එකෝමත් එක දවසක
මහා වැහි බීරුමක් අවසන
කිසිම වංගුවක් නැති
පාරක් හොයාගෙන...
එකපාරටම හෙලකට
ආසාවෙන්ම වැටිලා - හතිලමින්
ගේ දොරකඩට ආවිට..
ලපටි අත්දෙක මගේ
ගෙල වටේ එතුණුවිට
ඇත්තමයි....
මගේ දුවේ...
සමාවෙයන්
කියවුණා නොදැනීම !
නිමිත්ත : සින්ඩරෙල්ලාගේ සපත්තුව - වංගු
කාලයේ කුණාටුව හමනකොට හරි තදින්
ReplyDeleteඅම්මත් කියනවනේ හිත පෑරෙනා වදන්
ණය බර ඇතේ දැන් වහලයටත් උඩින්
එකම සැනසුම දුවේ නුඹමයි ඉතින්
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා ... පුතුන් රජුන් කරන්ටා ...
Deleteසොමියා> මම කැමතියි ඔයා තව ටිකක් මේ කවිය ගැන හිතල යමක් ලියනවා නම්...
Deleteමන් තවත් මොනා ලියන්නද ඔබ සියල්ලම අමිලට කියලා නේද? ඉතින් මටත් කියන්න තියෙන්නේ එයම තමයි, අගහිග කම් එනකොට දෙන්න දෙමහල්ලෝ විරසක වෙලා වෙන වෙන පාරවල් වල යන්න හදන කොට දේ ගොල්ලනවා හරි පාරේ යවන්නේ ළමයි, ළමයින්ට තියෙන සෙනෙහස, ඕනා තරම් රන්නු වලදී කාන්තා පාර්ශවය කියන දෙයක් තමයි මේ පැටව නැත්තන් මන් හිස හැරුණු අතේ ගිහින් කියලා, එහෙම නොවේද, ඉතින් විවාහ බැඳීම තවත් ගැට ගහලා තියනවා ළමයි. සිදුහත් කුමාරයා සසර කලකිරිලා යසොදරාවත් දාල යන්න හිත හදා ගත්තම පුතා උපන්න කියලා අහපු මොහොතේ කිව්වේ මොකක්ද? "රාහුලෝ ජාතෝ බන්දනං ජාතන්" ඉතින් තවත් මොන කතාද, දෙන්න දෙමහල්ලෝ වංගු නැති පාරවල් වල යන්න හදන කොට ලනයින්ට තියෙන සෙනෙහස සමහර වංගු කෙලින් කරන්නේ නැද්ද, සමහර විට මිනිහට ගෑනිත් එක්ක වසන්න හිතෙන්නේ නෑ, ගෑනිට මිනිහත් එක්ක වසන්න හිතෙන්නේ නෑ, එත ළමයි හින්දා කාගෙන ඉන්නවා, එහෙම නේද?
Delete//එකපාරටම හෙලකට
ආසාවෙන්ම වැටිලා - හතිලමින්
ගේ දොරකඩට ආවිට..//
ඉතින් එහෙම කාගෙන ඉන්නකොට ඔය මුකුත් නොදන්නා ලපටියෝ හිතට සහනයක් ගෙනෙන්නේ නැද්ද. තමන් කල වැරදි වලට ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න හිතෙන්නේ නැද්ද?
ස්තුතියි.... මම ඉල්ලුවේ පොඩි වතුර බින්දුවක්... ඔබ වැස්සක් වැස්සුව .. හි හි..
Deleteවංගු නැති පාරක්?
ReplyDeleteවෙන්න බෑ....
ජ ය වේ වා !!!
වංගු නැති පාරක් හොයාගෙන ගියා මිසක්
Deleteඅම්මගෙ පින්තුරෙත් ඇන්දෙ උපේක්ෂා වෙන්න ඇති නේද.ලස්සනයි.
ReplyDeleteනෑ හැලපේ ... මම ඇන්දා කියල පචයක් කියන්නත් ආසයි.. ඒත් මම පින්සල් වැඩ වැඩිය දන්නේ නැහැ... තිබ්බ කුහක කමට හොරෙන් ගත්තේ කොහෙන්ද කියල දැම්මෙත් නැහැ.. (කම්මැලියා)
Deleteපින්තූරෙයි පද පෙළයි නියමෙට කැපෙනවා...
ReplyDeleteලස්සන නිර්මානයක්..
ජය වේ...
ස්තුතියි
Deleteදරුවෙක් කියන්නෙ ලක්ෂණ බැඳීමක්..විවාහ ජීවිත වලට අමුතු ආලෝකයක් එන්නෙ දරුවන් එකතු වුනාට පස්සෙලු..
ReplyDeleteඒ ලස්සන උනත් සමහර වෙලාවල් වල විවාහ ගල් බොරළු පාරක් කරනවා... ඒ තමයි යථාර්තය..!
Deleteඒ වගේම සමහර වංගු නොගෙන ඉන්න දෙමාල්ලෝම පොළඹවන්නෙත් ඒ ලපටි අත් තමයි...
ලස්සනයි උපේක්ෂා....
ReplyDeleteනිකං හිතට දැනුන වරද කාරී හැගීමක් ගලැනද මේ අකුරු කලේ
මම හිතන්නේ නැහැ පටාචාරාවගේ හිතේ දුක ගැන කවි ලිව්වේ ඇයමයි කියල, යශෝධරාවගේ වැලපුම් ලිව්වෙත් ඇයමැයි කියල...?
Deleteලස්සනයි පද පෙළ...
ReplyDeleteස්තුතියි....
Deleteචිත්‍රය බටහිරට නෑකම් කියුව ද, නිර්මාණයෙන් නිරුපනය වන්නේ ගතානුගතික සිංහල කුල කාන්තාවකගේ සමාජ චින්තනයයි.
ReplyDeleteඔව්.. ඇත්ත ගතානුගතික ගැහැණියෙක් පින්තුරේට දාල, ඕනෙවට වඩා ඉස්මතු කරන්න මට ඕනේ කලේ නැහැ.
Deleteස්තුතියි කොමෙන්ටුවට. මගේ බ්ලොග් එකේ ඔබේ පලවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ..
වංගු නැති පාරක් කොහොමද ලස්සන වෙන්නේ ? මොකටද වංගු නැති පාරවල්.. දහාට වංගුව කොච්චර ලස්සනද ?
ReplyDeleteවංගු පාරක වගේම කෙලින් පාරක උනත් කිසිම ලස්සනක් නැහැ එකදිගට යද්දී... කෙලින් පාරක ගියාම තමයි වංගු පාරේ නොපෙනෙන සුන්දර බව විඳින්න පුලුවන්. ඒ වගේමයි වංගු පාරේ යනකොට තමයි කෙලින් පාරේ නැති රස මුසු තැන් විඳින්න පුළුවන්... එහෙම නෙවෙයිද?
Deleteලස්සනයි පද ටික!
ReplyDeleteස්තුතියි
Deleteඅදහස නම් නියමයි..
ReplyDeleteස්තුතියි
Delete