Showing posts with label ඔෆිස් කතා. Show all posts
Showing posts with label ඔෆිස් කතා. Show all posts

Friday, January 8, 2016

241. ඉහ ඉද්දර මම ඉන්නම්..........




මේක මේ ඔෆිස් කතාවක්.

එහෙම නැතුව ශාස්ත්‍රීය ලිපි හරි වැඩදායක ලිපි හරි කියවන්න බලාගෙන ආපු අය අන්න අර බංකුවෙන් වාඩිවෙලා ඉන්ට.... ( ටිකට් දෙන කෙනා තාම ආවේ නැහැ)


මේක මට හදිස්ස්යිමේ මතක් උනේ අර අම්බලන්ගොඩයා ඔෆිස් එකේ නිදාගන්න කතාවක් කියපු නිසා.


ඔන්න මම මේ ඔෆිස් එකට කලින් වැඩකරපු ඔෆිස් එකක් තිබ්බ. ( චඃ... එකෝමත් එක රටක කියන්න බැරි උනානේ. එක්කෝ කමක් නැහැ.. එකම රටයිනේ මේ ඔක්කොම සිද්ද වෙන තියෙන්නේ) මේ ඔෆිස් එකේ වැඩකරපු උන් ඇත්තටම කොටස් දෙකක් හිටියා. පිස්සෝ සහ පිස්සු නැති අය ? අපෝ නැහැ.... ඔක්කොම හිටියේ පිස්සෝ. කොටින්ම අල්ලපු රටෙන් අපිට ලොක්කෝ විදියට ඇවිල්ල හිටියෙත් පිස්සෝ ජාතියක්. හිටියේ වවුලන් සහ කොවුලන්.

ඒ කියන්නේ වවුලෝ නම් ඉතින් කියාපු ගමන් තේරෙනවනේ... උන් දවල් දවසේ කෙසේ වෙතත් රෑට තමයි ඇහැරිලා ඉන්නේ. උන් වැඩ කලේ ශිෆ්ට් එකට. කොවුලෝ නේද? ( මම හිටියේ ඒ කොටසේ.. අප්පේ කියනකොටත් දැනෙන ආඩම්බරේ) ආ නෑ නෑ.. කොවුලෝ කියන එකේ ඇත්තම අදහස ගායනයට කිසිම සම්බන්ධයක් නැහැ. කොවුලෝ එන්නේ අවුරුදු මාසේ හරි දවස් කීපයකට හරි නේ. ආන්න ඒ අදහසින් තමයි කොවුලෝ කියන්නේ. ඒ කියන්නේ හිටපු ගමන බිසී වෙනවා මිසක්ක එතකල්ම කරන්නේ බුද්ධිය වර්ධනය වන කැරම් ගැහිල්ල, 304 හෝ ඕමි ගැහිල්ල වගේ සාමුහික ක්‍රියාකාරකම් කරමින් තමයි ජිවත් උනේ.  ( ඒවා පළදුන්නේ පස්සේ.. ඒක වෙනම කතාවක්)



ඔය කොවුලන් අතර ඉපදුනත් මම තිබ්බෙම වවුලන් එක්කම ගතකරන නැකතක්. ( කුඩැල්ල කෝට්ටේ තියන්න බැහැ කියනවනේ. කොයි වෙලෙත් මෙට්ටේට බහිනවා!) ඉතින් මම කොවුල් රාජකාරි නැති වෙලාවට ( එහෙම වෙලාවල් තමයි වැඩිපුර තිබ්බේ) වවුලන් එක්කම තමයි ජිවිතේ. අපිට වැඩේ නෙවෙයි වවුලන්ට ශිෆ්ට් එකක් තිබ්බ. ඒ වගේම බොස්ලා හිටියා. උන් බොහොම තදයි. ( කොච්චර තදද කියනවා නම් එක බොස් කෙනෙක් කලිසම පවා ඇන්දේ බඩ මැද්දෙන්) අපේ රටේ ලොක්කා ( ඒ කියන්නේ කන්ට්‍රි මැනේජර්) උන්නේ අල්ලපු රටේ එකෙක්. වැඩිය කතා නොකරන, නමුත් කතා කරන්න ගත්තොත් ඉවරයක් නැතුව කියෝන, අන්තිමට ක්‍රිකට් වලින් කෙලවර වෙන කෙනෙක් තමයි මේ අපේ රටේ ලොක්ක.

