මම ලියාගෙන ආව මගේ බොස්ලා ගැන මෙන්න මෙහෙම
එක දෙයක් ගැන ලියන්න හිතාගෙන ගත්තම, තව අතුරු කතා මැද්දට ඇවිල්ල, මුල් කතාවේ ගලායාමට හරස් වෙනවා. ඇත්තම කියනවා නම් ඔය අතුරු කතා ඉතින් වෙන තැනක කියන්න බැහැනේ. ඉතින් නොලියත් බෑ.. මොකද වැදගත් මාතෘකාවක් දාගෙන මේ වල් පල් ලියනකොට තමයි කට්ටිය පලු අරින්නේ නැතුව කියවන්නේ... බලන්න අර රවී... කොතරම් පැසසුම් ලබනවද කියල?
මේ ටික ලියන්න හිතාගෙන නෙවෙයි උන්නේ.. කොහෙද අර 'අශාන්' කියල කොල්ලෙක් ( මම හිතන්නේ කොල්ලෙක් කියල... වැරදි නම් මෙව්වා වෙන්ට ඕනේ! ) ප්‍රශ්නයක් ඇහුවම තමයි මේ බොස්ලා ටික මතක් උනේ...
මම වලක්වන්න බැරි හේතුවක් හින්ද ඩුබායි' කියල රටක් තියෙන්නේ.. ආ.. ඔව් වොව්.. අන්න එහෙ ගියා. ගියා කියන්නේ ඉතින් අත්දෙක වන වනම තමයි ගියේ. මොකද හිටපු රස්සාවට ආයුබෝවන් කියල, කිසිම රස්සාවක් නැතුව තමයි යන්න උනේ.
ඔහොම ගිහිල්ල මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් මට ලාංකික ( ලංකාවේ තාත්ත උනත්, ඌ එංගලන්තේ හැදිලා තියෙන්නේ.. අනේ මන්ද කොහොම ලාංකික වෙනවද කියල..) මනුස්සයෙක් එහෙ කරගෙන යන මෘදුකාංග කොම්පැනියක රස්සාවක් ලැබුන, හැබැයි උන් කලේ මාව එහෙ ලොකුම ලොකු IT කොම්පැනියකට අවුට්සෝස් කරපු එකයි. ඒ 3000 කට වඩා වැඩකරපු කම්පනියේ හිටපු එකම ලංකාවේ කෙල්ල මම විතරයි. ඊටත් වඩා වැඩේ කියන්නේ 99% ක්ම හිටියේ ඉන්දියන් අය! ( හා දැන් කියන්න හෙන්රියෝ ඔයාගේ අදහස... හෙක්.. ඔයා හරි මනාප කට්ටියක් නොවැ )
මාව නිකං කළු ප්‍රිසමේකට දාල වැහුව වගේ අන්ධකාරෙට වැටුන පලවෙනි දවසේ නම්. මොකද අමුතු ඇක්සන්ට් එකක් එක්ක ඉංගිරිස් කතාකරන ඉන්දියන් මිනිස්සු අතරේ මම අතරමන් වෙලා ගියා. මට තිබ්බේ මැනේජ්මන්ට් රෝල් එකක්. ඒ මදිවට මට මැනේජ් කරන්න තිබ්බේ මට වඩා ලොකු, ඉන්දියන් කාරයින්ව. මගේ ඉවසීම කොතරම්ද කියල මනින්න මට මේ රස්සාව පුදුම විදියට උපකාරී උනා.
දැන් කියන්න හැදුවේ රස්සාව ගැන නෙවෙයිනේ... මොනවද මේ කියන මල කෝලම් ලොකු කම්? හෙක්... ( ඒ අපේ අය්යා... දන්නැද්ද... උගේ හැටි)
ඔන්න දවසක් ගියපු ගමන්, මගේ ළඟ හිටපු ඉන්දියන් මනුස්සය මගෙත් එක්ක කතාව. ඒ වගේම කාමරේක ඉන්න වයසක ඉන්දියන් එකෙක් මගේ ගාවට ඇවිල්ල කතා කළා. ඔහු තමයි 'උන්නි' ( ඉන්නි නෙවෙයි අනේ.. උන්නි... වෙලාවට උන්නි මේ සිංහල කියවන්නේ නැත්තේ) උන්නි තමයි මගේ රිපොටින් මැනේජර්. උන්නි නිවුණු ගති තියෙන, නිතර හිනාවෙන් මුණ සරසාගෙන ඉන්න කෙනෙක්, ඇත්තටම ඔහු මම ආස ජාතියේ බොසෙක්. මගේ ළඟ හිටපු හාදයා එක්ක කන්න යනකොට මටත් කතාකරගෙන යන්නේ. හැබැයි හොර පාරෙන් එන වරප්‍රසාද මට නොදෙන්න ( නොමිලේ බුෆේ ලැබෙන්න සලස්වන එක, නොමිලේ ට්‍රාන්ස්පෝට් දෙන එක) ඔහු පරිස්සම් උනත් මගේ අල්ලපු කියුබිකල් එකේ හාදයා මට ඔව්ව ඉල්ලන්න කියල වදදුන්නත්.. මම ඉල්ලුවේ නැහැ.. මැටි මෝලා මම!
