Sunday, October 26, 2014

104. අස්සයා මැරුණු ජොකියෙක් වීමි..





මගේ ක්‍රීඩා ජිවිතයේ පාසලේ මතකයන් මම ලියාගෙන ආවා. ඉවර උනේ නම් 11න් පහළ කණ්ඩායම විදියට සෙල්ලම් කරලා පරාජයක් එක්ක ගෙදර ආපු මතකයෙන්.


මේ කතාවේ මුල්ම කොටස 

මේ කතාවේ ඊළඟ කොටස


මට ඊට පස්සේ උන දේවල් උනත් හරියටම අනුපිලිවෙල මතක නැති අවුලක් තියෙනවා. නමුත් වෙච්ච සිද්ධි නම් මතකයි.

ඔය කාලේදී අපේ පුහුණුකරු වෙලා හිටපු සර් නගරයේ අනිත් ප්‍රධාන ගැහැණු පාසලෙත් පුහුණුකරු. අපිට නම් මේන් හෝල් එකේ ඇඳපු කොට්ස් කෝට්ස්  දෙකක් ඒ දවස්වල තිබ්බත් අනිත් ඉස්කෝලෙට එහෙමවත් තිබ්බේ නැහැ. මේ හින්ද ඒ ළමයි එක්කගෙන සර් අපේ ඉස්කෝලෙට එනවා. කොහොමහරි අපි නිතර Friendly matches ගහනවා.

බොරු බේගල් කියන්නත්, පුරසාරම් කියන්නත් අකමැති උනත් මම ලියන්නම්... ඒ දවස්වල මම unbeatable category එකේ හිටියේ. ඒ වගේම අපේ කණ්ඩායමත් අනිත් කණ්ඩායමට පැරදෙන්නෙ හරිම අඩුවෙන්.

ඔහොම ගතවෙනකොට, මම හිතන්නේ මගේ කණ්ඩායමේ අනිත් උන් එක එක හේතු හින්ද ක්‍රීඩාව give-up කළා. මගේ වයසේ හිටපු අනිත් උන් දෙන්න නම් හරියටම හේතුවක් දන්නේ නැහැ. අක්කලා හිටපු අය නම් සාමාන්‍යපෙළ හින්ද කියල තමයි කිව්වේ. කොහොමත් අධ්‍යාපනය සහ ක්‍රීඩාව කියන්නේ මට නම් බද්ධ වෙච්ච දෙයක්. මම කවදාවත් ඉගෙනගන්න බාධාවෙනවා කියල ක්‍රීඩාවෙන් ඉවත් උනෙත් නැහැ එහෙම වෙනවා කියල විස්වාස කලෙත් නැහැ.

අන්තිමට මම ඇරෙන්න මගේ කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩාව නතර කළා.

ඉතින් මම අස්සයා මැරුණු ජොකියෙක් වගේ උනා....!! 




මගේ වයසට අදාළ කිසිම කණ්ඩායම් තරගෙකට යන්න මට ඒ හින්ද බැරි උනත් මට ඕක වැඩිය ගානක් වෙලා තිබ්බේ නැහැ. කොතරම් තරඟ මට මගෑරුනද කියන්න මම දන්නේ නැහැ. මොකද එහෙම එන තරඟ ගැන මට කොහොමත් පණිවිඩ එන්නේ නැහැ, ආවත් මට ඉහලින් හිටපු 'අක්කලා' අතින් මට ලැබෙන්නෙත් ඔවුන්ට ඕනේ නම් පමණයි.

ඔය අතරේ YMBA එකෙන් සංවිධානය කරන මධ්‍යම පළාත් තරඟ වලට ඔන්න ලිපියක් ඇවිත් තියෙනවා කියල සර් කිව්වා. මගේ නමත්, අක්කලා සියල්ලන්ගේම නමත් දැම්ම බවත්, මම 'සිංගල්' පමණක් සෙල්ලම් කරන බවත් මට අක්කලා විසින් දැනුම් දීල තිබ්බ. මට ඉතින් උලෙ හිටියත් පිලේ හිටියත් සෙල්ලම් කරන්න තියෙනවා නම් ඊට එහා දෙයක් අහන්නෙම නැහැ.

