Friday, October 17, 2014

101. ඔබද මාද ඒ? - 02







මුල් කොටස 

තොරක් නැතුව දුවන නොයෙකුත් ජාතියේ වාහන... කවදත් වගේ යන ගමනක්... බසය කලර් ලයිට්ස් ළඟදී හිරවුනා, එතකොට මගේ හිරවෙච්ච හිත ආයෙත් ලිහිල් වෙන්න ගත්ත.

'මට මෙහෙම ජිවත් වෙලා මොකටද.. '

පාරේ කිළුටු දරුවෙක් කිහිලිගන්නාගෙන යන කිළුටු මවක්.. මගේ හිත ඉරිසියාවෙන් පෑරුනා..

'මේ ගෑනිට කන්න නැතත්.. අඩු තරමේ මිනිහ දරුවෙක් හරි දීල... දරුවෝ ලැබෙනවද ඉතින් උඩබලන් උන්නට.... පො___යා'

මටම දැනුන ඒ කම්මුල්පාර මගේ වම් කම්මුලට වැදුන! මම කම්මුල අතගාල බැලුව. ඔව්, වෙනද වගේම උණුසුම්.

'අපරාදේ මට ඌගේ මුණටම කියන්නයි තිබ්බේ.... හෙහ්..  ඔව්.. මුණටම.. අර ගල් වෙච්ච කොන්ක්‍රීට් මුණට.... '



මගේ ඇතුලේ යමපල්ලෙක් වියරු හිනාවක් තලුමරන්න ගත්ත. මගේ ඇස්දෙක දිලිසෙනවා, නෑ ඒ කඳුළු නෙවෙයි... ප්‍රතිබිම්භයක් නැති කණ්නාඩියක්..

බසය ආයෙත් යනකොට මගේ ඉරිසියාව අරගෙන අර කිළුටු ගැහැණිය ඒකිගේ පාඩුවේ යනවා. කොතරම් නපුරුද? එහෙම පාඩුවේ යන එක?? උන්ට වැඩිය දරුවෝ හදන්න දෙන එකත් නරකයි.

"කොල්ලුපිටිය බහින්න.... කොල්ලුපිටියා.... "

ආයෙත් වයිබර් මෙසේජ් එකක්.

".....තව බහිනවා.. .....තව බහිනවා..  .....තව බහිනවා.. හරි යං හරී "

මෙතෙක් වෙලා තිබ්බ බර අරගෙන මගියෝ බැහැල ගිහිං , බසය අද්දල යන්න පටන් ගත්තේ සුපුරුදු ගමනට වඩා වේගයෙන්.

"It was really good. I enjoyed it "

මම හිනාවෙන මුහුණක් වයිබර් කරලා ආයෙත් දුරකතනය බෑගයට එබුවා. පොඩියට නැගුනු අවලන් හිනාවකුත් එක්ක.ඒ අවලන් හිනාවට තිබ්බේ තප්පර තුනක ආයුකාලයක්. මගේ වේලිච්ච ඇස්දෙකට අලුතෙන් ගාපු මස්කාරා වේලිලා නැතුව උනත්, ප්‍රධාන මාර්ගයෙන් පහළට යන සඳුන්ගේ මෝටර් රථය වරදින්න විදියක් නැහැ.

ඔව්.. ඒ සඳුන්ගේ මෝටර් රථය...!

දෙගිඩියාවක් නමුත් කුමක් හෝ ආවේගයක් මාව ආසනයෙන් උස්සලා බෙල් එකේ අත පැටලෙව්වා.... ඊළඟ නැවතුම අතළඟ තිබ්බ රියදුරු තිරිංගය තදකලේ මාව ඉදිරියට විසිකරවමින්.

"බහිනවා නම් කලින් ගහන්නෙපෑ බෙල්ලෙක...... වාඩිවෙලා ඉඳගෙන නින්දෙන් ඇහැරිලා වගේ......"

තවත් දේවල් කිව්වත් මගේ කනට ඇහුනේ එපමණයි. බසයේ තිරිංගයෙන් අවහිර උන ත්‍රිරෝද රථයක රියදුරු දිහා නොබලාම මම පිටුපස ආසනයට පැන්නා.

"අන්න අර පාරෙන් යං.. ඉක්මනට.. කෝ ඉක්මනට..."

