ළමා.........යි
ඔන්න ළමා..........යි
එකෝමත් එක රටක හිටියා ඉතාම වැදගත්, ගිණිගත් ,රූමත්, උගත් , සිල්ගත් තරුණ කෙල්ලෙක්. කෙල්ලෙක් කිව්වට කුමාරියක් වගේ තමයි. නෑ නෑ .. නුවර කුමාරි නෙමෙයි හරිද....? මේ ළමයා බොහොම පැහැපත් කෙල්ලෙක්.
මේ දරුවා බොහෝම , මම කිව්වේ බොහෝ..........ම තැන්පත් ගතිගුණ තියෙන දාහකින් නෙවෙයි ලක්සෙකින්වත් හොයාගන්න බැරි තරම් වටිනා කියන දරුවෙක් හින්ද කොලොම්පුරේ ඉගෙනගෙන අහවර වෙලා, කරන බහුබූත වැඩවලට මාසේ අන්තිමට සල්ලි ටිකක් දීල ගෙදර එවන.. නෑ .. නෑ .... කෙටියෙන් කිව්වොත් වැදගත් රැකියාවක නිරතවෙලා හිටියේ.
මේ දරුවා ඉගෙනගන්න කොලොම්පුරේ ඉන්න කාලේදී ගෙදරට ආරංචි වෙන / නොවෙන ජාතියේ නොයෙකුත් සුප්‍රකට/කුප්‍රකට ජාතියේ වැඩ බොහොමයක් කරලා තිබ්බ හන්දා කාගේ හරි එකෙක්ගේ කර්මදෝසයක් පලිසන් දෙන්න තියෙන කාලෙකදී උගේ ඇඟේ එල්ලනකල්, කොහොමහරි වෙන එකෙක්ට අතුරු ආන්තරාවක් වෙන්ට නොදී රැකගන්නේ කොහොමද කියල මේ දැරිවිගේ අම්මා උන්නේ පුදුම ගින්දරකින්. මේ හින්ද පුළුවන් උපරිම වෙර වීරිය දාල මේ අම්මා විසින් බොහොම මහන්සි වෙලා හොයාගත්තා දුරින් නෑයෝ වෙන ගෙදරක් මේ දැරිවිට නතර වෙන්ට, ටික කාලෙකට.
ගෙදර උන්නේ විශ්‍රාම ගියපු විදුහල්පති වරු දෙන්නෙක් හින්දත්, ඒ අනුහසින් වත් මේ කෙල්ලගේ තියෙන මේ අබග්ගය දුරුවෙයි කියල තමයි ඒ අම්මා දිවා රෑ නොබලා හිතුනේ. ඊටත් වඩා කෙල්ලන්ගේ සකබඹර බැලුම්, තැලුම්, බිරුම් වලට තියා කුළුගෙඩි පහරකටවත් හෙලවෙන්නේ නැති , මේ කෙල්ල කෝවේ දමා හෝ වෙනස්කර දෙනසුලුවූ ඒ දෙමහල්ලන්ගේ එකම පුත්‍ර රත්නය ගැනත් බයක් හැකක් ඇතිකර ගන්ට කාරණයක් තිබ්බේ නැහැ. පසු කාලයකදී මේ පුත්‍ර රත්නය විසින් ඉටුකරනලද වැදගත් සේවාවන් අතර මෙතෙක් ආරංචි නොවූ ඇගේ හොර වැඩ පිළිබඳ නිල චරපුරුෂ සේවාව පිළිබඳව අනාගත් බලාපොරොත්තුද ඔහු නිසි පරිදි ඉටුකරනු ඇතැයි ඒ මව උදක්ම විස්වාසය තැබුවා.
ඔන්න ඉතින් මේ දරුවාව මේ ගෙදරට බාරදීලා ගියාට පස්සේ මේ දරුවා මට මෙන්න මේ පහතින් තියෙන කතාව කිව්වා. අනේ ඔව්.... ඒ හැම අකුරක්ම ඒ දරුවා කියනකොට මෙන්න මම ලිව්වේ.... එයාගෙන්ම අහන්ටකෝ කතන්දරේ...........
************************************
මේ තරම් හිර කුඩුවක් මම නම් හිතන්නේ දෙහිවල සත්තු වත්තෙවත් නැතුව ඇති.
කාමරෙන් එලියට ආවත්, ඇතුලට ගියත්, සාලේ වැඩිවෙලා උන්නත්, නැගිටලා ගියත්, කුස්සියට ගියත් ආවත්... අනේ මේ කී නොකී සියළුම අවස්තාවන් වලදී බලන් ඉන්න CCTV කැමරා හයි කරලා ගේ හැමතැනම.
