පෙරවදන:
මේ කතාවේ ඔරිමජිනල් කතාව මම ලිව්වේ මට වයස අවුරුදු 18දී. කතාව ලියල පෙන්නුවා මගේ යාලුවෝ දෙන්නෙකුට. ඊට පස්සේ මේ කතාව සුපුරුදු විදියටම මගේ හමස් පෙට්ටියට ගියේ ඉබේමයි.
බ්ලොග් එකේ මේක දාන්න හිතුනට, හෙව්වා හෙව්වා හොයාගන්න බැරිවුනා. අන්තිමට තීරණේ කළා, කතාව මතක විදියට ආයෙත් ලියනවා කියල. මම ලිව්වේ මේ ශෛලින්මයි. පොඩි පොඩි සිද්ධි විතරක් වෙනස් කළා , කියන්නේ ලියන් යනකොට ඉබේම වෙනස් උනා. ඔරිජිනල් කතාව දිගයි.
කොහොමත් මම එකපාරටම හිතිලා දෙයක් ලිව්වොත්, ආයෙම ලිව්වත් ඒ කොලිටිය ගන්න බැහැ ඔරිජිනල් එකේ තරම්. ඒ හින්ද මම තවමත් විස්වාස කරනවා මුල් එක මීට හොඳයි කියල.
ඒත් මේක මම ආසකරපු මගේ කතාවක් හින්ද නොලියම බැරි උනා. බැනල ගියාට කමක් නැහැ... මට ඔව්ව පුරුදුයි... හි.. හි..
මම උඩ විසිවෙලා ඇහැරුණා..
'ඩොන්.. පටෝන්...' ගාල පුපුරන රතින්නා සද්දෙට මම නිදාගෙන හිටපු තැනින් පනින්න ගිහිල්ල, තව ඩින්ගෙන් ඔලුවත් මේසේ වදිනවා. බිමට වැටෙන්න යද්දී තමයි දැක්කේ මම නිදාගෙන ඉඳල තියෙන්නේ අපුච්චගේ ඇඳේ...
හනික දුවන් ගියා සාලෙට මොකද්ද මේ සද්දේ කියල බලන්න. මිදුලේ මැද්දෙන් ඈත පේනවා ලොරියක්.. හප්පා ලොරියක්? මම සාලේ මැද්දෙන් දුවන්න නෙවෙයි ඉගිලෙන්නයි හැදුවේ..
"පොඩ්ඩා.... හෙමීට කොල්ලෝ.. හෙමීට.. ඔය ගොක්කොල ටික පාගන්න එපා දරුවෝ..."
මගේ මුනටම මාට්ටු උනේ සිසිලියා නැන්දා. මගේ උරහිසෙන් අල්ලාගෙන මාව පැත්තකට වෙන්න අල්ලගත්ත.
"අනේ.... මල්ලි ඇහැරිලාද... අන්න අම්ම අහ අහ හිටිය... යමු බත් ඩිංගක් කන්න... බලන්න දැන් ඉරත් අවරට ගිහිං "
කොහේදෝ ඉඳන් ඇහුනේ බතී අක්කගේ කටහඬ.
මට දැනුනේ මම දැන් බලු වෑන් එකට අහුවෙන්න හදනවා වගේ. කොහේ දුවන්නද, සාලේ කට්ටිය පිරිලා. ඒ මදිවට ගොක්කොළ දළු හැමතැනම. මම සිසිලියා නැන්දගේ ගවුමේ පැත්තකින් එල්ලිලා පිටිපස්සට පැන්න. බතී අක්කට අහු නොවී දුවගත්තොත් මදැයි!
ගොක්කොල ගැන හිතන්න වෙලාවක් ඇතිද මට? බතී අක්කට අහුවෙනවට වඩා හොඳයි අර ලොරියට අහුවෙනවා.
අඩි දෙකෙන් මම සාලෙන් පැනල මිදුලේ...
"ම....ල්ලියා..... ඔහොම ඉන්නවා කිව්වේ! ..." බතී අක්ක වෙන්නැති.
හම්මා..... ආකහේ වගේ නිල්පාට ගාපු ලොරියක්. හුහ්... උඩ රාක්කෙකුත් ගහල. බොනට් එකේ මල් මල් ඇඳලා , මෙහෙම විසිතුරු දෙයක් කවදාවත් දැකල නැහැ නොවැ.. මොකද අපේ පොල්වත්තේ පොල් මුරේ දවසට එන්නෙම ගුරුස් මුදලාලිගේ කබල් ලොරි විතරයි නේ. වැඩදාපු ලොරියක්....?
"... කොහෙද දුවන්නේ. නැන්දගෙන් මට සෝලි අහන්ට තමයි ඔන්න.. යං යං .. බත් කාල මිසක් එන්නේ.. නෑ .... ..."
මගේ පස්සෙන් දුවන් ආපු බතී අක්කගේ අන්තිම වචන ටික හැලිලා ගියා, හරියට බුරම්පි සීයා එනකොට බුරාගෙන පනින අපේ බූලාගෙ ගෙරවිල්ල වගේ. මම වගේ බතී අක්කත් ඉත්තේරුවෙන්ම වසී වෙන්ට ඇති මේ ලොරිය දැකල. පුදුම සද්දන්ත එකක් නේ..
".. ආ.. මේ සුනිමල් අය්යලානේ... මම මේ බැලුව.."
බතී අක්ක කියනවා ඇහුන. මම ඉක්මනට ලොරියේ ඉස්සරහ දොර ගාව නොහිට ලස්සන රටා ඇඳල තිබ්බ පිටිපස්ස පැත්තට ගියා.
"ඇයි .. මොකෝ.. වෙන කාටද මෙහෙම ලොරියක් තියෙන්නේ?..."
ඩයිවර් සිට් එකේ හිටන් එබිලා සුනිමල් අය්යා එහෙම කියනකොට බතී අක්ක එතන තිබ්බ වැටකොළු පාත්තියේ කණුව ගලවන්න වගේ ඒකෙ එතෙන්න ගත්ත.
".... මම මේ බැලුවේ දුවගෙන ආපු හැටියට ලොරියෙවත් වදීද කියල.. හෙහ්.. හෙහ්.. හරි හැඩයි නොවැ හෙහ්.. හෙහ්.."
මම එක හිතින්ම හිතාගත්ත දැන් නම් මමත් මෙහෙම ලොරියක ඩයිවර් කෙනෙක් වෙන්නම ඕනෙය කියල. අර මල්කාන්ති ටීචර් මගෙන් ඊළඟ දවසේ ඇහුවම කියන්ට ඕනේ ,සුනිල්මල් අය්යා වගේම ලොරියක් එලෝනවා කියල.. අම්ම නම් කියයි බත් ගොඩක් කන්ට වෙයි එහෙම ලොකු වෙන්ට කියල, ඒත් ඉතින් මක් වෙනවද... ලොරියක් එලවන්ට නේ... ඔන්නොහෙ කිව්වොත් කනවා. අපේ අක්ක විතරක් හිනාවෙයි... ඒ උනාට අපුච්ච මයෙ ඔලුව අතගාල 'රත්තරං කොල්ල මගේ' කියාවි.. ඒ ඇති..
