මගේ පොඩි කාලේ ඇත්තටම වර්ණවත් හිතෙන්නේ ලොකුකමකට නෙවෙයි, දැන් ළමයින් දකින ලෝකය කොතරම් අවර්ණද කියල හිතනකොට!
කොහොමත් එක පරම්පරාවක් අනිත් පහල ඉන්න පරම්පරාවට හැමදාම කියන 'ටිපිකල්' ටෝක් එක තමයි
'උඹලගේ කාලේ වගේද අපේ කාලේ.. හෙක්..'
කියල.
මම පුංචි කෙල්ලෙක් වෙලා ඉන්නකොටත්, දැන් කරදඩු උස්මහත් වෙලා හිටියත් ඔය කතාවට මට එක ලෙසම ඌරු ජුවල් යනවා! ඇයි බොලේ අපි විඳින්නේ ලැබිල තියෙන දේවල්නේ හත්ඉලව්වේ! නැති එකක් ගැන කියෝනව මෙතන!!!
මම පොඩිකාලේ කරපු, කියපු, හිතපු දේවල් ලියන්න ඕනේ කියල හිතුනේ ඒ වගේම කරපු, කියපු, හිතපු තව කෙනෙක් ඒ දිහා ප්‍රීතියෙන් බලන එක මට ප්‍රීතියක් ගෙනදෙන දෙයක් හින්දත්, ඉඳලත් ඒක විඳපු නැති අයට අමුතු රසවින්දනයක් ඒකෙන් ලැබෙන හින්දත් කියන මේ ප්‍රධාන කාරණා දෙක හින්ද.
අපේ ගෙදර හිටපු එකාට එකක් වෙනස් උන මමත්, අපේ චාරුලතා අක්කත්, අපේ අළුගෝසු අය්යත් ( අනේ පව්, ඌට ඒ නම හොඳ වැඩියි) අමතරව කෙටි කාලවල් ඇතුලත අපේ ගෙදර හිටපු මිනිස්සුත්, ආව ගිය මිනිස්සුත් සම්බන්ධ දැන් තියෙන්නේ ඇත්තටම සුළු මතකයක්. ඒත් සමහර කතා ගලේ කෙටුව වගේ මතකයි. එහෙම එකක් තමයි අර බෝනික්කෝ සිද්ධිය. සමහර කතා මතක් වෙන්නේ තව කතාවක් අතරතුර. මේ කතාවත් තව කතාවක් අතරතුර පැනනැගුණ අංකුර කතාවක්. අපේ රවියා නම් ඕක මුල් කතාවේම කියනවා කිසි අඩුවක් නැතුව. මට කොහෙද එහෙම ටැලන්ට් එකක්??? හි.. හි..
පොඩිකාලේ අපි හිටපු අර්ධ නාගරික පරිසරයේ අපිට ගොඩ, මඩ ජාති දෙකෙන්ම ක්‍රීඩා තිබ්බ කරන්න. මල් පෙත්තක් උඩ හිටපු අපේ අක්කා
වගේ 'ගොඩ' කරන සෙල්ලම් කරද්දී,
අය්යා එක්ක
වගේ 'මඩේ' කරන සෙල්ලම් වලටත් මම යනවා.
ඇත්තටම මඩේ සෙල්ලම් වලින් මම පුදුමාකාර වින්දනයක් ලැබුවා. මගේ දරුවොන්ටත් කවදාහරි මඩකරියෝ වෙන්න උගන්නනවා... එතකොට තමයි උන්ගේ ජිවිතේ බැලන්ස් වෙන්නේ... නැද්ද? නෑ ??? හරි ඔව් ඉතින්, එව්වට තව කල් තියෙද්දී මේ මොනවා කියනවද ඈ ???
මේ සෙල්ලම් අතරට අපේ මල් පෙති අක්කත්, මමත්, අය්යාත් කියන අපි තුන්දෙනාම කරපු අපූරු සෙල්ලමක් තිබ්බ. ඒ තමයි 'කුට්ට කුටං ' !!
කරලා තියෙනවද? නැත්තම් අහල තියෙනවද?
හෙක්... එහෙම කොහොම අහල, දැකල තියෙන්නද.. මොකද මේ සෙල්ලම කලේ අපි තුන්දෙනා විතරක් වෙච්චිකොට! ඔව්.. අපිම හදාගත්ත සෙල්ලමක්.... මට හිතෙන විදියට මේක අපේ අය්යාගේ නිර්මාණයක්.
