තුක් විතරක් මුසල බල්ල... අදත් කෑගහන්න පටන් අරගෙන.
එක අතකට ඌ මක් කරන්නද? දඩාවතේ යන බල්ලෝ එහෙම යන්න නොදී උන්ට පිහිට වෙන්න කියල, ගෙදරකට ගාල්කරවගන්න හිතල මිසිස් ගුරුසිංහ ඌව දරුකමට හදාගන්න හිතල ඇතිකලාට , එහෙම පුළුවන්ද බල්ලෝ හදන්න? එක්කෝ දඩාවතේ යන්න දෙන්න ඕනේ, නැත්තම් දවල් වරුවේ ගෙදර ඉන්න කාලෙක එපැයි බල්ලෙක් උනත් ගෙනත් දාගන්න.. නැද්ද?
කණ්නාඩිය ඉස්සරහ මම බලන් හිටියේ අදවත් මේකෙන් මාව නැතුව වෙන එකෙක් පෙනෙයිද කියල නිකමට හිතන ගමන්.
ඇත්තටම වෙන්න බැරිද? නෑ මම කියන්නේ අර හිම කුමාරිගේ පච නොකියන කණ්නාඩිය වගේ නැතුව ඉඳල හිටලවත් පචයක් කියල හරි මාව රවට්ටන කණ්නාඩියක් තියනෙක වටිනවා. පුලුවන්ද මේ කෙරුවාව කරන්න, ඒ කියන්නේ එකම මුණ දැක දැක , නොදැක්කා වගේ ඉන්න? ඊටත් ඒක තමන්ගෙම මුණ වෙච්චිකොට!
මම ඇස්දෙකේ පාමුල තියෙන පුංචි කුහරෙට නියපොත්තෙන් ඇනල බැලුව. හරියට හරි, එතන තියනවා හොඳ කබ තලියක්ම. ඔන්න දැන් මම ඇස්දෙක සුද්ද කරන්නෙ නැතුවම මුණ හෝදන්න යනවා.
මුණ හෝදන වෙලාවට ඒක කරන්නේ. මගේ නැහැනේ එකම දේ දෙපාරක් කරන ගතිගුණ. වන් ෂොට්!
වන් ෂොට් දැන් මොකක් කරනවද දන්නේ නැහැනේ.. ඉස්සර නම් කොයි වෙලෙත් කැමරාව ඉස්සරහ. නෑ මම මේ කිව්වේ ඇක්ෂන් කියන එක ඉස්සරහ නෙවෙයි, මිඩියා කැමරා එක ඉස්සරහ. මට බැහැනේ ඔය කැමරා ඉස්සරහ වැඩ.
අප්පා... අදත් දොර ඇරලනේ නිදාගෙන තියෙන්නේ. බාත්රුම් එකෙන් කැරපොත්තෝ ආවද දන්නේ නැහැ කාමරේට. ආවත් මොකද, කටේ වහන්නේ නැත්තං .
කණ්නාඩිය කතාකරනවා නම් හොඳයි, නැද්ද? මම කියන්නේ බාත්රුම් එකේ කණ්නාඩිය නෙවෙයි. කාමරේ තියෙන එක. බාත්රුම් එකේ එක නම් කට ඇරපු ගමන් කියයි දන්නා කුණුහබ්බ ටික ඔක්කොම. හෙහ්..
කොහොමත් දොර වහගත්තම බාහිර ලෝකයෙන් වහන්වෙලා ඉන්න පුළුවන් ස්වාධිනම , අතිරමණිය තැනක් තමයි බාත්රුම් එක. ඒ හින්ද කතාකරන කණ්නාඩියක් තියාගෙන ඉන්නෙක ඇත්තටම ජිවිත අවධානමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්.
හැඃ මේ මොකද්ද?
මම ආයෙමත් කණ්නාඩියට එබිලා බැලුව.
බෑ බෑ මේක වෙන්න බැහැ... කොහොමටවත් වෙන්න බැහැ.
බැහැ කිව්වට ඔය දැන් වෙලා තියෙන්නේ....
ඒ උනාට වෙන්නම බැරි දෙයක්...
මොකක් උනත් හිතාගන්න බැරි දෙයක්...
හත්වලාමයි දැන් මම මොකද්ද කරන්නේ..
මොකක් කරන්නද ඉතින්, මගේ පාලනයෙන් තොරයි..
එහෙමයි කියල මුකුත් නොකර පුලුවන්ද...
කෝ බලන්න... අනේ ඔව්.. හීනයක් නෙවෙයි. ඇත්තටමයි...
ඔය.. කොනිත්තගෙනත් බැලුව.. හීනයක් නෙවෙයි ඇත්තටම මට වෙලා තියෙන්නේ..
අනේ දෙය්යනේ.. දැන් මම මොකද්ද කරන්නේ....
ඒක වෙලා තිබ්බේ මගේ නහයට හරියටම දකුණු පැත්තෙන්, නිකටෙන් අඟල් තුනක් ඉහලට, කම්මුලේ මැදට වෙන්න..
මගේ දෙය්යනේ..
මගේ මුණේ කුරුලෑවක් ඇවිත්!!
දැන් කොහොමද මම ලෝකෙට මුණදෙන්නේ. ඉලව් මුණදෙවිල්ලක් කියනවා, කොටින්ම මම දැන් කොහොමද වැඩට යන්නේ? කන්නේ , බොන්නේ? කොටින්ම මගේ ජිවිතේ ගෙවන්නේ කොහොමද?
'ටී... නනා... ටී නනා... ටිනිනි නන නන ටි නනා....'
මගුල් චුන් පාන් කාරයා ආව. නොදකින් ඕකා හැමදාම එන්නේ මම බාත්රුම් යන වෙලාවටමයි.
වතුර මුණේ ගෑවෙනකොට පට්ටම හීතලයි.
අපොයි පරිස්සමෙන් යකොව්.. කුරුලෑව! ඌඌ ඌ ඒක නම් රිදෙනවා බොලේ නහුතෙටම...
සබන්? එක්කෝ සබන් ඕනේ නැහැ, ආයෙමත් ඔන්න ගනිල්ලකෝ වෙන ජාතියක ෆේස් වොෂ්, චික් ඉතරක්, ගිය සතියේ ගෙනාව විතරයි. සතියෙන් ආයෙමත් එකක් ගන්න? අඃ එක්කෝ ඔය මගුල තමයි හේතුව! අන්න හරි....
අම්මොව්.... රිදෙනවා මේ මගුල් පිම්පල් එක... අම්මෝ මුණ නම් පිහන්න බැහැ , කැඩෙයි ඒක !
ඇඳුම උනත් ඔලුවෙන් පහලට ලේසියෙන් දාන්න පුළුවන් එකක් අඳින්න වෙයි. කෝ ඉතින් මම ගිය සතියේ ගත්ත අලුත් එක අඳින්න හිතාගත්ත විතරයි මේ මගුල් පිම්පල් එකක් ආව. අම්මොව්... රිදෙනවා නෙවෙයි ඇදුම් කනවා... ඌ ඌ ඌ
'...ජපානයේ නිල සංචාරයක නිරත අගමැති තුමා ප්‍රකාශ කළේය....'
හෙහ්.. ඒකට ඉතින් එහෙ යන්න ඕනය? මෙහෙ ඉදන් කොන් කෝල් එකක් හරි වයිබර් පාරක් දැම්මනම් හරි මදිද? හම්මේ මේ පිම්පල් එක, ඌ ඌ... මේකට විසබීජ ගියොත් නම් ඉවරයි. අම්මෝ.. කෝ මේ ටිෂු...
ඊ ටිෂු දාගෙන කොහොමද පාරේ යන්නේ... කෝ මේ ප්ලාස්ටර්.. බෑ බෑ ... ප්ලාස්ටර් එකක් නහය ගාව? කොහොමටවත් බැහැ... ඕනේ නැහැ මෙන්න මෙහෙම වහගත්තම..
