Monday, October 26, 2015

229. කැසිනෝ රෝයලි (casino royale)






අපේ ගෙදර ඉස්සර තත්වය තිබ්බ කාලේ ( ඒ කියන්නේ දැන් තත්වය මිට හුගාරියක් වෙනස් හින්ද) වෙච්ච වැඩ දුසිමක් විතර මම ලියලත් ඇති. තව ලියන්න තියෙන ජාති ඉතින් ඉසේ කෙස් ගානට. සමහර ඒවා මට මතක් වෙන්නේ ලියන්න ගත්තම මිසක් මට එතෙක් ඔතරම් ඩිටෙල් මතක තිබිලා නැහැ. ඒවත් අර මැජික් කාරයා තොප්පිය අස්සෙන් අර කෙළවරක් නැති රෙදි පටියක් එලියට අදිනවා වගේ, කොනක් අල්ලගත්තම මතක් වේගන වේගන එනවා, ආයේ නැහැ පාචනේ වගේ!

මම ඉස්සරත් කියල ඇති මම පැංචි කාලේ අපේ ගෙදර හිටියා මාර සෙනඟක්. කොටිම්ම කැරම් බෝඩ් එකක් දිගෑරියොත් කිසි ගේමක් නැතුව කණ්ඩායමක් හදාගෙන කැරම් අතක් ගහන්න පුළුවන්. ඒවාට ඕනේ කරන අඩුම කුඩුම විදියට ඒකටම වෙන කරපු ඩෙස්ක් බංකු, පවුඩර් කොට්ට ( මට මතක විදියට ඒ දවස්වල කැරම් බෝඩ් එකට දාන පවුඩර් තිබ්බේ හතරැස් රෙදි පොට්ටනියක දාල, මහලා. හරියට ඉස්කෝලේ ඩස්ටර එක වගේ.  දැන් නම් ඩස්ටර් ඉස්කෝල වලත් නැහැ මම හිතන්නේ) ඕක මැදැගිල්ලෙනුයි, මහපට ඇඟිල්ලෙනුයි අල්ලලා බෝඩ් එක මැද්දේ 'ටුහ් ටුහ්' ගාල ගැහුවම ඕනේ තරමට පවුඩර් වැටෙනවා.



පුංචිම පොඩි එකා වෙච්චි මම ඔය වැඩේ සීරුවට කරන්න දන්නේ නැති නිසාත්, අපේ අනිත් උන් මාව මඩවන්නත් එක්ක මට ඔය පවුඩර් දැමිල්ල දෙනවා. මමත් ඉතින් ගොන් වහන්සේ වගේ පැනපු ගමන් පවුඩර් පොට්ටනිය අතට අරගෙන 'දොහ් දොහ් ' ගාල බෝඩ් එක මැද්දේ ගහනකොට, ඒ වෙනකොටත් මේ අවස්ථාවට පෙර සුදානමක් තිබ්බ අනිත් උන් ටික ඔක්කොම අතින් කටවල්, නහයවල් ඔක්කොම වහගෙන. මම දැන් ලිබ්බෝක්කේ රිංගපු බළල්තඩියා වගේ පවුඩර් ඔක්කොම නාල, කන් දෙක පහත් වෙනවා.

මම මේ කැපකිරීම කරන්නේ වෙන දේකට නෙවෙයි. මාවත් කැරම් ගහන්න ගනියි කියන පරම පවිත්‍ර චේතනාව හිතේ දරාගෙන, මහමෙරක් වගේ බලාපොරොත්තු හිතේ දරන් !

මම දැන් පොටි අල්ලපු මයිනරේ වගේ අසරණ බැල්මක් දැම්මම,

"චුටි නංගි එහෙනම් ගිහින් මුණ හෝදගෙන එන්න. කැරම් ගහන්න ඊට පස්සේ ගන්නම්"

"ඔන්න එහෙනං මම එනකල් ඉන්ඩෝ...."

කියාගෙන, අර මහා මෙරක් වගේ බලාපොරත්තු ටික කැරම් බෝඩ් එක ගාව තියල  පැන්ට්‍රි එකට. මම පැන්ට්‍රියට උස මදි නිසා පුටුවක් අරගෙන තියලා යන්තමට ටැප් එක ආසන්නයට අත ලංකරනකොටම 'ටොහ්' ගාල කැරම් අත කැඩෙන සද්දේ ඇහෙනවා. මම දනී පණි ගාල අත්දෙකටයි, මුණටයි වතුර ඉහාගෙන, පුටුවෙනුත් බෙල්ල නොකැඩි වැටී දුවගෙන එනවා. මගේ මහමෙරක් බලාපොරොත්තු ඩෙස්කුව උඩින් ගිහින් ඉත්තෝ වෙලා , ඩිස්ක් එක විසින් වැදුණු පාරට කැඩිලා බෝඩ් එක පුරාම විසිරිලා.

"මම එනකල් ඉන්ඩ කිව්වා නේ.... අනේ...."

"හරි හරි මේ අත විතරයි."

මම පුටුවක් ඇදල අරගෙන මාළු ලෑල්ල ගාව , කැපෙන විසිවෙන මාළු නැට්ටක් 'පාත්' වෙනකල් ඉන්න බළල් තඩියෙක් වගේ බලන් ඉන්නවා. ඔන්න පළවෙනි ගේම් එක ඉවරයි. මම බංකුවෙන් බිමට පැනලා පොරොන්දු මතක් කරලා දෙනවා.

