නෑයෝ බලන්න යනකොට කදමලු බැඳන් යනවට කියන්නේ 'නෑගම් යනවා' කියලා නම්, මිත්‍රයෝ.. ඒ කියන්නේ යාලුවෝ බලන්න කදමලු බැඳගෙන යනවට කියන්නේ 'යාළුගම් යනවා' වෙන්න ඕනේ!
[හෙහ්.. කොහොමද පටන්ගැන්ම? කාලතුවක්කුවකට බීමබටයක් ගැහුවා වගේ නේ? අන්න එහෙමයි අපි කතාවට ප්‍රවිෂ්ට වෙලා, උත්කෘෂ්ට වෙන්නේ...]
කැම්පස් යනකොට හිටපු නානාප්‍රකාර බෝඩිම් අතරින්, අපේ අක්කත් එක්ක හිටපු බෝඩිම කියන්නේ එකම පිස්සු මඩුවක්. මම ඒ බෝඩිමේ ඉන්නකොට
120 බස් එකේ ගියපු කතාවත්,
ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණය කරපු හැටිත් කියල තියෙනවනේ.
අද කියන්න යන්නේ ඒ ජාතියෙන් නොවෙන, ඒත් ඒ ජාතියේම කතාවක්.
මේ බෝඩිමට අපි දෙන්නා සැපත් වෙනකොට මේ බෝඩිමේ නිල නොලත් 'ලොකු අක්කා' වෙලා හිටියේ චීස් බෝලයක් වගේ පාටක් තිබ්බ, සුදුම සුදු, ඒ වගේම ලස්සන, ඒ වගේම අඩුවක් නැතුව පිස්සුව තිබ්බත් බෝඩිමේ ආන්ටිගේ හිත දිනාගෙන හිටපු 'චචා' අක්කා තමයි.
චචා අක්කා කියල අපි එයාට කිව්වේ, උගේ නම රසිකා උනත්... එයාගෙත් එක්ක රූම් එකේ හිටපු එයාගේ බාලම නංගි , රසිකා අක්කාට එයාගේ පොඩි කාලේ ඉඳන් රසිකා නම කියාගන්න බැරුව, 'චචා' අක්කා කියල කතාකිරිල්ලත්, අන්තිමට අපි බෝඩිමේ කට්ටියත් රසිකා කියා ප්‍රසිද්ධියේත්, 'චචා ' කියා ප්‍රසිද්ධියේත් ඇමතීමට පටන් ගත්ත එකෙනුයි.
චචා අක්කා, පෙනුමෙන් අයස්කාන්ත , රූමත් කෙල්ලෙක් උනාට, ඇත්තම කිව්වොත් නට් එකේ මලකඩ එක. එයා රස්සාවක් කරනකොට, එයාගේ බාලම නංගි , උසස්පෙළ නිමකරලා, චාර්ටඩ් කරමින් තමයි බෝඩිමේ හිටියේ. එයා වගේ නෙවෙයි නංගි , සැරයි .. අම්මේ ඒ උනාට ඉටිරුපයක් වගේ ලස්සන!!!
රස්සාවක් කරන චචා අක්කා, අපිත් එක්කම උයාගෙන තමයි කෑවේ . හෙක්.. අපි කියන්නේ මමයි, අපේ අක්කයි... උයනවාට වඩා ගෙන කොත්තුවක් ගිලල, තලගොයි දෙන්නා වගේ බුදියාගන්න එක. චචා අක්කා, මහන්සි වෙලා උයන කෑම විසිකරන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ උනාට, එයාගේ කෑම කන්න ඉඳගන්න එයාගේ නංගිගේ හයි වොලියුම් කොමෙන්ට්ස් වලින්, උයන කෑමවල රස ගුණ ගැන ඉතාම හොඳ පින්තුරයක් හදාගන්න, වැඩිය වෙහෙසෙන්න ඕනේ නැහැ.
"චචා අක්කා.... මේ මොනාද මේ හදල තියෙන්නේ?"
"ඔය තියෙන්නේ අල හොදි.."
"මේක කන්න පුලුවන්ද බලන්න... ඈක්‌කා.. මට එපා"
"කන්න බැරිනම් නිකන් ඉන්න..."
"ඊයා මට එපා... ඔයාම කන එකයි ඇත්තේ..."
එක දවසක ඔහොම දෙබස් ඒ කාමරයෙන් එළියට ඇහෙනවා.
