Monday, October 6, 2014

94. මොන්ටිසෝරි හයිලයිට්ස්...




අම්මි අද
මගේ පුටුවේ
නතාෂා වාඩිවෙලා..
අනුහස් එයාට
මට දෙන ඉරේසරේ දුන්න...

අම්මි
මම උදෙන්ම
නැගිටිනවා හෙට ඉඳං !


49 comments:

  1. දැක්කනේ ඉතිං අනුහස්ට ඔයා කියල විශේෂයක් නෑ !

    ReplyDelete
    Replies
    1. හි.. හි... එහෙම කිව්වනම් කෙල්ල අහයි 'විශේෂයක් නෑ' කියන්නේ මොකද්ද කියල..

      Delete
  2. අර ඔයා ගාවින් ඉඳගන්න ඕනෙ කියල අඬන සහන්ව අඬගහගෙන ගිහින් අපි නතාෂාට දෙමු ගුටි තුනහතරක් හොඳවයින්. ඊට පස්සෙ සහන්ට තැන්ක්යූ කියල කිස් එකක් දීල ඔයාට ආයෙත් අනුහස් ළඟින් ඉඳගන්න පුලුවන් නේ...

    ReplyDelete
    Replies
    1. මේකි නම් කිරිමේල් කේස් එකක්... කුළියට හේවායෝ අරගෙන උම්මා වලින් ගෙව්වේ මොන්ටිසෝරියේ ඉඳන්ද? සහන් උම්මා එකකින් සැහුනොත් ඇති... හැක් !!

      Delete
  3. අම්මි ..

    අර නතාෂා ඇවිත් මගේ ළඟ වාඩිවුනානේ
    ඒ මදිවට මම අරයට දෙන ඉරේසරෙත් ගත්තා

    මම හෙට පරක්ක්වෙලා යනවා

    මීට අනුහස්

    ReplyDelete
    Replies
    1. පට්ට ඉවාන් මචං.................. එතකොට උඹද ඒ අනුහස්............ අපිට නම් උඹේ කිසිම අනුහසක් පේන්නැහැ.............

      Delete
    2. දැන් මෙතන කුකුළා කවු ද ? :D

      Delete
  4. අනුහස් මොලකාරයා

    ජ ය වේව ා !!!

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ලෝ ලියනවට වඩා මකන්නේ ඒකයි එහෙනං ඈ !!

      Delete
  5. මට මතකයි මම පොඩි කාළේ ප්‍රියන්ති තමයි ලව් එක.. එක දවසක් එයා ආවේ නෑ.. මම ගෙදර ආවේ අඬාගෙන.. ඊට පස්සෙ හැමදාම මම අහනවා ඔයා හෙට එනවද කියලා.. කරුමෙ කියන්නේ මම ඔහොම ඇහුවට. ඒකි නෙමෙයි මම මලාවත් බලන්නේ.. ඒවට හින්ගලෙන් කියන්නේ ක්‍රෂ්ද කොහෙද...?

    ReplyDelete
    Replies
    1. ඔය කාලේ ඔව්ව ජීවිතයත් මරණයත් අතර සටන් වගේ... නැද්ද මාතලන්? ඈ ... ඒ කාලේ විතරද? දැනුත් එහෙමයි වගේ...

      Delete
  6. ගමේ කොන්වන්ට් එකේ සිස්ටර්ල කරපු මොන්ටිසෝරි යට මම ගියේ. ඔතන සමන් පිච්ච වැලක් තිබ්බ ඒ කාලේ. මුළු පලාතම සුවඳයි. පස්සේ මගේ පුතාව එකටම දැම්මා. එතකොට පිච්ච වැල තිබුනේ නැති උනත් පුතාව අරගෙන යනකොට අර පරණ සුවඳ දැනෙනවා. ඒ පුංච් ගොඩනැගිල්ල සුනාමියට බිමටම සමතලා උනා. දැන් එතන කොන්ක්‍රීට් වනාන්තරයක්. ඉස්සර ගව මඩුවක් වගේ තිබ්බ එකේ පැවතුනු හර්දයාංගම බව පොඩ්ඩක්වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපේ ඔළුවල ඇඳෙන චිත්‍රය කොතරම් ප්‍රභලද නේද? ඒ වගේ තැන් හරක් මඩු වගේ උනත් අපිට දිව්‍යලෝක වගේ හිතේ ඇඳෙන්නේ. අපේ දරුවන් එතනට යවන්නේ ඒ සියුම් පරිකල්පන එක්ක. නමුත් මම කවදාවත් අහලා නැහැ එහෙම යවපු දෙමවුපියන් සතුටු වෙනවා. ඉස්කෝලේ උනත් එහෙමයි. ( ඕල්ඩ් ගර්ල්/බෝය් කෙනෙක් විදියට තමුන්ගේ දරුවා ඒ ඉස්කෝලෙට යවන)

      මේ රණ්ඩුව පොදුයි අපේ හැමෝටම, පුදුමයි නේද හිතනකොටත්?