වැඩේ කියන්නේ ඒක ඇවිදින CCTV කැමරාවක්. ඒකට කතාකරන්න පුළුවන්, එක පාරටම නොහිතු වෙලාවල් වලදී 'ඩෝන් පටෝන්' සද්දෙන් පුපුරන්න පුළුවනි. ඒ CCTV කැමරාවට නමකුත් තිබ්බ. ඒ නම තමයි 'මාලනී' නැන්දා !!
මගේ අම්මේ එහෙම කැමරා සේවයක්... 24 X 7 සේවාවක්. මම හිටියේ ගේ ඇතුලෙදි උඩට ගත්ත හුස්ම බිමට දාන්නත් බයෙන්. මම හිතන්නේ මම විතරක් නෙවෙයි, ගෙදර මාමා හිටියෙත් සීරුවන් වෙන්ට ඕනේ. ආයේ නෑ හිට්ලර් ගේ පුනරුප්පත්තිය.
මම ඉතින් පුළුවන් උදෙන් එලියට පැනලා ජොබ් එකට දුවනවා
'අප්පා.. මේ දවස්වල මාර විදියට වැඩ නැන්දා........'
කියල. බොරු නෙවෙයි අනේ. මාර වැඩමනේ අපේ ඔෆිස් වල වෙන්නේ.
ආය එන්නේ මහා රෑ වෙලා. පුළුවන් නම් මගදී ෂොපින් පාරකුත් දාගෙන රෑ කෑම බලාගෙනමයි එන්නේ.
ගෙදර කොල්ලෙක් කියල එකෙක් හිටියා... චෙක් විතරක්... මෙලෝ රහක් නෑ... කෙල්ලෙක් තරම්වත් රස්තියාදුවේ යන්නේ නැහැ... ඉතින් මම එනකොට ඌ ගෙදර ඇවිල්ල ගොඩක් වෙලා. මම අහන්නේ කොල්ලෙක් එහෙම වෙන එක මොන තරම් විපතක්ද ගෙදරකට?
මොනවා උනත් මේ කැමරාවෙයි , මාමාගෙයි එක හොඳක් තිබ්බ. ඒ තමයි සෙනසුරාද ඉරිදට ගෙදර නොඉඳ රට වටේ ගමන් යෑම. ඒ වගේම මේ කියන කාලේ නම් අර සත්ගුණවත් මරුමුස් පුතා උසස් අජ්ජාපනයට අතගහල සති අන්තේ ක්ලාස් දුවනවා.
අන්න ඉතින් මට හෙන ජොලි....
මොකද රට වටේ රවුම් ගහන එකට මම ආසම නැති හින්ද (අම්මේ... ඒ දෙන්නත් එක්ක නම් බැරිය බොලේ) මට ගෙදරට වෙලා නිවිසැනසිල්ලේ හුස්මක් අරගෙන, ඕනේ සින්දුවක් අහගෙන , ඕනේ නැටුමක් නටාගෙන ඉන්ට හැකි නොවැ ! ගෙදරත් නොයා මම එහෙම ජෝලියක්වත් ගන්න එපෑ ඉඳල හිටලා.
ආයෙත් කියන්ට ඕනේ කාරණයක් තියෙනවා. මේ තුන්දෙනාටම පොදු වෙච්ච රෝගයක් තිබ්බ.. ඒ තමයි නොනවතින 'චෙක්' කිරිල්ල!!
ඒ කියන්නේ දොරක් වැහුවොත් එකෙක්, අනික් දෙන්නම දෙපාරකට ගිහින් ඇත්තටම වහලද කියල බලනවා. එකා දෙපාර යන වෙලාවලුත් තියෙනවා. අයන් එක නම් මම හිතන්නේ මුරිච්චියක් ගානේ බලනවා.
ගොඩක්ම ඔහොම කරන්නේ ගෙදරින් එළියට ඔක්කොමල්ලා යන වෙලාවට. ගෙදරින් එළියට යන්න කලින්, හොඳට ලිප වහල තියෙද්දිත් බර්නර් එක දිහා අර පුත්‍ර රත්නය, කැරපොත්තෝ එලියට එනකල් කුණු කානුව දිහා බලාගෙන ඉන්න කිටියෙක් වගේ විනාඩි ගානක් නොහෙල්ලි බලන් ඉන්නවා. මම හිතන්නේ හදිස්සියේ එක්කෝ ඒකෙන් ගිනි විදින මකරෙක් මතුවෙයිද කියල හිතන් බලන් ඉන්නවා වෙන්නත් පුලුවන්!! කව්දෑ ඔව්ව දන්නේ...
