නෑ...සමහරවිට මම පුන්චිම කාලේ මට නොලැබිච්ච දේවල් නිසා මම එහෙම උනාද දන්නෙත් නෑ...
      කවදා හරි මගේ ලමයෙක්ට මම නොකල යුතු දේවල් මම දැන් දන්නේ අත්දැකීම් වලින් මයි

      Delete
    3. [කවදා හරි මගේ ලමයෙක්ට මම නොකල යුතු දේවල් මම දැන් දන්නේ අත්දැකීම් වලින් මයි]

      මේ වාක්‍ය මම ලියල තියෙනවා ඔබ දැකල තිබ්බද?

      මම කියන්නේ කෙනෙකුට තමන්ගේ දරුවන්ට ඒ වගේ දෙයක් දැනෙන්න අරින්නේ නැහැ කියල තේරෙන්න නීරස අත්දැකීමක් තියෙනවා කියන්නේ, පරිස්සම් වෙන්න ඕනේ කියන එකයි. පුළුවන් වෙලාවක මේ පෝස්ටුව කියවන්න. ඒකෙ තියෙන කොමෙන්ටු ඔබට යමක් උගන්නයි කියල හිතනවා. මම එහෙම කිව්වේ මම පොරක් කියල හිතාගෙන නෙවෙයි. එකම දේ උනත් වෙනස් විදියට දකින එක ලේසි නැහැ.

      Delete
  21. කිව්වත් වගේ පුදුම කැසිල්ලක් තමා තිබිල තියෙන්නෙ. කලින් බස් නැවැත්තුවනම් තමයි වැඩේ බලාගන්න තිබ්බේ... . අනික හොද වෙලාවට දැන් වගේ මිඩියා තිබ්බෙත් නැත්තෙ...

    ReplyDelete
    Replies
    1. දැන් කව්ද මම එහෙම ගෙදරින් පැනල යන්න හිටිය කියල කිව්වේ?? ලූස් ද ඈ ?

      කලින් බස් නතරකලා නම් ඉතින් මොකද, නගිනවා, යනවා. ඊට පස්සේ මාර විදියට දියුණු වෙලා එනවා බෙන්ස් එකෙන් ගෙදර! ( මම කිව්වේ අර පාර දිගේ කතාවේ වගේ කියල)

      දැන් ඉතින් මිඩියා තියෙන්නේ බේරගන්න නෙවෙයිනේ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...