පළමුවැනි කොටස
දෙවැනි කොටස
උණුසුම් ජලයෙන් තෙත්වෙන සිරුරේ නැගෙන්නේ වේදනාත්මක වින්දනයක්. සිරුර වගේම හිතෙත් ඒ වගේ ජල කෙලියකට ඉල්ලීමක් තිබ්බත් අලුතෙන්ම ගෙනාපු බොඩිලෝෂන් අතුල්ලා නැගෙන මෘදු පෙන ගොන්නේ ලොකුම සබන් පෙන පිඬ සොයමින් මම කාලය මැරුවා.
ඔව්... දැන් සෙවිය යුත්තේ ලොකුම පෙනපිඬ ! ලොකුවටම පිපිරෙන, කාලබෝම්බයක් තරම් සද්දෙන්?
කාන්තාරයක් මැද්දෙන් දිවෙන කිසිම හැලහොල්මනක් නැති රේල්පාරකින් එකපාරටම බුලට් ට්‍රේන් එකක් ගිහින්, වටේ ඇතිවෙන කම්පනය වගේ දෙයකින් මගේ කන් දෙක අගුල් දාල. ඔව්.. ඇත්තටම ඒ කතාවෙන් පස්සේ කොහොමත් මගේ කන් දෙක අගුල් වැටුනා. අගුල් වැටුනද? අගුල් දාගත්තද?
නානකාමරෙන් එළියට ඇවිත් නැවුම් ශරීරයක් එක්ක හිටපු මට අලුත් හිතක් ඕනේ කළා. කිසිම දෙයක් නැති හිස් ළිඳක් එක්ක ඉන්නවා වගේ මගේ දිහා බලන් හිටියේ , කණ්ණාඩියේ ප්‍රතිබිම්බය. වෙනදට වඩා නැවුම්, දිලිසෙන ඇස්......
මම හොඳට බැලුවේ ඇත්තටම කම්මුල්පාර කෑවේ මමද , වෙන කවුරුද්ද කියල... ඔව්.. මම නෙවෙයි... මගේ කම්මුල නිල් වෙලා නැහැනේ..
ක්ෂණයක් කියන්නේ මහා දිග කාලයක්. ඒ දිග කාලේදී අපිම සමහර උපකල්පන වලට ඇවිත් ඒ උපකල්පන වලට අදාළ හේතු සාධනීය කරලා, උපකල්පන අපිම නිෂ්ප්‍රභා කරනවා. ඔව්.. ගොඩක් ජාති කරන්න තරම් වෙලාව තියෙනවා. මමත් එහෙම කළා...
' මේ ගෑනි.... හොර ගෑනි.... තුක් විතරක්!'
ආ... ඒ උපකල්පනේ ගැන නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ සඳුන් පදවාගෙන ආපු මෝටර් රථයේ ඇතුලේ උන්නේ සඳුන් කියන උපකල්පනය.
එක පැත්තක් පමණක් පෙනෙන වීදුරුවකින් බලාගෙන , තමන් නොපෙනන විටෙක තමන්වෙත ඇරෙන දොරකින් ගොදුරකට කඩාපනින්න බලාගෙන ඉන්න සිංහ දෙනක් වගේ, මම ඒ දොර අසල බාහු වල මස්පිඩු ලෙලවමින් බලා උන්නු හැටි... ඔව්.... උකුස්සෙකු විසින් අනපේක්ෂිතව මගේ අතේ තිබු මස් වැදැල්ල උදුරාගෙන ගියා... ඒ හුරතල් කෙල්ල මට උකුස්සෙක් වගේ පෙනුනේ කොහොමද?
ඔරලෝසුවේ 'ටික් ටික්' සද්දය මට ඇහුනේ කාගෙහරි අඩි සද්දයක් වගේ.