මම?? වැහුවොත් දොරක් ආයේ බැලිල්ලක් නෑ මට ෂුවර් මම වැහුව කියල. නැත්තම් ඉතින් ඇරලා ඇති.. ඔය දෙකෙන් එකක් මිසක් වෙන මක්කා වෙන්නද? මට මේ නොනවතින චෙක් කිරිල්ල ඇඟේ මාළු ගඟේ නටන සිද්ධියක්! ඒ මදිවට මට කියලා දොරවල්, ප්ලග්, TV , අයන් ආදිය 'චෙක්' කරව ගන්නවා දෙතුන් පාර. මට ඉතින් මල් යායක් මෝදු වෙනවා. ඒ හින්ද ගෙදර ඔක්කොම කොහේ හරි යනවා නම් මම කැමතියි ගෙදරට වෙලා ඉන්න.
ඔන්න එකෝමත් එක දවසක, සති අන්තේ සුපුරුදු විදියට මම නැන්දගේ ගෙදර තනියෙන්. ඔක්කොම ගෙදරින් පිට. උදෙන්ම කාල TV එක ළඟට එනකොටම මට ආවනේ මසුරං අදහසක්...!
'තනියෙන් පිචෑර් එකක් බලන්න යන්න!'
මිට කලින් මම කවදාවත් තනියෙන් චිත්‍රපටියක් හෝල් එකේ බලල නැහැ. ගොඩක් වෙලාවට යන්නේ මගේ හොඳම යාලුවත් එක්ක. ඒකී මේ වෙනකොට රටෙත් හිටියේ නැහැ. චිත්‍රපටියක් හෝල් එකක බලපු කාලයක් මතක නැහැ.
ගත්ත පත්තරේ.... ඔන්න මම එක එක චිත්‍රපටි තෝරනවා...
'චීයා........... එව්වා බලන්නේ නැහැ මම. අපෝ ඇක්ෂන් බැහැ. ඉංගිරිස් එව්වා නම් TV එකේවත් බලන්න බැරි එකේ... මෙන්න තියෙනවා.......... ළමා චිත්‍රපටියක්'
බැලුවම තියෙන්නෙත් නුගේගොඩ. වෙලාව බැලුව. අප්පා... ඉක්මනට යන්න වෙයි.
මම ඉතින් කොහොමත් ලෑස්තිවෙන්න ගන්නේ පොඩ්ඩ වෙලාවයි. දඩි-බිඩි ගාල ඩෙනිමකට ටී ෂර්ට් එකක් දාගෙන ලෑස්තිවෙලා පොඩි බැක්පැක් එකත් කරේ දාගෙන මම මගේ කාමරෙන් එලියට පැන්න. තව පැය ගානක් යනකල් ගෙදර කිසි කෙනෙක් එන්නේ නැති බව ෂුවර්..... අනිත් එක මම මගේ කාමරෙන් කුස්සියට විතරක් යන බව දන්නා කැමරා නැන්දා සහ අනිත් අය පිටිපස්සේ දොර පවා හොඳට වහල ගිහිං. මට දැන් වැඩේ ලේසියි....
මම ඉක්මනට මගේ ගාව තිබ්බ යතුරෙන් ඉස්සරහ දොරත් වහල, ගේට්ටුවත් වහගෙන දිව්වා දිවිල්ලක් හෝල්ට් එකට.... මොකද වටේ ඉන්න අසල්වැසියෝ මම කොහේ හරි ගිය විත්තිය රපොර්තු කරනවා දැක්කොත්!
මම දැන් නුගේගොඩින් බැහැල චන්ඩියා වගේ ගියා ෆිල්ම් හෝල් එකට. අප්පා.... සෙනග කියන්නේ සූ ගාල. නෑ මම කිව්වේ වටෙන් ආව සූ ගාල සද්දයක්, බලනකොට සයිකලයක හුලං යනවා. මම ටිකට් දෙන තැනට ලංවුනා. ටිකට් දෙන එකා හරියට මගේ උවමනාවට දෙනවා වගේ.