රටේ ලොක්කගේ නිල කාමරේ හැදුවේ පස්සේ. ඒකත් ඒ මනුස්සය ඔහුගේ රටට ගිහින් එන්න ගියපු වෙලාවක තමයි හැදුවේ. ඒ වෙනකොට අපේ කියුබිකල් එහෙම ගහල ඉවර වෙලා තිබ්බ නිසා අපේ කියුබිකල් වලට ගොඩක් එහාට වෙන්න ලොකු ඉඩක් ඉතුරු වෙලා තිබ්බේ. අපි හැමෝම ඉතින් හොරෙන් හොරෙන් ඕමි ගහන්නේ ඔය ඒරියා එකේ. ඊට අමතරව ඔය වවුලෝ එහෙම නයිට් ශිෆ්ට් එක කරනකොට වැඩිපුරම රාජකාරිය කෙරෙන්නේ ඒ පළාතේ. ඒ කියන්නේ එතන කාර්පට් එකත් අලුත් සහ පිරිසිඳු නිසා සහ කවුරුවත් එන්නේ නැති නිසා වවුලෝ සැතපෙන්නේ ඔතන. උන්ගේ ලොක්කෝ පවා ඒක දැනගෙන හිටියේ නැත්තේ කොවුලෝ වෙච්ච අපේ කියුබිලක් අස්සේ එයාල එන්නේ නැති හින්ද. ( එයාලට පොඩ්ඩක් උන එහෙම තිබ්බ)

Thursday, July 23, 2015

198. මගුලේ යෑම - 2





මෙතෙක් කෑම.....

ඔන්න ඉතින් අපි තුන්දෙනා වැඩ ඉවර වෙලා එන්න පිටත් උනා.
සයිමොන් ඉදිරියෙන්.. අපි පිටුපසින්.

වෙනද වගේ නැතුව මුණ හෝදලා , කබ එහෙම කඩලා ඌ මම හිතන්නේ මොනවා හරි මුනෙත් ගෑවා. වෙනදට පිස්සු බල්ලෝ පන්නනකොට දුවන පොලිස් රාලහාමි වගේ දුවන සියදෝරිස් එදා යන ලලිත ලතාව දිහා පාරේ ටැප් එකේ රෙදි හෝද හෝද හිටපු ගෑනු විතරක් නෙවෙයි අපි සමහර දවස් වලට පේර ගන්න කරත්තේ එකාත් ඔක්කොම වැඩ නතර කරන බලන් හිටිය.

අපේ ඔෆිස් එකට ඉස්සර යන්න තිබ්බ පාරවල් දෙකෙක් එකක් ෂෝර්ට් කට් වගේ එකක්. යන්න තියන පාරේ දෙපැත්තේම තිබ්බේ මුඩුක්කු වගේ ගෙවල්. ඉතින් ගෙවල් වල රෙදි වැල් , සාලේ ඔක්කොම තියෙන්නේ පාරේ. ඒ ගෙවල් අඩුම තරමේ ඇඳක් වත් දාන්න ඉඩ නැහැ වගේ පේන්නේ . ඒ උනාට එක පාරක් ඔහොම තියෙන පොඩි පටියක් වගේ ගෙයක් ඇතුලෙන් මම බලන් ඉන්නකොට එකෙක් ආව එලියට, ඔන්න තව එකෙක් ආව, ඊට පස්සේ තව එකෙක්... ආව ආව ආව... මට නිකමට හිතුන ඔය ගෙවල් අර ඇලිස්ගේ විසමලන්තය වගේ එකක්මයි කියල. ඔතරම් සෙනඟ කන්දරාවක් නැත්තම් කොහොම ඉන්නද?

ඈතින් ලලිත ලතාවට පැද්දෙන සියදෝරිස් ය... 
මෑතින් එකට ගුලිවී යන අප දෙදෙනාය.. ( මොකද එන්න එන්නම මුගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ තිබුණු අවුල නිසා අපි අතේ දුර උනත් කකුලේ දුර දක්වා දීර්ඝ කළා.)

Wednesday, July 22, 2015

197. මගුලේ යෑම - 1




මම අද කියන්න යන්නේ ළමායි.. ඔෆිස් වගේ ඔෆිස් කතාවක්.

චරිත: ඇල්වින් ඇන්ඩ් ද චිප්මුන්ක්ස් හි එන ඇඩ්ඩින් , සයිමොන් සහ සියදෝරිස් එක්ක සෙසු චරිත 

මම මේ සීරීස් එකේ කතා කීපයක් කියල තියෙනවා. ඒ නිසා මම මේ සයිමොන් හෝ සියදෝරිස් ගැන අමුතුවෙන් වගපල කියන්න හිතන්නේ නැහැ. ( ඌ ගැන ඇත්තටම කතා කරලා වැඩක් නැහැ ඒකයි ) මම ගැන නම් ඉතින්..... හොඳමයි අහන්න ලැබුනේ පින්වතුනි!