කොහොමහරි ඔය තරඟ තිබ්බේ පේරාදෙණිය කැම්පස් එකේ. මගේ පළවෙනි පේරාදෙණි ගමන. කවදත් වගේ මගේ ඉබි ගතිය යන්තමට මම යන තැන ගැන ගෙදරට කිව්වා මිසක් තරඟයේ කිසිම වෙන තොරතුරක් මම කිව්වේ නැහැ. කොහොමත් කිසි කෙනෙක් එතනට එන්න ඕනේ කියන බලාපොරොත්තුවක් වත් මගේ හිතේ තිබ්බේ නැහැ. මම ගියේ ඉස්කෝලේ අනිත් අක්කලා එක්ක. එයාල කොහොමත් මට වඩා වැඩිමල්, ඒ මදිවට මගේ කණ්ඩායමේ නෙවෙයි. මම කණ්ඩායමක් නැති එකියක් නේ...

කොහොමහරි ඩ්‍රෝ එහෙම දාල දැන් අපි වෙන වෙනම සෙල්ලම් කරනවා. මම ගැහුවේ සිංගල් විතරයි. මට අපිත් එක්ක ගහපු අපේ අනිත් ඉස්කෝලේ කෙල්ලොත් හම්බුනා ප්‍රතිවාදියා විදියට. මම හොඳින් සෙල්ලම් කළා. කිසිම චියර් එකක් මට දෙන්න අපේ ඉස්කෝලේ අක්කලා උනන්දුවක් දැක්වුයේ නැත්තේ, ඔවුන් ඔවුන්ගේ කණ්ඩායමේ හිටපු කෙල්ලන් උනන්දු කරවීමට යුහුසුළු වෙලා හිටපු හින්ද. මට කිසි ගානක් නැහැ ඕකේ, මොකද මම කොහොමත් මගේ පාඩුවේ ඉන්න එකී.... ඉස්කොලේදීත් ප්‍රැක්ටිස් ගියාම උන් මාව වැඩිය ගණන් ගන්නේ නැහැ.

වැඩේ උනේ දෙවැනි දවසේ...

පලවෙනි දවසේ දිනපු ඩ්‍රෝ එක අනුව දෙවැනි දවසේ සෙල්ලම් එනකොට එක තරඟයකින් පස්සේ මට තව තරඟයක් තියෙන බව ප්‍රධාන ඩෙස්ක් එකෙන් දැනුම් දුන්නම මම කලේ අදාළ කොට් එක ගාවට ගිහිං මගේ අම්පයර් එනකල් බලන් ඉන්න එකයි ( සුදානම් වෙනවා නම් ඊට අදාළ දෙයක් කරනවා). කොහොමත් මේ වගේ තරඟ වලදී වැඩිමල් ක්‍රීඩිකාවක් හෝ වෙනත් පාසලක අත්දැකීම් ඇති අයෙක් තමයි අම්පයර් විදියට යොදවන්නේ. මොකද පළපුරුදු අය යොදාගන්න තරම් මේ සංගම් වලට වත්කමක් නැති හින්ද. වැරද්දක් නැහැ, ඒක සාමාන්‍යයි.

මෙහෙම මම හිටගෙන ඉන්නකොට මගේ පැත්තට හිනා වෙමින් ආවේ අපේ ඉස්කෝලේ ඉහල කණ්ඩායමේ අක්ක කෙනෙක්. ඒ එක්කම පැත්තකින් තව අක්ක කෙනෙක්.

"උපේක්ෂා එක්ක සෙල්ලම් කරන්නේ දුලීකා.... අපේ ඉස්කෝලෙම හින්ද මටම අම්පයර් කරගන්න කිව්වා..."

මෙහෙම කියාගෙන ආවේ 'මියුරු' අක්කා. ( මේ ඇගේ ඇත්ත නම නොවේ. මේ හා සමාන නමක්) විශේෂ ප්‍රසාදයක්වත් , අමනාපයක්වත් මට ඈ එක්ක තිබ්බේ නැහැ, ඒ වගේම මම කොහොමත් ගණන් ගන්නෙත් නැහැ.

ඔන්න ටොස් එක දැම්ම. මම ටොස් එක පැරදුනා. මම සාමාන්‍යයෙන් ටොස් එක පැරදුනාම පොඩ්ඩක් විතර ගැස්සෙනවා. මොකද මන්ද... කමක් නැහැ කියල මම හිත හදා ගත්තේ ඒ දුලීකා අක්කට අභියෝගයක් වෙන්න මට පුළුවන් වෙයි කියල හිතේ තිබ්බ හින්ද. මම හිතට ගත්ත 'ඕනේ එකක්, මම උපරිමේ කරනවා' කියල.