'.... ඝාතනයට සම්බන්ධ කිසිවෙකුත් තවම අත්අඩංගුවට පත්ව නැත'
'ඒයි .... මේ... අර මියුසිකල් එකට යන්න ටිකෙට් දෙකක් ගේන්න ඈ'
අපෝ අර ඩල්සි නෝනගේ වැඩේම ඒ නාකි මනුස්සයට එක එක එව්වා ගේන්න කියනඑක. අද නම් හැංගිලා යන්න ඕනේ. නැත්තම් ටොපිය මට තමයි ලැබෙන්නේ.
ඌ ඌ මේ පිම්පල් එක... අපෝ එහෙම වහගෙන යනකොට හරියට ඝාතන සැකකරුවෙක් වගේ. මෙහෙම වත්...
'... ඩිජේ අරා සමඟ පැස්බරා.... හැක හැක හැක'
නොදෝමකින්... අදත් අර මල ඉලව්ව දාගෙන නිල්මානෙල් ඇන්ටි. හැබෑටම කෙල්ලෝ කොල්ලොන්ගේ විහිළු වලට හිනාවෙන වයසක්ද හැබෑට? ඌ ඌ... පිම්පල් එක... ඔන්න කෙහෙල්මල් ට්‍රේන් එක එන වෙලාව.
හුප්! තව ඩින්ගෙන් පිම්පල් එක...
කෝ මේ ලේන්සුව.. තදකරල තියාගත්තම හරි. නැත්තම් කැඩුනොත් එහෙම
දොහ්... ක්ලික් ක්ලික්...
වැහුනද මන්ද දොර? ඔන්නොහෙ..
'අනේ ස්පයිඩර් අය්යා...... මොනාද අනේ ඔය කට පුරාම.... ආ? චීයා ..... හැක හැක හැක.. හොක හොක... ආ ඒ මේ මකුළුදැල්...'
ඩක ඩොක... ඩක ඩොක...
ඌ.. ඌ මගේ පිම්පල් එක...
අම්ප් ! තව ඩින්ගෙන් වැටෙනවා, එදත් මෙතනම තව ඩින්ගෙන් වැටෙනවා.. අනේ මන්ද මේ පඩිපෙළ කවද හදයිද කියල. නිල්මානෙල් ඇන්ටිට චැනල් එකකින් වත් කියක් හරි ලැබුනොත් තමයි මේ පඩිය හදන්නේ හුහ්.. ඌ ඌ මේ පිම්පල් එක...
ඔන්න එනවා මුසලය ඉස්සරහටම
"ආ... කොහොමද?"
"හොදයි අංකල්.. මට පරක්කු වෙනවා වැඩට යන්න. යන්නම් ඈ "
'හම්ප්'
"බලාගෙන බලාගෙන ළමයෝ. එක අතින් පුලුවන්ද? ඇයි මොකද්ද.."
මම දඩස් ගාල ලේන්සුවෙන් මගේ පිම්පල් එක වහගත්ත. මෙන්න මු බලන් ඉන්නවා අයිඑස් අයිඑස් එකෙක් දිහා වගේ. බෑ බෑ කොහොමටවත් මේ මිනිහගේ ඇහැට ගැටෙන්න දෙන්න බැහැ මේ පිම්පල් එක.. ඌ ඌ රිදෙනවා අය්යෝ...
"... කැපිලද ? තුවාලද?"
මම පැන්න පාරට ආයේ නැහැ ඔය මකුළු මෑන් පරාදයි.
බස්සෙක බස්සෙක... අම්මෝ අද නම් පොල් පටොල වගේ...
'බයින්ඩ ... බයින්ඩ බයින්ඩ ................. බයින්ඩ බයින්ඩ බයින්ඩ..... '
මුට බන්නවගන්න තියෙන ආසාවක්.....
' ආ නගින්න නගින්ඩ නගින්ඩ..................... පස්සට යන්ඩ... ඔතනින් ඉස්සරහට යන්ඩ.. අය්යෝ නංගි ඔතන හිරකරගන්න එපා එහාට වෙන්ඩ අප්පා... මොකක් කරනවද ඔතන මාතයා.... ඔතනින් එහාට වෙන්ඩ ටිකක්.. ආන්න ඒම.... නගින්ඩ නගින්ඩ..... ඔය අතෙන් නෙවෙයි මේ අතෙන් අල්ලාගෙන එහාට හැරෙන්ඩ අප්පා පවු නොදී... මොකද්ද මේ අතක් නමාගෙන කරන්නේ...'
මුට මොකද මම මගේ අත කොතන තිබ්බම. කොන්දා මගේ අතේ එල්ලෙන්නේ හරියට ඌ කවදාවත් නැමිච්ච අතක් දැකල නැතුව වගේ. යකෝ මේක මගේ අත !
ඌ ඌ මගේ පිම්පල් එක...
කමක් නැහැ තව හෝල්ට් දෙකක් යනකොට හන්දියෙන් කට්ටිය බහිනවනේ.. එතකොට නිදාගන්න තරම් ඉඩ!
මේ මොකද මේ? මගේ ළඟ ඉන්න එකා කන්න වගේ බලන්නේ. මම ඉතින් කම්මුලේ මගේ අල්ලෙන් තදකරගෙන තමයි හලෝ ඉන්නේ. පේන්නේ නැද්ද? මුගේ හුස්ම වැදිලා පිම්පල් එකත් දැන් ටොඹ සයිස් වෙනවා.
දුම්බීම තහනම්
මේ අසුන ගර්භනී මවට පිරිනමන්න
ස්පරෝස් නර්තන, බොරැල්ල, මිගමුව, නුගේගොඩ, පාර්ටි ඩාන්සින්.. අදම ඇතුළුවන්න. නර්තන කණ්ඩායම් වලට බැඳෙන්නට නම් අමතන්න
'ඔව් අනේ.. බස්සෙකේ හිරවෙලා ඉන්නේ. පස්සේ ගන්න.. බායි.. බායි බායි..'
'සල්ලි ගන්න සල්ලි ගන්න.. පස්සෙන් සල්ලි ගන්න. මොනාද නෝනා සල්ලි අරගෙන එපැයි බස්සෙකට නගින්න... කෝ ඉක්මන් කරලා...'
යකෝ මු නිකන් හරියට දඟලන්නේ මෙතන ළමයි වදන එකක් හැන්ඩ්ල් කරනවා වගේනේ. මටත් මහා අමුතු බයක් දැනෙනවා දැන්... දැන් ළමය මගෙද ??
'... කෝ කෝ සල්ලි ගන්න... හන්දියේද? හා එහෙනම් රුපියලක් පස්සේ ඉල්ලගන්න... කෝ ගන්න ගන්න... කොතනද? හා රුපියල් දෙක පස්සේ දෙන්නම්. ඉල්ලගන්න. අර අතන මාතය... කීයක්ද? මේ වැලමිට එහාට කරගන්ඩකෝ.. කෝ සල්ලි ගන්ඩ'
මම අනික් අතින් සල්ලි දෙන්න හදනවා හදනවා කෝ අනිත් අත හොයාගන්න ටිකක් අමාරුයි.
'හ්මප්.... හ්ම්ප්..'
මගේ කට තදවෙලා අතට. ඔන්න අර මහා වංගුව හරියේ වෙන්න ඇති.
'...... ඩිෂ් ඩිෂ් ඩිෂ්... පෙම් සිහිනේ...........ඒ.ඒ.ඒ..... මා සැඟවූ මා.. ආ..ආ.. යා.. ආ..ආ.. වී........... ඊ.... ඊ.. ඊ... ඊ................ '
'සල්ලි ගන්න.. සල්ලි ගන්න ඉක්මනට.... ඉස්සරහට යන්න අප්පා මෙතැන පොරකන්නේ නැතුව... පොකැට් කාරයෝ ආවොත් ඔන්න ඉතින් මම දන්නේ නෑ.. ආයේ කිව්වා කියන්න එපා.. හුම්ප්... මොකද්ද මේ වැලමිටක් එන්නේ.. ඕක පින්සිද්දවෙයි එහාට කරගන්නවා.... '
'.... ඒ තැනු..ඌ ඌ ... මාලිගා... ආ ආ ආ... සුන්වෙලා ගිය දිනේ.. ඒ.... අඬන්න කඳුළු..'