මේ මුල් හඳුන්වාදීම 
මේ සියදෝරිස් ගේ කතා 1 , කතා 2

මම ඔය කම්පැනි එකට එනකොට අපේ සයිමොන් හාදයා ඒ කම්පනියේම කොලුගැටයෙක් එක්ක ඇයි හොඳයියක් තිබිලා , අවසානෙදි අපේ සයිමොන්ට හොඳවයින් සපත්තු ජෝඩුවක් දීලා ඌ කම්පැනි එකෙනුත් ගිහින් තිබ්බ. මම ඉතින් තැනකට අලුතෙන් ගියාම ඉබ්බෙක් වගේ ඉන්නවා මිසක් කතාබහ අඩුයි. සපත්තු ජෝඩුව ලැබීමේ ප්‍රීතියෙන් හිටපු සයිමොන්ට ඉතින් හුලන් ගැහුවේ ඉතින් අපේ සියදෝරිස් තමයි. ඌත් අර බස්සිගේ දුකා වගේ තමයි. දුකක් කොතනද, ඌ එතන!

ඔන්න ඒ අතරේ අපේ සයිමොන්ට ගෙදරින් මගුල් තුලා එහෙම හොයන්න ගත්තේ මුගේ අන්දොස් ගතිය දුරින් දුරු වෙන්න තියෙන එකම ප්‍රතිකර්මේ මූව කාගේ හරි ඇඟේ එල්ලන එක බව එක පයින්ම වැටහුණු නිසා. පතෝල කරලට කරවිල වැල එතුනා වගේ ඉන්න මූට අහුවෙන එකා ගැන අපිටත් නිකන් කොස්සක් වගේ හිතුනත්, සුදු කෙල්ලන් හොයන උන් නිසා ඉතින් බයක් වෙන්න දෙයක් තිබ්බෙත් නැහැ. සර්කිට් එක අවුල් උනත් උගේ මුණ සුදුයි!

Friday, July 10, 2015

193. ශෝකය පලකිරීමේ නිවැරදි ක්‍රමය





මගේ යාලුවෝ... ( අප්පා උන් ගැන මෙතන ලියන එක භයානකයි. උන් මගේ මේ බ්ලොග් කට්ට කන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා හොඳයි. ඒත් මේවා කිරිමේල් කඩෙන වැඩ!) ඉන්නවා එක එක ජාතියෙන්. සැලඩ් වගේ. එකෙක් තක්කාලි ගෙඩියක් වගේ. ඒ කියන්නේ බතලයි; රවුම්?  නෑ නෑ හලෝ ඒ හින්ද නෙවෙයි. ඌ ගිය තැන වැඩේ චොර කරනවා. තවත් එකෙක් ගෝවා සහ කැරට් වගේ...

ඔහොම කියන්න ගියොත් එළවලු ජාති ටිකේ නම් ඉවර වෙනවා මිසක් කියල ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙහෙම කියන්නම්...

මම වැඩකරපු කම්පැනි වල සහ වැඩ නොකරපු කම්පැනි වල මට අනේක විධ යාලුවෝ ඉන්නවා. උන් ඇති වෙන්නේ එක්කෝ මගේ නැතිවීම සඳහාමයි. ඒ කියන්නේ උන් සෙට් වීම නිසා මගේ වහගෙන හිටපු කොයිල් ගති මතු වෙලා ඇවිත් කොක්ටේල් පාටියට ආපු බිකිනි කෙල්ල වගේ මට සලකන්න අනිත් උන් පෙළඹෙනවා.

අර ඉස්සෙල්ල කියපු තක්කාලි යාළුවා ගැන මම මේ පෝස්ට් එක සහ මේ පෝස්ට් එක ලිව්වා. අර ගෝවා එක්කනා ගැන මෙහෙම ලිව්වා. තව තියෙනවා, ලියන්න නිකං මොකද්ද මොකද්ද වගේ...

අද මම කියන්න යන්නේ ළමායි , යාලුවෝ ගැන කතාවක්ම නෙවෙයි. ඒ උනාට නොවේ මත් නොවේ... තෙරුනානේ?

Wednesday, March 4, 2015

156. හා කියපන් මචන්... ( say YES machan)!!



මේ දවස්වල ඔෆිස් එකේ හුස්ම ගන්න බැරි වෙන තරම් වැඩ. ඒ කියන්නේ ඔලුව උඩ දුං කබලක් තියාගෙන ඉන්න හනුමන්තා වගේ මගේ වැඩේම ඒ කොනේ ඉඳන් මේ කොනට දුවනවා. වෙලාවට ඔෆිස් එක එතරම් ලොකු නැත්තේ. නැත්තම් එක කොනක ඉඳන් අනිත් කොනට එනකොටම ඉන්ටවල් බෙල් එක වදී. ඒ කොනේ ඉඳන් මේ කොනට දුවන්නේ මොකද දන්නවද... පුටුවේ උන්නොත් සමහරුන්ට ඇහේ කටු අනිනවා වගේ

"උපේක්ෂා... මේ වැඩක් තියෙනවා පොඩ්ඩක් බලනවද?"