"අනේ.. මට දෙන්නකෝ මේ පාර සෙල්ලම් කරන්න"

සෙල්ලමේ දිනපු උන් කොහොමත් නැගිටින්න සුදානමක් නැහැ. පැරදිච්ච උන් දිනනකල් නැගිට්ටවගන්න බැහැ. ඔන්න දැන් මේක ජිනීවා වගේ වෙනවා. ඒ කියන්නේ එකෙක්වත් අහන්නේ නැහැ මගේ ඉල්ලීම්. මට දැන් මාරම දුකයි. ඒ උනාට කෝ කාට කියන්නද?

"ඊළඟ පාර එන්න හරිද?"

තප්පරේට ඉත්තෝ එකතු කරලා හදල ගන්න කවුරු හරි කියනවා.

මම ඉතින් අර රතුපස්වල එකෙක් වගේ ආයෙමත් බලන් ඉන්නවා. හැබැයි ලැබෙන්නේ නැහැ. ඔහොම් වට අට නවය යනකොට පොලෝසියෙන් පනිනවා. ඒ කියන්නේ අපේ ආත්තම්මා එනවා. එතකොට පොලිසියෙන් පැන්නට හපන් හින්ද මුලිම්ම මාරු වෙන්නේ අක්කලා ටික. අන්තිමට බෝඩ් එක උස්සන්න විතරයි මගේ උදව් ඕනේ වෙන්නේ. හුලං තමයි!

ඔය සිද්ධියම තමයි කාඩ් සෙල්ලම් කරන්න ගියාමත් වෙන්නේ. පොඩි එකා උනාට මමත් ඒ දවස්වල ඕමි කැප්ටන්. වයස අවුරුදු 6-7 වගේ කාලේ. ඔක්කොම පවුල් ගහෙන් පොඩිම එකා වෙච්චි මාව සගයා හැටියට අරගෙන ඕමි ගහන්න එකෙක්වත් කැමති නැහැ. මොකද සමහර වෙලාවට උන් දාන්න කියල කියන කොළ අඟවන අංගචලන තේරෙන්නේ නැතුව මම

"ඈ ? මොකද්ද? කලාබරද? "

කියල අහනවා.

අහනවා නෙවෙයි ඇහෙනවා. හරියට කියන්න එපැයි නැද්ද? මොකද කකුල පාගන්න සමහර වෙලාවට මගේ කකුල බිම ගෑවෙන්නේ නැහැ. අපේ අය්යලා නම් ඒ දවස්වල සරම ඇඳලා එන්නෙම, නොපෙනෙන්න පාට්නර් නේ කකුල පාගලා හරි ඕනේ කොලේ දම්මගන. අන්න එහෙමයි සාධාරණ විදියට ධාර්මිකව ඕමි ගැහුවේ. මේ හින්ද මමත් කර වෙලා හිටියේ නැහැ කියන්නත් බැහැ.

තවත් හේතුවක් තිබ්බ ඕකට. ඒ තමයි මම කපනකොට ( ඕමි ගහපු උන් දන්නවා ඇතිනේ තුරුම්පු වලින් කපනකොට) ආයේ නැහැ කොලේ දාන්නේ කොස් කපන්නා වාගේ අත උඩට උස්සලා , දත්මිටි කාල, තොල විකාගෙන......

"ඔන්න ඔන්න.... චුටි නංගි කපන්නයි හදන්නේ.. හැක හැක හැක..."

සමහර වෙලාවට කලින් එකා කොලේ දාන්නත් කලින් මගේ අංගලක්‍ෂණ කියවන ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ එකාට ඉව වැටෙනවා. ඉව ඕනේ නැහැ මම හිතන්නේ ඒකට , මම වෙනම නාට්ටියක් රඟපානවා ඉතින්, ඕනේ කනෙකුට තේරෙනවා! ඉතින් සමහර වෙලාවට මගේ පාට්නර් වැඩ දන්නා එකෙක් උනොත් නම් යන්තම් ජාම බේරගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඇපත් නැතුව කොළ දෙක දෙක කියලා පරදින්න වෙන්නේ. හික් හික්...

ඔන්න මගේ ගෙදර තත්වේ. කුජීතයි නේද?

මේ කාලේ මම ගියේ ඒ දවස්වල  තිබ්බ මිශ්‍ර පාසලකට. මම ඒ ගැන මෙතන ලියලා ඇති. ගෙදරදී හම්බානක කින්ඩි කෑවත්, මම ඉස්කෝලෙදි හෙන ගැට්ට දාගෙන හිටියේ. එකක් මම තමයි පංති නායිකාව. අනිත් එක අනික් ළමයි අහිංසක වීම. දුප්පත් පවුල්වල ළමයි තමයි වැඩිපුරම හිටියේ.

ඔන්න ඔහොම ගතවෙන එක දවසකදී මට ආව ෆැන්ටාස්ටික් අයිඩියාර් එකක්! මම මගේ ඇන්ටනාව දාල සුපුරුදු හොර වැඩට යෙදෙන ආකාරයෙන් හැසිරිලා ඕනෙකරන ප්‍රතිපාදන සපයගත්ත. සද්ද නැතුව ඉබ්බා වගේ ඉස්කෝලේ ගියා.

