ඒක ගෙදරක්. සුදුපාට බිත්ති ,ඕලන්ද ආරුක්කු තියෙන විසාල ගෙදරක්. මම හිටියේ පළවෙනි මහලේ ආලින්දයට පිවිසෙන දොරටුවත් එක්කම තියෙන කොරිඩෝවේ මැද්දට වෙන්න. කොරිඩෝව පේනමානයේ තියෙන ඔක්කොම ආරුක්කු බලාගෙන හිටියේ එකම පැත්තක්. ඒ පැත්ත වසාගෙන තිබ්බේ රූස්ස ගස්.
මෙතරම් වනාන්තරයක් මැද්දේ කිරිපාටට මෙහෙම මන්දිරයක් තියාගන්න පුළුවන් කියන එක මම ඒ වෙලාවේ ආයෙමත් කිරල බැලුවේ නැහැ. කොටිම්ම එහෙම කරන්න වෙලාවක් තිබ්බේ නැහැ.
මම හිටියේ කැළඹීල්ලෙන්. මගේ අත්වල ඇඟිලිගැට 'ටුක් ටුක්' හඬින් මම කැඩුවත් ඒ කැළඹීල්ල අඩුවක් උනේ නැහැ. මම ඉතින් කොරිඩෝවේ දොර පැත්තට සක්මනක් පටන් ගත්ත.
'දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....'
පඩිපෙළ දිගේ ඒ සද්දේ මට හොඳට පුරුදුයි.. ඔව් ඒ උන් තමයි... තවත් හිතන්න දෙයක් නැහැ. මම කලේ ආරුක්කු ජනේල් පේලියේ මැද්දේ තියෙන ජනේලෙ පඩිය මතට මගේ දකුණු අතේ අල්ල තියලා ලොකු ගැම්මක් අරගෙන පහලට පැනපු එකයි. හුස්ම අල්ලාගෙන කලත්, 'දඩිස්' සද්දයක් මිසක් හුස්ම පහතට වැටෙන්න දඟලන හිත ඇතුලෙන් වෙන කිසිම සද්දයක් ආවේ නැහැ.
මම හිටියේ තෙත පස් තියෙන , පලින් පල තණකොළ වල සලකුණු ඉතුරු කරපු බිමක. මම පැන්නේ ලොකු උසකින් කියල දැනුනත් මම ආයෙමත් තත්පරයක්වත් හිතුවේ නැහැ ඒ ගැන.
වටේම තියෙන්නේ තද ඝන වනාන්තරේ. ලොකු අතුපතර අතුරින් අහසක් නොපෙනන තරම්. තෙත බරිත සීතලක් එක්කම මගේ හිත ආයෙමත් 'ලබ් - ඩබ්' ගගා සෙලවෙන්න ගත්තා.
තත්පරයෙන් දාහෙන් පංගුවක් වත් අපතේ අරින්න බැහැ. මම තෙත පස්වල මගේ අඩි සටහන් තියන ගමන් ඇතුලට, ඇතුලට දුවන්න ගත්ත. ඇතුලට කිව්වේ වනන්තරේ ඇතුලට නෙවෙයි, කුමක්දෝ දෙයක් ඇතුලට.
ලොකු හුස්මවල් තුනක් ගන්නකොට මම සෑහෙන වේගෙන් දුවගෙන ඇවිත්, පේන මානේ තිබ්බේ ලොකු, තෙතබරිත ගල් පර්වත. ඒවා මට පෙනුනේ සුවිසල් යෝධයින් වගේ.
'සර සර'
ආයෙමත් සද්දේ. උන් එනවා... ආයෙමත් මම දුවන්න පටන් ගත්තා.
ඒ පාර තිබ්බේ දිරායමින් තිබ්බ කොලරොඩු ගොඩවල් තියෙන , ගස් මුල් වලින් ආරුක්කු හදපු බෑවුමක්. බෑවුම කොතරම්ම තිව්‍රද කියනවා නම් මගේ කකුලේ වැදුණු පොඩි ගල්කැටයක් බෑවුම දිගේ පහලට විසි උනේ 'ටොක ටොක' ගාමින් මුල්වල වදිමින්.
