Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts

Monday, April 4, 2016

262. එහෙම වෙන්නේ ඇයි ? I don't know why....



මට පිස්සුය කියල හිතෙන හැම වෙලේම මම කරන්නේ මගේ යාලුවෙක් හරි, කොටිම්ම මගේ අක්කව මතක් කරගනන් එක. එතකොට වැඩේ ලේසියි. සාපේක්ෂතා වාදය අනුව, මගේ පිස්සුව සාධාරණ බව ඔප්පු කරන්න වැඩි කාලයක් ඕනේ නැහැ.

මම උඩින් ලියපු ජේදය ලිව්වේ නිකන් කික් ස්ටාර්ට් එකක් ගණන් මිසක් වැඩකටම නෙවෙයි. හරියට පුහුල් හොරා මහමුදලි කමටත් වඩා වටිනවා කිව්වා වගේ!

මම ලිව්ව ඔය දෙවැනි ජේදේ ලිව්වේ පොඩ්ඩක් වත් හිතල නෙවෙයි. නිකම්ම ලිය උනා අය්යෝ.


දැන් තමයි හොඳම හරිය. ඒ කියන්නේ පටන් ගන්නේ මෙතන. ලියන්න ගියහම ඉතින් දන්නේ නැද්ද, හදිස්සියට කෙහෙල්කනට අතදාගන්න බැරි වෙනවා කියන්නේ ඕකනේ. ලියන්න යන්නේ එකක්, ලියවෙන්නේ තව දෙකක්.

මම හරිම ආසයි ඔය රහස් වැඩ වලට! කොටිම්ම ගෙදර යසට උයල තියෙන දෙයක් උනත් කාටවත් ඇහැ ගැහෙන්නේ නැතුව, හොරෙක්, බැට් මෑන් කෙනෙක් වගේ ගිහින් බෙදාගෙන කන්න තියෙනවා නම් මාර කික් එකක් දැනෙනවා. ඒ වගේම ඔය අභිරහස් දේවල් කියවන්න විතරක් නෙවෙයි කරන්නත් පුදුම කැශිල්ලක් තියෙන්නේ.

මතකනේ එක පාරක් මම ඔය වගේ ඩිටෙක්ටිව් වැඩක් බාරගෙන ඒක අකුරටම ඉෂ්ඨ කරපු හැටි!

Friday, February 12, 2016

248. කහපාට පෙම





අදත් මම එලියට බහිනකොටම... ඈතින් පේනවා හිටගෙන ඉන්න ඈ... මගේ හිත ප්‍රබෝධමත් වෙන එක අහන්නත් දෙයක්ද? දිලිසෙන කහපාටක් තියෙන ඇඳුමක් ඇඳලා , හිකි හිකි ගගා හිනා වෙන ගමන් ඇස්කොනකින් බලලා හිනාවෙන ඈ  දකින එක තරම් මිවිතක් තියෙයිද මම වගේ තනිකඩයෙක්ට?

හැමදාම උදෙන්ම එලියට බහින්න ඒ වගේ හිනාවක් උත්තේජනයක් සපයනවා කියල හිතන එක අමුත්තක්ද?

රත්තරන් පාට හමක් තියෙන එක හරියටම හිතාගන්න බැරි ඇගෙන් විහිදෙන කහපාට ආලෝකය හින්දමයි. හිමිදිරි පාන්දර සිහිලැල් අව්වෙන් තවන සිරුරක් රත්තරන් පාටම ඇති.

ඒ හැමදෙයක්ම වහගෙන බබළන්නේ ඇගේ ඇඳුම. හැබෑටම කහපාටට ලොබවෙච්ච කෙල්ලෙක් මම මේ දැක්කමයි. එකදිගට , එක එක මොස්තරෙන් මැහුවට ඈ අඳින්නේ දීප්තිමත් කහපාට. ඇස්දෙක වශීකෘත කරන ඒ කහ පාටට මම මෙතරම් ආසාකලේ නැහැ මිට කලින්.

ඇත්තමයි, කහපාට බබළන්නේ ඈ නිසා කියල මට හිතෙන්නේ ඒ හින්දයි.


බලාගෙන ඉන්නම බැරිතැන මම කලේ ඇගේ පින්තුරයක් ගත්ත එක. මම පින්තුරයක් ගන්නවා කියල වගේ වගක් නැතුවම එයා ආයෙත් දෙපැත්තට පැද්දෙමින් 'හිකි හිකි' ගානවා


මේ ඉන්නේ ඈ !