'බයිනවද? බයිනවද? බයිනවා නම් බැල් එක ගහල ඉස්සරහ දොරට යන්ඩ...මෙතන පොරකන්ඩ එපා.. ඉස්සරාහින් බයින්ඩ... ඉස්සරායින් බයින්ඩා.........'
ඌ ඌ මගේ පිම්පල් එක... අත තදකරන්න බෑ අම්මෝ... රිදෙනවා
'.. යන්න ඔබ ගියා.... ආ..ආ...ආ.... පෙම්සිහිනේ.......ඒ....ඒ...ඒ.......'
"හුම්ප්... මේ අත පොඩ්ඩක් ගන්නවද?"
මට ඉබේටම අත ගන්න කලින් ඌ අතත් කඩාගෙන , මාවත් පෙරලගෙන ගියානේ... ඌ එක්කම උගේ පතරංග බෑග් එකට මගේ ඔලුගෙඩිය පැටලුනේ ඒ එක්කමයි. මමත් අර නාවන්න ගෙනියන බලු තඩියෙක් වගේ ඉබේම උගේ පස්සෙන් ඇදිල ගියේ ඔලුවත් පාත්වෙලා.
'ඌ ඌ මගේ කොන්ඩේ... ඌ ඌ... ආ... ආ '
ඌ ඌ මගේ පිම්පල් එක... අත තදකරන්න බෑ අම්මෝ... රිදෙනවා
'ආ.. ඌ... ඌයි..'
'අම්මටහුඩු මගේ කකුල..'
මගේ මුනෙන් අත ගිලිහිලා ගිහින් කොහේ නතර උනාද මන්ද..
හත්වලාමයි... මගේ පිම්පල් එක!!!
යටිගිරියෙන් කෑගැහිල මම දීපු ලතෝනියට බහින්න හිටපු අයයි , බහින ගමන් නගින උන්ට වෙට්ටු දාන අයයි , නගින්න කියල හිතාගෙන බහින උන්ට සාපකරන අයයි ඔක්කොම ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ උන් ටිකක් වගේ උන්ගේ පීරිසි ඇස්ගෙඩි ටික මගේ පැත්තට හැරෙව්වා..
ඊළඟ තප්පරේ මගේ දිහා බලාගෙන උන්නු එකෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොම ආයෙමත් බස් එකේ දොර තිබ්බ පැත්තට පොරකන්න පටන් ගත්තා උනත් මම කේක් හිරවෙච්ච කවුද බොල ඇලිස් වගේ අමුතු සද්දෙකින් මොර දුන්නා.
'ශනිදා.. අද අදිනවා... අද අදිනවා..... කෝටි තුනයි, රුපියල් විස්සයි.. කෝටි තුනයි'
මගේ කම්මුලෙන් ආවේ ඇඟම හිරිවට්ටන මරණිය වේදනාවක්...
හත්වලාමයි.. ෂුවර් එකට
මගේ පිම්පල් එක කැඩිලා...
'ඈ... ඈ........... ඌ ඌ ඌ ඌ.... අම්මෝව්.....ඌ ඌ '
ඔන්න කට්ටියම ආයෙමත් මගේ දිහා ස්ටේජ් එකේදී පෙන්නන සර්කස් එකේ උච්චම වේලාවකදී කලිසමේ ඉලාස්ටික් එක කැඩුන එකා දිහා බලනවා වගේ බැලුව. ඒකට උන් තියා මමත් බය උනා.
'... නුඹ මගේ.. ඒ.. ඒ.. හැම භවේ ඒ ඒ... දිව්රලා ආ... සෙනෙහසින්...'
තදකරල අල්ලගත්ත කම්මුල... අම්මෝ.. ඌ ඌ මොකද්දෝ දියරයක් වගේ එකක් ගෑවුනා... අම්මෝ මගේ අම්මෝ මෙන්න පිම්පල් එක කැඩිලා... ලේ එනවා... මගේ ඇස්ගෙඩි දෙක අලියෙක් දැක්ක වගේ ලොකු වෙනකොට වටේ ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් ඇරුනම ඔක්කොම දෙනා අහක බලාගත්ත. තක්කෙටම පිම්පල් එක කැඩිලා එලියට විද්ද ලේ ටිම දකින්න ඇති ඒ දෙතුන් දෙනා...
'ඔතනින් එහාට වෙනවා අයිසේ..'
'මේ පොඩ්ඩක් ඉඩ දෙනවද'
'... පෙම් සිහිනේ... ඒ ඒ ඒ ඒ ඒ ඒ.........'
'ඔය ඔතන ගල්වෙලා ඉන්නේ නැතුව යනවද එහාට දෙය්යන්ගේ නාමෙන්'
මගේ අම්මගේන්වත් මම මෙහෙම බලු බැනුම් අහල නැතුව ඇති අම්මප. මගුලක් කියනවා, මගේ මුනෙන් මෙන්න ලේ විදිනවා.. අම්මෝ මට බලන්න බැරියෝ.... මම කඩාගෙන බිඳගෙන ඉස්සරහට ගියේ ලේ ගංගාව තව ටිකකින් එලියට පනින එක ඉර හඳ වගේ විස්වාස නිසා.
'.... මා... ආ ආ යා ආ ආ වී... ඊ ඊ ඊ.. ඔබ මාගේ... ඒ ඒ ඒ ඒ...'
දුම් බිම තහනම්
ගැබිණි මවට ඔබේ මේ ආසනය පිරිනමන්න
ස්පෑරෝස් නර්තන....
ඌ ඌ මගේ පිම්පල් එක... කැඩිලා.. අය්යෝ කැඩිලා.... ඔන්න මට දැනෙනවා මගේ අතට මුළු ලේන්සුවම තෙත බරියන් වෙලා... අම්මෝ මට බලන්න බෑ... ලේ විදිනවා... අම්මෝ...
'හුප්.. කොහෙද හලෝ දුවන්නේ.. මෙතැන ඔලිම්පික් යන්නද? යනවා එහාට මගේ ඇඟේ නගින්න ආවේ.. හුහ් අපි නොදන්න වැදගත්කම...'
'ඉන්න අනේ මමත් බහිනවා තමයි ඉස්සරහ හෝල්ට් එකෙන්'
මුන්ට තේරෙන්නේ නැහැ. මම දැන් මෙතැන මැරෙන්නයි හදන්නේ. මගේ දිහා බලන්නේවත් නැද්ද යකුනේ... මම දැන් ලේ ගිහින් මැරෙන්නයි හදන්නේ...
හරියට ටැප් එකකින් වතුර ගිහිල්ල ඉවර වෙනවා වගේ.. ඈ!! නෑ නෑ ටැප් එකේ වතුර ඉවර වෙන්නේ නැහැනේ අයිසේ , මම මේ කිව්වේ ටැංකියකින්..
'ගන්නවා හලෝ මේ වැලමිට'
රැව්ව එකා මගේ මුණ දැක්ක ගමන් බිරාන්ත උනා. දැක්කද, මගේ ලේ දැකල ඌ බය වෙලා තියෙන හැටි? මගේ අතට තදවෙච්ච කම්මුලේ පිම්පල් එකෙන් වැක්කෙරෙන ලේ අත දිගේ බේරෙනවා මට තේරෙනවා...
බලන්න බෑ.. බලන්න බෑ..
කෝ මේ බස් එකේ එල්ලෙන පොල්ල? වමතෙන් අල්ලගන්න එක ලේසි නැහැනේ..
හුම්ප්... යකෝ බ්රේක් ගහන්න එපා බුරුවො මම මෙතැන ලේ යන එක නතරකරගන්න ෆුල් ට්‍රයි එක දෙනවා... අම්මෝ.. ඌ ඌ...
'එහාට වෙනවා අයිසේ මිනිස්සුන්ට බහින්න ඉඩ දීල..'
