Friday, October 24, 2014

103. මිතුරු තොමෝ.... 02



පළවෙනි හෑල්ල 

කැටයක් හොල්ලනවා කිව්වට කැටයක්ම නෙවෙයි. අපි කලේ අපේ යුනියන් එකෙන් ටිකට් එකක් ගහලා ඕක විකුණන එක.

ඔන්න දැන් මමත්, කිරි බර්ටියාත් ගජ රාමෙට එහෙ මෙහෙ දුවලා ටිකට් ගහන්න විදියක් බැලුවා. මේ ගැන අපේ ෆැකල්ටියේ ඩින් සහ ජේෂ්ඨ ආචාර්යවරු දැනුවත් කරලා කිරි බර්ටියා උන්ගේ ගෙවල් ගාව තිබ්බ මුද්‍රණාලයකින් ටිකට් ගහන්න ලෑස්ති කරගත්ත. ඒ අතරේ වරින්වර තිලිණගේ හිත හදන්න ඌ එක්ක විකාර දේවල් කතා කළා. අන්තිමට ඌ අපිට අනාවරණය කළා උගේ යාලු ගෑනුලමයා ගැනත්. ටිකට් විකුනලා සල්ලි හොයල දෙන්නම් කිව්වම උගේ තිබ්බ ඉල්ලීම තමයි
"මචන්, මගේ කෙල්ල ඉන්නේ _____ කැම්පස්. ඒකෙ ඇරෙන්න වෙන ඕනේ දිහාක විකුනපන්. කෙල්ලට හොඳ නැහැ"

අපි මේ අහිංසක ඉල්ලීමට කන් දුන්නා.

තව දෙයක් කියන්න ඕනේ. අපේ ෆැකල්ටියට වෙනම ආරක්ෂක සේවයක් තිබ්බ. ඒ වගේම ඔෆිස් ඇසිස්ටන්ට් කෙනෙක් උන්නා ඌ අන්තිම රස්තියාදුවෙක්. ආරක්ෂක සේවයේ ලොක්ක වෙලා හිටියෙත් කුපාඩි බැල්මක් තිබ්බ වයසක මනුස්සයෙක්.



ටිකට් ටික ප්‍රින්ට් කරලා ෆැකල්ටියට එවන්න මුද්‍රනාලේ උන්න කාරුණික මනුස්සය එකඟ වෙලා තිබ්බ. ඒ මනුස්සය ආබාධිතයි. ඒ හින්දමයි අපි එතන තෝරාගත්තේ, මොකද ඒ මනුස්සයා ලාබෙ බලන්නෙත් නැතුව ඉතාම අඩුවට ටිකට් ටික ගහල දෙනවා කියල පොරොන්දු උනා මේක ආධාරයක් හින්ද. ඔන්න ටිකට් පාර්සලේ ආව කියල පණිවුඩේ ලැබිල, විනාඩි 10ක් ගියේ නෑ , මමයි කිරිබර්ටියයි පහලට ගියා. බලනකොට ටිකට් පාර්සලේ කඩලා. ටිකට් පොත් 5ක් නැහැ! දැන් කිරි බර්ටියට පුෂ්ප යායක් පිපුනා.

