මුළු ගෙදරම ඇත්තේ මුසල කමක්.. කලබලෙන් වහපු පැන්ට්‍රි සින්ක් එකේ වතුර වැටෙන සද්දේ පවා මට ඇහුනේ මට ඔලොක්කු කරනවා වගේ. මිට විනාඩි දෙක තුනකට කලින් මේ ගෙදර බිත්ති දෙදරන්න බෙරිහන් දීපු මගේ කටහඬම ආයෙත් මගේ පැත්තට හැරිලා ඇහෙනවා වගේ මට දැනුනේ...
"... මොනවද උඹට මගෙන් ඕනේ... කියපන් මෝඩයෝ?"
මගේ හඬ ගිගුම් දුන්න බව මට මතක් වෙන්නේ දැනුයි.
ඔක්කොම ඉවර වෙලා කුණාටුවෙන් පස්සේ මම ඇදන් වැටුනේ සුපුරුදු සෝෆාව උඩට. අත්දෙක ඔලුවේ තියන් මම ඇත්තටම කිසි දෙයක් කල්පනා කරන්නේ නැතුව අහන් හිටියේ මගේම ගිගිරුමේ දෝංකාරය..
ගෙදර තිබ්බ මොකක් හරි දෙයක් සඳුන් අරගෙන ගිහින් වගේ, මට මොනවහරි හොයන්න ඕනේ කළා... ඒත් ඒ වෙනුවට මම කලේ දුරකථනය අරන් තීක්ෂණට වයිබර් කරපු එක..
උදේ ඇතිවුන කතාබහ දුරදිග ගිහින්, අවසානෙදි කවදත් වගේ මම පුපුරා හැලුනත් සුපුරුදු විදියට සඳුන් එයාගේ කොන්ක්‍රීට් මුණ දාගෙන ඉන්නකොට මොන ගෑනිටද ඉවසන්න පුළුවන්? හැමදාම එකම කාලසටහනට දුවන බල්ලෙක් වගේ සඳුන් දුවනවා. මමත් ඒ කාල සටහනේ විදියට කරලා දෙන ටිකට, අඩුම තරමේ බැනුමක් බැනපන්? හොඳක් කියපන්? එක්කෝ ගහපන්? නැත්තම්... මොකක් හරි....
"තමුසේ මාව වහලෙක් කියලද හිතන් ඉන්නේ"
කොතරම් දවසක් මෙහෙම අහල ඇද්ද? හැමදාම ඒ හිස් හිනාව මම කොහොමද දරන්නේ? පිරිමියෙක් වගේ රණ්ඩු නොවෙන පැපොල් ගහක්? ආයෙත් මම තීක්ෂණ ගේ රිප්ලයි එක කියෙව්වා...
"meeting around 1.30? today? at usual place?"
මම තුවාල වෙලා, පිටින් නෙවෙයි ඇතුලෙන්. මේ වෙලාවට මටත් ඕනේ කළා ලොකු කටු පඳුරක් තව ඩිංගක් සීරෙන්න. මම ඒ උනාට උත්තරයක් ඇරියේ නැහැ. තීක්ෂණ ටයිප් කරනවා කියල මට පේනවා..
"Not possible today? or not gonna meet again?"
දුරකථනය සෝෆාවට විසි කරලා මම පැන්ට්‍රියට ගියා. සින්ක් එකේ පුරවලා ඉඳුල්. ඒ වතුරෙන් නාගන්න හිතෙන තරමට හිත ඔද්දල් වෙලා.
'බල්ලෙක් මූ..... මාව කෑවා... '
'නැත්තම් මූ කලේ බොරුවක්ද? '
'වෙන්න බෑ... '
'පවුලේ එකම දරුවා.. වැදගත් පවුලක්... වැදගත් රස්සාවක්... අහන හැමෝගෙන්ම මම ඇහුවේ සඳුන්ගේ හොඳමයි. '
නිහඬ ජිවිතයක් ගතකල මට හැමදාම පවුලෙන් එල්ල වුනේ විවාහයකට ආරාධනයකට වඩා තර්ජනයක්. එහෙත් සඳුන් දුටු පළවෙනි මොහොතේ පටන්, ඔහුගේ ඒ නිවුණු , තැන්පත් පෙනුමෙන් මගේ අන්ධකාරය කොතරම්දැයි මට පසක් උන නමුදු විවාහවී මසක් යනතුරුම කිසිදු වරදක් නොපෙන්වා හදිසියේ මෙවන් පීල්ලකට මාරු වන්නට.. මම කල වරද කුමක්දැයි අදටත් ඔහු පවසා නැත.
ඔව්... මම එදා නම් කල වරදක් නැත...