'ට්‍රින්ග්... ට්‍රින්ග්... ආ හලෝ.. නෑ අනේ මේ බහින ගමන්. පස්සේ කතාකරන්න'
'සුටි පුතා.. මෙහේ... මේ.. මෙහේ ....... රාජම්ම..... බෑක්කෙක ගත්තද... '
'මේ ඔතනින් එහාට වෙලා ඉඩදෙන්න බහින අයට.. ඔය වැලමිට ගන්ඩකෝ...'
පිටවීම පමණයි. රියදුරු දෑතට දෙවි පිහිටයි. එල්ලිලා යන්නේ වැටිලා මැරෙන්නද
'සල්ලි දීල බහින්ඩ... සල්ලි දීල බහින්ඩ..... ඉක්මනට බයින්ඩ... ඉක්මනට බයින්ඩ............'
ඉන්න බෑ... දැන් මගේ ඔලුව කැරකෙනවා.... අම්මෝ ලේ ගිහිල්ල මැරෙයිද? දැන් මොකද කරන්නේ??
මෙහෙම්මම ඉස්පිරිතාලෙට යනවද? නැත්තම් නර්සින් හෝම් එකට? ඉස්පිරිතාලේ දුරයි
'හරියන් හරී......... ඊ ඊ ඊ '
'හුම්ප්'
'මොකද හලෝ කරන්නේ? මැරෙන්න හදනවද? මැරෙන්න ඕනේ නම් තනියෙන් මැරෙනවා, අපිට පව් නොදී... ඔහොම බස්සෙකෙන් පැනල කෙලවගත්තම අපි එපැයි ගෙනියන්න... %$$% බ්ලා .. බ්ලා...'
සේවක පුරප්පාඩු වහා පුරවනු. සජිත් කට අරියි, කියවන්න ජනතා. සිහින හොරු අරං , ලුම්බිණි රඟහලේ. සේල් සේල් ඩයනා තොග අවසන් කිරීමේ සේල්.
පීප් පීප් ... පී පී ඊ ඊ ප්....... පෝං පෝං .. පෑන් පෑන්..
'ඕයි.. කොහෙද ඕයි පාර පනින්නේ... '
දිෂ්.. ඩින් ඩින්... ඩිෂ් ඩුකුකු දුකුක්... අවසාන ප්‍රේ... ඒ ඒ..ම යයි.....
දැන් නම් අතදිගේ ආපු ලේ පාර මැණික් කටුව ගාවත් පාස් කරලා. ටික ටික පහල එනවා මට දැනෙනවා. මවිල් අතරින් වංගු අරගෙන එන වේගෙට ලේන්සුව කම්මුලේ තියල නතර කරගන්න බැරි ලේ විදිල්ලක් දැනෙන්නේ.. අම්මෝ...
අද අදිනවා... අද අදිනවා... කෝටියයි.. වාසනාවට පයින් ගහන්න එපා.... අද විතරයි... අද විතරයි.
සේවක කප්පාදුව වහා නවතනු. මෑන් පවර් සේවක හුරාකෑම හෙලාදකිමු. ජිනීවා මානව හිමිකම් චෝදනාවෙන් රට බේරාදුන් ජනපතිතුමනි, ඔබට ස්තුතියි. පීප් පීප් පොන්ග්.. පොන්ග්.. පාංග්
'කොහෙට යන්නද? ඈ ? දෙසීයක් දෙන්න.. අපෝ බෑ බෑ දෙසීයට අඩුවෙන් බෑ..'
මේ යක්සයට තේරෙන්නේ නැහැ. මෙතන හදිස්සියක්.
"හරි හරි.... හන්දියට කීයද? හන්දියෙන් බහින්නම්... හදිස්සියක්"
මම කියන්නෙත් නැතුව ත්‍රිවිලරේ පස්ස පැත්තේ ආසනේ පස්ස තියාගත්තා. දැන් මට දැනෙනවා වංගු දෙක තුනකට පස්සේ දැන් ඇත දිනේ ලේ ධාරාව එනවා මගේ වැලමිට හොයාගෙන. මුට පේන්නේ නැද්ද? නොපෙනෙන්නේ මොකද? ඌ බය වෙලා ඉන්නේ ඒකයි.. මේක ජීවිතයත් මරණයක් අතර ප්‍රශ්නයක්...
නාමෙල් මාලනී පුංචි තියටරේ, හොරු සමඟ හෙළුවන්. ලෝක ළමාදින, වැඩිහිටි දින සැමරුම ඔක්තෝබර් 4 වෙනිදා මෙම ස්ථානයේදී.
ටුක්.. බ්රුම්.. බුම් බ්රුම්... බ්රු... ඌ ඌ ඌ ඌ
මුනේ ලස්සන හදවතේ ඇත්තම්. පැනලා එන්නේ ඇනලා යන්නද? ජයසුරිය කුෂන් වර්ක්ස්.
"මොකක් හරි අවුලක්ද?"
ඌ බලනවා ඕසේට පිටිපස්ස බලන කණ්ණාඩියෙන්.
මම හිතුව හරි, මු දැකල මේ ලේ ගංගාව. තව ටිකකින් මේ ත්‍රිවිලරේ කාපට් එක උඩට වැටෙයි ලේ බින්දු. එකක් දෙකක්ද? නෑ නෑ ... වතුර මලක් වගේ විදින ලේ වලින් දැනටමත් මගේ ලේන්සුව තෙත වෙලා මට දැනෙනවා. ලේන්සුව ගන්න බෑ ලේ විදියි. ඔව්... වතුර මලක් වගේ විදිනවා මට දැනෙනවා. තව තද කලේ නැත්තම් මගේ ඇඟේ ලේ ඔක්කොම යයි..
"නෑ .. එහෙම නැහැ. ඒ උනාට ඉක්මනට යමු"
පෑන් පෑන් .. පීක් පීක් පෝන් පෝ ...... පොන්ග්
මාතර බත් කඩේ, රතු බත් උදේට, දවල්ට. කුසුම් පොල් ලී. යෝධගම එන්ටප්‍රයිසස්, ඔබේ සියලුම ලි අවශ්‍යතාවයන් සඳහා. ඌ ඌ දැන් ලේ ගැලුමක් විතර ගිහිල්ල වෙන්න ඕනේ. නැත්තම් මෙච්චර කලන්තේ ගතියක් දැනෙන්න විදියක් නැහැ. කෝ මේ වංගුව. රිබෝරින් සඳහා බලයලත් නියෝජිත. ටාටා ජුවෙලර්ර්ස්...
"ඔතන ඔතන.. උහ්.. කෝ පර්ස් එක.. අම්මට හුඩු.."
පෝං පෝන්... පෑන්...
දොහ්... ටොක ටොක ටොක... වඩේ ගන්න රුපියල් පහයි. කඩල මුලක් පනහයි. වඩේ වඩේ....ඊ ඊ ය්යා
ඌ මගේ දිහා බලනවා. මම උගේ දිහා බලනවා. මම සාක්කුව බලනවා, ඌ මගේ සාක්කුව බලනවා.
කෝ පුතේ උඹේ යාළුවො, අනේ මන්දා අම්මේ. කුමා ස්ටිකර් අනුග්‍රහයෙන්. අනුර අඩ්වටයිසින්... ඩිෂ් ඩුම් ඩුම්.. ඩිගිසි ඩිගිසි... ටන ටන නන නා.... බ්රුම්.. බ්රුම් බ්රුම්
"ඉක්මන් කරන්න අප්පා.. මට පරක්කු වෙනවා... ඔහොම කොහොමද පර්ස් එක අල්ලන්නේ.... ඔය.. එක අතින් පුලුවන්ද හලෝ... ආ ආ හරි හරි.... ඔය අත මක් වෙලාද?"
මගේ කකුල්දෙක පන නැති උනා.. අම්මප? ඒ කියන්නේ මගේ අත දිගේ බේරෙන ලේ වලින් අත නෑවිලාද? ඔන්න මගේ ඔලුව කැරකෙනවා... හුම්ප්.. හ්ම්ම්...
"... අප්පෝ... අතින් කයිට්.. හරි හරි... ඇති ඇති... මල ඇනයක් උනානේ... සෙක් ඉතරක්... එහාට වෙනවා ඉතින්... මට හරෝගන්න.."