ඔන්න පළවෙනි පීරියඩ් එක ඉවර උනා. දන්නවනේ පොඩි පංති වල ගුරුවරියෝ තමයි ඔක්කොම සබ්ජෙක්ට් කරන්නේ, ඉංග්‍රීසි ඇරුණුකොට. කොහොම හරි කාලය ගත උනා. මට දැන් ඉවසන් ඉන්න බැහැ.

විවේක කාලය ආපු ගමන් මම දඩ බඩ ගාල මගේ බෑග් එක ඇරලා මගේ අයිඩියාර් එක ක්‍රියාත්මක කරන්න කියල හිතල, ඇතුලේ අඩියටම අත දාල ගත්ත....

ගත්තේ කාඩ් පැක් එක!

ඊට කලින් දවසේ පස් මහා බැලුම් බලලා මම ඒක හොරෙන්ම මගේ බෑග් එක ඇතුලට දාගන්න දීපු ගේම දන්නේ මම විතරයි.

"මේන් බලන්න!"

මගේ වටේ කට්ටිය භිරාන්ත වෙලා මගේ දිහා බැලුව. මම අතේ තිබ්බ කාඩ් පැක් එක වම් අතට අරගෙන පළපුරුදු ඕමි කාරී වගේ දකුණු අතින් කොළ දෙකක් අරගෙන අනන්න ගත්තේ..

"... අපි.... ඕමි ගහමුද................."

කියන ගමන්. මම ඒක කිව්වේ තාලෙට. ඇද............ල පැද..............ලා . රස කෑමක් කමුද අහනකොට වගේ මගේ ඔලුව දෙපැත්තට වැනුනාත් මතකයි...


වැඩේ කියන්නේ ඊට පස්සේ හරියටම උනේ මොකද්ද කියල මට මතක නැහැ. නමුත් සාරාංශ වශයෙන් කිව්වොත් මගෙත් එක්ක ඕමි ගහන්න තරම් දැනුමක් තිබ්බ  ළමයෙක්වත් එතන හිටපු නැති නිසා මට එදා ඕමි පාරක් ගහගන්න නම් බැරි උනා.

නමුත් හත්වලාමේ, එදා හවස අපේ අම්මා ගෙදර ඇවිත් මම එයා ගෙනාපු දේවල් කන්න බලාගෙන සාලෙට පය තියපු ගමන්ම......

"ආ චුටි දුවේ..... අපි ඕමි ගහමුද......................... හි හි හි"

"හිකි හිකි හිකි"
"හැ හැ හැ ....."
"හැක හැක හැක......"
".හූහූ.... හූ..... ඕමි ගහමුද................."


අර පස්සේ හිනා උනේ ගෙදර හිටපු අනිත් උන්.. මම හොල්මන්ද පොල්කොළ!

වැඩේ ලීක් ! ඒත් කොහොමද????


මම තාමත් දන්නේ නැහැ ඒ කොහොමද කියල





57 comments:

  1. උපේස්සලැයි ගෙදර ඉදල තියෙන්නෙ නං බීබීසි යට රොයිටර්ට නෙවී අර සුරංගයගෙ ආච්චම්මටත් එහා ග්ය ඇඩ්වාන්ස්ඩ් ඔත්තු බලන්නෙක්.. හිහි...
    වෙලාවට ඉස්කෝලෙ උං චීච මෙන්නෝ...... කියල බෙරිහං දුන්නැත්තෙ... හික්ස්...

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට මම කියලත් ඇති අපේ ගෙදර ක්‍රියාත්මක උන විශේෂ ඔත්තු සේවය ගැන. මම ඒ කාලේ හිතන් හිටියේ මට වඩා සිරාවට හොරවැඩ කරන්න පුළුවන් එකෙක් ලොවෙත් නැහැ කියල. අපොයි.... ඒ උනාට හොර වැඩේ කරලා ගෙදර වැට ගාවට එන්න කලින් ගෙදර උන් ඔක්කොම සියල්ල දන්නවා! අනේ ඉතින් සෝචනීයයි මිත්‍රවරුනි!

      ඊට පස්සේ කාලේ ( අවුරුදු 16න් පස්සේ) තත්වය කණපිට හැරුනා. මම කලොත් වැඩක් ලොවෙත් හොයන්න බැහැ .. හි හි... මට හරියට මතක නැහැ ඉස්කෝලේ උන් කෑගහුවද කියල. උන් මට බයයි. ඒ නිසා කෑගැහුවා වෙන්න බැහැ.

      Delete
  2. ඔය පංතියේ මම හිටියනම් මම එනවනේ බොල ඕමි ගහන්න..මගේ කැමතිම සෙල්ලම ඕමී...මම බෙදන කොට ආසියෙක් උස්සනවමයි..
    කැරම් තමයි ටිකක් අප්සට්...දාන්නේම අනිත් පැත්තේ ඉත්තෝ..