ඔන්න ගේම් එක පටන් ගත්ත. ගේම් එකේ හැටියට ෂට්ල් එක වැටුනොත් අනිත් කෙනාට සර්විස් එක දෙන්න ඕනේ. මම මුලින්ම සර්විස් එක ගත්තා. දැන් මගේ ඉස්කෝලේ අනිත් අක්කලා ටික දුලීකා අක්කට චියර් කරන්න ගත්ත. මට ඒ වෙලාවේ දැනුනේ මම වේගෙන් දුවන දුම්රියකින් ඔලුව එලියට දැම්ම වගේ. ඒ චියර් ඔක්කොම හීනෙන් වගේ ඇහෙනකොට..... මම කලේ මගේ වීරියෙන් දුවල පැනල සෙල්ලම් කරපු එකයි. ඔව්... මම එයට වඩා ලකුණු රැස්කළා.

කොහොමත් ලකුණු තත්වය කොයි වෙලෙත් අම්පයර් විසින් කාටත් ඇහෙන්න කියනවා. අපිත් පුද්ගලිකව මතකේ තියාගෙන ඉන්නවා. මම දන්නා සමහර ක්‍රීඩකයෝ/ක්‍රීඩිකාවෝ ඉන්නවා අම්පයර්ගෙන් සියපාරකට වඩා අහමින් ඌ වෙහෙසට පත් කරන. සමහරු එහෙම කරන්නේ ජොලියට, සමහරි තියෙන නැහැදිච්ච කමට.... නමුත් අම්පයර් බැඳිලා ඉන්නවා කවූරුහරි ලකුණු තත්වය ඇහුවොත් කියන්න.

මම දැන් මගේ ලකුණු අනුව අදාළ කොටුවේ ඉඳන් සර්විස් එක දාන්න සැරසෙනවා.

"උපේක්ෂා.. ඔයා 8යි. අනිත් කොටුවේ"

අම්පයර් කියපි! හෑ.. මේ දැන් මොහොතකට කලින් මම ලකුණක් අරගෙන නේ 9 උනේ... මම දැන් කල්පනා කරනවා. මට වැරදිලා වෙන්න ඇති. ඔව් මම 8යි, අර අක්ක 5යි. ඔන්න ඉතින් මම ඉරට්ටේ පැත්තේ ඉඳන් සර්විස් එක දානවා. ආයෙත් මම ලකුණක් ගත්ත. නවයයි.. හිතින් මම හදාගෙන ඔත්තේ පැත්තේ කොටුවට ගිහින් සර්විස් එක දාන්න හදනවා...

"උපේක්ෂා.. ඔයා 8යි. අනිත් කොටුවේ"

හෑ ..... මෙන්න ආයෙත් මම 8යි ලු!!!

ඔන්න ඔහේ කියල මම ආයෙත් ඉරට්ටේ පැත්තට ගියාට මට යන්තම් වැඩේ මීටර් උනා.

ඒ පාර මගේ අතින් ෂට්ල් එක වැටිලා දුලිකට සර්විස් එක යනවා. සාමාන්‍යයෙන් වෙන්නේ සර්විස් එක දෙනවා විතරයි. තමුන් සර්විස් කරලා ඕනේ ලකුණක් ගන්න. මෙන්න බොලේ අරයට සර්විස් යනකොට ලකුනකුත් වැඩි වෙලා ඇහෙනවා.... ආයෙත් මම සර්විස් එක ගත්ත කොහොමහරි.

වැඩේ මේකයි.... එයාලගේ කණ්ඩායමේ යාළුවා දිනවීමේ පුංචි අහිංසක උත්සහයක් ඇතුලේ යනවා. වැටත් නියරත් ගොයම් කා නම්... කිව්වලු... මම කොහොමද අපේ ඉස්කෝලෙම කෙල්ලෙක් හොරට අම්පයර් කරනවා කියල ගිහින් කම්ප්ලේන් කරන්නේ?

ගේම් එක ඉවර වෙන්න පොයින්ට්ස් 11ක් ගන්න ඕනේ. මම පොයින්ට්ස් 8 ඉඳල 9 වෙන්න පස් වතාවක් විතර ලකුණු ගන්න ඇති. අන්තිමට මැච් පොයින්ට් ( ඒ කියන්නේ අවසන් ලකුණට එකක් අඩුවෙන් එක්කෙනෙක් ඉන්නකොට - මම 10යි) එක වෙනකොට දුලීකා අක්කා හිටියේ පොයින්ට්ස් 7ක් එක්ක. ( අම්පයර්ගේ ප්‍රසාද ලකුණු සමග)

එක දෙයයි මට කල්පනා උනේ.... මියුරු මම දිනුව කියනකල් මම ගහනවා.....