"මේ හලෝ... ඔතන සිංහල කොට කොට ඉන්නේ ඇවිත් මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක ගොඩදාල දෙනවකො"

"මේ... අර මේල් එක යැව්වද?"

"..... හදල ඉවරද?"

".. මේක කරලා දෙනවද?"

"... මිටීම කෝ?"

ඔන්න පුටුවේ හිටියොත් වෙන ජාති. ඉතින් මම කරන්නේ පුරුවෙන් බිමට පැනලා දුවන එක. ඔය දුවන අතරෙත් මට බාල්දි වැටෙනවා. චෙක් විතරක්  හිතෙනවා! මොකට විස්ස විජ්ජාලෙකින් උපාධියක් ගත්තද කියල හිතෙනවා.

කොහොමත් මට ඔය කලකිරිල්ල තියෙන්න අදක ඊයෙක ඉඳන් නෙවෙයි. අර සුදු බණ්ඩා දිසානායකට ඔව්වගේ අයිතිය පැවරුවට පස්සේ. (දැන් ඉතින් ඒ ජෝලියත් නැහැ අනේ. මේකද අනේ යහපාලනේ ? දවසකට ජෝක් තුන හතරක්ම අහගෙන දෙය්යනේ කියල අපේ සුදු බණ්ඩාට ලවක් දෙවක් නැතුව බැන බැන ඉන්න තරම් ජොලියක් දැන් ඉන්න අජ්ජාපන ඇමතිලා දෙනවද? මෙලෝ රහක් නැහැ. ඇත්තටම දවසක අපිටම අමතක වෙනවා අපි විස්ස විජ්ජාලෙ ගියා කියල... කෝ දැන් මෙලෝ නිවුස් එකක් නැහැනේ...)

Tuesday, October 14, 2014

97. පිට - රට හුට- පට

මම ලියාගෙන ආව මගේ බොස්ලා ගැන මෙන්න මෙහෙම

එක දෙයක් ගැන ලියන්න හිතාගෙන ගත්තම, තව අතුරු කතා මැද්දට ඇවිල්ල, මුල් කතාවේ ගලායාමට හරස් වෙනවා. ඇත්තම කියනවා නම් ඔය අතුරු කතා ඉතින් වෙන තැනක කියන්න බැහැනේ. ඉතින් නොලියත් බෑ.. මොකද වැදගත් මාතෘකාවක් දාගෙන මේ වල් පල් ලියනකොට තමයි කට්ටිය පලු අරින්නේ නැතුව කියවන්නේ... බලන්න අර රවී... කොතරම් පැසසුම් ලබනවද කියල?

මේ ටික ලියන්න හිතාගෙන නෙවෙයි උන්නේ.. කොහෙද අර 'අශාන්' කියල කොල්ලෙක් ( මම හිතන්නේ කොල්ලෙක් කියල... වැරදි නම් මෙව්වා වෙන්ට ඕනේ! ) ප්‍රශ්නයක් ඇහුවම තමයි මේ බොස්ලා ටික මතක් උනේ...

මම වලක්වන්න බැරි හේතුවක් හින්ද ඩුබායි' කියල රටක් තියෙන්නේ.. ආ.. ඔව් වොව්.. අන්න එහෙ ගියා. ගියා කියන්නේ ඉතින් අත්දෙක වන වනම තමයි ගියේ. මොකද හිටපු රස්සාවට ආයුබෝවන් කියල, කිසිම රස්සාවක් නැතුව තමයි යන්න උනේ.

ඔහොම ගිහිල්ල මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් මට ලාංකික ( ලංකාවේ තාත්ත උනත්, ඌ එංගලන්තේ හැදිලා තියෙන්නේ.. අනේ මන්ද කොහොම ලාංකික වෙනවද කියල..) මනුස්සයෙක් එහෙ කරගෙන යන මෘදුකාංග කොම්පැනියක රස්සාවක් ලැබුන, හැබැයි උන් කලේ මාව එහෙ ලොකුම ලොකු IT කොම්පැනියකට අවුට්සෝස් කරපු එකයි. ඒ 3000 කට වඩා වැඩකරපු කම්පනියේ හිටපු එකම ලංකාවේ කෙල්ල මම විතරයි. ඊටත් වඩා වැඩේ කියන්නේ 99% ක්ම හිටියේ ඉන්දියන් අය! ( හා දැන් කියන්න හෙන්රියෝ ඔයාගේ අදහස... හෙක්.. ඔයා හරි මනාප කට්ටියක් නොවැ )

Monday, October 13, 2014

96. දෙන්නම්කෝ ලොක්කා.....

