Monday, May 2, 2016

274. නරුමයෙකුට හසුව





සීතලේ මම..
උණුහුමට නුඹ..
හැරී මා දෙස
බලයි හී ඇස....

වෙලෙයි හිත වට
මතක දියසුළි,
ගිලී මියැදෙනු
නොහී ලයපැලි

ඉදින් නුඹ යයි
ඔලොගු පොරවා,
මගේ  හදවත
මගෙන් ගලවා.....


පලි : මේක ලිව්වේ හදිස්සියේ. රසයෙන් අඩු උනා කියල ගණන් ගන්න එපා 



27 comments:

  1. හදිස්සියට වුනාට රසය අඩු නෑ.
    හැරී කවුද?

    ReplyDelete
    Replies
    1. පොට්ට හැරී !
      (ඔලුව ගලේ ගසා ගනිමින්)

      Delete
    2. ප්‍රා මටත් අහන් ඕනේ වුනේ ඒක තමයි.

      Delete
  2. රසයි රසයි.. රසේ අඩුවක් නෑ...

    ReplyDelete
  3. ඔය පොඩ්ඩකට එහාට මෙහාට යන්න ඇත්තේ... ඒ මනුස්සයත් මනුස්සයෙක් නේ මම කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම්.... පැතුමා වගෙයිද නෙහ් ?

      Delete
  4. කමක් නෑ බං. මම ලුණු ටිකක් ඉහ ගත්තා.

    ReplyDelete
  5. මේක ලිව්වේ හදිස්සියේ. රසයෙන් අඩු උනා කියල ගණන් ගන්න එපා
    හා හා ඇත්තම කිව්වොත් මදි තමා....

    විහිලුවට කිව්වේ . නියමයි !

    ReplyDelete
    Replies
    1. ඔහොම නෙවෙයි අනේ මට පස්පඩන්ගුවේ කොච්චර බනිනවද? මම කවි ලියන එක නතර කරනවද ? නෑ !!

      ස්තුතියි

      Delete
  6. හදිස්සියට ලිව්වට මොකෝ.. රහ වෙනස් වෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. වැඩිය තැම්බුවේ නෑ , කිරි දාපු ගමන් බෑව

      Delete
  7. හදවත් ගලවන දොස්තරලා ලෝකේ වැඩී... ඒක රසයි බොලේ

    ReplyDelete
    Replies
    1. උන් දොස්තරලද? ලෙඩ්ඩු ඉතින් කොහොමත් ලෙඩ්ඩු

      Delete
  8. හදිසියෙ ලියපුව මේම අගේ නං හිමින් ලියපුවම...?
    හික් හික් ප්‍රා ජේ.../හැරී කවුද? /

    ReplyDelete
    Replies
    1. මගේ හැටි නොදැනනේ කියන්නේ... මම ඉතින් දඩිබිඩිස්ගේ නංගි.. අර කාටදෝ ඇති වැඩකුත් නෑ , හෙමින් ගමනකුත් නෑ කියනවනේ.

      ප්‍රාජේ කොහොමත් ඔක්කොම බලන්නේ අංශක කීපයක් ආනතියක් තියාගෙන, එක ඇහැක් වහල. මම මේ කල්පනා කලේ 'මයිකලේ' වගේ එකෙක් ගැන කිව්වහම අහයිනේ කොහොමත් 'මගේ කලේ' තමයි කියල. කවි ලියන මට ඕව මොනාද මෙයා

      Delete
  9. එවමි හී සැර
    උණුහුමක දවටා
    සීතලෙන් මිදෙන්නට
    නොකරගෙන හදවත සිදුරු
    ඉතින් විඳ ගනු උණුසුමක පහස සොඳුරු

    ReplyDelete
  10. නොයමි කිසිදා
    සඳවතිය
    නුඹ දමා හැරදා
    කිසිවිටෙක
    ඒ,
    කළුවරින් මා
    දවන නිසාවෙනි

    ReplyDelete
    Replies
    1. නොයමි කිසිදා
      සඳවතිය
      නුඹ දමා හැරදා
      කිසිවිටෙක
      ඒ,
      තාරකා ඇස් මා
      දවන නිසාවෙනි

      ;-)

      Delete
    2. මෙතන මොකක්දෝ
      අපට නොදැනී
      වෙනවා වාගේ

      Delete
    3. හෑ ? මමවත් දන්නේ නැතුව?

      Delete
  11. හැක , ඇඟ බෙරගන්න දාන කපටි කවි, අපි නම් බලයි ඕවා .. දුප් යන්න

    ReplyDelete
    Replies
    1. අනේ මෙහ්... මෙව්වා අලුත් බ්ලොගෝපක්‍රම ( බ්ලොග් උපක්‍රම) හරිද? අන්න ඉස්සන්කොටුව වල් වැදිලා... කක්කුට්ටෝ පිරිලා

      Delete
  12. දවස් ගානක් කපල කොටලා හදල අන්තිමට ලියල අපට කියනවා හදිසියේ ලිව්වලු. ඒකයි ඔච්චර හොඳට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දවස් ගානක් කපලා කොටලා මම නම් මගේ ගවුමක්වත් මහන්නේ නැහැ අනේ. මේ කවි නම් කොහොමත්ම හිතන්නේ නැහැ. ටැලන්ට් එකකට නෙවෙයි, හිතුවොත් ලියන්න බැහැ හිර වෙනවා. ඒ හින්ද, හිතුව ගමන් ලිව්වා, පබිලිස්ට දුන්න

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...