බොරු ප්‍රෝඩා එපා, වහාම හිඟ වැටුප් ලබාදියව්! එපා සින්නවෙන්න දෙන්න ඔබේ රත්තරන් බඩු, අපි ගන්නවා වැඩි මිලට. අමතන්න. ටිලින්.. ටිලින්... ටිලින් ටිලින් නිනිනි නිනිනි නිනිනි රත්තරනේ.. ඔබ පොඩ්ඩක් අහක බලන තුරු ඉඳලා.. ආ..ආ...
ලේන්සුවේ තෙතබරියන් කමට වඩා දැන් මට දැනෙන්නේ කම්මුලේ ඇතිවෙලා තියෙන වතුර මලක් වගේ විදින ලේ විලෙන් එන පිඩනේ අල්ල මුලට දැනෙන එක ඉවසගන්න බැරිකම. ඒක හරියට දැන් හුම්මානය පොල්කට්ටකින් වහගෙන ඉන්න හදනවා වගේ පීඩනයක්.. ඔලුව පුපුරලා යයිද? නහරයක් පිපිරෙයිද ? ඒ දෙකම නැත්තම් ඇස්වලින් එලියට පනිද මේ පිඩනේ?
කකුල් ඉක්මන් කරලා නොගියොත් අද යන්න වෙන්නේ නැහැනේ නර්සින් හෝම්.. ගියපු ගමන් ඇඳක් දෙයිද? වීල් චෙයාර් එකක් අරගෙන 'දොහ්' ගාල ඉන්දවගනින්ද? එකපාරටම අම්බ්යුලන්ස් එකක් අරගෙනම එන්න වෙයිද?
ඇයි කලින් දැන්නුවේ නැත්තේ? මෙච්චර අමාරු වෙනකල් මොකද පාරේ කලේ? ජිවිත අවදානමක් තියාගෙන බස් එකේ ගියේ ඇයි ? නර්ස්ලා එකාට එකා පරයා මගෙන් ප්‍රශ්න කරනවා මට දැන් මැවෙනවා. ඒ කොහොම වෙතත් දැන් මම පනපිලින් එතනට යයිද කියලවත් ෂුවර් එකක් නැහැ.. අම්මෝ ඌ ඌ.. මොකද යකෝ බලන්නේ? තේරෙන්නේ නැද්ද හදිස්සි ලෙඩෙක් යනවා...
මැරුණම මගේ අලුත් ඇපල් ෆෝන් එක බෙදාගන්න බැරුව අම්මයි, අක්කයි ගහගන්නවා ෂුවර්. ඊට කලින් මගේ ලැප් එක නම් තාත්ත ගානට විකුණ ගනී.. අම්මෝ ඌ ඌ ඌ දැන් නම් මට තේරෙනවා වැලමිටේ අගටම ආපු ලේ කැටි එක්ක එන ලේ ධාරාව වැලමිටේ තියෙන පහලට උල් වෙච්ච අගින් බිමට වැටෙනවා.. අම්මෝ ලේ... ලේ ගලනවා... දුවපන් යකෝ ඉක්මනට.... ලේ ගිහින් මැරෙනවා කියන්නේ දරුණු තත්වයක්.
'හිම්ප්... හිම්ප්.. හුහ්.. හාහ්.. හාහ්..... ධඃ දොහ් දහ්හ් දොහ්..... ස්රුස්.. ස්රුස්...'
අන්න පේනවා නර්සින් හෝම් එක...
උදරයටත් සෞම්‍යයි, පැනඩෝල්. ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනයට. අම්මලාගේ තේරීම.. 'නී නෝ... නී නෝ...' ඒක මටද?
හඃ හඃ හඃ හඃ...... හුස් හුස්... හති හති
නෑ නෑ .. වෙන්න බෑ.. තව ටිකයි... තව ටිකායි
හඃ හඃ හඃ හඃ...... හුස් හුස්... හති හති
අම්මෝව්.. හුම්ප්!
විසිවෙලා ගියානේ මාව පාවෙලා වගේ!
නොමිලේම ඇඩ් එකක් දීගෙන මම වැටුනේ නර්සින් හෝම් එකේ එනතැනම තියෙන විදුරු බිත්තියේ හොම්බ ඇනගෙන ..
හෑහ්... ආඃ අහ්
විදුරු බිත්තියේ කම්මුල හිටලා 'දොහ්' ගෑවා ! අම්මෝ ඌ ඌ මගේ....
ඔහ්.. මගේ අතේ තිබ්බ පෙගිච්ච ලේන්සුව කෝ? මට අඩි තුනක් හතරක් එහායින් මෙන්න ඒ ලේන්සුව ගුලිගැහිලා ඉන්නවා බයෙන්..! ඈ !! මොකක්
ඒක දාඩිය වලින් පෙඟිලා !!
මම පටස් ගාල වීදුරුවෙන් මගේ මුණේ ලේ විදිල්ල බැලුව.
කම්මුලේ නහයට ආසන්නයේ
කුරුලෑව.... තදටම වේලිලා.. කරවෙලා...
"ඇයි ළමයෝ? මොකද්ද ප්‍රශ්නේ?"
ත්‍රිකෝණයක් ඔලුවේ ගහගත්ත නර්ස් නෝනා ඇහුවේ දමනය කරගත්ත කරුණාවකින්.

එල ද බ්‍රා ලියවිල්ල බං..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඉයන් මෙන්න උඔගේ කමෙන්ට් එක ආතරයා මකලා
Deleteමෙන්ඩා : දුවන් ඇවිත් කියාපු හැටි විතරක්! හා හා හරි හරි
Deletelan : චටස්! ( කම්මුල් පාරේ සද්දේ)
අම්මප මෙතුවක් කාලෙකට මට ලැබුණු දරුණුම කම්මුල් පාර මේකනේ... විවේචනයක් උනාට නීට් එකට වැදුන. මකුවට මම දැක්ක ආයුබෝවන්ඩ.. කමක් නැහැ. කිසි අවුලක් නැහැ. ඇත්තටම එක විදියකට ඉඳල ලියපු කෙසෙල් පුෂ්පයක් නෙවෙයි මේක. ඒ නිසා අවුල් බව දන්නවා. මීට පස්සේ සැලකිල්ලෙන් ලියන්නම් ඈ..
ලිව්වේ විහිළුවට. පස්සේ ආයිමත් කියවනකොට තේරුණා වැරදි අදහසක් එනවා කියලා. සමාව ඉල්ලා සිටිනවා හිත රිදුනනම්. එයින් කෝප නොවීමේ ඔබගේ පරිණත භාවයට මල් මිටක්.
Deleteහිත රිදුන?? සමාව නේද? ඔතනින් තියල යන්න. මල් නේද? මෙන්න වාස් එක..
Deleteඔයා අර දිගටම ලියාගෙන ආපු වැහි වහින කතාව ගල ගැහුව වගේ එකපාරටම නවත්තල දැම්මෙ ඇයි? ඒ ගෑනු ළමයට බබා ලැබිල මැටනිටි ලීව්ද.එතකොට ආයෙ එන්නෙ දවස් අසුහතරකින් පස්සෙද?
ReplyDeleteගල ගැහුවා නෙවෙයි අනේ, එකෙක් මලා.. මතක නැද්ද? මෙගා ඒවගේ වගේ මලා කිව්වට කවුද දන්නේ ආයේ එයිද කියල?? නැද්ද? ඒ ළමයට ළමයා ලැබෙන්න තව මාස හතරක් තියෙනවා. හයමාසයක් පිරෙන්න ළඟ වෙනකොට නේ නතර උනේ.
Deleteඒ කතාව නොවැලැක්විය හැකි හේතුවක් නිසා පබිලිස් නොකර ඉන්නවා. ඔන්නොහෙ මම ලියන වෙනද දෙයක් බලාගම්මු, නැද්ද? මම ඕක නිසා කිදෙනෙක්ගෙන් නම් පස් පඩංගුවේ බැනුම් අහල තියෙනවද?