ඔව්... 10 ඉඳල පොයින්ට්ස් දශම ගණනින් එකතු කරලා මම 11ක් අරගෙන ගේම් එක දිනලා ෆයිනල්ස් ගියා....

අද මේ වෙනකල්වත් මම මේ ගැන මේ එක අක්කෙක්ගෙන්වත් අහල නැහැ, අහල වැඩක් නැති හින්ද.

ෆයිනල්ස් නම් පුතේ.. මම කෑවා... හැබැයි මම Runner up Cup එක හරි ගෙනාව කිසිම චියර් එකක් නැති ශාලාවක මැද්දේ තනියෙන් සෙල්ලම් කරලා.

30 comments:

  1. ඕකට කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා , නම මියුරු වුනාට වැඩ කොහොමද
    අර පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා සින්දුව තියෙන්නේ ඔය වගේ අයට

    ReplyDelete
    Replies
    1. ආ... මෙයා විතරක් නෙවෙයි... තව කට්ටිය උන්නා කණ්ඩායමේ... මම පස්සේ කියන්නම්කො තව විස්තර. ඉදිරි කතාවලදී ඔවුන් ඉවාන්ගේ මිතුරියන් වෙයිද දන්නෙත් නෑ

      Delete
    2. හෑ ,...... මගේ මිතුරියෝ

      Delete
    3. http://miyuruworld.blogspot.com/ මේ ඔය මියුරු නෙවෙයි නේද?

      Delete
    4. අපෝ නැහැ මිත්‍රයා.... මියුරු කියන්නේ ඇගේ (මම කියන) නියම නම නෙවෙයි. මේ ඇය නොවෙයි කොහොමත්ම

      Delete
  2. ඕක මට කරා මම උසස් පෙළ කරපු ඉස්කෝලේ පීටී සර්. මේක මගේ හර්ඩ්ල්ස් වල ටයිමින් දුන්නේ අනෙකාගේ ටයිමින් ශීට් එක බලල. පස්සේ දැනගත්තේ පලවෙනියගේ කෝච උය කියල.
    මම මොනවත් කියන්න ගියේ නෑ මොකද ඒ දවස් වල ඇතලැටික් උන හොඳ වෙලා තිබුන හන්ද.

    ReplyDelete
    Replies
    1. තව කට්ටිය ඉන්නවා ජීවන.. මම දන්නවා මෙහෙම උන එකම , පළමු සහ අවසාන ඉස්කෝල කෙල්ල මම නෙවෙයි කියල. ඒ හින්ද අදටත් මේ වගේ කතා ඕනේ වෙලාවක ඕනේ ඉස්කෝලෙකින් හොයාගන්න පුළුවන්.
      මට ඇත්තටම ජීවන බැඩ්මින්ටන් 'උණක්' තියෙන්නේ සහ ඒ දවස්වල තිබ්බේ. අදටත් ඒ උන ඉඳල හිටලා උග්‍ර වෙනවා. ඉස්සර තරම් දරුණු නැහැ. චිකුන්ගුන්යා වගේ තමයි!

      Delete
  3. මම නම් මලාට පිට්ටනියකට බැහැපු නැති එකෙක් හින්ද මේ වගේ සීන් නෑ ... එකම එක පාරක් සපෝර්ට් මීට් එකට මීටර් 100 දුවන්න තෝරාගන්න තරගෙදි දුවන්න ගිහින් අන්තිමය වුණා .. හෙහ් හෙහ් මට හොඳට මතකයි අනිත් උන් පන කඩාගෙන දුවද්දී .. අනේ මට කම්මැලියි කියල බාගයක් විතර දුවල හෙමින් හෙමින් දිව්වා ... අවුලක් නෑ ඉතින් අනිත් උන් දිනලා ආතල් එකේ ඉන්නවා .. මමත් පැරදුනා කියල ගානක් නැතුව ආතල් එකේ ඉන්නවා ......

