මම නිතර දොඩවන කෙනෙක්...
තනියෙනුත්, කට්ටියත් එක්කත්.. හැබැයි එහෙම දොඩවන්නේ දැන් ඉන්න මේ මං ! ඉස්සර මම එහෙම පිටින්ම වෙනස්... මම මේ කියන කාලෙට මගේ වයස අවුරුදු 3 සිට 15 දක්වා කියමුකෝ. යාලුවෝ කැටියක් හිටියත් ඉස්සර මට සද්ද නැතුව ඉන්න පුළුවන් කිසි ගේමක් නැතුව... දැනටත් මේ ගතිගුණේ නෂ්ටාවශේෂ තියෙනවා. හැබැයි මතුපිටින් වෙනස් වෙලා..
මම මගේ පරණ කතා කියනකොට කියලත් ඇති මගේ පාසැල් කණ්ඩායම් ක්‍රීඩාවක් ගැන. එව්වා කොහොම වලක්වන්නද? ඒ ක්‍රීඩාවත් මමත් කියන්නේ ගහට පොත්ත වගේ වෙලා තිබ්බේ. කොටින්ම මට මගේ යාළුවො උනත් මගෑරෙන්න සමහර වෙලාවට මේක හේතුවක් උනා. මොකද මම පන්තියෙත් නැහැ සමහර මැචස් තියෙන කාලවල් වලට. එහෙම තිබ්බේ නැතත්, මම වැඩිපුර හිටියේ මගේ ටීම් එකේ අනිත් උන් ඉන්න පන්තිවල.
මගේ අපූරු ටීම් එක ගැන කිව්වොත්, මුලදී හදපු ටීම් එකේ අපේ ග්‍රේඩ් එකෙන් 3 දෙනෙක් එක්ක හැදුවත්, කාලයත් එක්ක අපේ ග්‍රේඩ් එකෙන්ම හිටියේ මම විතරයි, අනිත් ඔක්කොම අක්කල. මම කියන්නම්කො මොකද්ද කියල - බැඩ්මින්ටන්...
මට හරියටම දවස මතක නැති උනත් මම ස්කොල් එකෙන් ඉස්කෝලෙට ඇතුල්වෙලා 6 වසරේ ඉගෙනගන්නකොට සුපුරුදු විදියට අක්කලා ඇවිත් අපේ පන්ති වලින් එක එක ක්‍රීඩා වලට කැමති උන්ව බාගන්නවා.. සමහර වෙලාවට, සමහර ක්‍රීඩා වලට ඉස්සර උන එකා දිනන වෙලාවල් තියෙනවා. මම එහෙම කියන්නේ පස්සේ කාලෙක අක්කෙක් වෙලා, මමත් ඕකම කරලා තියෙන හින්ද. මම නම් කලින් පොඩි සමීක්ෂණයක් කරලයි උන්ව බාන්න යන්නේ.. හි.. හි.. කලාවක් ඒක !
එක්ස්ට්‍රා වැඩවලට මට තියෙන කැසිල්ල ඉස්සර ඉඳන්ම වැඩි.. මේ හින්දා මට මතක විදියට ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, බාස්කට්බෝල්, නෙට්බෝල් කියන අදටත් මම ආසකරන මෙව්වට පැනගෙන ගියා නම් මතකයි.. අවාසනාවක මහත !! බටු ගෙඩි දෙකක් විතර උස මාව ගනීද බොල නෙට්බෝල්, බාස්කට්බෝල් වලට.... අය්යෝ සල්ලි! ගෙදර තිබ්බ ලී රැකට් එකත් අරගෙන මම ඉතින් පණ්ඩිතය වගේ බැඩ්මින්ටන් වලට.. මගේ වාසනාවට සර් මාව එතනින් හැලුවේ නැහැ.
"බටු ගෙඩියක් විතර හිටියට මේකි පිං පොං බෝලේ වගේ පනිනවා නේ"
මගේ සර්ගේ කටේම තිබ්බේ ඔය කතාව.
මම බැඩ්මින්ටන් වලට තේරුනේ ඒ වයසක මනුස්සය හින්ද වෙන්න ඇති. සර් හරිම වයසයි, හැබැයි හරි හොඳයි. මට නම් බනිනකොටත් හිනා යනවා. සැර උනාට ගහන්නේ නැහැ. එයාගෙන් මම ඉගෙන ගත්ත දේවල් බොහොමයි, හැබැයි කාලයත් එක්ක.