රියදුරු ඉක්මන් කරන අටියෙන් මම ආසනයේ දඟලන්නට උනා. පසුපස බලන කණ්ණාඩියෙන් නොනවත්වා බලමින් තරුණ රියදුරු රථය පනගන්වා පාරට ගන්න විටම, ප්‍රධාන පාරෙන් අතුරු පාරට රිංගන සඳුන්ගේ රථයේ පස්සා කොටස මගේ ඇස ගැටෙනකොටම, තවත් අයෙක්ගේ ඇස් මගේ ඇඟේ ගැටෙනබව මට ඉවෙන් මෙන් වැටහුනා.

"...  ඉස්සරහ පාරෙන් දකුණට දාන්න.... "

මම මගේ අවුකන්නාඩි දෙකෙන් මාව වහගන්න හිතුව. ඒ වගේම ගැඹුරට කැපුණු බ්ලවුස් කරේ පෙනෙන කොටසත්! මම කරන්නේ කුමක්දැයි හරියටම නිච්චියක් නැති උනත්, මන්තරකාරයෙක් ඉන්නා ගුහාවක් හොයාගෙන යන ඇලඩින් කෙනෙක් ගැන විතරයි මට මතක් වුනේ.

ඔව්.... සඳුන් නමැති මන්තරකාරයා.....

'හෙහ්.... උඹ? උඹ එතකොට පත්තිනි අම්මද ? අනේ පට්_ වේ_!!! සඳුන් මොකක් කලත් හිත්වදිනවද උඹ කරපු දේවලට?'

එකෙක් හිනාවෙනවා, එකෙක් අඬනවා... තව එකෙක් බලාගෙන ඉන්නවා.... මම අර රථයෙන් ඇස් නොගෙනම තව එකෙක්ව මෙහෙයවනවා.

'මොනවද මම හොයන්නේ?  දැකිය යුතු දෙයක්ද?'

ඈතින් යන සඳුන්ගේ රථය ගෙදරක් අසලින් නතර වුනා.

මම මගේ මාතලිට කිව්වා මගේ රථයත් ඒ මොහොතේම නතර කරන්න. උකුසු ඇස් තිබ්බේ මට පමණක් නෙවෙයි. ඒත් එළියට ඇහෙන තරම් සද්දෙන් පපුවේ ඇතුල දෙදරන්න ගත්තේ, ත්‍රිරෝද රථයේ අලුත් සෙටප් එකත් පරදවාගෙන.

'දැන්... කෙල්ලෙක් බහීවි... ලස්සන , සුදු, සෙක්සි කෙල්ලක්'

හැලහොල්මනක් නැහැ...ටිකකින් ලොකු ගේට්ටුවේ පොඩි දොර ඇතුලට අරුන , ඒ එක්කම.... රථයේ පිටුපස දොරින් එකවරම කෙනෙක් එළියට පැන්නා! කැරලි  ගැහුණ හුරතල් කොණ්ඩ කරල් දෙකක් පැළඳගත් හුරතල් කෙලි පැටික්කියක්...

'හඃ '
මගේ හුස්ම හිරවුනා.
කවුරුන්හෝ පිටුපසින් පැමිණ එකවරම හිස ඉදිරි කණුවේ ගැසුවාක් මෙන් ඇස්දෙක නිලංකාර වී ගොස්, ඉවතට විසිවෙන්නාසේ දැනුනෙන් මම තදින් ආසනය මිරිකාගත්තා.

'බල්ලා! තෝ මේකයි එහෙනම් මේ සෙල්ලම..... හොරගෑනිගේ දරුවෝ ගෙනත් ඉස්කෝලෙන් බස්සනවත් ඇති....'

"මිස්.... මොකද්ද අවුල? කවුද ඒ මිස්? මහත්තයද?"

 කටෙන් බාගයක් ඇරගෙන , විස්සෝපයෙන් උන්නු මාව සිහිඑලවන්න ඒ වචන ටික ඇති උනත්, මම ඒ වෙලාවේ හිස් කඩදාසියක් උනා. මම බලාගෙන ඉන්නකොටම සඳුන්ගේ රථය නැවතත් ගමන් ආරම්භ කර අවසානයි.

'ඔව්.... අවසානයි'

"ගාන කීයද ?"

