මගේ පොඩිකාලේ ගැන මම නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් කාරනා ඉස්මතු වෙන විදියට කතන්දර එමට ලියල ඇති.
ඒ හැම පොඩිකාලේ කතාවකම ඉන්නම කීපදෙනෙක් ඇති. ඒ තමයි අපේ අය්යා සහ අක්කා. ඊටත් අමතරව අපේ පල්ලෙහාගෙදර නංගි. මොකද එයත් අපේ ගෙදර අපේම පවුලේ කෙනෙක් තරමටම අපේ ගෙදරම තමයි හැදුනේ. අමුතුවෙන් ඕනා නැහැ නේ අක්කයි අය්යයි නැති පොඩිකාලයක් මට තියෙන්න හැටියක් නැහැ කියල? කොටින්ම මට මොන්ටිසෝරියටවත් යන්න ඉතුරුකරලා නැතුව සියල්ල ඒ දෙන්නා විසින් ඉටුකලාලු.
අනේ මන්ද එව්වා නම්..... දන්නා සාස්තරයක් තියෙයිනම් වැඩිපුරම ඔලුව බේරාගැනීම වගේ ශිල්පයක් තමයි පොඩිකාලේ ඉඳන්ම ප්‍රගුණකලේ. වඩා වැඩිමල් සහෝදර සහෝදරියෝ අතරේ පොඩ්ඩෙක් උනහම හැමෝම හිතන්නේ හෙන ආතල් කියල. මොකටද ඒ කියන කට? කිසිම සිරා සෙල්ලමකට ගන්නේ නැතුව , කිසිම කසුකුසුවක් කරන්නේ නැතුව ඉන්න පුලුවන්ද මම වගේ කැසිල්ලක් තියෙන කැළෑ සතෙකුට?
අපේ අය්යා ඇත්තටම අදහන්න වටින පොරක්.. හි.. හි.. මම එහෙම කියන්නේ හේතු ගොඩක් හින්ද. ඌට පුළුවන් එක එක සීසන් වලට එක එක ෆන් වැඩ හිතන්න. ඒ කියන්නේ අවුරුදු කාලෙට උණ වෙඩි, බඹර චක්‍ර, පංච, ඔන්චිලි, එල්ලේ ගැහිල්ල වගේ දේවල් අලුත් අලුත් විදියට කරනවා. සරුංගල් කාලෙට සරුංගල් කියන්නේ ආයේ වෙන ලෝකයක් නැතිවෙන තරමට සරුංගල් හදනවා. ( ඒ ගැන වෙනම ලියන්නම්), වෙසක් කාලෙට තෝරන් ( ගෙදර හදන, කුඩා පරිමානයේ ඒවා), කැරකෙන කූඩු , පැටව් කූඩු... ඔය වගේ නොයෙකුත් ජාති. මට මේ විසිතුරු ලැබෙන්න ඌ දීපු හොඳම උදව්ව තමයි මාව සේවයට බඳවා ගැනිල්ල. ඌ එහෙම බඳවාගත්තේ නැතිනම්, මම කොහොමහරි වටේ කැරකි කැරකි ඉඳල සෙට් වෙනවා. මටත් තියෙන කැහිල්ල!
අපේ අක්ක කියන්නේ, අය්යාට වයසින් එක ළඟ හින්ද අය්යාගේ රැකවරණය පතාගෙන ඉන්න කෙනෙක්.. හි.. හි... අදටත් ඒක එහෙමයි... 'හැදෙන ගහ දෙපත්තෙන් දැනේ' කියනවා නේ... ප්‍රොෆයිල් එකේ හැටි කිව්වොත්............ ඔව්ව කියනවට වඩා ලේසි වැඩක් තියෙනවා. ඒ ඒකිගේ කාඩ් එක කිව්වා නම්... අපේ අක්කගේ කාඩ් එක තමයි 'චාරුලතා'.......... දැන් ඉතින් වැඩිකොටස කියල ඉවරයි... දැන් කියන්න තියෙන්නේ එයාගේ සයිරන් එකේ වොලියුම් එක ගැන විතරයි... අඩුවක් නැතුව ඒකෙ වොලියුම් නියමෙට තියෙනවා. ඔය සයිරන් එකට අපි විතරක් නෙවෙයි, අහල පහල ඉන්න සතෙක් උනත් අන්දොස් වෙනවා...
එක දවසක් අපි ගෙදර තිබ්බ මේසයක් යට සෙල්ලම් ගෙයක් දාන්න කියල සැරසිලා දැන් මේසේ යට අස්කරනවා. මේසේ තිබ්බේ බිත්තියකට එක පැත්තක් හේත්තුකරලා. අපේ අක්කා යටට රිංගලා ඇතුලේ මකුළුදැල් එහෙම කඩනකොට දැක්ක එතන යට, මේසේ හේත්තුකරලා තියෙන බිත්තියටම අල්ලලා හේත්තුකරලා තිබ්බ චීප් බෝඩ් එකක්. මම ඉතින් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඔය බෝඩ් එක එහාට කළා. එහාට කරනකොටම ඒ වැහුණුතැන බිත්තියේ හිටිය හුනා අපිව දැකල එකපාරට හෙලවුනා. ඌත් ඉතින් පණක් තියෙන ජිවියෙක්නේ අප්පා... මෙන්න බොලේ අපේ අක්කා සයිරන් එක ගැහුවා කියන්නේ... මම හිතන්නේ මාවත් ප්‍රකම්පනය උනා... කන් දෙක 'කුං .......' ගාල ගියා. මම විතරක් නම් මදෑ ... අනේ අර අසරණ හුනා??? තමන් කිසිම දෙයක් කරන්නෙත් නැතුව මේ වෙච්ච ලෝකධාතු කම්පනය දරාගන්නවා තියා කිසි දෙයක් හිතාගන්න බැරුව ඌ ගල් වෙලා හිටියා. සතෙක්ට උනත් මම හිතන්නේ දරන්න පුළුවන් සංක්‍යතයක් තියෙන්නේ එපැයි ? පස්සේ විනාඩියක් විතර ගිහින් සිහි එලවාගත්ත ඒ හුනා යන්තම් අඩි තිය තියා යනකල් මම බලන් හිටියා. මම ඇත්තටම මම හිතුවේ ඌ ඇඟේ ලේ ටික වාෂ්පවෙලා ගල් වෙලාම මැරිලයි කියල.