ගෙදර තිබ්බ ලී රැකට් එකත් කර තියන්, මම ඔන්න වරද්දන්නෙ නැතුව ප්‍රැක්ටිස් යනවා. අපිට කෝට්ස් තිබ්බේ අපේ මේන් හෝල් එකේ. එතන එක ළඟ දෙකයි අදින්න ඉඩ තිබිල තියෙන්නේ. කොනේම තියෙන කෝට් එක ඩිෆෝල්ට් ලොකු, ඒ වගේම ස්කුල් ටීම් එකේ අක්කලට ලියල දීපු එකක් වගේ, ඒකට යන්න නම් හිතන්නවත් බැහැ. අපි කරන්නේ ඉස්කෝලේ අරුණු ගමන් පන කඩාගෙන දුවගෙන ගිහින් තැනක් අල්ලගන්න එක.
කොච්චර කලින් ගිහින් හිටියත් අපිට ලැබෙන්නේ අර චාටර් කෝට් එකමයි. කලින්ම ගිහින් හොඳ එක අල්ලගත්තත්, පස්සේ එන ටීම් එකේ අක්කල, දකිනකොටම අපි එයාලට ඒක ප්‍රධානය කරන්න වෙනවා. අර එක කෝට් එකේ මම හිතන්නේ අපි 20කට වඩා සෙල්ලම් කරනවා. මම ගෙදර තිබ්බ රැකට් එකක් උස්සන් ගියත්, අපේ ගෙදර කාටවත් මීටර් නැහැ මම මෙහෙම බැහැගෙන සෙල්ලම් කරනවා කියල. මම ගෙදර එන්නේ එව්වා ඔක්කොම හංගගෙන, හොරෙක් වගේ. කොහොමත් අපේ අම්ම හවස් වෙලා එනකොට මම ගෙදර හින්ද, වැඩි අවුලක් නැහැ. පුත්‍රවාදී අපේ ආච්චි , අය්යා හැරුණුකොට අපේ අක්කත් එක්ක තමයි වැඩි සෙට්විල්ල. වැඩි කතාවක් නැති මම ඉතින් සද්දෙත් නැහැ ගෙදර හිටියත්. ඔහොම කාලේ ගෙවුන.. එකපාරටම සර් දවසක් කිව්වා
"හර්ෂනී කෙල්ල, මෙන්න මේකිව දාමු අර YMCA මැච් එකට"
සර් එහෙමයි කතා කලේ අක්කලට. හරි සුහදයි. අනං මනං නැහැ. හර්ෂනී කියන්නේ ඒ දවස්වල අපේ බැඩ්මින්ටන් කැප්ටන්. ඒ දවස්වල වැදී පැටියෙක් වගේ උන්නු මට ඈව පෙනුනේ සුරංගනාවියක් වගේ. ඇත්තටම ඒ අක්ක හරි ලස්සනයි. ඒ වගේම හොඳයි. එතකොට තමයි මේ අක්ක මගෙන් මගේ නම එහෙම ලියල ඉල්ලුවේ. වැඩිදුර හිතන්නේ නැතුව මම දුන්න. අනිත් දේවල් මට හරියට ඩිටෙල් මතක නැහැ. මතක, මැච් එකක් සෙනසුරාදාවක තියෙනවා කියලත්, ඒ වෙනුවෙන් ඊට කලින් දවසේ මට විශේෂ පුහුණුවීමක් දුන්න කියලත් විතරයි.
එදා තමයි මගේ ජිවිතේ පළවෙනි වතාවට මුළු කොට් එකක්ම අරගෙන මම තනියෙන් සෙල්ලම් කලේ. මගෙත් එක්ක තව 3 දෙනෙක් මේ තරඟෙට ඉදිරිපත් වෙනවා. උන්ටත් මට වගේම පුහුණුවක් ලැබුන. තුන් දෙනාගෙන් දෙන්නෙක් මගේ ග්‍රේඩ් එකේ. අනුෂ්කා , මිහිරි. ඒ වගේම, මගේ ජීවතේ පලවෙනි වතාවට, හොඳ රැකට් එකක් ඇල්ලුවෙත් එදා තමයි. ටීම් එකේ අක්ක කෙනෙක්ගේ රැකට් එකක් දුන්න මට ඒ වෙලාවට විතරක්, අම්මෝ.... ඒක හරිම සැහැල්ලුයි... මගේ ලී රැකට් එක හරියට කිලෝ 3ක් විතර බරයි... ඒකෙන් වෙර විරිය දාල ගහල, මගේ පුංචි අතේ මැණික් කටුවට උඩින්, දකුණු අතේ ඇතුල් පැත්තේ ( ලේ ගන්න තැනට උඩින්) කළුපාට පැල්ලමක් තියෙනවා අදටත්.. පුංචි මගේ අතේ සයිස් එකේ හැටියට රැකට් එකේ මිටේ අග එතන වැදිලම ! හි.. හි.... අර සැහැල්ලු රැකට් එක ලැබුනම මට සින් සින් ගාල වැදුන!!