"අනේ... අදත් බණ්ඩක්කාද?"
"ඇයි.."
"ඇයි අහන්නේ...... ඊයෙත් බණ්ඩක්කා..."
"ආ... ඒ හොදි නේ...අද මේ හොදි නෙවෙයි නේ "
"හැමදාම බණ්ඩක්කා කන්න පුලුවන්ද... මට එපා"
තවත් දවසක ඔහොම කෙලවෙර වෙන දෙබස් අලුත් දෙයක් නෙවෙයි.
කොහොම දෙබස් කෙලවර උනත්, ඉවර උනාට පස්සේ ප්‍රථිපලේ එකයි. ඒ තමයි, චචා අක්කාට තමන් උයන කෑම , තමන්ටම කන්න වෙන එක...!
මේ දවස් වෙනකොට, බඳින්න ආසන්නව හිටපු අපේ චචා අක්කාට මේ කෑම සිද්ධිය හින්ද නංගිගෙන් විතරක් නෙවෙයි, බඳින්න හිටපු අය්යාගෙනුත් මරණ තර්ජන එල්ල වෙලා තිබ්බ. ඒ, නංගිටත් එක්ක උයල, අන්තිමට ඔක්කොම කෑම ටික අහක යන හින්ද ඔක්කොම කාල තරබාරු වෙලා කියල වෙන්ට මහත්තයා තර්ජනේ කරලා තිබ්බා. හි.. හි... අනේ තරබාරු කියල එහෙම තරබාරුවක් නැහැ... චචා අක්කා හැඩකාරියක්. වෙන්ට මහත්තයා කොළඹ හතේ කෙනෙක්.. එයාල ඉතින් ස්ලිම් ෆිගර් එක ගැන වදවෙන කෙනෙක්... නැතුව, ඇත්තටම තරබාරු හින්ද නෙවෙයි...
තව ඔය චචා අක්ක ගැන කියන්න ගියොත් මේ කතාව කියන්න වෙන්නේ නැහැ.... වෙන දවසක ඉතුරු ටික කියන්නම්. හිනා වෙලා පන යනවා ඔය චචාගේ වැඩ ඇහුවොත් නම්.
ඔහොම ඉඳල ඉඳල, චචා අක්කා කසාද බැන්දා... අම්මේ... වෙඩිම තිබ්බ තරු පහේ හෝටලේක, ගජරාමෙට.... අපි ඉතින් කැම්පස් යන කාලේ හින්ද මේ වගේ වෙඩිමකට යනවා කියන්නේ ඉබ්බා දියට දානවා වගේ. අපිත් ඉතින් ගජරාමෙට සැලුන් වලට ගිහින්, ඇවිත් ඉන්නේ අපිද කියල හොයාගන්න බැරි තරමේ කොන්ඩ මෝස්‌තර දාල ගිහින්, ඩාන්සින් ෆ්ලෝ එක 'රොක්' කරා.... නියම දවසක්!
වෙඩිමෙන් පස්සේ ගෙදරට වෙනම විසිට් පාරක් දාන්න හිතන් හිටපු අක්කයි මමයි තෑගී ගෙනිච්චේ නෑ. ඒ අය්යාට අපි කිව්වේ 'ඇන්ටන්' කියල. ඇත්ත නම නම් වෙන එකක්. ඇන්ටන් අය්යාගේ ගෙදර තිබ්බේ රෝයල් එක ඉස්සරහ උනත් දෙන්නා කසාද බැඳලා වෙන ඉන්න ඕනේ කියල හිතල ඔය විජේරාම පැත්තෙන් ගෙයක් රෙන්ට් කළා කිව්වා. ඔන්න අපි 4 දෙනෙක් චචාගේ ගෙදර විසිට් පාරක් යන්නයි දැන් කල්පනාව.
මමයි -අපේ අක්කයි.... දෙන්නයි... බෝඩිමේ ඉන්න තවත් ඒ වගේම අක්කකුයි, නංගියෙකුයි... හතර දෙනා... දැන් යන්න බඩු එකතු කරනවා. අන්කොමන් දේවල් වලට කැමති ඇන්ටන් අය්යා හින්ද අපි එක එක එක්සිබිෂන් ගානේ බඩ ගගා 'අන්කොමන්' දේවල් හෙව්වා ගෙනියන්න. අන්තිමට හෑන්ඩ් මේඩ් පින්තුර වගයක් ලැබුනා කොහු, ඇටජාති වලින් කරපු. පින්තුර විදුරු දාල ෆ්‍රේම් කරලා තිබ්බේ. ඔය පින්තුර දෙක අලි ගානක් දීල අරගෙන අපේ කාමරේ පරිස්සමට ඔතල තිබ්බ දුවිලිවත් වදින්නේ නැතිවෙන්න.