මම නම් කියන්නෙ පටන් ගත්ත එක ඉවරයක් කරල දාන්න.හිතාගෙන ආව විදියටම බැරිඋනත් මගින් එඩිට් කරල වැඩේ ගොඩ දාගන්න ඇහැක් වේවි.උදාහරණයක් හැටියට කිව්වොත් මාමණ්ඩි මැරුව වගේ නැන්දම්මටත් වැඩේ දීල එහෙම කරගන්න පුළුවන් වෙයි.මේ වගේ වටිනා උපදෙස් ආයෙ දෙමව්පියොවත් දෙන්නෙ නෑ ඕං.
Deleteසත්‍ය කතාවක් නිසා හැලපේ එඩිට් පාරක් දාන්න හිතෙන්නේ නැහැ. වැඩියෙන් වැදගත් යයි හිතන කොටස එන්නේ ඉදිරියේදී. එය වෙනස් කරාම කතාවේ ගන්න දෙයක් නැති වෙයි.
Deleteඅනේ ඔව්... මගේ දෙමවුපියෝ නම් ඔය වගේ උපදෙස් දෙන්නේ නැහැ තමයි. මෙව්වා ලියනවා කියල හීනෙන් වත් හිතන්නේ නැතුව ඇති.. හි හි..
මුන්ට මේවා කියල වැඩක් නැහැ හැලපේ...
Deleteකියන්න දෙයක් නෑ............ සුපිරි..............
ReplyDeleteආයේ ඉතින් කියන්න දෙයක් මම ඉතුරු කොලෙත් නැහැ නොවැ , නැද්ද? ස්තුතියි
Deleteහැක්! ප්‍රයිවෙට් බස් එකක ගමනක් ගියාවගේ. මරු ඈ!
ReplyDeleteආන්න මගේ බෝට්ටුවේ සාමාජිකාව. එන්ට මෙයා....
Deleteහැබෑටම ඔහොම දවස් කියක් තියෙනවද අපිට නේද?
පොඩ්ඩක් ඉදහන් අදහස් කියන්න කලින් මොලේ හරිද කියල බලන් එන්නම්..........
ReplyDeleteතාම හරි ගියේ නැහැ නේ? මම කිව්වේ.. මොලේ දාහන් ඇලේ
Deleteඇලේ දැම්මත් මේකෙන් මොලේට ගිය සද්ද ටික යන්නෙ නෑ..
Deleteඅනේ බන් වත්සිගෙ කතාව ලියපන්. ඒක කියවල මොකාට හරි හිතින් බැන බැන වත් ඉන්න පුලුවන්...මේක කියවල මොලේ රැලි ගැට ගැහෙනව........
වත්සිගේ කතාව මෙතන ලියන්න හැටියක් නැහැ අප්පා. සමාවෙන්ට. ඉස්සර අපේ ගෙදර තිබ්බ ලොකු පනාවක්, ඒකෙ දැති තිබ්බේ ඈතින්. මොකද ඒක තිබ්බේ කොන්ඩේ ගැට කඩන්න. එයාගෙන් එකක් අරගෙන ඔය කියන ගැට ටික යවගන්ට බැරි වෙන එකක් නැහැ.
Deleteකථා සැලඩ් එකක්. ප්‍රශ්ණයක් නැහැ රසයි.
ReplyDeleteඅච්චාරුවක්??
Deleteමට දැනුනෙ හිගන්නගෙ ලෝකෙ වටේම ගියා වගෙ
ReplyDeleteහිගන්න කියන්නෙ අර කෝච්චිය අනේ.. හැක්
මල් හතයි ඈ
කොයි කෝච්චියද ? මම වනාහි මේ වැදගත් බ්‍රෑන්ඩ් එකක ටියුබ් ලයිට් එකක් හරිද?
Deleteකවුරු හරි එකෙක් බලහං මට පිස්සුද කියලා..... කරකෝලා අතෑරියා වගේ.... කෙල්ලන්ට පිස්සුද නැත්නම් අපිට පිස්සුද...?
ReplyDeleteඋඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....
Deleteඋඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....උඔට පිස්සු....
හා..දැන් කියහන් උඔටද පිස්සු....? කෙල්ලන්ටද පිස්සු?
මාගේ මේ දෑස දෙස බලනු.. ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ
Deleteමේ මොහොතේ පටන්....න් න් න්
කැමරා හොටා __ මසනු ඇත...අ....අ..අ.
මෙන්ඩා පින්තුර ගනු ඇත... අ.අ...අ..
ටින් කබලෝ.... මං කියන්නෙ නෑ මහන ඒවා......
Deleteආන්න දැක්කද? හොරෙන්ම මහනවා නේද? ඒ මදිවට ලෝකයාගෙන වසන් කරනවා
Deleteඅර ඇන්ඩියාගේ නංගිගෙ කතාවක්ද කොහෙද මේ. නියමයි. :D
ReplyDeleteඅපේ අය්යා ගැන දන්නේ නම්.......... ඇන්ඩියා බෝසත් බව සිතනු ඇත.
Deleteමම උගේ නංගි වෙච්චි.... උගේ නම්බුව තියන්න එපැයි
//'ටී... නනා... ටී නනා... ටිනිනි නන නන ටි නනා....'// බිතෝවන් දන්නවනම් වහ කනවා.. හැක හැක.
ReplyDeleteමෙන්න නියම කැන්ඩි ස්ටයිල්.. දැන් කල්පනා කරපංකෝ එක එක කතාවේ එකකට එකක් තියෙන සම්භන්දේ.. සක් .. මේක කියව කියව මං කුරුලෑවක් කඩල ද කොහෙද..
ඇයි එහෙම නෙවෙයිද ඔය කියන චුන් පාන් ත්‍රි විල් යන්නේ?
Deleteඉස්සර මතකද වෝල්ස් අයිස්ක්‍රීම් ආපු දවස්වල 'ටී නිනි.... ටී .. නිනි..... ටිනිනි නිනි නිනි නිනිනිනි...' කියන එකට අපි හදන් හිටියා සින්දුවක්
'එන්නකෝ... ගන්නකෝ... මේව හරිම ගණන්...' කියල හදාගෙන හිටියේ.
මේකේ කැන්ඩි ගතියක් නැහැ කියල මට හිතෙන්නේ. මොකද කෝ බෝල වළලු, තැලී , බෝරිච්චි අත් , ඔසරි එහෙම මොකවත් නැහැනේ? ඊක් කුරුලෑ??
පිම්පල් එකක් හින්දා තව පොඩ්ඩෙන් ඩම්ප්ලින් පුඩිමක් වගේ වෙනවා!
ReplyDeleteහික්... අස්ස ලාඩමක් නිසා යුද්ධයක් පරදින්න පුළුවන්?
Deleteමේ කතාව කියවද්දී මට හිතුන දේවල් .... ඇති යන්තම් හොද එකක් ලියල වගේ.... මේ මොකද්ද මේ.... නැ නැ හොදයි... හි හි හිනත් යනවා... මොන කෙහෙල් මලක්ද මේ.. ඔලුවත් කැරකෙනවා..... මරේ මරු.. හික් හික්... මොන රෙද්දක්ද කුරුලෑව නැත්නම් මරු කතාව... අයියෝ මාව කැරකෙනවා වගේ මේක කියවල... අම්මප මම කොන්ද නම් දෙනවා දෙකක්... දැන් මුල මතකත් නැ.. මේකි මොන කෙන්ගෙඩියක් ලියලද මන්ද... ඇති ඇති කියෙව්වා අනිත් අය දාපු කොමෙන්ට් බලලා දාමු කොමෙන්ට් එකක්. තරහ උනොත් එහෙම...
ReplyDeleteමුල මතක නැති එක තමයි වැදගත්. අවවාදයයි..... මුල ඉඳල ආයෙමත් කියවන්න එපා!