මම මගේ පොඩිකාලේ ගැන කියන තියෙන අනිත් කතාවල කියලත් ඇති අපේ ගෙදර හැටහුටාමාරක් සෙනඟ හිටියා කියල එක එක හේතු වලට අපේ ගෙදර නතරවුණ. මේ හින්ද සමහර කාලවල් වල නිදාගන්නේ තවාන් දාල වගේ, සාලේ එක පෙලට.
අපේ අම්ම කාගේත් කෑමබීම , සුවපහසුව ගැන තමන්ගේ ප්‍රමානේටත් වඩා වදවෙන කෙනෙක් හින්ද මේ හැම ඔළුවකටම කොට්ටයක් නම් වරද්දන්නෙ නෑ , කොටින්ම නිදාගන්න තැනක් නැති උනත් ඔලුව තියන්න නම් කොට්ටයක් තියෙනවා අනිවා! හි.. හි... මේ හින්ද අපේ ගෙදර අල්මාරි උඩ , වහලෙට ගෑවෙන තරම් උසට ගහපු කොට්ට කඳු තිබ්බ. අපි ලොකුවෙනකොට කට්ටියත් එකා දෙන්නා හැලිලා, අන්තිමට අපි යක් පැටවූ තුන්දෙනා විතරක් වෙච්චි!!
මේකේ අතුරු ප්‍රථිපලයක් විදියට අපි පුරුදු උනා ඔලුව තියන කොට්ටෙට අමතරව තවත් තඩි කොට්ට තුරුල් කරගෙන, තවත් කොට්ටයක් කකුලට තියාගෙන නිදාගන්න. ඇත්තටම එහෙම සැපක්!! කරලා නැත්තම් අදම නෙවෙයි මේ දැම්ම දුවල ගිහින් උත්සහ කරනවා හොඳයි! හැබැයි ඔව්වගේ අතුරු ප්‍රථිපල විදියට ඇඳේ එහා පැත්තේ එකාගේ වෛරයට පාත්‍ර වීම, හදිසි පහරදීම්, ඉඳහිට ඇඳෙන් බිමට පතබෑවීම වනේ නානාප්‍රකාර දේවල් වලට නම් වගකියන්න බෑ මේ මට! තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න ඔන්න!
මේ කොට්ට වලින් අපි ගෙවල් හදනවා. වහලේ නෑ තමයි.. ඒත් මම හරි ආසයි ඒ ගෙදරට. ඒවගේ ඇතුලේ ඉඳන් මම මගේම නාට්‍ය ඉදිරිපත් කරනවා. එකම දොස, හිටපු ගමන් සද්දේ ඇහිලා එළියේ ඉන්න කවුරු හරි ප්‍රතිචාර දක්වනවා..
"චුට්ටි..... මොකද කරන්නේ....."
"චුට්ටි නංගි ........... මොකද ඕයි වෙලා තියෙන්නේ"
"ඒයි , හලෝ... මොකද අමුතු සද්ද දාන්නේ?"
ඔය ප්‍රතිචාර තුන තුන්දෙනෙක්ගෙ කියලත්, ඒ කාගේද කියලත් මම අලුතෙන් කියන්න ඕනේ නෑනේ... මොකද නිකන් ඉල්ලන් කන්නේ... අක්කල, අය්යල එක්ක වසලා නැති එකෙක්ට නම් තේරෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. එව්වා ගියාවේ..
ඔය කොට්ට වලින් කරන, අපේ අය්යාගෙන් පැවතගෙන එන පාරම්පරික අනිත් ක්‍රීඩාව තමයි 'කුට්ට කුටං'.
මෙව්වා පවුලේ රහස් හරිද? අර 'අංගන්පොර' කට්ටිය මාව හොයයිද දන්නෙත් නෑ මෙව්වා කියල... මෙව්වා හරියටම ගෙනියන්න ඉන්නේ දැන් අපි වෙච්චි, ඊළඟ පරම්පරාවට උගන්නනත් බැරුව වලපල්ලට ගියොත් කියල දැන්ම ලියනවා.... මේ ගැන දැන් මගේ හිතේ උසස් අජ්ජාපන ඇමතිතුමා අවධානය යොමුකරලා ඩිග්රියක් දක්වා හදාරන්න ඉඩදේවි කියල මම හිතනවා.