ලොක්කන් ගැන කතාකරනකොට කියන්නට ජාති නම් ගොඩක් තියෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ලොක්කන්ගෙන් නම් මට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැති හන්දා පොඩිකාලේ ඉඳන්ම ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා.

ඒත් මම පොඩිකාලේ ගැන අටෝරාශියක් කතන්දර කියල චොරවෙලා ඉන්න හන්ද , දැන් කියන්න යන්නේ මගේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ රස්සාවට ආවම මට ලැබුණු ලොක්කන් ගැන. කැම්පස් එක ඇතුලේදීත් , ඉන්ටර්න් ඉන්නකොටත් ලැබුණ අත්දැකීම් නම් මිල කරන්න බැහැ.

මගේ පළවෙනි රස්සාවට මම ගියේ විසුළු ආකාරයට .

ඒ කියන්නේ මගේ ෆයිනල් ඉයර් එකට නියමිත ඉන්ඩස්ට්‍රියල් බේස් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මම මගේ ටීම් එකේ පොරවල් එක්ක එක එක ආයතන වලට ගියා ප්‍රපෝසල් එකක් හදාගන්න. මොකද ප්‍රපෝසල් තුනක් ඉදිරිපත් කරලා, එතනින් එකක් තමයි කරන්න අවසර ලැබෙන්නේ.

ඉතින් ඔහොම ආයතන ගණනාවකට ගිහින් ඒ අතරින් තුනකට අදාළ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ඉදිරිපත් කරලා දැන් අපි තීරණේ කළා එකක් කරන්න. තෝරගත්ත ප්‍රොජෙක්ට් එක ගොඩක් රිසර්ච් කරලා කරන්න ඕනේ දෙයක්. මට ඔයවගේ දේවල් හරිම ආසයි. මොකද කවුරුත් කලින් කරලම නැහැ. මම දැන් වලිගෙ විකාගෙන මේ ගැන හොයනවා. නෙට් එක පීරලා ඒ ගැන කියෝනව.



Monday, July 15, 2013

23. ඇඩ්ඩින් , සයිමොන්, සියදෝරිස් ...

මම වැඩ කරපු ඔෆිස් ඔක්කොටම පොදු එක දෙයක් කියන්නද? ඒ තමයි පිස්සු කෙලීම !! එකම එක ඔෆිස් එකක් ඇරෙන්න, අනිත් ඔක්කොම ඒ වගේ පිස්සු තැන් ! තැනේ වැරද්දක් නෙවෙයි... ඒවාට ගන්නේ අපි වගේ පිස්සෝ වෙන්න ඇති හැක් .. හැක් ....
ගොඩක් වෙලාවට මම කල්ලියකට සෙට් වෙනවා හරිම අඩුයි.. එන එන විදියට කට්ටිය එක්ක ඉන්න මට පුළුවන්... (පුළුවන් කියල හිතන් ඉන්නවා වෙන්න ඇති..... හි හි..) ඒ කියන්නේ... කන්න යන්නේ එහෙමටමත් සෙට් එකක් එක්ක නෙවි.... කන්න යනකොට ඉන්න කට්ටියත් එක්ක කන්න වාඩි වෙනවා.... එලියට යනකොට යන කව්රුහරි එක්ක යනවා... හැබැයි ඉතින් මට වැඩිය දිරවන්නේ නැති අය එක්ක නම් වැඩිය බජනෙට යන්න නැහැ... මොකද මගේ කට මොනා හරි පිට කලොත් එක නරකට හිටින්න පුළුවන් නේ....

Tuesday, June 11, 2013

10. කඩෙන් බඩු ගැනීම ...


මෙන්න මේකත් අර මගේ අපූරු  යාලුවට උන වැඩක්! අනේ මන්ද උන වැඩක් කිව්වට එයා විහින් කරගන්න වැඩ!

මගේ යාලුවට අපි දාමුකෝ නමක්... "අමාලි" කියල...
මම මේ කියන දවස්වල අමාලි හිටියේ යාලුවෝ කට්ටියකුත් එක්ක annex එකක් අරගෙන. (එයාගේ ගෙවල් කොළඹ නෙවෙයි) යාලුවෝ හතරපස්දෙනා එක්ක ඉතින් උයාගෙන තමයි කෑවේ. ඇත්ත කියන්න එපෑ , අමලිගේ කැම රසයි.  ඒ උනාට උයන්න ගියාම ගෙවල් දෙකක බඩු  ඕනේ. වලං 6ක් ඕනේ කෑම ජාති 2ක් හදන්න.... අනේ මන්ද no  comments !