      Delete
    2. සමහර විට දරුවන්ට අපිට ලැබුන දෙයම ඒ ආකාරෙයෙන්ම අඩුවක් නැතිව ලැබෙනවා ඇති. නමුත් අපි වැඩිහිටියන් උනාට පස්සේ එතනින් බලාපොරොත්තු වන දේ ඇත්තටම ලැබිය යුතු දෙයට වඩා වැඩි නම් ඔය ප්‍රශ්නය මතු වෙනවා.

      Delete
    3. ජිවන: මමත් හිතන්නේ එහෙමයි. අනිත් එක දරුවෙක් විදියට අපිට දකින්න කොහොමත් බැහැ ඒ වගේ වටපිටාවක්. සුරංගනාවියෝ වගේ ලස්සන උනත් සමහර ටීචර් ලට ළමයි කැමති නැතුව, මෙලෝ ලස්සනක් නැති ටීචර් කෙනෙක්ට පණ දෙන්න ආදරේ වෙනවා. දරුවෝ අපි වගේ හිතන්නේ නැති එක කොතරම් හොඳද?

      Delete
  7. අනුහස් පැණියා...
    ඊළඟ දවසේ සහන් ගාව ඉඳගන්න.

    ReplyDelete
    Replies
    1. තිස්සෙම මගේ අතින් අදින
      වෙලාවක පස්සෙන් දුව එන
      'සහන්' නොවෙයි රණ්ඩු නොවෙන
      'අනුහස්' මගෙ ආස කලණ

      Delete
  8. ෂා ශා සා....හරිම කෙටියි....ඒත් පුදුම ලස්සනයි!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මම හොඳ කවියෙක් නෙවෙයි. නමුත් ස්තුතියි රසවින්ද නම්.

      Delete
    2. කවි නොදන්න..ඒත් රස විඳින..මං වගේ එවුනුත් ඉන්නවා උපේක්ෂා.

      Delete
    3. හි.. හි... ෂා එක එන්න එන්න සිම්පල් වුන හින්ද මම හිතුවේ අවුලක් ඇති කියල... හි හි... මමත් එහෙම එකෙක්. කවියක් කොටාගන්න බැරි උනත් ලොකු ලොකු කවි තමයි බලන්නේ.. හි.. හි...

      කම්මැලි නැතුව ආයෙත් ලියන්න... නැත්තම් අරූ අරූ කියල කොහේ හරි ලියල මම කිරිමේල් එකක් කඩනවා දැන්!

      Delete
  9. කවිය නියමයි........... විශේෂයෙන් ම ඒකාලය නම් අන්තිම සුන්දරයි....................... හරිම නිදහස්........ ලෝකයම හරි ලොකුයි අපි හරි පොඩියි... දැන් ලෝකය පොඩියි අපි ලොකු වෙලා........................ අපිට වගකීම් ගොඩයි.........

    ReplyDelete
    Replies
    1. මම පුදුමෙන් පුදුමෙට පත්වෙලා තියෙනවා මේ වයසේ කෙල්ලෝ කියන දේවල් අහල, මට එතකොට හිතිලා තියෙන්නේ මගේ ලෝකේ කොතරම් පොඩිද කියල... උන්ට රසනහර කොතරම් තියෙනවද? මගේ රසාංකුර මොට්ට වෙලා.... පොඩි උන්ගැන මට ඉරිසියයි!

      Delete
    2. ඇත්තම තමා
      පොඩිකාලේ ලෝකය ගොඩක් ලොකුයි
      දැන් ලෝකය ගොඩක් පොඩියි

      ඕක හොඳටම තේරෙන්නේ පොඩි කාලේ නත්තලක් එන්නේ කල්ප කාලාන්තරයකට පස්සේ.
      දැන් මේ නත්තලක් ඉවර වෙන්න කලින් තව එකක් ඇවිල්ල. මල වදේ

      Delete
    3. අඩේ ඔව්නේ අනේ.... අවුරුදු කාලෙත් එහෙමයි. දැන් අවුරුද්ද ආව.. ගියා.. මෙන්න බොලේ ආයෙත් ඇවිත්!!

      Delete
  10. පොඩි කාලෙත් පොඩි ඉරිසියා ඇති වෙන හැටි. :D

    ReplyDelete
    Replies
    1. මේක පොඩිපහේ ඉරිසියාවක් නම් නෙවෙයි පුතෝ.... හික්..

      Delete
  11. ඔය පැමිණිලිවලට දෙමව්පියො පැටලෙනකං අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අර එක පාරක් ඩුඩ් ලියල තිබ්බ වගේ දෙමවුපියෝ නම් අවුලක් නැතුව විසදගනී.. හික්... හික්... කියෙව්වද මොකද්ද ඒකෙ ඇති වැරැද්ද කතාව?

      Delete
  12. කෙටියි පොඩියි... ඒත් එකම හැගීම.. ටිකක් අවංකයි..