ප්ලෑන් කරපු දවස උදා උනා. එදා සතියේ දවසක්... ඇන්ටන් අය්යා ගෙදර නැති හින්ද, ඕනේ පිස්සුවක් නටල එන්නත් එක්ක කියල අපි යන්න සැරසිලා, මම පින්තුර ඔතල තිබ්බ කොලෙයි, බෙඩ්ෂිට් එකයි අයින් කරනකොට මගේ ඇස් වලින් තාරකා පන්තියක්ම පැන්න !!
නිර්මාණය කරලා තිබ්බේ කොත්තමල්ලි ඇට , සූදුරු , මහදුරු වගේ එක එක ඇටජාති වලින්.... ඔක්කොටම කුඹි වහල!! සමහර ඇට, කුඹි අපි බලාගෙන ඉන්නකොටම උස්සගෙන යනවා!!!

හත්වලාමයි!! දැන් මොකද කොරන්නේ???
අපේ අක්කා සුපුරුදු විදියට පෙට්‍රෝල් ගහපු පුසා වගේ දුවන්න ගත්ත. මම කල්පනා කරලා කරලා අන්තිමට අපේ බැචෙක්ට කෝල් කරලා, පින්සෙන්ඩු වෙලා බෝඩිම ගාවට ගෙන්න ගත්ත.
"අනේ... මේ පින්තුර දෙකේ ෆ්‍රේම් එකෙන් ගලෝල, සුද්ද කරලා.. ආයෙමත් ෆ්‍රේම් දෙකක් ගහල දෙන්නකෝ..."
මගේ කන්කෙන්දිරියට වැඩිය සවන් නොදෙන මේ බැචා ෂුවර් එකට, අනිත් කෙල්ලෝ දෙන්න කරපු ඉල්ලීම අහක දාන්න බැරුව, විගහින් දුවල වැඩේ කරලා දෙන්නම් කියල ටවුමට අතුරුදහන් උනා. හුහ්.. මම නොදන්නවාද ඒ බැචාගේ වග!
මේ අතරේ, චචා අක්කා කියන්නේ පලතුරු ලෝලියෙක් හින්ද, බැචා අර වැඩේ කරගෙන එනකල් අපි 4 දෙනා නුගේගොඩ පොලේ ගොහිං පලතුරු ටිකක් ගන්න තමයි කල්පනා කොලේ. ඒ අතරෙත් අපේ අක්කා හිටපු ගමන් ආවේස වෙලා වගේ අර පින්තුර දෙක ගැන ටිකක් විතර කියෙව්වා. මගේ බැචා මොන නවනින්ගිරාවක් මට කරයිද කියල මගේ පපුව දඩි බිඩි ගගා ගැහුනත්, මම පෙන්නුවේ නෑ...
දැන් අපි ගෙනියන්න කියල කෙසෙල් ඇවරියක් , කොමඩු ගෙඩියක්, අඹ, නාරං .. ඔය හැම ජාතියෙන්ම ගත්තේ ඇන්ටන් අය්යාට අපේ 'තත්වය' පාත දාන්න බැරි හින්දමයි. හුහ්.. ඇයි අපි කොළඹ හතේ නෙවෙයිද හා.....?
ඔන්න ඔහොම පැයක් දෙකක් විතර අපි මහා අවුකුටකේ නුගේගොඩ බඩු මලුත් කර තියාගෙන ඉන්නවා.... කෝ අපේ බැචා.... මූ මාව නින්දාවට පත්කරයි කියල මම දෙමොලෙන් පිටි කොට කොට උන්නේ..... ඔන්න අර මිරිඟුව අතරින් ඈතින් පෙනුන මිනිහ බෑග් එකක් අරගෙන තුම්මුන්නෙන් දාඩිය දාගෙන දුවගෙන එනවා. යන්තම් ඇඟට ලේ ඉනුවා.... ( නුගේගොඩ තියෙන අව්ව සැරට , දවල්ට මිරිඟුව පේනවා... දැකල නැද්ද?