අන්න එහෙමයි අපේ අක්කගේ ප්‍රොෆයිල් එකේ තොරතුරු බිඳක්....
අක්කත්, අය්යත් දෙන්නම ෆිට් උනාට අපේ අය්යා මොනවහරි නසරානි වැඩක් මුලින්ම කරනවානම් වැඩියෙන්ම කරන්නේ අක්කට. මොකද මම රිටන් එකක් දෙන්න තියෙන හැකියාවට වඩා අක්ක එහෙම කරන හැකියාව අඩු හින්ද වෙන්න ඇති... හි.. හි... ආරක්‍ෂිත උපක්‍රම මගේ! ( නැතුව ඕකාත් එක්ක ඉහ ගහල ඉන්නද?)
කොටින්ම අපේ අක්කට ගෙනත් දීල තිබ්බ එයාගේ උස තරම් උස බෝනික්කෙක්. ඒ බෝනික්කා අක්කට ලැබෙන්නෙත්, එයා ගර්ලිෂ් වීමත්, මම වගේ කෙල්ලෙක්ට බෝනික්කෙක් දෙන එක එතරම් වැඩක් නැතුව ඇති කියන පුර්ව නිගමනයෙන් වෙන්න ඕනේ. පොඩි එකෙක් උන මගේ හිත ඇත්තටම රිදුනා. මොකද මම බෝනික්කොන්ටත් ආසයි. ඒ බෝනික්කා පුදුම ලස්සනක්. තඹපාට දිග කොණ්ඩයක් වගේම ලස්සනම ලස්සන රෝසපාට කම්මුල් දෙකක් ඒ බෝනික්කට තිබ්බ. බෝනික්කාට කතා කරන්නත් පුළුවන්. මටත් වඩා උසයි... මගේ ළමා හිත ඒ බෝනික්කට ඇදිල යන එක අහන්න දෙයක්ද? ඒ මදිවට අපේ අක්කා ඒ බෝනික්කා මට අල්ලන්නවත් දුන්නේ නැහැ. ඒ ඇගේ ළමා හිත. ළමයි කොහොමත් එහෙමයි නේ. අහන්නත් දෙයක්ද... මම ඒ බෝනික්කාට ඊර්ෂ්‍යා කරන එක? ඔව් මම පොඩි කෙල්ලෙක් විදියට ඒ බෝනික්කා නැති එකට දුකෙන් හිටියා.
ඔය අතරේ ඔය බෝනික්කට ආසකරපු තවත් එකෙක් හිටියා මමත් නොදැනම. ඔව් ඔව්... ඒ තමයි අපේ අය්යා... ( හි.. හි.. කොල්ලෝ බෝනික්කොන්ටත් ආසවෙනවලු නේද?) අක්කා එක දවසක් නිදාගෙන ඉන්න අතරේ බෝනික්කා අතුරුදහන් වෙලා තිබ්බ. බලනකොට...... බෝනික්කාගේ පපුව පලලා අපේ අය්යා එයාගේ හදවත එළියට අරගෙන තිබ්බ.
ඔව්.... භයානක දෙයක් නේද? ( මේක ලියනකොටත් මගේ පපුව 'ඩෝන් ' ගෑවා වගේ උනා) බෝනික්කාගේ කතාකරන ගැජමැටික් එක තිබ්බේ පපුවේ. අපේ අය්යා ඕක එලියට අරගෙන, ඒ පරිපථය පාවිච්චි කරලා එයාගේ කාමරේට ඇතුල්වෙනකොට සද්දවෙන සෙන්සර් එකක් හදලා.... ඒ දසුන මම දැක්කේ නැතත් මගේ හිතට දැනුන දුක මට තාමත් මතකයි. ඔය ආරංචිය මට කිව්වේ අම්මා. අපේ අක්කගේ ඇඩිල්ල නතර කරගන්න පැයගානක් ගතවුනා මතකයි. පොඩි එකෙක් විදියට මට ඒ සිද්ධිය මතක් වෙන්නේ පුදුමාකාර වියෝවක් එක්ක. කඳුළු හෙලාගන්න බැරුව මම කලේ ඇඳේ අඳුරු මුල්ලකට වෙලා නිදාගෙන හිටපු එකයි.
මේ සිද්දියත් එක්ක අය්යා අම්මගෙන් බැනුම් ඇහුව මට යන්තමට මතකයි. හැබැයි ලොකුවට නෙවෙයි. අය්යාගේ මේ වැඩේ තිබ්බ ක්‍රියේටිව් ගතිය මාව පසේ දවසක පුදුම කළා. මට ඇත්තම කියන්න ඕනේ.... බෝනික්කා මට නොදුන්න හේතුවට මම දුකෙන් ඉඳල, මට අක්කාගේ දුක ඊට වඩා ගොඩක් වැඩිබව තේරුණ හින්ද, මම මගේ ඒ ඊර්ශ්‍යව ගැන ලැජ්ජා උනා.
මේ ලොකු බෝනික්කෝ සිද්ධියෙන් පස්සේ අක්ක බෝනික්ක නැති එක කියල කුණු කුණු ගානවා මට මතකයි. මමත් එයත් එක්කම ඒ දුක විඳිනවා වගේ මට හිතුනේ. ඔහොම ගෙවෙන කාලයේ එක්තරා දවසක....
අපේ අම්මා ඔෆිස් ඇරිලා එනකොට අක්කටයි මටයි දෙන්නටම බෝනික්කෝ දෙන්නෙක් ගෙනත්!!!!
මට හොඳට මතකයි ඒ සිද්ධිය. අම්ම ගෙනාපු ඒ බෝනික්කෝ ප්‍රමාණයෙන් අඩි බාගයක් විතර උස ඇති. මට හොඳට මතකයි, ඒ බෝනික්කෝ දෙන්නගෙන් පළවෙනි බෝනික්කා අක්ක අතේ තියනකොට මගේ ඇස් හෙව්වේ මගේ බෝනික්කා කෝ කියමින්. ඇඟිලිතුඩු වලින් ඉස්සිලා අම්මගේ අතේ හිටපු අනිත් බෝනික්කා මම දකිනකොට මට මතක් උනේ සුරංගනාවියක්.