    ReplyDelete
    Replies
    1. අනේ මනෝ... කතාකරලා වැඩක් නැත, මගේ ලෙවල් එකට ඒ පංතිවල උන් පත්තියන් වෙලා හිටියේ නැහැ. මට වෙලා තිබ්බේ මට ඉන්න උනේ මට වඩා දෙගුණයක් වයස සෙනඟක් එක්ක. ගෙදර ඔටෝග්‍රාෆ් වල ලියන, මල් සින්දු අහන කෙල්ලන්ට ලියුම් ලියන පරිසරයක් තිබ්බේ. එක අතකට ඒ පන්තිවල උන් අහිංසක නිසා මට වාසිත් උනා. මම ගානට බිස්නස් කාරිය කරගෙන හිටියේ. හි හි... මෙන්න මගේ බිස්නස්..

      කැරම් ! අම්මේ ... බෝඩ් එකක් දකින්න ඕනේ නැහැ, කිව්වත් ඇති. වැදගත්කම කැලේ !

      Delete
    2. ඒ පෝස්ට් එකත් බැලුවා...
      රටට අවශ්‍ය මේ වගේ ව්‍යාපාරිකයෝ තමයි..........

      Delete
    3. රටට ඕනෙය කිව්වා? හෙට ඉඳන් මාව හොයාගෙන කට්ටිය ගේට්ටුව ගාව පොරකයිද? අදම මාරි පෙට්ටියක් අරගෙන යන්න ඕනේ ගෙදර. කෝඩියල් හොඳයි නේ?

      Delete
  3. ඉස්සර අපේ තාත්ත එක්ක ඕමි ගහද්දීත් ඔහොම තමයි.. හොර ගෙඩියෙක් අපේ තාත්තා.. හෙහ් හෙහ් නියමෙට අපිව අන්දලා එයා ඉන්න පැත්ත දිනවනවා... හෙහ් හෙහ්.. අපේ ගෙදර තිබ්බ කැරම් බෝඩ් එක මිට අවුරුදු 7-8කට විතර කලින් නම් ගමේ පොදු කැරම් බෝඩ් එක විදියට මල ගෙවල්, පිරිත් ගෙවල්, බණ ගෙවල් වල ගිහින් තිබුනා.. දැන් නම් තියෙනව ද දන්නෙත් නෑ...

    මේ සැරේ අපේ කට්ටිය මෙහෙ ආපු වෙලාවේ ඕමි ගැහුවා.. සෑහෙන්න කාලෙකට පස්සේ..

    ReplyDelete
    Replies
    1. හොයන්න මහන්සි වෙන්නෙපා පැතුම් අයියා.. බඩු නෑ !! ෂුවර් තමා …

      Delete
    2. මට ඔය සෙල්ලම් කරනකොට හොර කිරිල්ල කරන්නත් බැහැ , වෙන එකෙක් කලොත් මාරයා නගිනවා. සමහර උන් විනෝදෙට ඔහොම කරනවා නේ, මම ඒ වෙලාවේ යක්සිනි වෙනවා. එක්කෝ දමල ගහල යනවා. ඔය පොඩි කාලේ ඔය හොර වැඩ කරනවා බලාගෙන ඉන්නේ අසරණ වෙලා වගේ මට මතක විදියට. මොකද ඒ වගේ කරන්න හැකියාවක් තිබ්බේ නැහැ මට ගේම්ස් වලදී. ( සැබෑ ජිවිතේ නෙවෙයි ඒ කියන්නේ හරිද? හි හි)

      අපේ ගෙදර කැරම් බෝඩ් එක පුස් කකා තියෙනවා. කරම අතක් ගහන්න වත් හතරක් හොයාගන්න බැහැ. ඉත්තොත් නැහැ මම හිතන්නේ.

      Delete
  4. එකක් මම තමයි පංති නායිකාව. අනිත් එක අනික් ළමයි අහිංසක වීම. දුප්පත් පවුල්වල ළමයි තමයි වැඩිපුරම හිටියේ.= ඒ කියන්නෙ උපේක්ශා පෝසත් පවුලකනේ..... එතකොට නයා ෆ්‍රිජ් එක උඩිනුත් ගියාද? ඒ ටික කින්ඩියට. කථාව හරිම ලස්සනයි.... ඔයාට හොඳටම ලියන්න පුලුවන් මේ ජාතියේ ඒවා

    ReplyDelete
    Replies
    1. / ඒ කියන්නෙ උපේක්ශා පෝසත් පවුලකනේ/

      ආය මොනවද? දළඳා වීදියෙ කඩ හතරක් තියනව මුන්දලට. මම පොඩ්ඩක් හොයල බැලුව කව්ද මේ කියල..එතකොටයි දැනගත්තෙ...හෙහ්,හෙහ්,

      Delete
    2. කඩ හතරක් කීවා ?? එහෙනං තීන්දුයි :D

      Delete
    3. ඇයි අලි! අලිම තුන්දෙනෙක්.

      Delete
    4. එතකොට අර මොරිස් මයිනර් එක

      Delete
    5. හෙන්රි,

      / ඇයි අලි! අලිම තුන්දෙනෙක්./

      අන්න හරි බන්. හරියටම හරි..උඹත් මේ අම්මණ්ඩි ගැන හොයල බලල තියනව ඒ කියන්නෙ... මෙවුන්දැ පොඩි කාලෙ ඉස්කොලෙ ගියෙත් අලිය පිටේලු. දැන් උනත් දැක්ක ගමන් ගොඩක් දෙනෙක් අහනවලු " ඔයා පොඩි කාලෙ අලි පිටේ ගියා නේද? " කියල...:)

      Delete
    6. තේ කෑල්ල
      රබර් කෑල්ල...