"මේ ඉන්නේ... අක්කේ... මෙන්න මෙතැන..."
ලොරියේ රෝද වල තිබ්බ රටාව බලබල ඉන්නකොට ආයෙත් සිසිලියා නැන්දා මගේ කන ගාවම වගේ ඉඳන් කෑගැහුව. දැන් නම් ගැලවිල්ලක් නැතිවෙන හැඩයි.
හය්යෙන් හය්යෙන් අඩි තිය තිය අම්ම ඈත ඉඳන් එනවා පෙනුන. ඒ කියන්නේ පැන්නොත් ගුටිය! මම හිටපු තැනම ගල්වෙලා උන්න.
"මයෙ පුතේ... මම හැමතැනම හෙව්වා. කෑවේ නැහැ නේද? අනේ අර බතී අක්කත් එක්ක ගොහින් කාල වරෙන් මගේ කොල්ලෝ. මට මේ දහසක් වැඩ මෙතන"
හෑ ?? අම්ම එහෙම කිව්වා??? මම ඇස්ගෙඩි පොඩ්ඩක් විතර ලොකු කරලා අම්ම දිහා බැලුව. තරහක් නැහැ, ඇති යන්තම්... මම උන්නේ නොකා පැන්නට විතරක් නෙවෙයි ගොක්කොල පෑගුවටත් කසාය ලැබෙයි කියල.
මාව අල්ලලා බතී අක්කට පවරලා ආයෙත් අම්ම අතුරුදන් උනා කුස්සිය පැත්තට.
මැදමිදුලේ තියෙන ලොකු බංකුවේ මාව ඉන්දෝල බතී අක්ක පුටුවේ වාඩිවෙලා බත් එක අතට ගත්ත. බත් එක නම් මම ආස විසිතුරු දේවල් වලින් පිරිලා. ඒ උනාට අපරාදේ මගේ ලොරිය යයිද කියල මම හිත එකලාසයක් කරගන්න බැරුව උන්නේ. ඒ මදිවට බතී අක්කගේ ඉවරයක් නැති මිරිකිලි. කම්මුල, බඩ... මට කුචි!
ටිකකින් ආයෙත් සුනිමල් අය්යා කුස්සියට ආවේ කරේ ලේන්සුව අතට ගන්න ගමන්, අපේ දිහා බලාගෙන.
"ආ.... පොඩි නිලමේ...... කෝමෙයි... අපිටත් බත් කටක් කැවෙයිද මන්ද.."
එහෙම කියල බතී අක්කගේ ඇගෙත් හැපිගෙන යනකොට, මම දැක්ක සිසිලියා නැන්දා ගේ ඇතුලේ ඉඳන් එලියට එනවා.
"ආ.. සුනිල්මල්. තොරණට තව බලුප් වැලක් ඕනය කිව්වා. දැන් එනවා කියල තිබ්බේ පෝරුව ගහන ගුරුන්නාන්සේ. තාම නෑ.. පොඩ්ඩක් බලහං හන්දියට ගෙහුං එනවිඩේ ..."
දැන්නං මට ඉහිලුම් නෑ.. ඔව් නේ... තොරණක් ගහනවය කිව්වට කෝ මට එහෙට යන්ට ඉස්පාසුවක් නැතුවුනා නේ... ආයෙමත් කල්පනා කරන්න වෙනවා මෙතනින් පනින්න.
"කෝ කෝ.. කට අරින්න... කන්න කන්න ඉතින්... නැත්තම් මම දෙන්නෑ පපඩම්.."
බතී අක්ක කෑ ගහනවා.
පුදුම වදයක්. සුනිමල් අය්යා දැන් යයි. හය්යෝ ලොරියේම යයිද දන්නෑ.. ෂෙක්... තොරණ... ඔක්කොම වැඩ ඉවරද දන්නේ නෑ ... අය්යෝ මේ එකක්වත් මට බලාගන්න වෙන්නේ නැහැ වගේ.. මොකද්ද අර ගහනවය කිව්වේ? පොරවක්? පොරවක් කියන්නේ මොකද්ද හෑ ?
"පොරවක් කියන්නේ මොකද්ද බතී අක්කේ"
මම මුලින්ම බතී අක්කාගෙන් අහන එක හොඳ වෙයි කියල හිතුව. බතී අක්කට තව ඩින්ගෙන් බිබී හිටපු පැණිබීම වීදුරුව ඉස්මොල්ලේ යනවා. නරක වචනයක්ද? නැත්තම් විහිළු කතාවක්ද? එහෙනම් මොකද සිසිලියා නැන්ද කියනකොට මේ කවුරුත් හිනා නොවුනේ? පුදුම වැඩක් නොවැ ?
"පොරවක් නෙවෙයි පොඩ්ඩා... පෝරුවක්... පෝරුවක්...."
"හා... පොරුවක් කියන්නේ මොකද්ද?"
"පෝරුවක්.... පොඩ්ඩෝ... පෝරුවක්...! පෝරුවක් කියන්නේ.. හ්ම්ම්.... පොඩ්ඩාගේ අක්කා මනමාලි උනහම නග්ගන ලස්සනට හදන ඉස්ටේජ් එකක්.. ගොක්කොල වැඩ දාල... මල් වැල් එල්ලලා... "
මට එක විඩෙන්ම මතක් උනේ අපේ මොන්ටිසෝරියේ තිබ්බ උත්සවේ. එදත් ඔහොම පොරවක් හදල තමයි අපි නැටුවේ. මම හිටියේ අර මූදු සින්දුවට. පන්කොළ තොප්පි දාල.. සරමක් ඇඳලා. චතුරි නංගි උන්නේ නම් රෙද්දකුයි හැට්ටේකුයි අන්දලා. කටේ ගාල තිබ්බ පාට හින්ද මම ඈතට වෙලා නැටුවේ , බයේ බැහැ .. ගොරක මද වගේ කට!
හා.. එහෙනම් මෙතන නැටුමක් තියේවි ජයට... මටත් මගේ මූදු නැටුම නටන්න බැරියැ... අම්ම කොහෙන් අරන් තිබ්බද දන්නෑ මගේ ඇඳුම. කියල හොයාගන්න ඕනේ..
"පොඩ්ඩා කෝ ඉතින් කන්න... ඔන්න මම දැන් නැන්දට කියනවා.... කෝ කටවල් කීයද කෑවේ ...?"
බතී අක්ක අයෙමත් බෙරිහන් දෙන්න ගත්ත. ෂෙක් ... මෙහෙම කරදරයක්. අතන අරෙහෙ තොරණක් ගහනවලු, මෙතන සාලේ පොරවක් හදනවලු, ලස්සන ලස්සන වැඩ දාපු ලොරි ඇවිත්... බත් එකක් ගැන කතා කරනවා මෙයා?