ප.ලි. 

Tuesday, January 5, 2016

239. හිටිය - නෑ




අතුරුදහන් වෙනවා නම් හොඳම තැන මොකද්ද කියල මම මිට කලින් අත්හදා බලල තිබ්බේ නැහැ.

සතියකට කලින් මම ඒක අත්හදා බැලුව.

ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාව අතුරුදහන් උනහම, හොයන්න මෙතෙක් කාලෙකට, කිසිම කෙනෙක් උත්සහ කරලා නැති හින්ද, මට දැනිල තිබ්බේ මහා නස්පුට් හැඟීමක්! කොටිම්ම මම අපේ ගෙදරින් අතුරුදහන්උනහම ; 'ඔය ගියපු තැනකින් කොහොම හරි එන්නේ නැතෑ' වගේ වාක්‍ය මිසක්කා පොලවේ පස් කකා හෙවිල්ලක් ලොවෙත් අහල නැති එකෙක් විදියට ; අර බස්සිගේ යාලුවෝ වගේ හෙවිල්ලක් මගේ යාලුවෝ නම් කරලා නැහැ.

ඒකටත් එක හේතුවක් තියෙනවා. යාලුවන්ට ඉතින් දොසක් කියන්න බැහැ ඉතින්, මම එක එක සෙට් එක්ක එක එක වෙලාවට ඉන්න හින්දා එක සෙට් එකක නැති වෙලාවට උන් හිතන් ඉන්නේ අනිත් උන් එක්ක ඇතිය කියල, අනිත් සෙට් එක හිතන්නේ වෙන සෙට් එකක් එක්ක ඇතිය කියල. ඉතින් මොකට පෙට්‍රල් පුච්චගෙන හොයනවා.. නැද්ද?

Saturday, October 31, 2015

231. දුනේෂ් ප්‍රියශාන්තට ලියන වග නම්........





මුලදී
අය්ය කියන විදියට

දැන්
කළු ලෝගු වල ඕනෙකමට

එන්නකො
දේශපාලනේට

අපි
වැඩකරමු එකට




Thursday, August 13, 2015

202. වේදිකා







උරේ නැඟ
ගිරිය පුප්පා - ගිගුම්ලා
දෙසති උන්

මගේ බෑඟිරි
හඬද පරයා
නැගෙයි ඔල්වරසන්
ඈතින් පොදිකන
දනන් තුඩ'ඟින්

Wednesday, August 12, 2015

201. ළිඳේ මියුසික්






මියුසික් කියන්නේ මොකද්ද කියන්න මම හදාරලා නැහැ. නමුත් අපේ ලේ වලට දැනෙන මියුසික් තියෙන බව මම විස්වාස කරනවා. ඒක මොන රටකින්ද  පොඩ්ඩක්වත් අදාළ නැහැ කියලයි මම අදහන්නේ.

මේ බලන්න මේ ශ්‍රිරාම්




මේ ඔහුගේ ඊළඟ වටයන්හිදී ගායනය






මේ එකක් ගායනයක්වත් මට ඇඟේ හිරිගඩු නොපිපි අහගෙන ඉන්න බැහැ. අපේ ඇඟේ ලේ වලට දැනෙන ගායනයක්!

200. සරාගී ස්පොන්ජ්



හිත කියන්නේ ස්පොන්ජ් එකක්.......
ආදරේ කියන්නේ පාටක් නැති වතුරක්.....

බැරිවෙලාවත් වතුරට වැටුනොත්? ඉක්මන් වෙන්න ඕනේ කාරණයක්!

ගිලෙයි , වතුර පෙවෙයි කියල නෙවෙයි. පෙගෙයි කියල.....

ඉතින් හරි අමුතුයිනේ මේ කතාව, එකම දෙයක් ගැන දෙන්නෙක් දෙවිධියකින් ලියන එක?

මම කියනවා එයා කියල, එයා කියනවා මම කියල.

අපි දෙන්නම... නෑ දෙන්නම එකම වෙලාවේ කතා කරන්නේ නැති එක තමයි මැජික් එක.

එයා කියනවා, මට තියෙන්නේ වලත්ත ඇස් කියල. ඒක මගේ වරදක් වෙන්නේ කොහොමද කියල මම මගෙන්ම නිතර අහනවා.