බෝනික්කෝ දෙන්නම සමානයි. රත්තරන් පාට කැරලි කොන්ඩේ දෙපැත්තට කරලා පෝනිටෙල් දෙකක් දාල තිබ්බ. ගවුම, උඩ කොටස ක්‍රීම් පාටකිනුත් යට කොටස දීප්තිමත් රෝසපාටකිනුත් රැලි නංවලා තිබ්බ. සුදුපාට සපත්තු දාල හිටපු ඒ ප්ලාස්ටික් උනත් මගේ පණතියන බෝනික්කිගේ කම්මුල් දෙක දිලිසෙන රෝසපාටයි.... ඇස් දෙක නිල්පාටයි... මට එකම සුරංගනා ලොවක් මැවුනා!!
අක්කගේ බෝනික්කා එයාගේ අතට දුන්නු අම්ම එයාගෙන් යමක් අහනවා මට මතකයි. මොකද්ද කියල හරියට මතක නැත්තේ මම හිටියේ අම්මගේ අනික් අතේ තිබ්බ මගේ බෝනික්කා ලැබෙනකල් මම ඉවසිල්ලක් නැතුව හිටපු හින්ද.
අම්ම අහන්න ඇත්තේ 'දැන්වත් අර කන්දොස්කිරියාව නතරකරගෙන මේ බෝනික්කගෙන්වත් සෙල්ලම් කරනවද..? පින් සිද්දවෙයි' වගේ කතාවක් වෙන්නම ඕනේ...
ඊට පස්සේ මගේ බෝනික්කා මගේ අතට දෙනවාත් එක්කම මෙතෙක් වෙලා ගෙදර මිදුලේ බයිසිකල් පදිමින් හිටපු අපේ අය්යා ඔන්න ආවා සාලෙට කඩාගෙන බිඳගෙන. අය්යා දැකපු ගමන්, ඇයි කියන්න දන්නේ නැහැ මට මහා බයක් ඇතිවුනා.
කඩාගෙන අපි හිටපු සාලෙට ආපු අය්යා..
"මොනවද ඔය?" කියල ඇහුව
"බෝ.. නි..ක්කෝ...."
අපේ අක්කා අඬන්න වගේ කිව්වේ ඇයි කියන්න දන්නේ එයාමයි. සමහර වෙලාවට මට දැනුන බයම, එයාටත් දැනෙන්න ඇති.
"කෝ.. මෙහාට දෙනවා බලන්න"
අය්යා බෝනික්කෙක් බලන්න ඉල්ලුව. අපේ අම්ම බලන් හිටියා සිද්ධිය. මම මගේ බෝනික්කා පපුවට තුරුල්කරගත්තා.
"බෑ ...."
උත්තරේ දුන්නේ අක්කා.
"මෙහෙ දෙනවා පොඩ්ඩක්... මම ආපහු දෙනවා හලෝ..."
අක්ක නෙවෙයි දුන්නේ... එයා ඉටිකොලෙත් එක්ක බෝනික්කා තදකරලා අල්ලාගෙන අය්යාට ඇහිබැම අකුලලා රැව්වා.
"ලොකු දුව අය්යට බලන්න විතරයිනේ ඉල්ලන්නේ... දෙන්නකෝ"
අය්යා ඉල්ලුවට අක්කා නෙවෙයි දුන්නේ. එයාගේ හිතේ තියෙන්න ඇති පරණ බෝනික්කට වෙච්ච දේ. මම දැන් බලන් ඉන්නවා මේ මොකද වෙන්නේ කියල.
මෙහෙම ඉල්ලුවට දෙන්නේ නැති හින්ද අය්යා උදුරන්න වගේ එනකොට, අපේ අම්මා කලේ උදුරන්න නොදී අක්කගේ අතින් අය්යට බලන්න බෝනික්කා දීපු එකයි. අක්ක මර හඬ තලමින් අඬන්න උනා. බෝනික්කා අතට ගත්ත අය්යා, උගේ වටේ තිබ්බ ඉටිකොලේ අයින් කරලා බෝනික්කාගේ හැඩ බලල..
"... මෙන්න මෙන්න.. චාරුලතා..."
කියල බෝනික්කා අක්කගේ අතින් තියල ගියා. අක්කා ඒත් මහා හය්යෙන් අඬනවා. හූ කිය කියා.....
"අඬන්න එපා ලොක්කි දැන් අය්යා බෝනික්ක දුන්න නේ..."
" ඒ උනාට ඉටිකොලේ ගැලෙව්.......වා...."
අම්ම ඒ පාර ඉටිකොලේ ආයෙමත් දාල දුන්න.
පොඩ්ඩක් විතර ඇඩිල්ල අඩු කරලා ආයෙමත් මහා හය්යෙන් අඩන්න පටන් ගත්ත.
"ඇයි ... දැන් මොකද?"
"අය්යා.. මේකේ.. කුණු.. ගා...............ලා...."
මමත් හනික බැලුව. මිදුලේ සෙල්ලම් කර කර හිටපු අය්යා බෝනික්කාගේ ඉටිකොලේ අයින් කරලා අල්ලපු හින්ද , බෝනික්කාගේ ගවුමේ උඩ කොටසේ යන්තමට මඩ පැල්ලමක්!
දැන් ඉතින් මොකද කරන්නේ....
"ඉතින් දුවේ ඕක හෝදනකොට යනවා.. දැන් අඬන්නේ නැතුව ඉන්න..."
අම්ම නොයෙකුත් කරුණු කිවත් අපේ අක්ක නෙවෙයි කට පියා ගත්තේ. මහා හය්යෙන් සයිරන් එක ගහගෙන අඬන්න ගත්ත. එක දිගටම මේ සද්දේ අහගෙන ඉන්න ජගතෙක් නැහැ මම හිතන්නේ...
අම්ම වෙන කරගන්න දෙයක් නැතුව... මගේ අතේ තිබ්බ බෝනික්කා අරගෙන අක්කගේ අතෙන් තියල අක්කගේ අතේ හිටපු බෝනික්කා මගේ අතෙන් තියපු ගමන්, එක පාරටම ලයිට් ගියා වගේ අක්කගේ මර ලතෝනිය නතර උනා. මේ සිද්ධියෙන් ගල් උන මාව සාලේ මැද්දේ ඉන්නකොට අක්කා එයාගේ අලුත් බෝනික්කා අරගෙන ගෙට දිව්වා.