කිසිම කෙනෙක් ගෙදර නැති බව දැනගෙනම උනත් මම පහළ තට්ටුවට ආවේ අලුත් කොණ්ඩ විලාසිතාව අනුව කොණ්ඩය ලෙලවමින්.
'ඔව්... මම එහෙම කරන්න ඕනේ මිට පස්සේ... අමුතු ලස්සනක් තියෙයි. මේනකා වගේ... ඔව්... මේනකා '
මට ඕනේ කළා අද දවසට... මේ මොහොතේ ඉඳන්ම වත් මේනකා වගේ වෙන්න. ඔව්.. ඒකිට මට වගේ ලස්සන දෙතොල්, දෙපා තිබ්බේ නැති බව ඇත්ත. ඒත් ඒකිට මට නැති දේවල් කීපයක්ම තිබ්බ. මම දැනුවත්ව හා නොදැනුවත්ව....
වෙනදා වගේ DVD ගොන්නේ දඟලන්නේ නැතුව, මම ගත්ත පත්තරේ. දවල් උනත් පත්තරේ තියෙන පුවත් අලුත් වෙලාද දන්නේ නැහැනේ... ඔව් කව්ද දන්නේ පැයෙන් පැය යන රුපපෙට්ටියේ පුවත් වගේ පැයෙන් පැය නිකුත්වන පුවත්පතක් ආවොත් හෙම? මිට පැයකට දෙකකට කලින් උන සිද්ධියත් තිබුනොත් ඒ නිවුස් අතරේ..?
'මම තමයි සඳුන්ගේ වයිෆ්!!!! '
මම සිංහ නාද කලේ ඇත්තටම බය කරන්න බලාගෙනම තමයි. තිබ්බ හැම මුණක්ම අතරින්, වෙනස් උන මුහුණක් තිබ්බේ අර හුරතල් උකුස්සට විතරයි. ක්ෂණයෙන් ඒ මුහුණ දියවෙලා ලුණු රස ගංගා දෙකක් පැනනැන්ගා, පහළට..
අපරාදේ... මට තව වැඩකෑලි ටිකක් දාන්න තිබ්බ. ටීපෝව උඩ මල් පෝච්චියක් පොඩි කරන්න... මේසේ උඩ තිබ්බ යමක් බිමට දාන්න වගේ.... ඒත් එතන ටිපොවේ උඩවත් , මේසේ උඩවත් කිසිම දෙයක් තිබ්බේ නැහැනේ..
ඒක සම්පුර්ණ සිද්ධියකට වඩා මූවී ට්‍රේලරයක්...
ආරම්භයට මේනකා වගේම මමත් සුදානම් උනා. මේනකා සුදානම් උනේ අර අඬන උකුසු හුරතලි වෙනත් බලප්‍රදේශයකට ගෙනියන්න අණදෙමින්. ඒ අණ හරිම කටුකයි....
' මගේ පුතා අඬන්න එපා වස්තුවේ. අම්මි එන්නම්. චම්මා එක්ක ඉන්න පුතේ'
සාලේ ඇතිවුන පළවෙනි හඬ කලේ මම!
ඒත් ඒ මමත් නෙවෙයි... මගේ අත මේනකාගේ කම්මුලේ වදිනකොට ආපු සද්දයක් මිසක්, මම හිතලම කරපු සද්දයක් නෙවෙයි.
ඒ සද්දෙන් පස්සේ ආපු ඊළඟ නිශ්ශබ්දතාවය බින්දේ නම් අපි දෙන්නා... වෙන වෙනම පුටු දෙකකට කඩන් වැටිලා.. එකම හේතුවකට නොවෙන, එක වගේ හේතු දෙකකට වෙන වෙනම අඬන්න ගත්ත. මගේ වේලුනු ඇස් දෙකට පණක් ඇවිත්, මට එහෙම ඇස් දෙකක් තියෙන බව මතක් කරලා දුන්න.
