Sunday, August 3, 2014

61. එන්න කණ්ණාඩියෙන් මුණ බලන්න!

මගේ ගොඩක් ලියවිලි වලට ප්‍රස්තුතයක් සාමාන්‍යයෙන් තියෙනවා.

මේ ලිපියේ ප්‍රස්තුතය ගැන කිව්වොත් - මේක කාලයක් තිස්සේ මගේ ඔලුවේ වැඩකරපු දේවල් වලින් එක කාරණාවක් හින්ද හරියටම කියන්න බැහැ 'මේකයි' කියල. ඒත් මෑතකාලයේදී මට වුනු, වටේ සිද්දවුනු දේවල් මේක ලියල තියෙන එක ස්ථිර කරා කිව්වොත් තමයි නිවැරදි. මේක ලියන්නේ කාටවත් රිද්දන්නවත්, ඇඟිල්ල දික් කරන්නවත් නෙවෙයි. මට හිතෙන විදියට අපි අපි ගැනම හැරිලා බලන්න ඕනේ වෙලාවට, අපි කැඩපතක් පාවිච්චි කරනවා වගේ   මෙහෙම දේකින් අපි තමන්ගේම ස්වයන් විවේචනයක් කරගන්න එක වටිනවා. මොකද ගොඩක් වෙලාවට පිට කෙනෙක් කරන විවේචන දරාගන්න බැරි හින්ද.



මමත් ඉස්සර විවේචන වලට කැමතිම නැහැ. එහෙම වෙන්න මම හිතන විදියට බලපාපු කාරණා කීපයක් තියෙනවා (මට).


  • එකක් තමයි, මට විවේචනයක් එල්ල කරන්න තරම් 'පොරක්' මට හමුවුනේ කලාතුරකින් හින්ද මගේ 'මම හරිමයි' කියන විශ්වාසය  , 
  • අනිත් එක තමයි විවේචනයක් ආවොත් ගොඩක් වෙලාවට ඒක 'කන්ස්ට්‍රක්ටිව්' නොවී මාව බිම දමන්නම එල්ල කරන ප්‍රහාරයක් මිසක් ( හරියට පුද්ගලික පළිගැනීමක් වගේ) එතැන වෙන අවකාශයක් , සංවාදයක් ඇතිවෙන්නේ නැති හින්ද කියන්නේ මොනවාද කියන එකට මගේ කිසිම අවධානයක් නොදැක්වීම.




මේ හේතු දෙකම , මට දැන් පෙන විදියට නම් විවේචකයාගේ වැරද්දක් නෙවෙයි.කොහොම උනත්, මේ විවේචනයත්, විවේචනය ගැන මගේ අදහසත් ලියන්න හිතාගෙන ආවේ නැති හින්ද ඔය ගැන දැනට ඔය ඇති. මම ලියන්න ආවේ වෙන දෙයක් ගැන.

මම කිව්වනේ මම ඉස්සර විවේචන දරාගන්න බැරි කෙනෙක් කියල. ඒත් , මම යන ගොඩක් තැන්වලදී මට ලැබුනේ වෙනස් ප්‍රතිචාරයක්.

මම මේ කියන්නේ මගේ ගෙදරදී නම් නෙවෙයි පුතෝ.... ගෙදරදී මම ඉබ්බියක්! කටුවෙන් එලියට ඔලුවවත් දාන්නේ නැහැ. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ට්‍රයි කලත් ඇතුලේ පිනුම් ගහන ඇත්ත එකී එලියට පනිනවා ඉඳල හිටලා. මගේ ඇතුලේ පිනුම් ගහපු එකී ගැන දන්නේ මගේ ඉස්කෝලෙන් පටන් ගත්තම පේළියට එන හැම තැනදීම විතරයි. මම හිතන්නේ මම ඔය ගැන අනන්තවත් ලියල ඇති. ඒ හින්ද මම මගේ වරුණේ ආයෙත් කියන්න ඕනේ නැහැ... නයෙක් උනත් ඉවසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නේ.. නැද්ද?

ගෙදරින් පිටදී ( ඉස්කෝලේ, සමිති සමාගම්, දහම් පාසල්, ක්‍රීඩිකාවක් විදියට මම ආගිය තැන්... , කැම්පස්, ඊටත් පස්සේ වැඩකරන කම්පනි වල) හැම තැනකදීම මට ලැබුනේ 'පොසිටිව්' ප්‍රතිචාර. ඒ කියන්නේ මම ගොඩක් තැන්වලදී නායකත්වය දුන්නා. පොඩිහරි කණ්ඩායමකට නායකයෙක් වෙන එක මට ඉබේම ලැබුණ. මගේ හැම පොස්ට් එකක්ම මෙතන ලියන්න මගේ සුදානමක් නැත්තේ, ඊට වඩා තනතුරු දරපු මිනිස්සු මේ බ්ලොග් අවකාශයේ ඕනේ තරම් ඉන්න වෙලාවක , මේ ලිස්ට් එක දාල 'තියෙන තැනත්' නැතිකොරගන්න සුදානම් නැති හින්ද ( දැක්කද ටිකිරි මොලේ?)

මට මතක විදියට මම පළවෙනියෙන් නායකත්වය දුන්නේ.... ආ.... වෙන මොකටද ඉතින්... කොපි ගස් අස්සේ වැදිලා සෙල්ලම් කරනකොට වැටමාර කෝටු කඩු  හමුදාවේ ගරිල්ලා සේනාංකයට! හුහ්.. සුළුපටු වැඩක්ද? ඒ මදිවට මගේ හමුදාවේ උන්නේ අපේ පුයර බබා අක්කයි, පල්ලෙහා ගෙදර නංගියි, තව කොල්ලෝ තුන්දෙනෙකුයි. ඔයාල පුදුම වෙන්නේ ඒක අහල නෙවෙයි, අපේ ප්‍රතිමල්ලවයෝ කවුද කියල ඇහුවම... හුහ්... උන් තමයි අපේ අය්යාගේ නායකත්වයෙන් උන් අපිට වඩා සද්ධන්ත , රොබින්හුඩ්, මැගයිවර් උපක්‍රම වල කෙල පැමිණි උන්........!!! හරියට වල්ඌරෝ එක්ක ගේම ඉල්ලන කන් බිමට පාත් වෙච්ච එළුවෝ රංචුවක් වගේ.



