Monday, May 23, 2016

279. රම්ප කොලයක්






මම  හිතුව විදියමයි
වෙන දෙයක් උනේ  නෑමයි
ඉතින් වෙන මොනවා වෙන්නෙයි,
මම රම්පෙ කොලයක් ගානයි.....

අඩුව ඇති විටකදී
අමතන සෑම තැනකදී
අහිතක් නැතුව හිතදී
කිව්වා නේද උඹට මුලදී?

දැන් ඉතින් ඇති ඔය මල්
කඩපු තරමත් රෑ දවල්
ඇදපු වතුරත් , බඳුනේ දැල්
දෙකම බලහං පෙනෙයි තරු මල්

ගිය දේ දැන් ඉතිං ගියාවේ
ආයෙම රැවටෙන්න උනාවේ
දැන් වත් කල්පනාවේ
යෝදියේ රට්ටුන් හිනාවේ


ප.ලි. මේක යාලුවෙක් වෙනුවෙන් ලිව්වේ මිට අවුරුදු ගණනාවකට කලින්. 



2 comments:

  1. කරපිංච කොළයක් වීම ඒ අතින් හොඳයි නේද?
    මොකද ගොඩාක් දෙනා ගුණයි කියලා ඒ කරපිංචා කොළ බත් එක්කම කනවා!

    ReplyDelete
    Replies
    1. ගුණයි තමයි. ඒ නිසාම කනවා වෙන්නත් ඇති.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...