'ස්රස්.. සරස්... සරස්'
ඔව්.. උන් එනවා ළඟම. හිතන්න දෙයක් නැහැ. මම හුස්ම අල්ලනේ නැතුවම බෑවුම දිගේ පහලට දුවන්න ගත්තා. මගේ වෙලාවට එකම මුලක්වත් මගේ කකුලේ පැටලුනේ නැහැ. මම දාගෙන හිටියේ මොන ජාතියේ සපත්තුද මන්ද, මට වේදනාවක් නම් දැනුනේ නැති තරම්.
ඒවා බලන්න වෙලාවක් නැහැ. දුවන්න ඕනේ. නැත්තම් අහුවෙයි.
බෑවුම ඉවර කරලා බලනකොට ඒක ඉවර වෙලා තිබ්බේ අලකොල යායකින්. පේනතෙක් මානයේ තිබ්බෙම ලොකුවට හැදිච්ච ලොකුම ලොකු අලකොල. ඒවා හුළඟට ලෙලදෙමින් තිබ්බේ මාව පිළිගන්න වගෙයි. මැද්දෙන් යන්න හිතෙන්නේ නැහැ. එරෙන්න පුළුවන්. කොහොමත් ඒ අලකොල ගස් මට වඩා සෑහෙන්න උසයි. මම දකුණු පැත්ත බැලුව.
ඒ පැත්තෙන් තිබ්බා කළුගල් වලින් හදපු තාප්පයක්. ඒක ලොකු බැම්මක් වගේ එකක්. මම නියරක් වගේ තිබ්බ කොටසින් නැගලා බැම්මට ගොඩවුනා. බැම්ම පාමුල තෙතබරිත බවින් පෙනුනේ එතනින් පටන්ගන්න විල්ලුවක් වගේ කොටසක් පේනතෙක් මානයේ තියෙන බවයි.
'සර සරස්.. ස්රස්'
ඔව් ඒ උන් තමයි.
වෙන දෙයක් උනාවේ. පණට ආදරයක් තියෙනවා නම් වෙන මගක් ඇත්තේ නැහැ. මම තවත් හිතන්නේ නැතුවම ගල් බැම්මෙන් පිම්මක් පැන්නා අලකොල ගාලට.
'ජබොහ් ජඃ ජඃ '
තෙත පස් ඇතුලට මගේ කකුල් බැහැල ගියත් මට ලොකුවට සීතලක් දැනුනේ නැහැ. මම අලකොල දෙබෑ කරමින් ඉස්සරහට දුවන්න පටන් ගත්තා. මට පිටිපස්සෙන් අලකොල පොඩිවේගන එන සද්දේ ඇහෙනකොට මට තේරෙනවා උන් ළඟමයි ඉන්නේ... මම තවත් වේගෙන් දුවනවා. වංගු හදමින් දුවනවා.
අලකොල වනන්තරේ ඉවර උනේ ලොකු මිටියාවතකින්. මම මිටියාවත දිගේ දුවනකොට මට පෙනුනේ බහින්න ආසන්න ඉර විසින් ලස්සන දම්පාටක් හැමතැනම ඉහිරවලා තියෙන බවත්, ඒ ඔස්සේ පක්ෂීන් රටාවකට ගමනක් යන බවත්.
මොකද්දෝ මත් ගතියක් දැනුනා.
ආපහු අඩි සද්ද.... ආපු හැරෙන්න බැහැ දැන්... කරන්න වෙන යමක් ඇත්තේ නැහැ. මම මගේ උපරිම වේගෙන් දුවගෙන දුවගෙන ගියා. බෑවුමක් එක්කම මම දැක්කේ හාත්පස වෙලාගෙන තිබ්බ මෘදු මිදුම් පටලය මම එනකොටම දෙපැත්තට වෙන එකත්, ඒ අතරින් යන්තමට දිලිසෙන යමක් පෙනෙන අයුරුත්.. මම මගේ අත්දෙක විහුදුවා එය ගන්නට සැරසුණා......