ඊළඟ දවසේ දවල් වෙනකොට මාව හොයාගෙන ආව කොට, මහත , සුදු ඉන්දියන් කෙල්ලෙක්. ටිපිකල් දකුණු ඉන්දියානු. ඇගේ නම සෞම්‍යා... චට -පට ගගා කියෝන ඇය මාව ඇගේ බොස් ගාවට අරන් ගියේ , මගේ මුලික රෙස්පොන්සිබිලිටි එක බාරදෙන්න. එදා මට මුණගැහුනේ... මගේ ජිවිතේ මට හම්බ වෙලා තියෙන 'ටෆ්' බොසෙක් ගාවට.....
ඒ තමයි 'ප්‍රසාද්' - කියන්න ඕනේ නැහැ නේ ඔහුත් ඉන්දියන් කෙනෙක් කියල.
ඔලුව කපුටු කුඩයක් වගේ වුන ප්‍රසාද්, වයස 50 පැනපු පොඩ්ඩ ඇත්තම් මල පනින ජාතියේ අමාරුකාරයෙක්. එයාගේ වචනේ වෙනස් කරන්න තියා වෙනසක් කරන්න හිතන්නෙවත් නැහැ වටේ ඉන්න අය. මොකද මිනිහ එතරම් සැරයි (මම මේවා දැනගන්නකොට එක පාරක් ඌ එක්ක තර්ක කරලා ලොකු සීන් වගේ ඇවිත් හිටියා... හි.. හි...)
ප්‍රොජෙක්ට් එක කරන්න තිබ්බේ ඉන්දියාවේ කම්පනියක් එක්ක. උන් එකම පිස්සු රැලක්!! ඒ මදිවට මගෙත් එක්ක ස්කයිප් කරන, කොන් කෝල් වලට ටෙක්නිකල් උත්තර සපයන ඉන්දියාවේ ටෙක්නිකල් කොල්ලට ඉංගිරිස් අමාරුයි!! බැරිම වෙලාවට සෞම්‍යා කරන්නේ දෙමළෙන් ඌට විස්තර කියන එක!! මේක මට හෙන ජොලි ( ජොලි කියන්නේ සමහර වෙලාවල් වලට අර ඉන්දියන් කොල්ලගේ හොම්බට හැටක් ඇනල , ළඟ තියෙන මොනවා හරි පොලේ ගහල, වටේ ඉන්න උන්ටත් ගහල, මටත් ගහගන්න හිතෙනවා..... ඒ වෙලාවට මම කරන්නේ
".... Bala... Can I call you back in 30 minutes time?"
කියන එක.
ප්‍රසාද් කියන දේවල් උන්ට කරන්න බැහැ , උන්ට පුළුවන් දේවල් ප්‍රසාද්ට ඕනේ නැහැ. මමයි සෞම්‍යයි දෙන්න මේ ඩෝසර් දෙක මැද්දේ හොඳට චප්ප වේවි හිටියේ. බැරිම උන වෙලාවට සෞම්‍යා මට එයාගේ බොස් ගාවට යන්න කතා කරනවා. මම ගිහින් කිවම ප්‍රසාද් ඉස්මුදුනින් පිලිගන්නවා, ඊට කලින් සෞම්‍යා එක්ක ඒකටම බැහැ කියන මනුස්සයා!! හෙක්...
උන්නි සහ ප්‍රසාද් සම්පුර්ණයෙන් එකිනෙකාට වෙනස් උනත් මට වෙන වෙන විදියේ පාඩම් කියල දුන්න. ඒ වගේම සුන්දර ඉන්දියන් මිනිස්සු විදියට හැමදාම මගේ මතකයන් තුල ඉඳීවි. අදටත් මම එයාලට මේල් කරාම ලංකාවට ආවොත් මම ඔවුන්ගේ ගයිඩ් විදියට හිතනවා. ( අඩේ ... උන් දන්නේ නැහැ නේ මම ලංකාවේ නගර කීපයයි දන්නේ කියල... හික්... ආවොත් බැරියැ නේද?)