මෙයා  ඉතිං  වැඩට ගිහිං  එන ගමන් තමයි උයන්න පිහන්න බඩු ගේන්නේ, ළග තියෙන පොඩි කඩේකින්. ඔන්න එකෝමත් එක සුන්දර නිවාඩු දවසක.... මේ කට්ටියට හිතුණා  සුන්දර නිවාඩු දවස තවත් සුන්දර වෙන්න කියල fried  rice එකක් සුපිරිවට හදන්න! ඉතින් අමාලිත්  පිරිසිදු සිතින්, එක පයින් එකග වෙලා, සල්ලිත් අරගෙන කඩේ ගිහින් අඩුම කුඩුම ගේන්න .... සම්බා හාල්... එළවලු, තව තව ජාති.....
කඩේට ගිහින් ඉල්ලුවලු සම්බා හාල්.... අනිත්වත් ඉල්ලලා.... මෙය වටපිට බල බල ඉදලා ...... 

"මෙන්න නෝනා බඩු ටික....." කියල මුදලාලිත් ෂොපින් කවරෙක දාල දුන්නලු.... මෙයාට සිහියක් නැහැ නේ..... එතකොට තමයි සල්ලි ඇදල  දීල තියෙන්නේ.... සල්ලිත් දීල මිනිහ බදුටිකත් අරගෙන ඇවිත්.
ගෙදර ඇවිත් බඩු අස් කරනවලු....

"මොකද්ද අනේ.... මම මේ මනුස්සයට කිව්වේ සම්බා හාල් දෙන්න කියලනේ.... මේ මොනාද මේ කැකුළු හාලක් දාල තියෙන්නේ......"
බෑග් එකේ තියෙන බඩු එකින් එක අයින්කරනගමන් අමාලි කිව්වලු...

Thursday, June 6, 2013

09. බස් කතා......



බස් එකේ යද්දී වෙන කතාවක් ලිව්වා නිසා මට මතක් උනා තව බස් කතා ටිකක්...

මට ඉන්නවා යාලුවෙක්... කිව්වට විශ්වාස  කරන්න.... එයත් එක්ක බස් එකේ ගියොත් ටික දුරකට හරි... මොකක් හරි අටමගලක් වෙනවා වෙනවමයි.....

ඔන්න එකෝමත් එක දවසක අපි දෙන්න ගියා පොඩි වැඩකට බස් එකේ... යන්න තිබ්බේ හෝල්ට් 3ක් විතර... මම බස් එකට නගින්න යනකොටම එයාගේ අතට ගමන් ගාස්තු වලින් මාරු ටිකක් දුන්නා  එයාගේ අතේ තියෙනවා කිව්ව  හින්ද.

ඔන්න අපි ඉතින් බස් එකේ ඉඩ තිබ්බ නිසා වාඩිත්  උනා  හැබැයි තැන්  දෙකක..... දැන් හොදටම traffic එක... හෙමින් හෙමින් බස් එක ඉස්සරහට යනවා... 

හෝල්ට් එකායි ...... හෝල්ට් දෙකායි ... ඔන්න යන්තම් බහින හෝල්ට් එක පේන  මානයට ආවා. පුදුම traffic  එකක්.... move  වෙන්නෙම නැති තරම්. හිටියා  හිටියා... යන්නෙම නැහැ. අපි දෙන්න මූණෙන් මුණ බලාගත්ත.... 

"බහිමුද?"

මම හෙමින් ඇහුවා. මෙයත් ඉතින් ඔලුව වැනුවා....

traffic  එකේ බස් එක තිබ්බ නිසා අපි දෙන්නා බස් එකෙන් බැස්සා. මට නම් නිතර පලදෙන සත්‍යයක් තියෙනවා.. ඒ තමයි.... පැයක්  කල්පනාකරලා ගන්න තීරණේට  වඩා ටුක් කියල කරන වැඩේ හරි යනවා. උදාහරණයක් කිව්වොත්... bank  එකකට ගිහින් ගොඩක් කල්පනා කරලා කරලා move  වෙන පෝලිමකට එකතු උනොත්...... එකතු උන මොහොතේ පටන් අනිත් සියලුම පෝලිම් අපි එකතු උන පෝලිමට වඩා ඉක්මනින් move  වෙන්න පටන් ගන්නවා! බොරුද කියල බලන්නකෝ මට නම් ඒක  90% සත්‍යයි!!