"අනේ මට ඇති..... අනේ...."
"දෙන්නෑ එහෙනම් මේ කටිලිස් එක?"
"මට එපා අක්ක කන්න.."
බති අක්කගේ මුණ ඒ පාර තාර පාරේ තියෙන ලයිට් කණුව වගේ එලිය වැටුන.
"හැබෑටම පොඩ්ඩට එපාද?"
"එපා එපා.. මට ඇති... මම තොරණ බලන්න යන්නද එහෙනම්... "
මම එහෙම කියල කට ගන්නත් කලින් එක කටට බතී අක්ක කටිලිස් ගුලිය ගිල්ල.
"ඔන්න මන්දන්නෑ නැන්ද දැනගත්තොත්... බඩගිනි කියල ඔන්න විස්කෝතු ඉල්ලන්නෑ හොදද? මට කියාපන් ඕනේ නම්..."
තවත් මොනාදෝ කිව්වත් මම දිව්ව දිවිල්ලට ඒවා ඇහෙන්න තරම් වෙලාවක් නැහැ. නතර උනේ ගෙදරට එන ගුරුපාර ඉවරවෙන ඉසව්වෙන්. ඈතින් පේනවා පාර දෙපැත්තට වෙන්න කණු ඉන්දවලා උඩට යාවෙන්න ගැටගහල තියෙන තොරණ! තොරණක්? අපේ ගෙදර... ??
පය ඉස්සරහට ගන්න හැදුව විතරයි....
"අන්........ නේ... මේ පබසරාගේ මල්ලි නේද?"
කොහෙන්දෝ ආපු සද්දයක් එක්ක මගේ උරහිස කවුරුහරි අල්ලගන්නවා තේරුනා. හෙලවෙන්නවත් බැහැ. මම ඔලුව හරෝල බැලුව... උසම උස සද්දන්ත අක්කෙක්... මගේ අම්මෝ අර දවසක් අපේ ගෙදර ඇවිත් මාව මිරිකලා මිරිකලා ගියේ... මගේ කකුල් දෙක වෙව්ලලා ගියා..
"... කොහෙද දුවන්නේ...? අනේ මේ එන්නකෝ... කෝ අක්ක? කොහෙද ඉන්නේ?"
අපොයි පැනල යන්න හිතන්නවත් බැහැ වගේ. එතකොටම තමයි දැක්කේ ඒ අක්කා ගාව තියෙන අලි චොක්කෝ එක... දැන් නම් ගිහින් බෑ... අද ගෙනත් තියෙන්නේ එදාට වඩා ලොකු එකක්!
"ඉන්න මම එක්කයන්නං... ඇතුලේ ඉන්නේ.."
මම ඒ අක්කව එක්කගෙන ඇතුලට ගියාට මටත් පාර හොයාගන්න බැරි තරම් ගේ ඇතුලේ එහෙට මෙහෙට සෙනඟ පිරිලා.
දැන් දවස් හුඟක් වෙනවා, පිරිතට ආපු ගමන් එහෙම්මම නතරවෙච ගංගොඩේ කට්ටියයි, මාතලේ පුන්නි නැන්දලයි , සුදු බාප්පලාගේ කට්ටියයි ඔක්කොම ගේ අස්සේ. අපරාදේ මට නින්ද ගියේ නැත්තම් තව ඩිංගක් අයිස් පලම් කන්ට තිබ්බ සූකිරි නංගිලාත් එක්ක.. හැබෑට.. කෝ සූකිරි නංගි ?
අපේ අක්ක හිටියේ ඇතුල් කාමරේ. කොහොමත් ඒක එයාගේ කාමරේ නේ. මම දොර ගාවින් නිලූ අක්කව නතර කරවලා සූකිරි නංගිව හොයන්න ආපහු හැරුන.. ෂෙක්.. එයාල ආයෙමත් අර ගුඩු සෙල්ලම පටන් අරගෙනද දන්නේ නෑ.. මට අමතක උනා නේ..
"හා... හා... යන්න එපා... ඉන්නකෝ අනේ... අක්කව දැන් නම් අඳුනගන්නත් බැරුව ඇති... ඉන්න පොඩ්ඩෝ.."
මේ නිලූ අක්කාගෙන් බේරෙනවා බොරු... මට ඇතුලට යන්න මොකද්ද වගේ. මම ඔය දොරෙන් ඇතුලට ගිහින් ඇත්තේ හ්ම්ම්.... වැඩිය ගිහින් නෑ මයේ හිතේ.... අපෝ අක්ක එහෙම ගිහිල්ල අහු උන දවසට පරලවෙච්ච විලියොන් ආතා වගේ මට ගහන්න පන්නන්නේ... අම්ම හරි අපුච්ච හරි නොහිටියොත් මාව බේරාගන්ට කවුරුත් නෑ.. කුස්සියේ ඉන්න මිසි අම්මට විතරක්ද , වත්තේ ඔක්කොටමත් බනිනවා මාව හංගගත්තොත්.
"අක්ක යන්ට... මට බෑ...."
"අනේ මොකද්ද පොඩ්ඩා... මම ආවේ ඔයාව බලන්නමනේ... මේ බලන්න.. මම ගෙනාව ලොකු චොක්ලට් එකක්... දෙන්නේ නැහැ ගියොත් නම්"
අපොයි.. ඒ මොන අපරාධයක්ද?
මම ඔලුවත් පහලට නවාගෙන කල්පනා කළා. සූකිරි නංගිලා මොනවා කරනවා ඇද්ද? අපෝ ඒ සෙල්ලම වගේද මට ඇහැකි මේ චෝක්කෝ එක රස කර කර කන්ට.. බණ්ඩාර අය්යා ගේන චෝක්කොත් මේ වගේමයි... දැන් මගේ කකුල් කාමරේ ඇතුලට යන්නේ නැතත් එළියට ගන්නත් බෑ වගේ.

"ආ.. නේ.... නිලූ........ මම කලින් එන්න කියලත් එන වෙලාව නේ?"
නිලූ අක්ක දොර රෙද්දෙන් එබෙනකොටම අපේ අක්කගේ කටේ සද්දේ ඇහුන. මගේ පපුව ගැහෙනවා. බනීවි දැන් මාව දැක්කොත්. මම දොර රෙද්ද අස්සේ හැංගුන. නිලූ අක්ක මගේ අතින් අදිනවා කාමරේට.
"මොකද්ද බන් උඹ ඔය වහුපැටියෙක් වගේ අදින්නේ? "
බෙලිකටුමලු ගොඩක් හෙලවෙනවා වගේ කට්ටිය හිනා වෙනකොට මම දොර රෙද්දේ තවත් එතුනේ අක්ක දැන් නම් මට බනින බව දන්නහින්දමයි. කෝ මේ නිලූ අක්ක අතාරින්නෙ නෑනේ!