කුට්ට කුටං කියන්නේ නැණවත්, සවිමත් දරුවන්ට තමන්ගේ මොලේ පාවිච්චි කරන්න තියෙන හොඳම ක්‍රීඩාවක්.
ක්‍රීඩාවට අවශ්‍ය දේවල්:
කොට්ට 4-5 පමණ
මෙලෝ බයක් නැති පොඩි/ලොකු එකෙක්
ක්‍රීඩාව කරන ස්ථානය:
කොහේ උනත් කමක් නෑ , අපේ අප්පච්චි නැති තැනක්!
ක්‍රීඩාවට සැරසීම:
කොට්ට ටික හොඳට මහලද බලන්න ( හේතුව පසුව කියන්නම්)
කොට්ට උර තියෙනවා නම් - අනේ ඔව්ව බලන්න එපා.. ජොලිය බහිනවා
කොට්ට ටික එක උඩ එක තබන්න.
දැන් කොට්ට උඩ , මැද්දෙන් කකුල් දෙක දෙපසට එන ලෙස වාඩිවෙන්න (අස්සයා පිට යනවා වගේ)
කකුල් බිම ගෑවිය යුතුය.
ක්‍රීඩාව පටන් ගැනීම:
දැන් ඉතින් කරන්න තියෙන්නේ ඉස්සරහට නැමිලා හොස්ස කොට්ට ටිකේ ගෑවෙන විදියට තියල, අත්දෙක දෙපැත්තෙන් දාල කොට්ට ටික දෙපැත්තෙන් යටින් අල්ලගන්න එකයි. යටම කෝට්ටේ තමයි අල්ලගන්න ඕනේ. එතකොට අනිත් කොට්ට ටික බඩට තදවෙනවා ගානට.
අනේ මට චිත්‍ර අඳින්නත් බෑ... දැන් ඉතින් තමුන් චිත්‍රෙ මවාගන්න හරිද?
ක්‍රීඩාව කිරිල්ල:
දෙපැත්තෙන් අල්ලගත්ත ගමන් කොට්ට ටික බඩට තදවෙලා නේ, දැන් තියෙන්නේ කොට්ට ටිකත් එක්කම කකුල් දෙකෙන් ගෙම්බෙක් වගේ පැනපැන යන එකයි...
හික්... මේක කරලා තියෙන එකෙක්ට ඇරුනම මේක බලන් ඉන්න එකාටත් පුදුම ජොලියක් තියෙන්නේ!! ඒත් , කියෝලා හිතින් මවලා නම් කොහොමටවත් ඒකෙ ජොලිය හිතාගන්නවත් බෑ !! ඒ හින්ද කරලා බලන්නකෝ....

- සෙල්ලම් ගෙවල් දැමිල්ල,
- කඩයක් දැමිල්ල,
- අපේ ගේ හදන්න තිබ්බ ගල් වලින්ම ඇත්තම සෙල්ලං ගෙවල් හදල අත්තම්මගේ දුං ගෙදරින් හොරාගත්ත පොල් අතු වලින් හෙවිල්ලිල්ල,
- සෙල්ලම් හොස්පිටිතාලයක් දැමිල්ල,
- මැටි වලින් සෙල්ලම් පන්සල්, ඉස්කෝල හැදිල්ල,
- ඔන්චිලි පැදිල්ල
වගේ 'ගොඩ' කරන සෙල්ලම් කරද්දී,
අය්යා එක්ක
- පිට්ටු කැඩිල්ල ( ඕකට සමහරු ටින් කඩනවා කියනවා),
- එල්ලේ ගැහිල්ල (හෙක්,... ගැහිල්ල කිව්වට මාව ගන්නේ නැහැ උන්... මම ඒ උනාට පස්සෙන් ගිහින් ඉන්නවා මදුරුවෝ තල තල, පිදුරු ගෑවිච්ච තැන් කහ කහ වෙලට වෙලා ) ,
- සරුංගල් යැවිල්ල ( ඒකත් ටිකක් එල්ලේ ගැහිල්ලට සමානයි.... වැඩිම උනොත් නයා සරුංගලේ වලිගෙ අල්ලාගෙන ඉඳල ඇති) ,
- රොබින් හුඩ් සෙල්ලම,
- ලේනි බර්ඩ්ස් අල්ලන්න යාම ( මේක වෙනම කතාවක්.. හික්.... ලියනවා විස්තරේ ඔක්කොම..) ,
- කොකෝ කැඩිල්ල ,
- ගස් නැගිල්ල,
- වෙසක් කාලෙට තොරන් හැදිල්ල,
- කොළපත් පැදිල්ල ( මේකට හැබැයි අපේ අක්කත් එනවා)
වගේ 'මඩේ' කරන සෙල්ලම් වලටත් මම යනවා.