    ReplyDelete
    Replies
    1. ටිකක් අවංකයි... හ්ම්ම්.. ඒ ඇතුලේ තියෙනවා නේද පොඩ්ඩක් විතර වංචාකාරී කියල.. හි.. හි..

      Delete
  13. හෙක් සිඟිති වලි, ඒ කාලේ මතක් උනා බන් හොටු පෙරාගෙන අර උල වගේ නවලා කමීසේ අයිනේ ගහන ලේන්සුවයි, බෙල්ලේ එල්ලපු වතුර බෝතලෙයි, තෙල් නාවලා පැත්තට පීරපු ඔළුවයි, පවුඩර් තලියයි :'( පන්සල් කොටෙයි, පාට පෙට්ටියයි, ඇත වැඩ මල්ලයි මතකද බොලට?


    ReplyDelete
    Replies
    1. මම මොන්ටිසෝරි ගිහින් නෑ සොමියා. ඒ හින්ද මක් කොරන්නද? ඉස්කෝලේ නම් ස්කොලශිප් වෙනකල් මික්ස් එකකට ගියේ. මෙන්න කියවන්න.. මගේ පරණ ඉස්කෝලේ ගැන...

      Delete
  14. කිවුවත් වගෙ හරිම අසාධාරනයි

    ReplyDelete
    Replies
    1. පපුව 'ඉයාව්' ගාගෙන යනවා නේද?

      Delete
  15. කුමාරී වෙලාවට ඔයා නුවර උනේ.. කියවනකොට පන බයේ හිටියේ.. මගේ පොඩිම එකත් අනුහස්.. තාම මොන්ටිසෝරි යනවා.. හැබැයි.. වෙලාවට.. නුවර නෙවෙයි.. :))))

    ReplyDelete
    Replies
    1. කව්ද බොලේ මේක උනේ මටයි කිව්වේ? ඒ මදිවට මෙව්වා උනේ නුවරදී කිව්වේ? පොඩ්ඩක් පොඩි එකාගෙන්.... ඌ කියයි උඩවිසිවෙන්න ;-)

      Delete
    2. ඔය වගේ හිත ගැස්සෙන කොමෙන්ට් දාන්න එපා අප්ප.. මේ දවස් වල ප්‍රෙශර් එකත් නැගල.. කෝකටත් ගිදර ගිය ගමන් පොඩි එකාගෙං වටින් ගොඩින් අහල බලන්න ඕනි..මට වැඩියත්ම බය..අර.. කතාවක් තියෙන්නේ.. ගහේ කටු උල් කල මනාද.. කියල.. ඒකනේ.

      Delete
    3. මේ පොස්ටුව හින්ද තාත්තෙක් එක වතාවක් හරි මේ ගැන පොඩි එකාගෙන් අහනවා නම්... ඊට වඩා සතුටක් කොයින්ද මට? දැක්ක නේද? පොඩි එකාගැන බය වෙන්ට කාරණා සාධාරණ වෙච්චිකොට!
      හික්... ආරේ ගුණ නෑරේ කියන්නේ...

      Delete
  16. හෙහ් හෙහ් මොන්ටි සොරි නෙවෙයි තුන / හතර වසරේදී විතර මටත් හිටිය ඔහොම ලව් එකක් ... හරි ස්වීට් අප්පා ... :D

    ReplyDelete
    Replies
    1. මටනම් හැම පන්තිදීම හිටියා අප්පා ...තාමත් ඉන්නවා :P

      Delete
    2. මෙව්වට වයස බාධාවක් කොයින්ද? හෙක්... අදටත් අපිට මේවා වෙනවා... ඔය ඉන්නේ උඩින් එකෙක් කොමෙන්ට් කරලා.. හෙක්..

      Delete
    3. ඔව් ඔව් වයස බදාවක් නැ වගෙ තාමා.ඔය නාකි පවුලුසටත් තාම තියෙනව කියන්නේ

      Delete
  17. පුටුව මරු වුණාම ලඟ ඉන්න එ්කා මරු වුණාටත් වඩා අවුල් වගේ ;)

    ReplyDelete
    Replies
    1. අන්න හරි...
      ඒ මදිවට පරණ පුටුවේ , අලුත් කෙනෙක් ඉන්නවා දකිනවා, ඒ වගේම ඌ අවුලක් නැතුවම ඉන්නවා?

      Delete
  18. හී හී හී...!!
    අපි පුංචි සංදියේ හිට රොමෑන්ටික් මෙයා!! :D

    ReplyDelete
    Replies
    1. පොඩි එකෙක්ගේ හිතේ මේ වගේ සිතුවිලි වලට ඉඩකඩ අපිට තේරෙන්නේ නැහැ තරුවෝ... රොමැන්ටික් නෙවෙයි, එහි සුපිරිසිඳු බැඳීම්, අයිතීන්, හිමිකම්.... ඒ වගේ හිතක තැලුණු තැනක්, ගල් තැලුමක් වගේ....

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...