මීට පැයකට කලින් මගෙන් ඇසියයුතු ප්‍රශ්නයක් ත්‍රිරෝද රථයේ රියදුරුගෙන් අහල, උත්තරේ මොකක් උනත් රුපියල් සීයක් දික් කලේ අහක බලාගෙන.

"මිස් පරිස්සමෙන්... ඒ ගෙදරට යන්න එපා.. කවුද දන්නේ කොයිවගේ අයද කියල? ඒ ගෙදර මහත්තය මම දැකල තියෙනවා "

එකවරම දැල්ලට අල්ලපු අතක් වගේ, මගේ බැල්මෙන් පිච්චුන රියදුරු සද්දයක් නැතුව ත්‍රිරෝදයත් අරගෙන ආපහු හැරුන.

'ඇත්තටම මොකද්ද මම කරන්නේ? ඒ ගෙදරට යනවද? ආපහු යනවද??' ටික වෙලාවක් මම අහස බැලුව. අවුකණ්නාඩි වලට කොහොමත් අහස පේන්නේ කැතට.. ඒත් අද වලාකුළු ඇඳලා තිබ්බේ මගේ මුණ... ඔරොගෙන ඉන්න මුණ.. අද උදේ ගිගුරුම් වරුසාව මගේ හිත ඇතුලේ ආයෙත් වහින්න ගත්ත, අව්වක් තියෙද්දීම

"මම ගියා ඊයේ ෂොපින්"
"තනියෙම? (විශ්මයක්) .... හ්ම්ම්... (බිම බලා ගැනිල්ලක්)"
"මම ගියේ බොරැල්ලේ, හවුස් ඔෆ් ෆැෂන්"
"හ්ම්ම්... "
"............"
"සල්ලි ඇති උනාද? අද සල්ලි ඕනෙද?"

මගේ දරුණු බැල්ම සඳුන්ට නොපෙනෙන්නේ, ඔහු කියවන පත්තරේ හින්ද. පත්තරේ කියෝන ගමන් නිවිච්ච ගතියෙන් මම දුන්න දුම් දමන තේ කෝප්පය බොන ගමන්. තේ කෝප්පයට වඩා දුමක් නැගෙන්නේ මගෙන්....

"ඇයි මට මෙහෙම කරන්නේ සඳුන්? "
"..............."

නිහඬ පත්තර බැලිල්ලක්. ඒ එක්කම නැගිටගොස් හෝදන තේකොප්පය මට දරන්න බැරි අරියාදුවක්!

"මම කියන දේ ඇහෙනවද? අහගෙනද ඉන්නේ?"

මම තීව්‍ර හඬින් ඇහුවේ එහි බරක් දැනෙයි කියල, කම්පනයට ඉබ්බෙක්ගෙන් පිහාටුවක් වැටෙයි කියල.

ගෑනියෙක් නොඉවසන නිහැඬියාවක්!! 

අහස දෙස බලාගෙන හිටියා ඇති.. දැන් බිම බලන වෙලාවයි...

********************************************
To be cont...
ඊළඟ කොටස 

ප.ලි. මෙහි කොමෙන්ටු වලට උත්තර දෙන්න පරක්කු උනාට සමාවෙන්න. ඔක්කොම ලියල මිසක් උත්තර දෙන්නේ නැහැ කියල හිතන් හිටියේ...

33 comments:

  1. අම්මෝ..................................
    තවත් කුතුහලය අවුස්සලා......................
    මොනවද උපේක්ෂා මේ කරන්නේ............................
    ඉක්මනට අනිත් කෑල්ල දානවද තරහ නැතුව ( තරහ ඇතුව හරි කමක් නෑ දාන්න)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ජීවන ඔබේ අපේක්ෂාවන් ඉෂ්ට උනේ නැතුවට.. ඔක්කොම දෙන්න තිබ්බනම් කියල මට හිතුනත්, පුද්ගලික හේතුවක් හින්ද අන්තිම කොටස පමා උනා.