"මේකි යක්ස පැටියෙක් නේ අම්මප"
සර් කිව්වා.
මට ගෙදරට කියන්න හිතුනේ නැහැ. සුපුරුදු ප්‍රැක්ටිස් යන විදියටම ගිහින් ඒ මැච් ගැහුවා. මැච් එක ගහන වෙලාවට විතරක් ඒ අක්කල එයාලග මොකක් හරි රැකට් එකක් දෙනවා. වට දෙක තුන දවස් දෙකකින් ඉවර උනා. සින්ගල්ස් විතරයි. මට මේ වෙනකොට වයස 10. මම ගැහුවේ 11න් පහළ තරඟය. මම චැම්පියන් උනා!! සතුටක් දැනුන. ගෙදර ආව. ත්‍යාග ප්‍රධානය තිබ්බේ වෙන දවසක... සෙනසුරාදාවක.
කිව්වට විස්වාස කරන්න, මම ගෙදරට කිව්වේ නැහැ මොකවත්. මම කලේ ඉස්කෝලේ අක්කල එක්ක ගිහින් සෙරමනි එකේදී ෂිල්ඩ් එක අරගත්තා විතරයි. මම ගොඩක් පොඩි බට්ටෙක් හින්ද තෑග්ග දෙනකොටත් අමුත්තා මගේ කම්මුලත් අතගෑව . දැන් කළා නම් ඌට විරුද්දව ඇබියුස් කේස් ! හෙහ්!! ෂිල්ඩ් එක මෙරුන් පාට ලීයක හයි කරපු පලකයක්. මම ඒක ගෙදර ගෙනිහිල්ලම තමයි අම්මට පෙන්නුවේ. අම්මා පුදුම උනා... සාමාන්‍යයෙන් මගේ වැඩ වලට 'වාව්' කියල කමෙන්ට්ස් අපේ ගෙදරින් ඉස්සර ලැබුනේ නැහැ. කොහොමත් මට පුළුවන්නේ වගේ ආකල්පෙක හිටියා කියලයි මට නම් දැන් තේරෙන්නේ. අපේ අය්යගෙනුයි , අක්කගෙනුයි නම් මට ප්‍රතිචාර ලැබුන
"මෙන්න චුටි නංගිට තරගෙන් දිනුවට කොට කෑල්ලක් ලැබිල" ඔන්න ඔව්ව!! අම්මප කොටියම කන්න!!!! මම කලේ සද්ද නැතුව මගේ 'කොට කෑල්ල' අරන් තියපු එකයි.
සඳුදා ඉස්කෝලේ යනකොට මට ඒක අරන් එන්න කියල උපදෙස් ලැබිල තිබ්බ. මම අරන් ගියා. බලනකොට උදේ රැස්වීමේදී ඒක ප්‍රින්සිපල් අතින් දෙනවා. කොහේ කොහොම තරඟයක් දිනලා ආවත් එහෙම කරනවා. මම හිතන්නේ එක හොඳ වැඩක්.
ඔන්න ඉතින් වැඩි විස්තර නැතුවම කියන්නම්කො. රැස්වීම තියන්නේ මේන් හෝල් එකේ පිටිපස්සේ තියෙන පුංචි ග්‍රවුන්ඩ් එකේ. ඒකෙ හොඳ වේදිකාවක් වගේ පිහිටලා තියෙනවා ගුරුවරුන්ට, මුලාසනේට එහෙම වාඩි වෙලා ඉන්න. ග්‍රවුන්ඩ් එකෙන් මෙතනට එන්න පඩි 20-25ක් විතර තියෙන පඩිපෙලක් තියෙනවා එක පැත්තකින්. රැස්වීමේ මුල් කොටස ඉවර වෙලා ඔන්න ඒ වගේ කොටසට ආව කියමුකෝ. ඔන්න තරගේ විස්තරේ කියල
"... Women Under 11 - Champion - Upeksha ......... "
කිව්වා ගමන් අපේ පංතියේ උන් මගේ දිහා බැලුව. මම දුවගෙන ගියා ඉස්සරහට. පඩිපෙළ නැගගෙන යනවා. බට්ටෙක් උන මට ටික වෙලාවක් ගත උනා. අත්පොලසන් සද්දේ ටිකක් ආව.. නැති වෙලා ගියා... මම බය නැතුව ප්‍රින්සිපල් මැඩම් ගාවට ගියා... අත්පොලසන් නැවතිලා...
