282. තරණ|| Sailing again
ක්ෂිතිජ ඉම මත රැඳුනු නැවුබඳ - නිසල මුහුදක ලකුණු දනවයි
වෙරළ අසබඩ පෙලෙන ජලකඳ - සසල රැලි හා පෙරලි කරවයි
ජලජ මිහිමත මැවුණු කතරද - විරල මිරිඟුව කැරලි අවුලයි
ධවල පිරුවට මතින උන්වද - කිරුළ පසෙකින ගිලී ඇවිලෙයි
සිහින සතකින පසුව එළැඹෙන - මුරුගසන් වරුසාව උසුලා
බැවින සසොබන පලස වියමන - පිරියමෙන් ලියකමින් උදුලා
සිතින ඇවිලුණු නුවරු බලමින - මදහසින් පිරියම විපුල්ලා
පිරුන සඳ දිසි අහස අරගෙන - බබලමින් කුමරිය නිදැල්ලා
නුවර කුමාරි, සැහෙන කාලෙකින් !
ReplyDeleteඔව්.. සෑහෙන කාලෙකින්. :)
Deleteහරිම ලස්සන පද ගැලපුමක්
ReplyDeleteස්තුතියි
Deleteහරිම ලස්සනයි... කාලෙකින් බ්ලොග් එක දැක්කම හුඟක් සතුටු හිතුනා...
ReplyDeleteස්තුතියි
Deleteආයෙමත් ඇවිත්!! ආයෙමත් ඇවිත් !
ReplyDeleteඔව්..
Deleteඅඩ්ඩා... මෙන්න මුන්දෑ..
ReplyDeleteඅපි බොලාව වර්ජනය කරනව හිටං :-D
:-)
Deleteඅහ්!!!! නුවර කුමාරි......... ඔබ ආයෙමත් ඇවිදින්...
ReplyDeleteඔව්..
DeleteWelma welcome back!!!
ReplyDeleteඅහෝ නුවර කුමරිය, ඔබ නැති සොව දරාගත නොහැකිව සිටියෙමි!!
ReplyDeleteස්තුතියි
Deleteදියත යට කොට ගොඩට ගලනා රුදුරු රැළි නුබ සිඹින තරමේ
ReplyDeleteනියත පසු පස ඇදෙන මර සෙන් රවති ගොරවති හෙන පිපුරුමේ
පිටිත ගත් සිරි රැගෙන හද විද දමන කිවි යන් සිටින මෙහිමේ
මිනිත නොහැකිය නිසලදිය යට නපුරු දිය වැල් ඇදෙයි මහිමේ
දිවිය රැක ගන්නට හිමට වී බුදින විට කර කොල නියා
වෙහෙස නිවමින් සිසිල සදමින් පසු පසින් මද නල ගියා
රුදුරු වෙස් ගත් රැළි අතර ඉම වෙත ගියද ජය ගී ගයා
පවන විය මා ඔබ එතෙර කොට නිසල වී සිට මිය ගියා
ස්තුතියි
Deleteසතුටුයි ආගමනය.
ReplyDeleteස්තුතියි
Delete