'කෝ මට අත හොලවන්න බැහැනේ.... අනේ අය්යෝ... මගේ අත !! අනේ තව ටිකක්!!! ටිකාක්!!!! ආඃ.. මොකද්ද මේ සද්දයක් ඇහෙන්නේ....'
ට්රආආආආආආආආආආආආආආන්.........
මර ලතෝනියක් නතර උනා වගේ උනා. මම බැලුව ඔලුව උස්සල. ඩොමේට්‍රියේ පේන මානෙක කිසිම කෙනෙක් නැහැ. මගේ ඔලුව ගාව තිබ්බ එලාම් එක උඩ අත තියාගෙන, මගේ දිහා නරුම බැල්මක් දාගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි, මිට ඩොමේට්‍රි දෙකකට එහා පාඩම් කරන්නම කියල නතර වෙලා හිටපු උත්තරා අක්කා.
මුණට අබ දැම්මා නම් 'පට පට' ගගා පිපිරෙනවා. මම හෙව්වේ මගේ අත... කෝ ඉතින් අත මටම යට වෙලානේ...
"පාඩම් කරන තැනට ඇහෙනවා ඔයාගේ එලාම් එක"
එහෙම කියාගෙන උත්තරා අක්කා විලක්කුව ගත්ත යකදුරා වගේ ආයෙමත් හැරුනා. මම අර මොකද්ද කාපු මොකාද වගේ.
'මෙයා නම් ..කියයි.. හුහ්... කොහොම නැගිටින්නද, දුවන්න තිබ්බේ කැලෑවේ ! ඒ මදිවට තව ඩින්ගෙන් අහු වෙනවා'
ප.ලි.
මේ හීනය එකම විදියට , පොඩි පොඩි වෙනස්කම් ටිකක් එක්ක මට අවුරුදු ගානක් තිස්සේ පේනවා. එකම විදියට මම දුවනවා. එකම තැන් වලින් පනිනවා. සමහර තැන් වලින් පනින්න ගිහින් මම ඇඳෙන් බිමට වැටිලා තියෙනවා. ( ආයෙමත් නැගල නිදාගන්න එක වෙනම කතාවක්!) හැමදාම උන් පන්නනවා. සමහර දවස් වලට වැඩට යන්න ඇහැරගන්න විදියක් නැහැ උන් පන්නනකොට දුවන්න තියෙන නිසා.
මේක රහසක් වෙන්න ඇති...
පිදුම: මට නොපෙනී මගෙත් එක්ක දුවපු අනිත් එක්කෙනාට. මේ වෙනකල් මම හිතුවේ ඒ දිව්වේ තනියෙමයි කියල.
අනවශ්‍ය හෝ බියකරු සිහින වලක්වා ගත හැකි හොඳම ක්‍රමය මෛත්‍රී භාවනාවේ යෙදීම.
ReplyDeleteස්තුතියි...
Deleteකිව්වට තරහ වෙන්න එපා. මේ හීනේ මම අනවශ්‍යයි කියල හිතල නැහැ. ඒ වෙලාවේ නම් තැතිගැන්මක් තියෙන බව හැබෑව. ඒඋනාට මොකද්දෝ සම්බන්ධයක් තියෙනවා.
අදමයි මේ පැත්තට ගොඩ උනේ...හීනෙ දිගටම බැලුවා...මේ දිවිල්ල නවත්තන්න නම් හිත එකඟ කරගෙන නිදා ගන්න වෙයි...භාවනාවක් හුරු කරන්න...ඒක තමයි හොඳම දේ...
ReplyDeleteඅහම්බෙන් වගේ පෙනෙන්නේ. එහෙම විශේෂ දවසක් කියල නැහැ. මට මෙහෙම පේන තව හීනයක් තියෙනවා. ඊට අමතරව මට වෙන හීන පෙනෙන්නේ නැහැ.