ඇත්තටම මඩේ සෙල්ලම් වලින් මම පුදුමාකාර වින්දනයක් ලැබුවා. මගේ දරුවොන්ටත් කවදාහරි මඩකරියෝ වෙන්න උගන්නනවා... එතකොට තමයි උන්ගේ ජිවිතේ බැලන්ස් වෙන්නේ... නැද්ද? නෑ ??? හරි ඔව් ඉතින්, එව්වට තව කල් තියෙද්දී මේ මොනවා කියනවද ඈ ???
මේ සෙල්ලම් අතරට අපේ මල් පෙති අක්කත්, මමත්, අය්යාත් කියන අපි තුන්දෙනාම කරපු අපූරු සෙල්ලමක් තිබ්බ. ඒ තමයි 'කුට්ට කුටං ' !!
කරලා තියෙනවද? නැත්තම් අහල තියෙනවද?
හෙක්... එහෙම කොහොම අහල, දැකල තියෙන්නද.. මොකද මේ සෙල්ලම කලේ අපි තුන්දෙනා විතරක් වෙච්චිකොට! ඔව්.. අපිම හදාගත්ත සෙල්ලමක්.... මට හිතෙන විදියට මේක අපේ අය්යාගේ නිර්මාණයක්.
මම මගේ පොඩිකාලේ ගැන කියන තියෙන අනිත් කතාවල කියලත් ඇති අපේ ගෙදර හැටහුටාමාරක් සෙනඟ හිටියා කියල එක එක හේතු වලට අපේ ගෙදර නතරවුණ. මේ හින්ද සමහර කාලවල් වල නිදාගන්නේ තවාන් දාල වගේ, සාලේ එක පෙලට.
අපේ අම්ම කාගේත් කෑමබීම , සුවපහසුව ගැන තමන්ගේ ප්‍රමානේටත් වඩා වදවෙන කෙනෙක් හින්ද මේ හැම ඔළුවකටම කොට්ටයක් නම් වරද්දන්නෙ නෑ , කොටින්ම නිදාගන්න තැනක් නැති උනත් ඔලුව තියන්න නම් කොට්ටයක් තියෙනවා අනිවා! හි.. හි... මේ හින්ද අපේ ගෙදර අල්මාරි උඩ , වහලෙට ගෑවෙන තරම් උසට ගහපු කොට්ට කඳු තිබ්බ. අපි ලොකුවෙනකොට කට්ටියත් එකා දෙන්නා හැලිලා, අන්තිමට අපි යක් පැටවූ තුන්දෙනා විතරක් වෙච්චි!!
මේකේ අතුරු ප්‍රථිපලයක් විදියට අපි පුරුදු උනා ඔලුව තියන කොට්ටෙට අමතරව තවත් තඩි කොට්ට තුරුල් කරගෙන, තවත් කොට්ටයක් කකුලට තියාගෙන නිදාගන්න. ඇත්තටම එහෙම සැපක්!! කරලා නැත්තම් අදම නෙවෙයි මේ දැම්ම දුවල ගිහින් උත්සහ කරනවා හොඳයි! හැබැයි ඔව්වගේ අතුරු ප්‍රථිපල විදියට ඇඳේ එහා පැත්තේ එකාගේ වෛරයට පාත්‍ර වීම, හදිසි පහරදීම්, ඉඳහිට ඇඳෙන් බිමට පතබෑවීම වනේ නානාප්‍රකාර දේවල් වලට නම් වගකියන්න බෑ මේ මට! තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න ඔන්න!