ඌ සැක කලේ අර අණ්ඩපාල ඔෆිස් ඇසිස්ටන්ට් ව. කඩන්න දෙයක් නැහැ නේ ඒ වගේ පාර්සලේක ? අහිංසකය උනාට කිරි බර්ටිට තද උනහම වෙඩි කාපු වලහ වගේ.. ඔන්න ඌ වලියක් දාගත්ත ඇසිස්ටන්ට් එක්ක. ආරක්ෂක අංශයේ වැරැද්ද... මොකද එයාල පාර්සලේ කඩනකල් මක් කලාද? දැන් ආරක්ෂකයොත් නෑ කියනවා, ඔෆිස් ඇසිස්ටන්ට් වගේම... අපිට තේරුනා මුන් දෙගොල්ලොම එකතු වෙලා කරපු වැඩක් කියල. හොඳම වැඩේ කලේ 'මහ අලයා' ... හි.. හි.... ඌ අපිට ඇවිල්ල දෙසුවා නේ එයාල එහෙම වැඩක් කරන්න කොහොමටවත් විදියක් නැතිය කියල.... හෙහ්.... හෙහ්.... කොහොම හරි කාලෙකට පස්සේ ඇසිස්ටන්ට් කාරයා අස් කළා (මේ සිද්ධියට සම්බන්ධ නැති හේතුවකට) , සතියක් ගියේ නැහැ ෆැකල්ටියේ ඔෆිස් දොරවල් කඩලා කවුදෝ ෆොටෝකොපි මැෂින්, ලේසර් ප්‍රින්ටර්ස් , ස්කෑනර් වගේ දේවල් ටිකකට කවුදෝ වගකියල තිබ්බ.

ඔන්න කොහොමහරි අපි ටිකට් පොත් ටික එකාට කීපයක් ගානේ වෙන විදියට බෙදල වැඩේට බැස්ස.

කට්ටියක් සෙට් එකක් විදියට පාරවල් ගානේ විකිණුවා. තවත් කට්ටියක් බස් වලට ගියා. තව කට්ටියක් ට්‍රේන් එකේ. ඒ මොනවා උනත්, කිරි බර්ටියා එක්ක ගිය සෙට් එක හැමදාම එන්නේ ටිකට් පොතට අමතරව තවත් සල්ලි අරගෙන. දහයේ, විස්සේ කොළ විතරක් නෙවෙයි, පහේ කාසි පවා තිබ්බ. කැට වලටත් මිනිහ හිටියොත් ආයේ නෑ නියමයි. මිනිහ කතා කරන්න ගත්තොත් කෙල්ලෝ එහෙම පැන පැන සල්ලි දෙන්නේ. අම්මලා තාත්තලා නම් කඳුළු පෙර පෙර තියෙන කීය හරි උනත් දෙනවා. එතරම් හිත ඇදගන්න කතාව සහ පෙනුම! හුහ්..... අපි වගේ උන්ට ඉතිං කොහෙද ඔව්ව...

මේ වැඩේදී අපේ තිබ්බ මහන්සිය සහ අවංකකම දන්නා හින්දම, අදටත් මම ඔය වගේ කටෙකට කවදාවත් සල්ලි නොදී අරින්නේ නැහැ. අපි ඒ තරම් වෙහෙස උනා. සල්ලි සත පහක්වත් (සහතික ඇත්ත), අපි ප්ලේන්ටියකට වත් වියදම් කලේ නැහැ.

පාරවල්, බස් ගානේ ගිහින් අපි තීරණේ කළා දැන් වෙනත් කැම්පස් වලටත් යන්න ඕනේ කියල. තිලිණගේ කෙල්ලගේ කැම්පස් එක ඇරුණුකොට අනිත් කැම්පස් වලට කණ්ඩායම් විදියට අපි බෙදිලා ගියා. මම ගියේ 'පේරාදෙණිය' කැම්පස් එකට.

ට්‍රේන් එකේ උදේ වරුවේ ගිහිං , කැම්පස් එක ගාව ස්ටේෂන් එකෙන් බැහැල අපි එහෙට යනකොට උදේ 11 ට විතර ඇති මම හිතන්නේ. අපි කෙලින්ම ගියේ  සනාතන මන්දිරයට. එතන තිබ්බ යුනියන් ඔෆිස් එක. ඒක ඇතුලට ගියපු අපි උන්ගෙන් මේ වැඩේට සහයෝගේ ඉල්ලුවා.

"මල්ලි.. ඔතන කොච්චර ටිකට් තියෙනවද?"

එතන හිටපු ලොකු තනතුරක් අපෙන් ඇහුව. අපෙන් ලැබුන උත්තරේ දෙකෙන් බෙදල ඒ තනතුර කලේ මොකද්ද දන්නවද?

