ඉතා පටු මාවතකි
අප දෙදෙන පියමනින,
ඔබේ පියවර ඇසෙයි
මගේ හිතටත් වැඩිය.
මගේ අත වදී යයි,
ඔබේ අත , ඔබ තබයි.
ඇසෙන නෑසෙන හඬින්
ගීතයක් ඔබ ගයයි.
පිසින මද නල පවා
හුස්ම අල්වා සිටියි.
මාවතේ කෙළවරක
නවතින්න ඔබ කියයි.
සවන්පෙති අද්දරින්
උණු හුස්ම ගලා යන,
විටෙක මා කිළිපොලා
සලිතවෙයි - මම සොයයි
ඉදින් ඔබ මා සොයයි
මගේ හිත පිරිමදියි....
ලස්සනයි කුමාරි..............
ReplyDeleteස්තුතියි මෙයා.
DeleteLassanayi kumari x 2 :)
ReplyDeleteස්තුතියි ( ඇත්තටමද මන්ද )
Deleteම්ම්ම්ම්. ලස්සනයි.
ReplyDeleteම්ම්ම්ම්.... ස්තුතියි
Deleteඅතින්වත් අත ඇල්ලුවේ නෑ
ReplyDeleteකිසිම කිලුටක් තිබුනෙ නෑ
ආදරය හැර හීනයකවත් කිසිම කිලුටක් තිබුනෙ නෑ
ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ,
ඔබට අමතක වෙන්න බෑ.
මාර ලස්සනයි නේද ඔය සින්දුව? ඇත්තටම මම ඔලුවේ තියාගෙන හිටියේ ඒ සින්දුව තමයි. ඒ වගේ පරිස්සමට වචන තෝරලා ලියන්න දන්නේ නැහැනේ.
Deleteඅතින්වත් අත නොඇල්ලු ...
ReplyDeleteහිතින් හිත මත හිල්ලු .....
බරද ඔතරම් හිත සැහැල්ලූ
Deleteඅත නුඹේ යන්තමින්
ReplyDeleteමගෙ අතේ වදින්නට
ඉඩ දෙන්න
ඒ වදින ඇසිල්ලට
අතේ මුදු උණුහුමින්
පිබිදෙන්න ඉඩදෙන්න
යළි හමුවෙන තුරුම
ජීවිතේ මට
ඒ උණුහුමේ
තියා යන්න
ඔය ලියන්නේ. තව ලියමුකො.
Deleteඅතින්වත් නොඅල්ලා
ReplyDeleteසිතින් පෙම් කල නිසා
නිකම්වත් නොකියා
කුමාරි වෙනතක ගියා.
අතින්වත් ඇද නැවතුයේනම්
Deleteනොයා ඉන්නට හිතක තිබුනා
අතින් අල්ලන්නේ නැතිව, හිතින් අල්ලලා වත්
ReplyDeleteහිතින් අල්ලන්නේ නැතිව, අතින් අල්ලලා වත් ඔය කිසිම ප්‍රේමයක් , පවත්වා ගත හැකි ප්‍රේමයන්වන්නේ නැහැ. ඒවා සින්දු, කතා සහ කවිවලින් අවසන් වෙනවා. බොරුද මන් කියන්නේ..
කවුද පවත්වනවා කිව්වේ.... විඳිනවා විතරයි
Deleteනැද්ද?
විඳිනවාද...විදිනවද..
Deleteනිවැරදි "ඳ' භාවිතා කරන්න.
Deleteඅම්බෝ හරියට බිම් බෝම්බ අප්පා