මම පත්තරේ අලුත් පිටුවක් පෙරලුව. අදත් ඉස්සර රජකාලේ කතා ලියන හාදයා කතාවක් දාල. මේ පාරත් ලියල තියෙන්නේ ගියපාර වගේම කතාවක්. හැබැයි ජෝන් කෙනඩි සහ මර්ලින් මන්රෝ ගැන. පිටුවක් පුරාම..... කියවන්න හිතෙන ජාතියේ පින්තූරත්...
'මට ඔය මිනිහා පේන්න බෑ.. මාව කාපු තිරිසනා.... '
කටහඬ බිඳෙන්න කලින් කොහොමහරි ඒ ටික කියල මේනකා අඬන්න ගත්ත. ඒ ජෝන් කෙනඩි ගැන නෙවෙයි, සඳුන් ගැන .
ඔව්.. ඈ සැබෑ වැලහින්නක්. දක්ෂ අඬන්නියක්.... මටත් එහෙම අඬන්න පුලුවන්නම්... ක්ෂණයක් කියන්නේ කොතරම් දිගද කියල හිතෙන්නේ එහෙම හිතල ඉවර වෙලා ඈට ඉරිසියා කරලා, ඒ එක්කම 'මේ වල් ගෑනිට මොකටද ඉරිසියා කරන්නේ' කියලත් හිතල මුල්ම හිතුවිල්ල මකන්න ඕනේ. ඔව්... හොඳටම වෙලාව ඇති එහෙම කරන්න. ක්ෂණය කොතරම් දිගද?
'ඌට ඕනේ නැහැ පවුලක්, ගෑනියෙක් , ළමයෙක්.... මොකවත්ම......'
මම වෙනුවට මේනකා කිව්වා.
මම පුදුමෙන් බැලුවේ බිමට බරවෙච්ච රෝසමලක් වගේ රතුවුනු මේනකාගේ කම්මුල. මට පෙනෙන කම්මුල ලාවට නිල් පාටයි. කොට කොණ්ඩය බිමට නැමුණු ඒ මුහුණෙන් බාගයක් වහගෙන මගේ දිහා බලන් හිටියා.
මම කිව්වේ මොනවද කියල මතකයක් නැත්තේ මම වැඩිය කතා නොකරපු හින්ද වෙන්නැති. ඒත් මේනකා කතා කළා. හැම වෙලේම අහක බලාගෙන හරි, උඩ බලාගෙන හරි කතා කළා. මටත් ඕනේ උනා කතා කරන්න.... එකම එක වෙලාවක...
'මොකද උනේ?'
හරියට වාහන අනතුරකින් බේරුණු මිනිහෙක්ගෙන් අහනවා වගේ මට ඒ වෙලාවේ දැනුනේ. ඇයි හත්වලාමේ මට මගෙන්වත් උත්තරයක් ගන්න පුලුවන්ද ඒ ප්‍රශ්නෙට?
මේනකාගේ මුණ ඇත්තටම හිතාමතා මගේ පැත්තට හැරුනේ ඒ වෙලාවේ... කොට කොණ්ඩය, කොට කලිසම, කොට ඇස් , කොට ටීෂර්ට් එක... ඔක්කොම කොට... ඉක්මන් කොට...
'මට ඕනෙකලා ලිවින්ටුගෙදර් වෙන්න. එහෙම කළා. නමුත් මට ඒ වගේ මිනිහෙක් එක්ක කසාදයක් ගෙනියන්න බෑ.... මට ඕනේ මගේ නිදහස...... '
මම වගේ ගොඩේ ගෑනියෙක් පුදුමවෙන උත්තරයක් උනත් මම පුදුම උනේ නැහැ. මොකද මේක මම පුදුම වෙන වෙලාවක් නෙවෙයි. වෙන එකෙක් පුදුම කරවන්න ඕනේ වෙලාවක්. පුදුම නොවීමයි මට ඉන්නම ඕනේ කලේ ...