"පොඩ්ඩා අනේ... එන්න බෑලු කාමරේට..."
එකපාරටම මාව ඇදල කාමරේට වැටුන. අක්ක හිටියේ එයාගේ රෝසපාට ඇඳේ වාඩිවෙලා.
එකපාරටම මාව ඇදල කාමරේට වැටුන. අක්ක හිටියේ එයාගේ රෝසපාට ඇඳේ වාඩිවෙලා.
තවත් අක්කගේ යාළුවො ගොඩාරියක් පුටුවල, මේසෙ උඩ , ඇඳේ තව කොන්වල වාඩිවෙලා හරියට මොන්ටිසෝරියේ නැටුම් දවසේ වගේ. පුදුමෙට මම ගල්ගැහිලා බලන් හිටිය.
"මේ ඉන්නේ.. මේ ඉන්නේ මගේ පොඩ්ඩා.... එන්න පොඩ්ඩෝ...."
මගේ කන්දෙක අගුල් වැටිලද? නැත්තං අක්කමද එහෙම කිව්වේ?
ගල් ගැහිලා උන්නු මාව අක්ක එයාගේ ළඟට ඇදල ගත්ත. මම මොකක් හරි දෙයක් මේ දැන් වෙයි, මේ දැන් වෙයි ..... එකපාරටම අපේ අක්ක වෙනද වගේ කඩන් පනී කියල හිතුන හින්ද කිසිම සද්දයක් කරන්නේ නැතුව හිටියේ අපේ නිකී පූසි වගේ. දකින හැම වෙලේම නගුටෙන් අදින හින්ද ඌ මාව දැක්කම දුවනවා පණ කඩාගෙන. බැරිවෙලාවත් ආදරේට වඩාගන්න අහු උනාම ඌ බයටම ගුලි වෙලා උන්නත්, පොඩ්ඩක් අත බුරුල් කරපු ගමන් පැනල දුවනවා.
"අම්මේ..... ඕම හුරතල් කරන්න එපා බං ... බණ්ඩාර ඉරිසියාවේ පැලෙයි..."
එක අක්කෙක් ඇස් කරකවල කිව්වා... අප්පේ.. අක්ක ගාව තියෙන සුවඳ....!
"අපේ.. බණ්ඩාර හරි යාලුයි මෙයත් එක්ක. අම්මේ බලන්න එපෑ ආදරේ.... එනකල් බලන් ඉන්නේ මෙයත්"
බණ්ඩාර අය්යා මතක් කරනකොටත් මට හරි සන්තෝසේ බෑ... අක්කව බලන්න ගෙදරට එන දවසට මට හරි වැඩ.... අක්කත් එදාට මට බනින්නේ අඩුවෙන්. උදෙන්ම නාල සාලෙට වෙලා ඉන්නේ..
කොහොමත් බණ්ඩාර අය්යා එනවා කිව්වා දවසට ගෙදර වෙනම සිද්ධි ටිකක් වෙනවා. අපේ අක්කා තමයි ඒවා කරවන්නේ.
කුස්සියේ මිසී අම්මා ගෙන්නාගෙන එක එක මල් පෝච්චි එක එක තැන්වලින් තියෝනවා. මං ලව්වා එයාගේ රෝස ගස් වලින් රෝස මල් කඩෝගෙන රෝසමල් පුරෝපු මල් පෝච්චියක් සාලේ ටීපෝව උඩ! මම නම් හරි ආසයි ඒකට , මොකද වෙනදට අල්ලන්නවත් දෙන්නේ නැති ගස්.. මේ හැමදෙටමත් වඩා බණ්ඩාර අය්යා ආපු ගමන් මගේ අතේ චොක්කෝ එක තියල, කාර් එකේ දොර ඇරලා දෙනකල් මම ඉන්නේ ඉවසිල්ලක්වත් නැතුව! බණ්ඩාර අය්යා හරි හොඳයි...
අපෝ මට එතකොටම මතක්වෙන්නේ ඉස්සර අපේ අක්කත් එක්ක ඉස්කෝලේ ගියපු අර උස මහත චමින්ද අය්යා. අම්මෝ, එයා හරියට වලහෙක් වගේ. බණ්ඩාර අය්යා වගේ නෙවෙයි, මාව දැක්කොත් අල්ලලා බය කරනවා කරෝල වාඩියකට ගෙනිහින් දානවා කියල.
"කියන්නෙහෙම නැහැ තමුසේ අම්මට අපි මෙහෙ ආව කියල... අල්ලලා ගෙනිහින් දානවා කරෝල වාඩියකට!"
අක්කත් එක්ක පන්ති යනකොට මාව තනියට එක්කගෙන යන හැමදාම වගේ චමින්ද අය්යා ඔහොම කියල මාව හන්දියේ වාහන හදන සෝමේ මාමගේ කඩේ ගාව තියල, අක්කවත් බයිසිකල් එකේ තියාගෙන වෙල පැත්තට යනවා. බයට කිව්වේ නැති උනත්, මම වැඩිපුරම සද්ද නැතුව හිටියේ සෝමේ මාමගේ කඩේට ගෙනත් දාල තියෙන එක එක ජාතියේ වාහන වලට නැඟල ඉන්න පුළුවන් හින්ද.
ඔහොම ගිහිල්ල දවසක් අක්ක දනිස්ස තුවාල කරගෙන ආපු දවසේ තමයි වැඩේ උනේ... එදා ගෙදර මහා රණ්ඩුවක් වගේ.. මම නම් අම්මගේ ගවුමේ එල්ලිලා ඉන්නකොට මිසි අම්මා මාව අරගෙන මැදමිදුලට ගියා.
අපුච්චා මෙතෙක් කාලෙකට ගෙදර මෙහෙම කෑගහනවා මම අහල නැති හින්ද මම හිතුවෙම අහස ගොරෝනවා කියල. අපුච්චා ඉඳල හිටලා දවසක හොරට පොල් අහුලලා තිබ්බොත් ජේමිස්ට නම් බනිනවා, ආයෙත් ඒ පොල් ටිකම ජේමිස්ටම දෙන්න කියල පිළිකන්නේ ගෝනියක පුරෝලා තියෙනවත් දැකල තියෙනවා.
"කාර් එකක් එහෙමත් තියෙනවා නේ... මම දැක්ක එදා මෙතනින් යනකොට රතුපාට කාර් එක නම්..."
රෝසි අක්ක කිව්වා. ඔව් ඔව්.. බණ්ඩාර අය්යට තියෙනවා තමයි රතුපාට කාර් එකක්. මම හරි ආසයි ඒකට. කිරිපාට එබෙන සිට් තියෙන්නේ. මම කරන්නෙම ඕකේ උඩපනින එකමයි.