    කොටින් ම කිව්වොත් එකම එක ක්‍රීඩා සහතිකයක් වත් නෑ මට .... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අහන්නත් දෙයක්ද... මට ෂුවර් ඕකටත් විද්‍යා ප්‍රබන්ධයක් ලිය ලිය ඉන්ට ඇති මුල්ලකට වෙලා. මට අවුට්ඩෝ සෙල්ලම් පොඩ්ඩක් අමාරුයි. ඉන්ඩෝ ගේම්ස් නම් ඕනේ එකක්.

      Delete
  4. සැහ් ඔය වගේ වෙලාවට දැනෙන දුකනං කියල වැඩක් නෑ...
    තරගේ දිනුවත් පැරදුනත් තමන්ට කවුරුවත් නෑ කියල දැනෙන කොට

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මට එහෙම ඉන්න පුළුවන් ඉස්සර. යකඩ උනත් කන්න පුළුවන් තරම් මට දරාගෙන ඉන්න පුළුවන් උනාට මම දන්නවා මගේ හිත හරි ඉක්මනින් රිදෙනවා. රිදුනත් දරාගෙන ඉන්න පුළුවන්කම ඉස්සර උපරිමයි.

      Delete
  5. එක්කෝ උඹ ඩ්‍රින්ක් එකක් දාගෙන ඉන්න වෙලාවක මේ කතාවට සෑහෙන සමාන කතාවක් හෝ මේ කතාවම ලිව්වා හෝ මම ඩ්‍රින්ක් එකක් දාගෙන ඉන්න වෙලාවක් උඹේ බ්ලොගේ මේ කතාවට සෑහෙන සමාන කතාවක් හෝ මේ කතාවම කියෙව්වා කියලා මතකයක් ආවා. මෙහෙ බොන්න නැති නිසා ඩ්‍රින්ක් එක දාගෙන ඉන්න ඇත්තේ උඹම වෙන්න ඕනේ කියලා හිතලා මම පළවෙනි සහ දෙවෙනි ලින්ක් දිගේ ගිහින් අර කණ්ඩායමක් හැටියට තනියම සටන් කරපු කතාව කියවලා ආවා.

    අනේ බොල මම අර කලිනුත් කිව්වා වගේ ටිකක් ටයිම් දීලා පෝස්ට් දාපංකෝ. මොකක්ද උඹට තියෙන තදියම? මේ ටික දාලා අර මේ වෙනකොට කීපදෙනෙක්ම කලා වගේ බ්ලොග් ලෝකෙන් විශ්‍රාම ගන්න හෙම අදහසක් තියෙනවද උඹට?

    මොනවද බං මේන් හෝල් එකේ ඇඳපු කොට්ස් කියන්නේ? ඇඳන්ද? මම හිතුවා කොට්ස් තියෙන්නේ ඩෝම් එකේ කියලා. :D

    මට උඹේ කතාව ගැන කියන්න තියෙන්නේ එකම එක වචනයයි. ඒ තරම් කේන්තියි. ඒ වචනේ තමයි.

    BITCHES!

    (Font size 200)

    ReplyDelete
    Replies
    1. ආනේ... චීයා.... ඔයා මෙයාල කරපු අනිත් වැඩ අහන්නෙත් නැතුවම ඔය වචනේ කිව්වද ඈ ?? චා චා... බෝම වැරදියි.... හෝල් එකේ කොට්ස් ! හෙහ්... ඇඳන් තමයි බන්, කොටු කොටු...

      අම්මප කවුද දැන් කිව්වේ දාපු ගමන් කියවන්ට කියල? පෝස්ටු දැක්කට නොදැක්ක වගේ ඉඳල, ( අර Mr .Bean එයාටම නත්තල් කාඩ් දාගෙන එයාම ඒවා දැකල පුදුම උනා වගේ) දවස් දෙක තුනකට පස්සේ පුදුමෙන් ඇවිත් බැරියැ කොමෙන්ටුවක් ගහන්න... හඃ

      Delete
  6. හෙහ් හෙ... නමට ගැලපෙන පොරක්නෙ මචෝ ඔයා!! මම මේ එහෙම එකෙක් දැක්කමයි!