ලංකාවට මම ආවට පස්සේ මගේ රැකියාවට මම දවස් දෙකකින් ගන්න , ප්‍රසාද් ගේ පිටු දෙකක රෙකමන්ඩේෂන් එක උදව් වෙලා තිබ්බ. ඔහු මට ඒක පස්සේ දවසක මේල් කරලා තිබ්බ. දැන් ප්‍රසාද් ඉන්දියාවේ විවේක සුවයෙන් ඉන්නවලු ( අනේ හොඳයි.. අර සෞම්‍යා ළමයාගේ ජිවිතේ ඒ ළමයට එපා වෙලා උන්නේ...)
ඔන්න ඉන්දියන් බොස්ලා...
මාව රෙක්‍රුට් කරපු ලංකාවේ බොස්නම් මට හොඳ තෑග්ගක් දුන්න. මම හදිස්සියෙන් ලංකාවට එන්න වුන හින්ද මම ලංකාවේ මගේ යාලුවන්ගේ මාර්ගයෙන් කෙනෙක් හොයල, ඌව ඩුබායි වලට ගෙන්නලා දුන්න මගේ රෙප්ලස්මන්ට් එක විදියට. එහෙම කලේ ඔහුට මාව නැතිවුනාට අඩුවක් නොවී වැඩේ වෙන්නයි. මම අලුත් එකාට නොලේජ් ට්‍රාන්ස්ෆර් කළා වැඩිපුර පැයගානක් අරගෙන. ගෙදර යනකොට රෑ 9 ඒ දවස්වල.
ඒ කරපු දේවල්වල අගයකිරිල්ලක් හැටියට, ඔහු මගේ අවසන් මාසේ පඩිය දුන්නේ මගේ ෆ්ලයිට් එකට කලින් දවසේ. බලනකොට ඔහු , අලුතෙන් ගෙනාපු කෙනා වෙනුවෙන් ඔහු දරපු සියලු වියදම් ( කෑම , ට්‍රාන්ස්පෝට්, එයාර් ටිකට්) මගේ පඩියෙන් කපාගෙන. පහුවදා ෆ්ලයිට් එක තිබ්බ මට කරන්න දෙයක් තිබ්බෙම නැහැ. මිනිහ කිසිම කෝල් එකකට උත්තද දුන්නෙත් නැහැ. SMS වලට උත්තරත් නැහැ.
ඔන්න ලංකාවේ බොස්ලා...
Tony ...... ඇත්තටම නුඹත් මට හොඳ පාඩමක් කියල දුන්න මිත්‍රයා...

මේක අරාබි නිසොල්ලාසේ අලුත් වර්ෂන් එක වගේ ........ හෙහ් හෙහ්
ReplyDeleteඔව් ඔය ඩුබායිත් කියවෙන්නේ.
හි.. හි... ඔව් ඔව්... හැබෑමයි දිග වැඩි උනා ජීවන , මක් කරන්නද. ඔක්කොම විස්තරත් නොලියා මෙතරම් දිග උනානම්, ඔක්කොම ලිව්වා නම් මට වෙඩි කන්න වෙන්නේ
Deleteයකෝ ඊළඟ ප්ලේන් එකේ ගිහිං හොම්බට දෙකක් අනින්න එපැයි! මේ ටික කියෙව්වහම මටත් හිතුනා මම මේ අවුරුදු දෙක තුනට පාට් ටයිම්, ප්‍රොජෙක්ට් අනම් මනම් අයිටම් කරපු තැන් වල ලොක්කෝ ටික ගැන ටීකාවක් කොටලා දාන්න
ReplyDeleteකාටද? අර ඉන්දියන් කාරයටද? හෙහ්... ලියන්න ලියන්න. මතක් කරලා මෙතන ලින්ක් එක අලවන්න. එතකොට දම්වැල වගේ එකට එකක් සම්බන්ධ වෙනවා... අන්න දැක්කද.. මගේ බොස්ලගේ තරම? මම විතරක් නෙවෙයි, අහන් ඉන්න අය පවා 'මොකකට' හරි පොළඹවනවා... පලු අරින්න හරි.. හික්...
Deleteඅපරාදේ කියන්න බෑ ලංකාවේ බොසා අපේකම රැකලා තියෙනවා ,අඩු නැතුව . අපේ මිනිස්සු වෙනස් ඒ වෙනසට ගරු කරන්න කියලනේ තුන්වේලටම කියන්නේ
ReplyDeleteඅනේ ඔව් ඉවාන්. ඌ මම කවදාවත් වියදම් නොකරන ගානක් මගේ ලව්වා පිනට දෙව්වෙව්වා ( බලෙන් දෙන්න සිද්ධ කරනවට කියන්නේ මොකද්ද අප්පා වචනේ... එන්නෙම නැහැ නේ.. ) අනේ සාදු...
Deleteඉංදියං කාරයො ආර් අකුර බර කරලා කියනකොට තමා මරු. පර්චස් එ කාර්ර්... වගේ.