"ඔව් ඔව්... කාර් එකක් නෙවෙයි දෙකක්ම තියෙනවා. එයාගෙම කාර්. එහෙ තාත්තට වෙනම කාර්.... කොළඹ ලොකු කොම්පැනියක ලොක්කෙක්.. "
අපේ අක්කා මාව පොඩ්ඩක් එහාට කරනකල් ඉඳල මම වට පිටේ බැලුව.
අක්කගේ කාමරේ හරි ලස්සනයි නොවැ... එක එක ජාතියේ පවුඩර් , කොලොන්... අල්මාරියේ එක පැත්තක් ඇරලා.. දිලිසෙන ගල් අල්ලපු ඇඳුමක්.. අම්මේ.. ඒකෙන් ඉර එලිය වගේ දිස්නේ ගහනවා..
"හා.. හා.... හොඳ දළ ඇතෙක් එහෙනම් ඈ...... පබසරෝ.... උඹ නම් නියමයි..."
ඔක්කොමල්ලා හිනාවෙන්න ගත්ත මගේ කන් බීරි වෙන තරම්.
"ආ.... මේකද උඹගේ දෙවැනි දවසේ සාරිය... ෂා .... මාර ලස්සනයි නේ බං.... බර ගානක් ඇති නේද?"
"ඔව් ඕක තමයි.... කොළඹ ගිහින් තට්ටු හතරක් තියෙන සාප්පුවකින් ගත්තේ. බර ගානක් තමයි. උඹල උඩ යයි ගාන ඇහුවොත්. මේන් මට කලින්ම දීපු මුද්ද... පවුමක් වටිනවා... "
"අම්මේ උඹ නම්..."
"මේ පබසරාට ලේසි කොල්ලෙක් හරියන්නෑ හරී........ හි.. හි... ගානට ලනුව දාල තියෙන්නේ නාහෙ විදලා.. හි.. හි..."
මට සූකිරි නංගිලා සෙල්ලම් කරනවා බලන්න යන්නමයි හිත. අක්කල ඔක්කොම වටවෙලා මේසේ වටේට.
මම සුරුස් ගාල පැන්නා දොරෙන් එළියට. දැන් ඉතින් සූකිරි නංගිලා ඉන්න ඉසව්ව හොයාගන්න ඕනේ... මම මැදමිදුල පහුකරගෙන සාලේ පැත්තට ආව. කුස්සි ගෙදර කැවුම් සුවඳයි ඉන්න බෑ... මම ආසම කොණ්ඩ කැවුම්...
"පොඩ්ඩෝ..... වස්තුවේ...."
ඒ නම් අපේ අම්ම... හුඟ වෙලාවකින් දැක්කේ. මේ දවස් ටිකේම අම්මත් එක්ක හුරතල් වෙන්නත් බැරි උනා. අපුච්චත් වෙනද වගේ හවසට මාව සරමේ ඔන්චිල්ල පැද්දුවෙත් නැහැ..
"ඇයි අම්මේ..."
අම්ම මගේ ළඟට ඇවිත් මාව වඩාගත්ත.
"ආ... මෙයාද.... මම මේ දැක්කමයි පොඩි නංගියේ... කොහෙද ඉතින් අම්ම ඔත්පල උනායින් මට ගෙයින් එලියට බහින්න බැරි උනානේ... කොල්ල ලැබුනත් හරි දැනුයිනේ දැක්කේ..."
මම දැකල නැති සුදුම සුදු, අපේ මල්කාන්ති ටීචර් වගේ එක්කෙනක් අම්ම ගාව ඉඳන් මගේ අත අතගාන්න පටන් ගත්ත. මම පොඩියට හිනාවෙලා අම්මගේ බෙල්ල බදාගත්තා.
"... සීදේවි කොලුපැටිය.... අපේ නිලමේ මල්ලිගේ කපාපු පළුව... පොඩි කාලේ උන්දැත් මේ වගේම මහතයි... අපේ අක්කගේ අතින් බහින්නෑ... අප්පේ මේ සාගරයක් වගේ දේපලක එකම උරුමක්කාරය නොවැ "
"ඌ තාම පොඩි එකා අක්කේ... එව්වා ඉතින් කවද කොහොම වේවිද කවුද දන්නේ? දැම්මේ මගේ එකම කෙල්ල.... ඇස්දෙක වගේ නේ හැදුවේ... ඔහොම දුරකට දෙන්න හිතකවත් තිබුනද?"
අම්මගේ පපුව ගැස්සෙනවා දැනිල මම අම්මගේ මුණ බැලුව. අම්මගේ ඇස්වල කඳුළු.
"අම්මේ... අඬන්න එපා"
මේ නැන්ද කියන එව්වටද කොහෙද අපේ අම්ම අඬන්නේ.. මට තරහ ගියා හොඳටම.
"ආ.. ආ.... පුතා නාඩ ඉන්ට.... අම්ම අඬන්නේ තන්තෝසේට..... "
එතකොටම සූකිරි නංගිලා අනිත් කට්ටියත් එක්ක එතනින් දුවගෙන ගියා. මම දඟලපු හින්ද අම්ම මාව බිමින් තිබ්බ. මමත් එයාල පස්සෙන් දුවගෙන ගියා මිදුලට.
"අනේ.... කොහෙද අනේ ඔයා ගියේ..."
සූකිරි නංගි මාව දැකල දුවගෙන ආව මගේ ළඟට.
"කොහෙන්ද මේ කොස් කොළ තොප්පිය?"
"තොරණ ගාව ඉන්න අය්යලා හදල දුන්නා. කෝ ඔයාගේ කඩුව? ගේන්නකෝ අපි දාමුකෝ යුද්ධයක්.... අනේ...."
සූකිරි නංගි මගේ අතින් අදින්න ගත්ත. මම ආසම නැති වැඩේ, අතින් අදින එක.
ඔන්න එතකොටම මිදුලට ආවේ මම එකම එක දවසක් විතර දැකල තියෙන , ලස්සන නැන්ද කෙනෙක්. එයාගෙත් එක්ක තව කීපදෙනෙක් පස්සෙන් හිටියා. ඒ හැමෝගේ අතේ පෙට්ටි පෙට්ටි වගේ තිබ්බ. හරියට අර අපි දොස්තර සෙල්ලම් කරනකොට ගෙනියන අඬු - මිටි තියෙන පෙට්ටි වගේ. ඒ උනාට මෙයා දොස්තර කෙනෙක් වෙන්න බෑ..
"බබා.... කෝ මිස් පබසරා..."
තුෂ්නිම්බුත වෙලා හිටපු මා ගාවට ඇවිල්ල ඒ නැන්ද එහෙම ඇහුවත් එකපාරටම මට උත්තරයක් ආවේ නැහැ.