අහන්න එපා මොකද උනේ අරකද මේකද කියල.... මම කියන්න ගියේ මම හෙන පොරක් කියල හරිද?

3 වසර පංතියේදී , ( මම කලින් ලියල ඇති ඒ ඉස්කෝලේ ගැන පොස්ට් කීපයක්ම. ඉස්කෝලේ දාල එන්න උන දවසත් ලියල ඇති) මම පන්තියේ නායිකාව උනා. වඳුරෙක්ට දැලිපිහියක් ලැබුණොත් කොයිවගේ වෙයිද? අන්න ඒ වගෙයි මගේ ඒ නායකකම. මම ෆුල් සත්තම දාගෙන තමයි පාලනේ කලේ. මම කියලත් ඇති එහෙම ඉන්න මම කේලම් කියපු හැටි. මම කලේ මට තේරෙන විදියට. හැබැයි මම මගෙන් පංතියට වෙන්න ඕනේ දේවල් සියල්ලම වගේ මගේ හැකියාව හැටියට කළා. මම කියන්නේ නැහැ මම නියමෙට කළා කියල, මම කියන්නේ මගේ හැකි පමණින් කළා කියල. සල්ලි හොයාගෙන, අඩුපාඩු ගෙනාව. පංතියේ හැමතැනම ඒ ඒ විෂයන් වලට අදාළ පාඩම් වලට බ්‍රිස්ටල් බෝර්ඩ් වල රුපසටහන්, චිත්‍ර ඇදල ගෙනත් තනියෙන්ම බිත්තියේ ගැහුවා. මට මතකයි අපේ ආච්චි පන වගේ තියාගෙන හිටිය සත් සතිය පෙන්වන ප්‍රින්ටෙඩ් චිත්‍ර 7ක්. ඕක ගන්න එක ලේසි නැති හින්ද මම කලේ ඒක බලාගෙන බ්‍රිස්ටල් බෝර්ඩ් 7ක ඒ චිත්‍ර ඇදගෙන ගිහින් පන්තියේ ගැහුවා. ඔය වගේ නොයෙකුත් ජාති.

අද මම හිතනකොට, මම කරපු දේවල් වැරදිත් නැහැ... නමුත් මම 'නායකත්වය' ගැන දරපු/දක්වපු ආකල්පය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ....

අන්න පොයින්ට් එක....

'නායකත්වය'


මම මෙහෙම කියන්නේ හෙන ලොකුකමකින් නෙවෙයි... මම කළුයි කියල කියන්න බය නැහැ වගේම මේක කියන්නත් මම බය නැහැ... මම පොඩිකාලේ ඉඳන්ම නායකයෙක්. 

මම හිතන්නේ මම කාටවත් බය නැති හින්දත්, කාගෙන යන හින්දත් (කාගෙන යනවා කියන්නේ අනිත් එකාව පෙරලාගෙන යනවා කියන එකට කිසිම සම්බන්ධයක් නැති දෙයක් හොදේ?), අනිත් උන්ට වඩා වේගෙන් වගේම උන්ට වඩා වෙනස් විදියට හිතන හින්දත් කියන මේ හේතු හින්ද වෙන්න ඕනේ මට මේ නායකත්වය ලැබෙන්නේ. 

මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ, නායකයෝ ඔක්කොම මම වගේ වෙන්න ඕනේ, නායකයෝ වෙන්න ඉන්න උන් ඔක්කොම මේ වගේ වෙන්න හිතන්න ඕනේ කියල. මට හිතෙන්නේ, මාව නායකයෙක් කරන්න කියල වටේ ඉන්න උන් තීරණේ කරන්න ඇත්තේ ඒ හින්ද කියල විතරයි.

ඒත් එක්කම මට දහම් පාසල ඇතුලෙත් නායකකම ලැබෙනවා. ඉස්කෝලේ වගේ දරදඬු විදියට මට ඒ නායකකම ගෙනියන්න බැහැ. මොකද දහම් පාසලක් හින්ද. මේ වෙනකොට අවුරුදු 8-9ක් උන මගේ ටිකිරි මොලේට ඔය ටික තේරිලා තිබ්බ හින්ද ඉස්කෝලෙත් , දහම් පාසලෙත් කියන මේ දෙතැන නායකකම 'කස්ටමයිස්' කරන්න මට වෙනවා.. ඒ තමයි මගේ නායක කමෙන් මම ඉගෙනගත් පළවෙනි ස්වයන් ඉගෙනුම!

මම ඉස්කෝලේ මාරු කරන්නේ ස්කොලශිප් එක හින්ද. ඔන්න දැන් මම කොල්ලෝ නැති තැනක! වැඩේ ලේසියි! මොකද දන්නවද, ඕනෙම වෙලාවක උඩක නගින්න, ඕනෙම සටනකට කොල්ලෙක් වගේ ඉස්සරහට යන්න පුළුවන්. කෙල්ලෝ ගොඩේ!! හි... හි... හැබැයි මේ ඉස්කෝලෙදි මම වෙනස් චරිතයක්. ඒවා වැඩිපුර කියන්න ඕනේ නැත්තේ, මේක ඒ ගැන ලියවිල්ලක් නෙවෙයි හින්ද.