      ගමේ අය කතා කරන්නෙත් නුවර චුටි කුමාරි හාමි කියලා

      Delete
    7. රවී/මෙන්ඩ දන්නෙ නැති නිසා අහන්නෙ. නුවර කොහොමද බං කුමාරිල ඉන්නෙ? එහෙ ඉන්නෙ මැණිකෙලනෙ. කුමාරි ල ඉන්නේ පහත රටනෙ? නුවර කුමාරි කියල කෝච්චියට නම දාල තියෙන්නේ නුවර යන නිසානේ. පොඩි මැණිකෙ කියන්නෙ අනිත් කෝච්චිය උඩරට නමකින් දාපු.

      Delete
    8. රවී,ඈ බං අර දවසක් කිව්වෙ පොඩි කාලෙ අලි පිට ගිය ගෑනු ළමයින්ව පස්සෙ හොයාගන්න පුළුවන් කියල.අන්න ඒ කතාව කියහන්කො.

      Delete
    9. හත්වලාමයි... මේ මක්කද වෙලා තියෙන්නේ, විලේජ් ඊටින් නේද හය්යු!!

      රවී: මතකනේ.. මට ඔය කඩයක් තව ඩින්ගෙන් අයිති වෙන්න ගියානේ. ( ඒ කතාව බලන්ට කැමති උන් මෙතැන කොටන්න )

      ඩුඩ් : අලි? , ගාන නම් හරි...? ඉඳහන් මම අපේ අය්යට කියන්ට අපිට තුන්දෙනාට නෙවෙයි, ඌට අලියා කිව්වාය කියල. හුහ්... ඌ සැරා......................යි හොඳේ...

      මෙන්ඩා : උඹට පොල් කෑල්ල අමතක වෙලා

      හැලපේ : හැබෑට? රවියා උත්තර දීපන්??

      Delete
  5. උඹට කියන්න බං අපේ ආච්චි රෑට පිරිත් අහන්න තියං උන්න පොකට් රේඩියෝ එක මං මැච් එක අහන්න ඉස්කෝලෙ ගෙනිහිං මළ හත්තිලව්වක් උනා බං… ආච්චි ගැහුවේ එලෝ එලෝ මට :D තාත්තා ගෙදර ආවම නඩුව කීවා..තාත්තට හිනා ගියා කියහංකො … එතකොටයි ලේ ටිකක් ඉනුවෙ.හැක්

    ReplyDelete
    Replies
    1. උඹලා ආච්චිත් උපේක්ෂා ආන්ටි වගේම ඇති නේද ? හැක

      Delete
    2. පත්තරයෝ: ගෙදර තියෙන දේවල් ඉස්කෝලේ උස්සගෙන ගොස් ගම කාගත්ත එකම අවස්තාව මේක නෙවෙයි ආයුබොවන්ඩ.. තව ඇත... එව්වා කීමෙන් අනතුරු සිදුවිය හැක...

      ඉවාන්: අනේ මෙහ්... දුප්

      Delete
  6. පට්ට හලෝ... ඔයා මාර ගතියට ලියනවා නේ මේවා...

    මේ...
    කාගේ ඉහේ කෙස් ගාණටද ලියන්න ඒවා තියෙන්නේ???

    ඕමි ගහපු ගැන නම් මටත් කතා තියෙනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. කෙස් ගැන ඇසු පැනය සඳහා 'කෝල් අ ෆ්‍රෙන්ඩ්' උපකාරය යොදාගන්නවා...
      ඉතින් ඕමි කතා ලියන්න මෙතැන. මමත් සුදු අන්තුවෙක්!!!

      Delete
  7. උඹේ උපහැරණ උඹ වෙනම ලියාගන්නවද දවස තිස්සේ කල්පනා කරලා? එහෙම නැත්නම් මතක්වෙන ගානේ නෝට් කරගන්නවද?
    පොටි ගාපු මයිනරේ!

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම හිතුනා ඔය පොටි ගාපු මයිනරේ කෑල්ල දැකලා මරු ඕයි

      Delete
    2. ඩුඩ් : සතියක් තිස්සේ කල්පනා කරලා, කොලේක ලියලා, බිත්තියේ අලෝගන්නවා. ඒකෙන් එක එක තෝරලා තව කොලේක ලියනවා. උපහැරනේ මුලින් ලියලා ඊට වටේ කතාව ලියනවා. අන්න එහෙමයි.

      ඉවාන්: දැන් උඹ වගේ එකෙක්නම් මම ලියන්නේ ටින්කරින් කරලා නැති ලොරි බාගේ කියල.

      Delete
  8. පොටි ගාපු මයිනරේ කතාව තමා සුපිරිම කතාව! මල් හතයි ඈ!!

    ReplyDelete
    Replies
    1. මට හිතුනා හරියටම හිතේ ඇඳෙන්න නම් වෙන කියන්න උපමාවක් නැහැ කියල. ඒකයි එහෙම ලිව්වේ. මම කියන්න ගියා නම් ඔයිට එහා

      Delete
  9. මේ බ්ලොග් එකට අද තමා ගොඩ උනේ. දැක්ක ගමන් කොන්ඩෙ කෙලින් උනා. ආයේ වෙබ් ලිපිනයත් බලල තමයි තහවුරු කරගත්තේ මේ වෙන බ්ලොග් එකක් කියල. අහඹු සිදුවීමක් උනාට ලියවෙන්නේ එකම ආරයේ ඉතිහාස කථා අපි දෙන්නම. ලිවිල්ල සුපිරි.