දුවගෙන එන මගේ බැචා දැකල ඇතිවුන චිත්ත ප්‍රීතිය කොතරම්ද කියනවා නම්, අපේ අක්ක ඉන්න හිටින්න තැන අමතක වෙලා , අතේ තිබ්බ මල්ල අතෑරලා ඌ ගාවට දිව්වනේ!!! අක්කගේ අතට දීල තිබ්බේ කොමඩු ගෙඩිය.... 'දොහ්' කියන සද්දෙන් මල්ලත් එක්කම බිමට පතබෑවුනා !
මල්ල අහුලගත්ත අනිත් දෙන්නගෙන් එකෙක්ගේ මුණ සවුත්තු උනා... යසට පැහිල තිබ්බ කොමඩු ගෙඩිය හරියටම දෙකට මැද්දෙන් පැලිලා!!
ඔන්න අක්කා දුවන් ආවා...
"අය්යෝ.... මාර වැඩේ නේ.... දැන් මොකද කරන්නේ..."
ඕනෙම මේ වගේ වැදගත් වැඩක් කරල, අපේ අක්ක කවදත් අහන ප්‍රශ්නේ... ඒ විදියටම ඇහුව... දැන් මට මගේ මල් පොකුර අතේ!!
"මොකද කරන්නේ කියල අහන්නේ.... විසි කරනවා මිසක්... තමුසෙට නම් පුදුම ගායක් තියෙන්නේ.. බලනවා හලෝ...."
කැම්පස් යන උන් විදියට තව සල්ලි තිබ්බෙත් නැහැ... දැන් ඉතින් මක් කරන්නද? මේ කාලගෝට්ටිය මගේ බැචා පුදුමෙන් බලන් උන්න.
"ඇයි මොකද? ඔන්න මම ෆ්‍රේම් කරන් ආව..."
කට්ටිය මොහොතකට කොලේ ඇදල පින්තුර බැලුව. ෂාහ්... එළටම තියෙනවා. පොඩ්ඩක් අර කුඹි වැඩේ දීපු කොටස් වල ඇරෙන්න, වෙනසක් හොයන්නත් බෑ . මට දැන් හෙන හැපී... යන්තම් මගේ නම්බුව බේරුවා මගේ බැචා...
දැන් මේ කෙරුවාවල් ඔක්කොම කරගන්න ගිහින්, මද්දහනටත් ලංවෙලා. ඔන්න චචා අක්කා කෝල් කරනවා...
"හලෝ.. කෝ ඔයාල මොකද පරක්කු...?"
"හ්ම්ම්.. හ්ම්ම්..."
අක්කා තෙපරබානවා. අපේ අක්කාගෙන් ෆෝන් එක ගත්ත එක කෙල්ලෙක්..
"ඉන්න චචා අක්ක... අපි මේ නුගේගොඩ හංදියේ ඉන්නේ.... බස් එකට නැගල හෝල්ට් එකෙන් බහින්නම්...."
අපි එනවා කිව්ව වෙලේ ඉඳන්, චචා අක්කා කෝල් කරලා ඉවරයක් නෑ . ඒ හැම වෙලේම 'මේ එන්න හදන්නේ...' ' මේ මග එනවා...' කිය කියා උත්තර දීලා එපා වෙනවා.
ෆෝන් එක තියල ඒ කෙල්ල අපේ දිහා බැලුව.
"යන් යන් දැන්... හොඳටම පරක්කු වෙලා.... අනේ අය්යා.. ඔයා මාර උදව්වක් කලේ... තැන්ක්යූ....."
ඔන්න මගේ බැචා ගුවන්ගත වෙලා දැන්! මම ඉතින් සද්දයක් නැතුව උන්න. ඌ ඇත්තටම උදව්වක් නේ කලේ... ඉක්මනින් නැත්තම් මෙලෝ යකෙක් ඔහොම ෆ්‍රේම් එක ගහගෙන එයිද?
"කොමඩු ගෙඩිය ගෙදර ගෙනියමුද?"
අපේ අක්ක ඇහුව. අහන්නත් දෙයක්ද.. එක පාරක් පැපොල් ගෙඩියකට කෙල හලලා, තව ඩින්ගෙන් ගුටි කනවා. කොහොමත් අපේ අක්කා කොමඩු කන්න මාරම ආසයි. දැන් මෙයාට කොමඩු ගෙඩිය විසිකරන්න හිතක් නෑ.
"පිස්සුද හලෝ....?" මම දත්මිටි කෑවා
"බිම වැටුනට බෑග් එකත් එක්කනේ.... ජරාව නෑ.."