Deleteමේ කොමෙන්ටුව දැකල
හුහ්.. මෙන්න කොමෙන්ටුවක් දාල... ආ හරි හරි.. මුල ටික නම් ජාම බේරිලා වගේ.. ආ ඒක තමයි. තේරිලා නැහැ ඒවා . වෙලාවට වැඩකෑලි දැම්මේ. හෙක්.. ආ හිනත් ගිහිං .. එහෙනම් ගොඩ. නැත්තම් මුන්ගෙන් පස්පඩංගුවේ බැනුම් අහල දැන් මට එපා වෙලා ඉන්නේ. හරි වගේ.. ශේප් වගේ. අඩේ මු මට ගහනවා කිව්වා? අම්මප මුගේ හොම්බට.. හුම්ප් තව ඩින්ගෙන් කෝප්පේ... කියවන්ඩ බැරිනම් හුම්ප්... අප්පටසිරි... ආඅ නේද මේල් එකක්... පස්සේ බනිනවා.. දැනට ටැංකියු කියල යනවා. ආයෙත් බැරිය මොකක් හරි විකාරයක් ලියල ගෙන්නගන්ට... ඊළඟ පාර ලියන්න ඕනේ හිනායන එකක්.. හුහ් මුන් හිතන් ඉන්නේ මාව ජෝක් එකක් කියල.. දන්නෑ මගේ වැදගත්කම... දඩොහ්! හුටා මගේ කැලැන්ඩරේ..
ස්තුතියි ඈ... මේවා ටොයිස් වැඩ ආ..
මේක කියෙවුවහම සෙනග පිරිච්ච ප්‍රයිවෙට් බස් එකක ගියහම ඇතිවෙන හිසරදය කරකැවිල්ල ඇතිවෙනවා.
ReplyDeleteකාලෙකට පස්සෙ මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් කියෙවුවෙ අර මහදිග කථාව මට අල්ලන්නෙ නැති හින්දා ඒක කියෙවුවෙ නෑ.
සෙනග පිරිච්ච බස්වල යනකොට කරකැවිල්ල හැදෙනවා නම්, මෙහලට මම... එක්කෝ ඕනේ නැහැ...
Deleteආ මේ ඉන්නේ අර වැස්සට හදි හූනියම් කොටපු එකක්! බලහල්ල මගේ කතාවට වෙච්ච නස්පැත්තියක්... දැන් ඉතින් මගේ මේ වගේ ගොන්පාර්ට් වෙන්නේ ( වෙන ජාති ලියන්න මම දන්නේ නැත)
මුලින්ම කුරුලෑවක් තමන්ගේ මුහුනේ තියනවා දැක්කම කෙල්ලෝ මීටත් වැඩිය කලබල වෙනවා මම හිතන්නේ.
ReplyDeleteඇති එය තරම් සෙනග ඉන්න බස් එකක අතවරයක් නොවි හිටියා..
සිරාවටම? මම නම් ගානක් නැහැ. එකම වැඩේ ඇවිල්ල ටික වේලාවකින්ම මගේ අතින්ම ඕක කැඩෙන එක. මගේ මුණේ කුරුලෑ එන්නේ නැත. මේක කතාවක් යකුනේ!
Deleteඇන්ඩි කතාවක්...
ReplyDeleteකෝ ඔයා ගේ නව කතාව??? අර අර ඇත්ත කතාව...
හික්... එක දිගට ලියාගන්න බැරි උන නිසාත් වෙලාව නැති නිසාත් ආයේ ආයේ බලන්න තියා එකපාරක් වත් කියවන්න බැරි උනා. ඒ හින්ද අවුල් ඇති. මේ කතාව ගොඩ කාලයක් තිස්සේ ( අවුරුදු 10ක් විතර) ඔලුවේ තිබ්බ කතාවක්. ලියාගන්න බැරුව හිටියේ. මේකත් එක හුස්මට මට ඕනේ විදියට කියා උනේ නැහැ.
Deleteමගේ නවකතාව.....
සෝචනීය ලෙස අතරමග නතර කරන්නට උනා. සමාවෙන්ට අප්පා.... කොරන්නට දෙයක් නැත
කතා ගොඩාක්.........
ReplyDeleteහෑ ??? කෝ?? එකනෙ අනේ ලිව්වේ
Deleteඑක අස්සේ ඔය තියෙන්නේ......
Deleteඋපේක්ෂා, මේ අහන්නේ කතාවට අදාළ දෙයක් නෙවෙයි. කලින් ලියල තිබ්බ කතාවක මට නොතේරුන දෙයක්
ReplyDeleteඑකක තිබුනා ඔබේ සිංහල ටීච ලංකාවට ආපු සුද්දෙක් කිව්වයි කියපු කවියක්
"ටාන් ටාන් , ඩොන් ඩොන්'
ඇත්තටම මොකද්ද මේකේ තේරුම?
ආ... ආ... නියමයි රොටියා... මම ආසයි ඔබට ඒ කතාව මතකයි කියල ඇහුවමත්.
Deleteටාන් ටාන් කියන්නේ ඝාන්ටාරේ සද්දේ..
ඩෝන් ඩෝන් කියන්නේ බෝම්බ පුපුරන සද්දේ
මෙතරම් පන්සල්, පිරිත් අහන බණ කියන රටේ, යුද්ධ තියෙනවා කියන එක තමයි අර්ථය. ( මුලික) තව කිහිප විදියකට ගන්න පුළුවන්. මට ඒ මොහොතේ හිතුන අර්ථය තමයි මම මේ ලිව්වේ. හරිද? ( වැරදිද දන්නේ නැහැ)
ඔබේ නිහතමානී ගතියට මම ආසයි.
ඒ කියන්නෙ ඔයා ආයෙ වත්සිගෙ කතාව ලියන්නෙ නැද්ද?
ReplyDeleteලියනවා. මෙතැන ලියවෙන එකක් නැහැ. එක්කෝ පබිලිස් ගොය්යව ඔබන්නේ නැතුව ඉන්න හිතන් ඉන්නේ.
Deleteඒ කතාව වත්සලාගෙ වර්තමාන ජීවිතේට බලපාන ප්‍රශ්නයක් වෙලා නම් ඔයා ඒ කතාව ලියන එක නතර කරන්න. එහෙම නැත්නම් ප්ලීස් ඒ කතාව පබ්ලිශ් කරන්න.
Deleteඒකෙන් ගොඩක් අයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙයි (මේ උතුර දකුන මාරු වෙන ඒවා වගේ නෙමේ හි..හි..)
ඔව් ඇත්ත වරා. ඉගෙන ගන්නවා නම් ඒකෙ දේවල් ගොඩක් තියෙනවා කාටත්. ඔබ කිව්වා වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා වගකීම ගන්න වෙනවා මට. බලමු තව කාලයක් ගියහම
Deleteඔන්න දැන් මම කොට්ටාවෙන් පිටකොටුවක නගිනවා. ගිහින් ඔය තුන්මුල්ලෙන් වගේ බැහැලා 154 බස් එකක එල්ලිලා බොරැල්ලට යනවා. ඔන්න ආයෙත් බොරැල්ලෙන් කොට්ටාවට එනවා. දැන් හරි. මට මේ පෝස්ට් එකේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම බලාගන්න පුලුවන්.
ReplyDeleteනියමයි ඈ!
හික්... ඔන්න නියම රූට් එකක්! හැබැයි ඕක කරන්න ඕනේ උදේ 7-7.30 අතරේ. නියම වෙලාව අත්හදා බලන්න. මට නම් ඔය හිරවෙච්ච බස් වල යද්දී තියෙන්නේ එකම අවුලයි. බහින තැන හොයාගන්න තියා හුස්ම ගන්න උඩ බලාගත්තම මිනිස්සුන්ගේ බඩවල් වලට තමයි මුණ තද වෙන්නේ.. අම්මොව්!
Deleteඅප්පට බොල. මොලේ අන්දුන් කුන්දුන් ... උඹත් මාර පොරක් තමයි . අපිටත් පිස්සු හැදෙන්න ලියල තියෙන්නේ . මේක නම් අනිවා උඹට වෙච්ච දෙයක්ම තමා , නැත්තන් මෙච්චර පිස්සු එවුන් ඉන්නවයයි වෙන මේ ලෝකේ . ටින් කබලා
ReplyDeleteබයවෙන්ට කාරියක් නැහැ. හානියක් වෙන්ට විදියක් නැහැ ඔයාට නම්.. හික්.