    ReplyDelete
    Replies
    1. අඩේ.. මට නියම බිස්නස් අයිඩියාර් දෙනවනේ ඔබතුමා. බලන්ට දැන් ඔය සැලුම් වලින් මොනර කොළ කීයක් නම් ගන්නවද කොන්ඩේ කෙලින් කරවල දෙන්න. මට සැලුම් එකක් දාල පුළුවන් වැඩේ කරලා දෙන්න දුසිම් බාගයක් වගේ එකවරම! නැද්ද?

      හෑ ? දැන් ඔබතුමා කියන්නේ ඔබතුමාත් මම වගේ සුදුවේ ගැලී, වෙලී උන්නා කියලද කිරිසප්පයාගේ කාලේ ඉඳන්? ඈ ? හිටින් මම කතන්දර ටිකක් කියෝලා බලන්නම්. ආවට ස්තුතියි ඈ

      Delete
  10. උඹව සෙල්ලමට ගැන පුළුවන් එකෙක් යයි , හොඳ වෙලාවට උන් ගත්තේ නැත්තේ , මොකෝ උඹව ගත්තනම් සෙල්ලම් කරන්නයි , අර උන් එක්ක පටලි පැටලී ඉඳියි . උන්ට සෙල්ලමක් කරන්නත් නැතිවෙනවා . හැක

    උඹේ ඔය ලියවිඉල්ල තමා සුපිරි , ලොවෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ ඉවානයා... මාව සෙල්ලමට ගන්නේ බයිට් එකට ගන්න... අපොයි එහෙම දුකක්... මමත් එක්ක මොකද හොර කරන්නද? කටුස්සි වගේ එල්ලී එල්ලී එනකොට මහා වාතයක් වගේ තේරෙනවා ඇති.

      ස්තුතියි ඈ

      Delete
  11. මේක පට්ට ඈ..... මොනා උනත් ඕමි කියන්නෙ හෙන සාධාරණව කරන්න පුලුවං සෙල්ලමක්..................

    ReplyDelete
    Replies
    1. ඕනෑම තැනක හොරාට කරන්නත් පුළුවන්. එකම වැඩේ සද්දේ....

      Delete
  12. / මොකද කකුල පාගන්න සමහර වෙලාවට මගේ කකුල බිම ගෑවෙන්නේ නැහැ. /

    අම්මාපල්ල..කිව්වත් වගෙ බිම ගෑවෙන්නෙ නැති කකුල් පාගන්නෙ කොහොමෙයි? අපෙත් ඔය හිටිය ක්ලාක් කෙනෙක් බොහොම කොට ජීවිතයක් ( Living near the earth category නොහොත් පෘථිවිය ආසන්නයේ ජීවත්වන උදවිය ) පුටුවෙ ඉඳගත්තම කකුල් බිම නොගෑවෙන මොඩල්. මම මේ කල්පනා කලේ අපේ එවුන් ඒකිගෙ කකුල පෑගුවෙ කොහොමද කියල? මතක් උනහම කියන්නංකො.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අපිලට කේන්ති තමා යනවා.......

      Delete
  13. ෂා මෙයා මරුනෙ... පන්තියෙ ළමයිනුත් හොදයි මම පොඩිකාලෙ හිටපු පන්තිවල ඔයවගෙ දෙයක් කලානං කවුරුහරි ගොබ්බයෙක් ට්ච ඉස්සරහ හොද ළමය වෙන්න ගිහින් කේළම කියනවා

    ReplyDelete
    Replies
    1. හික්.. මරු ? මමත් ඉතින් මරු මරු වැඩ තමයි ඒ කාලේ කලේ.. හික්... අපේ පන්තියේ උන් මට බය නිසා වෙන්න ඇති කිව්වේ නැත්තේ. එහෙම අහු උනේ නැහැ කියලයි මට මතක. මම මොකක් හරි ගැජමැටික් එකක් ගෙදරින් අතුරුදහන් කරගෙන ගිහින් ඉස්කෝලේ පෙන්නලා අලියා වෙන්න තමයි ට්‍රයි එක හැමතිස්සෙම. ලොකුකම.

      Delete
  14. තුරැම්පු කියන්න කිව්වාම
    “තුරැම්පු හාරත ආසියා“ කිව්වලු

    ReplyDelete
    Replies
    1. සිරාවට මෙන්ඩෝ.... මමත් ඔහොම තුරුම්පු කියල තියෙනවා හලෝ.. ඔය කියනකොට තමයි මතක් උනේ... හය්යු... කතාකරලා වැඩක් නැහැ, කුජීතයි...