ReplyDeleteඔය වචන නම් එච්චරම අවුලක් නැහැ විසිටරයෝ....දවසක් මගෙන් කේරළ කාරයෙක් අයිරන් එකක් ඉල්ලනවා. මම කිව්වා මගේ ගාව අයිරන් එකක් නැහැ කියලා. බලනකොට උගේ ෂර්ට් එක අයිරන් කර ගන්න ඕන වෙලා. කවුද බං දන්නේ. අනිත් එක තමයි ඉරාක් කුවේට් වාර් එක. ඔය වාර් එක ඉවරවෙන්න කිට්ටුව තමයි මට තේරුනේ මේ කියන වාර් එක මොකක්ද කියලා.
Deleteඔයාට කෑල්ලක් ඇහිලා නෑ උපේක්ෂා. උන් ඕකට කියන්නේ 'අයිරන් බොක්ස්' එක කියලා.
Deleteහුඟ දෙනෙක් වැඩට එන්නේ 'බයිසයිකල්' එකෙන්. 'කුකුම්බර්ර්' එයාලගේ ප්‍රියතම කෑමක්. හිටපු ගමන් රැස්වීම් හෙම 'ප්‍රීපෝන්' කරනවා. මට දෙන්නෙකුට එහායින් ඉඳගෙන ඉන්න එකාගේ නම බොබී(Bobby). උගේම යාලුවෝ උගෙ නම කියන්නෙ එක එක විදියට. එකෙක් කියනවා බූබිසාර්(Booby). මට මතක් වෙන්නේ තිසර පට. තව එකෙක් කියනවා බාබිසාරු (Barbi) කියලා. මට මතක් වෙන්නි අර බෝනික්කිව. :D
හුහ්..ඉවර නෑ හෙන්‍රි, තව තීනව..
Deleteඕකුන්ගෙ එළරාම් නෙවර් වර්ර්‍කින් ප්‍රොප්‍රර්ලි.
ඩිනර්ර් වලට ෆුඩ්ඩ ලේට්ට උනොත් වෙරි එන්ග්‍රි.
උන්ගෙ ටෙලෆෝන් රින්ගින්ග් උනාම අමතන්නෙ යෙලෝ යෙලෝ කියල.
පොඩි උන් මම්මිට කියල තමයි ක්‍රිකෙට් ප්‍රෙක්ටිස් යන්නෙත්
නමුත් ඇස්සෙන්ට් එක හදාගන්න ක්‍රම තියෙනවා ඒකනේ අර කව්ද කෙනෙක් පොතක් ලියලා ඒකෙන් පිලුම් එකකුත් කරේ.. මම මේ ගැන පෝස්ට්කටුවක් ලිව්ව මතකයි..
Delete@හෙන්රි : මොකද්ද අනේ ඒ ප්‍රීපෝන්' එක?
Deleteඋන්ට 'A ' අකුර කියවෙන්නේ නැහැ මම හිතන්නේ ඒ වෙනුවට 'යේ' කියන්නේ. මම බාසාවකට, පලාතක වචනවලට සාමාන්‍යයෙන් ( ප්‍රසිද්ධියේ ) හිනාවෙන්නේ නැහැ. නමුත් උන්ගේ ඒ අමුතු වචන වලට හිනා නොවී බැහැ... ඒ කාලේ නම් හිනාවෙන්නත් බැහැ , මොකද එතන ඉන්න අමුතු එකා මමනේ. හැබැයි හැමෝටම ඔය ඇක්සන්ට් එක ඒ විදියටම නැහැ. වචන ඇදල පැදලා කතාකරන එක නම් තිබ්බ.
//@හෙන්රි : මොකද්ද අනේ ඒ ප්‍රීපෝන්' එක?//
Deleteපෝස්ට්පෝන් කියන වචනෙට ඉන්දියාවෙ උන් විරුද්ධපදයක් හදාගෙන තීනව "ප්‍රීපෝන්" කියල :D
මේ ඉන්දියන් කාරයෙන් නෙවෙයි අපේ එකෙක් වන Bill Forbs
Deleteසින්දුව අහලම බලන්නකෝ
https://www.youtube.com/watch?v=OTnGTYSlkvA
ජීවන........ Bill Forbes 1940 ගණන්වල බම්බලපිටියේ පෙට්‍රල් ශෙඩ් එකේ පෙට්‍රල් ගහන කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා කියලා මට බම්බලපිටියේ වයසක අන්කල් කෙනෙක් කියලා තියෙනවා. ඊට පස්සේ එංගලන්තෙට ඇවිත් තමයි ලෝක ප්‍රකට ගායකයෙක් වෙලා තියෙන්නේ.