ඒ වලත්ත ඇස් දෙකෙන් එයා දිහා, ඇත්තටම කිව්වොත් එයාගේ කුෂන් එකක් වගේ තියෙන ඇඟ දිහා බලනෙකට ඉතින් ඔතරම් අරියාදු වචනයක් කියයි කියල මට හිතුනේ නැහැ මුලින්ම. මම හිතුවේ විහිළුවක් කියල, නැහැ එයා එහෙම කියපු එක නෙවෙයි , මම එයා දිහා එහෙම බලන එක තමයි විහිළුව.

Monday, June 22, 2015

185. අමුතුයි නේද?




පුදුමයි මෙහෙම හිතෙන එක?

බරක් පතලක් නොතේරෙන කාලේදී, බරපතලවට හිතල ගන්න තීරණ කොතරම් නිවැරදි උනත් අවුරුදු ගණනාවකට පස්සේ දුක්වෙන්නේ ඇයිද කියල මට කියාදෙන්න ඔබ ළඟ නැති එක ගැන මම අද උදෙත් දුක් උනා.

හැමදාම උදේ පාන්දර මගේ කවුළුවේ එළිපත්තට වෙලා කන්දෙක 'කුං' ගැන තාරතාවයකින් සින්දුකියන පොල්කිච්චට, කෑම නොදී උනත් හිතින් ආදරේ කරන්න මට හිතුනේ අදක ඊයෙක නෙවෙයි. කොහොමත් අව්කුටකෙට කරවෙච්ච ගොම මැටි පොළවක් ජීවයක් පෙන මානයකට ගේන්න වතුර පනිට්ටුම කීයක් හලන්න කියලද? ඊටත් හැමදාම??

Tuesday, May 26, 2015

179. දවල් කෙයාර් - 2




මේ ලිපියේ කලින් කොටස කියවන්න බැරිඋන අය මෙතැනින් කියවන්න...

මම කලින් කොටසේදී විස්තර කලේ ඩේ කෙයාර් මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය සහ එහි සාමාන්‍ය සේවාවන් වල තත්වය ගැනයි. තව දෙයක් කියන්න ඕනේ. ඒ ලිපියට කොමෙන්ටු දාපු අයගේ අදහස් මේ ලිපියට ගාවගන්න අදහසක් නැත්තේ ලිපියේ මම ලියාගෙන යන්න හිතාගෙන ඉන්න දේ ඕනෙවට වඩා රබර් වෙයි කියල. ඒ හින්දා කොමෙන්ටු දාපු පින්වතුන්ට මම ඒ තැන්වලදී උත්තර දෙන්නම්. ( දැක්කද ලිස්සල යන විදිය. අවුලක් නෑනේ?)

මේ කොටසින් මම ලියන්න හදන්නේ මේ මධ්‍යස්ථාන සහ සේවාව ගැන සංවාදයක් ඇතිකලයුතු කරුණු ගැන.

අපි මෙහෙම කියමු. දිවා සුරැකුම් මධ්‍යස්ථාන කොතරම් තියනවද? ඒවා ඇත්තටම කොයිවගේද? ඒ හැම එකක්ම සමානද?

Friday, May 22, 2015

178. දවල් කෙයාර් - 1



අද මම කියන්න හදන්නේ.... ( ඔන්න ඉතින් පටන් ගත්ත... හරි හරි කියන එකක් කියනවා කෙටියෙන්...) ටිකක් වෙනස් දෙයක්. මේ කාරනාව කෙලින්ම අදාළ වන අය ඉන්නත් පුළුවන්, ඒ වගේම වක්‍රව ඒ දෙස බලාසිට මතයක, සංකල්පනාවක ඉඳල අදහසක් ඉදිරිපත් කරන්නෙක් ඉන්නත් පුළුවන්. ඒ මොන කැටගරියේ හිටියත් මම හිතන්නේ මේ මාතෘකාව මට නම් හරිම සුලබයි.

කොටින්ම මම අද කතාකරන්න යන්නේ දවල් කෙයාරින් කරන එක ගැන. අපෝ අපෝ එහෙම එකක් නෙවෙයි. කට්ටිය කලබල වෙන්ට එපා, මම කිව්වේ පොඩි දරුවන්ව දවල්ට බලාගන්න 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන' හෙවත් 'ඩේ කෙයාර්' ගැන! ( ආන්න එහෙම එන්ටකෝ මල ජවුසන් නැතුව!)