ඒ උනාට මට මොකද්දෝ අවුලක් තේරුනා. හැමෝම තනියෙන් මම ෆිල්ම් හෝල් එකට ආපු එක අමුතුවට බලනවා. ඔක්කොමල්ල මගේ දිහා බලන්නේ පාන් ගෙඩියක් ගන්න මුදලාලිට සල්ලි දුන්න බල්ලෙක් දිහා බලනවා වගේ පුදුමෙන්! ඇයි හත්ඉලව්වේ මොකද්ද තියෙන අවුල??? මට නම් එක අවුලක් තේරුනා.. ඒ තමයි මේ ළමා චිත්‍රපටිය බලන්න කිසිම ළමයෙක් එතැන නොහිටිල්ල. අම්මප තරුණ ජෝඩු මෙතරම් ළමා චිත්‍රපටි වලට ආසයි කියල දන්නවා නම්, මිනිස්සු වැඩිහියන්ට චිත්‍රපටි නොහදාම ඉඳීවි.... උන් අමුත්ත නොදැන, මගේ දිහා බලන් ඉන්නේ මොකද බොලේ??
ඔන්න ඉතින් සෙනග කන්දරාව හසුරෝගන්න බැරි තරම්, කොහොමහරි වෙලාවට අපිව ඇතුලට ගත්ත. මම ඉතින් මීවදයක් වගේ තිබ්බ සිට් දිහා පොඩ්ඩක් බලන් ඉඳල හිතුමනාපේ කිසිම මිනිස් පුළුටක් නැති පලාතක වාඩිවුනා.
දැන් මගේ පපුව ගැහෙනවා. ඒ මොකද දන්නවද? මම කලේ හම්බානක අවදානම් වැඩක්.... ඒ වෙලාවේ නම් බය හිතුනට මම බයක් පෙන්නුවේ නැහැ. ඒ උනාට පපුවේ දෙමෝලෙන් පිටි කොටනවා.
ඔන්න චිත්‍රපටිය පටන් ගත්ත. මම ඉතින් මගේ පාඩුවේ ගෙනාපු 'බර බර' කෑම කකා චිත්‍රපටියේ ළමයෙක් වගේ කකුල් පද්ද පද්දා හිටියා. කකුල් පැද්දුවේ මගේ කකුල් බිම ගෑවෙන තරමට උස නැති හින්ද කියල වැරදි නිගමන වලට එනවා එහෙම නෙවෙයි. ඇත්තටම උනේ ඩෙංගු වලට තියෙන බයට මදුරුවෝ කයි කියලයි මම වැනුවේ. අන්න එහෙමයි අපි සෞඛ්‍ය තියාගන්නේ....
ඉන්ටවල් ආව... තාමත් මම පොප් කෝන් බර බර ගගා හපමින් සුපුරුදු විදියට ඉන්නවා. ආයෙත් ෆිල්ම් එක පටන්ගන්නකල් මම නැගිට්ටේ නැහැ. ඔන්න ආයෙත් පටන් ගන්න හදන්නේ... බෙල් එකත් වැදුනා... ශාලාව පොඩ්ඩක් විතර අඳුරු උනා.... මම යන්තමින් ඇස් කොනින් දැක්කා මෙතෙක් වෙලා මගේ පේනමානේ නොහිටපු පිරිමියෙක් වාඩිවෙලා ඉන්නවා මට සීට් 10 -15 විතර එහායින්. අම්මා..... ඒ වෙලාවේ නම් පුතේ බයක් හිතුනා කියන්නේ.... ජිවිත කාලෙටම ඇති බොලේ ඒ වගේ පාඩමක්!
දැන් මම ෆිල්ම් එක බලනවට වඩා ඌ මොකද කරන්නේ, මගේ පැත්ත බලනවද, නැත්තම් පුටුව පුටුව මෙහාට එනවද කියල ඇස් කොනෙන් 'චෙක්' කරනවා... බිත්තර, අල, බතල විතරක් නෙවෙයි... කඩල කිලෝ ගානක් තැම්බුවා! අන්තිමට මමම හිතුව
'හොඳ වැඩේ උඹට.... හෙහ්.... මැටි මෝලා...'
කියල හිතල,පාඩුවේ ආයෙත් ෆිල්ම් එක එන්ජෝය් කළා.
ඔන්න ඉතින් ෆිල්ම් එක ඉවරා..........යි.......
එළියට ආව. ඇත්තමට මම නම් කලේ එලියට පැනපු එකයි..... අඩියට දෙකට හෝල්ට් එකට දුවල බස් එකක එල්ලුනේ හේතු කීපයක් හින්ද. ඇතුලෙන් පනින්න තිබ්බ ඕනෙකම, ඇයි වදේ නැන්දයි මාමයි ඇවිල්ලනම් මාව උසාවි දායි කියන්නේ නැතුව ගියා කියල. ආයේ නෑ කිරිමෙල් එකක්...