මේ කොට්ට වලින් අපි ගෙවල් හදනවා. වහලේ නෑ තමයි.. ඒත් මම හරි ආසයි ඒ ගෙදරට. ඒවගේ ඇතුලේ ඉඳන් මම මගේම නාට්‍ය ඉදිරිපත් කරනවා. එකම දොස, හිටපු ගමන් සද්දේ ඇහිලා එළියේ ඉන්න කවුරු හරි ප්‍රතිචාර දක්වනවා..
"චුට්ටි..... මොකද කරන්නේ....."
"චුට්ටි නංගි ........... මොකද ඕයි වෙලා තියෙන්නේ"
"ඒයි , හලෝ... මොකද අමුතු සද්ද දාන්නේ?"
ඔය ප්‍රතිචාර තුන තුන්දෙනෙක්ගෙ කියලත්, ඒ කාගේද කියලත් මම අලුතෙන් කියන්න ඕනේ නෑනේ... මොකද නිකන් ඉල්ලන් කන්නේ... අක්කල, අය්යල එක්ක වසලා නැති එකෙක්ට නම් තේරෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. එව්වා ගියාවේ..
ඔය කොට්ට වලින් කරන, අපේ අය්යාගෙන් පැවතගෙන එන පාරම්පරික අනිත් ක්‍රීඩාව තමයි 'කුට්ට කුටං'.
මෙව්වා පවුලේ රහස් හරිද? අර 'අංගන්පොර' කට්ටිය මාව හොයයිද දන්නෙත් නෑ මෙව්වා කියල... මෙව්වා හරියටම ගෙනියන්න ඉන්නේ දැන් අපි වෙච්චි, ඊළඟ පරම්පරාවට උගන්නනත් බැරුව වලපල්ලට ගියොත් කියල දැන්ම ලියනවා.... මේ ගැන දැන් මගේ හිතේ උසස් අජ්ජාපන ඇමතිතුමා අවධානය යොමුකරලා ඩිග්රියක් දක්වා හදාරන්න ඉඩදේවි කියල මම හිතනවා.
කුට්ට කුටං කියන්නේ නැණවත්, සවිමත් දරුවන්ට තමන්ගේ මොලේ පාවිච්චි කරන්න තියෙන හොඳම ක්‍රීඩාවක්.
ක්‍රීඩාවට අවශ්‍ය දේවල්:
කොට්ට 4-5 පමණ
මෙලෝ බයක් නැති පොඩි/ලොකු එකෙක්
ක්‍රීඩාව කරන ස්ථානය:
කොහේ උනත් කමක් නෑ , අපේ අප්පච්චි නැති තැනක්!
ක්‍රීඩාවට සැරසීම:
කොට්ට ටික හොඳට මහලද බලන්න ( හේතුව පසුව කියන්නම්)
කොට්ට උර තියෙනවා නම් - අනේ ඔව්ව බලන්න එපා.. ජොලිය බහිනවා
කොට්ට ටික එක උඩ එක තබන්න.
දැන් කොට්ට උඩ , මැද්දෙන් කකුල් දෙක දෙපසට එන ලෙස වාඩිවෙන්න (අස්සයා පිට යනවා වගේ)
කකුල් බිම ගෑවිය යුතුය.
ක්‍රීඩාව පටන් ගැනීම:
දැන් ඉතින් කරන්න තියෙන්නේ ඉස්සරහට නැමිලා හොස්ස කොට්ට ටිකේ ගෑවෙන විදියට තියල, අත්දෙක දෙපැත්තෙන් දාල කොට්ට ටික දෙපැත්තෙන් යටින් අල්ලගන්න එකයි. යටම කෝට්ටේ තමයි අල්ලගන්න ඕනේ. එතකොට අනිත් කොට්ට ටික බඩට තදවෙනවා ගානට.
අනේ මට චිත්‍ර අඳින්නත් බෑ... දැන් ඉතින් තමුන් චිත්‍රෙ මවාගන්න හරිද?
ක්‍රීඩාව කිරිල්ල:
දෙපැත්තෙන් අල්ලගත්ත ගමන් කොට්ට ටික බඩට තදවෙලා නේ, දැන් තියෙන්නේ කොට්ට ටිකත් එක්කම කකුල් දෙකෙන් ගෙම්බෙක් වගේ පැනපැන යන එකයි...