"ඒ ටිකට් වලින් බාගයක් දෙන්න. අපි ගන්නවා. ඉතිරි ටික ඕනේ හැටියට කැම්පස් එක ඇවිදලා විකුණගන්න. මොනවාරි තියෙනවා නම් ඕනේ එකෙකුට කියන්න. උදව් ලැබෙයි"

ටිකට් ටික විකිණුනා උණු කැවුම් ( එහෙම කියන එක හරි නැහැ.... මම කියන්නම් උණු වෙච්ච හදවතක්) වගේ !! ඒ වගේම අපේ අනික් කැම්පස් හැම එකකටම වඩා අපිට සල්ලිත් හොයාගන්න පුළුවන් උනා. අඩුවෙන්ම සල්ලි ආවේ..... එක්කෝ ඕනේ නෑ.. ඒක දර්ශකයක්, කැම්පස් ළමුන්ගේ සිතැගි මනින්න...



ටිකට් විකුණලා , තියෙන තැනකින් ( කැන්ටිමකින් ) කාල අපි අහු වෙච්ච බස් එකක එල්ලිලා තෙරපිලා ආයෙත් කොළඹ ආව. හෙහ්.. අපේ ගෙදර උන්වත් දන්නේ නැහැ මම ගේ පේන දුරට ඇවිත් ආපහු ගියා කියලවත්.. හෙහ්...

ඔහොම සති, මාස ගෙවුනා. ඔය අතරේ තිලින ඔහුගේ පරණ වික්‍රම මතකයන් තියෙන ජාති මටත් කිරිබර්ටිටත් ගෙනත් පෙන්නුවා. මිනිහා ඉස්කෝලෙදි කරපු නාට්‍ය, ඒවගේ කොමෙන්ට්ස්. ඌ ගාව තිබ්බ පොතක් වගේ.. ඒවගේ මතකයන් අලවලා තිබ්බ. ඒ යටින් එක එකා කොමෙන්ටු ලියල. මූ නම් මාරම වටිනා පොරක් කියල මමයි කිරිබර්ටියි කතා වුනා.

ඔය අතරේ උගේ කෙල්ල මැරෙන්න හදනවා දැන් මූ ඔපරේෂන් එකක් කරනවා කියල. මම මේ කියන කාලේ මේ ඔපරේෂන් එක අවදානම් ගණයේලා සැලකුනේ. දැන් කෙල්ල සනසන්න, කඳුළු පිහන්න, පිය තෙපුල් දෙන්න බාර උනේ මට.

දැන් අපේ ටිකට් 99% ක්ම අපි සල්ලි කළා. ඔපරේෂන් එකට දවස් දෙකක් තියෙද්දී අපි අපේ ආචාර්යවරු කීපදෙනෙක් ඉස්සරහ තිලිණට උගේ සල්ලි ටික දුන්න. මුළු ඔපරේෂන් එකේ ගානම නොවුනත් අපි ඒ ගානෙන් 70% විතර දීල තිබ්බ. ඒ එන අදටත් මම සතුටු වෙනවා. මොකද ඒක අවංක හැඟීමෙන් කරපු දෙයක්.

ඔපරේෂන් එක කලේ පුද්ගලික රෝහලක හින්ද, ලේ බැංකුවෙන් ගන්න ලේ වලට හිලව්වට අපේ උන්ට ලේ දෙන්න පුළුවන් කියල තිලින අපිට කිව්වා. ඔන්න අපේ බටැලියන් එකක් ගියා ලේ දෙන්න... ඔව් වොව්.. මේ මමත්... වෙච්ච දේ මෙතන කියන්නෑ.... හෙහ්... මෙතැනදී කිව්වා

ඔන්න ඔපරේෂන් එක දවසේ අපි ඔක්කොටම තිබ්බේ චකිතයක්. බය වෙන්න දෙයක් නැති උනත් අපි බය උනා. ඒ අස්සේ තිලිණගේ කෙල්ල මම නැලෙව්වා.

කොහොම හරි ඔපරේෂන් එක සාර්ථකයි.