    ReplyDelete
    Replies
    1. මම නම් යුනික් තමයි. ඒත් මට විස්වාසයි මෙහෙම සිද්ධි අදටත් අපේ ඉස්කෝලවල වෙනවා අනන්ත. ඔව් ඉන්දික, මට ඇත්තටම කියන්න දෙයක් මෙතන තියෙනවා ( ඔබ ඉස්මතු කරපු නිසා කියන්නම්) මම පොඩි කාලේ ඉඳන් මේ සිද්ධි වලට මුණදුන්නේ තනියෙම. ඒ වගේම මම වයස ඉතාම පොඩි කාලෙත් මගේ නමේ තේරුම හොයල හැම වෙලේම නමේ අර්ථයට ගැලපෙන්න සිතුවිලි වෙනස් කරගත්ත. මේක සුරංගනා කතාවක් නෙවෙයි. ඔක්කොම කිව්වොත් පුදුම වෙයි. මම ඒ ගැන කතාකරන්න වැඩිය කැමති නැත්තේ, ඒවා විස්තර කරන්න ගියහම මගේ සමහර අමිහිරි මතකසටහන් ආයෙත් වලවල් වලින් එලියට පනින හින්ද. නොකියාම බැරි උනොත් විතරක් කියන්නම්....

      Delete
  7. හෙක් හරිම ලොල් සහගතයි නේ? මම නම් ඔය අංග පත වෙහෙසන ක්‍රීඩා කරන්න ගියේ නැහැ :D, එනිසාම කැරම් චෙස් තමා තොර ගත්තේ, හම්මේ චෙස් තෝරා ගත්ත එකේ වාසිය, කෙල්ලෝ කී දෙනෙක්ගේ කකුල් පාගලා ඇතිද :D :3, එතකොට කෙලින්ම කෙල්ලෝ කී දෙනෙක්ගේ මුණ දිහා බලන් මැචස් ඉඳලා පැරදිලා ඇතිද? :D

    එතකොට කැරම්, කැන්ටින් එකමයි මතක් වෙන්නේ යුනි ආවට පස්සේ. :D

    එතත් බොලාට කියන්න අන්තිම කාලේ ඉස්කෝලෙන් ගෙනියන්න තියෙන්න සබ්ජෙක්ට් අවොර්ඩ්ස් ටිකයි චෙස් සහතික ටිකයි විතරයි, එනිසාම පිටියට බැස්ස ඒ ලෙවල් කරන කාලේ, අන්තිමේ තුන්දෙනෙක් හිටපු මීටර් 800 දිවා බොලන් මන්, දුවලා තුන, මම ආඩම්බරෙන් කියනවා මම ඒ ඉසව්ව ඉවර කොරලා තමා පස්ස බැලුවේ.

    තව සැරයක් හවුස් එකේ සංවිධායක කළා මෙලෝ පිටිය උලව්වක් කරපු නැති එකෙක් වෙච්ච මාව, හම්මේ කාපු කට්ට. ඒ බන් අපි කටු කන්නම ඉපදිච්ච එවුන්ද කොහෙද :O

    ඔහොම කපන සීන් දැන් තමයි දැනෙන්නේ? කොච්චර බඩ බැඳන් කලත් අන්තිමේ පලක් නැහැ. කමක් නැහැ අත්තාහි අත්තනෝ නාතෝ කියනවනනේ, සතුටුයි බන් බොලගේ කැපවීම දැක්කම.

    ReplyDelete
    Replies
    1. චෙස් වලට එන්න කියල කිව්වත් මට ඔය එකතැන ඉඳල කරන සෙල්ලම් හරි කම්මැලියි.

      මීටර් 800 කිව්වා නේ? හෙහ්.. සොමියෝ.. අන්තිම නිවාසාන්තර ක්‍රීඩා තරඟයේ 19න් පහල මීටර් 800 දුවන්න කෙනෙක් නැතුව අන්තිමට මගේ පාත්තරේට කඩන වැටුනනේ ඕක! මම මෙලෝ ලෑස්තියක් නැතුව ඒ වෙලාවේ ඇදගෙන ගිහින් හිටෝලා, ඩොන් කියල වෙඩිල්ලකුත් තියල දුවපන් කිව්වා. අම්මපා මම හිතුවෙම මම මැරෙයි කියල. හුහ්.... ඒ උනාට මම 3 උනානේ!! මොකද දුවන්න හිටියෙත් තුන්දෙනයි...

      ඒත් ඒ සහතිකේ මගේ ක්‍රීඩා ගුරුතුමී මට දුන්නේ නැහැ ඉස්කෝලෙන් එනකොට.. හෙහ්.. උන්දැ ඒකෙන් රජවෙලා ඇති මයෙ හිතේ!