අද වනවිට බොහෝ දේ වෙනස්ව ගොසිනි. ඔහුද, ඒ වාගේම මමද.... එදා සිහිනෙකින් පවා නොසිතන ජිවිතයක් මම අද ගත කරමි. පෙරදා නිවුණු ගැහැනියක වූ මා අද කෝපයෙන් දැවෙනා වෙඩි කෑ වල් ඊරියක සේ නිවස ගිගුම් දෙන්නට බෙරිහන් දෙයි. ඔහු ඉදිරියේ ද්‍රෝහියෙකි.
ඒ ද්‍රෝහිකම මගේ පළිගැනීමේ ආයුධයයි... ඔව්... ඔහුගෙන් වෙනුවට මගෙන්ම!
සින්ක් එකේ ඉඳුල් වතුර තුලින් පෙනෙන මගේ ප්‍රතිබිම්බයේ කළු ගැහුණු ඇස්දෙකක් දිස්වුනා. කඳුළු නොනැගෙන ඇස්දෙකකින් කුමක් කල හැකිද? කරාමයෙන් වැටෙන වතුර බිඳුවකින් බොඳවෙලා ගිය ඒ ප්‍රතිබිම්බය දෙදරවමින් දුරකථනය නාද උනා.
ඉක්මනට ඉක්මනට ඉතුරු ටික ඕනෙ. මේක පට්ටයි. කුතුහලේ උපරිමයි
ReplyDeleteඑකක් දැම්ම... කියෝලා ආයෙත් බැනපල්ලා මට
Deleteතව ටිකක් දිගට ලියහන්කෝ මේ වගේ ඒවා ලියනකොට .නැත්තන් සේරම ලියල එක සැරේ පබ්ලිෂ් කොරහන්
ReplyDeleteහි.. හි... හිටු හිටු... කෙටි කීවට මෙව්වා මෙගා කෙටි කතා...
Delete//ඒ ද්‍රෝහිකම මගේ පළිගැනීමේ ආයුධයයි... ඔව්... ඔහුගෙන් වෙනුවට මගෙන්ම / / මෙතන තමා කතාවේ කුතුහලය තියෙන්නේ, බලමු ඊලනග කොටස , උපේක්ෂා හරිම දක්ෂයි හැගීම් අකුරු කරන්න
ReplyDeleteස්තුතියි ඉවාන්....
Deleteකම්මැලි ළමයා කෝ මේකේ ඉතුරුවා???? ලියන යද්දී මොලේට පහල වෙච්චා විසුක්කා කරලා ටු බී කන්ටිනුව්වක් ගැහුවා නේද? ඌ යේස් ඔය සෝපාව උඩට පත බෑවුන කියලා ලියලා තියෙන්නේ. හැක හැක. බොලා ඉතින් ඔන්න මේ ලිපිය මට දැන් අර ගහක කොලයක් කරලා තියෙන්නේ, එක උස්සලා එකේ ඉන්න කුරුමියා බලනකන් දැන් ඉතින් හිටුකෝ මේ ළමයා එතනට කුරුමිනියෙක් තියනකන්. :D
ReplyDelete//සින්ක් එකේ ඉඳුල් වතුර තුලින් පෙනෙන මගේ ප්‍රතිබිම්බයේ කළු ගැහුණු ඇස්දෙකක් දිස්වුනා. කඳුළු නොනැගෙන ඇස්දෙකකින් කුමක් කල හැකිද? කරාමයෙන් වැටෙන වතුර බිඳුවකින් බොඳවෙලා ගිය ඒ ප්‍රතිබිම්බය//
පට්ටයි ඈ, සින්ක් එකේ තිබිච්ච ඉඳුල් වතුර වලින් දැක්කේ හිට ඔද්දල් වෙලා ඉඳුල් වෙලා ගිහිල්ල ඉන්න තමවමද? කළු ගැසුණු ඇස දෙකන් කඳුළු නාවට ඒ ඇස වලින් කඳුළ සඟවාගන්න මොනවාද කලේ? වතුර අස්සෙන් පෙනුණු තමන්ව දෙදරවන්න තරම් වැටුණු වතුර බින්දුව මොකක්ද උපේක්ෂා? සින්ක් එකේ ජරා වතුරටත් වැඩිය තමන්ගේ හිත ජරා වෙලාද? සැකයෙන් වයිරයෙන් කුතුහලයෙන් හ්ම්ම්ම්.
එතකොට මොකාද මේ තීක්ෂණ? සඳුන්ගේ කොන්ක්‍රීට් මුහුණ අස්සේ හන්ගන් ඉන්නේ මොනවාද? ඒ කුණාටුවෙන් පස්සේ ඊළඟට එන්නේ ටයිෆූන් එකක්ද?