ඔන්න ඉතින් සුපුරුදු පරම න්‍යාය අනුව.. අපි බැස්ස ගමන් මෙතෙක් වෙලා traffic  හිර වෙලා තිබ්බ බස් එකත් ඔන්න ඉතින් move වෙන්න පටන් ගත්ත... අපි යන ගානටම ඔන්න බස් එකත් යනවා... බස් එකේ මිනිස්සුන්ට ඉතින් වටපිට බලන්න තහනමක් නැහැ නේ... ගොඩ දෙනෙක් බිම බලාගෙන යන අපි දිහත් බලන් ඉන්නවා අපිට දැනුන.. ඒ අතරේ ඉස්සරහ දොරේ එල්ලිලා හිටපු කොන්දත් හිටිය..... 

එකපාරටම සු... සු... ගාන  සද්දයක් ඇහුන.... 

ලොකුකමකට කියනවා නෙවෙයි.. මම නම් සු... සු.... ගාවට කිසිම දවසක බලන්නේ නැහැ...... ඔය වැඩේ හින්ද මම සමහර යාලුවන්ගෙන් බනුමුත් අහල තියෙනවා ලොකු කමට බලන්නේවත් නෙතුව ගියා  කියලා.
මම බැලුවේ නැතුවට මගේ යාලුවට බැලිල.... මට ඇහුන කියනවා..

"සල්ලි දුන්නේ නැහැ නේද ?"

දෙය්යනේ..... ඒ කොන්දොස්තර....!!! බස් එකේ ඉදගෙනම කියනවා ඇහෙනකොට මට මගේ යාළුවගේ මුණ බැලුන..

"එයි... තමුසේ සල්ලි දුන්නේ නැද්ද?" මම මගේ යාලුවගෙන් ඇහුව...

"අහ් ... මට අමතක උනා ..." ඒකි  කිව්වා.... මම දැක්ක මම දීපු සල්ලි ටික තාමත් එයාගේ අතේ තියෙනවා....

අපොයි.... වස ලැජ්ජාවයි...!! බස් එකේ මිනිස්සු ඔක්කොම ඒ පාර අපේ දිහා බලන් ඉන්නවා... අපි යන ගානටම බස් එකත් traffic එකේ ඇදෙනවා.. 

"සල්ලි දෙන්න සල්ලි දෙන්න....." කොන්දොස්තර බෙරිහන් දුන්න..... මට නිකන් කන් දෙකෙන් දුන් පිටවෙනවා වගෙත් දැනුන...

අපේ man ට කිසි අවුලක් නැහැ... එයා අතේ තිබ්බ සල්ලි ටික ගිහිං  මෙලෝ ගානක් නැතුව අර කොන්දොස්තර අතට දීල ආවා !!!

"මට අමතක උනා අනේ"! ඔන්න උත්තරේ!!! 

මල් පොකුරු පොකුරු ඈ  යනමග ඈ  දෙසටම නැමියන් !!!!! (පසුබිම් ගීතය)
---------------------------------------------------------------------------------------------------------------------------
ආයෙත්  එක දවසක මෙයාගේ මේ බස් සමග තියෙන සදාතනික බැදීම ගැන අපි දැනුවත් වෙලා හිටපු නැති කාලෙක මෙයත් එක්ක බස් එකේ ගියා.. 

වැඩිය සෙනග හිටිය නැති නිසා පිටිපස්සේ දොරෙන් බස් එකට නැගල අපිටවත් අල්ලගන්න වෙලාවක් ලැබුනේ නැහැ.... බස් එක අර ගාල කඩාගත්තා  වගේ එකපාරට ඇද්දුව ..... මාවත්  කැරකිලා  ගිහින් වෙන තැනකට විසික් උනා . මම බැලුව මගේ යාලුවට මොකද උනේ කියල... එයා පේන්න  නැහැ... බිම පොදියක් වගේ එකක් නම් තියෙනවා.... හපොයි දෙය්යනේ මේකි බිමට වැටිලා! බස් එක ඇතුලේ පොට්ටනියක් වගේ (මෙය පොඩ්ඩක් මහතයි...)

මිනිස්සු කෑ  ගහන්න ගත්ත. මිනිස්සුන්ගේ කෑගැහිල්ල කොහේ ඇහෙන්නද බස් එක පස්සපැත්ත  ගිනිඅරන් වගේ කඩාගෙන යනවා... මෙයා  බිම දොයි!! කොන්දොස්තරත් ඉස්සරහ හිටියේ... ඔන්න යන්තම් හෝල්ට් දෙකක් විතර ගිහින් මිනිස්සුන්ගේ විලාපෙ  කන වැටුන ඩ්‍රයිවර් උන්නැහේ ගැහුවා break  පාරක්!.... බිම දොයියගෙන හිටපු මෙය බස් එකේ බාගයක් දුරට ලෙස්සල ගියා  හරියට නිකන් අර typewriter  එකක් වගේ... මට ඔක්කොටම වඩා හිනා.... මිනිස්සු වට වෙලා දහසක් ප්‍රශ්න අහනවා! 