      Delete
    2. මටනම් මැඩල් කටුවකුයි සහතිකෙකුයි හම්බ උනා කොට්ටාස උන්ගේ අතින්. හෙක් හෙක් ඔන්න බල්ලෙක් හරි පන්නුවානම් උසේන් බෝල්ට් පරාදයි, එහෙනම් මම එක. කොහෙද මම නම් කියන්නේ ඔය ඔලිම්පික් අරවගේ මේවගේ දුවද්දී පස්සෙන් ඔය කොටියෙක් හරි මොකෙක් හරි පස්සෙන් පන්නන්න දාන්න ඕනා, එහෙම හිතෙන නැද්ද?

      ෂෙක් බොලාට නම් මොකක් හරිම කරුමයක් තියෙනවා, නැත්තන් බන් එකේ සහතිකේ තියාගෙන උන්දැට මහලු කාලේ ගිනි තපින්නද? මාරම කැපිලිනේ, නෙදකින් විතරක් ඔහොමත් ගුරුවරු, අන්න එකට අපේ උන්දැලා, ඇත්තමයි මම ඉස්කෝලේ හිටිද්දී ඉස්කෝලෙට ආපු 3 වැනි පිනා ඇරෙන්න අනිත් ඔක්කොම ගුරුවරු බුදුන් දැක නිවන් දකින්න ඕනා. විශේෂයෙන් මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් හදපු 7 වසරේ කරුණාරත්න මිස්. එතකොට ජිවිතේ රස විඳින හැටි කියලා දුන්නු 2 වසරේ හිටපු ආච්චි ටීචර්, අඩෙනවා මතක් වෙද්දිදී :'( උන්දැලා දැන් කොහෙද දන්නෙත් නැහැ.

      Delete
  8. ඔහොම තමයි සාමන්යෙන් එක පතේ බත් කන උන්

    ReplyDelete
    Replies
    1. ඔව් වොව්.... තව ඉස්සරහට කියන්නම් ඇත්තටම මෙයාල කොයි වගේද කියල... දැන්ම තීරණේකට එන්නැත්තම් හොඳයි..

      Delete
  9. කැන්ඩි.. ඩොන්ට් වොරි ඩියර්.. අම්මල තාත්තලා හුඟා....ක් දුර හිතල මතල තමයි ඔයාට ඔය නම දීල තියෙන්නේ.. උපේක්ෂා.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ.... මුන් මට එක එක කයිකතන්දර කියනවා හරී....................යට

      Delete
  10. එපාම කරපු කෙල්ලො ටිකක්. ඒකට වෙන කියන්න දෙයක් නෑ.
    ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ යාලුවො එක්ක සෙල්ලම් කළා ඇරෙන්න මම මේ වගේ දේවල් නොකළත්, ඒ වෙලාවෙ ඔයාට දැනෙන්න ඇත්තෙ කොහොමද කියල නම් තේරෙනව.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් පුදුමයි හිතනකොට මම කොහොම හිටියද කියල. ඇතුලාන්තේ ඉන්න මගේ සංවේදී කෙල්ල දුකින් මිරිකුනත්, පිටින් හිටපු ශක්තිමත් කෙල්ල මාව ආරක්ෂා කළා...

      Delete
  11. මේ හලෝ තමන්ට වඩා වැඩිමල් අයට ගරු බුහුමන් කරන්න ඕන...කොහෙද වැඩිහිටි ගෞරවය කියන එක උඹලගෙ ගෑවිලාවත් තියනවය?...අපේ දෙදහස් පන්සිය වසරක ප්‍රවුඩ ඉටිහාසෙ මුඩුං මල්කඩ වෙලා තිබ්බෙ වැඩිහිටි ගහුරවේ..දන්නවද? උඹල ඉතිං කොහෙද? අර මාලු දැල් කෑල්ලක් ගහපු එකෙං මලට තඩිබාන්ට පුලුවං උනාම හිතන්නෙ මම තමයි පොර කියල...එහෙම හරි නෑ බං..