ඇත්තම කිව්වොත් අර මුවි වල පෙන්නනවා වගේ බ්ලැක් අවුට් එකක් වගේ දෙයක් මට පෙනුන. ලොකුවට තිබ්බ විදුරු බෝලයක් කුඩේ කුඩු යනවා වගේ හැඟීමක් මට ඒ වෙලාවේ දැනුනේ. පතුලක් නැති දෙයක් ඇතුලට වැටෙනවා වගේ??? තව වෙන මොනවා කියන්නද? මගේ හිත පෑරුනා කියන්නේ... අනේ... තාමත් මට ඒ දුක දැනෙනවා... කිසිම වැරද්දක් නොකරපු මගේ අතේ හිටපු ලස්සන බෝනික්කා වෙනුවට අර පොඩියට මඩ පොඩ්ඩක් ගෑවුන බෝනික්කා තමයි මට ලැබුනේ!! පුංචි එකක් විදියට මට මගේ ජිවිතේ දැනිල තියෙන කම්පිතම හැඟීමක් ඒක !!! ඒත් මට එහෙම කඳුළු උනන කෙනෙක් නෙවෙයි... අඬන්න ඕනෙකම තිබ්බත් මම ඇඩුවේ නැහැ... දුක වැඩි උනහම කොහොමත් මට ඇඩෙන්නේ නැහැ.. ඔව්.... මම තාමත් ඒ වේදනාවේ ප්‍රමාණය දන්නවා...
මේකෙන් මම ඉගෙනගත්ත දෙයක් තියෙනවා.
තමුන් කොතරම් එකවගේ ආදරේ උනත්, දරුවන්ට ඒක දැනෙන්නේ වෙන වෙන විධියට.
මේ සිද්ධියේදී අපේ අම්මා වැරදියි කියල මම කියන්නේ නැහැ. මම කියන්නේ මම ඒ සිද්ධියට මුහුණදුන්න විදියට මට දැනුන හැඟීම විතරයි. අය්යා වැරදියි කියන්නත් බැහැ, මොකද එයා ඉල්ලුවේ බලන්න නේ... මම ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා මගේ බෝනික්ක බලන්න දුන්න නම්, වෙනස් දෙයක් වෙන්න තිබ්බ ( හි.. හි.. ඉටිකොලේ නම් ගලවන්න දෙන්නේ නැහැ ලොවෙත් මම නම්.. හි.. හි..) අක්කත් වැරදි නැහැ.. එයාගේ දුක තමයි එයා ප්‍රකාශ කලේ
ඒ උනාට අම්ම එහෙම නොකලා නම් කියල මට අනේක වාරයක් හිතිලා තියෙනවා.......
දරුවන් ගොඩක් ඉන්න ගෙදරක ( එහෙම ගෙවල් දැන් හරි අඩුයි නේ) දරුවෙක්ගේ පැත්තෙන් අපට බලන්න වෙන්නේ නැත්තේ ඒ හැමදෙයකටම අපිට යොදවන්න වෙලාව, සිතුවිලි නැති හින්ද. එක හොඳක් තියෙනවා, එහෙම දේවල් උනහම පවුල ඇතුලේ අන්මත, හැසිරීම් ඉවසන්න පුරුදු උනහම සමාජයේ ලොකු රැළිවලින් බේරෙන්න ශිල්පක්‍රම ඉගෙනගෙන තමයි එන්නේ.
මම අම්මෙක් වෙලා, මම වගේ දුවෙක් ඉන්නවා නම්.... මම එහෙම නොකර ඉන්න එක තමයි ලොකුම පාඩම...

ඒත් එහෙම ළමා කාලෙදිම ඒ වගේ දේවල් අත්විඳලා තියෙනකොට ලොකු වෙනකොට අමුතු අන්දොස් ගතියක් එනවා. මම අදහස් කලේ, නැව ගිලුනත් බෑන් චූන් මූඩ් එකේ ඉන්න හැකියාවක්. පොඩි කාලෙ ඉඳන් නළවපු එකාව ලොකු වෙද්දිත් නළවන්න එකෙක් ඕනෙමයි නෙ.
ReplyDeleteඅත්විඳලා තියෙනවා ඔහොම දේවල් මමත්. ඒ නිසා හොඳටම දන්නවා ඒ ෆීලින් එක.
මට හෙන්රියාත් කිව්වා අන්දොස් ගතියක් තියෙනවා කියල. හෑ ??? ඒ මේ වගේ දේවල් හින්දද? මම නම් නැව ගිලුනත් බෑන් චූන් පොරක් නෙවෙයි.. සහසුද්දෙන්ම!
Deleteඔව්... තාමත් අපේ අක්කා නම් චාරුලතා ම තමයි... ඒ උනාට ඉස්සර වගේ පුයර බබෙක් නෙවෙයි...
මම කියන්නේ පොඩි කාලේදී මේ වගේ අත්දැකීම් අනන්ත ඇති. වැඩිහිටියන්ට ඒක වැටහෙන්නේ නැහැ. වැරැද්දකට නෙවෙයි, ඒක තමයි ඒ ලෝකදෙක අතරේ තියෙන ගැප් එක, කවදාවත් බ්‍රිජ් නොවෙන... එහෙමයි කියල, ඉල්ලන ඉල්ලන දේ දෙන එක නම් කරන්න හොඳ නැහැ... මම නම් පොඩි කාලේදී මට දැනුන දේවල් වලින් වෙන දරුවෙක්ට එහෙම නොහිතෙන්න වගබලා ගන්න ට්‍රයි කරනවා. දන්නේ නැහැ මමත් සාර්ථක වෙයිද කියල.
දරුවො දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක් හැටියට මම මේ කියන්නේ උපේක්ෂා....දෙමව්පියන් දරුවන්ට රිඇක්ට් කරන්නේ ඒ අයගේ පර්සනැලිටි එකට අනුව කියලයි මට හිතෙන්නේ. ඔයාට දරුවෙක් නෙවෙයි දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්නකොට නම් ඕක හරියටම තේරෙයි.
ReplyDeleteඅම්මට හිතෙන්න ඇති ඔයා ගල් ටික්කා නිසාත් අක්කා බබා නිසාත් ඔයාගේ බෝනික්කාව අක්කාට දීමෙන් ඒ මොහොතේ තිබිච්ච කරච්චලෙන් බේරෙන්න පුලුවන් වෙයි කියලා. හැබැයි අම්මා ඔයාට වැරැද්දක් කලානම් නෙමෙයි.
ඒ එක්කම බොරුවට හරි පොඩ්ඩක් අඩන්න ඉගෙන්ගන්න ලමයෝ..එතකොට ඔයාගේ සෙල්ලම් බඩු අනිත් අයට දෙන එක නවතීවි ඉස්සරහටත්...හෙක්..හෙක්..