මම පන්තියේ නායකකමට ගන්නේ නැත්තේ, ඒ වෙනුවට කලින්ම ඉදන් පෙරුම් පුරපු කෙල්ලෝ ඒ වෙනකොට වෙන ඉස්කෝල වලින් ඇවිත් හිටපු හින්ද. හැබැයි මගේ අර හිටපු ගමන් පනින කෙල්ල හින්ද, සමහර සබ්ජෙක්ට් වල මොනිටර් වෙන්න මට උනා. ඒත් ඒවගේ බලතල මාව එතරම් 'මොටිවේට් ' කලේ නැහැ. දන්නවද එතන පාඩමක් තිබ්බ..... මම ඉගෙනගත්ත ඕනෙම කෙනෙක් නායකයා උනත් තමුන්ගේ ටෙරටරිය ඇතුලේ තමුන්ට කළහැකි යමක් තියෙන බව! මම කියන්නේ මම උන්ට වඩා උසස් නායකයෙක් කියල නෙවෙයි, යමක් කරන්න ඕනේ නම් නායකකම ලැබෙනකල් ඉන්න එක කවදාවක් වෙන්නේ නැති 'කෝඳුරු තෙල් හත්පට්ටයක්' කියල විතරයි...

මම දැන් ක්‍රීඩා වලට යන්න ගන්නවා. වැඩිකල් නොගොස් මම එතන පොඩි පොඩි ටීම් ලීඩ් කරන්නෙක් වෙනවා. සමහර පුංචි ළමයි භාරව මම තරඟ වලට යනවා. එතැනදී අවුරුදු 13ක් විතර වයසක් උන මම තමයි වියදම් හදන්නේ, සල්ලි හැඩ්ල් කරන්නේ. ( මොකක් හරි හේතුවකට ළමයින්ගේ පුද්ගලික වියදම් වලට ගෙවල් වලින් එවන සල්ලි ඔක්කොම මගේ අතට තමයි ඒ අම්මලා දෙන්නේ. උන් කන්න ආස, ආසා නැති දේවල් මට තමයි කියන්නේ) 

ඉගෙනුම් ගොඩක් මම ලැබුවා. 
1. නායකයෙක් උනහම තමුන් යටතේ ඉන්න අයගේ කැමති/අකමැති දේවල් දැනගෙන ඉන්න එක වටිනවා 
2. එක එක්කෙනා අවධානය ඉල්ලන්නේ එක එක මට්ටමෙන් 
3. ෆෙවරේෂන් කියන්නේ දරුණු ආයුධයක්!
4. ජයක් ලබන්න දෙන ජවය වගේම, පරාජයක් බාරගන්න දෙන ශක්තිය ඉතාම වටිනවා.
5. සමහර වෙලාවට, ජයගන්න ඇමක් පාවිච්චි කරන්න වෙනවා ( ටීම් එකක් විදියට)

මම මේවා ඉගෙනගන්නකොට මට වයස 14යි. මම දන්නවා මිට වඩා කලින් පරිනත උන අය ඕනේ තරම්. කාටවත් සාපේක්ෂව නෙවෙයි, මම මේ කියන්නේ නිරපේක්ෂ අත්දැකීම්. අනිත් එක මේකෙන් මගේ පොරත්වය මනින්න එපා.

ක්‍රීඩාව කියන්නේ මගේ නායකත්ව පුහුණුවේ කේන්ද්‍රය වගේ. මම අදටත් විස්වාස කරන්නේ මගේ කොන්ද ශක්තිමත් කලේ ඒ දේවල් කියල. ඒ සමහර අත්දැකීම් ගැන මම වෙනම ලියන්න කැමතියි. අසාධාරණය කියන්නේ මොකද්ද කියල මම ඉගෙන ගත්තෙත්, කොතරම් දුරට සාධාරණය ඔබව  ගෙනියිද කියලත් මම ඉගෙන ගත්තෙත් එතැනදී . නායකයෙක් විදියට මම සමහර වෙලාවල් වලට කණ්ඩායමේ ඉන්න ළමයින්ගේ දෙමව්පියන්ගේ බලපෑම් වලට තනියෙන් මුණදුන්නා. ඉගෙනුම් ගොඩයි 

1. නායකත්වය කියන්නේ දේශපාලන චරිතයක් - මග අරින්න බැහැ 
2. සර්ව සාධාරණ වෙන්න ගියහම වෙන්නේ අසාධාරණේ රජ කරන එක 
3. තමුන් දුන්න වචනේ රකින්න - නැත්තම් සද්දේ වහගෙන අයින් වෙන්න 
4. ටීම් එකක් කිව්වට -  එතන ඇත්තටම ටීම් වර්ක් එකක් නොතිබෙන්න පුළුවන් 
5. අදහස් වලට වඩා ගැටෙන්නේ නිලතල 

වැඩිය ක්‍රීඩා ජීවිතය ගැන ලියන්නේ නැහැ. වෙනම ලියන්න හිතන් ඉන්න හින්ද. ඒ හින්ද ඊළඟ තැනට යමු. 

මම සා.පෙළ. පන්තියේදී තමයි පළවෙනි වතාවට මාව සිවිල් නායකත්වයට නොමිනටේ වෙන්නේ. ඊට කලින් ක්‍රීඩා පැත්තෙන් ජුනියර් ගේම්ස් කැප්ටන් නොමිනේට් උනා.. සිලෙක්ට් උනේ නැහැ. ඒ මොකද මෙතෙක් කාලයක් ඒ තනතුරු පතාගෙන හිටපු කෙල්ලෝ එකසිය ගානට එග්සෑම් එකට සුදානම් වෙන හින්ද තනතුරු දරන්න වැඩි මනාපයක් නැතිකම. ඔන්න එතකොට තමයි පන්තියේ චන්දයක් තියන්නේ. ජනතා ජන්දය ! හි.. හි...

තමුන් කැමති කෙනාගේ නම ලියල තුණ්ඩුව මැඩම් (ගුරුතුමිගේ) මේසෙන් තියන්න ඕනේ. ඔහොම කළා. ( මේ සිද්දිය වෙනකොට මම පන්තියේ නැහැ. මම ආවේ ජන්දය ඉවර උනහම. මොකද මම ඒ දවස් වල මැච් එකකට ලෑස්ති වෙන්න උදේම පීරියඩ් එක ප්‍රැක්ටිස් වෙනුවෙන් වැයකරනවා)  දිග ඇරලා බලනකොට එකෙක් ඇරෙන්න අනිත් හැමෝම ලියල තියෙන්නේ මගේ නම! ඒකි වෙන කවුරුත් නෙවෙයි... මගේ හොඳම යාලුවෙක්. ඒ මදිවට ඌ ලියල තියෙන්නේ 

'මගේ මොනිටර් මමමයි' කියල 



කෙලිය නේද? 