දැන් අනිත් කෙල්ලෝ දෙන්නා හිනා වෙනවා. කොහොමත් උන් දෙන්නා අපේ අක්කට හරිම ආදරෙයි. මට දැන් මල අතේ.
"හරි හරි සුලෝ අක්කා.. අපි ඕක අරගෙන යමු. එනකොට ගේන්න පුළුවන් නේ..."
බැචා මගින් හලලා, අපි හතර දෙනා දැන් නුගේගොඩින් බස් එකට නැග්ග.
හෝල්ට් එකෙන් බැහැල, ඔන්න කියපු විදියට ගේ හොයාගෙන ගියා. ලොකුම ලොකු ගෙයක්. මේ පිස්සු චචා අපිව සාදරයෙන් පිළිගත්තා. ගෙට යනකොටම අපේ අක්කා..
"චචා අක්කේ.. ඔයාට අපි කොමඩු ගෙඩියක් ගෙනාව.. අනේ මේ...... මගේ අතින් බෑග් එක පිටින් අතෑරිලා ඒක දෙකට පැළුන අනේ...... ෂෝක් කොමඩු ගෙඩිය.. ගානට පැහිල.... "
ඔච්චරයි අපේ අක්කා කිව්වේ... පැනපු ගමන් චචා අක්කා , අපේ අක්කගේ අතින් කොමඩු ගෙඩිය ගත්ත...
"අනේ.. ඕක මොකද්ද සුලෝ.... බිමට වැටුනට..."
මල්ල ඇතුලට එබුන..
"..... ආ... අනේ.... ෂෝක් කොමඩු ගෙඩිය... ඔන්නොහෙ තියන්න අනේ...."
කියල අතට ගත්ත.
අපි හැමෝම හිනා වුනා. ඒ තමයි චචා අක්කා....
අන්න එහෙම තමයි අපි යාලුගම් යන්නේ!!
බැචා නම් හොඳ කොල්ලෙක් වගේ.
ReplyDeleteඒකටත් එක්ක අපේ එක්කෙනෙක්ට කිවුවොත් ඉතුරු කොත්තමල්ලි ඇට ටිකත් කාලා ගෙනත් දෙයි
ඔව් ඌ හොඳ කොල්ල තමයි... අපි වගේ නෙවෙයි.. අපේ බෝඩිමේ උන්නේ ඔක්කොම ඉටිකිරිස් කෙල්ලෝ... ඇත්තටම උන් හරි ලස්සනයි. ඔය කතාව අපේ බැචා ලා දන්නවා. ඒ හින්ද මොකක් හරි වැඩකට එන්න කිව්වම එන්නේ පණ කඩාගෙන! හෙහ්... මම නොදන්නා මගේ බැචාලා! හෙහ්
Deleteඑතකොට අර චෝගම් කියලා යන්නේ කොහෙද?
ReplyDeleteහෙක් හෙක් උපෙක්ෂටම හරියන අක්කා. :D බොලගේ බාසාව තමා පට්ට, එක සුපිරි බන්, හෙක් හෙක් කාල තුවක්කුවට බීම බටයක් ගැහුවා වගේ තමා.
චෝ ~ චව්... චෝ + ගම් = චෝගම්... ඒ කියන්නේ චව් වෙච්ච ගමේ යාම කියන එක... හා නැද්ද?
Deleteමට හරියන අක්ක කිව්වා? අනේ මේ... ඔය බඩ්ඩ මට නම් හරියන්නේ නෑ... මම සැලකිල්ලෙන් ලිව්වේ නෑ.. ඇත්තම කියනවා නම් සිද්ධිය අහන හැමෝම බද අල්ලන් හිනා වෙනවා.. තව සිද්ධි වැලක් සිද්ධ උනා ඔය අස්සේ.. මම ලියන්නම්කො චචා අක්කා ගැන තව කතා කීපයක්..
චාචා.. චවා අක්කට පැලිිචිචි එකක් උනන් පතබාවන්න ඇහැක් විත්තිය මේ මෝඩ සේනාව නොදැන හිටි එකයි අරුමේ.. එතකෙට ඇට පැකට් එකට මොකද කිව්වේ..
ReplyDeleteඅපිට මතක් උනේ නෑනේ චචා අක්කගේ පිස්සු ගතිය. අනිත් එක එහෙම පළවෙනියට යනකොට ගෙනියන්න හොඳ නැතුව මිසක්.. හෙහ්.. අපි නොකරන පිස්සු වැඩද ඔව්ව...