හික්... මේක කරලා තියෙන එකෙක්ට ඇරුනම මේක බලන් ඉන්න එකාටත් පුදුම ජොලියක් තියෙන්නේ!! ඒත් , කියෝලා හිතින් මවලා නම් කොහොමටවත් ඒකෙ ජොලිය හිතාගන්නවත් බෑ !! ඒ හින්ද කරලා බලන්නකෝ....
කොට්ට උඩ බම්ප් වේවි යන එක .කැමති ඕනෙම තැනකට පැනගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට ඔය පීරිසි , කෝප්ප, කැබිනට්ටු වගේ දේවල් බිඳෙන්න පුළුවන්.. එතකොට පැනගෙන යන්න.. බේරෙන්න පුළුවන් පස්සෙන් පන්නන උන්ගෙන්!!
කොට්ට මහල තියෙන්නේ ඕනේ හේතුව මම කියන්නම් දැන්... මොකද දන්නවද.. පනින වේගෙට සමහර වෙලාවට කොට්ට හොරට මහල තිබ්බොත් 'ඩෝන්' ගාල සද්දෙන් පුපුරලා හැමතැනම පුළුන් විසිරෙනවා. එතකොට තමුන්ගේ ආරක්ෂාවට කොට්ට ටික දාල පැනල දිව්වට කාරී නෑ !!
මේ හින්ද ගෙදර කොට්ට ටික නොමිලේම අලුත් කවර වලට උරුමකියනවා නිතරෝම... අන්න එහෙමයි අපේ අම්මට අපි උදව් කරන්නේ...
දැක්ක නේද අපේ පාරම්පරික ක්‍රීඩාවේ වටිනාකම?
//හොස්පිටිතාලයක්//
ReplyDeleteමේ වචනෙ නිර්මතෘ කවුද දන්නවද?
අපේ පොඩි දෙන්නත් ඔහොම කොට්ට වලින් සෙල්ලමක් කරනව. උන් කොට්ට ෆයිටර් ජෙට් හදාගෙන ගේ පුරාම දුවනව රොකට් වගේ. කොට්ට වදින බඩු උන්ට උඩින් පියාඹනව.
කුට්ටං කුට්ටං මගේ xxx කරකුට්ටං කියල කතාවක් නම් අහල තිබ්බට කුට්ට සෙල්ලම ඇහුවෙ අදයි.
හොස්පිටිතාලය කියන නාම පදයෙන් මගේ කතන්දර පුරාම භාවිතා කළේ හොස්පිටිතාලේ කියන වර නැගුම විතරයි.
Deleteහොස්පිටිතාලයක් නාම පදය මුලින්ම ලියා තියෙන්නේ උපේක්‍ෂා නුවර කුමාරි තමයි!
;-)
@ඉන්දික : හෑ ? ඇත්තද බොලේ? දන්නෙත් නෑ .. අපි නම් ඔය වචනේ සහ වරනැගුම් දෙක තුනම පොඩි කාලේ ඉඳන්ම පාවිච්චි කළා.
Delete@කකා: හෑ ? නාමපදේ කිව්වේ මම විතරයි කිව්වා... මරුනේ.... අය්යා ඉන්වෙන්ට් කරපු ක්‍රීඩාවක් ගැන කියන්න ගිහිං මටනේ බොලේ සුවිප් එක ඇදුනේ. හි.. හි..
කොට්ට ටික තබා එක මත
ReplyDeleteදෙපා විදහා නැගී එය මත
පැන පැන යද්දි සිව් අත
පට්ට ආතල් දැනෙනු ඇත
කුට්ට කුටං කුට්ට කුටං
අම්මා කොට්ටෙට උර මහති
මැසූ උර දාලා හැඩ කරති
පැන පැන යද්දි මේ කෙලිති
අනේ සමහර කොට්ට පැලෙති
කුට්ට කුටං කුට්ට කුටං
මේ සමයන් දකින විටදී මැති
අප්පච්චිට හොඳටම මල පනිති
ඉඳ හිට ගුටියක් කාලත් ඇති
ඒ වුනත් තාමත් ඈ කැමති
කුට්ට කුටං කුට්ට කුටං
සොඳුරු අතීතෙට හිත දුවති
මතක් වී කදුලු කැට වැටෙති
ඉඳ හිට සුසුමන්ද හෙලෙති
කාලය වෙනස් කම් මවති
හෙක් හෙක් බොලා අපි එකම සෙට් එකක්නේ බලන් ගියාම, මමයි අයියිත් ඕක කළා බන් ඔය විදියටම, හුඟක්ම ගමේ ගියාම ගමේ සෙට් එකත් එක්ක එකතු වෙලා, මොකද එහෙ තමා කොට්ට වැඩි :D, තව කෑම මෙසේ පුටු සෙට් එකේ පුටු අරන් අනිත් පැත්තට ඉඳගෙන එකෙත් පන පන යනවා, එහෙම ගිහින් එක සැරයක් පුටු කකුලකට මාපට ඇඟිල්ල අහුවෙලා නියපොත්තත් කැඩුනා.