      Delete
  15. මාත් පොඩි කාලෙම ඕමි ගහන්න ඉගෙන ගත්ත.ඉස්සෙල්ලම පුරුදුවෙන කාලෙ සෙල්ලං කරද්දී කොළ වැටීගෙන එනකොට මේ ජාතියෙ එකක් තියෙනවනං දාන්න කියනවා.ආසියෙක් දාල තිබ්බොත් මමත් මගේ ළඟ ඉන්න ආසියෙක් දානවා.බලු බැනුම්.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට මගේ පාට්නර් ට කපන්න කියලා මට කපන්න එපා කිව්වට මට කැසිල්ල.. තුරුම්පු තිබ්බොත් පැනලා කපනවා ආයේ නැහැ ගේම පැරදුනත් මට හෙන සැටිස් , ඇයි මම මගේ තුරුම්පු වලින් කපලනේ. අනිත් එකා මාව කන්න හදනවා... මමත් බැනුම් අහල තියෙනවා හොඳට

      Delete
  16. මටනං ඕම් තියා කොල කුට්ටමේ මෙලෝ එකක් බෑ. හැබැයි බූරු ගහන අයට සිකරට්, බුලත්විට ගෙනත් දීල ගානක් හොයාගන්නව.

    පොටි ගාපු මයිනරේ?
    මේ ඔයාට කෝචොක් එකට කියපු නමක් නේද?
    බොහෝවිට ඔයාගෙ ගෙදර අය වෙන්න පුලුවන් මෙහෙම කියන්නේ.

    ඉස්කෝලෙදි පිටු පෙරලීම වගේ සූදු කෙලල නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ශ්‍රංග ඔය කියන්නේ වැදගත් විදියට සල්ලි වලට බුරුවා ගහන තැන වෙන්න ඇති. අපි සල්ලි වලට ගහන්නේ නැහැ. අදටත් මම විහිලුවට වත් සල්ලි වලට බුරුවා ගහන්නේ නැහැ.

      පොටි ගාපු මයිනරේ: හ්ම්ම් හ්ම්ම්ම් ...... මෙහෙම එකකුත් තියෙනවා, මම දැන් කිව්වද මොන පාටද කියල? කවුද යකෝ ඒක කලුයි කිව්වේ? ඇත්තම කිව්වොත් මම පොඩි කාලේ කළුම කලුයි. හෙක්.. මම ඒ ගැන ලියලා ඇති ගොඩක් තැන්වල. ඒ ගැන හිතලයි මම එහෙම ලිව්වේ. ලියනකොට හිතුනා කළු මයිනර් කියල ලියන්න. හිතලම නොලියා හිටියා කට්ටියට ඕනේ විදියට මවාගන්න. පුදුමේ කියන්නේ හැමෝම මවලා තියෙන්නේ කලුපාට මයිනර්!!!

      මට 'කළු මැණික' කියල නම් විහිළු කරලා තිබ්බත් මේක නම් මම විසීම කරගත්ත අපහාසයක් මිසක් ගෙදර උන්ගේ සම්බන්ධයක් නැත!

      පිටු පෙරලිල්ල? මම එහෙම එකක් දන්නේ නැහැනේ. කියන්නකෝ මොකද්ද කියල

      Delete
  17. අලුතෙන්ම ඉගෙන ගත්ත උපමාව
    -පොටි ගාපු මයිනරේ...


    ------------
    උපේක්ෂා...
    කතාව නම් ඉතින් ආයේ දෙකක් නැහැ ලෙසටම ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අපේ අය්යා කියන උපමා ඇහුවොත්.. හෙක් හෙක්.....

      අතුතියි රසවින්දා නම් මගේ අබග්ගේ

      Delete
  18. උපේක්ශා, ඕමියක් ගහමුද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල..... එමු එමු

      Delete
  19. ඇති යන්තම් රස කතාවක් ලියල.. අපි කැම්ප් ගියාම ඉතින් ඕමි ගහනවා රැ වෙනකන්ම. ඔය අතරේ හිටිය බුරුව ගහන්න ඕනෑ එකෙක්. වෙන එවුන් බුරු ගැසීම දන්නේ නැති හින්ද මු කලේ මොකද දන්නවද. අනිකට බුරු ගහන්න කියා දෙන ගමන් බුරු ගැහුවා. ඌ Rs.60 ක් දිනන අනික Rs.4ක් දින්නා .

    ඇයි තව කතාවක් තියෙන්නේ 304 ගැන.. දන්නෙ නැත්නම් කියන්න දාන්නම්. . . දාන්න දේවල් දාල මන් චාටෙර් උනොත්..

    බොමුද සිතල වතුර වීදුරුවක් වගේ ගහමුද පොඩියට ඕමි අතක් ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මගේ නීරස කතා කියෝලා මට එලෝ මෙලෝ නැතුව බැන බැන්ද උන්නේ? මමත් බුරුවා ගහන්න දන්නේ නැහැ මම හිතන්නේ. මම දන්නේ 304 සහ ඕමි. තව තියනවා කොළ බලනවා, ජෝඩු බලනවා කියල. ඒවා පොඩිම පොඩි කාලේ ( හි හි ඒ කියන්නේ අවුරුදු 5ට අඩු වගේ) සහ කොළ කුට්ටම් ගැන මෙලෝ දැනුමක් නැති උන් එක්ක සෙල්ලම් කරනකොට.

      ඒ බුරු යාළුවා නම් හොඳ අන්තුවෙක් වගේ! හි හි

      කලින් හිටපු කම්පැනි එකේ නම් දවල් කෑමෙන් පස්සේ 304 සෙල්ලම් කරනවා. අපෝ ඒ කාලේ නම්.. හි හි....

      ඕමි නම් මම ඕනේ මොහොතක එමි!

