ජෙලි 01
විල්ෆ්‍රඩ් හිටියේ වෙඩිකාපු කළු වලහෙක් වගේ මගේ දිහා ඔරෝගෙන කියන එක මට වැටහෙන්න ගියේ තත්පර බාගයක් විතරයි උනත් මමත් උන්නේ ඒ විදියටම ගල්ගැහිලා. ඒ වෙනකොටත් මිට මිනිත්තුවකට කලින් අඬනකොට ගලාගෙන ගියපු කඳුළු ඔහුගේ කිළුටු කම්මුල් වල කළුපාට රටාවක් මවල තිබ්බ එක මම දැක්කේ උඳුනේ තිබ්බ ගිනිදැල් වලට පිං සිද්ද වෙන්නයි.
"උඹ... උඹ... මොකද මෙතන කරන්නේ?......."
මම කොයි විදියෙන්වත් අපේක්ෂා කරන්නේ නැති මෘදු මොලොක් හඬකින් මට ඇහුනේ නාකි විල්ෆ්‍රඩ්ගේ කටහඬමද කියල දැනගන්න මම කටත් අරගෙන බලාගෙන උන්නා මිසක් කිසිම දෙයක් කිව්වේ නැහැ.
"... මෙහෙ වරෙන්.. මෙහෙට වරෙන්.. මගෙ පුතා.."
විල්ෆ්‍රඩ් ඔහුගේ කිළුටු දකුණු අත, හැන්දක් වනනවා වගේ හොලවමින් මට කතා කරනකොට මොකද්දෝ අත්භූත බලයකින් වගේ මාව ඒ පැත්තට ඇදිල යන්න හේතුව 'මගේ පුතා' කියන වචනේ වෙන්නත් පුළුවන්.
"මෙතනින් වාඩිවෙයන් මගේ කොල්ලෝ... ඔන්න ඔතැනින්... හ්ම්ම්... උඹේ තාත්තත් ඉස්සර ඔහොම්මමයි. කොතන වාඩිවෙන්න දුන්නත් වාඩිවෙන්නේ කකුල්දෙක කතිරේ හිටින විදියටමයි. කොටිම්ම.. ... කොටිම්ම.... ( පරුවතයක් සේ එහෙට මෙහෙට පැද්දෙමින් ) අනේ මගේ දරුවා...! මගේ අහිංසක කෙල්ල... ඇයි එහෙම උනේ..."
මම බලාපොරොත්තු උනේ තමන්ගේ ගෙදරට හොරෙන් පැනපු 'අසමජ්ජාති' කොල්ලෙකුට දෙන කම්මුල්පාරක් වගේ එකක් මිසක්, මගේ ඉස්සරහ අඬන නාකි; කිළුටු ; වලහෙක් නෙවෙයි, කොහෙත්ම!
තාමත් මේසේ උඩ දුම්දාන 'ජෙලි' භාජනේ මගේ ඇහැට අහු උනේ ඒ මොහොතෙයි. විල්ෆ්‍රඩ් හිටියේ ඔලුව බිමට බාගෙන හින්දා මගේ අදහස කලිම්ම නොතේරුනා වෙන්නත් ඇති.
මේ වගේ වෙලාවල්වල දිය නොවෙන 'වීර' හදවතක් මට තිබුන හින්දා නොසැලී ඉන්න පුළුවන්කම ලැබුනත් මොහොතකට පෙර මට දිස් උනේ මායාවක්ද කියන එක මට දැනගන්නකල් තිබ්බේ පුදුම නොඉවසිල්ලක්.
"විල්ෆ්‍රඩ්.... විල්ෆ්‍රඩ් මහත්මයා... මොනවද මේ ජෙලි?"
**********************************
"එතකොට... අපේ නැන්ද ?"
"නැන්ද... "
ආයමත් විෆ්රඩ්ගේ ඇස්වලින් කඳුළු ගලාගෙන එන්න පටන් ගත්තා. පිරිමින් උනහම කඳුලක් හෙලන්න නරකයි කියල තාත්ත කොච්චර ගුගුරලා තිබ්බත් විෆ්රඩ් වගේ එකෙක්ගෙ නම් කොහෙත්ම කඳුළු තියෙන්න විදියක් නැතැයි කියලයි මම හිතාගෙන හිටියේ.
ඒ ඔක්කොටමත් වඩා මේ වගේ අත්භූත කතාවක් කියයි කියල?