Deleteහෙක් හෙක් උපෙක්ෂටත් හම්බ වෙන බොස්ලා, මට මතක් වෙන්නේ මම ඩොක් යාර්ඩ් ට්‍රේනින්ග් ඉන්න කාලේ මොනරාව. ඉන්දියන් ලේඩි ඉන්ජිනියර් කෙනෙක්. හම්මේ " වට් ආර්ර්ර් යූ ටෝකින් ඔබඋට්, නෝ නෝ යූ කාන්ට්, සී ද ඩ්රෝඕවින්ග් ඩියර්ර්ර්" ඔන්න ඔච්චරමයි මම ඇහුවේ මාස 3ක් පුරාවට. එයා ඩීටෙල් දිස් එක ප්‍රඩක්ෂන් ෆ්ලොව් එකට යවන සෝන් ඩිවිෂන් ප්ලැන් එකත් එක්ක ටපලන්. අපේ අයියලානේ වැඩ කොරන්නේ, හෙක් හෙක්, පට්ටම අසේම්බ්ලිග් ඇන්ඩ් ඔවරෝලින්ග්. :D
ReplyDeleteහරි උන්නී ගැන කිව්වම නම් එහෙමම උන්නියෙක් ඉඳපු කතාවක් මතක් උනා, බලලා නම් නැතිව ඇති මලයාලම් ෆිල්ම් එකක් 1981 එලියපත්තම් කියලා, නැත්තන් the rat trap, සිහලෙන් සිර කඳවුර. අර්දු ගෝපාල් ක්‍රිෂ්ණන් ගේ. නියම ලින් මැඩියෙක් ගැන කියවෙන්නේ. හැබැයි පොරට හෙන පවර් එකක් තියෙනවා.
ලංකාවේ එවුන් නම් අපරාදේ කියන්න බැහැ, කොටින්ම විධායක ශේණි වල ඉන්න උන්, හිත හොඳ මිනිස්සු නැතිවම නෙවෙයි. ඩොක යාර් එකේ ඉන්න කාලේ මම ඉගෙන ගත්තේ මනුස්සයින්ට සමීප වෙන තරමට මිනිස්සු වැඩ කියනකන් ඉන්නේ නැහැ හොයලා බලලම කරනවා. ඒ ලංකාවේ අය. පොඩි මෙහෙයවීමක් විතරයි අවශ්‍ය. එකත් මානුෂික විදියට බොහොම හොඳින්, එක එක මට්ටම් වල එවුන් ඉන්නවා, සමහරක් ඉන්නවා එවුන්ගේ කනට පුරුදු විදියට ඇහුන නැතිවුනාම නිකන් බෑ බෑ වගේ. ඒ අයට නම් ඒ විදියටම ඕනා. ඒ ඒ මිනිස්සුන්ගේ මානසික මට්ටම්. හෙක්.
සොමියෝ:
Deleteඉතින් ඒ මනුස්ස දුවට ඊටවඩා වචන ඕනේ නැතුව ඇති ඔයාල කරන වැඩ වලට ප්‍රතිචාර දක්වන්න.
- උඹ කතාකරන්න ගත්තොත් - 'වට් ආර්ර්ර් යූ ටෝකින් ඔබඋට්??' ඇත්තනේ.... උඹල මොන මලදානයක් කියනවද කියල තේරෙන්නේ නැතුව ඇති.
- උඹ මොකක් හරි කරන්න හැදුවොත් - 'නෝ නෝ යූ කාන්ට්' ඇත්තනේ... ඕනේ නැති වැඩමයි කරන්න හදන්න ඇත්තේ
- 'සී ද ඩ්රෝඕවින්ග් ඩියර්ර්ර්' කියන්න ඇත්තේ උඹල උද බලන් ඉන්න හින්ද වෙන්න ඇති, ඇත්තනේ!
ලංකාවේ උන් ගැන - අනේ මන්ද සොමියෝ, භුමි දෝෂයක් වෙන්නැති...
ඉන්දියන් උන් හරියට උණු කිරි වගේ ජාතියක් ... උණු හින්ද බොන්න බෑ .. කිරි හින්ද විසි කරන්න බෑ ... ලෝකේ මොන දීපන් කරේ ගියත් අපිට බයක් සැකක් නැතුව කන්න වඩයක් තෝසයක් සාම්බාරුවක් තියෙන්නේ උන් හින්ද .. හැබැයි ඉතින් වැඩ කරන්න ගියාම මල ඇන.