අපේ ඒ අතීතෙට ජයවේවා!!! :'(
අප්පා.. ජොලියේ තරම තේරෙනවා ඔයාගේ සින්දුව දැක්කම. ඇත්තටම සොමියෝ අපි ඔය සෙල්ලම කරනකොට අපි කියපු තේමා ගීතයක් තිබ්බ.. ඔය වගේමයි.. දැන් මට මතක නැහැ. 'කුට්ට කුටං ' කියල ඒ සින්දුවෙත් මැද්දෙන් කියන හින්ද තමයි ඔය සෙල්ලමට ඔය නම වැටුනෙත්.
Deleteමගේ අම්මේ.... කෑමමේසේ පුටුවල පනින්න තරම් ධෛර්යයක් අපිට තිබ්බේ නැහැ මම හිතන්නේ. එව්වා පබ්ලික් ප්ලේසස් වලට අයිති, ඒ මදිවට නඩුවක් කැඩෙනවා අනිවා. ඒ වගේම කුට්ට කුටං වගේ කාමරේදී සැලසුම් කරලා, කාමරයෙන්ම වේගවත් විදියට පටන් අරන් සාලය හරහා යන්න අමාරුයිනේ. මොකද පුටුව අරන් සැරසෙනකොටම මාට්ටු වෙනවා.. හි..හි... පේනවනේ අපි ආරක්ෂාව ගැන හිතල තියෙන තරම....!
සුපිරි ආතල් එකක් නේ අරගෙන තියෙන්නේ බොලාල...
ReplyDeleteනරකද උත්සහ කරලා බැලුවොත්? රජකමට නින්දාවක් නොවෙන්න සිරියහන් ගබඩාවේ විතරක් කරලවත්? හි.. හි..
Deleteකුට්ට කුටං කලා නම් අද බ්ලොග් ලියන්න බස්සියෙක් මෙතන නෑ යකූ. අපේ අම්ම හෙන වසයි ඒ කාලෙ. කොට්ට වලින් සෙල්ලම් ගෙවල්නම් දානව. තව ඔය කොට්ට බිම අතුරල "පිහිනුම් පිම්ම" පැනල ගොඩ පීනන එකත් මගෙ ෆේවරිට් සෙල්ලමක්.
ReplyDeleteලේඩි බර්ඩ් සෙල්ලම ලියන්න බලන්න. මම හිතන්නෙ ඔය කියන්නෙ මං කරපු "යෝධ කුරුමිණි යුද්ධය"ද මන්දා. හැබැයි ඒක මගෙ රොබින්හුඩ් සෙල්ලමේම එක එපිසෝඩ් එකක්.
කොලපත් පැදලා පෙරලිලා අතපය ලෙලි ඇරන් ඇති එපා වෙනකම්. කඳු ගැටයක් උඩට නැගල පල්ලෙහාට පදින්නෙ අපි.
අපේ අම්මගේ බුරුල තමයි මෙව්වට හේතුව! හි.. හි... නෑ බස්සි.. අපේ අම්ම අපේ ඉනොවේටිව් වැඩවලට වැටකඩොලු බැන්දේ අඩුවෙන්. ඒ වගේම අපිත් නරක අතට ඒ කිසි දෙයක් පාවිච්චි කලෙත් නෑ.. මේක ත්‍රිලර් ටයිප් එකේ සෙල්ලමක් උනාට අපේ අම්ම පොඩ්ඩක් බනිනවා ඇරෙන්න වැඩියමක් කරන්නේ නැහැ.