අනිවා.. අපේ අම්මා ඔය පර්සනලිටි ක්‍රියාකරනවා කියල මට තේරෙන්න ගන්නකොට අවුරුදු 16 පැනල. ඒත් මට හිතෙන්නේ ඒක ජෙනරල් රූල් එක උනත් ඉඳල හිටලා එක්සෙප්ෂන් තිබ්බ නම් හොඳයි කියල.
Deleteඅපේ අම්ම එහෙම කරපු එක මම වැරැද්දක් කියල කියන්නේ නැහැ ( පොස්ටුවේ මම ඒ වග ලිව්වා) මම ලිව්වේ මට දැනුන හැඟීම.
හි.. හි... මගේ එක විදියක් තියෙනවා.. ඒ තමයි දුක හිතුන පලියට අඬන්නේ නැහැ. ඉල්ලීම් අඩුයි... මම දන්නවා ඒක අවාසිසහගතයි කියල. ඒත් මම එහෙම නොවී (මම නොවී) බොරුවට ඇක්ට් කරලා ගන්න ප්‍රතිපල කොතරම් ලාබදායි උනත්, මගේ හිත මට ඇතුලෙන් දොස් කියනවා. ඒ මගේ දුර්වලකම. මිස්යුස් කරන්නේ නැති අයට ඒ හින්ද මම පහසුවක්...
ඉබ්බියෙක්.... හි.. හි...
අම්මා උඹව දැකල තියෙන්න ඇත්තේ "ඕන දෙයක් දරාගනන පුළුවන් කෙල්ලෙක් ලොකු කෙල්ල වගේ ලඳ බොළඳ නැති කෙනෙක්" කියන ටයිටල් එක යටතේ වෙන්න ඇති . අම්ම වැඩිපුර නොහිතා එක කලේ ඒකයි . එත් එතැනදී දැනෙන ෆීලින් එක නම් කියලා වැඩක් නෑ. ඕන දෙයක් දරාගන් පුළුවන් කෙනෙක් කියලා අනික් අය හිතන එකත් වෙලාවකට හිත රිදවීම වැඩි කරන්න හේතුවක්
ReplyDeleteඅන්තිම වැකිය තමයි ඉවාන් මම අදහස් කලේ....
Deleteවැඩිබරක් දරන්න පුළුවන් කූඩෙකට තමයි ගල් පටවන්නේ. අනිත් කූඩවලට මල්... ගල් පටවන කූඩවලට මලුත් දාන්න පුළුවන් කියල හිතන්නේ අඩුවෙන් නේද?
ඈ ළමයෝ අර කළින් දාපු පෝස්ට් ඒක දවසක් දෙකක් තියෙන්න දුන්න නං මක් වෙනවද?මොකෝ කරේ තියං ඉන්නවැයි.
ReplyDeleteමටත් ඕකම හිතුනා.. අවංකවම මාත් ලියන්න ගත්ත මුල් කාලේ හැමදාම ලිවුවා.. නමුත් ඒක අපි ලියන දේට කරන අසාධාරණයක් ඒක.. ලියන දේට ඉඩ දෙන්න..
Deleteහි.. හි... මක්කා වෙන්නද.. ඔය තියෙන්නේ.... බලන්නකෝ...
Deleteහිටු හිටු.. මිට පස්සේ ලියල ඉවර උනත් ඔබන්නේ නැහැ පොස්ට් බට්න් එක!
ඔය කාලවලදී ඉතින් ඔය වගේ ප්‍රශ්ණ සාමාන්‍යයි.. ඒ කාලෙදි හිත් රිදීම් වැඩියෙන් එන්නේ තමන්ගේ පැත්තෙන් විතරක් හිතන හන්දා.. ලොකු උනාම තමයි එක හිතද්දී හැමොම ගැන හිතෙන්නේ..
ReplyDeleteඒක තමයි උන්ට ළමයි කියල අපිට වැඩිහිටියෝ කියන්නේ...!
Deleteඑක එකාට තියෙන්නේ වෙන වෙන ලොජික්... සමහර දේවල් ළමා මනෝවිද්‍යාවට උනත් විස්තර කරන්න බැරුව ඇති. මේ හැමදේම සාපේක්ෂයි.
අනේද කියන්නේ අපේ ගෙදර ඉන්න එකම ගෑනු පරානේ අපේ අම්මා, ඔක්කොටම හරියන්න ඉන්නවා ඩබල් ඇක්ටින් අයියා කෙනෙක්, අනේ එකාගේ ලද බොළඳ සුකුමාල කම, මට නම් හිතෙන්නෙම බලෙන් කැම්පස් එකක් ඇතුලට ඇදගෙන ගිහිලා හොඳ රැග් එකක් දෙන්න, අපේ අම්මගේ හැන්දට ඒකට බෙදන වෙලාවට ගොඩක් අහුවෙනවා කියලා අනන්ත දැනෙනවා, ඒ වෙලාවටනම් හරිම අන්දොස් තමා, පවුලක බාලයා උනාම ඔය වගේ වෙලාවල් වල දැනෙන ෆීලින් එක වචනයෙන් විස්තර කරන්න අමාරුයි, ඒක කඳුලේ සීමාකාරී අවස්තාව වගේ, ඇහේ කොනටම ඇවිල්ලා වැටෙන්නේ නැතිව ඇහ අස්සෙම නලිය නලිය තියෙනවා වගේ, එක වැටිලා ඉවරයක් වෙනවානම් එකත් එකක්, එත් අනේ මන්දා ඒ වෙලාවටනම් ෆුල්ම අන්දොස්, ඔයාලගේ චාරුලතා වගේ මේකා චාරුබුවෙක්, කොටින්ම මටනම් ලාචෝරු, සයිරන් එකත් ඒ විදියටම තමා, හැබැයි මම නම් සම අයිතීන් උදෙසා සටන් වදිනවා, එක ලොකු පුක උනාට මට මොකෑ, මේ ගෙදර පොඩි පුකකුත් තියෙනවානේ.
ReplyDeleteබහුතරයක් අම්මලාගේ හැංගීම පවුලේ පොඩි එකා ඕන දෙයක් ඉවසන හෙනම පොරක් කියලා, ලොකු එකා ලද බොළඳ සුකුමාල ටයිප්. එත් යකෝ අපිටත් හිතක් පපුවක් නැද්ද. බෝක්කටම දැනුනු ලිපියක්.