ගෙදරින් මේ කෙල්ලගේ සම්බන්ධෙ දන්නේ නැති හින්ද, දැන් කෙල්ල තිලිණගේ ගෙදරට කෝල් කරන්නේ මගේ නමින්. මම ඕක දැනගත්තේ ගොඩ කාලෙකට පස්සේ. අවුලක් නෑ.. වැරද්දක් නෙවෙයිනේ...

කොමහරි... තිලින සනීපවෙලා ආයෙත් සුපුරුදු විදියට ආපහු කැම්පස් ආව.

හොඳම හරිය උනේ ඊට පස්සේ.....

යුනියන් එකේ අපි ශිෂ්‍ය දේශපාලනේ නොකලාට, ඒ කුනාටු එනවා අඩුවක් නැතුව. ඔය කුණාටුවට අපි අහු උනා. අපි හිටියා ( මමත්, කිරි බර්ටිත්) අපේ ප්‍රතිපත්ති වල, ඒ කියන්නේ 'සෑම දෙනාටම ඇත්තේ ඉගෙනීමේ අයිතිය, ඒ වගේම තමන්ගේ මතය දැරීමේ අයිතිය'.

හාර්ට් එක ඔපරේට් කරපු හින්දද මන්ද.. තිලින මේ කුණාටුවෙන් තෙමුනා. 'ආචාරියන්' පස්සෙන් යමින් උන්ට මුට්ටිය ඇල්ලිය යුතුය යන 'මහ අල' ප්‍රතිපත්තිය අනුව ඔහුගේ හාර්ට් එක වැඩකරන්න ගත්ත.

පලවෙනි වසරේ දෙවැනි සෙමෙස්ටරය වෙනකොට... තිලින ඔහුගේ 'නියම' ගතිය පෙන්වමින් මමත්, කිරි බර්ටිත් සමග කතා නොකර ඇරියා. සමහර වෙලාවට ඔපරේෂන් එකේදී ලජ්ජා නහරෙත් කැපෙන්න ඇති. අවුට් වෙනකොට අපේ මුණ අලන්නේ නැති තරමට.... මට නම් ගානක් වත් නැහැ... මොකද මගේ කොටස මම ඉවර කරපු හින්ද.....


අවවාදයයි: හාර්ට් ඔපරේෂන් කරන්නේ බලාගෙනයි!!

32 comments:

  1. ඇතුවත් බැරි නැතුවත් බැරි යාලුවෝ

    ReplyDelete
    Replies
    1. ඌ යාලුවෙක් නෙවෙයි... මට පාඩමක් කියල දුන්නු ගුරුවරයෙක්.

      Delete
  2. හාර්ට් ට්‍රන්ස්ප්ලාන්ට් එකක් කරාද දන්නේ නැහැ..නැත්නම් හාර්ට් එක ගල්වලාම දැම්මද දන්නේත් නැහැ..
    හරිම සවුත්තුයිනේ තිලිණ කරලා තියෙන වැඩේ...

    මමත් මේ දැන් ඔෆීස් එකේ කථා කර කර හිටියේ ඔය වගේ අපි එකතු වෙලා උර දුන්න පොරක් මේ ලඟදි කරපු මහ අසම්මජාති වැඩක් ගැන...

    මිනිස්සු හරියට තිරිසන් වැඩ කරනවා උපේක්ෂා..හැබැයි අපි වෙනස් වෙන්න අවශ්‍ය නැහැ ඒ හේතුවෙන්...

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයිට වඩා දේවල් ඌ කළා, එව්වා ඔක්කොම ලියල පරණ කුණු ඔක්කොම අදින්න මගේ කැමැත්තක් නැහැ. ඌ උගේ තරම පෙන්නුවා. හැබැයි හැම වෙලේම අපි කලේ අපේ ආරක්ෂාව තියාගෙන. ඒ හින්ද අපිට හානියක් උනේ හරිම අඩුවෙන්. කොටින්ම තිලින අපිට විරුද්ධව පවා සමහර දේවල් කරලා තිබ්බ. හික්... මම කිව්වේ මේක ඕනේ කෙනෙක්ට වෙන සිද්ධියක් හින්ද.. උදව් කළාට අපිට ප්‍රතිඋපකාර තියා 'ගුණේ' වත් ඉතුරු කරන්නේ නැතිකම තමයි එකම කළකිරිම.