      Delete
  2. අප්පේ ලියලා ඉවරනම් ඔක්කොම් දාපං බං, ..හා හා ඉක්මනට

    ReplyDelete
    Replies
    1. ආපහු කොටස් දෙකම කියෙව්වා උපේක්ෂා ..ඇත්තටම මේ වගේ මූසල වටපිටාවක් අකුරුවලින් හදන්න ඔයා දක්වපු දක්ෂ කම මටනම් පුදුමයි. කතාව කියවනකොට අර ඔයා කියන කාලකණ්නිකම පිටත් දැනෙනවා දැනෙනවා වගේ... මේ තමයි හැකියාව සුපිරියි උපේක්ෂා හෙවත් අපේ නුවර ආච්චි :P

      Delete
    2. ඉවාන්, මට පේන්නේ උඹ වගේ උස්සං ගිහිං කරකෝල අතාරිංට වගේ තමා තනන්නෙ. :D
      //සඳුන්ගේ රථය නැවතත් ගමන් ආරම්භ කර අවසානයි. 'ඔව්.... අවසානයි'// නියම නැමිල්ල.
      //ඔව්.... සඳුන් නමැති මන්තරකාරයා.....
      'හෙහ්.... උඹ? උඹ එතකොට පත්තිනි අම්මද ? අනේ පට්_ වේ_!!! සඳුන් මොකක් කලත් හිත්වදිනවද උඹ කරපු දේවලට?'
      එකෙක් හිනාවෙනවා, එකෙක් අඬනවා... තව එකෙක් බලාගෙන ඉන්නවා.... මම අර රථයෙන් ඇස් නොගෙනම තව එකෙක්ව මෙහෙයවනවා.// චිත්ත අභ්‍යන්තරය.
      //මගේ වේලිච්ච ඇස්දෙකට අලුතෙන් ගාපු මස්කාරා වේලිලා නැතුව උනත්, ප්‍රධාන මාර්ගයෙන් පහළට යන සඳුන්ගේ මෝටර් රථය වරදින්න විදියක් නැහැ.// සාමාන්‍යෙයන් ලේඛකයන්ට නොඑන අදහස්.
      මේවා තමා (තව මේකෙම තියෙනවා) උපේක්ෂා සත අනන්‍යතාවය. ජය!

      Delete
    3. ස්තුතියි ඉවාන් සහ V

      Delete
  3. මාස ගාණකට කලිං දාපු කතාවක් ආපහු දාන්න මතක් වෙලා තියෙන්නෙ...
    මං හිතුවෙ උපේක්ෂට කතාව අමතක වෙලා කතාව උපේක්ෂා සහගත වෙලා කියල
    ඕ යේස

    ReplyDelete
    Replies
    1. හෝ ව් හෝව් පළවෙනි කොටස දැං දැක්කෙ...
      මං හිතුවෙ අර ෂොපිං කම්ප්ලෙක්ස් සීන් එකේ ඉතිරි කතාව කියල...
      හැබැයි ඒකම වෙනස් කරලද මංද...
      උපේක්ෂා වහාම උත්තර දෙනව හොදයි
      දන්නවනෙ නැත්තං....

      Delete
    2. ටැපලිලා නේද?
      නෑ මේ ඒ කතාව නෙවෙයි. ඒක පොඩ්ඩක් කේස් උනා. දැන් ලියන්නම හිතෙන්නේ නැහැ. මේ කොටස ඊළඟ කොටසත් එක්කම එක දිගට කියවන්න.

      Delete
  4. මේක මරු.... ගුප්ත ගති කියෙන මිනිස්සුත් එකක් ජිවත් වෙන එක මාර අමාරුයි... ගහන බනින එවුන් ඉවසතෑකි... ඒත් මේ වගේ උන් නං පුදුම කරුමයක් තමයි...

    ReplyDelete
    Replies
    1. හි.. හි... හිරු... එහෙම මිනිස්සු ඉවසන්න අමාරුයි සාමාන්‍ය ගැහැනුන්ට. මොකද උන් හැමවෙලේම යමක් බලාපොරොත්තු වෙනවා. ජීවින් උනහම එහෙම තමයි.

      Delete
  5. කාරෙකෙන් එලියට පැන්න කෙලි පැටික්කි කෙරේ වයිරයක් ඇති නොවී ඇහේ හුරතල් බව දකින්නත් ඒ සනයේම මිනිහා කෙරෙහි වයිරයක් ඇති වන්නත් මනුස්ස සිතිවිලි වෙනස් වෙන විදිය හරි අපුරුයි උපේක්ෂා.