"වැදුනද වැදුනද...... කොහෙද වැදුනේ...... තුවාලද...කෝ මොකද උනේ..."

මේ බඩුවට මේවට උත්තර දෙන්න විදියක් නැහැ හොදටම හිනා! වැඩියම හිනා උනේ ලජ්ජාවට! දැන් මතක් උනත්  හිනා  යනවා.... (ඔයාලට හිනා ගියේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැතෝ....)

--------------------------------------------------------------------------------------
මේ කියන සිද්දියේ කතානායිකාවත් මගේ මේ යාළුවම තමයි.... මෙයාට  හිටපු ගමන් වෙන සිහියෙන් වැඩ කරන මූඩ් එකක් එනවා ..... කොයි වෙලේ මොකට එනවද කියල ඉතින් දෙය්යෝ තමයි දන්නේ...


ඔන්න ඉතින් වෙන සිහියකින් ඉන්න දවසක මෙය බස් එකට නැගල වාඩි වෙලා හොදට මනෝපාර  ගහගෙන ඉන්නවලු. ඒ අතරේ ඔන්න බස් එකට හිගන්නෙක් නැගල ඔන්න යාදින්නක්  එහෙම කියාගෙන ඉස්සරහ පැත්තෙන් එනවලු... මනෝපාර අතරේ මෙයාට  එකත් ඇහිලා මෙය හිගන්නට දෙන්න සල්ලි ටිකක් එහෙම අතට අරගෙන 

එත් එක්කම වගේ සෙනග අතරින් සල්ලි ඉල්ලන අතක් ඇවිල්ලා .. මෙය හිගන්නට දෙන සල්ලි ටික දීල. එකපාරටම...

"මේ කොහෙට යන්නද...." කියල අහුනලු. එතකොට තමයි මනෝ පාර බිදිලා මෙයාට පොඩ්ඩක් සිහිය ඇවිත් තියෙන්නේ....

බලනකොට හිගන්නාගේ සල්ලි දීල තියෙන්නේ කොන්දොස්තරට.... මෙය ගත කටටම....

"ඕක අර හිගන මනුස්සයට දෙන සල්ලි" කිව්වලු (කට පියන් ඉන්න බැරි කමට!)

"එහෙනං  ඒ මිනිහට දෙනවා! මට දෙනවා බස් එකට සල්ලි" කිව්වලු  කාරුණික කොන්දොස්තර...

මෙයත් ඉතින් අතෑරල  නැහැ....

"එහෙනම් දෙනවා ඕක මෙහාට" කියල ඒ සල්ලි ටික අරගෙන . වෙන සල්ලි ටිකක් දුන්නලු..... 

"පිස්සු case " කියල ගිහින් ඒ කොන්දොස්තර....
----------------------------------------------------------------------------------------------------------

ආයෙත් දවසක මෙයාගේ මනෝ ගහන දවසක් උදා වෙලා..... බස් එකට සුපුරුදු විදියට නැගල වැඩි වෙලා මනෝපාර  ගහගෙන ඉන්නකොට කොන්දොස්තර ඇවිත් සල්ලි ඉල්ලලා... 
රුපියල් 50 කොලයක් දීල 

"අඹගස් හතර එකයි.." කිව්වලු.... ඉතින් කොන්දොස්තර සල්ලි ටික අරගෙන ඉතුරු ටික මෙයාගේ අතට දීල ඉස්සරහට ගියාලු...

කොන්දොස්තර ඉතින් කොයි  වෙලෙත් "ටිකෙට්... සල්ලි.."ගගා බස් එකේ පිස්සෙක් වගේ එහෙට මෙහෙට දුවනවා නේ....

ඉතින් සුපුරුදු විදියට මේ කොන්දොස්තරත් ආයෙත්  "සල්ලි ගන්න...." කියාගෙන ආවලු..... මෙයා ලගට ආපු ගමන්..

"අඹගස් හතර එකයි...." කියල ඉතුරු උන සල්ලි කොළෙත් දික් කරලා ආයෙත් ticket  ගත්තලු......

කොන්දොස්තර එකපාරටම ඩිම් වෙලා ගිහින්...... ඒත් ticket එකට සල්ලි අරගෙන!!


බැහැල කඩේට යන්න හිතාගෙන බලනකොට තමයි ඉතින් මෙයා දන්නේ!... මදැයි නේද!!!

මෙයාගේ තව පිස්සු වැඩ කීපයක් තියෙනවා.. පස්සේ ලියන්නම්කො...