හේ හේ... මේ ඉන්නේ එහෙනම් මගේ බෝට්ටුවේම එකක්! එළ එළ !! වරේවා !!!!!
Deleteනැහැ, සමහර වෙලාවට ඕකේ අනික්පැත්ත .. ඒ කියන්නේ පොඩි එකා පව්, ලොකු උන් සියල්ල පොඩි එකාට දිය යුතුයි කියන අයත් ඉන්නවා. පවුලේ පළවෙනියට ආපු දරුවෙක් නම් ගොඩක් වෙලාවට කාගේත් හුරතලා වෙනවා. දෙවනියා ඉඳන් හැමෝම අර 'මුලින්ම යමක් කරපු' කියන නම්බුව කවදාවත් ලැබෙන්නෙම නැති තරම්. මම කියන්නේ ඒවා අවුලක් නැහැ... හැබැයි සීමාව ඉක්මවා යන්න නරකයි. සීමාව කියන්නේ සාපේක්ෂයි (දරුවාගේ තරමට)
මගේ සමහර දඟ වැඩ ගැන දැන් මම හිතනකොට මට තේරෙන දෙයක් තමයි... ඔය අරගලයට මම රිඇක්ට් කරන විදිය අනුව තමයි ඒ වැඩ සියල්ලම වගේ තීරණේ කලේ. ඒ උනාට මම දඟ ළමයෙක් කියල කියන්නේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක්. ඒ කියන්නේ මම හිතින් තමයි ගොඩක් රිඇක්ට් කරලා තියෙන්නේ හි.. හි..
ස්තුති මේ අදහස් වලට.
අනේ අපේ ගෙදර පොඩි එකාට ඔයාලට බෙදන හැන්දෙන් බෙදුවෙ නෑනෙ අපේ අම්මලා. උන්දැ තමයි අහිංසක සූටි හුරතලා.
Deleteමේ ලිපියනම් නොසෑහෙන්න දැනුණා. සහෝදරියෝ ගොඩාක් ඉන්න family එකක මමත්. චුටි කාලේ හරියට මේ වගේ පොඩි පොඩි සිදුවීම් වෙලා තියෙනවා . දැන් මතක් කරද්දී ලොකු දෙයක් නෙමේ කියලත් එහෙම කරද්දී දෙමව්පියෝ ඒ ගෙන ලොකුවට හිතන්න නැතුව ඇති කියලත් හිතුනට පොඩි කාලේ පුදුම වේදනාවක්/ හිස් බවක් දැනුණා . මමනම් තදින්ම හිතල තියෙන දෙයක් තමා මගේ දරුවෙක්ට නම් ඒ විදියට දැනෙන්න දෙන්නේ නෑ කියන එක. ඒ වගේම දරුවන්ව මොන හේතුවක් නිසාවත් compare කරන්නේ නැහැ කියන එකත්...
ReplyDeleteපවුලේ එකම ජෙන්ඩර් එකේ කට්ටිය ඉන්නවා නම් කම්පෙයාර් වෙනවා කියන්නේ නිතර වෙන දෙයක්. මමත් නිර්ධය විදියට කම්පෙයාර් වෙලා තියෙනවා සහ ඔයා වගේම මමත් දැඩිව හිතට අරගෙන තියෙනවා කවදාවත් මගේ දරුවෙක්ට ඒ ෆීලින් එක දැනෙන්න දෙන්නේ නැහැ කියල.
Deleteපොඩි කාලේ මට ඒ දැනුන වේදනාව පොදු දෙයක්. නමුත් එක්කෙනාට එක්කෙනා ඒක විඳින, විඳවන විදිය වෙනස්. මගේ ඉබි ගතියට එක හේතුවක් ඕක. මම කියන්නේ ඒ මතක වලින් අපි ගතයුත්තේ සාරය මිසක් රොඩ්ඩ නෙවෙයි.
අපේ අම්ම පස්සේ කාලෙක මම ගැන පුදුම වෙලා තියෙනවා. මම ඒකට කැමතියි, මොකද මම එයාව පුදුම කලේ තරඟයකින් දිනලා නෙවෙයි. ඉබේම! අම්ම කියන්නේ මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍ය....
මරේ මරු.. ආතල් කෝටියයි.. අයියා ගේ සීසන් ටික ගණං කරගන්න තමා අමාරු..
ReplyDeleteහි.. හි...
Deleteඅපේ අය්යාගේ සීසන් ටික ගැන වෙනම ලියන්න හිතන් ඉන්නේ... අම්මේ එහෙම කාලයක්. දැනටත් මම වෙසක් කුඩු, ඔන්චිල්ලා, එල්ලේ, සරුංගල් පිස්සියක්.. තැනක් නොතැනක් නැතුව මගේ පිස්සුව තදවෙන එක තමයි එකම අවුල!
හම්මේ හා ඒකනම් ඇත්ත,,, මහා අන්දොස් ෆිලින්ග් එකක් තමා ඒකනම්....
ReplyDeleteඒවා වචන වලින් ලියන්න බැහැ ... මට ඒ වෙලාවට මගේ අර අධ්‍යක්ෂක පර්සනලිටි එක මතු වෙලා ඒ හැඟීම වීඩියෝවක් කරනවා. ඒකෙ මියුසික් එක, දර්ශන එහෙම විතරයි ප්‍රකාශන නිවැරදි වෙන්නේ.. හි.. හි...
Deleteමටත් දුක හිතුණෙමි ය.
ReplyDeleteතොටත් එසේ වී මුද ? මටත් ඒසේම වීහුය
Deleteමහත් පජාත වූ පීලිං එකක් හුය
හි හි...
Deleteබොන්න හිතෙන වැඩක් නේ? මම කිව්වේ තේ...
උපේක්ෂා
ReplyDeleteඅපි පොඩි කතාබහක ඉන්නවා ලංකාවේ කාන්තා සංගීත කණ්ඩායම් බිහිනොවන්නේ ඇයි ? කියන මාතෘකාවේ ඇවිත් බලල අදහසක් දෙන්නකෝ
http://dampatadedunna.blogspot.com/2014/09/21-clout.html
ඒ පැත්තට එන්න බැරිඋනා ටික කාලෙකින්. ඔන්න ඇවිල්ල කිව්වා ආය නෑ දොඹෙන් යන්න.. හි.. හි..
