Friday, February 26, 2016

249. නසීම් කා මත්ලබ් ක්යා හෝතා





"දදා ජන්....!"
"ආ.. ජානු...."
"නසීම් කා මත්ලබ් ක්යා හෝතා හේ?"

ඒ තමයි චිත්‍රපටිය ආරම්භයේදී වගේම මැදදී හා අගදී අපෙන් අහනවා උනත් 'දාදා' උත්තර දෙන ප්‍රශ්නේ. ඒ මොහොතේම මම ඒ සංවාදයේ කොටසක් උනා වගෙයි.

නසීම් කියන්නේ මලක් වගේ මුහුණක් තියෙන ඊට කලින් මම බොළඳ ප්‍රේම ජවනිකා වලින් දැකල තිබ්බ කෙල්ලක් හින්දා මගේ හිතපසුබාගෙන ගියත්, එය පවතින්නේ පලවෙනි විනාඩි තුන හතරේ විතරයි. ඊට පස්සේ නසිම්ගේ පස්සෙන් වැටීගෙන යන මාව නසීම් එයාගේ 'දාදා' ගේ කකුල් දෙක ගාව බිමට දානවා.

දාදා ( සීයා ) තමයි ඇත්තටම අතීතයේ සලකුණ. මේ ගෙදර නසීම් එක්ක ජීවත්වෙන ඔහුත් ඔහුගේ පවුලේ අයත් මුස්ලිම් බව තේරුම් ගන්න මට ගොඩක් වෙලා යන්නේ දාදා හින්දම වෙන්න ඇති. මොකද කියනවා නම් , ඔහුත් ඔහුගේ පවුලේ , නසිම්ගේ අය්යා ඇරුණුකොට අනිත් අයත් එක්ක නළලේ මොට්ටු තියාගත්ත ගැහැණුන් කිසි වෙනසක් නැතුවම මිශ්‍ර වෙන හින්ද වෙන්නත් පුළුවන්. නසිම්ගේ අය්යා තමයි එතන වතුරේ දියවෙන්නේ නැති නුතන පරපුර නියෝජනය කරන්නේ.

Monday, February 1, 2016

247. සොඳුරිය ඔබේ නමින්





කවදාවත් නැතුව මට හිතුන වෙනද ගහන විද්‍යුත් ලිපිනය නැතුව වෙනත් ලිපිනයක් ටයිප් කරන්න. මීට දශකයකට කලින්, මුලිම්ම මම විද්‍යුත් ලිපිනයක් හදනකොට පාවිච්චි කරපු ලිපිනය, අමාරුවෙන් උනත් මතක් කලත්, කෝ ඉතින් මුරපදේ මතකම නැහැනේ. කරන්න දෙයක් නැහැ, රිකවරි තියෙන්නේ අපි වගේ අයට තමයි...

තවත් විනාඩි දහයක් පහළොවක් කිසිම තේරුමක් නැතුව වදවෙලා මම ඒ වහපු ගෙදර පිටිපස්සේ දොරෙන් ඇතුලට පැන්න.

ගුගල්ට අමතක වෙලා දාල ගියපු ලියුම් දුසිමක් තිබ්බ. ඉස්සර ලිපි චේන් වලට පිංසිද වෙන්න තවත් ලියුම් තුන හතරක්. ඒ හැම එකකටම මම දැක්වුයේ එකම විසඳුමක්.

ඔව්.. ටික් කළා, මකන්න අණ දුන්නා. කිසිම තරහක් නැතුව ඒවා මගේ ඇස්මානෙන් අරගෙන පරණ ලියුම් ටිකක් උඩට ආවා.

Subject : සොඳුරිය ඔබේ නමින්

ඒ තමයි සිංහලෙන් මම දැකපු එකම ලියුම.
මගේ පපුව ගැහුනා , හරියට විදුලි දුම්රියක් මේ දැන් මාව තලාගෙන ගියා වගේ.