"... නැන්ද ගියේ අන්න අර බිත්තියේ තියෙන කණ්ණාඩියෙන්.... මට.. මට... කරගන්න දෙයක් තිබ්බේ නැහැ. අනේ මගේ පොඩි කෙල්ල... මගේ රෝසමල....!! කොයිතරම් ආදරෙන්ද මම හැදුවේ මගේ මේ අත්දෙකෙන් වඩාගෙන? කවුරුත් විස්වාස කලේ නැහැ මේක. මට ඔප්පු කරන්නත් බැහැ. අවුරුදු ගානක් තිස්සේ මම හෙව්වේ ඒ වට්ටෝරුව. මම ජෙලි හදල නැහැ ඊට කලින්. ජෙලි හදන්න දන්නෙත් නැහැ. මාර්තා ඉන්නකොට මම කවදාවත් ජෙලි හදල තිබ්බෙත් නැහැ, කාල තිබ්බෙත් නැහැ..."
විල්ෆ්‍රඩ් ඔලුවේ අත්දෙක ගහගෙන 'ගොර ගොර' සද්දෙන් ඉකිගහන්න උනා, හරියට බොයිලේරුවක් වගේ. මගේ ඔලුව දැන් විකාරයක් වෙලයි තියෙන්නේ.
විල්ෆ්රඩ් කියන විදියට 'වෙනීසා' ; මගේ නැන්දා ; අවුරුදු දහතුනේදී අතුරුදහන් වෙනකොට තමන්වයි , නැන්දවයි , මගේ තාත්තවයි දාල ගියපු ආච්චි එක්ක තදින් අමනාපයෙන් ඉඳල තියෙන්නේ. කිසිම හෝඩුවාවක් නැතුව තමන්ගේ දුවව අතුරුදහන් කළාය කියන චෝදනාවට අත්අඩංගුවේ පසුවෙච්ච විෆ්රඩ්ට තමන් නිවැරදියි කියල ඔප්පුකරගන්න බැරි උනත්, කිසිම සාක්ෂියක් නැතිනිසා කාගේත් තරහ මැද්දේ ඔහු නිදහස් වෙලා එනකොට තමන්ගේ පුතාගෙන් පවා 'මිනීමරු' ලේබලේ ඇලවිලා.
"ඉතින්... විල්ෆ්‍රඩ්... සීයා...."
විල්ෆ්‍රඩ් එකපාරටම මගේ දිහා ගැස්සිලා වගේ බැලුව. මමත් ටිකක් බය උනා තමයි. ඒ උනාට වෙලාවේ හැටියට බය වෙලත් බැහැ.
".... මම දැක්ක ඇත්තටම එහෙම දෙයක්. ඒ කියන්නේ .. මේ.. මේ... නිකන් දොරක් වගේ එකක්... සමාවෙන්න මගේ අතින් ඔබගේ අවධානය බිඳුනට. අපි ආයෙමත් උත්සහ කරලා බලමුද? නිකමට වගේ?"
ඇස්ගෙඩි දෙක උලුප්පගෙන තප්පර කීපයක් මගේ දිහා බලාගෙන හිටපු විල්ෆ්‍රඩ් , මොකද්දෝ මතක් උනා වගේ මගේ උරහිස් දෙකින් අල්ලලා හෙලෙව්වා.
"උඹේ වයස කීයද පොඩි කොල්ල?"
"අවුරුදු දහතුනයි. අදට අවුරුදු දහතුනයි දවස් දාහතරයි."
"දහතුනයි....?? දවස් දාහතරයි??? මොන...................වා???????"
වචනෙන් වචනේ ක්‍රමයෙන් උස්හඬට ආපු විල්ෆ්‍රඩ් එකපාරටම අත්දෙක අහස දිහාවට උස්සලා දෙවියන්ට අමතනවා වගේ බිම දණ ඔබාගත්තා.
".... දෙවියන්ට ස්තුතිවෙවා! දෙවියන්ට ස්තුතිවෙවා!!.. මගේ දෙය්යනේ මට මේ ගැන හාන්කවිස්සියක් වත් හිතුනේ නැත්තේ ඇයි...?? දෙවියන්ට ස්තුතිවෙවා!!! දෙවියන්ට ස්තුතිවෙවා!!!! වෙනීසට ඕක උනෙත් හරියටම අවුරුදු දහතුනයි දවස් දාහතරක් ගියාට පස්සේ... ඔව්.... ඔව්... ඔව්........ හෙහ් හෙහ් හෙහ්.. ... අපි හදමු..! ඔව් අපි හදමු...!!!"