ගුරුතුමීට තද උනාද, ඒ වගේ ඇක්ට් කලාද දන්නේ නැහැ... කොතරම් තද උනාද කියනවා නම්, ඇය පසුබසින්නේ නැතුව කලේ අර අමුතු ප්‍රතිචාරේ දීපු කෙල්ලට මොනිටර් කම දීපු එකයි. හි.. හි... 

මගේ හොඳම යාළුවා උන ඒකි මට පස්සේ කිව්වා, කොහොමත් මට මොනිටර් කම දෙන්න ගුරුතුමිගේ කැමැත්ත තිබිල නැහැ. මොකද මම වැඩිය පන්තියේ නැති හින්දලු! හා..... ඒවා මට කොහොමත් ගානක් නැහැ... මට කොහොමත් ක්‍රීඩා ලෝකය හැමදේටම වඩා ඒ දවස්වල වටිනවා. ඊටත් වඩා ඒ වෙනකොට මම පාසල් ක්‍රීඩා කණ්ඩායමේම නායිකාව වෙලා ඉවරයි. ඒ වගේද පාඩම 

1. නායකත්වය කියන්නේ ඇත්තටම බහුතර කැමැත්තම නෙවෙයි 
2. සුදුසුකම් ඔක්කොම තිබ්බත් එකම එක නුසුදුසුකමක් ඔක්කොම සුදුසුකම් වසාගෙන නායකත්වයට බලපානවා 

ඔහොම ගතවෙනකොට මම මගේ ඉගැනුම වගේම ක්‍රීඩාවෙන් ඉස්සරහට යනවා. සමස්ථයක් විදියට ගත්තම මම ඉගෙනගත්ත නායකකම තියරි වලින් ඉගෙන ගත්ත නායකකමට වඩා පොඩ්ඩක් වෙනස්. ඒකෙන් කියන්නේ නැහැ මිනිස්සු කාලාන්තරයක් තිස්සේ අධ්‍යනය කරලා හදපු තියරි වැරදි, මම හරි කියල. මම නායකත්ව පුහුණුවකට කියල සහභාගිවෙලා නැහැ මේ කාලේදී. ඒ හින්ද ' ට්‍රයල් ඇන්ඩ් එරර් ' මෙතඩ් එක සමහර දේවල් වලටත් , මගේ සුපුරුදු  'හිතුවක්කාර' තීරණ සමහර වෙලාවටත් ක්‍රියාත්මක කළා. හරි ගිය ඒවා වගේම වැරදුනු තැන් එමටයි. ඉගෙන ගන්න ලැබුන දේවල් නම් බොහොමයි 

1. නායකත්වය ශක්තිමත් වෙන්නේ හොඳ තොරතුරු සන්නිවේදකයින් සමගයි - කේලම් කාරයෝ නෙවෙයි.
2. නායකයෙක් අනිවාර්යයෙන් හොඳ සවන්දෙන්නෙක් වෙන්න ඕනේ 

මෙතනින් මම මේ වයසේදී අසාර්ථක උන කාරණයක් තමයි 2 කියන්නේ. මොකද මට බයක් තිබ්බ මම එහෙම සවන්දෙන්නෙක් වෙන්න ගියොත් කාටහරි ෆේවරේෂන් කරයි කියල. හැබැයි මම මගේ ටීම් එකට ලොකු බැඳීමක් ගෙනාව. පොඩි වයස්වල කෙල්ලොන්ට මම වැරද්දක් කලහම ගැහුවා - බැන්නා , ඒත් මම යමක් කලහම උන්ගේ ඔලුව අතගෑව.

ඉස්කෝලේ අන්තිම කාලේදී මාව අපේ ඉස්කෝලේ ස්පෝර්ට්ස් භාර ගුරුතුමිගේ ගොදුරක් උනා. මගේ දුර්වලකමක් හින්ද මාව 'හන්ට්' කරන්න ඇයට හැකිවුණා. මගේ නායකත්වය නැති උන ටීම් එක පොඩ්ඩක් දෙදරුව. මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. 

මම මගේ දෙවැන්නෙක් හදල තිබ්බේ නැහැ.. ඒක මගේ දුර්වලකමක්. ඒත් අද වෙනකොට මගේ ඉගෙනුමක්.


කැම්පස් එකේදී....

ඔව් මම යුනියන් එකේ වැඩකලා, මුල්ම පුටුවක් විදියට. ඇත්තටම මම යුධපිටියට පිවිසියේ එතැනදී. ඉස්කෝලෙදි වගේ නෙවෙයි, කැම්පස් එකේදී තත්වේ දරුණුයි. කරපු දේවල් කියනවට වඩා හොඳයි ඉගෙනුම් කිව්වා නම් 
1. පොදු වැඩක් කරනකොට හොඳම දේ තමයි ( මම අදටත් විස්වාස කරන්නේ) වැඩ බෙදා දීම - ඒත් වැදගත්මදේ තමයි ලණුව කොටකරලා තමුන්ගේ අතේම තියාගෙන ඉන්න පුළුවන් නම් 
2. අලුත් දෙයක් කරනවා කියන්නේ සමහරුන්ට මැජික් - සමහරුන්ට ඇහේ කටුවක් 
3. සමහර වෙලාවට කණ්ඩායමක් නියෝජනය කරනකොට තමුන්ගේ පුද්ගලික මතයට පයින් ගහල කතා කරන්න වෙනවා - මම මෙතනදී ඇනගත්තා .. හි.. හි...
4. ඔක්කොම වැඩ තමන්ම කරන නායකයෝ වගේම, කිසිවක් නොකර ඉදල සාර්ථක වෙන නායකයොත් ඉන්නවා. දෙගොල්ලොම වැරදි නැහැ 



කැම්පස් වලදී නම් දැන් නායකත්ව පුහුණු දෙනවා. මම නම් දන්නේ නැහැ ඇත්තටම මොනවද දෙන්නේ කියල. එකක් මම කියන්න කැමතියි... ඉස්සර දැකපු ක්‍රියේටිව් කම් නම් අඩු වෙලා. වනපොත් කරපු රිසියුම් නම් එනවා. වැඩක් කරන්න ගියහම ඇනකොන්ඩා!