ReplyDeleteමම ළඟදී ඉන්දියන් කට්ටිය 20ක් විතර ඉන්ටර්විව් කළා . උන් ඔක්කොම ටෙක්නිකල් ප්‍රශ්න වලට උත්තරේ පටන් ගන්නේ ..... is nothing but ...... කියල . එකෙක් දෙන්නෙක් මේක කිව්වනම් කමක් නෑ කියමුකෝ 20න් 15ක් විතරම එකම විදියට උත්තර දෙන්නේ ... මම හිතන්නේ උන්ව කැම්පස් වලින් ම එක විදියට ට්‍රේන් කරලා එවන්නේ .. හෙහ් හෙහ්
මේකෙත් දැන් අර රවී අයියගේ වාංපතුල් ලක්ෂණ පෙන්නුම් කරන ගතියක් මට පේනවා .. අග මුල කොහෙද කියල හිතා ගන්න ටිකක් අමාරුයි .. :D
අන්න වඩේ කතාව නම් අම්මප සහතික ඇත්ත, කෝ අරින්න බලන්න කට... පරිප්පු වඩයක් ඔබන්න!
Deleteඅනේ ඔව්නේ පැතුම්. උන් ඔය ටික කියල තමයි කොටින්ම උන් ගැන කියන්න කිව්වත් පටන් ගන්නේ. අපේ රටේ සමහර කැම්පස් වලින් එක අයව අඳුනගන්න පුළුවන් වගේ, ඇත්තටම ඔය ටිකෙන් කියන්න පුළුවන් ඌ නේටිව් ඉන්දියන්ද කියල.
හෑ .... අගමුල පේන්නේ නැහැ කිව්වා... ඕකනේ කියන්නේ. කොටස් දෙකයි මේ මෙගා නාට්ටිය... දැන් කියනවා මුල මතක නැතුව ගිහින් කියල. රවියා වගේ යැයි කීම හෙලා දකිනවා - හිටගෙන!
ඉන්දියානුවන් ගැන මට නම් තියෙන්නෙ බොහොම සුන්දර අත්දැකීම්..විශේෂයෙන් ඉන්දියානු යුවතියන් ගැන...:)
ReplyDeleteමට උං එක්ක මල පනින්නෙ එකම දේකට...ඔය බඩහැලයො මට කතාකරන්නෙම රෙවී කියල..මම ඉතිං කියනව යකුනේ මම රෙවී නෙවෙයි රවී ...තොපෙත් ඉන්නෙ ඔය රවි ශංකර්, රවි ශාස්ත්‍රී එහෙම..අන්න ඒ විදිහට මගෙ නම කියාපං කියල..බලනකොට උං අර දෙන්නට කියන්නෙත් රෙවි ශංකර්, රෙවි ශාස්ත්‍රී කියල..ඉතිං මොකේදැයි දං වළඳන්නෙ? කියල ඇහුවලු පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවො...
මම මේ දැන් උඹ කියපු දේ අත්හදා බැලුවා ඉන්දියන් කාරයෙක් අල්ලගෙන. රෙවි ශංකර්, රෙවි ශාස්ත්‍රි තමයි. ඌ අහනවා කවුද ඒ දෙන්නා කියලා. මම කිව්වා ඒ සුප්‍රසිද්ධ ඉන්දියානු සංගීතඥයෙක් සහ ක්‍රිකට් ප්‍රවීනයෙක් කියලා. ඌ අහලවත් නෑලු.
Deleteහඃ හහ් රවී..... හිනා යන එව්වා කියන්න එපා මේ සිරා කතාවක් මැද්දේ. ඇත්තම කියන්න ඉන්දියන් උන් නම් මගේ නම කියනවා සිංහල උන්ට වඩා හොඳට. සිංහලෙන් තමයි මට එක එක විදියට කතාකරපු අය හිටියේ.
Deleteහෙන්රි: ඔන්න නියම ලැබ් ටෙස්ට් එක, අපේ රටේ අය උඩතියන් ඉන්න මිනිස්සු, ඉන්දියාවේ නොදන්නා ගානයි. ඒත් අපි නම් හිතන් ඉන්නේ මුළු ඉන්දියාවම තමයි ලෝකේ තියෙන්නේ කියල
අපේ මිනිස්සු ළෝකේ අනිත් අයට වඩා ගොඩාක් වෙනස්නේ.. අන්න ඒ වෙනස් කමට අපිට බොහෝම වටිනවා...
ReplyDeleteහැක හැක..... ( වටපිට බලමින්) හා.. ඈ
Deleteමෙව්වා වෙන්න ඕනෙ නෑ කොල්ලෙක් තමා.. -_-
ReplyDeleteලංකාවේ මනුස්සයා පුදුම අගය කිරිල්ලක්නෙ කරල තියෙන්නේ.. මටත් මතක් වුණේ ලංකාබෙල් ඇඩ් එක..