මම දැන් ගෙදර ළඟින් බැහැලා දුවල දුවල යනකොට දැක්කා, මම තියපු විදියටම තියෙන ගේට්ටුව.... අම්මේ දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒ කියන්නේ කවුරුත් ඇවිල්ලා නැහැ ගෙදර.
'හෙහ්... දැන් ඉන්න තියෙන්නේ මුකුත් උනේ නෑ වගේ...'
මම පොරක් වගේ ඔලුවත් කෙලින් කරගෙන දොර ගාවට ගිහින් සුපුරුදු පොකට් එකට ඉබේම අත ගියා යතුර ගන්න. ඒ එක්කම මම දැක්කේ...
යතුරු කටේ දිලිසි දිලිසි තිබ්බ ගෙදර යතුරේ මගේ කොපිය !!!
******************************************
අර නැන්දාලගෙන් අමතක වෙන ලෙඩක් බෝවෙලා වගේ ඒ ළමයට! "චෙක්" කරවගන්න එක හොඳයි!
ReplyDeleteනැන්දලට තිබිල තියෙන්නේ අමතක වෙන රෝගයක් නෙවෙයි නාඩියෝ.... එකම දේ දෙපාර තුන්පාර 'චෙක්' කිරිල්ලේ රෝගය. වැහුව කිව්වට ෂුවර් නෑ...
Deleteපට්ට ලිවිල්ල.. මාර ෂුවර් නේ.. ඔයාට ඔයාව..
ReplyDeleteලියවිල්ල නම් ඉතින් කලවම් විදියටනේ...
Deleteමම නෙවේ අනේ.... අර දැරිවි මිසක්කා
මටනම් හිතුනේ.......
ReplyDeleteඑක්කොත් ඕනේ නෑ...
ඔයාටත් එහෙම හිතුනද? හෑ.... හා ඈ
Deleteහෙක් හෙක්....
ReplyDeleteබර්නර් එක දිහා බලං ඉන්න කොල්ලඋපේසසට වඩා හොදද කොහෙද.........
හිහි...
අහෝ දුකකි ඉරකි තිතකි පොලොස් පොල්ලකි
දරුවා.... ඒ දැරිවි... ඒ දැරිවි... මම නෙවෙයි...
Deleteඒ කොල්ල ගැනමනේ මුන්ගේ ඔක්කොගෙම කැක්කුම!
මේක නම් මාරයි නගේ....
ReplyDeleteඊයේ රෑ මටත් ඔහොම අකරතැබ්බයක් උනා...ගරාජ් දොර අරින රිමෝට් එක.....නෑ ඔන්න ඔහේ ඕන නැහැ...
දැන් ඔය ප්‍රින්සිපල් යුවල උපේක්ෂාගේ අම්මගේ පැත්තෙන්ද තාත්තගේ පැත්තෙන්ද නෑදෑයෝ වෙන්නේ හැබෑවටම.....: )
හෑ... එහෙම උනා?? දොර අරින රිමෝට් එක දොර ගාව දාල ආවද? හෙහ්... හෙහ්... බය වෙන්ට කාරනාවක් නැහැ.. කවුද දන්නේ මොකේ රිමෝට් එකද කියල. ගත්ත මනුස්සයා එයාගේ TV එකට වගේ මිසක් දොරකට, ගේට්ටුවකට උත්සහ කරන එකක් නැහැ. ඒකත් ඉතින් ඔයාගේ දොර, ගේට්ටුව ගලෝගෙන යන්න වෙයි. වැඩේ අමාරුයි.... හෑ ??? මට නම් කිසිම නෑකමක් නැත... අර දැරිවිගේ.. අර දැරිවිගේ...
Deleteඅර දැරිවිගේ උත්තරේ:
මම කියන්නද ෂෝයි වැඩක්.... කොහේ හරි ගියාම , ආපහු ගෙදර ආපු ගමන් ඔක්කොටම කලින් ඔයා දුවගෙන යන්න දොර ගාවට. මොකද වෙන කෙනෙක් දැක්කොත් නේ හරි නැත්තේ යතුර එතනම තියනවා. ගිහින්, සුපුරුදු විදියට දොර ඇරගෙන යන්න.... කවුරු දන්නවද?
//කැරපොත්තෝ එලියට එනකල් කුණු කානුව දිහා බලාගෙන ඉන්න කිටියෙක් වගේ//
ReplyDeleteනියම ආප්පදෝසයක්
උපේක්ෂ දිහා ෆිල්ම් හෝල් එක ඇතුලේ බලාගෙන හිටපු එකා ගෙදර කොල්ලා නෙවෙයි කියල හොඳටම ෂුවර් නේද?