Deleteමට වෙච්ච එකක් නෙවේ බොලව්! මේක ජෙන්ඩර් නියුට්‍රල්. නිකමට හිතල බලන්න බස් එකක යනකොට මම මේ කියන දේවල් කාටත් පේන්නේ නැද්ද? ඔලුවේ වැඩ කරන්නේ නැද්ද? පෝස්ටර්, සින්දු, අනුන්ගේ දෙබස් ඔලුවට යන්නෙම නැද්ද? මම කියන්නේ වෙලාවක නෝට් පොතක් අරගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්නකෝ, එතකොට තේරෙයි මම ලිව්වේ ටිකයි කියල.
අඩේ මේ... මම ටින්කරින් කරලා දෙනවා දැන් උඹේ මුණ!
නියමයි ඈ....
ReplyDeleteමම මේ කල්පනා කලේ මේක කියවනකොට මුණ මොන වගේ තිබුනද කියලා ... අනිවාර්යයෙන්ම එක එක විදිහට වෙනස් වෙන්න ඇති.. ( හිනාවෙන මූණක් , ඊයා කියලා හිතෙන මූණක්, හපොයී කියලා හිතෙන මූණක්, රවන මූණක්, ,තරහ මූණක් etc...හි.. හි... )
ආයේ මේ පොස්ටුව කියවන්න නම් එපෝ.... ඊට පස්සේ මම දන්නවා මගේ නහය දන්න ගන්නවා කියල
DeleteThis comment has been removed by the author.
ReplyDelete/ දුම්බීම තහනම්
ReplyDeleteමේ අසුන ගර්භනී මවට පිරිනමන්න
ස්පරෝස් නර්තන, බොරැල්ල, මිගමුව, නුගේගොඩ, පාර්ටි ඩාන්සින්.. අදම ඇතුළුවන්න. නර්තන කණ්ඩායම් වලට බැඳෙන්නට නම් අමතන්න /
හෙහ්..ස්පැරෝස් නර්තන නියමයි බං...
ආ..තව එකක්..අපි බස්වල යන කාලෙ නම් ඔතනම එහා පැත්තෙ තව එකක් තියනව. විල්බට් අඹතලාවගෙ කවියක්...:)
ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක ඉඳ
මුදලුත්,මගියනුත් සමගින් සටනේ වැද
හදුක් විඳියි කොන්දොස්තර රථය මැද
සුළු වරදටත් දොස් පැවරුම වටිනවද
- විල්බට් අඹතලාව
ස්පරෝස් එකේ වරදක් නැහැ අප්පා... ඒ උනාට ඒ නැටුම් බලාගෙන ඉන්නකොට අපිට වෙන දේවල් තමයි අවුල
Deleteහි හි සහතිකේටම රවියා මටත් ඔය කවිය කට පාඩම්! ඊට අමතරව ඉතුරු සල්ලි ගැන තියෙන කවි එහෙම මටත් මතකයි. ඔය කවිට දිග වැඩියි බොලේ ඔතන ඔබන්න. මම ඇත්තටම හිතුව ඔය කවියක් එහෙම දාන්න. කෝ කොහෙද ඌ ගානක් දෙන්න බැහැමය කියල පොලවේ පස් කෑවා... මම යයි ආය ඌ හොයන් ! හුහ්.. අඹතලාව නෙවෙයි ගල්තලාව උනත්..
අඩෝ..උඹේ මේ මඟුල් බ්ලොග් එකේ අප්සට් එකක් තියනව. ලින්ක් එකක් දාන්න බෑ ආයෙම උඹේ බහුරු කෝළමටමයි යන්නෙ. මට වැරදුනයි කියල හිතල මම කලින් කමෙන්ට් එක ඩිලීට් කරල ආයෙම දැම්ම්. ඒ සන්තෑසියම තමයි. ගුරාගෙ විදිහටනෙ ගෝලයො කියල කියන්නැහෙ උඹට වගේම බොලොග් එකටත් නුහුගුණේද කොහෙද...හෙහ්,හෙහ්,
ReplyDeleteඕන්න බලාපන් ලින්කු දාන හැටි....
Deleteඋඹේ කුලී ගෙදර ඕසෙට ලියවෙන කිරිස් ගේ කතාවට මෙතැන කොටන්න
හෙහ්, උඹ ලින්ක් දාන හැටි ඔන්න බලාගං කියල කිව්වම මට මතක් වුනේ අර ඔන්න කණෝ පිනුං කතාව..හෙහ්, සම්ටයිම්ස් උඹටම විතරක් වෙන්න ඇති ලින්ක් වැඩ කරන්නෙ...ඉඳහං ආයම බලන්නං...සමහරවිට ඉස්සෙල්ල රාහු කාලයද දන්නෙත් නෑනෙ...:)
Deleteබලමු මෙදාපොටේවත් හරියයිද කියල.....:)
හුටා..හරි ගියා නේද?...තන්තෝසයි...තන්තෝසයි..බෝම...තන්තෝසයි...:)
Deleteමෙතනට උඹ විතරයි අඩුපාඩුවට හිටියේ. දැන් ඒකත් හරි.....
Deleteපෝස්ටුව ගැන එක කොමෙන්ටුවයි. ලින්කු දාන්න තව කොමෙන්ටු දුසිම් බාගයයි. අන්න වැඩ!
හෙහ් හෙහ්... එහෙම හිතල තමයි හලෝ ලින්කුව දැම්මේ. ඒ වෙලාවේ රාහු කාලේ තමයි, වෙන මොකද්ද ඉතින්. ලින්කු දාන්න, බනින්න බැරිය ඕනේ තරම්. මොකද වෙන උන් කොමෙන්ටු දාන්න එනවා කියලද? පාලු පිට්ටනියේ හෙළුවෙන් පිනුම් ගහනවා වගේ තමයි. මයි කාර් මයි සූර්
මේ කතාව කියවනකොට මටත් මතකයට ආවේ ඇන්ඩිගෙ ප්ලාස්ටරේ කතාව. පොඩි දෙයක් වුනත් තමන්ට දැනෙන විදියට විශාල කරලා දකින අපි කා තුලත් තියෙන පුරුද්ද ඒ කතාවෙනුත් මේ කතාවෙනුත් නිරූපනය වෙනවා. අර කිව්වා වගේ අපි කාතුලත් ඒක අඩුවැඩි වශයෙන් තියෙන නිසාමයි අපේ හිත් වසඟකරගන්න ඒවගේ කතාවල් සමත් වෙන්නේ.
ReplyDeleteමේ කතාවට මම බොහොම කැමතියි කියලා අමුතුවෙන් කියන්නත් ඕනෙද
ඒ එක්කම මගෙ හිතට අර බ්‍රා එකක් ගන්න ගිහින් බෑන්ඩ් ඒඩ් එකක් ගහගන්න කිව්ව කතාව ආවා.
ආ ඩුඩ්... ඒ ප්ලාස්ටර් කතාවට හරියටම ගැලපෙන කතාව මම තාම ඩ්රාෆ්ට් එකේ තියාගෙන ලියනවා කියල හිතාගෙන ගොඩක් කල්. ඇත්තනේ බොලේ, මේකෙත් එහෙම ගතියක් වගේ තියෙනවා නේද? ඇත්තටම ඩුඩ් , මේ කතාවට වයස අවුරුදු දහයක් විතර ඇති. මගේ හිතේ තිබ්බා එතරම් කාලයක්. ලියාගන්න බැරුව හිටියේ. හොඳටම ආවේ නැති උනත් දාල දාන්න හිතුන තවත් තප්පුලන්නේ නැතුව.
Deleteතව ඒ වගේ හිරවෙච්ච කතා කීපයක් තියෙනවා. කොහෙද මුඩ් ඇති විට වෙලා නැත, වෙලා ඇති විට මුඩ් නැත !
හිහ්... ඒ කතාවේ නම් මේ සිද්ධියේ අනික් පැත්ත නේද?