කොස් ගහ කපන්න වෙනව නම් කමක් නෑ, මේ පැත්තෙන් වැට ගහන්න. :v
ඔව් අනේ... වෙලාවට කොස්ගහක් කපන්න උනේ නැත්තේ. එහෙම උනානම් ඔහොම වෙන්නේ නැහැ
Deleteඔහැක්....
ReplyDeleteඋපේස්සට වෙන වැඩ.....
හෙක් හෙක්...
අන්තිම එකා නම් බොසෙක් නෙමේ ජබොසෙක්
ReplyDeleteආ... ඒ එකෙක් විතරයි. තව ඔය ජාතියේ ය හම්බෙලා තියෙනවා. ආයේ ලියන්නේ නැහැ මම මේ ගැන. දැනටමත් මට එව්වා මෙව්වා කියල මගේ හිත මෙව්වා වෙලා ඉන්නේ...
Deleteඅපි කොච්චර වෙනස්ද බං.. පේනවනේ...
ReplyDeleteඅමතක උනා.. හෙට මැරෙන්න ඉන්න ගානට නේ බං උඹ ලියන්නේ.. මට හති.. හැක්..
Deleteකවුද දන්නේ දේශකයා.... මළොත් එහෙම. අපරාදේ මගේ දාපු පොස්ට් ටික, පත්තර කඩේකටවත් දෙන්න තිබ්බ
Deleteඅපේ එකා අපේ කම පෙන්නලා තියෙනවා යස අපූරුවට! :D
ReplyDeleteහෙක්... ඔව් වොව්... අන්න එහෙමයි අපි නම තියන්නේ.
Deleteලංකාවේ බෝසා ගැන නම් මට පුදුම ආදරයක් හිතෙන්නේ...!!! හැක්....!!!!
ReplyDeleteහික්... ඔය දන්නවා නම් මට ෆ්ලයිට් එකට මොහොතකට පෙර මිනිහ එවල තිබ්බ ටෙක්ස්ට් මැසේජ් එක? හික්... අපරාදේ මම ඒක ඩිලීට් කළා... මොකටද නිකන් කර්ම රැස්කරන්නේ..?
Deleteලංකාවෙ බොසා තමයි නියම ටිපිකල් බොස්.
ReplyDeleteඅන්න එහෙම තමයි දියුණු වෙන බොසලා
ඌ ලංකාවේ නෙවෙයි සිඳු..... ලංකාවේ බොස්ලා ගැන මගේ මිට කලින් පොස්ටුව කියවන්න. නියම ලාංකික බොස්ලා ඇත්තටම ලංකාවේදී මට හමුවෙලා තියෙනවා.
Deleteඉන්දියන් බොස් ලා හොදයි . අවුල බොස් ලට ගොට්ට අල්ලන අනිත් ඉන්දියන් උන් . අපේ ඔෆිසියේත් මමයි තව දෙන්නයි සිංහල developers ලා,අනිත් උන් සේරම ඉන්දියන් . ජය ලලිතා ටයිප් එවුන් . කන පලලා අතට දෙන්ඩ හිතෙනවා
ReplyDeleteතාත්තා ලංකාවෙ,හැදිල තියෙන්නෙ එංගලන්තෙ කිව්වනෙ.. ඉතින් හරි.ඌ කුරුවල් වෙලා..
ReplyDeleteකෝ මගෙ රම් බෝතලේ..???
ඌ නම් කුරුවල් වෙන්නේ රටවල් දෙකක් හින්ද, කැප්ටන් නම් රම් හින්ද කුරුවල් වෙයි වගේ...
Deleteඅදනේ කියෙව්වේ මේක.. මාත් අවුරුදු හයක් ඉන්දියාවේ ඉදල ආවේ. මේක දැක්කම කොමෙන්ට් එකක් දාන්නම හිතුන.. ලංකාවේ හොටෙල් ගැන, යන තැන ගැන අහනකොට මමත් උත්තර දෙන්නෙ අපේ ගේ ලග තියෙන හැමදාම දකින දෙයක් වගේ.. වෙලාවට මම ඉන්නකොට මෙහෙ ආවේ නැ.. හැබැයි එහෙදි නම් යන්න ඕනෑ තැනට එක්ක ගියා ලෝබ නැතුව..
ReplyDeleteහැබැයි වැඩ කරද්දී මිත්‍රශීලීව වැඩ කරන්න පුළුවන්.. ටිකක් මල පැනගෙන හික්ස්.. දවසක් ඔටෝ (ති විල්) ඒකෙ යද්දී කියන අතනින් (උදර්) කියන හින්දි වචනේ මාරු වෙලා මන් කියල තියෙන්නේ මෙතනින් (ඉදර්) කියන එක . කිව්වා ගමන් නැවැත්තුව ඔටෝ එක. මොනා කරන්නද බැහැල පයින් ගියා.. . (උඩ කිව්වා වචනේ ආයි මරු උනාද දන්නේ නැ..)