"ආ.... එන්න එන්න.... පබා නංගි .. මෙන්න සැලුන් එකේ අක්කලා ඇවිල්ල..... එන්න එන්න.. ඇතුලට.. අරෙහෙ ඉන්නේ"
මේක නම් හොයන්න වටිනා වැඩක්.. මෙහෙම ඇවිදින සැලුන් එකක් දැක්කමයි. ඊළඟ පාර අපිත් දාන්න ඕනේ මේ සැලුන් එක. දුලිප් මාමලාගේ සැලුන් එකට මාව එක්කගෙන ගිහින් කොන්ඩේ කපනකොට වාඩිකරවන උසම උස පුටු නැතුව කොහොමද සැලුන් එකක් කරන්නේ?
මමත් එයාල පස්සෙන්ම ගියා.
ඒ අක්කලා වටවෙලා අපේ අක්කට අන්දනවා මම බලාගෙන හිටියේ පුදුමෙන්... අක්ක හරියට සුරංගනාවියක් වගේ....
අන්තිම කොටස වෙනකොට මොකද උනේ දන්නේ නැත්තේ... මට එතන කවිච්චියේ නින්ද ගිහින් තිබ්බ හින්ද..

**********************************************
හම්බෝ බඩ පිරෙන්නම කියෙව්වා.වැරද්දක් අල්ලගන්න හැමතැනම බැලුවට අකුරුවත් වරද්දල නෑ.මම කැමතිම උපේක්ෂගේ අලුත්ම අලුත් උපමා උපමේයවලට.කථකයා හැටියට පොඩි ළමයෙක් අරං තියෙන එක සාර්ථකයි.කියවගෙන කියවගෙන යද්දි පොඩි හුරුපුරුදු ගතියක් තේරුණා.මතක් උනේම නෑ.පුසිගේ නම නිසා යන්තං මතක් උනා.නිකිතාගේ ළමා කාලය.ඒ කතාවෙයි මේ කතාවෙයි කිසිම සම්බන්ධතාවක් නැතිවුනාට කියවද්දී මට ඒ කතාව මතක් උනා.
ReplyDeleteහැබැයි උපේක්ෂා කතාව මෙතනිං ඉවර නං එක ප්‍රශ්නයක් තියෙනවා.මේ කතාවෙ කූටප්‍රාප්තිය හෙවත් උච්චස්ථානය කොතනද?ඔබ අපිව කුතුහලයෙන් යුතුව අරං ගියේ කොතනටද?මට එහෙම දෙයක් දැනුනෙ නෑ.
තව විස්තර තියේනං කතාව මෙතනින් අවසාන නොවේ නං ප්‍රශ්නය අදාළ වන්නේ නැහැ.
මගෙත් පුරස්නෙ ඕකයි. කතාව ඉවර නැත්තං අවුලක් නෑ. නමුත් ඉවර නං උච්චස්ථානය ගැන පොඩි අවුලක් තියනව.
Deleteහි.. හි.. ස්තුතියි ආසාවෙන් කිය්වෙව්වා නම්..
Deleteකතාව තව තියෙනවා... ඔයාලට කියවන්න කම්මැලි හිතුන්නැද්ද ? මට ලියන්න කම්මැලි හිතිලා පොඩි එකාව නිදි කෙරෙව්වා... ඉන්න ඇහැරවල බලන්නම්... දැන් බෑ කම්මැලියි...
උච්ච තැනක්? හ්ම්ම්... බලමු ඉස්සරහට
මට එතන කවිච්චියේ නින්ද ගිහින් තිබ්බ හින්ද..////
ReplyDeleteඇයි හත්තිලව්වේ කව්ද මූට නිදි බේත් වත් දුන්නද...
මේක ඇවිල්ල කෙලින්ම විජාතික බලවේග වල කුමන්තනයක්...
ඕයේස්...
පොඩ්ඩාව නිදි කෙරෙව්වාට උපේස්සාට විරුද්දව වීදි බසිමු...
ඔව්...
මං නං එනව ගොක්කොල ටික්කුත් ඇන්න
ඩෝන් පටෝන් හින්ද උගේ නින්ද කැඩුන අනේ... ඉතින් තව දොය්ය ගත්තාවේ
Deleteඅනිත් එක පොඩි කොල්ලෙක්ට , ලොකු අය මේකප් කරන එක බොරින් හින්ද, මම ඌ නිදිකෙරෙව්වා.. ඔයාලටත් කම්මැලි ඇති කියල හිතුන..
හයියූ අපසාදේ හොඳම වෙලාවේ දොයි හිහින්
ReplyDeleteහි.. හි... ආයෙත් ඇහැරුනාම බලන්න එන්න
Deleteලස්සනයි උපේක්ෂා, ඔබ කියවන අයව ලස්සනට කතාවට අලව ගන්නවා ඔබේ බස හැසිරවීම තුලින්, ඒ වගේම කතාරසයත් එක්ක පාටකයට පොඩි හින්ට් එකක් දීල තියෙනවා කතාවේ කුහුල හින්ට් එක දිගේ අරගෙන යන්න. "ගොක් කොළ" කතාව මද ලස්සනට අහ්යිලයිට් වෙනවා, ඔබ කතාවත් එක්ක සංකල්ප රූප මවා පානවා උපේක්ෂා, සංකල්ප රුප කියන්නේ පාටකයාගේ පසිඳුරන් හරහා ඔහුගේ මනසට පිවිස, ඔහු තුල භාව ප්‍රභෝදයක් ඇති කරන්නට සමත් වාග් චිත්‍ර සංකල්ප රුප කියලා කියන්න පුළුවන්, ඉතින් ඔබ අපිව කතා තුල ජීවත් කරවනවා, එත් මේ කතාව සිදිදියෙන් සිදියට පැනගෙන යන්නේ කුඩා ළමයෙක් අත්විඳින සිද්දීත් එක්ක, ඉතින් ළමයාගේ මනස කතාව තුල ගොඩ නගන කුහුල බරසාර කුහුලක් නම් මේ කතාවේ නැහැ, එත් ඔබ සාර්ථකයි, මන්ද ඔබේ කතා නායකයා පොඩි ළමයෙක් තාමත් අම්මගේ සාරි පොටේ හැන්ගෙන, ඒ වගේම තාත්තගේ සරමේ ඔන්චිලි පදින, ඉතින් තව මොන බරසාරද, ඒවගේම ඔබගේ උපමා උපමේය බවිතයත් ඔබටම අනන්‍යයයි,
ReplyDelete//බතී අක්ක එතන තිබ්බ වැටකොළු පාත්තියේ කණුව ගලවන්න වගේ ඒකෙ එතෙන්න ගත්ත.//
//බති අක්කගේ මුණ ඒ පාර තාර පාරේ තියෙන ලයිට් කණුව වගේ එලිය වැටුන.//
සුන්දර යෙදුම්, පට්ටටේම රහයි, ඔබේ කතා කියවද්දී මට මතක් වෙන්නේ අපේ මියුරු අක්කගේ කතා, මියුරු අක්කගේ කතා විලාසය වගේමයි ඔබෙත්. ජය වේවා.