'...... මට ඕනේ නම් මම ඒක ගන්නවා. සෝමාරි එකඟකම් මට හරියන්නේ නැහැ'
හෝ... විප්ලවකාරියක්. අමුතු පෙම්වතියක් එක්ක සඳුන් වගේ සම්ප්‍රදායික තේක්ක ගහක් මොන පලවැල පතන්නද? මටත් ඕනේ කළා වීරයෙක් වගේ හැසිරෙන්න. ඒත් මම දුෂ්ඨයා වගේ හැසිරෙන්නත් ඕනේ.
'සඳුන් දරන්න අමාරුයි. ගුප්තයි. ඒත් මම හිතුවේ නැහැ සඳුන් චපල මිනිහෙක් කියල'
අපරාදේ ඒ වාක්‍ය නැතුව මට දිග, සංකීර්ණ වාක්‍යක් කියන්න තිබ්බ. මට ඕනේ කළා කොලේ අත්සන් කරපු එකී හැටියට වැදගත් වචන පාවිච්චි කරන්න.
අනිත් එක මම වගේ ගොඩේ ගෑනියෙක් , මේ වගේ පොෂ් 'කෑල්ලක්' එක්ක මොනවා ගැන වාද කරන්නද කියල මට හිතුන. ඔව් අර ක්ෂණය ඇතුලේ. දෙන්නම කියන්නේ එකම කතාව වෙච්චිකොට.
'තේකක් බොනවද....?'
ඒ වෙලාවේ වාතයට මුහුවුණු මගේ හිතුවිලිවල පාට දැකල, මේනකා ඇහුවේ තව මිතුරියකට වගේ. මම එපා කිව්වේ නැති හන්ද මේනකා නිහඬව තේ හදන්න නැගිටිනකොට මගේ ඇස් වල අසල තිබ්බ අර උකුසු පැටික්කිගේ පින්තුරය පැටලුණා. මට නැති යමක්....
මම ඇහුවේ නැති ප්‍රශ්න වලට මේනකා උත්තර දෙන එක ගැන මට දැනුනේ සතුටක්. කාලකන්නි සතුටක්. මටත් ඕනේ උනා මේ වගේ සතුටක් දැන් විඳින්න... මේ දැන්ම...
මම එවෙලේම මගේ සැලුන් එකට කතා කරලා දැම්ම හෙයාර්කට් එකකට අපොයින්මන්ට් එකක්. මම ඇහුවේ අඩි හතරක් දිග කොණ්ඩයක්, අඩියකට අඩු කරන්න කොතරම් වෙලා යනවද කියල විතරයි.
මම මෙතෙක් වෙලා වැටිලා හිටපු පුටුවෙන් නැගිටලා විසිකරපු තැනින් මගේ අත්බෑගය අහුලගත්ත.
'... යන්නද?'

මුකුත් නොකිව්වට මාත් එක්කම දොරගාවට ආපු මේනකා, ආපහු හැරිලා පොඩි ඉකිබිඳිල්ලකින් වැළඳගත්තේ මගේ හිතේ ඇතුලේ හිටපු ගොඩේ ගෑනි නෙවෙයි. අලුතෙන් කොන්ඩේ කපලා ඉවරවුණු ගෑනි. ඔව්.. කොන්ඩේ නොකපාම ඒ ගෑනි එළියට ආව.
එහෙම ආපු ගෑනි පාරේ සියලුම සිද්ධි අමතක කරලා ගෙදරට ගොඩවෙලා දැන්, පත්තරයක් බලනවා.
මට කියාගන්න බැරුව තිබ්බ හැමදේම කියන මේනකා මගේම කැටපත වුනා. මට මාව පේනවා දැන්.... වෙනස් කරන්න බැරි මනුස්සයෙක්ට දිනුමක් දෙන්නේ මොකටද?