      Delete
  20. කැම්පස් එකේ කරම් බෝඩ් එක වටේ ඉඳලා තමයි අපි මෙතනට ආවේ, හෙක් හෙක් එතකොට ඔය මාහ සංස්කෘතියද මොකක්ද එක කඩලා බිඳලා සිහබාහුලා වගේ හිටිය සින්නොන්ගේ ගල්ලෙන බිඳලා අපිම සංස්කෘතියක් අටවා ගත්තා අපි පන්ති ඇතුලෙත් ඕමි ගහලා, අන්න එහෙමයි ඉස්කෝලේ දේවල් කැම්පස් අරන් යන්නේ,

    හෙක් හෙක් හැමදාම ඒලෙවල් පන්ති බාර මිස්ට ලියුම් ලියලා අස්සන් කරලා දෙනවා අද ඉඳන් ඕමි ගහන නා සුදු කෙලින් නා කියලා, ඒ අද කවදාවත්ම ආවේ නෑ වගේම පිනා එනකොට කුට්ටම තියෙන්නේ පන්ති බාර මිස්ගේ බෑග් එකේ. හෙක් හෙක්. කරම් නම් අපේ මා මා තමා ඔපෙන් කලොත් ඉත්තෝ ඔක්කොම දානවා රෙඩත් පොට් කරලා, අනිත් උන්ට තියෙන්නේ බලන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. සොමියෝ.... කොහෙද බොලේ අතුරුදහන් වෙලා උන්නේ? අප්පා දකින්නත් සන්තෝසයි...

      ඕනෑම තැනක, හිටගෙන ඉඳගෙන ආදී වශයෙන් මම ඕමි සෙල්ලම් කරලා තියෙනවා. අම්මෝ... කැරම් නම් කැම්පස් එකේ ගහන්න ගිහින් ඔක්කොම මගේ දිහා බැලුවේ ශෝටක් ගහගෙන කොක්ටේල් පාටියට ආපු එකෙක් දිහා බලනවා වගේ. බලනකොට බහුතර කොල්ලෝ ඉන්න අපේ කැම්පස් එකේ, ඒ වේලාවට කරම් ගහන්න එන කෙල්ලෝ නැති ලු. තව ඩින්ගෙන් මම ගිනස් පොතට යනවා.

      මගේ සූදු ගැන පස්සේ හිටපු ඉස්කෝලේ දන්නේ නැත. හික්... අන්න එහෙමයි මගේ කැරැට්ටුව

      මමත් නයෙක් අරින්නයි හදන්නේ: මමත් එකපාරක් කැරම් අතක් ගැහුවා ඔෆිස් එකේ. මම කඩලා, රෙඩා පොට් කරලා එක ඉත්තයි ඉතුරු උනේ ඊළඟ එකාට දෙනකොට. මට මතකයි කොල්ලෝ ඔක්කොම හූ කියන්න අරගෙන මහා විනාසයක් උනා. මම ඊට පස්සේ දවස් දෙක තුනක් යන්නේ නැතුව හිටියා බෝඩ් එක පැත්ත පලාතක. කොල්ලෝ මාව නැති කළා. යේ නම් එහෙමම කරගන්න බැරි උනා.

      Delete
  21. උපේස්සෝ.. යස්සනී වගේ ඉන්ඩ ඇති ඒ කාලෙ.. ඒ කාලෙ පොඩි ඉස්කෝලේ එකට එක කියවන්ඩ ඇවිත් ගුටි කාපු කෙල්ලොත් ගෙදරදී උඹලෑ වගේ වෙන්ටැති ..

    ReplyDelete
    Replies
    1. ඕන්න බලහල්ල කතාව....

      ඇයි හත්වලාමේ පෙනුනේ නැද්ද අනේ මම වින්ද අසාධාරනකම්? එකෙක්වත් මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැති එක? මම අනිත් උන් ඇවිත් මට කරන එක... මෙකී නොකී ඔක්කොම..... කූර ලෝකේ!!!!!

      මම ගෙදර හෙම සයිලන්ස්. ඒ උනාට තද උනොත් ආයේ නැහැ අහස්කුර වගේ. ඉස්කෝලෙදි නම් හෙනම ගේමෙන් හිටියේ මිශ්‍ර පාසලක් හින්ද. පස්සේ ගියපු ඉස්කෝලෙදි තමයි පොඩ්ඩක් ඩිපොසිට් උනේ.

      Delete
  22. අපේ ගෙදරත් තිබුනා කැරම් බෝඩ් දෙකක්... හිතා ගන්න පුළුවන්නේ කොහොම තියෙන්න ඇතිද කියලා. පොඩි කාලේ මටත් උනේ ඔය සන්තෑසියම තමයි... දැන් ඉතින් කැරම් අතක් ගනන්න, ඕමියක් ගනන්න කෙනෙක් නෑනේ :( ...

    වීක් එන්ඩ් එකේ වත් කට්ටිය එකතු කරගෙන කැරම් අතක් ගහන්න බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. දෙකක් තිබ්බ කිව්වා! හම්මා... මාරම පොෂ් නේ! හි හි...

      අනේ වාසනාවන්,කරම් අතක් ගහන්න අප්පා. දැන් නම් අපේ ගෙදර ගිහින් කැරම් අතක් ගහන්න ඇහුවොත් උන් බලන්නේ කොටදෙනියාවේ OIC දිහා බලනවා වගේ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...