"මේ ඉන්නේ" ඉස්සරහ හිටපු ගුරුතුමීලාගේ ඔලු ටික මගේ පැත්තට හැරුන..
එතකොට තමයි මට තේරුනේ මෙයාල මේ මාවනේ හොයන්නේ කියල. එතකොටම තමයි මම හිතන්නේ මගේ සයිස් එක බිම ග්‍රවුන්ඩ් එකේ හිටපු ළමයි රොත්තත් දැක්කේ. හැමෝගෙම කටවල් ටික එක වගේ සුදුපාට හිනාවකින් සැරසෙනවාත් , එක පාරටම වේගයෙන් අත්පොලසන් වදිනවාත් මට දැනුණා ... මුන්ගේ ජොලිය වැඩිවෙලා තියෙන්නේ මගේ සයිස් එක දැකල!!!!
"ගොඩාක් හොඳයි දුවේ"
රිටක් වගේ උස මගේ ප්‍රින්සිපල් මැඩම් , බඩ ලඟින්ම දෙකට නැමිලා මට මගේ ෂිල්ඩ් එක දෙන ගමන් කිව්වා අද වගේ මතකයි!!!
විස්තර කරන්න බැහැ නේද? වටේට මල් විසිරෙනවා වගේ දැනුන හැටි??? මොකද ඒක විෂුවල් එකක්.....

ෂහ්.. කෙල්ල දක්ෂයි නේ..
ReplyDeleteඅද අපේ එකේ කිව්වා උගේ අයියා ඌට පිංපොං එකක් රට ඉදල එනකොට ගෙනැත් දුන්නා කියලා...
මම හිතන්නේ මම නයි ඇරියේ නැහැ කියල....
Deleteරට ඉඳල පිං -පොං ගේනවා කියන්නේ? ඇයි එව්වා වෙනස් ද? මෙහෙ නැද්ද?
ස්තුති
පිංපොං එකක් කිව්වට ඌට ලැබිල තියෙන්නේ පින්ක් ෆෝන් එකක් බං
Deleteචෑ ... චෑ ..... කොල්ලෙක්ට පින්ක් ෆෝන් එකක්? මගේ අම්මේ... කවුද ඕක එවපු තරහකාරයා?? තනිකරම ඉරිසියාවට!
Deleteඔන්න ඕක මෙන්න මේ පැත්තට විසිකරන්න කියන්න.
කෙල්ල බට්ටි වුණාට වැඩ ලොකුයි ඈ. ඒ ඔක්කොටමත් වැඩිය මේ ලියැවිල්ල රහයි.
ReplyDeleteස්තුති....
Deleteහොඳයි කිව්වා, එක තැනක වචනයක් වැරදියි ඒ ඇරෙන්න වෙන මොකුත් නෑ.
ReplyDeleteකොතනද?
Deleteමේකනේ හැලපේ .. ඉස්සර ඉඳල මට තියෙන අවුලක් තමයි ලියන දෙයක හරි වැරැද්ද ආයෙත් කියෝලා බලන්නේ නැතිකම... ඇත්තම කියන්න මම විභාගෙක උත්තරේ වත් දෙපාරක් කියවන්නේ නැහැනෙ අම්මප.... හදාගන්නම බැරි චාටර් ගතිගුණයක්! වස කම්මැලි.. කියන්නකෝ කොතනද කියල මෙව්වා කරන්නේ නැතුව
මෙතන කිව්වට වැරද්දක් නැත්නං කියන්නං,සාමාන්‍යයෙන් දැන් මම වැරදි දැක්කට කියන්නෙ නෑ මට බනින නිසා ඔබේ නම වගේම ඒ ගතිගුණයත් දැකපු නිසා මෙහෙමවත් කිව්වෙ.මේල් ඇඩ්රස් එකක් හොයාගන්න තියෙනව නං මම ඒකට දන්වල යවනවා.