"....... ජෙලි... ජෙලි... දුම් දමන
දෙන්න ඔබේ අත
ගෙන යන්න මා මෙහි සිට
විවර කරන්න මේ දොරටුව...."
"වෙනීසා.. වෙනීසා...........!! මගේ චුටි කෙල්ල!! අනේ මගේ චුටි කෙල්ල.."
ඒත් එක්කම දොන්කාරයක් වගේ එන හඬක් ආව, කොහෙන්වත් නෙවෙයි... වාෂ්පයෙන් වැහුණු , ජාල තටාකයක් වගේ රැලි මතුවෙලා තිබ්බ කණ්නාඩිය ඇතුලෙන්. හරියට පාලු ළිඳකින් එන අත්භූත හඬක් වගේ.
"තාත්තේ.. අනේ තාත්තේ...... මගේ තාත්තේ.... මට බයයි.. අනේ තාත්තේ...."
"වෙනීසා.... මගේ දුවේ... මගේ වස්තුව!! මගේ දෙය්යනේ ඔයා ඉන්නවද... "
"ඔව් තාත්තේ.. මම ඉන්නවා. අනේ මට බයයි තාත්තේ... මගේ ගාවට එන්නකෝ... අනේ මගේ ගාවට එන්න! "
"මට ඔයාව පේන්නේ නැහැ මගේ දරුවෝ..... මට මේක අදහගන්න බැහැ.. අනේ මගේ වස්තුව... මගේ දරුවා.... !"
විල්ෆ්‍රඩ් මේසය ගාව උඩපනින්නටත් , අතපය ගසන්නටත් උනා. මගේ ඇස්දෙක අදහගන්න බැරි උනත් ස්වර්ගයත්, සාතන්වත් විශ්වාසන නොකරන මමත් උන්නේ අදහගන්න බැරුවමයි. ඒ එක්කම ජෙලි වාෂ්පය තවත් වැඩිවෙලා මුළු කණ්නාඩියම වසාගනිමින් නැගෙද්දී නිල්කැටේට වතුර තියෙන දොළපාරක් හරහා පෙනෙනවා වගේ දීප්තිමත් නිල්පාටක් එක්කම පුංචි රුවක් මතුවෙලා පෙනෙන්නට පටන්ගත්තා.
"වෙනීසා..!!!!!!!!! මගේ දුව!! එන්න මගේ දුව.. එන්න....."
එහාපැත්තෙ හිටියේ රතුපාට පිත්තපටි දෙකකින් හැඩකල තඹපාට කොණ්ඩා කරල් දෙකක් පැළඳගත්ත ඉතාම හුරුබුහුටි කෙල්ලෙක්. ඇත්තටම අපේ ඉස්කොලේවත් හිටියේ නැහැ එතරම් ලස්සන කෙල්ලෙක්.
විල්ෆ්‍රඩ් තමන්ගේ කිළුටු අත කණ්ණාඩියෙන් ඇතුලට ඔබල ඇගේ අතින් අල්ලගත්ත. කොතරම් ඇද්දත් කණ්ණාඩියෙන් පිටතට ඇදගන්න සමත් නොවෙනකොට විල්ෆ්‍රඩ්ගේ සහයට මමත් අදින්න ගත්ත.
".... ජෙලි එක... ජෙලි එක!! ඒක හයි උනොත් ඔක්කොම ඉවරයි.... හැඳිගාපන් ! ඕක හැඳිගාපන් !!"
මේ වෙනකොට ලොකු දුමාරය එන්න එන්නම අඩු වෙන බව මටත් විල්ෆ්‍රඩ්ටත් පෙනුන හින්දා යුද්ධ පිටියක් වගේ අපි දෙන්න එකිනෙකා පරයමින් දිව්වා. මම ආයෙමත් ජෙලි භාජනය තදින් හැඳිගාමින් දුමාරය වැඩිකරන්නට උත්සහ කලත්, ඒ වෙනකොටත් වාෂ්පය අඩුවෙමින් යමින් තිබ්බේ.
"තාත්තේ... අනේ මට යන් දෙන්න එපා... තාත්තේ..."
කුඩා දැරිය හදවත පසාරුකරගෙන යන හඬින් අඬනවා ඇහුනු විල්ෆ්‍රඩ් දෑතින්ම ඉස බදාගෙන එහාට මෙහාට කැරකෙන්නට උනේ මාලුවෙක් වගෙයි.