Deleteෂහ්! හුරේ රන් එකක්නේ දීලා තියෙන්නේ! ඔය ප්ලොට් එක දාලා දැන් ඔයාට කතාන්දරයක් ලියන්ඩයි තියෙන්නේ උපේක්ෂෝ. අර පේන් නැතුව සපෝර්ට් එකට දුවපු එක්කෙනාටත් පණ දීලා.
ReplyDeleteඒක නෙමේ, කවුද අර දඩිස් බිඩිස් ගාලා පස්සෙන් එලෙව්වේ? කතන්දරේ මැද හරියේ ඉඳගෙන අවසානය ගැන කල්පනා කරන කොට මං ඒත් හිතුවේ 'පූස් ඉන් බූට්ස්' කෙනෙක්ගේ ඇඩ්වෙන්චර් එකක්ද දන් නෑ කියලා. (ඔව්, බූට්ස් දාලා ඇති කියලා හිතුවා, නැත්තං නිකං පූසෙක් ජනේලෙන් පැන්නට 'දඩිස්' කියලා සද්දයක් ඇහෙන්නෙ නෑනේ!)
ලස්සන හීනයක් යාළු. අර ස්ටෙෆනි මෙයර් නෝනාටත් ට්විලයිට් ලියන්න අදහස ආවේ හීනයක් දැකලා කියලා කියනවනේ. ඉතිං මං ඔය උඩින්ම කියපු එක ගැන ඩිංගක් සලකලා බලාන්ට. :)
දැන් මේ ලිව්වේ එහෙම එකක් නෙවෙයිද?
Deleteහෑ ... පිස්සු නම් කියන්න එපා, එයාට පන දෙන්න දෙයක් නැහැ එයාට පන තියෙනවා යසට!
ආන්න දැක්කද... මමත් දැන් සෑහෙන්න ප්‍රසිද්දයි.. නෑ මම කිව්වේ එලාම් එක කන ළඟ මර ලතෝනි දෙනකොට නිදාගෙන ඉඳල
මට උදේ වෙද්දී රෑ බලපු හීන අමතකයි!
ReplyDeleteඒ කියන්නේ එකම හීනේ දෙපාරක්වත් පෙනිලා නැද්ද? අම්මේ පුදුම හීන පැක්ටේරියක් නේ
Deleteමුළු හීනෙම කොළ පාටයි..දම්පාට ආවට ආවෙ නෑ වගේ.කොළම කොළ පාටයි.
ReplyDeleteජයවේවා..!!
ආන්න හරි.. කොලපාට තමයි තිබ්බේ. ඒකත් ප්‍රබෝධමත් කොළපාට ! හැබෑටම අන්තිමට තිබ්බ දම්පාට එක්ක තමයි හීනෙ තීව්‍ර උනේ. පාටවල් එක්ක තියෙන හැඟීම මට විස්තර කරන්න අමාරු දෙයක්. ඔයාට ඒක තේරුණානේ? නියමයි
Delete/////Recurrent dreams occur in between 60% and 75% of adults, and more often in women than men (Zadra, 1996). The common themes include: being attacked or chased, falling, being stuck, being late, missing or failing an exam, and even losing control of a car. Theoretically, recurrent dreams are assumed to reveal the presence of unresolved conflicts or stressors in an individual’s life. This is corroborated by findings that recurrent dreams are usually accompanied by negative dream content, and that they are associated with lower psychological well-being (Zadra et al., 1996)./////////
ReplyDeletewww.physocologytoday.com
උපේක්ෂා.....ඒ ලිපිය කියවලා බලන්න interesting.
අරූ : හුලන් පාරට සායම හේදිලා ගිහින්, සායත් උඩ ගියා.... හය්යු..... දැන් ඉතින් ලෝකයාට මුණ දෙන්නේ??
Deleteමටත් ඔහොම නිතරම පේන හීන දෙකක්ම තියෙනවා. ඒවයේ තේරුම ඉතින් අනේ මන්දා..
ReplyDeleteමට මතකයි ඔයා එකපාරක් ලිව්වා නේද අඟුටුමිට්ටෙක් සහ එයා 'විසඳන්න' කියන හීනයක් ගැන? ඒක මට තදින් මතකේ තිබ්බ. ආයෙමත් දැක්කද ඒක ?