ඉන්දියාවේ කොහෙද හිටියේ? මම නම් හිතන්නේ ඉන්දියාව කියන්නේ විසිතුරු සමාජයක්. පුදුමාකාර වෙනස්කම් වලින් පිරිච්ච තැනක්. මම හිටියේ ඩුබායිද කියල හිතෙන තරමට ඉන්දියන් මිනිස්සු එහෙ වැහි වැහැලා. කොටින්ම ඉන්දියන් චැනල් පවා බර ගානක් තියෙනවා.
Deleteමම වැඩකරපු පරිසරයේදී නම් වැඩිය නරකක් තිබ්බේ නැහැ. එයාල පන්ගුපේරු සහ ජාම බේරා ගැනීමට වැඩිපුර හිත යොදෝන බව විතරයි මට කැපී පෙනෙන දේකට තිබ්බේ. පොඩි කාලේ ඉඳන්ම බලපු හින්දි මූවි නිසා හින්දි වලින් නම් කොහොමහරි ගැටගහ ගත්ත. මම නතර වෙලා හිටියා ටික කාලයක් ගම්බද වගේ කොටසකත්. ඒ පලාත්වල නම් කඩ හිමියොත් සිංහල කතා කරනවා. බලනකොට උන් ඉන්දියන්. ඒ පළාත් වල සිංහල කට්ටිය ඉන්න නිසා වෙන්න ඇති. උධර් , ඉධර් දැන් නම් කිව්වා නිවැරදියි.. හි.. හි...
. ඇත්තටම පුදුම ලෝකයක් ඒක.. මම හිටියේ නම් මුම්බායි කිට්ටුව නගරයක.. එහෙ ලිවින් ස්ටයිල් එකට නම් මන් ආසයි. මොකද ෆෙස්ට්වල් කාලෙට ඒ මිනිස්සුන්ගේ තියෙන ජොලිය.. පට්ට පට පට . ( නගරයක හිටපු හින්ද හොදයි )
Deleteගොඩක් වෙලාවට කව්රු හරි ඇහුවොත් කියන්නේ කේරලේ කෙනෙක් කියල.. ලංකාවේ කිව්වම රටේ නැති ප්‍රශ්න අහනවා.. අහන්නෙත් ජයසුරියයි, සන්ග්ක්කරයි, මුරලිදරනුයි ගැන තමා.. දවසක් කෙහෙද තිබ්බ නුවන පහල වෙලා මම කොහෙද ඇහුවම ලංකාවේ කිව්වා.. වෙලාවට කියල තියෙන්න කේරලේ පොරකට.. තව ටිකෙන් මට මලයාලම් වමාරන්න වෙනවා..
දවසක් ගැනු කෙනෙක් මන් හිටපු ෂොප් එකට ඇවිත් දෙයක් ගැන හින්දියෙන් අහනවා මම ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා. බැරිම තැන ඒ ගැනු කෙනා අහනව ඔයා කොහේ ඉදලද ආවේ. මෙහෙ කෙනෙක් නෙමෙයිද කියල.. එකට ඉංගිසියෙන් උත්තර දීල තව අහගන්න වෙයි කියල ඉන්දියන් කෙනෙක්ටම බාර කරලා මම මාරු උනා..
දැන් ඇති.කියෙව්වා වැඩි වගේ..
ඒක තමයි මම කිව්වේ ඒක විසිතුරු සමාජයක් කියලා. එක කොනක මිනිස්සු කන්න නැතුව මැරෙන්න යනවා, නැත්තම් තණකොළ කනවා. අනික් පැත්තේ මිනිස්සු හැම මාසෙම ෆෙස්ටිවල් තියනවා, දෙවියන්ට කෑම පුච්චනවා. බුදුකෙනෙක් පහලවෙලා හිටියද කියල හිතෙන තරමට පුදුම විකාර තියෙනවා.
Deleteමට නම් ගොඩක් දෙනා ඉන්දියන් කියලා රැවටිලා හිටියා. මම ඒ හින්දම පුළුවන් හැම වෙලේම මම ලංකාවේ බව කිව්වා. උන් ලංකාවේ කිව්වහම අහන්නෙම ඔය ක්‍රිකට් ගැන විතරමයි. ඒ තරම් පිස්සුවක් උන්ට තියෙන්නේ. අපිට වඩා උණක් උන්ට අපේ ක්‍රිකටර්ස්ලා ගැන තියෙන්නේ. මටත් හින්දි තේරුනාට කතාකරන්න බැහැ වැඩිය.
ඔන්න ඔහේ කියල දාන්න අනේ... වෙන ඉතින් ගෙදර බිත්තියේ ලියන්නද?