ආ ඒක නෙවෙයි අර බාගෙට ලියල මේකේ ඉන්න එව්වෝ කිචි කවපුවා ඉවර නරන්නේ නැතෙයි?
ආප්පදෝසය ගැන ඉත්තුතියි..
Deleteමම දිහා නෙවෙයි ජීවන අර දැරිවි දිහා... අර දැරිවි දිහා..... බාගෙට ලිව්වා ඒවා නේ.....?? හ්ම්ම්... හ්ම්ම්.... ලියන්නම්...
හැක හැක හැක මම නම් කීයටවත් හිතුවේ නෑ මේ උපේක්ෂා කියලා ඇත්තමයි , හැබැයි මේ කොටස කියවනකම් ""චිත්‍රපටියේ ළමයෙක් වගේ කකුල් පද්ද පද්දා හිටියා."" හැබැයි කීයටවත් මේ උපේක්ෂා වෙන්න බෑ.. මොකද එයා ගොඩාආආආආආක් උසාආආආආආආආයි
ReplyDeleteආන්න හරි ඉවාන්.. මම නෙවෙයි අර දැරිවි.. අර දැරිවි...
Deleteඉවාන්, කොට මොඩ්ල් ඇත්තේ එකක් දෙකක් නොවේ.... ඒ හින්ද... මම නොවේ.... අර දැරිවි...
ඒ ළමයා මගෙ නිවුන්නෙක්ද මචං?
ReplyDeleteදොර ඇරලා යතුර මල්පෝච්චියෙ කාටවත් හොයාගන්න බැරිවෙන්න හංගලා යන ඩයල් ගැන එහෙම අහල තියෙනවද? නෑ නේ? Im totally inspired නිසා ඒ ඉට්ටෝරිය ළඟදීම තිරගත වෙනවා.
කොටයිද? ඩිංගිත්තක් විතර මැන්ටල් ද? යන යන තැන නම රන්දයි ද? ආන්න එහෙනම් එකම ජාතියේ...!
Deleteඅර දැරිවිගේ උත්තරේ:
ආ.... අලෝ .. අලෝ ...... එන්ට එන්ට... ලියන්ට ලියන්ට. මගේ ජාතියෙන් නම් කොතරම් වටිනවද රටට? ජාතියට?? ආපදා කළමනාකාර වැඩවලට දැන් ඉස්සරට වඩා අවධානමක් තියෙනවනේ... බය වෙන්ට එපා...
>>ගෙදර උන්නේ විශ්‍රාම ගියපු විදුහල්පති වරු දෙන්නෙක් හින්දත්, ඒ අනුහසින් වත් මේ කෙල්ලගේ තියෙන මේ අබග්ගය දුරුවෙයි කියල තමයි ඒ අම්මා දිවා රෑ නොබලා හිතුනේ.<<
ReplyDeleteමේක කියවනකොට මට හිතුනේ gay couple එකක් කියලා. පස්සේ සැක සංකා දුරුවුනා.
>>ඔක්කොමල්ල මගේ දිහා බලන්නේ පාන් ගෙඩියක් ගන්න මුදලාලිට සල්ලි දුන්න බල්ලෙක් දිහා බලනවා වගේ පුදුමෙන්!<<
මේක මම අහලා තියෙන ලස්සනම, නිර්මාණශීලීම, ආප්තෝපදේශයක්. තව මේවගේ ඒවා නිර්මාණය කරපං.
මේ චෙක් කරන ලෙඩේ මටත් තියෙනවා බං. හරි හෝටල් වල දොරවල්වල තියෙන්නේ Do not disturb සයින් එකක්. මට හිතුනා ඔයවගේ එකක් හදන්න දොර බෝලේ එල්ලන්න මේ විදියට Already Cheked. නමුත් ඒක එල්ලුවේ ඇත්තටම චෙක් කරලද නැතිනම් කලින් වතාවේ එල්ලපු ගමන්ම අමතක වෙලා එහෙමම තියෙනවද බලන්න ...
left for your imagination. This is from a blog post of mine.
හෑ ?? මම ඔතන ලියනකොටම හිතුවා ඕක. හිතුවත් වගේ.... එහෙම විස්තර කරන්ට ගියොත් මේක එක කොටසින් ලියන්ට ලැබෙන්නේ නැහැ. හි... හි... මගේ ආප්තෝපදේශ.... ස්තුතියි ඩුඩ්...