පළවෙනි රැකියාව මම පටන් ගත්තේ අනිත් අය වගේම එග්සෑම් ඉවරවෙලා දවස් දෙකෙන්. මම ජොයින් උන තැනට මම ගියේ මගේ ආම්පන්නත් ඇතිව. මොනවද? ඉනොවේටිව් කම සහ කෙලින් වැඩකිරිල්ල. ඉනොවේටිව් කම මාව උඩට ගෙනාව, හැබැයි මගේ දුර්වලකම් මාව බිමට වැට්ටුවා. 

නායකයෙක් හොඳ ඉවසිලිවන්තයෙක් වෙන්න ඕනේ - මම ඒ දවස්වල පොඩ්ඩක්වත් ඉවසිලිවන්ත නැහැ 

ඒත් මට ටීම් ලීඩ් කම එතනත් ලැබුන. මම ටීම් එකේ හොඳ උන් ගැන , මෙතෙක් ඒ ගැන නොදැනසිටි මැනේජ්මන්ට් එකට දැනෙන්න සැලැස්සුව. අලුත් අයිඩියාස් වලට හැම වෙලේම අත දුන්න (අලුත් තාක්ෂණික උපක්‍රම වගේ). එක්ස්පෙරිමට් කරලා අලුත් අලුත් ක්‍රම යෝජනා කළා (නව සොයාගැනීම් නෙවෙයි හරිද...  Industry best practices කියන්නේ... අන්න එව්වා) හැබැයි තව මෝඩකමක් කළා... පොලිටික්ස් නොදැන වැඩ බැරි උන් ගැන කෙලින් කතා කළා. 
මට තේරුනේ නැහැ මාව සමහර අයට තර්ජනයක් වගේ පේනවා කියල. සමහර වෙලාවට එහෙමත් වෙන්න ඇති. මමත් සර්ව සම්පුර්ණ කෙනෙක් නෙවෙයිනේ. මගේ රතු කට්ට පැන්නම මම කටට එන එක කියනවා කාට උනත් (ඉස්සර) 

දැන් තමයි මගේ මාතෘකාවට හරියටම එන්නේ...

පිරිස් පාලනයේදී කොහොමත් පාලකයා සහ පාලිතයා කියල දෙන්නෙත් ඇති වෙනවා. ලංකාවේ මිනිස්සු අතර ( ආසියාතිකයෝ කියල ගත්තොත් වඩාත් නිවැරදියි) මේ දෙපිරිසේම ඉන්න අයට වැරදි මත තියෙනවා 

මමත් ඔය දෙපිරිසේම ඉඳල තියෙනවා, අද ඉන්නේ මුලිකවම පාලකය කියන පැත්තේ උනත්, කොම්පැනි ලොක්ක එක්ක බැලුවම මමත් ඉන්නේ අනික් පැත්තේ. 
ටීම් එකේ ඉන්න අය හිතනවා , ටීම් ලීඩර් කියන්නේ 
1. අපිට නිදහසක් ලැබෙනවට අකමැති එකෙක් 
2. පුළුවන් තරම් වැඩ ගන්නම බලන එකෙක් 
3. මෙලෝ රහක්, ජොලියක් නැති එකෙක් 
4. අපි කරන වැඩවල බරපතලකම නොදන්නා එකෙක් 
5. අපිව පාලනය කරන්න ඉන්න එකෙක් 

කියල 

ටීම් ලීඩර් හිතනවා, ටීම් එකේ උන් කියන්නේ 
1. හොරටම ඉදල අයිස් ගහන්න බලන උන් 
2. නිතරම ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕනේ උන් 
3. මම කියනදේම මිසක් කිසි දෙයක් හිතල කරන්න දෙන්න හොඳ නැති උන් 
4. ඉඩක් දුන්නොත් මට කෙලවන උන් 
5. උන් කියනවට වඩා ලේසියෙන් වැඩේ කරන උන් 

කියල.


මම ඕක තියරි වලට ඉගෙනගත්තේ ගොඩක් පස්සේ.

හැබැයි එකක් තියනවා, යමක් සාධාරණ විදියට ඔප්පු කරලා කියන්න/පෙන්නන්න බැරිනම් මම අදටත් ඒක පිළිගන්න සුදානම් නැහැ. ඒ අතින් මම ටෆ් කෙනෙක්. 

මම දකින තව දෙයක් තමයි, නායකත්වයට පත්වෙන සමහර අය තමුන්ගේ වටේ ඉන්න අය සතුටු කරන්න කියල එයාල කරන දේවල් ප්‍රශ්න නොකර ඉන්න එක. මම හිතන්නේ ඒක දුර්වලකමක් කියල. සමහර වෙලාවට එහෙම නොකරන්නේ, අනිත් කෙනා ඒක වැරදියට දකියි කියල වෙන්නත් පුළුවන්. ඒත් මම කියන්නේ පුද්ගලිකව මොන රිලෙෂන්ශිප් එක තිබ්බත් ප්‍රොෆෙෂනල් විදියට වැඩකරන්න බැරිද? ( මම කියන්නේ ප්‍රයිවට් කම්පනි ගැන- රජයේ එව්වා ගැන නම් කතා කරන්න එපා) 



මම නම් මගේ යටතේ ඉන්න හැම ලෙවල් එකක්ම ප්‍රශ්න කරනවා.. උන්ව එල්ලුම්ගස් යවන්න නෙවෙයි - තමුන් ගැන ස්වයන් විවරණයක් දෙන්න. නැත්තම් සමහර උන්ට මතක් වෙන්නේ නැහැ නේ උන් කියපු/කරපු දේවල් වල බරපතලකම! සමහර උන්ට ඕක අල්ලන්නේ නැහැ. මට ඒක ගානකුත් නැහැ. මම පුද්ගලිකව විස්වාස කරන්නේ එහෙම ප්‍රශ්න කරනකොට අපිට මගෑරුණ දේවල් මතක් වෙන අවස්තාව වැඩියි. 