මේ සංකල්පය ලංකාවට අමුතු උනාට ( මම කියන්නේ සංවිධානාත්මක ලෙස හරි ආයතිනකව හරි පරිපාලනයකින් ඉටුකරන විදියට සැලසුම් කරපු) ලෝකයේ නොයෙකුත් රටවල් වල සහ සමාජයන් වල මෙහි එක එක ලක්ෂණ සහිත සංකල්ප ක්‍රියාත්මක වෙනවා. මට මේ ගැන ලියන්න හිතුනේ අදක ඊයෙක නෙවෙයි. ගොඩක් කල්, නමුත් ඒ අදහස අලුත් උනේ ඔමායා ලියල තිබ්බ මේ ලිපියේ ඒ ගැන කෙටියෙන් හරි සඳහන් කරලා තිබ්බ නිසා.

Friday, March 6, 2015

157. කඩය වසා ඇත







පෝයට
පව්
කරනු
නොලැබේ..




Sunday, November 23, 2014

119. අල්ලපු වත්තෙන් ප්‍රශ්නය ඉවරයි..

ඔබ කොළඹ අවට හෝ ප්‍රධාන නගරයක් අවට, තදාසන්න කලාපෙක ජිවත් වෙන කෙනෙක්ද? එහෙනම් මම මේ කියන දේ සියයට සියයක්ම අදාළ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එහෙම නොවෙන අයට අදාළ නැහැ කියල. යම් යම් වශයෙන් අපිට අදාළ වෙනවා.

මෙහෙම කියන්නම්කො.. කුණු කියන්නේ ඔබට බලවත් ප්‍රශ්නයක්ද?

සමහරු එකහෙලාම 'ඔව්' කියයි. සමහරු හිතල මතල 'ඔව්' කියයි. තවත් සුළුතරයක් හිතන්නෙත් නැතුව මේ පෝස්ටුවත් මගෑරලා යයි. ඔව්.. ඒ අපේ කාගේත් හැටි! විශේෂයෙන්ම ලංකාවේ.

මම දකින හැටියට නම් කුණු කියන්නේ අපිටත් වඩා රටේම ප්‍රශ්නයක්. මොකද සමහරු කොහොමහරි තමන්ගේ වත්තේ හතර මායිමෙන් එහාට තල්ලු කලාට පස්සේ තමුන්ට කිසිම කුණු ප්‍රශ්නයක් නැති බව දිවුරන්න පවා සූදානම්. ඊට අමතරව කුණු විදියට ගෙදර විසිකරන 'සියලුම දේ' එකතුකොට එකම ගිනි ගොඩක පුච්චන්නට හැරීමෙන් පසු තමුන් ඒ ගින්නෙන්ම සුද්දවන්තයින් බවට පත්වෙනවා යයි දැඩිව විස්වාස කරන අය මම කොළඹ අසල්වාසීන් විදියට තියාගෙන ඉන්නේ.

කොනක ඉඳල ලියන්න ගත්තොත් ඇත්තටම මම පටන් ගන්නේ මගෙන්.

මට නම් කුණු කියන්නේ කොළඹ පරිසරයේ ඉන්නකොට 'බලවත්' ප්‍රශ්නයක්. එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ කුණු වශයෙන් මම බැහැර කරන 80% විතර නොදිරන දේවල් හින්දා. ගෙදර එකතුවෙන ගස්වල කොළ ආදිය සඳහා මට කොම්පෝස්ට් බින් එකක් තිබෙනවා. කුස්සියේ සියලුම බැහැරකිරීම් මම 'කුණු' විදියට තමයි කියන්නේ. ඒ කියන්නේ කුස්සියේ ඉඳුල් , දිරන දේවල් උනත් මම බින් එකට දාන්නේ නැත්තේ, ඒවා මිශ්‍ර උනහම ඉවසන්න බැරි දුගඳක් එන හින්ද මට කොම්පෝස්ට් බින් එක එපා කරවන දෙයක් වෙන හේතුවෙන්.

Saturday, November 15, 2014

117. අනුකලනය සාහිත්‍යමය ඇසින්?




කතන්දරයක්, සිද්ධියක් උනත් ලියන්න ගියහම කපන්න කොටන්න වෙනවා.

මොකද සමහර දේවල් අමුවෙන් කියනකොට අපුල ගතියක් දැනෙනවා වගේම අමුවෙන් කියනකොට දැනෙන දේ  සාර්ථක ප්‍රථිපල ගෙනදෙන්නේ නැහැ කියල  පුද්ගලිකව විස්වාස කරන හින්ද.