Deleteඑකම විදියෙ හීනයක් පේන, උඩකින් නිතර ඇදවැටෙනව වගේ පේන අය මනෝ විද්‍යාව සම්බන්ධ, කවුන්සිලින් වගේ දේවල් වලට දක්ෂයි කියල අහල තියෙනව. එහෙම අය තෝරගන්න quiz තියෙද්දි දෙන ප්‍රශ්නාවලියෙ ඒ ප්‍රශ්නෙත් අහනව මං හිතන්නෙ. 100% කන්ෆර්ම් නෑ, චුට්ටක් හොයල බලන්න් වටිනව අක්ක. හිකිස්
ReplyDeleteලක්ෂණ දෙකම තියෙනවා. ලෙඩේ අහු උනාද මන්ද.
Deleteමට කවුන්සලින් වලට වගේම තෙල බෙදන්නත් දක්ෂතාවය තියෙනවා. හි හි හි.. කවුන්සලර් කෙනෙක් විදියට ස්වෙච්ජාවෙන් වැඩකලා ටික දවසක්. කැම්පස් එන්න කලින්. ( ඒ වගක් පේන්නේ නැති උනාට කරන්නට දෙයක් නැත. ඒ මගේ හැටිය)
මේවා කාටවත් කියන්න එපා හරිද? රට්ටු මොනවා නොකියයිද??
මනෝ විෂ්ලේශක උපේක්ෂා දුවනහීන මහත්මිය
Deleteඇඳෙන්බිම
එලාම්කනේ
ශ්‍රී ලංකාව.
හුකෑස් ! ආමන්ත්රණේ දැකල ඉස්මොල්ලේ ගියා
Deleteහීන.. හීන... හීන.. නින්දෙන් විතරක් නෙවි ඉතින් ඇත්තටමත් කරන්නෙ හීන බලන එක තමයි.. ( මං කිව්වෙ මම හොඳේ)
ReplyDeleteමට නිතර පේන හීන දෙකක් තියෙනවා.. එකක් මම පාවි පාවී ඉන්නවා. හරියට ඉගිල්ලෙනවා වගේ. මට ඕන තැනකට එහෙම පාවෙලා යන්න පුලුවන්...
අනික කන්දක්, පඩිපෙළක් ඔය මොකක් හරි නැගල අතරමැද හිරවෙලා ඉන්නවා. එහෙට යන්නත් බැරිව මෙහෙට එන්නත් බැරිව. සමහර වෙලාවට කොයි තරම් බය හිතෙනවද කියනවනම් හීනයක් නේද කියල දැනුණම අප්‍රමාණ සැනසීමක් දැනෙනවා. ඇත්ත ජීවිතේ දිත් මට ඔය ප්‍රශ්නෙ තියෙනවා උසකට නැගල පහත බලන්න අමාරුයි..
මේවල මනෝ විද්‍යාත්මක පැත්තක් ඇති.. මං ඒ ගැන ඒ තරම් හොයල නම් නැහැ.
තරුරසී දන්නවනේ මගේ හීන බැලිල්ල.. හි හි හි..
Deleteහීනෙන් පාවෙනකොට දැනෙනවා නේද හුළඟ කන ලගින් බෙල්ල ළඟට එනකොට දැනෙන විදිය? හීනෙන් මට නම් පාට තමයි හිතට වදින්න පේන්නේ. උඩක ඉඳන් මොකද්දෝ එකක් වෙනවා, මේ හීනෙ නෙවෙයි. අනික් හිනේදී. ඒ කොටසේ විවිධත්වය වැඩි නිසා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
ඔය කියාපු පැත්ත මමත් බලන්නේ නැහැ, අනේ ඔව්... එතකොට වැඩේ අහු වෙනවා. දැක්කනේ අරූ උඩින් දාල තියෙන කොමෙන්ටුවට මගේ නම්බු කටුව වතුරේ ගියා වගේ උනා.