    අර මියුරු ළමයා ඇවිල්ල නියම සිංහල කුළ කාන්තාවක්..විසාකා යසෝදරා ප්‍රජපතී ගෝතමී ආදී වූ කුලවමියන්ගෙ පරපුරෙන් පැවත එන ඉස්ත්‍රී රත්නයක්. ඒ උත්තමාවි ලැහැත්ති වෙලා තියෙන්නෙ උඹ වගෙ නැහැදිච්චි එකියකට අපේ සිහල කුල සිරිත් මතක් කරල දෙන්ට. කොහෙද ඒක තේරෙනවය උඹට? මොකද කොරන්නෙ ඉතිං? අර ඒඩ්ස් වලටයි තව මොකකටදයි බෙහෙත් නෑය කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. ආ... එන්ට එන්ට තුමෝ... එනකල් උන්නේ.....
      ඔව් වොව් අනේ... මම නොදන්නවාද ඔබතුමාගේ ආදුරුසවත් උපහැරන ! ඉස්තිරික්ක රත්වෙලා කිව්වා? හා එහෙනං මැදගන්ට බැරිය ඔය බොස්තරක්කේ... කඩුකස්තානේ එහෙම!

      ආය මක්කටද සුනංගු වෙන්නේ.. ඉතිරි කොටහත් දෙසාබාලම ගියානං!

      Delete
  12. අනේ බං උපේස්ස ඇත්තට කෙල්ලො ඔය වගේ කුප්ප වැඩ කරනව අපි අනන්ත දැකල තියේ ඒත් අපිට ඒ ගැන කියන්න කට ගහන් යන්න බැරි හන්ද සද්ද නැතිව ඉන්නව...
    මොනා වුණත් කොල්ලො අතර ඔහොම සීන් අඩුයි....
    මංදමම එහෙම නං අර අම්පයර් කරපු එකී එක්ක ගේම ඉල්ලනව...
    වැඩිය ඕන නෑ ඔයා එක්ක ගහන්න බැරි එකා කෝමද ෆයිනල් ගහන්නෙ ඒක වත් ගොං හරක්ට තේරිලා නෑ නෙව...
    හුගක් මිනිස්සු අපේ රටේ යන්න ස්වාර්තය තමන්ගේ කමකියන දේ කුහක විදියට ඔලුව උඩ තියාගෙන ඉන්න උං කවදාවත් ඉස්සරහට යාමක් නෑ ැමදාම පස්සෙ...
    නෙද්දකිං හිතෙනව

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්...
      කෙල්ලෝ මාර විදියට කුහකයි. කණ්ඩායම් වැඩවලදී කොල්ලෝ එතරම් දක්ෂ නැති උනත් කණ්ඩායමක් විදියට හිතලා වැඩකරනවා. ඒ වගේම පොඩි පොඩි කෝන්තර හින්ද තමන් ඉන්න නැව හිල් කරන්න හදන්නේ නැහැ. කෙල්ලෝ ඒ අතින් අන්තිමයි. වැඩේ කරන්න දක්ෂ උනත් සාමුහික හැඟීම් හරිම අඩුයි.

      හොඳයි... මම ගේම ඉල්ලුවා කියමු. ගිහින් ප්‍රධාන ඩෙස්ක් එකට පැමිණිලි කරනවද මගේම ඉස්කෝලේ කෙල්ලෙක් හොර කරනවා කියල? සාක්කියට කවුද ඉන්නේ? මගේම ඉස්කෝලේ අනිත් ඔක්කොම ඒ ටීම් එකේ... එතකොට ඇතිවෙන්නේ කොයිවගේ තත්වයක්ද? ගලේ පහරපු එකාට වෙච්ච දේ නේද? මගේ අවුරුදු 14දී තිබ්බ මොළේට නම් තේරුනේ ඔය ටික. අදටත් මම හිතනවා මම ඒ කරපු දේ, දීපු ප්‍රතිචාරය නිවැරදියි කියල. අසාධාරණේ තමයි, නමුත් උන්ට ඊට වඩා යමක් කරන්න බැහැ.
      ආවේගශීලි උනාට හරි යන්නේ නැහැ. නිවැරදි ඉත්තා අදින්න ඕනේ.. නැත්තම් තුරුම්පු අතේ තියාගෙන පරදින්නේ.

      Delete
  13. හරි හරි උපේක්ෂා බුලට් එක . ඕනේ වැඩකට දක්ෂ කෙල්ල . ඉවරනේ කතාව :P

    ReplyDelete
    Replies
    1. හි.. හි... ආන්න තේරුනා ලකියට නියමෙට... ඒ එකෙක්වත් කෝ මගේ දක්ෂතාවය ගැන මෙතරම් ලියල තියෙද්දී කතා කලාද? නෑ !! අර නරක, ඉරිසියාකාර, මට අන්චිම අදින කෙල්ලෝ ගැන කිව්වා මිසක්කා....

      එයාල හොඳයි. මම හොදා..................යි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...