නමුත් මම කියවපු සමහර බ්ලොග් වලින් දෙන ව්‍යංගය උනත් නොතේරෙන ගතියක් තියෙනවා කියල පොදුවේ මට දැනිල තියෙනවා.

එක්කෝ අපේ රසාංකුර මොට්ට වෙලා. නැත්තම් අපි බලාපොරොත්තු වෙන ව්‍යංගය ඇත්තටම එතන මැවිලා නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ පලවෙනි කාරණේ ඔප්පු වෙන එක.

එතැනදී මම කියන්නේ නැහැ, මට ඔක්කොම තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නැහැ කියල. මමත් එන්න එන්නම මොට්ට පරිකල්පනයකට ඇදිල යද්දී තමයි මට කල්පනා උනේ මම මොකද ලියන්නේ නැත්තේ කියල.

Sunday, November 9, 2014

114. දැදුරු සිතක...



හේතුවක් ඕනේ නැති
නුඹේ මේ ආදරේ
විකාරයි....

විරසකෙන් යාලුවන්නට 
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින් 
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට 
ගෙවෙන හැම 
මිනිත්තුවේම 
දෙස් දෙවොල් 
තියමි මම.....

Thursday, October 16, 2014

99. සෙරෙප්පු



හිතල හිතල ඇති වෙලා මට...
කොච්චර හිතුවත් ඉවරවෙන්නේ එකම තැනකින්. හරියට එකම තැනකට යන්න හදපු පාරවල් ගොඩක් වගේ.

හැමදාම මේ සෙරෙප්පු දෙක දකිනකොට දැනෙන කම්පනය වහගන්න ඒ සෙරෙප්පු දෙක කාටවත් කවදාකවත් හොයාගන්න බැරි තැනකට විසිකරන්න ඕනේ කලත්, මම කලේ ගබඩාකාමරේ පෙට්ටියක් ඒ වෙනුවට තෝරගත්ත එක. අන්තිමට මට උනේ කවුරුත් නැති වෙලාවක ගබඩා කාමරේ මැද්දෙදි මේ සෙරෙප්පු දෙකෙන් විහිදෙන අවලං හිනාවත් එක්ක සම්මුඛ වෙලා , වෙනදාටත් වඩා හිතලක් එක්ක සුසුම්ලන්න.

කොහෙන් එන සිතුවිලිද මේ? පෙනේරෙකින් නතර කරන්න බැරි වතුර පාරක් වගේ මම මගේ හිතුවිලි එක්ක පොරබදනවා..

"ලස්සන ඇඟිලි... මොකද ඔයා කියුටෙක්ස් ගාන්නේ නැත්තේ "

ඒ වචනෙත් එක්කම අනික් පැත්ත හැරුන මට ඔබේ ඇස් වලින් බේරෙන්න ලැබුනේ , ඒ ඇස් දෙක නතර වෙලා තිබ්බේ මගේ කකුල් දෙකේ හින්ද.

98. හිර - බස්




විවාහය
එකට එකක් වෙනස්
ගමනාන්තයන් ඇති....
                   බස් මෙනි...

එකක් මගහැරුණුවිට
තව එකක් එනු ඇති...
                   විශ්වාසද නැති...

ටිකට් නොගත්තද
හිටගෙන, ඉඳගෙන ගියද
                  බසිනු බැරි..

Tuesday, October 14, 2014

97. පිට - රට හුට- පට

මම ලියාගෙන ආව මගේ බොස්ලා ගැන මෙන්න මෙහෙම

එක දෙයක් ගැන ලියන්න හිතාගෙන ගත්තම, තව අතුරු කතා මැද්දට ඇවිල්ල, මුල් කතාවේ ගලායාමට හරස් වෙනවා. ඇත්තම කියනවා නම් ඔය අතුරු කතා ඉතින් වෙන තැනක කියන්න බැහැනේ. ඉතින් නොලියත් බෑ.. මොකද වැදගත් මාතෘකාවක් දාගෙන මේ වල් පල් ලියනකොට තමයි කට්ටිය පලු අරින්නේ නැතුව කියවන්නේ... බලන්න අර රවී... කොතරම් පැසසුම් ලබනවද කියල?

