Thursday, October 18, 2018

282. තරණ|| Sailing again





ක්ෂිතිජ ඉම මත රැඳුනු නැවුබඳ - නිසල මුහුදක ලකුණු දනවයි 
වෙරළ අසබඩ පෙලෙන ජලකඳ  - සසල රැලි හා පෙරලි කරවයි 
ජලජ මිහිමත මැවුණු කතරද - විරල මිරිඟුව කැරලි අවුලයි 
ධවල පිරුවට මතින උන්වද - කිරුළ පසෙකින ගිලී ඇවිලෙයි 

සිහින සතකින පසුව එළැඹෙන  - මුරුගසන් වරුසාව උසුලා 
බැවින සසොබන පලස වියමන - පිරියමෙන් ලියකමින් උදුලා 
සිතින ඇවිලුණු නුවරු බලමින - මදහසින් පිරියම විපුල්ලා 
පිරුන සඳ දිසි අහස අරගෙන  - බබලමින් කුමරිය නිදැල්ලා