Deleteඅර දැරිවිගේ උත්තරේ :
චෙක් කිරිල්ල?? අහන්ටත් දෙයක්ද? මම හිතන්නේ ඕක රැකියානුබද්ධ රෝගයක්. මට නම් පොල්ලක් අරන් තලාගෙන තලාගෙන යන්ට හිතෙනවා ඒ නොනවතින චෙක් කිරිල්ලට නම්.
ඔන්න හිතමු දුර ගමනක් යන්ට එලියට බහිනවා කියල. පැයක් ලෑස්ති වෙලා, තව පැය දෙකක් දොරවල් වැහිල්ල , ටැප්; අයන් ;ටීවී; බර්නර් ආදී විප්‍රකාර තැන් වැහිල්ල සහ නැවත නැවත චෙක් කිරිල්ල. ඕකට යසට තියෙන වයර් ආදිය වහලේ පැටලිල්ල ඇතුලත්. ඔක්කොම ඉවර වෙලා මම ඉන්නවා දැන් වාහනේට නැගල පුපුර පුපුරා. තාමත් නැහැ. ඔන්න ඔක්කොම ඇවිත් නගිනවා. එකෙක් යනවා ආයෙත් වටයක් 'චෙක්' කරන්න. අපි ඔක්කොම බලන් ඉන්නවා. ඌ ආයෙත් එනවා. අනිත් එකෙක් ආයෙත් යනවා 'චෙක්' කරන්න. ඌ ආවම අනිත් එකා.. අම්මපා ගමන ගියානම්, ගිහින් ආයෙත් එන්න තරම් වෙලා!!! මට ඉතින් දත් කූරු කනවා ඇරෙන්න මුකුත් කරන්න බෑ.
ගෙදර ප්‍රධාන දොරත් එහෙමයි. වහනවා. යතුර කරකවනවා. යතුර ගන්නවා... තල්ලු කරලා බලනවා ඇරෙනවද කියල. ආයෙත් තල්ලු කරනවා... ආයෙත්... ආයෙත්... කඩාගෙන ඇතුලට යන්න වගේ.. අම්මප දැන් තල්ලු කරලම කැඩිලා යනවා දොර. ඔය දොර ගන්නකොටම ලොක් එක ,එක පාරක් දැම්මම වැහෙනවද කියල බලල ගන්න එපයි...
ඔක්කොම කරලා එලියට බැහැල කිලෝමීටරයක් යන්නේ නැහැ..
'දොර වැහුවද ?'
'ටැප් එක වැහුවද ?'
'අයන් එක ගැලෙව්වද ? විශ්වාසද?'
ඔන්න ඔය ටික මගෙන් අහනවා.... මට නේද.... කාගෙන කාගෙන යන්න හිතෙනවා පාරේ පස්!!
චෙක් කිරිල්ල සේම් ටු මී. උපේක්ෂාච්චි වෙච්චි දාට මෙයත් චැක් කොරයි.
ReplyDeleteඅර දැරිවි ඔය ජාතියේ එකෙක්ට උඩ උත්තර දුන්න. ඩුඩ්ට දීපු උත්තරේ බලන්ට... හැක්.... මට නේද? මට නෙවේ.. අර දැරිවි... අර දැරිවි
Deleteඅනේ බොලගේ චෙක් කිරිල්ල, මීට පස්සේ චෙක් නොකර චෙක් මේට්ම කොරහන්, එතකොට බුදු ශුවරනේ. :D
ReplyDeleteසොමියෝ චෙක් කොහොම උනත් මේට් කරපන්
Deleteහැක්..... හි.. හි.. ( සංවර හිනාව)
Deleteචීයා........... ජීවන අයියා කියන කතා :p හෙක් හෙක් (කුප්ප හිනාව)
Deleteමොනවා උනත් ඉතින් වැදගත්, ගිණිගත් ,රූමත්, උගත් , සිල්ගත් ගෑනු ළමයෙක් නේ ..
ReplyDeleteඅර දැරිවිගේ උත්තරේ:
Deleteඒකි මට එහෙම කිව්වා?? අම්මප... ඒකිගේ කට මහන්න එපෑ
චෙක් චෙක් චෙක්.................. හා....
ReplyDeleteමේ කියන්නේ මොන චෙක් ද? ( අර චෙක් විතරක් කියන 'චෙක්' ද?)
Delete///////ගෙදර කොල්ලෙක් කියල එකෙක් හිටියා... චෙක් විතරක්... මෙලෝ රහක් නෑ... කෙල්ලෙක් තරම්වත් රස්තියාදුවේ යන්නේ නැහැ... ///////
ReplyDeleteමම වගේ පොරක්!!