Deleteඇට පැකට් නෙවෙයි අනේ.. එක එක ධාන්‍ය ජාති වලින් හදපු පින්තුරයක්, මතක හැටියට තිබ්බේ මල් පොකුරු දෙකක්. මොකක් වෙන්නද, ඒක දීලා ආව අපි... හික්...
අර කූඹි කාපුව අහුවුනේ නැද්ද ඉතින්? අනේ වාසනාවන් යකූ මෙහෙම බැචාලා. සිඳු අක්ක කිවුව වගේ අපේ එවුන් නම් ඒ ටික ගලෝලා තම්බන් කාලා කාර්ඩ්බෝඩ් එක ගෙනැත් දෙයි.
ReplyDeleteඅපි තිබ්බ හොර හිත හින්ද ඇහුවේම නැහැ ඒ ගැන... හික්... හෙහ්.. මුන්ට දැන් බැචා ගේ හොඳමයි පේන්නේ ආ?? ඌ එයි අපිට උදව්වට නම්.. හෙහ්.. අපේ බෝඩිමේ කෙල්ලෝ එනවා කිව්වම උපන්තේකට ක්‍රිකට් නොගහන උනුත් ක්‍රිකට් මැච් බලන්න ආපු එකේ!
Deleteපත්තක්කා ඩ්‍රින්ක් එක හදලා බොන්න තිබුනනේ.. කොමඩු වගේම රහයි.. සෙල්ලක්කාර ගතිය ලිවිල්ලෙත් තියෙනවා..
ReplyDeleteහෙහ්.. හෙහ්... දකුණේ කෙනෙක් නේ? එයාල තමයි කොමඩු වලට පත්තක්කා කියන්නේ... හරිය?
Deleteසුද්දා මාට්ටු.. බොරුවට රාජකීය කුලේය අරකය මේකය කැළනියෙය කිය කිය ඉන්නවා.. උඹ දන්නවද මාතේ වෙරළු මල් ඩිරින්ක් බොන්න අර අපේ දෙමල නයන්නා හොද රුසියා..
Deleteමාත් කල්පනා කලේ තෑග්ගට නොදුන්නත් කොමඩු ගෙඩිය බෑග් එක පිටින්ම නම් වැටුනේ මොන එකකටද ඒක විසි කරන්න කලපනා කලේ කියලා. හැබැයි බෑග් එකේ ඉස්ම පිරෙන්න ඇති බලා ඉන්දැද්දි.
ReplyDeleteමාත් කොමඩු වලට හරිම පෙරේතයි. ඔය පින්තූරේ තියෙන ජාතියට වඩා අර ලා කොළ තනි පාට ගෙඩි රසයි.
විසි කරන්න හිතුවේ ඩුඩ් , නොදෙන ගෙඩියක් අරගෙන ඒ ගෙදරට ගෙනියලා ආයෙත් ගෙන එක හරි නැහැ වගේ තේරුණ හින්ද. අනිත් එක එහෙම බිම වැටුනම මට නිකන් මෙව්වා වගේ හිතුන... ඔව් බෑග් එකේ ඉස්ම පිරුන.
Deleteමමත් ආසයි කොමඩු වලට, හැබැයි ගොඩක් පෙරේත නැහැ... අඹ වගේ නම් පුතෝ බිම තියා කුණු කාණුවේ වැටිලා තිබ්බත්, හෝදලා හරි අරන් කනවා.
මේ විසිට් එකෙන් හිනා කන කතා දෙක තුනක්ම අහන්න ලැබුණ. සැකයක් නෑ අපේ චචා අක්කගේ පිස්සු වැඩ තමයි. ලියන්නම්කො පස්සේ.
//බැචා මගින් හලලා// හ්ම්ම්ම් ඔහොම තමයි වෙන්නේ ඉතින් කොල්ලොන්ට
ReplyDeleteඕවා ගානක් නෑ බං කැම්පස් උන්ට එහෙම... හි හි... මං නොගියට අපෙ නඟා ගියානෙ... මං දන්නව උන්ගෙ කෑමෙ රඟ...
ReplyDeleteඅපි කැන්ටින් වල කාපු හැටි දන්නේ... ඒකෙ ප්ලේන්ටියටත් කෙල හලන පුසා පමණි
Delete