ගේට්ටුවේ අගුල රිමෝට් එකෙහි බොත්තමෙන් ඇරෙන 'කිරි කිරි' සද්දයත්, බිම තිබෙන පොඩි ගල්කැට තෙරපෙමින් ඉදිරියට පෙරලෙන ශබ්දයත් එක්කම දොරක් වැහෙන 'දඩහ් ' සද්දයත් එක්කම... වෙනදා නොයන පැත්තට සෝෆාවෙන් බිමට ගත් මගේ දෙපා තබමින් මම මෘදු ගමනක් ගියා...
දොර සෙමෙන් අරිනවිටම, කොට කොණ්ඩය ඉදිරියට ගස්සමින් පුළුල් හිනාවක් එක්ක මම සඳුන් අතවූ ලැප්ටොප් බෑගය අතට ගත්ත. මගේ කොණ්ඩය දෙස ගල්ගැසී බලාවුන් සඳුන් ගැන තවත් නොසිතු මම එකවරම මගේ වම් අතෙහි සඟවාගෙන උන් රෝසමල දිගුකලා...
"සඳුන්..... ඔයා මට ආදරේද?"
*****************************************
ප.ලි. : මානුෂික සම්බන්ධතා අතිශය සංකීර්ණය. බෙහෙවින්ම සම්මතයට පටහැනිය. සම්මත නීතිය කුමක් වුවත් හදවතේ නීතිය ඉඳුරාම වෙනස් තර්කයකි.
මුළු රැයක් පුරා ඔහු ඔබ ළඟ
ජීවිතය පුරා ඔහු ඔබ ළඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ
මුළු රැයක් පුරා ඔහු මා ළඟ
සිරුර පමණයි
හිතයි ප්‍රේමයයි ඔබ ළඟයි
ඔබද මාද ඒ ප්‍රියම්බිකා ඔහුගේ.....
ඔබද මාද ඒ ප්‍රියම්බිකා ඔහුගේ.....
ගීතය.....
ප.ප.ලි. කෙටිකතාව මම දකින්නේ වෙනස් කෝණ කීපයකින්. මේ කතාව මගේ එක කෝණයක්. කෙටි කතාවක තිබියයුත්තේ කතාවක් පමණක් නොවේ. එහි ඇති ඉඟි තේරුම් ගෙන කතාව 'තමුන්ට ඕනෑ හැටියට' කපාගන්නා හැඩයකට පත්කරගතයුතු බව මම එක විටෙක සිතමි. පරිකල්පනය යොදවමින් ඔබව වෙහෙසට පත්කළාට සමාවෙන්න. මම කතාවක් නොකීවෙමි. එකියකගේ සිතක් පමණක් සිද්ධි සමගින් පැවසුයෙමි.
ඉහත ජේදය මම ලියුවේ මගේ අසාර්ථක ප්‍රයත්නය මම සිතාමතාම කල බව කියන්නට මිස, නිර්මාණයේ ඇති අඩුව වසන්නට නොවේ.

ඇත්තටම මේ කොටසෙ මෙලෝ දෙයක් මට තේරුනේ නෑ
ReplyDeleteසමාවෙන්න.....
Deleteහදිස්සියට ලියල
ReplyDeleteමෙලෝ රහක් නෑ
සමාවෙන්න..... :-)
Deleteකතාව පැටලුනා බං , හෙට ආපහු සරයක් කියවන්නම්
ReplyDeleteඋඹ මුල් රටාව මේ කොටසේදී වෙනස් කරලා ට්විස්ට් කරලා තියෙන විදිහ තේරුම් ගන්න වෙලා ගියා , සඳුන් ඇත්තටම් ආදරෙයි , එත් ඒ ආදරේ පේන්නේ නෑනේද ?
Deleteහිත මහ පුදුම තැනක්
දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක්
විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක්
හිත මහ පුදුම තැනක්
නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මන රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත මහ පුදුම තැනක්...
අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත මහ පුදුම තැනක්..
රටාව වෙනස් වෙන්න හේතුවක් තිබ්බ. කතාව තුලත් ඒ වගේ හේතුවක් මම දැම්ම. අහුවෙන්න නැතුව ඇති. සඳුන් ගැන ඔබේ උපකල්පනය නම් වැරදියි...
Deleteමෙලෝ දෙයක් තේරුනේ නම් නෑ ... දැන් අන්තිමට කවුද තරහ වුනේ කවුද යාලු වුණේ ?
ReplyDeleteටැපලුනා නේද?
Deleteමුල් කොටස් දෙක ආපහු උඩින් පල්ලෙන් බලල එකලස් කරගෙන ආපු නිසා ගොඩ ගියා.. ජීවිතේ බැඳීම් වගේම ලියවිල්ලත් සංකීර්නයි.. හිත නොයෙක් අන්ත වලට අරං ගියා.. මේ වගේ කතා එක දිගට කියවල ඉවර කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි..
ReplyDeleteඒක නෙවෙයි.. නුවර පැත්තට වැස්සෙන් තර්ජන නැද්ද අපිට වගේ?
ජය ශ්‍රී!
ස්තුතියි ආයෙමත් මුල් කොටසට ගිහින් ආවට. ඒ වගේම සමාවෙන්න මේ කොටස තනියෙන් තිබ්බට. ඔබේ වැස්ස ගැන කියෙව්වා. කියන්න දෙයක් හිතාගන්න බැරි හින්ද ගොන් කතා නොකියා කට පියා ගත්ත.
Deleteමේනකායි, සඳුන්ගේ වයිෆුයි අතර ලියවෙන සිදුවීම් පෙළ කතාව මැද්දට ගෙනත් තියෙන විදිහ නියමයි. උපේක්ෂා හරිම දක්ෂ විදිහට උපමා, යෙදුම් පාවිච්චි කරනවා.
ReplyDeleteරෝස මලකින් සඳුන් නවතීද....වෙනස් වේද... (මානුෂික සම්බන්ධතා අතිශය සංකීර්ණය. බෙහෙවින්ම සම්මතයට පටහැනිය. සම්මත නීතිය කුමක් වුවත් හදවතේ නීතිය ඉඳුරාම වෙනස් තර්කයකි oh..yes!!! Agreed.)
අරූ... ඔබ මේ දෙස බලපු විදියට මම ස්තුතිවන්ත වෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ කතාව සාර්ථකයි කියල. අසාර්ථක උත්සහයක් මගේ. ඔබේ අවසන් ජේදය.... එහෙම හිතවන්න මට ඕනේ කළා... එතනට ඔබ හැර වෙනත් කෙනෙක් ගොස් තිබුනේ නැහැ. ස්තුතියි ඒකට.... මීට වඩා මගේ ලියවිල්ල මම මුවහත් කරගන්න වෙනවා...
Deleteහා පුරා කියලා මේ පැත්තට ඔළුව දැම්මෙ අද...මුල් කොටස් ඉඩපාඩු තියෙන වෙලාවක කියවලා අදහසක් දෙන්නං...
ReplyDeleteහරි හරි.... සාදරයෙන් පිළිගන්නවා
Deleteකවුරු මොනව කිවුවත් මම කැමති විදියෙ වෙනස් කතාවක්. මටනම් මේක සුපිරි. එක දිගට කියවන්න තිබුනනම් තවත් ගති.
ReplyDeleteඅඩුපාඩු ගොඩයි බස්සි. ඔහොම නෙවෙයි, මට පලු යන්න බැනල යන්නේ මගේ කතා ඉස්සර කියෝපු උන්. ඒ හින්ද මේ වගේ පොඩි ටෝක්කි ඇනිලි මට ගානක්වත් නෑ. ස්තුතියි යමක් වින්දා නම්..
Delete