උපේක්ෂාගේ ලිවීම නම් කියලා වැඩක් නැහැ. ඒ ලඟපාත තැනක ඉඳන් බලන් ඉන්නවා වගේ කියවනකොට. මමත් චෙක් කිරිල්ලක් නම් නැහැ. ඒ නිසාම මාර පරිප්පු කාලා තියෙනවා.
ඔයා වගේ කිව්වා? අන්න ඒකනේ අරූ... මම හින්දම ලිව්වා මිසක් ඕක පොඩ්ඩක්වත් හිනායන වැඩක්ද? පුදුම ටැලන්ට් එකක් නේ... ( තනියෙන් පිට කසා ගනිමින්)
Deleteඅර දැරිවිගේ උත්තරේ:
මමත් චෙක් කරන්නෙත් නැහැ. පාඩම් ඉගෙන ගන්නෙත් නැහැ.
සුපිරි කියන්නේ සුපිරි කිරි කිරි බං මේක!
ReplyDeleteමට පණ යන්න හිනා..:D
අනේ ඒ වුණාට ඒ මරුමුස් ඩයල් එක කියුට් අනේ! ලොල්...
ඔය වගේම පිස්සු යකෙක් ඉන්නවා මගේ යාළුවෙක්..හැක් හැක් හැක්...
//ඒ කියන්නේ දොරක් වැහුවොත් එකෙක්, අනික් දෙන්නම දෙපාරකට ගිහින් ඇත්තටම වහලද කියල බලනවා. එකා දෙපාර යන වෙලාවලුත් තියෙනවා. අයන් එක නම් මම හිතන්නේ මුරිච්චියක් ගානේ බලනවා.
ගොඩක්ම ඔහොම කරන්නේ ගෙදරින් එළියට ඔක්කොමල්ලා යන වෙලාවට. ගෙදරින් එළියට යන්න කලින්, හොඳට ලිප වහල තියෙද්දිත් බර්නර් එක දිහා අර පුත්‍ර රත්නය, කැරපොත්තෝ එලියට එනකල් කුණු කානුව දිහා බලාගෙන ඉන්න කිටියෙක් වගේ විනාඩි ගානක් නොහෙල්ලි බලන් ඉන්නවා. මම හිතන්නේ හදිස්සියේ එක්කෝ ඒකෙන් ගිනි විදින මකරෙක් මතුවෙයිද කියල හිතන් බලන් ඉන්නවා වෙන්නත් පුලුවන්!! කව්දෑ ඔව්ව දන්නේ...//
+++++++++++++++++++++++++
කොහොමින් කොහොමහරි අන්තිමේදී උපේක්ෂාට නෑ මම මේ කිව්වේ ඔය පොඩි කෙලීට නැන්දගේ චෙක් කිරීම බෝ වුණානේ..
Delete//දැන් මම ෆිල්ම් එක බලනවට වඩා ඌ මොකද කරන්නේ, මගේ පැත්ත බලනවද, නැත්තම් පුටුව පුටුව මෙහාට එනවද කියල ඇස් කොනෙන් 'චෙක්' කරනවා...//
මට බෑ මේවා ඉවසන්න...බුහහහාආආආආආ!!
දැන් අර මරුමුස් ඩයල් එක කොහොමද 'කියුට්' උනේ?
Deleteඅර දැරිවිගේ උත්තරේ:
ඒ වෙලාවේ 'චෙක්' නෙවෙයි අනේ තව ඩින්ගෙන් 'හැක්' වෙන්නේ පපුවේ අමාරුව හැදිලා. අර මරුමුස් එකාට 'කියුට්' කීම හෙලා දකිනවා එක කකුලෙන්ම! යාලුවෙක් ඉන්නවද මේ ජාතියෙන්? හා... එහෙනං... එකට ගමනක් යනකොට තේරෙයි මම කිව්වේ ජෝක් එකක් නෙවෙයි කියලත්, ඌ කොහොමත් 'කියුට්' නෙවෙයි කියලත්.. හුහ්..
Comment karuwan wana Dude Saha Jeewan ge danaganeema pinisaya. Ewa " Aapthopadesha" nowa upama ya. Apthopadeshayk yanu paninna pera sitha balanu wage ekaki.
ReplyDeleteඔබ නිවැරදියි ඇනෝ මිත්‍රයා.
Deleteආප්තෝපදේශ යනු : උපමාවක් සමග බද්දව පවතින උපදේශයකි.
මම භාවිතා කලේ 'උපමා'