Deleteඅම්මල තාත්තල තමන්ගෙ දරුවන්ගෙන් වැඩියෙන් සලකන්නෙ (ඇත්තටම කිව්වොත් ටිකක් විතර වැඩියෙන් අවධානය දෙන්නෙ) කොයි එක්කෙනාටද කියල තීරණේ වෙන්නෙ ඒගොල්ලන්ගෙ අම්මල තාත්තලගෙන් ඒගොල්ලන්ට ලැබුණ සැලකිල්ලෙ ප්‍රමාණෙ මිම්මක් විදිහට තියාගෙන.
ReplyDeleteඋදාහරණයක් ගත්තොත්...
පවුලෙ වැඩිමලා වෙලා හිටිය කෙනාට තමන්ට තමන්ගෙ දෙමාපියන් සැලකුවෙ අඩුවෙන් කියල හිතිල තිබ්බොත් ගොඩක් වෙලාවට එයා කරන්නෙ තමන්ගෙ දරුවන්ගෙන් වැඩිමලා ගැන ටිකක් වැඩියෙන් හොයල බලන එක.
පවුලක දෙවෙනිය හරි බාලය හරි ගැන උනත් මේක මේ විදිහටම ඇත්ත. ඒත් දෙමව්පියො කරන්න ඕනි තමංගෙ හැම ළමයටම සාධාරණව සලකන එක. ඇත්තටම ඒගොල්ලන්ට එහෙම කරන්න ඕනි කමත් තියනව. වැඩේ කියන්නෙ ඒක කරන්න එච්චර ලේසි නෑ. ඒකත් හරියට ඇමරිකාවයි, රුසියාවයි, චීනෙයි එක මතේකට ගේනව වගේ හරි අමාරු වැඩක්.
මට ඒ අදහසට එතරම්ම එකඟ වෙන්න අමාරුයි. මමත් සමහර වෙලාවට හිතනවා තමයි මට මෙහෙම උන හින්ද මම මගේ දරුවෙක්ට එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම උනා කියලා තමුන් එහෙමම කරනවා කියල හිතන්න අමාරුයි.
Deleteමම හිතන්නේ තමුන්ගේ ඇතුලේ ඉන්න එකා දරන මතේ තමයි ගොඩක් ප්‍රභල..
උදා:
කෙල්ලෝ හරි මෘදු මොලොක්. අඬන්න දෙන්න හොඳ නැහැ ( කොල්ලෝ එහෙම වෙන්න බෑ ?? උන්ට ඇයි හිත රිදෙන්නේ නැද්ද?)
පළවෙනියට දැක්ක දරුවා... ( ඇයි අනිත් උනුත් පළවෙනියට දැක්කේ නැද්ද?)
ලොකු කොල්ලා දක්ෂයා, අනිත් උන් වගේ නෙවෙයි ( වෙන්න ඇති, අනිත් උනුත් ඇයි දක්ෂ නැද්ද?)
පොඩි කොල්ල තමයි අන්තිමට මට බලන්නේ , ඒ හින්ද ඌ පිට යවන්න බැහැ ( අනිත් උන් සලකන්නේ නැද්ද?)
ඒ දරුවා පොතේ ඉන්නමයි ආස.. ( ඒ හින්ද අනිත් උන් දඟයි වෙන්නේ කොහොමද?)
මේ මතය එක්කෝ කවුරුහරි විසින් ඔලුවට කවලා. නැත්තම් සමාජයේ පොදු මතය.
මම මද්දුමයා නිසා පොඩිකාලේ ඉඳන් හිතා හිටියේ අම්මා අයියාට සහ නංගීට මට වඩා සලකනවාය කියා. මමම තීරණය කරලා තිබුනා, අයියා ඉස්සරවෙලාම ලැබුන ලමයා නිසා අම්මාට එයා හැමදාම බබාය, නංගී එකම කෙල්ල නිසා වෙනම සැලකිල්ලක්ය, මල්ලී බාලයා නිසා ඌට වෙනම තැනක්ය කියා..(අදටත් එය ඇත්ත...)එහෙම නැතුව අම්මාට අරම උනාය මෙහෙම උනාය කියලා අපිට වෙන වෙන ආකාරයට සලකනවාය කියන එක ටිකක් ජස්ටිෆයි කරන්න අමාරුයි වගේ මටත්...
Deleteචෙෆාකි :
Deleteඅපි කාගේත් ඔළුතුල , අපි ගැන අම්මා/අප්පච්චි දරන මතය ගැන පොඩි කාලේ ඇඳෙන්නේ ඔය වගේම චිත්‍රයක්. ඒක එකාපාර්ශවිකයි. කාගෙවත් වැරද්දක් හින්ද නෙවෙයි, ඒ චිත්‍රය මැරෙනතුරාවට අපේ ඔලුවෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ මතය/පින්තුරය කොතරම් උත්සහ කලත් මකන්න බැහැ. ඒ තමයි ළමා කාලය.
මම ලිව්වේ ඒ ළමා සිතුවිලි, මොකද ගොඩක් වෙලාවට ඕව ලියන්න ගියහම අපේ දෙමව්පියෝ ගැන මිනිස්සු වැරදි අර්ථකතන දෙනවා. ඒකට අපි කවුරුත් කැමති නැහැ/බයයි. මම එහෙම අනවරතේ බයවෙන කෙනෙක් නෙවෙයි. ඒ හින්ද ලිව්වා. ඉදිරියටත් මේ වගේ මට ළමාකාලයේදී දැනුන දේවල් ලියනවා.
මටනම් ඉතින් දෙයියනේ කියල ඉන්නේ අක්කලගෙන්ම දෙන්නෙක් . මං බඩ පිස්සා .
ReplyDeleteමං නම් ඉතිං පොඩි කාලේ මොනවා හරි ඕනේ උනාම පියවර දෙකෙන් ඒ දේ ලැබෙනවා .
පළමු පියවර හැඩීම. ඒ පියවර අවසානෙදි අම්මගෙන් තාත්තාගෙන් ලැබෙන දෙයක් නම් ලැබෙනවා ගොඩක් වෙලාවට .
එහෙම දුන්නැත්තන් පැත්තකට වෙලා බුම්මන් ඉන්නවා කතා නැතුව .
අක්කලගෙන් ලැබෙන්න තියෙන දෙයක් ලබාගන්න නම් සමහරවෙලාවට දෙවන පියවරටත් යන්න වෙනවා .