"පුතා...!"
මුළු වෙර විරියෙන්ම ජෙලි භාජනය හයිවෙන්නට ඉඩ නොදී හැඳිගාමින් උන්නු මගේ උරෙස් දෙක විල්ෆ්‍රඩ් තද කරලා අල්ලගත්ත. එතකොටමයි විල්ෆ්‍රඩ්ගේ ගෙදරට එන ගල්පඩි දිගේ බරට තියෙන අඩිසද්ද ගණනාවක් ඇහෙන්නට උනේ. සැකයක් නැහැ, කවුරුන්හෝ මම හෝ විල්ෆ්‍රඩ් හඹාගෙන එනවා!
"... පුතා... ජෙලි එක පුළුවන් වේගෙන් හැඳිගාපන්... "
මගේ දිහා බලපු විල්ෆ්‍රඩ්ගේ ඇස්වල තිබුනේ පුදුමාකාර බැල්මක්. එකෙ තිබ්බේ විරත්වයක්ද, පරාජයක්ද, ආදරයක්ද කියන්න මට වැටහුනේ නැහැ.
"... මම උඹට ආදරෙයි පුතා. උඹට වගේම මම උඹගේ තාත්තට පන වගේ ආදරේ කළා. උඹගේ තාත්තට දැන් තනියක් නැහැ. මගේ වෙනීසා..... එයා නැතිවෙච්ච් දවසේ ඉඳල මම කාලකන්නියෙක් උනා. මට හැමදාම ඕනේ කලේ වෙනීසාමයි.... "
එහෙම කියල විල්ෆ්‍රඩ් තමන්ගේ කබාය ගලෝල පැත්තකට විසිකලා. කමිසයේ ඇතුලට දකුණු අත දාල ලොකු පොදියක් අතට ගත්ත විල්ෆ්‍රඩ් මගේ කමිසයේ ඇතුලට ඒක දානකොටම මට වැටහුනා ඒකෙ තියෙන්නේ වටිනා දෙයක්මය කියල.
කිසිම දෙයක් හිතාගන්නත් කලින් විල්ෆ්‍රඩ් කණ්නාඩිය ළඟට ගිහින්, එතනට පුටුවක් ඇදල නගින්න හදනකොටම ලිස්සලා වැටුනා.
"තාත්තේ!!!!........"
"විල්ෆ්‍රඩ් මහත්මයා..... පරිස්සමෙන්"
කණ්ණාඩියේ වාෂ්ප අවකාශය වියැකෙමින් යද්දී මම පුළුවන් වෙර විරියෙන් ආයෙමත් හැඳිගෑම වේගවත් කළා. ආපහු හැරුණු විල්ෆ්‍රඩ්ගේ හිසින් ලේ ගලනවා මම දැක්ක.
"මම යනවා පොඩි එකෝ. සුබ ගමන්. උඹට මම ආදරෙයි!"
ඒත් එක්කම පුටුවට නැඟුණු විල්ෆ්‍රඩ් කණ්ණාඩිය ඇතුලට පැන්නේ පාලු ළිඳකට පනිනවා වගෙයි. 'දඩ බඩ' හඬින් විල්ෆ්‍රඩ්ගේ නිවසේ ප්‍රධාන දොරටුවට තඩිබාන සද්දයට මගේ අතේ තිබ්බ ජෙලි භාජනය 'සල බලං' ගාමින් බිමට වැටුණා. එකපාරටම මම බැලුවේ කණ්ණාඩිය දිහාව...
වාෂ්ප එකක්වත් තිබ්බේ නැහැ. කණ්ණාඩියේ කිසිම හැලහොල්මනක් තිබුනේද නැහැ. විල්ෆ්‍රඩ් පෙනෙන්නට හිටියේද නැහැ!
"දැන් උඹ මට කියන්නේ මෙතන විල්ෆ්‍රඩ්ගේ රුධිරය වැටිලා තිබිලත්, විල්ෆ්‍රඩ්ට කිසිම අනතුරක් කලේ නැහැ කියල? හෙහ්..."
"ඊටත් කණ්නාඩියක් ඇතුලට ගියාය කිව්වහම?"
"ඔක්කොටමත් වඩා... විල්ෆ්‍රඩ්ගේ සල්ලි ටිකත් බඩ අස්සේ හංගගෙන!! හෙහ් හෙහ්...."