ජයවේවා, අකුරු අමුනලා තියෙනවා ආවේගයකින් වගේ, ඒ හැඟීම් තමන් අත්වින්දා වගේ. ඔහොම යන්කෝ බෝලාගේ ටු බී කන්ටිනිව් ගැන මට නම් සුවර් නැහැ, අර කලබල කතාවේ පොඩි එකා තාමත් නිදි, එක්ව නැගිට්ටුවන්න හිතෙන්නෙත් නැහැනේ. හෙක් හෙක් ජය වේවා.
හි.. හි... මම ඒ තැන්වලදී උත්සහ කළා පරිසරය එක්ක හැඟීම් මිශ්‍ර කරන්න. අසාර්ථකද මන්ද. අවුලක් නෑ.. ඔක්කොම ඉවර වෙලා අඩුපාඩු කියන්නකෝ සොමියා.
Deleteහි.. හි.... කලබල පොඩි එකා ඔහේ හිටපුවාවේ. උන් ඇහැරුනාම මහා කරදරේ.. ඔන්න දැම්ම තව කොටසක්.. කියෝලා බැනපල්ලා..
පටන් ගද්දිම නවත්තලා. ඕවා ඔට්‍ටු නෑ නගේ........... ! ලියන්නයි කිවුවෙ ඉතුරු ටික
ReplyDeleteගැත්තාට අනුකම්පා කොරන්ට, තරහ අවසර.. ඔන්න ඇබින්දක් ලියල තිව්ව
Deleteඔය කොන්ක්‍රීට් මුණ කියන එක මමත් දානවා සමහරවෙලාවට ... හෙහ් හෙහ් ..හැඟීම් විරහිත මුණ කියන එක නේද ඔයා අදහස් කලේ ... කොටින් ම කිව්වොත් ඕනෑම වලියක් අස්සේ මට ඔහොම ඉන්න පුළුවන් .. කිසි දෙයක් හිතන්නේ නැතුව . වලිය දාන අනිත් මිනිහ ගැන තරහකුත් නැතුව . එතකොට මගේ මුනත් නිකන් කොන්ක්‍රීට් වගේ වෙනවා ඇති ...
ReplyDeleteවහාම ඉතිරි කොටස දාන්න බලන්න . .....හෙට සෙනසුරාද සමහර විට වලියක් දාගන්න ඉඩ තියෙන දවස ...
කොන්ක්‍රීට් මුහුණේ ඇති අතිමහත් පොරෝජනේ දන්නේ එව්වා එක්ක වැඩකර එයින් මහත්පල මහානිසංස නෙලාගත් උන් මිස අන් කවරෙක්ද? හුහ්.. මට දැම්මොත් ඔය මූන මම දෙනවා කුළුගෙඩි පාරක් ආය නෑ එක පාරයි!
Deleteපැතුම්... වලියක් සඳහා සැරසෙන ඔබට මගේ සුබපැතුම්
කලිං පෝස්ට් එකට රිප්ලයි නොකල එකට මගේ බවලත් මෙව්වා එක????????????????????
ReplyDeleteඔබේ මෙව්වා එක හන්දා මෙව්වා දැම්මෙමි
Deleteනෝ කොමෙන්ට්ස් බිකොස් කතාව මැද අතරමන් කලාට.
ReplyDeleteකුතුහලය ඇවිස්සීම බරපතල දඬුවම් ලැබියහැකි වරදකි.
දින දෙකක් ඇතුලත ඉතුරු කොටස පොස්ට් නොවුනහොත් චීන හැකරුන්ගේ සහය ලබාගැනීමට අකමැත්තෙන් වුවද සිදුවනු ඇත.
බා.................යි
චීනෙන් කිව්වා? අම්මේ.... මගේ දනිස් පොල්කටු දෙක වදිනවා 'ටක ටොක' ගගා. චීනෙන් ගෙන්නපු අනිත් ඒවගේ හැටියට 'හැකරෙක්' ගෙනාවොත් හෙම කොහොමට හිටීවිද?
Deleteඔන්න මම දැම්මා.. චීනෙට නම් කෙල බින්දුවක් හෙලන්ට එපා මේ ගැන!
දරුණු සීන් එකක්ද මන්දා
ReplyDeleteදරුණු බව සාපේක්ෂය!
Deleteහුටා, මම මේක කියෙව්වේ දෙවෙනි කොටස කියෙව්වට පස්සේ.
ReplyDeleteඅය්යෝ හෙන්රි... පරක්කු වෙලා එනකොට දන්නේ නැද්ද රූල් එක? අන්තිම පේලියේ කිව්වා නේද උන්නේ ඒ දවස් වලත්?
Delete