Deleteහි.. හි.. මම ලියන්නම්කො ලේනි බර්ඩ් වැඩේ නම්... අහල උඹ මට ඔය වක් හොටෙන් කොටනවා එහෙම නෙවෙයි හරිද?
කොලපත්? හික්.. හික්.. ඒ ගැනත් ලියන්නම් වෙනම... මම ගිය අවුරුද්දෙත් පැද්දා අනේ... ඒ තරම් මම ආසයි කොලපත් පැදිල්ල. මගේ ජිවිතේ නොසන්සිදෙන ජොලි වැඩ වලින් එකක් ඕක, අනිත් එක ඔන්චිලි , අනිත් එක සරුංගල් !
යාපනේ පැත්තේ ගිහිල්ල කොට්ට ගලවන්න හෙම එපා.. හැක්..
ReplyDeleteඇයි අප්පා??? මම ටියුබ් ලයිට් වෙච්චි... ඔක්කොම නොකිව්වොත් සති ගානක් යනකන් පත්තු වෙනවා බොරු!
Deleteනියමයිනේ! අපි කරලා තියෙන්නේ කොට්ට ගොඩ උඩ නැගගෙන ගෙම්බා වගේ පැන පැන යාම නෙවෙයි. අස්සයා ගෝන් කියලා එක තැන පැදීම. හැබැයි අම්මා කෑ ගහනවා දැක්කොත්. අම්මලා එහෙම කොට්ට මහා ගොඩක් තියාගෙන හිටියට ඒක මහා කරදරයක් ඇත්තටම.
ReplyDeleteමමත් පාවිච්චි කරනවා අර බෙල්ලට තියන්න පුලුවන් යූ හැඩේ කොට්ටයක් ආර්පිකෝ එකෙන් ගත්ත. ඒක බෙල්ලට සෙට් කරගත්තාම බිම වුනත් නිදාගන්න පුලුවන් ඕනෙ නම්.
සැක් විතරක්... එකතැන තෙපර බබා ඉන්නකොට එක පාරක්වත් හිතිලා නැද්ද අනේ පැන පැන ගියොත් කොහොමද කියල? හෙන්රිගේ අදහස මොකක් උනත් මම නම් කැමතියි ගෙදර කොට්ට ගොඩක් තියෙනවට. එක හේතුවක් තමයි මම කොට්ට බදාගෙන නිදාගන්න හරිම ආසයි. එව්වා අව්වේ දාල ගෙනත් ඒ රස්නෙට ලේනෙක් වගේ ගුලි වෙලා නිදාගෙන තියෙනවද? අපේ අම්ම ඒවගේ පුළුන් ඇට එහෙම අයින් කරලා, හරිම සැපට හදල තිබ්බෙත්. දැන් තියෙන කෘතීම කොට්ටවල ඒ ගතිය අඩුයි මට නම්. මම ගොඩේ කෙල්ල නේ!
Deleteහෙක් හෙක්
ReplyDeleteඅපේ කරදඩු උස්මාත් වෙලා නැත්තං ඔය කියන සෙල්ලම කොරල බලන්න තිබ්බ... හිහික්...
මරු ඈ
අය්යෝ මොකට ඔව්ව හිතනවද?
Deleteකරන්න තියෙන්නේ පොඩි මෙන්ඩියාට ඩෙමෝ පාරක් දානවා වගේ දෙතුන් පාරක් උත්සහ කරන එකයි. කොට්ට පැලුනත් වොරන්ටි තියෙනවා නේ... හැක. හැක... අනේ මේ... පොඩි එකාට කියන දෙනවද,ඌ ඕක ගානට කරගෙන යයි!
කොට්ටං කුට්ටන් ..මරු නම , උපේක්ෂට නම එක කොට්ටේත් උස වැඩියි වෙන්න ඇති , එක කොට්ටයක් උඩ නැගලත් කකුල බිම ගාගන්න බැරිවුනා කියන්නේ :P
ReplyDeleteඅය්යෝ.. 'කුට්ට කුටං' අනේ. මොකක්? අනේ මේ.... එන්න එපා ඔව්වට හරිද? හුහ්. ඔය බේබි සයිස් එකේ (ඉන්ෆන්ට් පිලොව්ස්) කොට්ට 4-5 උනත් මට මදි හරිද?
Delete