නිමි
පට්ට
ReplyDeleteමදි මදි... දැන් පට්ට කීවේ ජෙලිද?
Deleteඈ...?
ReplyDeleteෂුවර් එකට උඩ 'මෙලෝ රහක් නැහැ' බොත්තම එබුවේ දැතිහුලහ නේ?
Deleteඅවුලක් නැහැ. මට හරියට කතාව ගොඩනගන්න බැරි උනා වෙන්න ඇති.
ඔය දෙකම නෙමෙයි. කතාව කියවද්දි මට අවසානය ගෙස් කරන්න බැරි උනා. සාමාන්‍යෙයන් මේ වගේ කතා වල දි මට පුළුවන්. ඒ වුනාට මේක ඊට වඩා ගොඩක්ම හොඳයි. ඒකයි...
Deleteකවන්න හිතෙනවා ජෙලි භාජනයක්ම. ඇත්තමයි මේ තරම් අපූරු ගෙතුමක් දුටුවාමයි. ආයෙ ආයෙමත් කියෙව්වා . ඉන්න තව වතාවක් කියවන්න ඕන .....
ReplyDeleteදුන්නොත් නොකා ඉන්නෙත් නැහැ මම! අම්මෝ ඒ දවස් වල ඉඳන් මම ජෙලි කන්න පුදුම ආසාවක්. කියෙව්වට හරියට තේරුනේ නැද්ද දෙතුන් වතාවක් කියෙව්වේ?
Deleteනියමයි ඈ...අවුරුදු 13 වගේ කාලෙට හිතෙන්නෙත් ඔය වගේ කතාමයි.ඒ කියන්නෙ උඹට අවුරුදු 13යි ද? නෑ වෙන්න බෑ.. එතකොට මට... ? ඒත් නෑ.. කොහොමටවත් නෑ.. එතකොට කාටද අවුරුදු 13..?
ReplyDeleteජයවේවා..!!
දාසයයි මාසයයි...
Deleteපෙනීයන ආකාරයට කොලුපැටියාගේ වගේම ගස්ලබුස් ගේත් ඔලුව නරක් වෙලා අන්තිමට...
මචි, උබ අර 18න් නවත්තපු කතාවනම් පට්ට එත් අපි වගේ ඔෆ් ලයින් කියවන අයට කරපු ලොකු අසාදාරනයක්.එත් මම එකක් හිතා ගත්ත. මම ආයේ මගෙ බ්ලොග් එක "කුමාරි" අක්කගෙන් පටන්ගන්නව කියල.
ReplyDelete18න් ඉවර උන කතාව අය බ්ලොග් එකේ පෝස්ට් වෙන්නේ නැහැ. සමාවෙන්න ඒ ගැන. ස්තුතියි අගය කලාට.
Delete[මම ආයේ මගෙ බ්ලොග් එක "කුමාරි" අක්කගෙන් පටන්ගන්නව කියල.]
මට මේක නම් තේරුනේ නැහැ මම හිතන්නේ....බ්ලොග් එකක් තියෙනවා නම් මෙතන ලින්ක් එක දාන්න
ජෙලි නිකන් කන්න බෑ අප්පා අයිස් ක්‍රීම් දාල ඕනේ. කොටස් දෙකම කියෙවුවෙ අද. වල්ලා පට්ට [© මාතලන්] :)
ReplyDeleteජෙලි නම් ඉතින් මට ඕනේ විදියකට ඔට්ටුයි.
Deleteසිරාවට හොඳයිද? එහෙනම් ඇයි ගොඩක් අය කියෝලා නැත්තේ කියන එක මම කල්පනා කලේ.
මේකනං අපූරුයි , අද තම කොටස් දෙකම කියවන්න ලැබුනේ , උපේක්ෂා පොතක් පල කරන දවස බොහොම ලඟයි වගේ
ReplyDeleteස්තුතියි...
Deleteනෑ ඉවාන්... මම පොතක් නම් පලකරන එකක් නැහැ. එකක් තමයි මම ඒවගේ දේවල් වලට ඇති සහජ කම්මැලිකම. අනිත් එක පොතක් උනහම හරවත් දෙයක් වෙන්න ඕනේ. මම එහෙම වටිනා දේවල් ලිව්වේ නැති ගානයි. පොතකට ගන්න තරම් ප්‍රමාණයක් නම් ලිව්වේ නැති බවට සහතිකයි.