මම මෙතනට ජොයින් වෙනකොට මම ගැන තිබ්බ ආකල්ප පොඩ්ඩක් විතර නෙගටිව්. මොකද මම මෙහෙ ප්‍රොසෙස් එක හදන්න සෑහෙන ගේමක් දුන්න. මුන් මම උන්ට ආපු තර්ජනයක් වගේ සැලකුවේ. මගේ දුර්වලකමක් වන කුකුල් කේන්තියත්, පොලිටික්ස් නොදැන වැඩේට අත ගැසීමත් කියන දෙකම මම අඳුනපු හින්ද දැන් වාතාවරණය වෙනස්. ඒත් මම කියන්නේ නැහැ හොඳටම හොඳයි කියල. තව ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට.

මට මේ වෙලාවේ මතක් වෙනවා 'සරත් ලංකාප්‍රිය' කියපු ඒ කතාව 

ඒ වෙලාවෙත් , දැනුත් මට මේකට එන්නේ එකම උත්තරයයි..

සමහර වෙලාවල් වලට අපිට වෙන්නේ අනුන් හදපු හමුදාවක් අරන් යුද්දෙට යන්න තමයි.... එතකොට?

සැ .යු. : මේක ඔහුගේ ඒ කතාවට ලියපු ප්‍රති උත්තරයක් නෙවෙයි. ඔහේ ලිව්වා මිසක් 

25 comments:

  1. උපේක්ෂා ගොඩක් සීරියස් මාතෘකාවක් ලියල අද.
    ඔයාගේ ලිපිය ගොඩක් වටිනවා...මම මේක කියවලා මගේ leadarship තව හදාගන්න හිතන ගමන්...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්... ඉඳල හිටලා එහෙම එව්වා ලියන්නේ. නීරසයි කියල දැනගෙනත්.. හි.. හි...
      මගේ අත්දැකීම් එක්ක තමයි ලිව්වේ. ඔය ගැන මට වඩා හොඳ අත්දැකීම් ඇති අනිත් අයට. ස්තුති

      Delete
  2. මමත් කමෙන්ට් එක ඔහේ ලියන්නම්.

    මුලින්ම කන්ස්ට්‍රක්ටිව් කමෙන්ට් එකකයි ද්ඤ්ඤං බැටේ විචාරයකයි වෙනස දැක්ක ගමන් කියන්න පුලුවන්.

    මෙන්න විවේචනයක්. බ්‍රිසිල් බෝර්ඩ් කියන්නේ ලංකාවේ අයගේ වැරදි උච්ඡාරණයක්. ඒක බ්‍රිස්ටල් බෝර්ඩ්.

    අන්තිම එක පාලක පාලිත කතාව ඔයා සෑහෙන හොඳින් තේරුම් අරන් තියෙනවා. මම මේක මේ කමෙන්ට් එකක දාන තුන්වෙනි පාරද කොහෙද. නමුත් ඒකත් මෙතනට ගැලපෙන නිසා ආයෙම දාන්නම්.
    My boss is like a diaper. Always on may ass. And full of shit.
    අනික ඔයා කියවලා තියෙනවද Holes කියලා පොතක්? ඒකේ තියෙනවා එක්තරා සිර කඳවුරක් වගේ එකක්. ‍රැඳවියන්ට තියෙන්නේ උදේ ඉඳන් රෑ වෙනකල් වලවල් හාරන්න අර මුඩු බිමේ. වල කපලා ඉවර වුනාට පස්සේ ඒක වහලා දාන්න වෙනවා. ඒ වගේම අලුත් වලක් කපනවා. වැඩකට නෙවෙයි. අර ‍රැඳවියන්ගෙන් වැඩක් ගන්න. අපේ බොස්ලත් එහෙමයි. ඵලදායීතාවය කෙසේ වෙතත් වැඩ නොගත්තොත් මිනිස්සු නරක් වෙනවා කියලා හිතන මානසිකත්වය තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න එළ හෙන්රි, ඔන් ද ස්පොට් හැදුව... බ්‍රිස්ටල් බෝර්ඩ් එක නම්. මම කැමතියි ඒ වගේ කියනවට. ඉංග්‍රීසි කියන්නේ අපේ ගෙදර ඇතුලේ ඉස්සර කතා කරපු බාසාවක් නෙවෙයි. ඒ හින්ද වැරදි අනන්තවත් කළා, කිව්වොත් දුටුතැන හැදුවා.

      මේ ළඟදිත් දවසක, මමම ඉන්ටවිව් කරලා ගත්ත කැම්පස් ඉන්ටර්න්ෂිප් කරන දෙන්නගෙන්, එකෙක්ගේ ඉංග්‍රීසි දරුණු විදියට මදි. මම ඌට වෙනම කතා කරලා මට දිනපතා ලියුම් එවන්න කියල උපදෙස් දුන්න. මොකද තව අවුරුද්දකින් ඌ එළියට ආවම හදන්න දඟලන උන්ට වඩා ඌ කුඩු කරන්න කට්ටිය වටවෙනවා.

      ඔය බොස් ගැන කියල තියෙන කොමෙන්ට් එක වටිනවා කොතරම් රිපීට් කලත්. මිට සම්බන්ධ තව පොස්ටුවක් තියෙනවා. ඒකෙ ලියන්නම් ඔක්කොම විස්තරේ.
      ඒ පොත කියෝලා නැහැ නේ, හොයාගෙන කියවන්නම්. ඔව්... සමහර බොස්ලා හිතන්නෙම එහෙමයි. මම ඒ හින්දම වැඩක් දෙන්න කලින් දෙපාරක් හිතනවා මේකෙන් වැඩක් වෙයිද, යමක් වෙනස් වෙයිද කියල. ඒත් සමහරුන්ට හිතෙන්නේ ඒක පිස්සුවක් කියලයි. නිකන් ඉන්න එකේ වැඩක් දෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ.