    ළමයෙක් නැතිව පීඩාවෙන් ඉන්න කොට දැලින ළමයින්ට ආදරේ හිතෙන්නත් ළමයින්ගේ අයිතිකාරයන්ට ඉරිසියා හිතෙන විදියත් අපුරුයි නේ. තමන් ගැනම දුකක් ඇති වෙනවා නේ.

    කතාව කියන්න තිබුණු හදිස්සිය නිසාම රසේ බැහැලද මන්දා, එත් කොහොම හරි අහග කුතුහලයක් ගැටගහලා දාලා. හෙක් හෙක් බොලා හරි කපටියි බන්

    //අහස දෙස බලාගෙන හිටියා ඇති.. දැන් බිම බලන වෙලාවයි...//

    පට්ට බන් බොලගේ අකුරු ඇමිනිල්ල.

    හෙක් //නිහඬ පත්තර බැලිල්ලක්. ඒ එක්කම නැගිටගොස් හෝදන තේකොප්පය මට දරන්න බැරි අරියාදුවක්!// ඔය සීන් එකනම් මැයි අපේ අම්මගෙයි සෙඊදියක් වගේ බන්. හෙක් හෙක් බලන්න ඕනා අම්මගේ මුණ එතකොට.

    රේස් දුවනවා කියලා ඔහොම දුවන්න එපා බන්, හැක් සිරාවට මේකේ මුල් කොටස කියවද්දී මට මතක් උනේ බලපු ඉරානියන් ෆිල්ම් එකක් එකේ කොල්ලව බලෙන් කසාදෙකට පටලවනවා, ඌ හැබැයි සමලින්ගිකයෙක්, හිතාගන්න පුලුවන්ද කතාව යන විදිය. මට හිතුනෙත් මේකේ මුල් කොටස කියෙව්වම එහෙම. හෙක් හෙක්, බොලගේ රේස් දිවිල්ල නිසා කතාවේ රස බස්සන්න එපා බන්.

    //අහා මේ එක නෙවේ, බොලා නිදා ගන්නේ නැද්ද? ඇදෙ මම නම් 7 වෙද්දී ගෙදර සෝෆා එක උද දපලා, පස්සේ අම්මම කා ගහලා ඇඳට යවනවා, යේ උදේ 7 වෙනකන් දොයි. හරියට නිකන්

    හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනවා මට ඇහෙනව
    උඹට කලුවේ හුඟක් හොරද හැන්දෑවට නින්ද යනව
    අඳුර ඇවිත් මගේ නළලට නම් මන්තරයක් කියනව
    ඒ එක්කම ඇහැ පියවිලා එලි වෙනතුරු නින්ද යනව

    හෙක් හෙක් මක්කාවත් හිතන්න එපා බොලට නෙවේ තලු ගහනවා කිව්වේ හරිය :D//

    ReplyDelete
    Replies
    1. සොමියා.. ස්තුතියි මම කියන්න ගියපු සමහර තැන් ඔබට දැනිලා කියල කියනකොට පොඩි සතුටක් දැනෙනවා. ඒ වගේම දුකකුත්. ඊළඟ කොටස මේ කොටසත් එක්කම කියවනවා නම් හොඳයි.

      Delete
  6. ඊගාව කොටස දාපියෝ..... උඹ මෙහෙම ගියොත් අපිට හාර්ට් ඇටෑක් හදෝනව. මේක පට්ටයි ඈ...

    ReplyDelete
    Replies
    1. බස්සි.... බයවෙන්න කාරියක් නෑ...... එක දිගට දාන්න බැරිවුනා ඔක්කොම. ඒ හින්ද රසය වගේම ගතියක් නැති වෙලාදෝ කියලත් හිතුන.

      Delete
  7. අසංතෘප්ත ජීවිත.. ජීවිතේ (ආදරේ) කොච්චර හිඩැස් තියෙනවද නේද? ලොකුම දුක පිරෙන්නම ඕනි තැන් හිස්ව තියනෙක. ඒත් ඉතින් හැමෝටම බෑනේ මෙච්චර ලස්සනට මේ දුක උනත් අකුරු කරන්න.. ඉතුරු ටිකත් ඉක්මණට ලියන්න. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. දුක අකුරු කරන එක එතරම් ලේසි නැහැ, මොකද ඒ වෙලාවේ ඒ දුක ඒ විදියටම විඳිමින් ලියන එක, එක අතකට ආවේසයක් වගේ. එකෙන් මිදෙන්නත් වෙහෙසක් ගන්න වෙනවා. නමුත් මේ සිද්ධි සහ මිට අනුබද්ධ සිද්ධි මාව වෙනස් විදියට හිතන්නෙක් කරපු හින්ද මේ විදියට ලියන්න මම උත්සහ කළා. බලමු...