      අපෝ නැහැ චෙෆාකි... මට ඌ කියල දුන්නු පාඩමට මම ඔරොත්තු දුන්නේ ඇත්තටම කියන්න, මම මගේ ඉස්කෝල කාලේ ඔය පාඩම වරින් වර ඉගෙනගෙන තිබ්බ පොඩි එකෙක් විදියට. අදටත් තිලිණට මගේ මූන බලන්න බැරුව මිසක්, මට නම් කිසිම වෙනසක් නැහැ.

      Delete
  3. කැන්ඩි ළමිස්සි.. පළවෙනි පෝස්ට් එක උනන්දුවෙන් කියෝල ටක් ගාල ආව දෙවෙනි එකත් කියවන්න.. උනන්දුව වැඩි කමටම බාගෙට කියවල අර ලින්ක් එකේ ගිහින් ලේ දන් දෙන සීන් එක බැලුවා.. \\ ( අපි උදව් කරපු ඒ බැචා නම් දැන් මූණ බලන්නේ වත්, කතා කරන්නේ වත් නැහැ.. එතරම් ෆිට් එක!) // මේක දැක්කම බැලිල්ල එපා උනා.. අන්තිම වෙනකං කියෙව්වත් උනේ තව කලකිරුණු එක විතරයි..

    දියෙහි යන දණ්ඩට..
    පිහිටක් වෙතත් පෙර සිට..
    දුදනන් හට පිහිට..
    නොවවු යන බස සැබෑ කලෙ මට..

    ReplyDelete
    Replies
    1. ලේ දන්දීම කියෙව්වා? හැක්.... දැක්කද මගේ සම්මානනීය අතීතය... ??

      කළකිරෙන්න එපා අනේ... දියපිට ඇඳි ඉරක් සේ අමතක කරන්න. කැම්පස් එක ඇතුලෙදි සුදනෝ, එලියට ගියහම දුදනෝ වෙන එක තමයි මගේ කණගාටුව

      Delete
  4. ඌ නම් තිලිණයක්ම තමයි අමතක කරන්න බැරි. ඔහොම එවුන් ඉන්නවා අප්පා. මම පුදුම කැපවීමක් කරලා, අනාථ වෙලා හිටිය එකෙක්ව මම වැඩකරපු තැනට ගත්තා. අන්තිමට මටයි, ඌව ගන්න උදව්කරපු මගේ යාළුවාටයි දෙන්නාටම ඒ රටින් පිටවෙලා ලංකාවට එන්න වුනා පවුල් පිටින්ම. ඔන්න අපේ උදවිය. අපිත් පාඩම් ඉගෙනගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම කිව්වා නේද මට අර රට ගිය වෙලාවේ බොසෙක් දීපු උතුම් තෑග්ග? අන්න එයත් හරි හොඳයි. මට නම් අවුලක් ඇති, මම කිව්වේ පරණ කරපු පව් වල ණයක් වගේ???

      Delete
  5. කෙල්ලට තිබ්බ ලව් නහරෙවත් අන්තිමට ඉතිරි වෙලා තිබුනද ? මාර පොරක් තමයි ..