      ප්‍රොසෙස් එකක් හදන්න හැදුවමත් හිතන්නේ - ඒකෙන් වැඩ තව වැඩි වෙනවා කියල විතරයි. ඒකෙන් වෙන දිර්ඝකාලින පහසුව හිතන්නෙම නැහැ. අන්තිමට මට උනේ සමහර දේවල් බලෙන් කරවන්න ( නිල බලයෙන්) ටික දවසක් ගියහම සිද්ධියක් උනා,
      'ප්‍රොසෙස් එකක් තිබ්බ හින්ද යන්තම් බෙල්ල බේරුණා ' කියන දේ ගොඩදෙනෙක්ගේ කටින් පිටවුණා. මම 'ගොඩදෙනෙක්' කිව්වේ සමහරුන්ට ඒත් තේරුනේ නැහැ කියල කියන්න ඕනේ හින්ද.

      ස්තුති හෙන්රි
      ඔහේ ලියන්න එපා... අදහස් කියන්න. මට හැදෙන්න තව අමුද්‍රව්‍ය ඕනේ කියල මම විස්වාස කරනවා.

      Delete
    2. Can I add up something? Bristol board is pronounced as ''brisl board'' as same as you do for crystal( pronounced as ''crisl'').I am so much impressed of this article since it talks of the experiences you have gained through practice.It gives food for thought for everybody. The insight you have is precious. I am also a leader in a male dominating field. I had a terrible uphill journey due to the pressure from the peer male dominanace. However, I made it to the hill.Do you think the struggle is over.? No way...! But I still survive.I gathered lot of information from your post.Thanks..!

      Delete
    3. ගයත්‍රී -
      හරි සතුටුයි ඔයාගේ කොමෙන්ටුව දැක්කම. ඔව් මම ඔය ගැන ලියනවා. මමත් කොල්ලොන්ට ලීඩ් කෙනෙක් වෙලා ඉන්නකොට අනෙක වදබන්ධන වලට ලක්වුණා. ලියන්නම් ඒ ගැන. ඒවාට සාර්ථකව මුහුණ දුන්න. ඔයත් ලියන්නකෝ කොහොමද ඒවාට මුණ දුන්නේ කියල

      Delete
    4. To cut a long story short,my field was surgery.How about a woman being a surgeon?Most male drivers do not even tolerate a lady driver overtaking them,let alone being a surgeon.Many people know me by name.So I just keep quiet here.

      Delete
    5. Gayathri -
      You better keep your comments for my next post. There's more we can discuss regarding this. You dont have to be quiet.. share your experience, which will be very impotent.
      regarding driving > 200% agree, that proves the thinking power of male drivers in Sri Lanka

      Delete
    6. මගේ වෙන්ඩ බෑණා Bristol පලාතේ. මේක ඇත්තටම කියවෙන්නේ බ්‍රිස්ට්ල් කියලා. නමුත් වෙන්ඩ බෑණා කියන්නේ ඒක lazy pronunciation කියලා. හරියටම නම් බ්‍රිස්ටල් කියලා තමයි කියවෙන්න ඕන.

      Delete
  3. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete
  4. නායකත්වයට හැකියාවක් නො මැති සෙට් එකක් එක්ක කරට කර ගේම ගහන්න උණු දවසට ඔයාගේ ඔය තියරි කැලේ. මේ දීර්ග ලියැවීල්ල තුල එහෙම අවස්තාවක් ලියවිලා නෑ. සම මට්ටමේ උන් දෙන්නෙම හතරවරන් ගේම්. ගමේ මළගෙදරක ඕමි ගහනවා වගේ. කොළ තියාගෙන තුරුම්පු වලින් කපනවා. හර්ද සාක්කිය තියන එකකුට කරන්න පුළුවන් එකම දේ පසුබසින එක විතරයි. හැපෙන්න ගියොත් ඔක්කොම එකතු වෙලා ගේම දෙන්නේ. හර්ද සාක්කිය නැති එකාට ඕන වල් වැඩක් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අන්න නියම අදහසක්. මම කැමතියි ජිවන මතුකරපු දේට.. ඔයා හිතන් ඉන්නේ මට එහෙම වෙලා නැහැ කියලද. මම කියල තිබ්බේ තියරියයි ඇත්තටම කරන්න යනකොටයි තියෙන වෙනස්කම් ගැන?
      මම ඔහොම බැට්ල් එකක හිටියා. අම්මෝ පුදුම ගේමක් ඔලුව තියන් ඉන්නවා කියන්නේ. නායකකම තියෙද්දී ඔලුව බේරගන්න විදිය විතරයි ඉතින් ප්ලෑන් කරන්නේ හැමදාම.. හි.. හි...

      ඒ ගැන මම කියන්නම් වෙන පොස්ට් එකක. මම මෙතන ලිව්වේ නායකකම 'පවත්වාගෙන' යනකොට ටීම් එකත් මගෙත් අතර මට දැනුන දේ මිසක් අනිත් ගේම් නෙවෙයි. ලොකුවට නම් අත්දැකීම් නැහැ.. මගේ වයසේ හැටියට ටිකක් සැර වැඩියි.