පොඩි එකාව කතාව අවසානයේ නිදි කරවීම තුලින් නම් ඔබේ කම්මැලි කමයි මතු වන්නේ, මොකද කතාව ඉක්මනට ඉවර කරගන්න ඕන නිසාත් ටයිප් කරන්න තියෙන පට්ටම කම්මැලි කම නිසාත් ඔබ පොඩ්ඩව දොයි කරවලා කතාව ඉවරයක් කරලා දැම්ම නේද, හරියට බලුම පුම්බලා පුම්බලා අන්තිමේදී පිපිරෙව්වා වගේ වැඩක්, :D, (එහෙම නේද?)
Deleteසොමියා... උඹත් එක්ක බෑ.... උඹ මාව හරිම නිලයෙන් අල්ලලා බිම දැම්ම බොලේ.. ඔව්.. පොඩි එකා නිදිකෙරෙව්වේ මට තිබ්බ කම්මලිකමටමයි. හිටහන් මම ඌ ඇහැරවන්නම්... දැන් බෑ කම්මැලියි...
Deleteඉවර නෑ මං හිතේ..
ReplyDeleteඊලග කොටසත් ලියමු එහෙනං..
ජ ය වේ වා !!!!
කම්මැලි හිතුන... ඔයාලටත් කම්මැලි ඇති කියල හිතල ඌ නිදි කෙරෙව්වා
Deleteනියමයි බං..නියමයි!!! එක පාරටම කොල්ලට නින්ද ගිහිල්ල කතාව හුටස් ගල නැවතිච්චි එකෙත් තියනව පොඩි අමුතු ගතියක්.......හෙහ්,හෙහ්,
ReplyDeleteහි.. හි..
Deleteස්තුතියි කියෙව්වනම්, රසවින්දා නම්... ඒකනේ රවියෝ... මුන්ට පොඩි එකෙක් නිදාගත්තමත් ඉවසිල්ලක් නෑ
නියමයි , මටත් හිතුනේ අර පොඩ්ඩව නිදී කෙරෙව්වේ මොකද කියලා, හැබැයි කලබල කතාවක් කියන නමත් ගැලපෙනවා, හැමතැනක කබල ගතියක් දැනුනා , මට හිතෙන්නේ උපේක්ෂාතමයි හොඳම කෙටිකතා කාරිය , නියමයි .
ReplyDeleteඅනේ මන්ද ඉවාන්, ඔහේ ලිව්වා මිසක් නමක් හිතුවේ නැහැ... බැරිම තැන ඕනේ එකක් කියල ඔය නම දැම්ම.
Deleteඅපෝ කෙටිකතා වලට ඔයාගේ දක්ෂතාවය වසන් කරන්න බැරි ආලෝකයක් වගේ. බස්සි, රවියා, සොමියා , මහේෂ් එහෙම ලියන කතා මේ වගේ යාන් හෑලි නෙවෙයි. රසවින්දා නම්, ඒ මට ඇති... ස්තුතියි
මේක පට්ටයි බොලේ. උපේක්ෂගෙ කලබල ලියැවිල්ලට කියාපු චරිතෙ මේ පොඩ්ඩා. අනේ එයැයිව ඇහැරවලා තව කොටසක් ලියන්නකෝ.
ReplyDeleteහි හි.... ඒකනේ බස්සි... මේ කොල්ල මගේම ජාතියේ එකෙක්...
Deleteඔන්නොහෙ ටිකක් නිදාගත්තාවේ.. මට කම්මැලියි ඌ ආයෙත් මගුල් ගෙදර දෙවනත් කරන්න ගත්තොත්?
කලබල ගතිය අඩුකරගනී කියලා බලන් හිටිය මට කලබල කථාවක්ම කියවන්න දුන්නාට පිං, හැබැයි කථාවෙනම් අග්‍ර රසය මිස කලබලයක් නම් දැක්කේ නැත කියා තමයි කියන්න තියෙන්නේ..පොඩ්ඩාගේ මනස දුවන ආකාරය කලබලයක්ද නැත්නම් පොඩ්ඩාට මගුලට සැරසෙන ගෙදර කලබලයක් ලෙස පෙනෙන නියාවද මාතෘකාවට මූලය වෙන්න ඇත්තේ කියන එක උපෙක්ශාම දනී.
ReplyDeleteඑක හුස්මට කියවපු උපේක්ෂාගේ පලමුවෙනි පොස්ට් එක (කෙටිකථාව ) මේකයි මම.
උපමා උපමේය යොදද්දී, තව ටිකක් සංවේදී උනානම්, ඒ කියන්නේ මොන්ටිසොරි යන පොඩ්ඩා වැටකොලු වලට කියන හුරුතල් නමක් හොයාගෙන ඒක ආදේශ කලානම් වගේ දේවල් මේ කථාව තවත් ලස්සන කරන්න තිබුනා මොකෝ නුවර ආච්චිට එහෙම දේවල් කරන්න පුලුවන් කියලා දන්න නිසායි එහෙම කිව්වේ..
පොඩි දරුවන්ගේ ඔළු ඇතුලේ හරිම වේගෙන් සිතුවිලි ගලාගෙන ඇවිත් ඒවා ප්‍රකාශ වෙනවා. ඒක තමයි උන්ට එක විදියකට ඉන්න හැටියක් නැත්තේ. මගුල් ගෙදරක් වගේ කලබල තැනක, කොහොමත් කලබල පොඩි එකෙක්ට දැනෙන හැඟීම තමයි මට මේ කතාවට මුල් උනේ.
Deleteමමත් ඔහොම හිතල තමයි සමහර මිනිස්සුන්ට, සත්තුන්ට, චොක්ලට් එකට එහෙම නම් දැම්මේ. වැටකොළු වලට හුරතල් නමක් ආවේම නැහැ නේ අප්පා. දන්නවද? එක්කෝ වැටකොළු කියන්නේ හුරතල් එකක් නෙවෙයි වෙන්න ඇති :-D හි.. හි... තව වැරදි/අඩුපාඩු එමට ඇති, දැක්කොත් කියන්න හරිද?
ස්තුතියි රසවින්දා නම්..
අඩුපාඩුවක් පෙන්නුවා නෙමෙයි, තනියම රසවින්දා සහ ඒ රසය මට වැඩිකරගන්න පුලුවන් කොහොමද කියලා හිතපුදේ ලිය උනේ..හරියට අපි අර උයන ගමන් ලුනු ඇතිද කියලා බලන්නේ..ඒ වගේ...
Deleteහා හා කම්මැලි නැතිව ඉතිරි ටිකත් ලියහන්........!!!
ReplyDeleteඇයි යකෝ මෙච්චර ලියල තියෙනවා... ඒ ගැන කියන්නේ නෑ... තව ලියන්නලු... හැප් කිව්වේ!