    ReplyDelete
    Replies
    1. ආ... ඒවා ගානට. ඒ ජාතියේම කෙල්ලෙක්. මගේ නම්බුව ගැනවත් නොහිතලා මම සමහර උදව් ඒ කෙල්ලට කලේ. ඒකි එක වචනෙකින් වත් ස්තුති නොකර ඉන්න පරිස්සම් උනා. දෙන්නා බැන්දා.. දැන් ෂෝක් එකට මයිග්‍රෙට් කරලා ඉන්නවා. හොඳයි කාටවත් අංචියක් නොඇද සතුටින් ඉන්නවා නම්, ඒක තමයි සැකසහිත

      Delete
  6. //""අනික් කැම්පස් හැම එකකටම වඩා අපිට සල්ලිත් හොයාගන්න පුළුවන් උනා. ""// පේරාදෙණියට ඇවිත් මේක නොවුනොත් පුදුමයක්, උඹලා ටිකට් නැතුව ඇවිත් ,අපේ එකෙක්කුට මෙහෙම වෙලා තියෙනවා ,අපිට සල්ලි ටිකක් හොයලා දීපල්ලා කිව්වොත් පේරාදෙණියෙන් එත් උඹලට හොයාගන්න් තිබ්බා ඕනේ තරම, හැබැයි මං කියන්නේ 2009 ට පෙර පේරාදෙණිය , අද වෙනකොට එක ටියුෂන් කඩයක් බවට සාර්ථකව පරිවර්තනය කරගෙන යනවා .
    අර යුනියන් ඩයල් එක ගැන නම් කියන්න තියෙන්නේ ඕක තමයි කැම්පස් තුල සමාජවාදීන්ගේ සැබෑ ස්වරූපය . එහෙම නැතුව බැච් එකක යාලුව්ක් මාර්ගයෙන් ආවා නම් ඔක්කොම පහසුවෙන්ම කරගන්න තිබ්බා .
    තිලින ගැන කියන්න තියෙන්නේ නානත්ථ කායා නානත්ථ සංඥා තමා

    ReplyDelete
    Replies
    1. නෑ ඉවාන්, ඇත්තටම ඌ අදහස් කලේ ටිකට් විකුනන්න මහන්සි වෙන්න එපා එතරම්, සල්ලි ටික දෙන්නම් බාගෙක කියල. ඔක්කොම දෙන්න තරම් එකවරම හය්යක් තිබ්බේ නැහැ. මම කියන්නත් 2009 ට පෙර. ඇත්තටම අපිට වැඩිය වෙහෙස උනේ පේරාදෙණියේ ඒ මොහොතේ හම්බවුනු 'නාදුනන' යාළුවො. සමහර උන් නම් මාව සහ අපේ බැච් එකේ එකෙක්ව අදුනනව. පුදුම බැඳීමක් තිබ්බේ ඒ වෙලාවේ. යාලුවෙක්ගෙ මාර්ගයෙන් ආවනම්, අපි නෑවිත් ටිකට් ඔක්කොම විකුණලා සල්ලි එවලත් තියෙයි. ටිකට් වලට අමතරව සල්ලි ගොඩක් ලැබුන අපිට. අදටත් මට පුදුමයි. වැඩිය කියවන්න යන්නේ නැහැ.

      Delete
  7. අපෝ මටනං බොහොම සුලභ අත්දැකීමක්.
    කැම්පස් එකෙන් අවුට් උනාට පස්සේ ඔහොම ය කීයක් හමු උනාද කියල මතක් කරලම බලන්නකෝ.

    මම ඔය වගේ එකෙකුට ලක්ෂ 15 ක් හොයල දුන්න. පස්සේ මගේ රාජකාරි ජීවිතයේ මට කරපු ලොකුම හානිය කරෙත් එකම තමා.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ 15ක්? සාධාරණයි ජීවන.. හොඳටම මදි ඒ ගැන නම්... හෙක් හෙක්.... ඒකනේ ඌ එහෙම කරන්න ඇත්තේ....

      මම උදව් කරපු උන් සමහර වෙලාවට මම දන්නෙත් නෑ , උන් මාව හොයාගෙන ඇවිල්ල හරි, හදිස්සියේ හම්බුනාම කතාකලොත් හරි ඇරෙන්න. ඒත් මට උදව් කරපු උන් නම් මම අදටත් ඊමේල් එකකින් හරි contact කරනවා. මකක් හරි අපේ අවුලකුත් ඇති.. හෙහ්...