Deleteස්තුති....
Deleteමේ ළමයා..මාත් ඇවිල්ල ටී.ටී. චෑම්ප් කෙනෙක් තමයි දන්නවද? එකම පොඩි අවුලක් තියෙන්නෙ ඔන්න ගහද්දි මට අමතක වෙනව මේ ගහන්නෙ ටී.ටී. කියල. මම ඉතිං වොලිබෝල් කියල හිතල අතිං දෙනව ඩෑෂ් පාර. එතනිම්ම ඩිස්කොලිෆයි වෙනව. අන්න ඒ සුට්ටි අඩුපාඩුව ඇරෙන්න මම ටී.ටී. මරුවා...හෙහ්,හෙහ්,
ReplyDeleteදොඩමක් තරං උස නැති උනාට උඹ ලස්සනට ලියනව...:)
අදෝමැයි !!!
Deleteගහන්නේ ටී .. ටි.. කියල විතරද අමතක වෙන්නේ? ටී ටී ගහන්නේ මේසෙක කියලත් අමතක වෙනවද? අන්තිමට ස්කොෂ් වගේ බිත්ති පුරාම දුවල තමයි අල්ල ගන්නේ..හි.. හි...
ස්තුති අප්පා...
හම්මේපාසල් සමයේ සුන්දර මතක සටහන්...
ReplyDeleteමට මැවිල පේනව ෂීල්ඩ් එක ගන්න පඩි පෙද දිගේ නගින හැටි... රෝල් වෙවී
හැක්
මම පොඩි අඩි ඉක්මනට තියල වේගෙන් ඇවිදින්නේ... පඩිපෙල් නගින්නෙත් එහෙමයි... ස්තුති කොමෙන්ටුවට
Deleteහරිම සතුටුයි මේ කතාව කියවන්න නම්. ඇත්තෙන්ම උපේක්ෂා ගෙදරට කිව්වා නම් අර ලී රැකට් එක නැතුව හොන්ඩ්න්හ බැඩ්මින්ටන් සෙට් එකක් අරන් දෙන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද? මොකද ඔය චීන බැඩ්මින්ටන් සෙට් පේව්මන්ට් එකේ පවා හරිම අඩු මුදලකට තිබ්බා. ඒවා ඇත්තෙන්ම නරකම නෑ.
ReplyDeleteනමුත් අගයකිරීමක් නැති එකනම් දුක හිතෙන වැඩක් නේද? එහෙමත් ඒ තිබිච්ච කැපවීම නම් ප්‍රසංසා කටයුතුයි.
මේ බ්ලොග් එකේ තියෙන හොඳේ වෙන ඒවා වගේ නෙවෙයි, හුටාස් ගාලා ලෝඩ් වෙනවා. අර උඹ වැඩිය බර නැති හන්දා වෙන්න ඇති. :D
සතුටින් කියෙව්වට සතුටුයි...
Deleteනැහැ හෙන්රි.. ඒ දවස්වල මගේ හැටි.... කිසි දෙයක් ගෙදරට කියන්නේ නැහැ.. බස්සෙක් වගේ ගෙට රිංගල ඉන්නවා මිසක්. කරන්නේ මොනවද කියලවත් හොයා ගන්න හෙන අමාරුයි ලු... හි.. හි.. හි...
ඔව් හෙන්රි.... සමහර වෙලාවට මට දුකක් දැනිල තියෙනවා, ඒ වෙලාවට මම හිතට අරගෙන තියෙනවා වෙන කාටවත් එහෙම හිතෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලත්. මම ඉස්සර ගුප්ත චරිතයක් හින්ද අපේ අම්මලට හොයා ගන්නත් බැරුව ඇති එහෙම අගයකිරිල්ලක් මම එක්ස්පෙක්ට් කරනවා කියල. තව ලියන්නම්කො මගේ ක්‍රීඩාවේ රස මුසු තැන් !!
වෙන අයට වගේ නෙවෙයි ... ෆලෝවස් ලත් අඩු හින්ද ඉක්මනට පිටුව එනවා ඇති. පින්තුරත් අඩුයි නේ.... මෙලෝ රහක් නැහැ නේ??? හි.. හි.. ස්තුති හෙන්රි