      ස්තුති

      Delete
    2. මමනං වෙලාවට පාදය පසුපසට ගන්නේ නැතුව ෆේල් උනා.
      වල් ආසියා විසිකරල කොළ හංගල ගැහුවනම් නම් ගොඩ දාගන්න තිබුන
      ඒත හිතට එකඟව ගේම ගහපු නිසා ෆේල් උනත් දුකක් නෑ

      Delete
    3. ජීවන - ඉස්සරහට මේ ගැන ගොඩක් ලියන්න හිතන් ඉන්න හින්ද කෙටියෙන් කියන්නම්. පාදයක් පසුපසට ගන්න එකත් වෙලාවකට නිර්භිතකමක්. හරි වෙලාවට තමයි හොද්දක් උනත් පහේ ටික දාල බාගන්න ඕනේ. මම ඔහොම කළා. ඉවෙන් වගේ කලත්, අන්තිමට බලනකොට ලොකු කන්සෙප්ට් එකක් කවර් වෙලා තියෙන්නේ

      අන්තිම වාක්‍ය තමයි වැදගත්!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. international submarine band එක ගැන පොස්ට් එකක් ලියන ගමන් මේ පැත්තට ආවේ.
      මටත් සැහෙන අත්දැකීම් ගොඩක් තියනවා. හැබැයි ලස්සනට ලියාගන්න තමා බැරි.
      මුළු රටම කතා කරපු අලුත් ආරයේ Event ගණනාවක ප්‍රධාන සංවිධායකයකු වශයෙන් ලැබුණු අත්දැකීම් අනන්තයි
      නමුත් මුළු ව්‍යාපෘතිය තුල වැඩියෙන්ම කරලා තියෙන්න ඔලුව බේරගන්න සහ කකුල් මාට්ටු වලින් බේරෙන්න අරගලයක්
      වැඩ බැරි දාසලට මොනව් බැරි උනත් වැඩක් කරන එකාට කුඩුවෙන්න ගහන එකනම් සුපිරියට පුළුවන්
      මගේ අත්දැකීම් ටික දෙන්නම් මේකට ලියන්න

      Delete
    6. අනිවා.... එහෙම ගෙවපු කාලෙකුත් තිබ්බ. එවන්න එවන්න, රස නැතත් ලියල දෙන්නම් කොහොමහරි.

      ගොඩක් වෙලාවට අලුත් දෙයක් කරන්න ගියාම තමයි පිහි ඇනුම්, පිටට ඇනිලි , කකුල් මාට්ටු, දිය යටින් ගින්දර, මුට්ටි, කකුලෙන් ඇදිලි, කඩු හරඹ ඔක්කොම බලාගන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයක්ම වෙන්නේ වැඩේ 'වෙන ' පැත්තට නෙවෙයි.. නොවෙන පැත්තට වැටෙන්න. හි.. හි... ඉන්නකෝ මම මේ ගැන තව තැනක ලියනවා

      Delete
  5. නියම පොස්ටුව, අත්දැකීම් වලින් තමයි හොද දේවල් බිහි වෙන්නේ, දිගම දිගයි පොස්ටුව ....

    ReplyDelete
    Replies
    1. දිග වැඩි උනාට සමාවෙන්න. ලියන්න තියෙන දේ තව බොහොමයි. ස්තුති කියෙව්වට.

      Delete
  6. රස නෑ උපේක්ෂා,ඒ ඔයා ලියපු සබ්ජෙක්ට් එකේ හැටි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැලපේ - රස නැතුව ඇති හැලපේ... ලියන් ලියන් ගියා මිසක් ගලායාමක් ගැන හිතුවේ නැහැ. ඕනෙම බොරින් දෙයක් ගැන උනත් හරි ලස්සනට ලියන්න පුළුවන්. මට දැන් ඒ හැකියාව පොඩ්ඩක් පොලිෂ් කරගන්න ඕනේ. ස්තුති අදහසට.

      ජීවන - සමහර වෙලාවට එකම දේ දෙන්නෙක්ට දෙවිදියටක දැනෙන්නේ. තමුන්ට එහෙම අත්දැකීම් නැත්තම් නීරසයි එහෙම ඒවා කියෝන එකත්. හි.. හි... මියුසික් බොරින් කියන උන් නැද්ද හා?

      Delete
  7. උපේක්ෂා ලීඩර්ෂිප් එක ඇඟේ තියෙන්න ඕන ෂිප් එකක් නේද :D maturity එකත් බලපානවා නේද

    ReplyDelete
    Replies
    1. අනිවා අරූ... ඒක ඇඟේ තියෙන්නම ඕනේ. නැත්තම් සර්වයිව් වෙන්න බැහැ. මගේ ඇතුලේ එහෙම ගතියක් තියෙනවා මම හිතන්නේ. ( ලොකුකමට කිව්වා නෙවෙයි හරිද) ඒක වෙන්න ඇති මට පොඩි කාලේ ඉඳලම චාන්ස් ලැබුනේ.

      අම්මෝ ඔව් මැචුරිටි නැත්තම් අමාරුයි. මගේ සමහර කාලවල් වලදී මට දක්ෂතාවය හින්ද නායකත්වය ලැබුනත්, මැචුරිටි මදි හින්ද නොයෙකුත් කරදර වලට මුණදෙන්න සිද්ද උනා. ඒ වගේම මෝඩකම් කළා.
      ඒ වගේම ලක් එකත් තියෙන්න ඕනේ. නැත්තම් අදින අදින තුරුම්පු උනත් වරදිනවා. තුරුම්පු අතේ තියාගෙන පැරදෙන කාඩ් ගේම් එකක් වගේ... හි.. හි...

      Delete
  8. දන්නවෙයි වැඩක්...
    මම මේ පෝස්ට් එක දැක්කෙ දාපු හැටියෙම...
    ඒත් රිප්ලයි කරන්න මෙලෝ හසරක් ඔළුවට ආවෙ නෑ...
    ඉතිං මාරු වෙලා ගියා යන්න... පස්සෙ ඇවිත් හොද ලෙක්චරයක් දාන්නං කියල..
    ඊට පස්සෙ මොකද දන්නවද වුනේ...
    මොකුත් නෑ අනේ...
    ලෙක්චරෙත් අමතක වුණා..
    ඔයාට කමෙන්ට් කරන්නත් අමතක වුණා..
    මට මංඥං වුණා..
    වැඩේ දෙල් වුණා..
    දෙල් අල වුණා...
    අල ගෝව වුණා...
    මට කෙලවුණා...

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...