Deleteඒම තමා,
Deleteකෙනෙකුට තම ළමා කාලයේ සිදුවීම් , පසු කාලයකදී රසවත් ව විස්තර කල හැක. එය ආශ්වාදජනකය. සිංහල blog කලාපයේ එවැනි blog කතා සෑහෙන්න ඇත. නමුත් ළමා කාලයේ චරිතයට රිංගා, ඒ චරිතය තුලින් මෙම කතාව පැවසීම අසීරුය. මෙහි අපුර්වත්වය එම කාර්යයට ප්ර විෂ්ට වී තිබීමයි.
ReplyDeleteඒ සඳහා ළමයෙකුගේ සිතිවිලි හැසිරීම් ගැන හොඳ අවභෝදයක් සංවේදීතාවයක් තිබිය යුතුය. , ළමයාගේ වයසට ගැලපෙන භාෂාවක් කතා ශයිලියක් තිබිය යුතුය. එම සිධියට ගැලපෙන ගලාගෙන යාමක් ,රිද්මයක් තිබිය යුතුය. ඒ අතින් මෙය සාර්ථක “ කතාන්දරයකි”. කුතුහලය ගොඩ නැවීම , අවසානය ගැන බොහෝ දෙනෙක් විමසා ඇත. . කුතුහලයක් ඇත්තේ ළමයින්ටය. ඒ කුතුහලය හොදින් නිරුපනය වී ඇත . අවසානයක් අවශ්ය නැත. ළමයින්ගේ කතාවල හැසිරීම් වල , ගලාගෙන යාමක් මිස, අවසානයක් කොයින් ද ?
මේ ගැන තවත් අදහස් ප්රැකාශ කිරීමට නම්, මෙය සාහිත්ය් කෘතියක්, නිර්මාණයක් ,කෙටි කතාවක් ලෙස සලකා , ඒ පිළිබද යම් දර්ශකයන් අනුසාරයෙන් සලකා බැලිය යුතු වේ. එහෙත් blog කරුවකු ලියන්නේ තමන් කැමති ,තමන්ට ආශ්වාදජනක දෙයයි. එයට යම් ප්රමිතීන් සීමාවන් ,සාහිත්යස විචාරයන් බල පාන්නේ නැතැයි ද මතයක් ද පවතී. කෙසේ වෙතත්, නිර්මානයක , කෙටි කතාවක කෝණයෙන් බලන්නේ නම්,
- පැහැදිලි මුක්ය තේමාවක් නිරුපනය නොවේ.
- ළමයා නිරත වන අ මුහුණ දෙන සිදුවීම් ක්රිොයාකාරකම් වල සම්බන්දයක් නොමැත.
- අනෙකුත් චරිත බොහෝය. තේමාවකට සම්බන්දයක් පෙනෙන්නේ නැත .
- මගුල් දවස වනතුරුම, ළමයා ඒ ගැන කිසිවක් ම නොදන්නා සේ හැසිරීම ......?.
(පේරාදෙණිය විශ්ව විද්යා ලයේ සිංහල අංශයේ ආචාර්යවරියක වන) ,පියසීලි ......? නම් ලේඛිකාවක්, විශ්ව විද්යා්ලයේ හොස්ටල් එකක , ශිෂ්යාවවක් ,කිහිපදෙනක් වටා ගෙතු කතාවක් සිහිපත් විය. එම ශිෂ්යාරවන්ගේ හැසිරීම, කතාව ,කතා රිද්මය , එම චරිතවලට බැස, මැනවින් ගොතා තිබිණි. කෙටි කතා පොතක ( නම ...?) එක කතාවකි, මතක විදියට කතාවේ නම “ පොර එනතුරු” ය.
ගොඩක් ස්තුතියි මේ අදහසට...
Deleteමට ඕනේ කලේ කලබල පරිසරයක් ( දානයක්, මල ගෙදරක්, මගුල් ගෙදරක්) වගේ තැනකදී පොඩි එකෙක්ට දැනෙන කුතුහලය, උනන්දුව සහ උන්ගේ හිතේ මැවෙන චිත්‍රය ලොකු කතාවක් නොකියා එක ස්නැප්ශෝට් එකකින් පෙන්නන්න. ඒ කියන්නේ ලොකු කතාවක් කියන්න වගේ දෙයක් නෙවෙයි. අපි හිතනවට වඩා ඇත්තටම ලොජිකල් විදියට පොඩි උන් හිතන්නේ.
මම මේකට පෙරවදනක් ලියන්නම්. මොකද මට හිතෙන්නේ ඒක අවශ්‍යයි.
ඔබේ විවේචනය සතුටින් බාරගනිමි. ස්තුතියි. මම ඉගෙනගන්නවා.
අවසන් කරුණු දෙක ගැන පමණක් කියන්නම්.
අනෙකුත් චරිත බොහෝ වීම - මගුල් ගෙදරක්. ගොඩ දෙනෙක් ඉන්න, යන එන තැනක්. අනිත් එක සමහර ඒ හා සමාන සිද්ධි වලට පොඩි එකාට හිතට එන චරිත වල අග-මුල කීම වැල්වටාරමක් වෙන්න තිබ්බ. ඒ වගේම පොඩි එකෙක් එහෙම හිතන්නේ නැහැ. උන් එකපාරටම 'අර එක දවසක් අර බුක් කියල පැන්න බල්ලා ඉන්නේ...' කියල යම් යම් සිද්ධි කියනවා නේද? ඒ එයාලගේ පරිකල්පන ලෝකේ ඉන්න ය මිසක්, අපිට එකපාරට මතක් වෙන්නේ නැහැ. මම මේ ගැන හිතනවා තව...
පොඩි එකා නොදැන සිටිල්ල - මගුල් ගෙදරක සියලු කටයුතු කුඩා දරුවන්ගේ වපසරියට ( මෙවන් අර්ධ ගැමි පරිසරයක) ලැබෙන්නට ඇති ඉඩකඩ අඩුයි. ඒ හින්ද මංගල්ලෙට කලින් පිරිත වෙනකල් ඌ සුපුරුදු පරිදි මොන්ටිසෝරි යනවා වෙන්න පුළුවන්. මම ඒ හැම දෙයක්ම ලිව්වොත්, මේක මෙගා කෙටි කතාවක් වෙයි නේද? කියවන්නාට හිසරදයක්. මොකද පොඩි එකෙක් හැම කාරණේකම මුල් බීජය දන්නේ අඩුවන්..
මම මේ කරුණු දෙක ගැන කිව්වේ, සාධාරණිකරණය කරන්න නෙවෙයි. මගේ ඔලුවේ තිබ්බ කාරණාවල් ටික ලියන්න ඕනේ හින්ද. එත් මේක කියවන්නේ වෙන කෙනෙක් ( ඔය හැමෝම) . එයාලගේ අදහස්, පරිකල්පන සහ රසවින්දනය තමයි මම හිතන්න ඕනේ. ඔයාලට දැනෙන හැඟීම් මට වටිනවා.
ගොඩක් ස්තුතියි. මම තවමත් ඉගෙනගනිමින් පවතිනවා.