      Delete
  8. කොන්ක්‍රීට් මුහුණ කියන යෙදුමට මම ආසයි. ඒ මුහුණ තියන එවුන් ඔය වගේ තමා.

    කොටස් දෙකම ඉතාම ආසාවෙන් කියෙව්වා. හරිම දක්ෂ විදිහට කථාව ලියනවා. ඉතිරිය කලබෙලෙන් ලියා දමන එකක් නැහැ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉල්ලුමට කඩිනම් සැපයුම හැම ට්‍රේඩ් එකටම හරියන්නේ නැහැ කියලා උපේක්ෂා දන්නවානේ :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ දිරිගැන්වීමට. ඔව්.. හිතුවාටත් වඩා ලොකු කාලයක් ගත්ත. ඒක එක අතකට කියවන්නා අපහසුතාවයට පත් කළා වගේ... සමාවෙන්න

      Delete
  9. මේක නම් පුදුම වලියක් නේ ... සිරාවටම ලියල තියෙනවා කියන්නේ සිරාවටම ලියල තියෙනවා ඒ කියන්නේ සිරාවටම ලියල තියෙනවා ...

    ReplyDelete
  10. ඉතුරු කොටස..................!! ඒක දානකම් මොකුත් කියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික දැම්ම. දැන් බැනපල්ලා

      Delete
  11. මෙච්චර බොක්කේ බිත්තර තම්බන්න බෑ!!!

    ReplyDelete
    Replies
    1. Festival season නිසා බිත්තර ගණන් ගොහින්ද?

      Delete
  12. මම සඳුන්ව ගැන විනිශ්චයකට එලඹෙන එක ඊ ලඟ කොටස කියවනකල් කල් දැම්මා. ලියවිල්ලේ පැහැදිළි දියුණුවක් පේන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ්.. මම ඉගෙන ගන්නවා ඩුඩ්... මගේ පරණ තත්වයට එන්න නම් තව ලියන්න වෙයි

      Delete
  13. Sujeewaaa prasannaaratchi. Kisima wenasak Naha. Sujeewa prasannaaratchi wagemay,pani berena bolandakama....!

    ReplyDelete
    Replies
    1. Thanks.... Appreciates your feedback.
      ස්තුතියි මම වාගේ පොඩිම පොඩි කාලයක් ලියපු කෙනෙක් එක්ක ලොකුම ලොකු පොත් ගොන්නක් ලියපු හාදයෙක් සැසඳුවට. ඔව් මම ප්‍රවීණයෙක් නෙවෙයි, තාමත් දණගාන ලියුම්කරුවෙක් මිසක් ලේඛකයෙක් නෙවෙයි. සමාවෙන්න ඔබේ පැතුම් ඉටු නොවුනානම්. මම උත්සහ කරනවා ඉදිරියේදී. ඒ හැම වෙලාවකදීම ඔබේ විවේචනය අගයකොට සලකනවා.

      Delete
  14. කතාව යන පැත්ත හිත ගන්න පුළුවන්.
    // කොන්ක්‍රීට් මුහුණ
    සඳුන්ගේ මේ මුහුණට යටින් සංවේදී හදවතක් තියෙනවා කියල කියන්න පුළුවන් . මොකද ඔහොම මුහුණු තියෙන අය ගොඩක් සංවේදී අය

    ReplyDelete
    Replies
    1. ජජ් කරන්න එපා.. හි.. හි....

      Delete
  15. අනේ මන්ද.. කොහෙන් හරි මෙහෙම තැනකමයි නවත්තන්නේ..

    ReplyDelete
    Replies
    1. කොහෙන් ගියත් අපිට හම්බෙන්නේ මාවත් බෙදෙන තැනක්. නැත්තම් අපි එකම මාවතේ යයි කෙළවරක් නැතුව. එහෙම වෙනවද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...