දෙවන පියවර සපා කෑම. ඔන්න එතකොට නම් අක්කලට මට ඕනේ දේ දෙන්නම වෙනවා .
අම්මෝ දැන් නම් උන් දෙන්නව පවු කියල හිතෙනවා .හැබෙයි ඉතිං උන් දෙන්නගේ පිස්සු වැඩවලට මාව
අනිවා එකතුකරගන්නවා . නැත්තන් ඉතින් මං ගිහින් අම්මට කියනවනේ මුන්ගේ අළුගුත්තේරු වැඩ ගැන .නැත්තන් බෑනේ
අක්කලව හදාගන්න . ඒ හින්දම උන් දෙන්න මාව වැඩේට ගන්නවා . ගොඩක් වෙලාවට මට ලැබෙන්නේ අම්මා එනවද ඔත්තු
බලන්න .ගස් නගින්න ,වහලෙට නගින්න වගේ වැඩ තමා .බොරු කියන්න ඕනේ නෑනේ .අපේ ගෙදර නම් ඉතිං බඩ පිස්සා වගේම
එකම කොල්ල වෙච්චි මට ටිකක් වැඩිපුර සැලකිලි තිබුන කියල මට දැනුන වෙලාවල් තිබුන. මට විරුද්දව කැරළි ගැහුවේ පොඩි අක්කා
විතරයි .එත් ඒ කැරළි මැඩපවත්වන්න මට පුළුවන් උනා.ලොකු අක්කනම් මගෙත් එක්ක සාමදානෙන් හිටියා.
ලකියෝ... උඹ නම් හැබෑම ලකියෙක් තමයි.. හි.. හි..
Deleteදැක්කනේ.. ළමයි පවුල ඇතුලේ තමන්ගේ බලය කොහොමද කියල යන්තම් හරි දැනුමක් , අවබෝධයක් තියෙනවා. නැද්ද? මම වගේ පොඩි අක්කෙක් උන්නා නම් තමයි උඹේ ලක් එක නොලක් වෙන්නේ... හි.. හි..
මම මේ කතාව දැක්කට කියවන්න බැරිවුනා ඉන්ටනෙට් අවුලක් හන්දා. මේක හරි අපූර්ව සිදුවීමක්. මමත් වැඩිහිටි පිරිමියෙක් වෙලත් ( වැඩිහිටියන්ට සහ පිරිමින්ට මෘදු හැඟීම් සහ කඳුළු නෑ කියල හිතන සමාජයක් නිස කිව්වේ) මගෙ හිත ලේසියෙන් රිදෙනවා. මටත් forgive and forget හුඟක් අමාරු බව මම දන්න නිසා ලේසියෙන් කෙනෙක් එක්ක තරහ වෙන්න කැමති නෑ. මොකද දේවල් ආපහු යථා තත්වයට පත් කරගන්න අමාරු නිසා.
ReplyDeleteමමම අත්විඳලා ඉගෙන ගත්ත පුදුමාකාර දෙයක් නම්, එකම වැරැද්ද තමන් ආදරය කරන නැතිනම් කිට්‍ටු කෙනෙක් කරහමයි, එච්චර බැඳීමක් නැති පිටස්තරයෙක් කරාමයි අපි ප්‍රති ක්‍රියාදක්වන්නේ නොහිතන තාලෙකෙට. අර පිටස්තරයාගෙන් වෙච්ච වැරැද්ද අමතක කරලා දැම්මත්, තමන්ට කිට්‍ටු කෙනා කරන දෙයින් රිදෙනවා වැඩියි.
අනිවා හෙන්රි.. මමත් විස්වාස කරනවා වැඩිහිටි කියල විතරක් නෙවෙයි පිරිමි කියලත් හැඟීම් වලට තියෙන ඉඩ නැතිකම හරි පුදුමයි නේද? මටත්, තරහ උනොත් ආයෙත් යාලු නොවෙන්නම බලාගෙන තමයි.. හි.. හි...
Deleteඔව් හෙන්රි, 'අපි බලාපොරොත්තු වෙනවා' අපේ ළඟ ඉන්න අය අපිව සියුම් විදියට හැන්ඩ්ල් කරයි කියල. ඒත් වෙන්නේ නැත්තේම ඒක.. එක්කෝ අපි ලොකුයි කියල, නැත්තම් ගොඩක් දරාගන්න පුළුවන් හින්ද, එක්කෝ පිරිමියෙක් හින්ද 'එයාල එක්ස්පෙක්ට් කරනවා 'අපි හිත නොරිදවාගෙන ඉන්න ඕනේ කියල... ඒක කියන්න බැරි තරම් වේදනාවක්...... හැමදාම අඬන කෙනාටම දිනුම ලැබෙන එක?
පුංචි කාලෙ ඉඳලම අපේ හිත්වලට බදාගැනීම ඇතුළුවෙන හැටි තමයි ඒ.. ටිකක් තේරුම් එන කාලෙ වෙනකල් අපි හිතුවෙ අම්ම අපේ සරීරෙම කොටසක්.. ඒ හින්දා අම්මා අයිති අපිට විතරයි කියලා. ඊටපස්සෙ පොඩි පොඩි දේ වලින් පටන් අරන් අපි ඇලීම බැඳීම පස්සෙ යනවා නේද ?
ReplyDeleteබදාගැනිල්ල හින්දමනේ ඉතින් අපිත් ඉපදෙන්නේ... බදාගැනිල්ල තමයි අපිව ඉස්සරහට ගෙනියන්නෙත්... ඉස්සර බෝනික්කෝ ගැන ලොකුවට ඇලුනට , දැන් ඒ තැන වෙන කෙනෙක්/වෙන දෙයක් අයිති කරගන්නවා මිසක්...
Deleteඒ වගේමයි, ඒ බෝනික්ක හිතේ ඇතිකළ පලුද්ද දිහාම අපි බලන් හිටියොත්, අපිට නොදැනීම අපේ අනිත් හැමදේකම පලුදු එන්න එන්නම වැඩිවෙනවා.
උපේක්ෂා මට මේ පෝස්ට් එක ලැබුනෙ තිලක සිතෙන්. මේ වගේ සිදුවීම් කිහිපයක්ම මටත් මතක් වුනා. කොහෙද ඔක්කොම පෝස්ට් කියවන්න හිටියට කියවන්න බැරි වුනානෙ.
ReplyDelete