මේ ටික ලියන්න හිතාගෙන නෙවෙයි උන්නේ.. කොහෙද අර 'අශාන්' කියල කොල්ලෙක් ( මම හිතන්නේ කොල්ලෙක් කියල... වැරදි නම් මෙව්වා වෙන්ට ඕනේ! ) ප්‍රශ්නයක් ඇහුවම තමයි මේ බොස්ලා ටික මතක් උනේ...

මම වලක්වන්න බැරි හේතුවක් හින්ද ඩුබායි' කියල රටක් තියෙන්නේ.. ආ.. ඔව් වොව්.. අන්න එහෙ ගියා. ගියා කියන්නේ ඉතින් අත්දෙක වන වනම තමයි ගියේ. මොකද හිටපු රස්සාවට ආයුබෝවන් කියල, කිසිම රස්සාවක් නැතුව තමයි යන්න උනේ.

ඔහොම ගිහිල්ල මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් මට ලාංකික ( ලංකාවේ තාත්ත උනත්, ඌ එංගලන්තේ හැදිලා තියෙන්නේ.. අනේ මන්ද කොහොම ලාංකික වෙනවද කියල..) මනුස්සයෙක් එහෙ කරගෙන යන මෘදුකාංග කොම්පැනියක රස්සාවක් ලැබුන, හැබැයි උන් කලේ මාව එහෙ ලොකුම ලොකු IT කොම්පැනියකට අවුට්සෝස් කරපු එකයි. ඒ 3000 කට වඩා වැඩකරපු කම්පනියේ හිටපු එකම ලංකාවේ කෙල්ල මම විතරයි. ඊටත් වඩා වැඩේ කියන්නේ 99% ක්ම හිටියේ ඉන්දියන් අය! ( හා දැන් කියන්න හෙන්රියෝ ඔයාගේ අදහස... හෙක්.. ඔයා හරි මනාප කට්ටියක් නොවැ )

Monday, October 13, 2014

96. දෙන්නම්කෝ ලොක්කා.....

ලොක්කන් ගැන කතාකරනකොට කියන්නට ජාති නම් ගොඩක් තියෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ලොක්කන්ගෙන් නම් මට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැති හන්දා පොඩිකාලේ ඉඳන්ම ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා.

ඒත් මම පොඩිකාලේ ගැන අටෝරාශියක් කතන්දර කියල චොරවෙලා ඉන්න හන්ද , දැන් කියන්න යන්නේ මගේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ රස්සාවට ආවම මට ලැබුණු ලොක්කන් ගැන. කැම්පස් එක ඇතුලේදීත් , ඉන්ටර්න් ඉන්නකොටත් ලැබුණ අත්දැකීම් නම් මිල කරන්න බැහැ.

මගේ පළවෙනි රස්සාවට මම ගියේ විසුළු ආකාරයට .

ඒ කියන්නේ මගේ ෆයිනල් ඉයර් එකට නියමිත ඉන්ඩස්ට්‍රියල් බේස් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මම මගේ ටීම් එකේ පොරවල් එක්ක එක එක ආයතන වලට ගියා ප්‍රපෝසල් එකක් හදාගන්න. මොකද ප්‍රපෝසල් තුනක් ඉදිරිපත් කරලා, එතනින් එකක් තමයි කරන්න අවසර ලැබෙන්නේ.

ඉතින් ඔහොම ආයතන ගණනාවකට ගිහින් ඒ අතරින් තුනකට අදාළ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ඉදිරිපත් කරලා දැන් අපි තීරණේ කළා එකක් කරන්න. තෝරගත්ත ප්‍රොජෙක්ට් එක ගොඩක් රිසර්ච් කරලා කරන්න ඕනේ දෙයක්. මට ඔයවගේ දේවල් හරිම ආසයි. මොකද කවුරුත් කලින් කරලම නැහැ. මම දැන් වලිගෙ විකාගෙන මේ ගැන හොයනවා. නෙට් එක පීරලා ඒ ගැන කියෝනව.



Friday, October 10, 2014

95. සිකුරාදාවක - සවස




අල්ලට ගත්
දිය අහුරකි..
සති අන්තය 

Monday, October 6, 2014

94. මොන්ටිසෝරි හයිලයිට්ස්...




අම්මි අද
මගේ පුටුවේ
නතාෂා වාඩිවෙලා..
අනුහස් එයාට
මට දෙන ඉරේසරේ දුන්න...

අම්මි
මම උදෙන්ම
නැගිටිනවා හෙට ඉඳං !