      Delete
  8. මුල අමතක වීමේ රෝගය, ඕ යේස්. වෙන කියන්න දෙයක් නැහැ. ඕවා සාමාන්‍යයි. හැමදේම වෙනස් වෙනකොට මිනිස්සුන්ගේ හිත වෙනස් නොවී කොහොම නම් තියෙන්නද උපේක්ෂා?

    ReplyDelete
    Replies
    1. ඔහුගේ මුල මෙතනද කියා මට නම් ෂුවර් නැත.... අනේ ඔව්... ඌ වෙනස් උන හින්ද වෙලාවට ඔලුගෙඩිය බේරුනා කලින්ම, නැත්තම් අනේ මන්ද ඌ අපිව කොහෙටහරි උකස් තියල.

      Delete
  9. ඕවා ඔහොම තමයි! කිසිම තැනක මේ වගේ උන් අඩුවක් නෑ

    ReplyDelete
    Replies
    1. මම වගේ උනුත් ආයේ අඩුවක් ඇත්තෙම නෑ...

      Delete
  10. කෝ මේ උපේක්ෂා ....? නුවර කුමාරිට එන්න කියාපිය , මේවට උත්තර දෙන්න කියාපිය

    ReplyDelete
    Replies
    1. නුවර ආච්චියේ ............නුවර ආච්චියේ ............නුවර ආච්චියේ ............ දැන් කන් ඇහෙනවත් ටිකක් අඩුයි වගේ බන්...

      Delete
    2. මොකද යකුනේ... බොලල්ලා බෙරිහන්දෙන්නේ... මම මේ ගියා සිල් රෙදි ටික වැලේ වනල එන්ට කියල. හතර පෝයටම සිල් ගන්න උන්දැ වෙච්චි... දැන් කෙබර ගගහ ඉඳල වරෙල්ලකෝ මගේ වයසට එනකොට උඹලට උඹලගෙම මුනුපුරු මිනිපිරියෝ රොත්තම බෙරිහන් දෙනකොට තේරෙයි... ලොහ්.. ලොහ්... ලොහ්...

      Delete
  11. Replies
    1. අදුන්නලා දෙන්නද? මට ඉන්නවා ඔය ජාතියෙන් දුසිමක් උනත්? එක එක ලෙවල් එකේ අය. හා කියන්න මොන ජාතියෙන්ද ඕනේ... අපි හරීම helpful මිනිස්සු හරිද?

      Delete
  12. උපේක්ෂගේ කතාව බලලා මම කොච්චර ඉන්ස්පයර් වුනාද කොව්වොත් කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්වා. ඔන්න් ගිහින්ම් බලාපංකෝ මගේ ඩෙනිමට. ලින්ක් මොකටද පාර දන්නවනේ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ වෙලාව? මේකේ AM PM මාරු වෙලා මදිවට වෙලාවත් පැය බාගයක් විතර වැරදිද මන්දා.

      Delete
    2. මේ ගුරත් එක්ක බෑ... හරි හරි ඔන්න හැදුව....

      Delete
    3. ටැස් කොරලා බලන්න ඕනෙ. දැන් වෙලාව 1.02PM බලමු

      Delete
  13. අන්න යාලුවො නම් යාලුවො.... පොර ඇත්තටම වටින ගුරුවරයෙක් තමයි

    ReplyDelete
    Replies
    1. ඉන්ට ඉන්ට මම එහෙනම් ඒ ජාතියෙන් දුසිම් බාගයක් එවන්නම්කො බස්සිගේ ගෙදරටම!

      Delete
  14. ඔන්න ටිකක් මූඩ් හොඳ සති අන්තයක් ආවා බ්ලොග් කියවන්න . ඩූඩ්ගේ පොස්ටුව බැලුවා ඌ මෙතෙන්ට තල්ලු කරා . අනේ අම්මේ ..

    ReplyDelete
    Replies
    1. කියවා ඌය්යා උනාද? එසේනම් කරුණාකර මේ පොස්ටුව කියවන්න....

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...